Friday, December 26, 2014

උඳුවප් සීතලට

සීතලට ගල් ගැහුණු
හදවතක් උණු කර
හිතුවෙ එතැයි නුඹ
හිම පිරුණ මාවතේ

සීතලට ගල් ගැහුණු
මගේ සිත අයිස් කර
කොටම කොට සාය ඇද
ආවෙ ඇයි ඇවිදගෙන...

හිද නොගනු මැන
අයිස් පිරි බංකුව මත
කොය සාය වැසෙන්නට
අයිස් කැට පිරෙනු ඇත.....

එසේ වුවතින් සබඳ
මගේ සිත මියයාවි
සීතලට ගලක් වී
රත් වෙන්න නොහැකිවම...

Wednesday, September 10, 2014

සල්ලාල මම

නුඹ මගේ උනා නම්
ඇය එන්නැහැ සයනට
ඇය ආවෙ මග සයනට
නුඹ එන්නැතිය කියු පසුවය
නුඹ මට හිමි නැතිය
ඇය සයනට හිමිය
නුඹ ඔහු ලග නිදිය
ඇය මම ලග ඇතිය
නුඹ සදාකල් සතුටින
මම හිරු නැගෙන තුරු සතුටින
නුඹට මම සලෙලෙකි
මට නුඹව තවමත් පැතුමකි
නුඹ මටම බැන පසුවෙති
මම දුක දරාගෙන හිනැහෙති
නුඹට කම් සැප උරුමෙකි
මට එය සොයා යා යුතුවකි
නුඹට මම සලෙලෙකි
මට අනුව මම මිනිසෙකි........... 

Thursday, August 21, 2014

කරන්න දෙයක් නෑ..

කරන්න කිසිම දෙයක් නෑ. අද වැස්සා.. වැස්සා කියපුවම නිකං වස්සා වගේ.. ඒ නම හරි යන්නෑ.. අද අහස් දිය ඩිංගක් බිමට වැටුනා. ඩිංගක් කිව්වට ඒක ටිකක් සැරයි. වැස්ස සැර වුනාම හංදියෙ ත්‍රීවීල් අයියලා සැර වෙනවා. දන්නෑ ඇයි කියලා. මම වැස්ස නිසා අද ඔපිස් එන්න පරක්කු වුනා. ඔපිස් ඇවිත් මට කරන්න තියන වැඩ අඩුයි. ඉතින් නිකං ඉන්න කාලෙ වැඩී. නිකං ඉන්නකොට කම්මැලි හිතෙනවා. මිනිස්සුන්ට කම්මැලි කියලා හැගීමක් තියෙන්නෙ අපරාදේ. එහෙම තියන නිසානේ මට කම්මැලි හිතෙන්නේ.

ඉස්සර මම එංගලන්තෙ ඉගන ගනිද්දි එහෙට වැස්සෙ නෑ. හිම වැටුනේ. එහෙ හරි ලස්සනයි. එහෙ කිසිම මිනිහෙක් දුක් විදින්නෑ. එයාලා හැමෝම ගොඩක් සතුටින් ඉන්නේ. ඒකට ලංකාවේ.. හම්බන්තොට අයට හාල් නෑලු. එහෙම කියලා ගොඩක් අය බුකියෙ දුක් වෙලා තිබ්බා. හාල් නැතුව හම්බන්තොට මිනිස්සු ගොඩක් දුක් විදිනවා. පවු එයාලා..රට ඉන්න ගොඩක් අය ලංකාව ගැන හෙන කැක්කුමකින් කතා කරනවා. ලංකාවෙ ඉන්න මට නන් එහෙවු කැක්කුමක් නෑ. මං හම්බකරං කන ගානෙන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා. මට වෙන අය දුක් වින්දට ගානක් නෑ. මොකද හම්බන්තොට එකා කෑවද කියලා මං අහන්නෑනේ. ඒ නිසා මට ඒ දුක දැනෙන්නෑ. ඒක අපෙ කාලකණ්නිකම වෙන්නැති. ඔවු එහෙම වෙන්නැති.

