Wednesday, December 12, 2012

අහිමි නුඹ...


නුඹ අහිමි බව දැන
නුඹට පෙම් කරන මම
නුඹ අන්සතුය වග
කෙලෙස සිතුනිද මා හට

පුරුදු හැගුමන් මුලාවක
ගමන් ගත් අදුරු උයනක
නේක පැතුමන් තුරුළු කර
අදිමි සිත්තම් පාළු අහසක

සොයමි නුඹ සඳ නැගුනු අහසක
දනිමි නුඹ අන්සතුය හෙට දින
යලිත් නුඹ මා මුණ ගැසෙන විට
කෙලෙස මා නුඹ දෙස බලන්නද...

Monday, December 10, 2012

මගුලක ආතල් එකක්

පස්සට යාන්තං ඉර අව්ව වැටිලා ඔම්ලට් එකක් දාගන්න පුලුවන් ගානට රත් වේගෙන එද්දි හුචක්කුව වදින්න ගත්තා.....
අලෝ...
අලෝ.. අලෝ නෙමේ නැගිටපං යකෝ.. මගුලට යන්නැද්ද..
හැහ්.. මගුල .. කාගෙද යකෝ ඒ මගුල..
ඇයි ඔටුවො සුදා බදිනවනේ.. වරෙන් ලෑස්ති වෙයන්...මං පැය භාගෙන් උඹලගෙ ගෙදර...
හුටා.. ඒක පොස් මගුලක්නේ බං.. මං කොන්ඩෙ උල් කරගන්න ටිකක් හිටපං.. සුටුස් ගාල ලෑස්ති වෙන්නං ඇ...
පැය භාගයක් යන්න හම්බ උනේ නෑ.. ගෙදර බල්ලා බෙරිහන් දෙන්න ගත්තා..
මොකක්ද කොටෝ තෝ කලේ.. බල්ලව හැප්පුවද
පෙන්නෑ බං..මං බල්ලව දැක්කෙ නෑ..
තෝ කොටා ස්ටීරිං වීල් එක අස්සෙන් අහස බලාගෙන එලෙව්වට බිම ඉන්න බල්ලො පේන්නෑ යකෝ.. බැහැපිය බිමට මං ගන්න වාහනේ...
යාන්තං සෙට් එක දාගෙන මගුල තියන පොට් එකට ගියා.. හප්පා. එතන තියන සිරියාව.. එකෙක්වත් ඇවිත් නෑ.. අපි සෙට් එක ජෝඩුවට කලින් මගුලෙ.. ඉතින් මොකෑ කරන්නද කොට්ටං ගහක් යට නවත්තලා බිම ඉදගෙන ටයි ගැට ගහන්න පටං ගත්තා..
ආහ්.. ඉදා බීපං..
ඔය මොනවද යකෝ...
මගුලට ගෙනාපු බෝතලයක්.. කොහොමත් බොන එකනේ.. හිස් බඩම ඇදලා දාපං බං.. පණුවන්ට හොදයි
අමුවෙන් බෑ යකෝ..
අමු නෑ බං.. මං වතුර ටිකක් දැම්මා.. ඉක්මනට නමාගෙන දීපං.. එක කෝප්පයයි තියෙන්නේ..
එක දෙක උනා දෙක තුන උනා.. ජෝඩුව ආවා..අපි පස්සෙන් ගියා.. බෙර ගහන උන් කවි කියනවා .. උඩ පනිනවා එක පාරටම සද්දයක් ආවා..
හැහ්.. මොකක්ද බං ඒ උනේ..
ඒයි බං නැට්ටුවා අල්ලපු කස්තිරමට අරෑගෙ සෙට් එකේ වැදිලද කොහෙද. ඌ බිම බඩගාගෙන  යනවා බං..
නෑ යකෝ.. ඌට බදින්න බෑ කියලා හිතිලා.. ගෙදර යන්න ඕනි කියලා අඩනවලු..
හුටා..එහෙනන් දැම්ම බෝතල් අපි ලග කියලා කෑගහන්න එපා.. වෙඩිම කැන්සල් උනොත් අපි මාරු වෙමු...
මොන ඉලව්වක්ද.. අර පුයර දාපූ මනමාලිව දැක්කා විතරයි අරූ දුවගෙන ගිහින් පෝරුවේ.. සුදු රෙදි අන්දනවා රතු රෙදි අන්දනවා.. එක විකාරයයි...
සීයක්.. ඔට්ටුයි.. නෑ දෙසීයක් ඔට්ටුයි..
මොනවටද යකෝ ඔට්ටු දාන්නේ..
මං කියනවා මනමාලි අඩනවා කියලා.. මූ කියනවා මනමාලිගෙ අම්මා අඩනවා කියලා..
හරි .. දෙන්නම ඇඩුවොත් මට තොපිලා දෙන්නා දෙසියක් දියං ඇ..
කියලා කට ගන්න හම්බ උනා.. පිරිමි පරානයක් අඩන සද්දේ ආවා..මලා..
මෙන්න අෂ්ඨක කියන එකා අඩනවා..
කැමරා අයියේ..ඇයි අෂ්ඨක මාමා අඩන්නේ..
නෑ.. එයා අඩනවා වගේ රගපෑවම වෙනදට මනමාලි අඩනවා මල්ලි.. ඒත් අඩ අඩන්නැති නිසා ඒ දුකට මූ අද ඇත්තටම අඩනවද කොහෙද..
යකෝ මෙව්වා මාර ආතල්නේ....එක පාරටම වලියක්..
කොටා බලපං .. අර වලිය මොකක්ද කියලා..
ඌ අස්සෙන් බඩගාගෙන් රිංගලා ගිහින් බලලා ආපි..
උන්ට උතුර දකුණ හොයා ගන්න බැරුව බං.. අත්සං කරන්න තියෙන්නේ නැගෙනහිර බලාගෙනලු.. දැන් ගිණීකොනටලු මේසෙ තියෙන්නේ..
වේටර් කියනවා දකුණු මෙහෙලු.. මාමා කියනවා.. නැගෙනහිර නැහැල්ලු.. අයියෝ.. මං උන්දෙන්නට මන්න පිහිය දීලා ආවා බං..
නොදකිං ඔටුවා.. මන්නේ ගෙනෙන් යකෝ.. පොල් බිදින්න.. පල...ගිහින් අරං වරෙන්..
මේ ඉලවු බෑ බං... වරෙන් දෙකක් දාගන්න යන්න.. අද වෙලාවත් මදි.. මුන්ට ඉක්මනට හනිමූං යන්න ඕනිලු..
ඔං හුලං වදින පොට් එකක් ඉදගෙන දෙක තුන නමාගෙන යද්දි.. ඉර කැරකිලා දොලහ විතර උනා ඇ..
යමං.. ටිකක් නටන්න..
අඩෝ.. කොහෙද යකෝ ඔය ඉඳුල් වතුර බාල්දිය උස්සං දුවන්නේ..
අතන ඇන්ටි කෙනෙක් ආවේස වෙලා බං... නටාගෙන නටාගෙන යනවා යකෝ...
මල හත්තිලව්වයි.. අමරදේවගෙ සිංදුවට ඔහොම නටතෑකියැ..
මචං.. මං කොයි එකටත් වතුර බාල්දිය ගහන්නද..
එපා බං.. එයා පොස් නිසා නටාගෙන නටාගෙන යනවා වෙන්නැති බං..
එකපාරට සිංදුව නැති උනා.. ඇන්ටි මිසින් උනා..බැන්ඩ් එක බැහැලා ගියා...
යාන්තං දවල් 1යි 45 ට උන් ආවා ස්ටේජ් එකට...2ට මගුල ඉවරයි.....
ඒයි වරෙන් බං නටන්න.. අන්න අරුං ආවා.... දැන් නටමු..
එතකොටම කොන්ඩෙ උල් වෙන්න හදා ගත්ත අයියා කෙනෙක් කියපු
කෝ බෘං ගෙ කොල්ලො සෙට් වෙන්න පොඩි ෆන් එකක් ගන්න...
හැහ්.. මොකාද යකෝ බෘං කියන්නේ..
බෘං නෙමේ කොකටුවො.. ගෘම්. මනමාලයා යකෝ.
ආහ්.. සිංහලෙන් කියන්න එපායැ.. ඇන්න අරූ කතා කරනවා එහෙනන්. වරෙන් නටමු..
ටෙස්ටිං වං වං වං..
හැහ්.. ඒක භාතියලගෙ සිංදුවක් බං..
නෑ යකෝ.. ඒක මයික් ටෙස්ට් කරනවා..
කමෝන් කොල්ලනේ.. මෙන්න නටන්න සිංදුවක්..මයික් අයියා කෑගහද්දි කොටා මැද්දට පැනලා මැන්ඩියට කකුල් දෙක තියාගෙන ඉන්නවා...
“අම්මා... පෙවු කිරි කඳුළින්.. ලෝකය මෙතරම් .. හැඩවේදෝ...“
කොටාට මල පැන්නා..
අඩෝ.. මුගෙ අම්මට එන්න කියාපං ඩෝ.. දනහිස දෙකට නැමෙන්න බීලා ඉද්දි අම්මටද යකෝ නටන්න කියන්නේ..
දණීපනි ගාලා කොටාව ඇදගෙන ගියා කාර් එක ලගට.. මූ.. පොලෙවෙ පස් කනවා නටන්න ඕනි කියලා.. ඒ ගමන කාර් එකේ තිබ්බ ජෝතිපාල සන්ෆලවර්ස් එක්ක ගහපු කැසට් එක දීලා ෂේප් කරගත්තා.

