පාට පාට හීන දකින
පුංචි පුංචි පැතුම් පතන
අමුතු අමුතු ලෝක හදන
මගේ ලොවේ මං තනිවුන
සේද සුනිදු මල් ඇතිරිනු
පාට පබලු වැල් එක්වුනු
හීන හීන පොදි ගැන්වුනු
වලා යහනෙ මං තනිවුනු
එපා එපා යලි යහනට
සුසුම් ලමින් නුඔ එන්නට
මගෙ යහනේ මගෙ තනියට
පුංචි හීන වැල් ඇත මට
නරක නපුරු පෙම් කරන්න
බොරුවට මට හිනා වෙන්න
නුපුරුදු ආදරේ කරන්න
එපා මගේ හිත කඩන්න
ආසයි මම හිනා වෙන්න
ආයෙත් මට පෙම් කරන්න
ජීවිතේම ලගින් ඉන්න
කවුරුද ඉන්නේ කියන්න
hari
ReplyDeletethanx buddy
ReplyDelete@ last. now its ok. Thanx Upul
ReplyDeleteකදුළු අහුරු විසි කරන්න
ReplyDeleteනුහුරු ආදරේ පුරන්න
අනාගතේ හීන දකින
හිතක් අරන් මෙහෙට එන්න
ආසයි නම් හිනා වෙන්න
හදවත දොර හැර තියන්න
සෙනෙහස් දිය දෝත රැගෙන
මම එන්නම් බලා ඉන්න
:D .. hik hik..
ReplyDeleteආසයි දුක විසි නරන්න
කදුලු බිංදු නැතිකරන්න
හීන ගොඩක් බදාගන්න
නුෙඕ ලගට ඇවිත් ඉන්න
නුඔ එනකම් බලන් ඉදිමි
හදවතේ දෙර ඇරන් ඉදිමි
ආවෝතින් යන්න නොදෙමි
මැරෙනතුරා නුෙඕම වෙමි
ලිපියට පිළිතුරු එවන්න
සිහිනැහැ මට බලන් ඉන්න
මුහුනු පොතට ඔබ එබෙන්න
පිලිතුර මට කියා දෙන්න
ඇයි හදිස්සි බලා ඉන්න
ReplyDeleteඉක්මන් කොට බව සිතන්න
ලැබෙනා සෙනෙහස විදින්න
උන්නෝතින් ලැබෙයි ඔන්න
:D
දුටුවෙමි සිතුවිලි සැදැල්ල
ReplyDeleteනැත මට වෙනසක් කියන්න
ඉක්මන්කමෙ රහස මෙන්න
ඉක්මන් නොවුනුත් වෙයි පසුතැවිල්ල
:D :D