දැං ලංකාවට වහිද්දි පාරෙ වතුර පිරෙනවා. පාරෙ වතුර පිරුනම සපත්තුව ඇතුලට වතුර යනවා. සපත්තුව ඇතුලට වතුර ගියාම දවසෙම ඒ සපත්තු දාගෙන ඉන්න හරි අමාරුයි. ඒ නිසා පාරෙ වතුර පිරෙන්න දෙන්න හොද නෑ.අපි පයින් යන මිනිස්සු. වහන පදින අය හයියෙන් යනවා.. ඒ වාහනේ තෙමෙන නිසා වෙන්නැති. එයාලා හයියෙන් යද්දි රෝ්‍ද වල මඩ වලවල් වල වැටිලා අපේ ඇගට වතුර විසිවෙනවා. ඒ වෙලාවට ඒ රියදුරු මහත්යාගෙ අම්මා මතක් වෙනවා. ඒත් සමහර වෙලාවට එයාලට හදිස්සියක් වෙන්නැති නේ. ඒ නිසා ඔව්වා ගැන විස්සෝප වෙලා වැඩක් නැතුවා. ඒ වෙලාවට මට හිතෙනවා පිටරට යන්න. පිටරට ගිහින් එහෙ මහන්සි වෙලා රස්සාවක් කරලා ලංකාවට බනින්න පුලුවන්. ලංකාවෙ ඉද්දි පඩි මදි. මං දන්න රට ගිය හැමෝම වාහනයක් අරගෙන ගෙයක් හදලා ආතල් එකේ ජීවත් වෙනවා. ඉතින් ලංකාවෙ ඉන්න උනුත් ඔය ටිකම කරනවා. එකම වෙනස රටගියාම වගේ ලංකාවට බැනලා ආතල් එකක් ගන්න චාන්ස් එකක් නැති වෙනවා. මොකද ලංකාවෙ ඉද්දි බනින්න වෙලාවක් නෑ නේ.. එක්කො රස්සාව. නැත්තං ගෙදර සාමාජිකයො එක්ක ආතල් එකේ ඉන්න ඕනි. නැත්තං ඉන්න රොත්තක් වෙන යාලුවො එක්ක සෙට් වෙන්න ඕනි. ඔය මොකක් හරි වෙන ආතල් වැඩක් නිසා ලංකාවට බැනලා ගන්න සෙට් වෙන ආතල් එක මට නන් මිස් වෙනවා. ඒක අපරාදයක්..

කරන්න දෙයක් නැති කමට මොනවා හරි ලිව්වා. අද දෙදහස් දා හතරේ විසි එක් වෙනිදා. මගේ බ්ලොග් එකේ මට පස්සෙ බලන්න හිතට ආපු දේවල් ටිකක් ලිව්වා. නැත්තං මට මෙහෙම එව්වා හිතුනා කියලා අමතක වෙයි. එහෙම අමතක වුනොත් අපරාදේ. මේ වගේ අදහස් වලින් තමා කවදා හරි මේ පුංචි ලංකාව ලොකු කරන්න පුලුවන් වෙන්නේ. අපි හැමෝම දූපත් මානසිකත්වයෙන් මිදෙන්න යනවා. අපේ රට දූපතක්. ඉතින් දූපත් මානසිකත්වයෙන් මිදෙන්න නන් එක්කො ඉංදියාවට ගිහින් සෙට් කරන්න ඕනි..අන්න එදාට ලංකාව දුපතක් නෙමේ. එහෙම වුනාම අපිට පුලුවන් වෙයි දූපත් මානසිකත්වය නැති කරන්න. මං හිතට ආපු කවියක් ලිව්වා. අදට ඇති. ඇගිලි රිදෙනවා..