හප්පා.. මෙන්න ජෝඩුව යනවා..
ඒයි සුදා.. උඹලා යනවද.. අපිට කන්න කෑම..
තොපිලා තාම කෑවෙ නැද්ද යකෝ.. දැන් ඔක්කොම ඉවරයි.. දැන් ඉස්සරහා කඩෙන් කොත්තු ටිකක් කාල ගෙදර පලයන්..
ආහ් .. තැන්කූ සුදා.. උඹට පුලුවන් නන් ඕඩර් එකත් දීලම පලයන් ඇ....
මෙන්න ඒ ගමන කොටා ඔලුව බිම තියාගෙන පොලොවෙ පස් කන්න යනවා..
මොකක්ද යකෝ උඹ කරන්නේ..
මං මේ ඔලුවෙන් කැරකෙන්න යනවා යකෝ..
නොදකින්.. තෝ කැරකියන්.. මං යනවා කොත්තු තුනකට ඕඩර් එකක් දාන්න...සික් විතරක්.. ඒ මගුලෙත් කන්න හම්බ උනේ නෑනේ.....

Tuesday, September 25, 2012

ග්‍රාම සේවක නන් මහ තිරිසනෙක්

හැමදාම වගේ ඉර ගෙදර වැට කඩුල්ලට උඩින් එබීගෙන එද්දි ඊයෙ ඉතුරු වෙලා තිබ්බ බත් දංකුඩ පොඩ්ඩ හූරගෙන කාල හේනට යන සිරිදාස දිහා එතනා බලාගෙන හිටියේ පුරුද්දට වගේ.. ගෙදර මිදුලේ නිදාගෙන හිටපු බලු නගුටත් පුරුද්දට වගේ සිරිදාස පස්සෙන් ඇදිලා ගියා..ගෙදර දොරට හේත්තු කරලා තිබ්බ පොල් අතු දොර පියන අතන ගන්නකොටම සිරියාවති කඩුල්ලට උඩින් එබිලා මොර දෙන්න ගත්තා..

එතනා.. යමු පිං ඇලට නාන්න.. වරෙන් සුමනත් එනවා කිව්වා..

හෝදන්න තිබ්බ පොඩි උන්ගෙ ඇදුං කෑලි ටිකත් මතක් වෙච්චි එතනට ආයෙ හිතන්න දෙයක් තිබ්බෙ නෑ..

ඔහොම ඩිංගිත්තක් හිටිං.. මං රෙදි බාල්දියත් අරං එන්නං..

වැව් නියර උඩින් යන කොක්කුදිහා බලාගෙන දෙන්නම හාවක් හූවක් නැතුව ඇදිලා ගියේ දවල් පොලට යන්න අතේ සල්ලි නැති නිසාද කියලා දෙන්නම දැනගෙන හිටියේ නෑ..

ආහ්.. අද උදැහැනේම දෙන්නා නාන්න ඇවිත්..

ඇතදීමට අදුර ගත්ත සුමනා කුඹුක් ගහ මුල ඉදන් බුලත් හප තැවරිච්ච දත්ටික පෙන්නලා මොර දුන්නා..

ඔවු බං.. දවල්ට පොලට යන්නත් ඕනිනේ.. උදේම විගහින් නාගන්න කියලා ආවා..

ආහ් උඹලට ආරංචිද...

රෙදි බාල්දිය බිම තියන්නත් කලින් ඇස් ගෙඩි දෙක නලලට ගත්ත සුමනා එතනයි සිරියාවතියි දිහැ බලාගෙන හිටියා..

ඒ මක්කැයි..

අර පුංචි හාමු ග්‍රාම සේවකයට ගහලා තියෙන්නේ.. ග්‍රාම සේවකයා අවලං වැඩක් කරාටලු..

අනේ පලයන් සුමනෝ යන්න.. ග්‍රාම සේවකයා ගිහින් තියෙන්නේ රාජකාරීයකට නොවැ.. පොලෝසියෙ උන්දැත් කිව්වේ..

ආහ්.. ඒ උඹලා දන්න කෙංගෙඩිය.. ග්‍රාම සේවකයා ඒ කසිප්පු මුදලාලිගෙ ගෝලයෙක්ලු..උන්දැ එදත් ගිහින් තියෙන්නේ කසිප්පුවට උදවුවටලු..

ආහ්.. එහෙනන් පුංචි හාමු අහවල් දේකටද ගිහින් තියෙන්නේ..

පුංචි හාමු ගිහින් තියෙන්නේ.. ඒක ආරංචි වෙලා ග්‍රාම සේවකයට දෙකක් අනින්නමලු..

අනේ.. හත්දෙයියනේ.. අපෙ පුංචි හාමු..බය නැතුව යනවද අප්පා ඔය කසිප්පු ගුබ්බෑයටම.. ඒ කිරි සප්පයට මොකක් හරි උනා නන්..

හෙන හතම ගහන්න ඕනි ග්‍රාම සේවකයට.. ඔය හැම දෙයක්ම අහගෙන හිටපු එතනට ඒ වචන ටික කටින් පැන්නේ පපුව ඇතුලෙන්ම වේදනාව ගලාගෙන ආපු නිසා වෙන්නැති..

බලපං සුමනෝ.. ග්‍රාමසේවකයගෙ ගෑණිත් කිව්වෙ බොරුනේ.. නොදකින් කාලකණ්නි හැත්ත..

ඒත් එතනෝ.. මං නන් හිතුවා ඕක වෙද්දි පුංචි හාමු අහිංසකයි කියලා..

ඒ ඇයි බං එහෙම හිතුවේ..

මං පෙරේද දැක්කනේ බං පුංචි හාමු පංසලේ බෝධිය මුල දනගහගෙන වදිනවා.. එහෙව් මිනිහෙකුට පුලුවන්ද ඔය තරං අපරාදයක් කරන්න..

පිස්සුද සුමනෝ.. ඒ පුංචි හාමු බීලා නැගිට ගන්න බැරුව පන්සලේ වැටිලා හිටියේ.. මං දැක්කනේ ලොකු හාමු වත්තං කරගෙන යනවා..

යකෝ.. තොට සහ ගහනවා ඒ කියපු කතාවට.. පිස්සුද ගෑණියේ.. ඒ පුංචි හාමු පන්සිල් ඇරගන්න ගමන් හිටියෝ.. තොපිලා කට තිබ්බට කියවන්න එපා...

අනේ මන්දා බං.. මට නන් මේ ලෝකෙ සංසාරයක් තේරෙන්නෑ බං..

ග්‍රාම සේවකයා ගමේ හොරු ඇල්ලුවා තමා.. ග්‍රාම සේවකයා ඉස්සර ගමට කොයි තරං වැඩ කෙරුවද.. එහෙව් එකෙක්නේ මේ අවලං වැඩේ කරේ.. දෙයියොම බලා ගන්න ඕනි මෙව්වා..

ඒක නෙමේ...මොකෝ සුමනෝ එතකොට පුංචි හාමු දැන් පේන්න නැත්තේ...

ආහ්.. උඹලා දන්නැද්ද.. පුංචි හාමු තමා ගමේ ඉස්කෝලෙ ලොකු මහත්තැයි වෙන්න ඉන්නේ.. ඕං කොළඹ රටේ ගියා මොකක්ද මාසෙකටඋපාධියක් අරං එන්න කියලා..

අනේ වාසනාවක් සුමනෝ.. මගේ පොඩි උන්ගෙ වාසනාව එහෙවු රත්තරං මහත්තයෙක් ඉස්කෝලෙට එනවයි කියන්නේ..

