තවත් නැත මට සවිය
රගන්නනට මේ රග මඩලතුල
පින්තාරුකර ඔප දමා
සිනාසුන මගෙ මුහුන
මලානික වී ඇත
පෙර නොවූ ලෙස
සැමට මා ඔරුවකි
පාලමක් තැනූ ගම්මානයට
මා දැන් අබලන්ය
කිසිවෙක් නොමැත
අත් වාරුවට
නැත මට කිසිත් රැාගන යාමට
මගේ මතකය ඉතිරිය
මේ රගමඩලතුල
මා ඉතින් සමුගනිමි
නික්මෙන්න
මගේ ලෝකයට
පෙර තිබූ ලෙස
වේදනාව හිදිනු ඇත දැනුදු
මගබලාගෙන
මොනදේ කොයි විදියට තිබ්බත් අන්තීමට අපට ඉතුරුවෙන්නේ මතකය විතරමලු...මතකය අපිලග නැත්තම් අපි හිස් වෙනවා කියලා කවුදෝ මගෙ බ්ලොග් එකේ කියලා තිබුනා මට මතකයි
ReplyDeleteහොද නිර්මාණයක්
හ්ම්ම්.....
ReplyDeleteඑක ඇත්ත. බොහෝම ස්තූතියි අදහසට