100 වෙනි පොස්ට් එක.... හිතට හරිම වදයක් උන දෙයක්.. මං බොලොග් කලාවට ආපු විදිහ කලින් ලව්වනෙ. බලපු නැති අය මෙතනින් බලා ගන්නකො.එතකොට මං මොනවද 100 වෙනි එකට ලියන්නනෙ........
දැන් වෙලාව 1.00 ත් පහුවෙලා.. මගේ ජීවිතෙන් ටිකක් ලිව්වවොත් හොදයි කියල හිතුනා....
පළවෙනි ප්‍රේමය නැති වෙලා ආගිය අතක් නැතිව ඉන්න කාලෙ මට මගෙම නංගියෙක් හම්බ උනා... නමින් විශාකා...ඇහැලියගොඩ තමයි එයාගෙ ගම... අපි ගොඩක් ලං උනා.. ගොඩක් මං ගැන තේරුන් ගත්ත මගේම නංගියෙක්...ඉස්සල්ලම ඒ කියන්නෙ පළවෙනි දවසෙ හම්බ වෙලා මං එයාට Mc.Donald එකෙන් අයිස් ක්‍රිම් එකක් අරං දුන්නා..චොකලට් අයිස් ක්‍රිම් ඉල්ලුවෙ.. ඒක කන්න අමාරුයි.. කාපු අය දන්නව ඇතිනෙ...අමාරුවෙන් එයා ඒක කාල මට තාම මතකයි එයා එදා කියපු දේ..
"අයියෙ අද තමයි මං පළවෙනි සැරේට මෙහෙන්අයිස් ක්‍රිම් කෑවෙ.... ඒත් මේක රස නෑ කිව්ව "(හී.. හී... චොකලට් අම්බානක් වැඩිනෙ.............)මං ආයෙත් වැනිලා අයිස් ක්‍රිම් එකක් අරන් දුන්නා....හී ..හී.. ඒ සතුට මං තාමත් විදිනව...
ඒ සුන්දර හිනාවෙ මතකය තාම මං ගාව තියනව.. පස්සෙ අපි ආදරේ කරෙ නැති උනාට එයා මගෙම නංගියෙක් උනා... මට ආදරේ කරෙ නැති උනාට "ඔයා තමයි මගෙ අයිය" කියන තරමටම අපි ලං උනා... 2009 අවුරුද්දෙ ඒ කියන්නෙ මීට මාස 10කට කලින් තාම මතකයි එයා කථා කරල මට කිව්ව මං ආසයි ආයෙත්Mc.Donald එකෙන් අයිස් ක්‍රිම් කන්න මාව එක්කන් යනවද ඇහුවා... මං හා කිව්ව...
ඊට දවසකට කලින් (2009 ඔක්තොම්බර් 10..) එයාගෙ නංගි කථා කරල කිව්ව අයිය අක්ක මැරුණා ඩෙංගු හැදිල මල ගෙදර එන්න කියල.. ඒත් මං විශ්වාස කරේ නැහැ.. ඊට දවස් දෙකකට කලින් එයා මට කථා කරා...මාව බලන්න එනව කිවුව... අයිස් ක්‍රිම් කන්න ආසයි කිව්ව නංගියා............ මං කොහොමද විශ්වාස කරන්නෙ....
මං ආයෙත් ඇහුවා.... ගෙදර ලිපිනය අහගත්ත
මං මල ගෙදර ගියා....දෙවනි පාරට මගෙ පුංචි නංගියව දැක්කෙ මලමිනියක් විදියට..මේක ච්ත්‍රපටියක් නෙමේ.. සැබෑ සිදු වීමක්.. පුංචි ගෙදරක මිනිය තිබ්‍බෙ.. මං යද්දි සව් කොල වලින් මල් වඩමක් තිබ්බ...ඒක විතරයි තිබ්බෙ.. මගේ නංගියට තිබ්බෙ ඒක විතරයි.. ඒ මළ ගෙදරට යද්දි මං මුකුත් අරන් නොගිය දුක මං අදත් විදවනව.. අවු.21 මගේ නංගිව හිස් විදිහට වලදානව මං දැක්ක.. මං අවුරුද්දෙ දානෙ දෙන්න හිතන් ඉන්නෙ.. ඒකය මගේ යාලුවො ගොඩක් මට උදවු කරනව.. 100 වෙනි පොස්ට් එකෙන් මං එක දෙයක් ඉල්ලනව..
ඒ මගෙ නංගියට නිවන් සැප ලැබෙන්න කියල........
ඒක විතරයි මට කියන්න තියෙන්නෙ.. මං තරං කෙනෙක් නැති උනාම විදින දුක කවුරුත් විදල නැතිව ඇති..ඒ දුක කාටවත් ලැබෙන්න එපා...
100 වෙනි පොස්ට් එකෙන් මං ඉල්ලන්නෙ එක දෙයයි...
ඒක මගෙ විශාකා නංගියාට නිවන් සැප ලැබෙන්න...
මං වෙනුවෙන් එක්කෙනෙක් හරි ඒ ප්‍රාර්ථනාව කරනන්න.. මට ඒ ඇති....
මේ 100 වෙනි පෝස්ට් එක මං මගේම නංගියෙක් විදිහට බලා ගත්තු මගේම විශාකා නංගි වෙනුවෙන්..
මගේ විශාකා නංගියාට නිවන් සැප ලැබේවා!!!!
ඒකට පිං මදි නං කවද හරි මගේම දරුවෙක් වෙලා ඉපදෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව......
අනික මාව මේ තරන් දුරත් අරගෙන ආපු මගේ මේ බ්ලොග් එක කියවන හැමෝටම ගොඩක් ස්තූතියි..
නම් විදිහට කියන්න ගියොත් ගොඩක් අය ඉන්නව.. ඒ අතරින් ටිකක් කියන්නන්.. නිපූ.....සුදාරිකා...වැප්.. ගීත්..ඉලන්දාරියා.. රවා..පබලු... සමන්මලී නගා..... ගොඩක් මං ගැන හොයල බැලුව.. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි....
මගේ මේ බොලොග් එක කියවන ඔයාල නිසා තමයි මං සතුටින් ඉන්නෙ.. ඒකට ඔය හැමෝටම ගොඩක් ස්තූතියි.....ඔයාල දෙන කොමෙන්ට් එකක් බලලා මං ගොඩක් සතුටු වෙනවා..ඒ හැම දේටම ගොඩාක් ස්තූතියි....
තවනන් කියන්න මුකුත් මතක් වෙන්නැහැ... මගේ අතින් කාට හරි නොදැනුවත්ව හරි වරදක් වෙලා තියනව නන් සමා වෙන්න....
ඔයාලා හැමෝටම සතුටින් පිරිච්චි ජීවිතයක් ලැබෙන්න කියල මං පතනව...
ස්තූතියි හැමෝටම...