ඒක තමා එතනෝ මාත් කියන්නේ.. අපිට එහෙවු වාසනාවක් එද්දි අර තිරිසං ග්‍රාමසේවකයා කරපු වැඩේ බලහංකෝ..

හත්වලාමේ.. ඇත්තමයි.. බැරි වෙලාවත් පුංචි හාමුට මොනවා හරි උනා නන්..

සංසාරේ... අපේ පුංචි උන්ගෙ අනාගතේ.. මං යනවා අද ලොකු හාමුදුරුවන්ට කියලා පහන් පූජාවක් තියන්න.. පුංචි හාමුට විභාග පාස් වෙන්න ලැබෙන්න කියලා..

ආහ්.. උඹ යද්දි කියාපං.. මාත් එන්නං.. අනේ සාධු.. අපේ ගම දැන්වත් දියුණු වෙයිනේ...

හප්පේ.. ඇති යකෝ උඹලගෙ කයිය.. විගහින් නා ගනින්.. තව පොඩ්ඩකින් ලොකු හාමු එයි නාන්න.. උන්දැ ආවොත්.. අපිට පොලේ යන්න නෙමේ.. උන්දැගෙ ඇදේ තනි රකින්න තමා වෙන්නේ...

ඒක හැබැයි.. කෝ ඔය සබන් කෑල්ල ගනින් බං.. පිටේ අතුල්ල ගන්න...



ප/ලි..

කතෘ.. අන්.....නාතයි.....

Monday, September 10, 2012

මායාවක්ද නුඹ


මායාවක්ද නුඹ
රෑයෙ විත් මා සිත කළඹමින
නුඹ ඇවිත් නොකියාම යන
මේකද ජීවිතය
නුඹ නොමැති සිත සැනසුම සොයන
රන්තරු නොමැති
එකම අහසක් යට
තරු සඳ ඇති ඒ අහස යටම
නුඹ සමග මා තනිවෙන
ලෝකයම නවතින
තවත් එක් සොදුරු ඇරඹුමක
අතර මග නිහඩවම තනිවෙන
මායාවක්ද නුඹ
ලොවම හඩවන

Wednesday, August 8, 2012

අතවරයකට ලක් වූ ගැහැණියක ගැන ඇසින් දුටු සාක්ෂි


වෙලාව උදේ පාන්දර හත හමාරට විතර ඇති.. පොලිස් ස්ථානයේ ගේට්ටුව මුරට හිටපු බටයා යන්තං ඇස් ඇරියා විතරයි. කිරි සුදු පාට ලස්සනම ලස්සන අලුත් මෝටර් රථයකින් නයිට් ගවුමකින් සැරසුන රෝස මලක් වගේ කෙල්ලෙක් දැක්ක ගමන්.. ඒ බටයා කුණුකෙල ටිකත් ගිල ගත්තා.. ඒ උනාට ඒ කෙල්ල බටයා දිහා බලන්නෙවත් නැතුව සුරූස්...................... ගාලා කාර් එක ඇතුලටම අරං ගිහින් කාන්තා හා ළමා කාර්යාංශය ඉස්සරහා කාර් එක නතර කරා..

ඒකෙන් බැහැලැ අඩාගෙන ගිහින් පැමිණිලි ලියන නිළධාරිනිය ඉස්සරහා පුටුවෙ ඉදගෙන ආයෙත් කෑ මොර දීලා අඩන්න ගත්තා.. පැමැණීලි නිළධාරිණිය ඔලුව යන්තං උස්සලා ඇහැව්වා..

“ඇයි..“

“මාව අතවරයට ලක් උනා.. “ මහ හඩින් මුලු පොලිසියටම ඇහෙන්න කෑගහලා කිව්වා
ඒක ඇහුන අනිත් නිළධාරිණියන් නිළ ඇදුම අමතක කරලා ගෑණු කම පපුවට අරං පපුව මේස උඩින් තියාගෙන අතවරයට ලක්වුන ගෑණු දැරිවිගේ ශෝක කලාපය නැමැති ඔප දූපය අහන්න වට උනා.. පැමිණිලි මෙහෙයවන නිළධාරිණිය ඇස් දෙක උඩ දාගෙන ප්‍රශ්න අහන්න පටං ගත්තා..

“දැන් කවද්ද දරුවො ඕක උනේ..“
“දැනට මාස දෙකකට කලින්..“
“ඇයි මෙච්චර කල් නොකිව්වේ“
“නෑ එයා අද තමා කිව්වේ එයා මට ආදරේ නෑ කියලා...“
“ආහ්.. එතකොට කොහේදිද එයා ඔයාට අතවර කරේ“
“මගේ කාමරේදි“
“කීයට විතරද ? ....“
“මහ රෑ 12ට විතර“
“එයා ඔයාගෙ කාමරේට ආවේ කොහොමද“
“එයා ඔන්ලයින් ආවේ...“

මෙය තේරුං ගැනීමට නොහැකි වූ නිළධාරිනියන් ඔන්ලයින් නැමැති වාහනය අත්අඩංගුවට ගැණිමට නියෝග කර පණීවිඩ යවයි...ඒ අතර මද කිපුන තරුණ පිරිමි නිළධාරින් අතවරයට ලක් වූ ගැහැණු දැරවිය වට කොට ඇය ගැන අනුකම්පා කරමින් බලා සිටී...

“එයා ඔයාගෙ ඇදුම් ගැලෙව්වද...“
“නෑ.. මට සාය උස්සන්න කිව්වා..“
“හැහ්.. එච්චරද කිව්වේ..“ මද කිපුන බටයෙකු මැද්දෙන් පැන විමසයි
“ඔවු ඇයි... “ ඇය හැඩූ කදුලින් පිළිතුරු දෙයි
“නෑ.. මං එහෙම ඔහොම කරා නන් උඩත් ගලවන්න කියනවා...“ බටයා බිම බලාගෙන ශෝකයෙන් පවසයි..
“නොදකින් වලත්තයා.. “ ගැහැණු ඉදිරියේ ලකුණු දා ගැනීමට, හිතට ආපු හැගීම යට කරගෙන සාජන් කෑමොර දෙයි

“ඉතින්.. දුව ඊට පස්සේ...ඔයා සාය ඉස්සුවද.. “
“නෑ.. “ ඉහි ඉහි.... ඇය මහ හඩින් නැවතත් හඩන්නට වූ නිසා අනිත් අය ඇයව සනසාලීමට කාලයක් ගතවෙයි

“එයා මට සාය උස්සන්න කිව්වට මට එහෙම කරන්න බැරි නිසා.. මං ඇස්දෙක පියාගෙන ඇදේ නිදා ගත්තා..“

“නෑහ්.. ඉතින්.. ඇයි ඔයා කෑගැහුව්වෙ නැත්තේ..“ කාන්තා නිළධාරිනියක් විමසයි
“මට බය හිතුනා.. එහා කාමරේ නිදාගෙන හිටපු කුසුමට ඇහෙයි කියලා..“

“ආහ්.. ඉතින් එයා මොකද කරේ..“
“එයා මට හැමදේම කරා.. මං විනාස උනා.. දෙයියනේ..“ ඇය නැවතත් හඩයි

වටේ රැස් වී සිටයවුන් ඇයට අතවර කල තැනැත්තාට සාප කරමින් පොල් ගසයි..

“මේක මෙහෙම බෑ. සිරියස් කේස් එකක්.. අපි හොස්පිටල් යමු.. බටයා.. ගිහින් ජීප් එක ගේන්න.. “

“ජීප් එකේ ගිනියන්න බෑ මිස්.. මේ ළමයා අතවර වෙලා ඉන්නේ.. වැඩිය ගස්සන්න හොද නෑ.. අපි කාර් එකක යමු..“
“කාර් එකක් කෝ ඉතින්..“

“ඉන්න..“ බටයන් කිහිප දෙනෙකු මාසයක් වැඩ කර උපයා ගත් මුදල මේසය මතට ඇද දමමින් ඇයට කාර් එකක් ගෙන ඒමට අනුග්‍රහය දක්වයි..