නෙතු පියන
සීත රාත්‍රියේ
ලොව නිදන
නිශා යාමයේ
නුඹ කොහෙද..සිත රැගෙන ගියේ.
ගෙනත් දියන් මට
මෝඩ ගෑණියේ...(ඩර්ටි වර්සන්)


නෙතු පියන
සීත රාත්‍රියේ...
ලොව නිදන
නිශා යාමයේ
නුඹ කොහෙද .. සිත රැගෙන ගියේ
ගෙනත් දෙන්න මට
මගෙ සිහින කුමරියේ.......(ලවු වර්සන්)


නෙතු පියන
සීත රාත්‍රියේ...
ලොව නිදන
නිශා යාමයේ
නුඹ කොහෙද .. සිත රැගෙන ගියේ
රැගෙන ගියා නම්...
තියං මැරීයන් යෝදියේ..(බූට් වර්සන්)

Wednesday, July 23, 2014

ෂර්ලොක් හෝම්ස් - සුල මුල සොයා.(3 වන කොටස)

ෂර්ලොක් හෝම්ස් පලවෙනි කොටස

ෂර්ලොක් හෝම්ස් දෙවෙනි කොටස


දිර්ඝ සුසුම් වැලක් වාතලයට මුසු කළ හෝම්ස් මහතා තම හාන්සි පුටුව මත හිස තබා ‍ගන්නට විය.. මුළු කාමරය පුරාම රජයන නිහඩතාවය මග හරින්නට රැහැයි නාදය සමත් වූවාදැයි මා නොදනිමි. මමත් අප ආගන්තුකයාත් මුහුණට මුහුණ බලා සිටි අතර හෝම්ස් මහතා තවමත් දෙනුවන පියාගෙන කල්පනා කරමින් සිටින්නට විය.
නිහඩ තාවය බිඳිමින් හෝම්ස් මහතා තව හඩ අවදි කරන්නට විය.
ඉතින් විල්බර්ට් මහත්මයා.. ඔබ බැංකු කළමනාකරුගෙන් විමසීමක් කරේ නැද්ද.. ඒ චෙක්පත මුදල් කරේ කවුද කියලා..
මං බැංකුවට ගියා මහත්මයා.. ඔවුන් දුන් විස්තර මා පොලිසීය හරහා විමසුවා.නමුත් ඒ සියල්ල නිවැරදි තොරතුරු නෙමේ මහත්මයා..
හ්ම්ම්ම්.. වොට්සන්.. මේක තමයි දැනට බැංකු ක්‍රමයේ තියන සුරක්ෂිතම මුදල් හුවමාරු ක්‍රමය.නමුත් දැන් පේන විදිහට එහිද අඩුපාඩුකම් බොහොමයි වගේ..
හොදවි විල්බර්ට් මහත්මයා. දැන් ඔබතුමා ගෙදර යන්න.මං මේ පරික්ෂනය භාරගන්නවා.. හෙට දින ඔබතුමාගෙ ගෙදරදි අප හමුවෙමු.
ඉතින් වොට්සන්.. අද ඔබට බොහොම වෙහෙස පාටයි..අප හෙට උදෑසන පිටත් වෙමු.. විල්බර්ට් මහත්මයාගෙ සුන්දර තේවත්ත බලන්න...

එම වදන් මා හට නුපුරුදු විය..

මොනවා.. හෝම්ස් මහත්මයා මමත්...

වික්ෂිප්ත වූ දෑස් දෙස සිනාමුසු මුහුණින් බලාසිටි හෝම්ස් මහතා
ඔබට හෙට දින විශේෂ රාජකාරියක් නැතිනම් වෙනසක් අත් අත්විදින්න මා සමග ඒවි යැයි මා සිතුවා..
හොදයි හෝම්ස් මහත්මයා.. මා බොහොම සතුටින් ඔබ හා එක්වන්නම්..
හිත තුල නොසන්සුන් තාවයකුත් මේ අපූරු පුද්ගලායාගේ නිරීක්ෂන මගින් නිගමන බිහිකිරීමේ දක්ෂතාවය බලා ගැනීමේ ආසාවකුත් ඇතිවන්නට විය.. එදින රාත්‍රිය නින්ද පැමිණියේ වෙහෙස නිසාවෙන් පමණී.

