Tuesday, May 24, 2011

හොද වෙන්න හොදම නෑ

මං කොහේද මන්ද අහල අහල තියනවා තමන්ට එක කම්මුලකට ගැහැව්වොත් අනිත් කම්මුලත් අල්ලන්න කියලා.. ඒක ඇත්තද.. මං හිතන්නෙ එතනින් කියන්න උත්සහ කරන්නෙ පළිගන්න එපා කියන එක.. අපේ බුදු හාමුදුරුවො කිව්වා වගේ වෛරයෙන් වෛරය නොසන්සිදේ කියන එකනෙ..

දැන් මලහත්තිලව්වෙ අපි ඔය විදිහට කරාම අපිට මොකද වෙන්නෙ... මං නන් අත්දැකීමෙන් කියන්නෙ එක පාරක් ගුටි කාල අනිත් කම්මුල ඇල්ලුවම ගහනවා ඊටත් වඩා හයියෙන්.. හරි ඉවසන් හිටිය කියමුකො..එතනින් ඒක නවතිනවද???... නෑ.. ඒ මදිවට වටේ ඉන්න උන්ට ගහපු එකා ගිහින් කියනවා
බලපං මං අරූට ගැහැව්වා...
ඉතින්.. ඌ උඹට ගැහැව්වද??
මොන පිස්සුද බං.. ඌ නිකං නෝන්ජ‍ල‍යෙක් වගේ හිටියා බං..

සමාජ යථාර්ථය හා අප ඉගන ගත් දෑ අතර පැහැදිලි වෙනසක් පවතී.. මෙවැනි සිදු වීමකදී අපි ප්‍රථිචාරයක් නොදක්වන්නේ නම් අප වැරදිකරුවන් වෙති.. සමාජය වටහා ගන්නේ අප වැරදිකරුවන් නිසාවෙන් අප ඉවසා සිටිනා බවය.. එය තව දුරටත් පහදා දුනහොත් තමන් නිවරැදි නම් තමන්ට පහරක් ගැසූ විට පෙරලා පහර දිය යුතුය.. නැති නම් සමාජයේ සැමදා තනී වී සිටින නෝන්ජලයෙක් වී සිටිය යුතුවේ..

මෙය බුදු දහම හා අනිකුත් දහමන් පැවසූ දේ හා පරස්පරය.. මෙතන වරද සිදුවී ඇත්තේ ආගමික නායකයින් ගේ දේශානාවන් තුලද. නැති නම් මිනිසා ඔවුන් පැවසූ දෙය තේරුම් ගැනීමේදී සිදුවූ වරදක්ද?? මෙය සිතන්නට කාලය යැයි මට හැගේ..

අප හොද වුවහොත් අප සිතනා ආකාරයට අපට ලැබෙන යම් දෙයක් ඇතිද ඊට වඩා යම් දෙයක් සමාජය තුල කුහකකම් සහ වංචාපිරුණු සිත් ඇත්තන් ලබා ගනී.. එය යම් කිසි විටක මෙසේ තර්ක කල හැක.. හොද මිනිහා කවදා හෝ දිනනු ඇත.. මා අසා සිටින්නේ හොද මිනිහා දිනන දිනය කවදා හෝ උදා වී ඇත්ද යන්නයි.. අනිකාට කේලම් කියන තමාගේ හිත තුල සිරවුන හැගීම් තදකර ලොවට බොරු අවිහිංසාව පෙන්වමින් ජීවත් වන මිනිසෙකුගේ අභ්‍යන්තරය නුඹ මොනයම් හෝ දිනක අත්විඳ ඇත්ද..එවන් වූ මිනිසෙකුගේ කුරිරු වචනයකින් හදවතක් කොයි තරමින් වේදනා දෙනු ඇත්ද..

නමුත් ලොව පිළිගන්නේ කවුරුන්ද.. චංචාවෙන් අවිහිංසාව පොරවා ගත් මිනිසුන් නොවෙද.. අනිකාගේ මතය අවිහිංසා වාදියාගේ චාරිතය ඝාතනය කීරීමක් නොවන්නේද.. මේ සමාජය තුල පවතින මේ නොගැලපීම තේරුම් ගැනීමට තරම් මා බුද්ධිමතෙකු නොවෙමි..