ඇයව රෝහල ඇතුලට ගත් පසු.. අතවරයට ලක්වුන තරුණිය බැලීමට රෝහල් කාර්ය මණ්ඩලය වට වෙයි.. වෛද්‍යවරයා ඉතා අපහසුවෙන් සෙනග අතරින් පැමිණ ඇය පරික්ෂා කර බලයි

“දැන් කවද්ද අතවර කරේ ඔය දරුවට..“
“මාස දෙකකට කලින් ඩොක්ට.. “
“වෙන්න බෑ.. මේ ඊයෙ පෙරේදත් අතවර කරලා තියනවා කවුරු හරි..“
“අනේ නෑ ඩොක්ට.. එහෙම වෙන්න බෑ..“
“ඒ කොල්ලා දැක්කම අදුර ගන්න පුලුවන්ද...“
“අනේ බෑ ඩොක්ට.. මං ජීවිතේට ඇත්තට දැකලා නෑ.. පොටෝ එකක් විතරයි දැකලා තියෙන්නේ..“
“හැහ්.. එතකොට කොහොමද අතවර උනේ..“
“ස්කයිප් එකෙන් මට එයා එහෙම කරේ... ඇය නැවතත් මහ හඩින් හඩයි...“

දරුවා මට බොරු කරන්න බෑ.. දැක්ක ගමන් කියත හැකි ඔයාව සැහෙන්න අතවරයට ලක් කරලා කියලා.. ඔයාට එයා තර්ජනය කරනවා ඇති.. ඒක තමා ඔය

මෙය ඇසුන රෝහල් සේවක පිරිස.. බිම පස් උලා කමින්.. තණකොල හපමින්.. එය කල තැනැත්තාට සාප කරයි..

වෛද්‍යවරයා තරුණ ගැහැණු ළමයාව රෝහලේ 4 වාට්ටුවේ නේවාසිකව නතර කර තවත් පරීක්ෂන සදහා නියම කරයි.. ඒ අතර

“කෝ මේ පොලෝසිය.. “ වෛද්‍යවරයා කාන්තා නිළධාරිනියක කැදවයි

“මේ දරුවව සැහෙන්න සැරයක් අතවර කරලා තියනවා.. මෙයාට දැන් තර්ජන ඇති.. ඒ නිසා මෙයා කියනවා එහෙම කරේ නෑ එක පාරයි කියලා.. මෙයාට විශේෂ පොලිස් ආරක්ෂාවක් දෙන්න..“

“හොදයි ඩොක්ට.. ඒත් ඡන්දෙ නිසා අපිට බටයො අඩුයි..“

මෙය ඇසුන සුළු සේවකයින් අතිකාල වැටුප් එපා කියමින්.. ඇයගේ ආරක්ෂාවට ඇද වටා රැකවල් යොදයි..

මහ රෑ දොලහට ආසන්නය.. ඇය තාමන් අවදියෙන්.. මුර බටයින් නිදි කිරා වැටෙමින්...

ඇයගේ දුරකථනයට ඇමතුමක් පැමිණෙයි

“රෝස මල.. ඔයා කෝ.. මං ඔයාගෙ ගෙදර ආවා.. ඇයි ජනේල ඇරලා නැත්තේ..“

“අනේ.. මං මාමලගෙ ගෙදර ආවා.. අද එන්න වෙන්නෑ..“

“ඔයා මාරයිනේ.. මං මේ ඔයාව බලන්න ආවා.. ගේ ඉස්සරහා ඉන්නේ..“

“ඔයා දැන් ගෙදර යන්න පැටියෝ.. මං හෙට ගෙදර එනවා.. හෙට මං ජනේල ඇරලා තියන්නං.. ඔයා ආසම අර දුහුල් නයිට් ගවුමත් මං ඇදං ඉන්නංකෝ...“ ඇය රහසින් කොදුරයි.. අවසානයේදි.. ඇය උණුසුම් හාදුවක් දුරකතනය හරහා ඔහු වෙත යවයි..

“හා.. මං දැන් යන්නං.. හෙට ලොකු ජනේල ඇරලා තියන්න රෝස මල.. පොඩි ජනේලෙන් එන්න අමාරුයි.. එදත් මගෙ කලිසම ඉරුණා..“

“හා.. දැන් ඔයා යන්නකෝ... ලවු යූ පැට්ටෝ.......“

සුළු සේවකයින් තවමත් නිදි ලොවය.. ඇය තවමත් අවදියෙන්ය..

කථාව
..............නිමි...............



Saturday, August 4, 2012

මගේ මලගම දවසකට

මගේ මල ගම දවසකට
ඇවිත් යන්න එන්න
මගේ මිනිය දෙස බලාගෙන
මං ගැන ඔබේ හිතෙ ඇති හිරවී ගිය
සියලු දේ පවසන්න
මා අසා සිටින්නෙමි
ඔබේ හිත නිවෙන තෙක්

මගේ මල ගම දවසේ
එපා මිනියට කර ගසන්නට
හිතේ බර නැතිව යන තෙක්
මගේ මිනියට ඔබ බනිනු මැන

සමන් මල් පියලි බැද
නුඹ රන් තොරන් බදිනු ඇත
එපා මගෙ නමින් වෙහෙසෙන්න
ගල් බෝතෙලෙන් සිනාසුන මැන

පාවඩ මතින් පියළි බැද
විල්වුද සයන එපා මට
පිදුරු යහනකින් බැද
ලෑලි මට උවමනා නැත

නුඹ ඇවිත් යන්නට එන්න
මට බැනපු නැති වදනින් දොඩා යන්න
මා අසා සිටිනු ඇත
අද මෙන්ම මා මිය ගිය දිනට..........

Wednesday, July 18, 2012

කාලෙකින් පද අතර..

ලියපු කවි දහසක් ඇතුලෙ
ලියා ගන්න බැරි උන තව කවි තියනවද
කියපු වදනන් දහසක් අතරෙ
කියාගන්න බැරි වන තව වදන් ඉතුරුද

දකින සිහින ගොන්නක් අතරෙ
දැක ගන්න තව සිහිනයක් ‍නැතිවද
විදගන්න සිසිලසක් තුරු අතරෙ
නොවිදනා සිසිලස තවත් ඇතුවද

නොලැබෙනා පෙම් සිතක් අභියස
සිතක් තව කවි පද ලියාවිද
නුඹ දුරින් හිද හෙලන මදහස
කෙදින මා නුඹ ලගට ඒවිද...

සත්සමුදුරින් පියඹා
එන්න නුඹ මා සිතින් ලගමද
සැතපෙන්න නුඹ සුසුම් හමනා
සුවද මා සිත මත් කරාවිද...




Thursday, July 12, 2012

ආදරය කරපු කෙනාට වෛර කරන්නේ සත්තුද


මං මේ ලගදි අමිලයා වගේම දුකා අයියා දාපු පෝස්ට් එකත් කියෙව්වට පස්සෙ මං ගොඩක් කල්පනා කරපු දෙයක් මේක..අපි කාට හරි ආදරේ කරද්දි පැල් බැදගෙන ආදරේ කරනවා.. එයා තමයි මුලු ජීවිතේම.. එයා වෙනුවෙන් හැම දෙයක්ම කැප කරනවා.. ඒත් ආදරේ නොලැබුනාම.. අනිත් කෙනාට කුණුහරුප කියනවා.. වෙන කෙනෙක් එක්ක නිදා ගත්තා කියලා තේරුමක් නැති චෝදනා කරනවා.. මහ කැත කතා කියලා පුලුවන් තරං ආදරය අත්හැරපු එක්කෙනාට බනිනවා.. නමුත් ලෝකෙට සුද්දවන්තයෙක් වෙලා අහිංසක පෙම්‍වතෙක් හෝ පෙම්වතියක් වෙනවා..

නමුත් අපි ආදරෙ කරා නන් ඒ ආදරේ නැති උන පලියට ඔය විදිහට හැසිරෙන්න මිහිහෙකුට කොයි තරං දරුණු හිතක් තියෙන්න ඕනිද.. තමන් පණ වගේ ආදරේ කරපු කෙනාගෙ වැරදි කියන්න තරං පහත් මානසික මට්ටමක් තියෙන්න ඕනි නේද.. එහෙම බලද්දි මං නන් හිතන්නෙ ඒ වගේ ආදරයක් නැති වෙන්නේ බෑ කියන කෙනාගෙ වාසනාවට.. සමහර අය ආදරේ කරන කාලෙ කෙල්ල ගැනවත් හිතන්නැතුව රූම් වලට ගිහින් ඇති තරං සැප විදිනවා. කෙල්ල යන්න ගියාම අරවා වීඩියෝ කරලා ඉන්ටනෙට් එකට දානවා.. ඒක මොන තරං තිරිසං වැඩක්ද.. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කතා කරන්නෙ ලගින් ඉන්නෙ යමක් විශ්වාස කරල.. නමුත් ආදරය නැති උනයි කියලා ‍අනිත් පුද්ගලයාට පුලුවන්ද තමන්ගේ ආදරේ කරපු කෙනාගෙ ගෞරවය නැති කරන්න.. ඒ විශ්වාසය පාගලා නැති කරන්න.. මිනිස්සු අහිංසක වෙන්න ඕනි ලෝකෙට පේන්න නැලවිලා නෙමේ.. තමන්ගෙ හදවතින්.. ලෝකෙට දරුණු උනත් කමක් නෑ.. හදවතින් අහිංසකයි නන්..

