Thursday, March 18, 2010

බලා ඉමි මම සයුරු කොනට වී


අහඹුවෙන් වෙරළ දෙස
දෙනෙත් විහිදුනි
අරුමයක් නැත
එදා දුටු මෙන්
නිල්වන් දිය දහර
වසා උඩුගුවනේ රජයන
නිල් දියෙන් පැහැය වූ
අහස්කුස පෙර තිබූ ලෙසමය
අවට නෙත් යොමා බැලීමි
නුඔ නැතක් මා ලග
තැබූ පියසටහන්
නොමැකී නටඹුන්ව ඇත
අවැසි වුව
මකා දමන්නට…..
බලා ඉමි මම සයුරු කොනට වී
රළ පහරවිත් තැබූ
පිය සටහන්
මකා යනතුරු.....

4 comments:

  1. හ්ම්ම්ම්ම්!

    ලස්සනයි

    ReplyDelete
  2. ස්තූතියි දිල්

    ReplyDelete
  3. අපූරුයි සහෝ...

    බලා ඉමි මම සයුරු කොනට වී
    රළ පහරවිත් තැබූ
    පිය සටහන්
    මකා යනතුරු....

    හ්මිමිමි.. හරිම අපූරුයි !!!

    ReplyDelete
  4. දිරිගැන්වීමට ගොඩක් ස්තූතියි සහෝ.....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...