උදෑසන හිරු කිරණ මීදුම අතරින් ගලාවිත් මා සයන මත නේක රටා මවනු වෙනදා මා බලාසිටියද අද දින තිබෙන විශේෂ රාජකාරියට ඇති උනන්දුව නිසාවෙන් ඒ සියල්ල පසක ලා මා ආලින්දය වෙත පිය නැගුවෙමි.. මා පැමිණිමටත් පෙර හෝම්ස් මහතා සිය උදෑසන ආහාරය ගනිමින් සිටියේය.

සුභ උදෑසනක් හෝම්ස් මහත්මයා...
සුභ උදෑසනක්.. වොට්සන්.. මා අදහස් කරේ දහවල මීදුම අඩුවෙන් කලින් විල්බර්ට් මහත්තයගෙ ගෙදරට යන්න කියලා..
ඇයි හෝම්ස් මහත්මයා..
එතකොට මට ලේසියි වැඩි ප්‍රසිද්ධියකින් තොරව මීදුම අතරින් මා සොයන දේ නිරීක්ෂනය කරන්න..
ඒ කියන්නේ ඔබ දැනටමත් අභිරහස විසඳල ඉවරයිද?

මා ප්‍රිය මිත්‍රයා නිවරැදි තොරතුරු නැතුව මා කිසි විටකත් විසදුමක් හොයන්නෑ.. අපි පිටත් වෙමු වොට්සන්.. නැතිනම් බොහෝ ප්‍රමාද වෙන්න පුලුවන්..

හැකි ඉක්මනින් උදෑසන ආහාරය නිම කළ මා නිවසින් පිටත් වූවේ කුමන ආකාරක දවසක් ගත කිරීමට සිදුවේදැයි හිතුතුල හට ගැනුන නුපුරුදු හැගීමක් සමගය.අසුන් දෙදෙනෙකු බැදි කරත්තයක් අප නිවස ඉදිරිපිට නවතා තිබුනේ හෝම්ස් මහතා කලින් කල දැනුම් දීමකට අනුවය..
මා සමග කාථා නොකරම කවුළුව ‍තුලින් එළිය බලා සිට හෝම්ස් මහතා මා සමග අමනාපයෙන්දැයි මට විටක සිතෙන්නට විය. අප දෙදෙන කිසිදා දැක නැති ආගන්තුකයන් දෙදෙනෙකු ලෙසින් රථය තුල ගමන් කරන්නට විය. එක්වරම නිහැඩියාව බිදිමින්

වොට්සන් මහත්මයා.. ඔබ මොකද හිතන්නේ මේ පරිසරය ගැන..
ම්ම්ම්ම්.. මීදුමෙන් වැසීගිය කදුවැටිත් ඒ අතරින් ලා කොළ පැහැයෙන් සැරිසීගත් තේ වතු යායත් හැරෙන්නට මට කිසිවක් නොපෙනුනි. එම දසුන වර්ණනා කළ නොහැකි සුන්දර දර්ශනයක් ලෙස මා ඉදිරියේ ඇදෙන්නට විය.

වොට්සන් මහත්මයා ලස්සන විදිනවා වගේ.. නමුත් මට නන් මේ ‍පලාත අපරාධකාරයකුට තෝතැන්නක් වගේ.. මීදුමෙන් වැසුන පරිසරය.. තේ වතු මතින් වැටී ඇති අතුරු පාරවල් නන් අපරාධකාරයෙකුට නියම පරිසරයක් නිර්මාණය කරනවා.. ඔබට ඒ පිළිබඳ වැටහීමක් නැද්ද වොට්සන්..

ම්ම්ම්ම්..නෑ හෝම්ස්.. මා ඒ පිළිබද කල්පනා කරේ නෑ.
අපි දකින එහෙත් කල්පනා නොකරන නිසා තමයි වොට්සන් ඔබයි මමයි වෙනස් වෘත්තීන් දෙකක් කරන්නේ..

