Monday, June 21, 2010

.....පාවී රන් තරු අතරින්....


පාවී රන් තරු අතරින්
පුන් සදටත් හොරෙන් හොරෙන්
සත් සමුදුරු මුහුදු මතින්
ආවෙමි නුඹ ලගට හොරෙන්

සීතල හිම ගිරි අරණේ
උණුසුම් වේ නුඹ තුරුලේ
තුරු වදුලේ මල් අතරින්
නුඹෙ සුවදයි මට හැමුවේ

ඇලක දොලක වන උයනක
සිසිල රැන්දු නුඹෙ සෙනහස
රන් සමනළ තටුවෙන් එන
පාට උනයි මගෙ සිහිනෙම

මිහිදුම් සලු වියන් මැදින්
සිත්තම් කල රුව මනරම්
ලං උන මට නුඹ මෙතරම්
රෝස මලකි රුව එතරම්

මටත් හොරෙන් ලං උනාම
නුඹ තුරුලේ සැතපුනාම
සිහින හතම එළි උනාම
නුඹ මාගෙද මුලු දිවියෙම

16 comments:

  1. wow wow wow.. maru pasan aiya...
    මටත් හොරෙන් ලං උනාම
    නුඹ තුරුලේ සැතපුනාම
    සිහින හතම එළි උනාම
    නුඹ මාගෙද මුලු දිවියෙම
    lassani...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. නොමැත කිසිවෙක් නුඔට සමවෙන
    හදේ ගැඔුරේ සදා නොමැකෙන
    හුස්ම පොදවී දිවිය රැකදෙන
    සසර සරනා තුරැම හමුවන

    දැස් මත පිනි පොකුරැ නැතිවට
    මගේ හදවත ඔය පපුවේ තියාන
    රැයේ ඈසුවෙමි හදවතේ හඩ
    පතනෙමි හැමදාම නු​බේම වන්නට

    ReplyDelete
  4. nirahankaara ahinsakaawi/

    ගොඩක් ස්තූතියි නංගියො

    ReplyDelete
  5. හා පැටික්කි (MS)

    ගොඩක් ස්තූතියි හා පැටික්කියෝ...........

    ReplyDelete
  6. නිපු /

    ලස්සනයි නිපූ... ගොඩක් ලස්සනයි.....

    ReplyDelete
  7. ලස්සනයි මචෝ...හදවතට දැනෙන පද පෙලක්....

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ලස්සනයි පසන්!!!!

    සිහිනෙන් ලංවී
    රැදෙමින් රහසේ
    මවමින් බොහොසේ
    හැගුමන් මහදේ
    නුබ යයි මගේ සිත
    නොදුටුව විලසේ
    පැතුමන් බොහෝමයි
    සිත තුල පෙරසේ.. :)

    ReplyDelete
  10. වෙනදා වගේමයි...හිත පතුළෙන්ම රස වින්ඳා...

    ReplyDelete
  11. හරිම ලස්සනයි..........

    ReplyDelete
  12. හොදයි.. ඊයෙ එක තරං හිතට ඇල්ලුවෙ නෑ අනේ. පොඩ්ඩක් වෙනස් කරල ලියන්න. එකම වගේ උනාම අගේ අඩුයි.

    ReplyDelete
  13. බොක්ස් ගිටාර් එකකින් කෝර්ඩ්ස් ටච් කරලා ගායනා කරන්න හොදයි වගේ..

    ReplyDelete
  14. ෴ හසියා ෴ /

    ගොඩක් ස්තූතියි මචෝ

    පබලු/

    ලස්සනයි පබලු ගොඩක් ස්තූතියි....

    ජංජාල චාමර /

    ගොඩක් ස්තූතියි මචෝ

    ReplyDelete
  15. kesh /

    ගොඩක් ස්තූතියි ......

    ස්වප්නා/

    :D.....ඔන්න වෙනස් එකක් දැම්මා ස්තූතියි මේ පැත්තට ආවට

    ගීත් (සහෘදයා)/

    වරෙන්කො ලංකාවට උඹට ගිටාර් ගහන්න පුලුවන්නෙ එතකොට හික්ස් ......

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...