අටලෝ දහමට කම්පා නොවීමට මා උගෙන ඇත.. මා තනියෙන් ජීවත් වෙන්නට අමුතුවෙන් උගත යුතු නැත.. නමුත් ගැටලුව ඇත්තේ පහර දෙන්නාට පහර නොදීමෙන් මා වැරදි කරුවෙකු වීමය.යම් දෙයක් අප ඉවසා සිටීමෙන් අනිකා ඒ වැරුද්දට එය රුකුලක් කරගන්නවා නොවේද.. අප වැඩ කරන සේවා ස්ථානයේ උවත් අනිකාට උදවු කිරීම පිණිස ඔහුගේ වැඩ බාරගෙන ඉටු කීරීමට යයි.. අවසන දෝෂාරෝපනයට ලක් වන්නේ උදව්වට ගිය පුද්ගලයාම නොවන්නේද.. එයට පිළිසරණක් සොයා ගිය විට පවසන්නේ කුමක්ද??

ඇයි ඉතින් උඹ අනු‍න්ගෙ දේවල් කරන්න ගියෙ..

මෙවැනි සිදුවීමකදී වැරදි කරුවන් කවුද? අනිකාට උදව් කිරීමට ගිය පුද්ලයාම වන්නේය.. මෙහි වරද ඇත්තේ කොතනද.. එවන් සිදූවීමක් කළ හොද පස්සෙන් ඒකමක් නොවන්නේද.. අප අන් අයගේ සතුට වෙනුවෙන් තව දුරටත් දුක විදිය යුතුද? එසේ නොවන්නේ නම් අප ඉගන ගත් ධර්මයත් සමාජ යථාර්ථයක් අතර පැහැදිලි වෙනසක් තිබිය යුතුය..

මෙවන් පීඩාවන්ගෙන් අසීමත තැළුම් කෑ පසු තව දුරටත් මුණිවත රකිමින් ධර්මය රැකිය යුතුයැයි තර්ක කළ හැකිද? එවන් වූ සමාජ පසුතලයක අසීමිත පීඩනයන්ට ලක් වන්නේ සමාජය හොද මිනිසුන් යැයි කියන්නා මිනිසුන්ම නොවේද??

මෙතන වරද නිවරදි කිරීමට දැන් කාලයක් නොමැත්තේය. මිතුරන් දෙදෙනෙකු සිටියද කම්පා නොවන්න.. මන්ද යත් මිතුරන් සියගනනක් පිරිවරා විදින වේදනාවන් වලට වඩා මිතුරන් දෙදෙනෙකු උවමනාවටත් වඩා වටිනේය..

යම් කෙනෙක් පහර ගසන්නේද දැන් පෙරලා ගැසියයුතු කාලයයි.. නැතිනම් මිනිසෙකු කම්මුලට ගෑසූ විට අනිත් කම්මුල නැවත ප්‍රහාරයකට බිලි නොදෙන්න.. නුඹ කළ යුත්තේ පහර ගැසූ පුද්ගලයින් ජීවි‍තයෙන් මුලින් උපුටා දැමීමයි..නැවතත් එවැනි පුද්ලයින් දෑසින් දැකීමට තරමින් පවු නොකරන්න... නො‍සැලෙන්න.. මිතුරන් නොවන මිනිසුන් සිය ගනනතට වඩා එක් මිතුරෙකු අගනේය..

මේ වෙනස් වන්නට කාලයයි..
මිනිසුනට උදවු කරන්න.. එක් වරකට වඩා උදවු කීරීමට නොයන්න..
මිතුරන් අදුනා ගන්න.. මිතුරන් වෙසින් සිටිනා පුද්ගලයින් ජීවිතයෙන් ඇත් කරන්න.. මන්ද යත් එය ජීවතයට සතුටක් නොව නිතරම දුක ගෙන දෙන්නේමය..
තමන් වෙනුවෙන් වෙහෙසෙන්න.. අනිකා අනිකෙක්මය.....
අමතක කරදමන්න.. නැවත කිසි දිනක මතකයට නොම ගන්න..
තනි වෙන්න.. ජීවිතය විඳින්න. කිසිදාක තනිකමක් නොදැනෙනු ඇත..
ජීවත් වන්න .. තමන්ගේ යැයි හැගෙන එකෙකු සමග...
උදවු කරන්න.. ගැරහීමක් මිස ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවන්න...
ධර්මය පිළිපදින්න නමුදු ධර්මයේ සහ යථාර්ථයේ වෙනස වටහා ගන්න..
ජීවත් වන්න.. මොන යම් දේ සිදු උනද තමාගේ සිනහව අමතක නොකරන්න..
සිනාසෙන්න .. සතුරාට පවා සිනාසෙන්න... මන්ද යත්