හොම්ස්ගේ දොතොල මත ඇදි සිනහව මට අවමන් ක‍රන්නේදැයි සිතුණී. ඒ සිතුවිල්ල මා මනසින් වියකී යන්නට ප්‍රථම අප රැගෙන ආ රථය විල්බර්ට් මහතාගේ ‍නිවස වෙත වැටී ඇති පටු මාර්ගය ඔස්සේ ගොස් ආලින්දය අසල නැවැත්විය.
කරත්තය පැමිණි ශබ්ධය නිසාවෙන් ‍හෝ පෙර සුදානමක් තිබූ නිසාවෙන් අප පිළිගැනීමට විල්බර්ට් මහතාත් පොලිස් නිළධාරියකුත් පෙර මගට පැමිණියේය.

අසුන් බැඳි රථය අසලට විල්බර්ට් මහතා පැමිණියත් ඒ පිළිබඳ අවධානයක් නොදැක්වූ හෝම්ස් තව දුරටත් තේ වතු දෙසට දෑස් යොමා ගෙන සිටින්නට විය. සැබැවින්ම එය සුන්දරය. එහි දසුන නිල් පැහැයෙන් නම් හදුන්වන්නද කොළ පැහැයෙන් යැයි හදුන්වන්නද මා හට සිතා ගැන්මට පවා නොහැකිය. මල් තුහීන බිම පතිත වන නිසාවෙන්දෝ දෙනෙත බිම යොමා ගත් හෝම්ස් මහතා අවසරකියකින් තොරවම නිවස දෙසට ඇදෙන්නට විය.ගල් බංගලාවක් වූ විල්බර්ට් මහතාගේ නිවස එක පෙලට සැදී කාමර රැසකින් යුක්ත වූවක් විය.අතුරා ඇති බුමු තුරුණු විදේශයක සිට ගෙන විත් යැයි මට සිතුණි. නිහැඩියාව රජ කරමින් අප එක නෙකා දෙස බලා සිටියද එම නිහැඩියාව බිඳිමින් විල්බර්ට් මහතා අප හට අසුන්ගැනීමට ආරාධනා කරන ලදී.

විල්බර්ට් මහත්මයා.. කොහෙ ඉදංද ඔබ චෙක් පත් ලිව්වේ.

හෝම්ස් මහත්තයා .. මම ඒ ටික සකස් කරේ මාගේ කාර්යයාල කාමරයේ සිටයි.

අපි යමුද ඒ කාමරය බලන්න..

ඔවුන් දෙදනා පසු පසින් මාද එම කාමරය දෙසට පිය මනින ලදී. එය සැබැවින්ම කාර්යයාල කාමරයකි. ලියන මේසයක්, පොත් රාක්කයක්  සහ ආගන්තුකයන්ට පිරි නැමීම සදහා තිබු පුටු දෙකක් හැරෙන්නට එය තුල වෙන කිසිවක් නොතිබිණ.

කාමරය පුරා නෙත් හෙලමින් විටක ඉව කරමින් මෙන්ද විටක මද සිනහවකින් මුව සරසා ගෙනද හෝම්ස් කාමරය පුරා ඇවිද යන්නට විය. ඔහුගේ මෙම හැසීරීම ආගන්තුක වූ මට සැබැවින්ම ඔහු උන්මත්තෙකු යැයි නොසිතුනා යැයි පැවසීමට නොහැක.විනාඩි ගනනක් පුරාවට සිදු වූ විමර්ෂනයකට පසු ආගන්තුකයන්ට පනවා තිබූ පුටුවක් මත හිදගත් හෝම්ස් මහතා විල්බර්ට් මහතාගේ පුතුනුවන් හා කතා කිරීමට අවැසි බව පවසන ලදී. එවිට විල්බර්ට් මහතා විසින් කරන ලද විධාණයකට අනුව ඉතා කෙසඟ සිරුරක් හිමි විඩාබර මුහුණකින් යුතු ඔහුගේ පුතුනුවන් යැයි හදුන්වනු ලැබූ මෝගන් තැනැත්තා අවුදින් අප ඉදිරියේ සිට ගන්නා ලදී. ඔහු දෙස මදා වෙලාවක් නෙත් යොමා සිටි හොම්ස් මහතා පුටු ඇන්දට බරවී සුසුමක් හෙලන්නට විය.