බ්ලොග් පෝස්ට් වල පිටු ගනන් ලියනවා ආදරේ ගැන.. ඇත්තටම ආදරේ කරන්න ගියාම ඒ මෙලෝ මගුලක් නෑ.. අනිත් කෙනා බෑ කියපු ගමන් පුලුවන් තරං කුණු හරුප කියාගෙන ඇවිදිනවා හැමතැනම.. එයාල හිතන්නේ එයාල හැංගිලා කරන දේවල් ලෝකය දකින්නෑ කියලා.. අපි කවුරු හැංගිලා මොන සෙල්ලං දැම්මත් මං දන්න විදිහට මේ බ්ලොග් ලෝකෙ එව්වා කවද හරි එලියට එනවා... මං දන්න දෙයක් තියනවා නන් කවද හරි මුළු සමාජයක් ඉස්සරහා සාක්කිත් එක්ක ඔය වගේ නින්දිත වැඩ කරන්න එපා කියලා මං මූණටම කියනවා.. ඒ දවසෙදි ඒ පුද්ගලයින් ලැජ්ජාවක් තිබ්බොත් ලැජ්ජ වෙයි.. ලැජ්ජාවක් නැති උනොත් තරහා වෙයි.. මට අදාල නෑ ඒක..

ඕනිම කෙනෙක් අතින් වැරැද්දක් වෙන්න පුලුවන්.. නමුත් ආදරය කරපු කෙනෙක් අතින් වැරැද්දක් උන පලියට ඒ ගැන ඒ ආදරේ කරපු හිතින්ම වෛර කරලා පලිගන්න පුලුවන් නන් මට තියන සැකය ඇත්තටම ඒ පුද්ගලයා ආදරය කරන්න දන්නවද කියන එක... ආදරේ කියන්නේ රෙදි ගලෝලා නිර්වත්‍රෙන් ගෑණු ළමයා හෝ පිරිමි ළමයා ඉදිරියේ හැසීරීම නෙමේ. ආදරය කරද්දි පිරිමියෙකුට නන් පිරිමිකමක් තියෙන්නෙ ඕනි.. කඩේ යද්දිත් සීමාවක් තියෙන්න ඕනි.. අසීමතව කඩේ ගිහින් පස්සෙ බෑ කිව්වම.. අරයා මෙහෙම කරනවා අරහෙම කරනවා කියලා තැන තැන කුණුහරුප කියන්න තරං මානසිකත්වයක් තියන පුද්ගලයො සමාජයේ ඉන්නවා දකින එක නන් මහ අප්‍රසන්න දෙයක්..

තමන් ආදරේ කරා නන් ඒ ආදරේ සදාකාලික වෙන්න ඕනි.. ඒක තමා ලූෂන් බුලත්සිංහල මහත්මයා ලියලා තියෙන්නේ
"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවෙත්
වෙන් වූවන් සැබෑ පෙම්වතුන් ලෙස සදාකාලිකව ජීවත් වේ" ඔන්න ඔය වගේ කතාවක්.. මට මතක නෑ.. ඉස්සර නන් ෆේස් බුක් එකේ හැමතැනම ඕක ෂෙයාර් උනා.. ඒකට ලයික් කරලා.. එව්වට බ්ලොග් පෝස්ට් ලියලා එව්වා ඉස්සරහා නිකැලැල් පෙම්වතුන් වගේ හැසිරිලා.. පස්සෙ ආදරේ නැති උනාම සත්තු වගේ හැසිරෙන මිනිස්සු දැක්කාම මට නන් ඇති වෙන්නෙ මහ කළකිරීමක්..

ආදරේ කරන හැමෝම එකතු වෙන්න ඕනි කියලා නීතියක් නෑනේ.. ආදරේ කරපු අය නැති වෙන්න පුලුවන්.. ඒක වෙන්න මේ ලොකෙ පලවෙනි කෙනා අපි නෙමේනේ.. මීට කලිනුත් එහෙම වෙලා තියනවා.. ඉස්සරහටත් එහෙම වෙයි.. නමුත් ආදරෙ කරන්න දන්නැති මිනිස්සු කෙල්ලෙක් ඉස්සරහා රෙදි ගලවන් නටලා පස්සෙ ආදරේ නැති උනාම දාල ගිය කෙනාට තැන් තැන් වල බොරු චෝදලා දාල කේලං කියනවා.. එව්වා අහන්නත් මොලයක් නැති හිතන්න කල්පනා කරන්න තරං බුද්ධියක් නැති අය වට වෙලා ඉන්නවා...

මම නන් කියන්නේ ආදරේ නැති වෙන්න පුලුවන්.. ඒත් ඒ වෙනුවෙන් දාල ගිය කෙනාගෙ චරිතය ඝාතනය කරන්න පුලුවන් තරං හිතක් තියනවා නන් ඇත්තටම ආදරේ කරලා තියනවද කියලා මට නන් සැකයි....ආදරේ කියන්න මොකක්ද කියලවත් එයාල දන්නැතුව ඇති..එහෙම මිනිස්සු මේ ලෝකෙ පිරිලා..හරියට සත්තු වගේ..

එහෙම මිනිස්සු මට දැක්කම හිතෙන්නෙ.. මේ ලෝකෙ හරි කූරයි අප්පා.. ඊක්කා.........

මේ සිංදුවත් අහලම යන්නකෝ....

Wednesday, July 4, 2012

මම මගේ ජීවිතය සහ මම ජීවත්වෙන හැටි

මං මේ බ්ලොග් ලෝකෙට ඇවිත් ඇවිත් වැඩි කාලයක් නෑ.. අවුරුදු දෙක හමාරක් විතර ඇති.. ඉතින් ඒ කාලෙ පුරාවට මං ඉගන ගත්ත දෙයක් තමා රැල්ලට ගහගෙන ‍යන්න ඕනි කියන එක.. නැත්තං අපි හැමදාම වෙරලෙ.. පස්සෙ ඉතින් රැල්ලෙ යන උන් දිහා බල බලා හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ.. ඉතින් ඔය දේ ගැන හිතලා මටත් හිතුනා මං මේ අවුරුදු දෙක පුරාවට නොකිව්ව මගේ කතාව අද කෙටියෙන් කියන්න කියලා..

මට මතකයි මගේ පුංචි කාලෙ.. මං ඉපදුන වෙලේ මට අදවගේ මතකයි.. මං ඉපදු‍නේ අපේ ගෙදරමයි.. මොකද අපේ අප්පච්චි කැමති උනේ නෑ මාව හොස්පිටල් වල නවත්තන්න.. එයාට ඒක මදිකමක් කියලා හිතෙන්නැති.. අප්පච්චි සල්ලි දීලා එයාගෙ කාර් එකේ දොස්තරලා තුන්දෙනෙක් ගෙදරට ගෙන්න ගත්තා.. ඒ කාලෙ අපෙ බෙන්ස් කාර් එකේ දොස්තරලා නගින්නත් හෙන ආසයි. ඉතින් එයාලා සල්ලි ගත්තෙත් නෑ..මට මතකයි එදා අප්පච්චි බල කරලා දොස්තරගෙ සාක්කුවට මොනවද දානවා..ඉතින් මං ඇස් ඇරලා හිටියෙ නෑනේ පලවෙනි දවසේ..ඒ නිසා මට බලා ගන්න බැරි උනා මොනවද දැම්මෙ කියලා..