ඔබ දිනියයුතු නිසාවෙනි.. කදුලෙන් ජයගත් පුද්ගලයකු ලොව බිහිවී නැත.. බාධක මතින් හිනෙහෙන්න.. ජීවිතය පැරදුනද
තමාගේ අවසන් සුසුම විරුවෙකු ලෙසින් වා තලයට නිදහසේ මුදා හල හැක්කේය....තමන් මිය යන බව සිහි තබා ගන්න.. මියෙදෙන්නට මොහොතකට පෙර කම්පා සිතක් පහල නොවන්නට වග බලා ගන්න.. ප්‍රිය වචන කථා කරන්න.. මන්ද යත් වා තලයේ තමන්ගේ අමිහිරි ශාපය රැව්පිළිරැව් දෙන නිසාවෙනි.. අනෙකාට සාප නොකරන්න.. මන්ද යත් ජීවිතයේ කළ පවු බූමරංගයක් ලෙසින් නැවත පැමිණෙනු ඇත.. කෙදිනක හෝ තමන්ගේ පවින් තමන් සොවින් තැවෙනු ඇත.. එදිනට කම්පා නොවන්න... මන්ද යත් තමන් ඒ පව කර ඇති නිසාවෙනි....

නිතරම මතක තබා ගන්න..

කළ හොද පස්සෙන් පැමිණෙන බව...

එමනිසාවෙන් හොද කිරීමේදි දෙවරක් හිතන්න.............

Thursday, May 19, 2011

ඉලංදාරියෝ.. මේ නුඹ වෙනුවෙන්මයි....


"හිමින් හිමින් අඩි තිය තිය හදවතක් පුරා''''
ඉලංදාරියෝ සෙල්ලම් කරනවද ඔයා"


දනිමි මම,
‍නුඹ පැතුමන් පැතූවග.
අසනන්ට නුඹ නමින් ගෑයූ ගීයක තාලය...
අසා සිටියෙමි..
දිවා රෑ පුරා..
නුඹ මියයමින් සිටින වග දහස් වර
‍මිතුරෙක්ය නුඹ
විටක සහෝදරයකු ලෙසින්
දෙසවනින් නෑසූවද.. මනසින් සියල්ල තේරුම් ගත්තද
කිසි දිනක නොසිතුවෙමි
නුඹ සිනාසුන මරණය මෙතරම් කුරරු වග

ආසයි මට..නුඹේ සිනා හඩ හසන්නට..
උදේයේම පැමිණ නුඹ
මා සොයන අරුමය...
හෙට දිනට පැමිණෙන්නෙමි..
දකින්නට නුඹ.. මා සපථ කළ අයුරින්ම..
නුඹෙ නිවසටම පැමිණෙන්නෙමි..
නමුත් නුඹ නොමැත මා පිළිගන්නට..

මිතුරෙක්ය සදා නොමැකෙන..
නුඹ ඉලංදාරියෙක්මය........ කිසිදාක නොමැකෙන......
මේ දෙනුවන තෙමා යන කඳුළු කැට
කිසිදාක නොපැවෙතුවෙමි හෙලන්නට නුඹ නමින්..
මිතුරෙක්ය නුඹ
සෑබෑ ලෙස මිතුරෙක්ය..
අරුත් ගන්නවන්නට අවැසි නැත........
මන්ද යත් නුඹ මිතුරෙකුට අර්ථයක් වී සිටි නිසාමය..

ඉලංදාරියෝ.. උඹට නිවන් සැප ‍ලැබෙන්න කලින් එක පාරක් මේ ලොකෙ ඉපදියන්.. අහපං උඹ නමින් කියන ඒ ගීතය.. අහපං උඹ ආසවෙන් අහන්න හිටපු හැම ගීතයක්ම.. එදාට මං එන්නෑ පදවැල් හොයන්න..

කියන්න වචන නෑ ඉලං.. උඹට සුභ ගමන්..
හැමදාමත් කියනවා වගේ...
බුදු සරණයි මචෝ.......................