ඉතින් මෝගන් මහත්මයා.. ඔබ මේ සිදුවීම දවසේ විශේෂ දෙයක් අත්වින්දද?

නැහැ මහත්මයා. මම වෙනදා වගේ අසුන් ස්තාලයේ ගැට ගහලා කාර්යයාල කාමරයට ආවා පියානන්ව මුන ගැහෙන්න.

ඊට පස්සේ

ඊට පස්සේ වෙනදා වගේම මම දවසේ වතු වල විස්තර පියාට සදහන් කරලා හෙට දවසට අදාල වියදම් සදහා ගෙවීමට ඇති චෙක් පත් ඉල්ලා සිටියා..

එදින ඔබට ගෙවීමට විශේෂ වූ මුදලක් තිබුනද..

නැහැ හෝම්ස් මහත්මයා..

එහෙනන් .. එවන් වූ මුදලක් ඔබට අවශ්‍ය වූයේ ඇයි.

හෝම්ම් මහතා විසින් ඇසූ පැනයෙන් ඔහු අපහසුතාවයකට පත් වූවා දැයි නොදනිමි. නමුත් රත් පැහැ ගැන්වූ ඔහුගේ මුහුනත් සෙමින් වෙවුලන ඔහුගේ දෙතොලත් කුමක් හෝ අභීරහසක් සගවනුදැයි මම සිතන්ට වීමී.

පවසන්න මෝගන් මහත්මයා.. ඔබට එදින එවන් මුදලක් ඇවැසි වූයේ ඇයි?

දෙනෙත් පසාරු කරගෙන යන හෝම්ස්ගේ බැල්ම නිසාදෝ වෙවුලන දෙතොල සොලවමින් මෝගන් ඔහුගේ හට අවධි කරන්නට විය..

හෝම්ස් මහත්තයා.. ඒ සල්ලි...

එක් වරම වසා තිබූ දොර පිියන කිරි කිරි හඩින් විවෘත කරමින් මෙහෙකාරිය තේ බඳුනක් රැගෙන අප වෙතට පැමිණයාය..

Tuesday, July 22, 2014

ඇය.....

මලානික හිරු අවරට යන සැදෑවක
දිරාගිය ඔරු කදට වාරු දී හුදකලාවක
මියදිලා ගිය ආදරේ කවි රටාවක
අකුරු ගලපමින් ඈ හිදී නෙත් මානයක

වැන්දඹුව ඇය නෙත් කෙවෙනි සලමිනා
මග බලයි නෙක ප්‍රේමයේ සුව විදිමිනා
සියොත් කැල ඇය තුරුලෙ ගී ගයමිනා
ගෙන යන්න මග බලයි ප්‍රේමයට ඇය රවටනා

සිහින වැල් බැදි මල් මාල ගෙල පලදිනා
නෙත් කෙවෙනි මත ප්‍රේමයේ දළු ලියලනා
සයනයේ රන් ඇගෙ වත මඩල සැතෙපෙනා
සියොත් ඉගිලේවී ඇය සයනෙ යලි තනිවෙනා

පිපි මලට සමණලුන් බොහො වෙනා
රොන් ගත් පසුව මල යලිදු තනිවෙනා
බඹරු ඇවිදින් රිදුම් දෙන මල රිදවලා
රොන් ගන්න වෙර දරයි නෑඹුලම සොයමිනා




Friday, May 2, 2014

මොනව හරි ලියන්න ඕනි

ලියන්න ඕනි මොනවා හරි. මාස ගානකින් මුකුත් ලියලා නෑ. හරියට අකාලෙට වේලිච්ච හේනක් වගේ.. හේනක් උනාම වට්ටක්කා වැලක් තියෙන්නම ඕනිලු. දන්නෑ ඒක ඇයි කියලා. අනේ මන්දා මෙව්වා රට්ටු කියන කතා. මට මතකයි මං පුංචි කාලේ කුඹුරු වැඩ කරන්න යනවා. මං නෙමේ.. අපේ ගමේ කුඹුරු වැඩ කරන කට්ටිය. අනේ මන්දා එයාලත් ඉතින් කුඹුරු නැතුව වෙන මොනව කරන්නද. ජීවත් වෙන්නනේ අපි හැමෝම මොනවා හරි කරන්නේ.