ඊලගට මං ඉපදිලා දවස් 3 පැට 8කින් විතර මං මේ ලෝකෙ තනි වුනා.. අප්පච්චි ඊට තුන්මාසෙකට පස්සෙ වෙන ගෑණු කෙනෙක් එක්ක දීග ගියා..මට කාත් කවුරුත් නැති වුනා.. මාව බලා‍ගත්තෙ අපේ ගෙදර වැඩට හිටිය කුසුමා නැන්දා.. උදේම ගිහින් එළකිරි අරගෙන ඇවිත් රත් කරලා බෝතලේකට දාලා මට දෙනවා මට මතකයි.. මගේ ලෝයර් අංකල් හොද නිසාත් අප්පච්චි වෙන දීගෙක ගිය නිසාත් මට දේපල ඔක්කොම හම්බ උනා.. අප්පච්චි ලෝයර් අංකල් ගෙන් බෙන්ස් කාර් එක ඉල්ලගෙන තිබ්බා.. ඒත් කමක් නෑ.. මට සහ ගෙදර පාවිච්චියට Audi quattro එකක් තිබ්බා.. ඒකෙ පිටි පස්සෙ හොදට ඉඩ තිබ්බ නිසා මැණිකා පොලට යද්දි මාවත් එක්ක යනවා.. අපි බඩු ගොඩාක් අරං එනවා කාරේ එකේ.. ඒ කාලෙ පොඩි ළමයි කාර් එක අත ගාන්න හරි ආසයි.. අපිට විතරයි මුලු ගමටම කාර් එකක් තිබ්බෙ..මැණීකා එයාලට බැනලා එලවනවා කාර් එක අතගානවා කියලා.. මං පොඩි කාලෙ ඉදලා ගොඩක් නිහතමානී..ඒ නිසා එයාලට කාර් එක අල්ලන්න ඉඩ දීලා මං ඉන්නවා.. මැණීකටත් කිව්වා බනින්න එපා කියලා..මං පොඩි කාලෙ ගොඩක් නිහතමානී කියලා මං දන්නවා.. හැබැයි කවුරුත් කියලා තිබ්බෙ නන් නෑ අද වෙනකං..

ඔහොම ගමේ ජීවත් වෙලා මාව කොළඹ ඉස්කොලෙට ආවා.. මං හිටියෙ බෝඩිමක.. ඒ කාලෙ මං තනියෙන් උයාගෙන කෑවෙ.. ඒ කෑම හරි රසයි.. හැබැයි කාපු ගොඩක් අය නන් එහෙම කිව්වෙ නෑ.. ඒත් පිගානට බෙදුවම හරි ලස්සනට තියනවා.. ඒ කාලෙ මට ආසාවක් ආවා පොටෝ ගහන්න..ලංකාවට කැමරා ඇවිත් තිබ්බ ‍නෑ.. මං අපේ රට ඉන්න අයියට කියලා යැව්වම එයා මට Nikon f3 කැමරාවක් එව්වා.. ඒක තමයි අපේ ඉස්‍කෝලෙටම ගෙනාපු පලවෙනි කැමරා එක.. මට සල්ලි තිබ්බා නිසා ඒ කැමරාවෙන් හැමතැනම පොටෝ අරං එව්වා සුද්ද කරලා මුලු හොස්ටල් එක වටේම ගස්වල එල්ලුවා.. ෂා ඒ කාලෙ ආයෙත් එනවා නන්.. මේක මං මේක ලියද්දි මගේ ඇස් වලට කදුළු එනවා.. බොරු නන් මේ බලන්න.. මේ.. ඔයාල දැක්කා නේද..

ඊට පස්සෙ මට උවමනාවක් ආවා ෆෝන් එකක් ගන්න.. මොකද අපේ ලොකු අයියා රට ඉදන් ලංකාවට එද්දි එහෙම එකක් අරගෙන ආවා.. මං එදා තමයි ෆෝන් එකක් දැක්කෙ.. ඉතින් මං අයියාගෙන් ඒක ඉල්ලුවම ඒක මට දීලා ගියා..ඒක motorola dynatac 8000x එකක්.. ඉස්සර වතුර බෝතලේ එල්ලං ගිය මම පස්සෙ ඒ ෆෝන් එක බෙල්ලෙ එල්ලං යන්න පුරුදු උනා.. අපේ ඉස්කොලෙ විදුහල්පතිතුමා උදෙන්ම එනවා මං ලගට ඇවිත් මගේ ෆෝන් එක අතගාල බලලා යන්න.. කවදාවත් ඒකෙන් කෝල් කරන්න මට බැරි උනා.. ඒත් මං ඒක එල්ලං හැම තැනම ගියා.. මට මතකයි දවසක් ඉස්කෝලෙදි අපේ ටීචර් කෙනෙක් ඒක දොරට තිබ්බා අඩේකට.. එදා මට මතකයි දොර සද්දෙට වැහෙන් නැති නිසා අපි කිසි කරදරයක් නැතුව මුලු පාඩමම ඉගන ගත්තා..ටික කාලයක් යද්දි සල්ලි තියන ගෑණු ළමයිගෙ ගෙවල් වලට මං කෝල් ගත්තා.. අරගෙන කතා කරා.. මං කිව්වා මං හරි ලස්සන සුදු සික්ස් පැක් තියන හැන්ඩ්සම් කොල්ලෙක් කියලා..කෙල්ලො මාව බලන්න ඕනි උනාම මං පහල තේ කඩේ සමන් අයියා බොඩි බිල්ඩින් තරග වලට ගියාම ඌත් එක්ක ගිහින් උගෙ මූණ නැතුව පොටෝ ගහලා කෙල්ලංට යවනවා.. කෙල්ලො ඒවට පිස්සු වැටිලා මාත් එක්ක කතා කරනවා.. මට හරි සතුටුයි එතකොට..මට ඒ සතුටම ඇති නොකා නොබී ඉන්න උනත්.. පස්සෙ බලන්න යද්දි අලුත්ම බෙන්ස් කාර් එකකින් යනවා.. එතකොට මං කැත උනත් කාර් එකට ආස නිසා කෙල්ලො එනවා මාත් එක්ක ඇවිදින්න යන්න..

මං ඉගන ගන්න හරි දක්ෂයි.. හැබැයි ඕ ලෙවල් විතරයි පාස් වෙන්න පුලුවන් උනේ.. ගමේ කුසුමා නැන්දා නන් කිව්වෙ මට ඇස්වහ වැදිලා කියලා.. මං ඕවා ගනන් ගත්තෙ නෑ.. මං සල්ලි දීලා ඉගන ගත්තා.. මොකද මට සල්ලි වලින් කිසි අඩුවක් නෑ.. මං ලෝකෙ වටේ ඇවිද්දා.. හැම රටිකින්ම සහතියක් ගත්තා මොනවා හරි දේකට.. මං උපාධිය ඉවර කරලා රස්සාවක් කරේ නෑ..මොකද මට සල්ලි තිබ්බා.. මං ඊටත් පස්සෙ ඉගන ගත්තා.. දැන් මම හොද රස්සාවක් කරනවා.. මට දැන් මාසෙකට ලක්ෂ 8ක් 10ක් විතර හම්බ වෙනවා.. දැන් මම මගේම ගෙයක් හදාගෙන තනියෙන් ජීවත් වෙනවා.. ඒත් මට කම්මැලි.. මෙහෙ මට එපා වෙලා.. දූවිලි පිරිලා පාරේ.. ගමේ අය නන් කොළඹ එන්න ආස ඇති .. මට නන් එපා වෙලා.. ඔයාල හිතන්න එපා සල්ලි තිබිලත්
පවතින සමාජයත් එක්ක එකතු වෙලා සතුටින් ඉන්න බැරි ගොං හරකෙක් කියලා මම..මට ඕනි සල්ලි නෙමේ.. සල්ලි වැඩක් නෑ කියලා මං අහලා තියනවා .. එත් සල්ලි පස්සෙම මාත් දුවනවා..මේ මගේ ගේ ඉස්සරහා පාර..
යාල නන් කියයි හරි ලස්සනයි කියලා..ඒත් මට මේක දැකලා එපා වෙලා.. මං ආස නෑ මෙහෙ ඉන්න.. මට මෙහෙ ඉන්න බෑ..

මට ඕනි ගමට යන්න.. ගමේ ගිහින් කුරුළු සද්ද අහගෙන ඉන්න.. කුසුමා නැන්දා හදන කෑම කන්න.. හැමදාම මැණිකා එක්ක ගිහින් පොලෙන් බඩු ගේන්න.. මට තියනවා ගමේ තේ අක්කර 60ක්.. ඒ කන්දෙ අනිත් පැත්තේ පොල් අක්කර 20කුයි රබර් අක්කර 10කුයි.. ඉතුරු අක්කර 5 පලතුරු ජාති වවලා තියනවා.. ‍ඒවා අපි කඩන්නෑ.. ඒවා සත්තුන්ට දීලාතියෙන්නේ.. මං ඒ තරං නිහතමානී කෙනෙක්.. මං තරං නිහතමානී කෙනෙක් මේ ලොකෙ කොහෙවත් නැතුව ඇති.. අනේ මට ගමට යන්න ඇත්නම්.. ඒ සුන්දර ගම මතක් වෙද්දි මගේ ඇස් වලට කදුළු එනවා..ඒ ඇති.. මට තවත් ලියන්න බෑ.. අකුරු බොඳ වෙලා ගිහින් දුක වැඩි කමට.. මං යනවා යන්න..ඇති ලිව්වා.....