Tuesday, May 17, 2011

නුඹ කවුරුන්ද????


කියන්න
නුඹ කවුරුන්ද
හිත සොරාගෙන ගොස් මටම වද දෙන
නුඹ කවුරුන්ද
ඈත අතීතය වල දමා ඇති මොහතක
මගේ අතීතය රිදුම් දෙන අතගැලි වලින් හාරා
අතීතය මත මා ඇද දමා
මටම වද දෙන නුඔ කවුරුන්ද
කියන්න
මගේ දෙනුවන දෙස බලාගෙන
මගේ සතුට නැති කරන්නට නුඹම පැමිණි සඳ
පෙර සසරකදි අපි හමු වූ වාද
අසන්නට හැකි නම් මට
නුඹනේ එක වදනක්
කියන්න
මා කල පව
නුඹ මා මේ තරම් රිදවන්න.......

Sunday, May 1, 2011

ප්‍රේමයේ ශෝකය කොයි තරම් කුරිරුයිද??

හෝ හෝ හෝ.. වැස්ස වහිනවා..
හෝ හෝ හෝ අව්ව වැටෙනවා................
යාන්තං රෙද්ද අස්සට කකුල් දෙක ඔබාගෙන වහලෙ උළු අතරින් රිංගල එන හිරිපොදයට තුරුල් වෙලා සුට්ටක් දෑස පියා ගන්න හැදුවා විතරයි.. නෙතු පියන් මත නිදි කුමරිය ඇවිල්ලා උකුළු මුකුළු කරද්දි අපිටත් ඉතින් ඉවසන්න පුලුවනෑ......යාන්තමට මුළු ලොකෙම බොද වී ගෙන යද්දි එකපාරටම....

ඕයි....................මං උඩ ගිය පාර උළු කැට කෑල්ලක් දත් අස්සෙත් හිර වෙලා...

ඇයි කොට්ටෝරුවො කෑගහන්නේ..

අදත් වහිනවා යකෝ..
ඉතින්.. මට මැරෙන්නද කියන්නෙ..
වරෙන් හංදිය පැත්තට යන්න....
මට බෑ...
බෑ යි කියලා බෑ යකෝ.. අර තනකොල පෙත්තා ග්රූප් තොට කින්ඩි දායි.. වරෙන් යන්න....
මේ හිපාටුවගෙන් බෙරෙන්න බැරි තැන මාත් බැස්සයි කියමුකො පාරට...මහ දවල් 5විතර උනට රෑ 8 වෙලා වගේ කළුවර..

කොහෙද බං යන්නෙ..
දන්නෑ බං..දෙකක් දා ගම්මුද.....
පිස්සුද යකෝ.. තෝ හිතුවද මං එහෙම බොන එකෙක් කියලා.. හැමදාම බොන්න කතා කරන්නෙ.. තොපිලා වගේ පාප මිත්‍රයො නිසා තමයි මටත් කවදාවත් හරි යන් නැත්තෙ.. බලපං රට වටේ ඉන්න අනුන්ගෙ ගෑණුත් කොල් කරල මට බනිනවා.. තොපිලා වගේ උන් හින්දා තමා කවදාවත් මට බොන එක නවත්ත ගන්න බැරි.. සික් විතරක්..

හරි හරි බං.. ඕකට ඔහොම තද වෙන්න ඕනිද.. අපි ගෙවල් වලට යමු.. වරෙන් යන්න..

තෝ උනහපුලුවා..මං කවුරු කියලද බොල හිතන් හිටියෙ..මං දෙකක් දා ගන්න බෑ කියල කිව්වද බොල..ඒ නැතත්...අච්චර සැපට නිදා ගන්න හදපු මාව මේ වැස්සෙ එක්කං ඇවිත්.. දෙකක් දාගමු කියලා මගේ කටත් අවුස්සලා දැන් මොකක්ද බොල මෙතන අමුවෙන් ගෙදර යමු කියන්නෙ..තෝ වගේ අසමත්ජාතියෙක්.. නොදෝමකින්.. මොකට මගෙ යාලුවෙක් උනාද මන්දා.. තොට බැරි නන් ගෙදර පල මං යනවා දෙකක් දාගන්න..