ඉස්සර ගොඩක් දුප්පත්.. කන්න තිබ්බෙ නෑ හරියට. කෑවත් බඩපිරුන්නෑ. අම්මයි තාත්තයි දාලා ගියා. වෙන අදුරන කෙනෙක් හදා ගත්තේ. හරි අසරණයි. ආසයි දියුණු වෙන්න.. කවුරුත් නෑ සල්ලි දෙන්න.. දිරිය ගන්න ඕනි හිතට. එතකොට කවුරු හරි උදවු කරයි. ඉල්ලන්න යන්න හොද නෑ. දුක කියන්න පුරුදු වෙන්න ඕනි. මගේ නෙමේ.. ඕක වෙන කෙනෙක්ගෙ කතාවක්...

එක අතකින් ඔතන තියෙන්නේ කුහකත්වය වෙන්නැති. මට නැති දෙයක් වෙන කෙනෙක්ට ලැබුනම ටිකක් හිතට අමාරුයි. ඒක මට ලැබුනා නන් ඒ තරං ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. එහෙම තමා ලෝකෙ හැටි. හැමෝම බලං ඉන්නෙ පිනට ගන්න. ඒකටත් හැකියාවක් නැතිව බෑ. අනේ මන්දා. රට්ටු වෙලාවකට මොනවා කියනවද කියලා.

අපි හැමෝම එකම මුහුදු පාවෙනවා. සමහරු මාළු අල්ලනවා.. සමහරු අල්ලපු මාළු කනවා. මාළු අල්ලන එකාට අනිත් උන් හූල්ලනවා .. දෙයියනේ අරූට අහුවෙන මාළු ගොඩ.....කියලා.. නිකං ඉන්න උන්ට මාළු අල්ලන උන් කියනවා.. අරුන්ට තියන සැප..කියලා.. බැලින්නං අපි හැමෝම කාට හරි හූල්ලලා හිතෙන් දුක් විදිනවා මිසක් හිතේ සතුටින් ඉන්නැතුවා වගෙයි.

දවසක් රේල් පාරක ඇවිදගෙන යද්දි කෝච්චියක් ආවා. මං කල්පනා කරා කෝච්චියක් නැතුව නැවක් ආවා නන් මං මොකද කරන්නෙ කියලා. එහෙම උනා නන් මට අයින් වෙන්න ඉඩ මදි වෙනවා. වෙලාවට එහෙම උනේ නැත්තේ. හැබැයි නැවක් ආවා නන් මරු. එතකොට රේල් පාර දිගේ මුහුදත් එයිනේ. ආහ්.. එහෙම උනොත් මං ඉවරයි. මට පීනන්න බැරි නිසා ගිලෙන්න පුලුවන්. හම්මෝ වෙලාවට නැවක් ආවෙ නැත්තේ. ඕක තමා වෙලාව කියන්නේ.

දැන් රෑ වෙලා මං හිතන්නේ. හිම වැටෙන නිසා හෙටත් පාන්දර නැගිටින්න වෙයි. හෙට පාන්දර නැගිට්ටොත් මටත් හිම කඩන්න යන්න වෙයි. හිම ගොඩක් සීතල ඇති. මට බෑ හිම කඩන්න. හෙටත් ඉන්නවා දවල් වෙනකං. එතකොට හිම දිය වෙයි.. එහෙම උනොත් හොදයි.. නැත්තං මගුලයි..මං නිදා ගන්නවා. දන්සල දෙන්න කඩල කිලෝ දෙකක් ගන්නත් ඕනි. මට සුභ රාත්‍රියක්..

පොටෝයක් හොයද්දි. මෙතනින් (http://sodurusitha.blogspot.com/2014/01/blog-post.html) හම්බ උනා

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...