Sunday, June 24, 2012

මං මැරුන දවසකට

මං මැරුනාම
මගේ මිනිය උස්සන් යන්න
හය දෙනෙක් මදි වේවී..
නමුත්
හය දෙනෙකුට බැරි නන්
එදාට වත් මගේ මිනියට උර දෙන්න
මං දනිමි
පෝලිමක් මග බලං ඇති බව
උන් මට ආදරේ ඇති නිසාවෙන් නොව
මගේ මිනියට උර දීමන්
උන් සතුටු නිසාවෙන්
උන් ‍උර දෙනු ඇත
මගේ මිනිය පස් වලක් තුල සැගවී යන තෙක්ම
මා මිය ගිය පසු
ඒ මිනී වලටම
රතු රෝස මල් පෙති
ඉසිනු ඇත දෙනෙතින් තෙමා යන කඳුළු බිදු සමගින
නමුත් මා දනිමි
ඒ කඳුලු බිදු මා නිසාවෙන් නොවන වග
තවත් එක සමුගැනීමක
එකම එක පිටුවක් සදාතනිකව ලියවෙනා වග...
මා ඉදින් මා මිය ගිය පසු
තවත් කුමකටද මා නමින්
හෙලනු කඳුළු බිදුවක්
එනු මැන
හෙලන්නට නොව කඳුළු බිඳුවක්
කන්න වට්ටක්කා සමග
තවත් එක බත් පොඩ්ඩක්...........

Sunday, June 17, 2012

ආදරය සහ අරක්කු....












ආලයත් මත් වතුර වැනිය
ලබන විට මත් වන
මත්වී අසිහියෙන් අතරමං වන
මත් බව තුලින් ජීවිතය දකින
සුන්දර සිහින ගොන්නක පැටලෙන

මිය යන බවත් සිහි වන
එකම සිහිනයක ගිලෙමින් මිය යන

මත් වතුර සහ ආලය.....

නොමැති විට මත් බව
වේදනා දෙන ගත සිත
මිල මුදල් නැතිවුන හිස් පොකට්ටුව
සිහි කරයි මත් බවින් සිටි බව......

දිවුරමි..
නැවත කිසි දිනක මත් නොවන වග
අමතකව යයි දවස් දෙක තුනක් පසුවට
දිවුරුවුද පෙර දිනක එලෙසට
නැවත සිත යයි
මත් බවට පෙර ලෙස..

ඉදින්.. ආදරය සහ මත් වතුර ??....


Wednesday, June 6, 2012

අදකාලෙ මිනිස්සු පටාචාරා කාලේ හිටියා නන්

අද කාලේ කේලං සිංහලෙන් කියන ගොසිප් කියන එව්වා පැතිරිලා යන විදිහට මේ වගේ අය පටාචාරා මහත්මියට ඇබැද්දිය වෙච්ච කාලෙ හිටියා නන් මොනවා වෙයිද කියලා මං මේ කල්පනා කරේ.. මටත් ඉතින් කල්පනා නොකර ඉන්නම බෑනේ..

දැන් ඔය පටචාරා මහත්මියට ඇබැද්දි ඔක්කොම වෙලා ගමට ආවම ගමේ ගෙදරත් පිච්චිලා ලුනේ.. ඉතින් තනිකඩ පිරිමි අය මග බලාන ඉන්නැති එක රැයක නවාතැන් පහසුකමක් දෙන්න..ඔය අතරේ අවංකව දුක හිතිච්චි එකෙක් පිරිමි එකෙක් (මොකද ගෑණියෙක්ගෙ කරදරයකදි ගෑණියෙක් පිහිට වෙන්නෑ.. තවත් වල කපන එකනේ කරන්නේ ) කතා කරලා ඔයා බුදු හාමුදුරුවො ලගට යන්න කියලා කියන්නැති.. ඒක දැකපු ගමේ මිනිස්සු කතා හදයි අන්න අරූ නන් ඒ ගෑණිටත් ටෝක් කරගත්තා.. ෂුවර් එකට අද රෑට ගෙදරට ගෙන්න ගනී කියලා.. ඒ මිනිහගෙ ගේ වටේට ගමේ මිනිස්සු රෑ වෙනකං වට වෙලා බලාගෙන ඉදී පටාචාරා ගෙදරට එනකං.. දැන් කාලෙ ඉන්න අයටත් ඕප දූපයක් නන් කන්න බොන්න නිදියන්න ඕනිම නෑනේ..

ඊලගට බුදු හාමුදුරුවො ලගට ගියා කියමුකෝ.. ඉතින් බුදු හාමුදුරුවො කියනවනේ කිසිම මිනිසෙකු නොමල ගෙයකින් අබ ටිකක් අරං එන්න කියලා. ඔන්න ඉතින් පටාචාර ලගම තියන ගමට යන්නැති..ගමට ගිහින් ඉස්සලම යන්නැති කඩේට.. මොකද කඩේ අබ තියනවා කියලා ෂුවර්නේ.. කඩේ මුදාලිලා මාර්කටින් පාරකටත් එක්ක ටිකක් වැඩි වෙලා කතා වට අල්ල ගත්තයි කියමුකෝ.. මුදලාලි හාමිනෙත් ඕං පොර දදා කතාව අහගෙන ඉන්නැති..දැන් ඔතනින් වැඩේ කෙරෙන්නෑ කියලා දැනුන නිසා පටාචාරා කොන්ඩෙ කඩාගෙන ඇදුම් බාගෙට ඇදගෙන වීදියට බැහැලා දුවන්නැති.. මේක දකිනවා ලිඳ ළග සංගමේ කාන්තාවක්.. ඔන්න ඉතින් හවස දිය නාන්න යන කාන්තාවො ටික සෙට් වෙනවා ..දැන් කතා වෙයි

මාර සීන් එකනේ.. අර එහාගමේ පටාචාරා.. අපේ මුදලාලියගෙ කඩේ ඉදලා ඇදුම් බාගෙන ඇදගෙන එලියට බැස්සනේ..
නෑහ්.. ඒකි මාරයි නේ. මිනිහත් මරා ගත්තලු නේ.. ඒකිගෙ පවුකාර කම..

ඔන්න ඔය කතාව ලිඳ ළග ඉන්න අනිත් ගෑණු ටිකත් අහගනී.. පස්සේ ගෙවල් වල ගිහින් මිනිහට ගිහින් කියයි..

අන්න පටාචාරා මිනිහ මරා ගත්තා මදිවට මුදලාලියා එක්කත් සෙට් වෙලාලු.. තමුසෙ එහෙම ඔය ගෑණිත් එක්ක කතා කරනවා නෙමේ..

මිනිහත් ඔව්වා අහගෙන ඉදලා පාර තොටට බැහලා යාලුවෙක් සෙට් උනාම..

මුදලාලිය නන් මරු බඩුව ඕයි. පටාචාර කොහොම හරි ඉස්සුවා නේ.

නෑහ්.. සික්.. අපේ ගෙදරටත් ඇවිත් අබ ටිකක් ඉල්ලුවනේ මං නැති වෙලාවේ... අපරාදේ. සුවර් එකටම මාව හොයං එන්නැත්තේ...

ම්ම්ම්ම්..


ඔන්න ඔය කතා ගමේ පැතිරෙද්දි පටාචාරා නොමල ගෙයකින් අබ හොයාගන්න බැරුව සංසාරෙ කලකිරිලා ආපහු දුක් මූණෙන් ගම මැද්දෙන් එද්දි.. කට පියාගෙනම ඉන්න බැරි එකෙක් එයාගෙන් අහයි..

ඇත්තද ඔයා මුදලාලියා එක්ක බුදිය ගත්තා කියන්නේ.. ඔයා නන් මාරයි ඇ..
(මොකද අනුන්ගෙ වැරදි වැඩිපුරම හොයන්නේ තමන්ට ඒ වගේ දෙයක් කරන්න ආසාවෙන් ඉන්න නිසාලු.. ඔය අපි අතින් වැරැද්දක් උනාමත් අපි කරන්නේ ඒ වගේ වැරදි කරපු තව අය ගැන හොයලා බලලා එයත් කරා නන් මං කරාට අවුලක් නෑ කියලා හිත හදාගන්න එකනේ..)

පටාචාරාට නිකං පිස්සු වගේ හිතෙන්නැති මේක අහලා..