අරූගෙ මූණ දෙක වෙලා.. ඔටුවා නැති උන සුල්තාන් වගේ ඌ මගේ පස්සෙන් එනවා.. දැන් බලන උන් අහපං පුලුවන් නන් ඔටුවා නැති උන සුල්තාන් මොන වගේද කියලා. ඇයි බූරු පැටව්නෙ තොපිලට‍ තෙරෙන් නැද්ද සුල්තාන් කෙනෙකුට ඔටුවෙක් නැති උනාට මහ කජ්ජක්ද ඇ.. අරූටත් එහෙම තමා.. සුට්ටක් බැනුම් ඇහැව්වට දෙකක් දාගන්නනෙ යන්නෙ..

කනත්ත පහු කරල අපේ ස්පොට් එකට ගියා කියමුකො.. මල හත්තිලව්වයි..

අඩෝ.. තොපිලා මහ කැත මිනිස්සු යකෝ.. අපිට හොරෙන් සෙට් වෙන්න නේ හදන්නෙ..

නොදකින් වනචරයා...කොටා බලපං අරු අපිට කලින් ඇවිත් තනියෙන් ගහලා දැන් අපිටම දාන සද්ද...

මොකෝ තෝ කවදාවත් නැතුව තනියෙන් බොන්නෙ....
අද දුක් සීන් එකක් උනානෙ මචං..
අපිටත් ඉතින් චීත්තයක් නන් දවසක් හරි බොන්න බැරියැ....
මොකක්ද මොකක්ද බං සීන් එක...
මට මගේ ෆස්ට් ලවු එකේ හොදම යාලුවාව හම්බ උනා බං..
නෑ............. ඉතින් උඹට දුකයිද සීන් එකට...
පිස්සුද බං.. මට දුක නෑ බං..
එහෙනන් ‍තෝ මල පෙරේතයා වගේ බොන්නෙ අහවල් එකකටද ඇ.....
මට සිහියෙන් ඉන්න ලැජ්ජයි බං.. මං කරල ‍තියන දේවල් මතක් වෙද්දි මට සිහියෙන් ඉන්න හිතෙන්නෑ බං....
ඇයි දැන් උඹ මොනවද කරල තියෙන්නෙ..
මං කරපුවා කිව්වම උඹලත් මාව තනිකරයි බං..
නෑ නෑ යකෝ.. අපි එහෙම කරන්නෑ.. උඹ කියපං උඹ මොනවද කරල තියෙන්නෙ...
අරූ අඩනවා නිකං වැලහින්න වගේ.. හොටු එකයි... කඳුළු විමානයයි..
හා හා අඩන්නැතුව කියපං තෝ මොනවද කරල තියෙන්නෙ....

උඹලා දන්නෑ බං මං ඒ කෙල්ලට ලේ වලින් ලියුමක් දීලා තියනවා බං...
නෑ.. යකෝ උඹ පිස්සු යකෙක්නෙ.. ඉතින් දැන් ඇයි උඹ අඩන්නෙ...
උඹලා දන්නෑ බං.. ඒකි ලියුම බලලා කිව්වලු බං.. ඒකි කවදා හරි දොස්තරවරි‍යක් උනාම මට ඔපරේෂන් එකක් කර ගන්න ආවොත් සිහි නැති කරන් නැතුව මාව ඔපරේෂන් කරනවා කිව්වලු බං..
ඇයි බං ඒ...
මාත් එහෙම ඇහැව්වා බං.. එතකොට කිව්වා ඇයි බං ලේ වලින් ලියුම් ලියන්න පුලුවන් නන් ඔය කෑල්ලක් කපන කන් ඌට බැරි නන් වැඩක් නෑ කිව්වලු...
හත්තලව්වයි..
දැන් තොපිලට තෙරෙනවා නේද.. මං කොහොමද යකෝ සිහියෙන් පාරෙ බැහැල යන්නෙ...
හරි දැන් එච්චරද උනේ..
නෑ බං තව සීන් ගොඩයි බං...අඩෝ.. වේටර් මල්ලිට එන්න කියපං..
ඇයි ඇයි මොකේ අවුල..
බලපං.. මෙව්ව කන්න පුලුවන්ද.. ඇඹුල්ම ඇඹුල්.. එන්න කියපං වේටරයට...
යකෝ.. කොට්ටෝරුවො..හොටු ටික පිහද ගනින්.. නොදකින් විතරක්.. මල පෙරේතයා වගේ ඉදලා අර අහිංසකයට බනින්න හදනවා.. දැන් කියපං මොකද සීන් එක කියලා....

