කොළ තිස් දෙකකි
කූට්ටම කපා සමසේ බෙදා අවසන්ය
මා අතද කොළ අටකි
නළියන දෑගිලි වලින්
විසුමක් නැති උමතුවෙන්
සොයන්නට විණි
ආසියා පෙනෙන්නට නැත
හේරා ද අහිමිය
පොරව කොහේවත් නැත
පිට වාසි කිසිත් නැත
මළා..................
තුරුම්පුත්නැත
කැට කොළ පමණි මා අත
තවත් දුර කුමක් කරන්නද
නැවතත් අනන්නට කොළ
එකතු කරමි........
ජීවිතේම සූදුවක්........ නියමයි නිර්මාණය......
ReplyDeleteහ්ම්ම්.... ඒක ඈත්ත විෂ්මි. ගොඩක් ස්තූතියි දැක්වූ අදහසට.
ReplyDelete