උඹල දන්නෑ බං.. ම් ඒ කාලෙ කැඩෙට් කරානෙ.. මං කොහොමත් කළුයිනෙ බං.. ඉතින් බං අර පට්ට අව්වෙ ප්‍රැක්ටිස් ගිහින් මූණෙ තෙල් පෙරාගෙන යනවා බං කෙල්ලව බලන්න.. ගිහින් රොටරි එකේ අඹ ගහ අස්සෙන් හැංගිලා ඒකිගෙ ක්ලාස් එක දිහා බලාගෙන ඉන්නවා බං..
ආහ්.. ඉතින් ඒක මොකක්ද බං.. දැන් මොකක්ද අවුල..
නෑ බං.. මං අද වෙනකං හිතන් හිටියේ මං එහෙම ඉන්නවා කියලා කෙල්ල දන්නෑ කියලා.. ඒත් බං උන් දන්නවලු බං... මං හැංගිලා ඉන්නවා උන්ට පෙනුනලු බං.. උන් මාව බයිට් කරාලු මචං.. මට බෑ මං තවත් ලෝකයාට මුණ දෙන්න..

යකෝ දැන් මූණ දෙන්න බැරි එක කෙසේ වෙතත් බිව්වා ඇති නේ.. වරෙන් ගෙදර යමන්..
හිටින් මට උඹලට කියන්න දෙයක් තියනවා..
ඇ.. ඒ ගමන මොකක්ද කියපං බලන්න...
මට සතුටුයි බං ටිකක්..
ඒ ගමන මොකක්ද තෝ කියන්න හදන්නෙ..
දැන් බලපං.. අපි ඒ කාලෙ ඉගන ගත්තෙ නෑ... ෆුල් ආතල් එකේ හිටියා.. විභාගෙ පාස් උනේ නෑ.. ඒ උනාට ඒ කෙල්ල ඒ කාලෙ ආතල් ගත්තෙ නෑ ඉගන ගත්තා කැම්පස් ගියා...
හරි දැන් මොකක්ද තොගෙ තියන සතුට..
උන් කැම්පස් ගිහින් ආයෙත් ඉගන ගත්තා.. අපි එලියෙ ඉදන් ඉගන ගත්තා.. ඩිග්‍රියක් අටව ගත්තා.. දැන් වයස 28යි.....
හරි ‍දැන් ඒකත් හරිනෙ.. මොකක්ද තොගෙ සතුට..
යකෝ... අපි දැනුත් ආතල් ගන්නවා.. වාහනයක් පදිනවා..ඒත් බලපිය අරකි.. දැන් දොස්තරවරියක් වෙලා තිරිකුණාමලේ මදුරුවො තල තලා තාමත් දුක් විදිනවා.. අනාගතෙත් උන් රෑ දවල් නැතුව වැඩ කරනවා.. පඩි වගේද බං ආතල්..ඒ අතින් අපි ඒ කාලෙ විභාගෙ ෆේල් උනාට සතුටු නැද්ද බං...අපි ඒ කාලෙත් ආතල් ගත්තා ඊට පස්සෙත් ආතල් ගත්තා.. දැනුත් ආතල් ගන්නවා.. සතුටු නැද්ද යකෝ..

මල හත්තිලව්වයි.. ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑනේ...

තෝ බිව්වා ඇති.. වරෙන් ගෙදර යන්න.. කොටා.. උස්සපං මූව..

මහපාරට බැස්ස විතරයි... ආව වෑන් එකක්.. නැවැත්තුවා අපි ඉස්සරහම.. මොකක්.. කළුවගෙ වෙරි බැස්සා කියහංකෝ..මාත් ඔලුව දාල බැලුවම..

මල හත්තිලව්වයි.. පන්සලේ ලොකු හාමුදුරුවෝ.. කළුවා ප්‍රධාන දායකයෙක් කියපංකො..

කළු පුතා බෑරක්ද මේ..

නෑ .. හාමුදුරුවනේ.. රෑට කන්න කියලා ආවා...

ආහ්.. යන් වෑන් එකේම.. මං ගේ ලගින් දාගෙන යන්නං...

නෑ.. නෑ.. අපෙ හාමුදුරුවනේ.. හාමුදුරුවො යන්න.. මං වඩින්නං...

මළා.......

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...