දෙවුරම් වෙහෙර පෙනී පෙනී පටාචාරා ගෙල වැල ලා මිය යයි කියලා ගොසිප් සයිට් එකක යයි... ඒ මරණෙ වෙනුවෙන් පිංකං කරන්න මිනිස්සු ගොඩක් එයි.. පටාචාරා ගැන හොද කියයි.. ටික දවසකින් ඔක්කොම අමතක වෙයි...

Tuesday, May 29, 2012

මගුලක් අඩුවට ගන්නා හැටි

මේ මගුල් කාලෙනෙ.. ඉතින් දන්න කියන ගොඩක් අය පිලිවෙලකට කසාදයක් කරගන්නෙ මේං මේ කාලෙ තමා..ඔය අතරමනේ මං නිතර දකින ඩයල් එකක් වෙච්චි මාර්ක් සකර්බර්ගයත් මගුලක් කර ගහ ගත්තේ.. අන්න මිනිස්සු.. සද්ද වහලා ගෙයි පිලිකන්නට ගිහින් මගුල කෑවා.. සික්... ඌ අරක්කු සුට්ටක්වත් බොන්න දීලා නැතුව ඇති.. දැන් ඕක දැකපු ලංකාවේ අය කියනවා සෝයි වෙඩිමක්ලු ඒක.. ඒක සෝයි වෙන්න පුලුවන් උන්ට.. ඔය ඒ මගුල සෝයි කියන ලංකාවෙ එකෙක්වත් ගෙයි පිලිකන්නෙ ඔහොම මගුල් කන්නෑ කියලා මට සුවර්.. ලංකාව වගේ අපෙරදිග සංස්කෘතියක් තියන රටක ඔය වගේ හොරෙන් මගුල් කන සිරිතක් නෑනේ.. අපෙරදිග මිනිස්සු මගුල් කන්නේ මුලු රටටම කියලා තමා.. ඕං ඒකනේ ඉස්සර කාලෙ කියන්නේ හත් දොහේ මගුල් කනවා කියලා.. මුලු ගමටම කියනවලුනේ..දැන් කාලෙ ගමට තියා නෑයොන්ට කිව්වට පස්සෙ ‍අල්ලපු ගෙදරටත් මගුල කියන්නෙ හෙන ගේමක් දීලා නොවැ..

ඇයි හත්දෙයියනේ දැන් බත් වේලක් දෙන්න රුපියල් 3000.00 ක් වත් නැතුව ‍බෑනේ.. මේ කොහෙ තියන සල්ලියක්ද අප්පා.. 200යකට කිව්වත් ලක්ෂ 6ක් යනවා.. කැමරා අල්ලන එකාටයි අන්දන්න එන එකාටයි රත්තරං බඩු වලටයි.. මොන මල ඉලව්වක්ද.. ලක්ෂ 10ක විතර යනවා ඔය කියන විදිහට බැලුවොත්.. මොන හත්තිලව්වකටද අප්පා ඔච්චර වියදං කරලා මගුල් නටන්නේ..අනිතිමට ණය වෙලා මගුලක් අරං ඒකට ඇවිත් සැපට කාල බීලා යන උන්ම පස්සෙ කියනවා මොන මගුලකට එච්චර වියදං කරාද මන්දා කියලා.. සතපහක් වියදං කරලා ගල් අරක්කු සුට්ටක් නොබොනො උන් මගුලට ඇවිත් රට අරක්කු හොයනවා.. හලේ මෙහෙවු ලංකාවක්.. ඔය අරක්කු කේස් එකෙත් මගුලට අරක්කු නෑ කියලා වැඩියෙන්ම කියවනවා කියන්නේ ජීවිතේට සත පහක් වියදං කරලා අරක්කු ටිකක් බොන්නැති උන්ලුනේ.. උන් මගුලට එන්නෙ පිනට අරක්කු සුට්ටක් බීලා යන්න වෙන්ටැ..

හරි දැන් ඉතින් දැන් නොකෙරන මගුල් කියවලා වැඩක් නෑ නේ.. දැන් අපි බලමු කෙරෙන විදිහට අඩු වියදමට මගුලක් නටන්නෙ කොහොමද කියලා..දැන් ඔය මගුල් නටද්දි මනමාලියයි මනමාලයයි මහ රෑ ජාමේ 12 විතර ඉදං අන්දන්න පටං ගන්නවනේ.. කොහොමත් මගේ සුට්ටං දැනුමෙ හැටියෙට පාන්දර 4 5 වෙද්දි ජෝඩුවම මගුලට ලෑස්ති වෙලා නොවැ ඉන්නෙ..

ඉතින් දැන් පාන්දර 4 ඉදං දෙන්නා එක්ක ලෑස්ති වෙලා ඉන්න එකේ පෝරුවෙ මගුල ගන්නවා පාන්දර 7ට විතර.. එතකොට පොටෝ ගන්න උන්දැටත් උදේ පැය තුනක්ම තියනවනේ..ඉතින් උන්දැගෙ පුරස්නත් එතනින්ම විසද ගන්න පුලුවන්.. ඊට පස්සේ පෝරුවෙ මගුල් 7.20ට ඉවරයි.. ඔන්න දැන් පොල් බිදලා පහන් පත්තු කරලා කිරිබත් කපලා ඔය නැටුම් සේරමත් නැටුවට පස්සෙ වෙලාව 7.45 වෙයි.. ඊට පස්සෙ යනවා නෑයොන්ට කතා කරන්න.. මුපු හෝල් එකේම නෑයොන්ට කතා කරලා ඉවර වෙද්දි 8.45 වෙයි...

8.45 ට යනවා කෑම මේසෙට..මොනවද එතකොට කෑම මේසෙ තියෙන්නේ..
කිරිබත්
නූඩ්ලස්
රතුකැකුළු බත්
ඉදි ආප්ප..
පාන්
ආප්ප
පිට්ටු
චීස්
බටර්
අල හොදි/පරිප්පු/ මාලු/ මස්/පොල් සම්බෝල /ඕනිම නන් කම ඔය මොනවා හරි දාගන්න බැරියැ....(ආහ් කොහොමද මෙනූ එක ඇ.. )
තව.. කැවුම් කොකිස් අරවා මෙව්වා ඩෙසට් එකට.. ඕනිම නන් පලතුරු තියන්න පුලුවන්..

ඔන්න ඔය කෑමෙ මෙසෙට ගියා.. ජෝඩුව කෑවා බඩ පැලෙන්න.. ඊට පස්සෙ සුට්ටක් නටන්න පුලුවන් කස්ටියටම.. උදේ දහය වෙද්දි මගුල ඉවරයි...ඊට පස්සෙ ජෝඩුව යනවා පොටෝ ගන්න.. පොටෝ අල්ලන එකාට පුලුවන් ඇති වෙනකං පොටෝ ගන්න දවල් වෙනකංම..එතකොට ඒකත් හරි...

දැන් බලන්න මේක කොයි තරං වාසි ක්‍රමයක්ද..
මගුලෙ වියදමෙන් තුනෙන් එකක් ඉවරයි.. ඒ කිව්වේ ඔය කෑම මේසෙට වියදම එක්කෙනෙක්ට 1000ක් ගියත් අවුලක් නෑ.. 200ක් ආවොත් ලක්ෂ දෙකෙන් ගොඩ...

මගුලට එන අයට රස්සාවල් වල නිවාඩු දාන්න ඕනි නෑ.. ෂෝට් ලීවු දාල ආව නන් දවල්ට වැඩට යන්න පුලුවන්..

ජෝඩුවට හනිමූන් ගිහින් මහන්සියට නිදා ගන්න ඕනි නෑ.. එදාම වැඩ අල්ලන්න පුලුවන්..

බොන්න නෑ කියලා කවුරුත් කියවන්නෑ.. මොකද උදේ පාන්දර බොන්නෑනේ.. අනික දවල්ට වැඩට යන්නත් තියනවනේ.. ඒ නිසා ඒ අවුලත් ඉවරයි..

ලාබයි ලේසියි පහසුයි.. එන්න. ඔබත් අදම මගුලක් ගන්න...


Thursday, May 24, 2012

පෙම් බැඳි රුවට

මිහිදුම් සළුව වසාගෙන
ඈත තුරු මතින් ඇදීඑන
සීතල පවන් රැළි රෑනක
එතෙන්නට ඇත්තම් නුඹ සමග තනිවම

පායනා නීල තරු දහසක
වෑහෙනා සඳ කැළුම් අහසක
සතපවා නුඹ සේද යහනක
විදින්නට ඇත්නම් නුඹ සමග තනිවම

රැළි ඇදී යන වෙරළ අද්දර
ගංතෙරක විල් උයන් පත්තුර
හිනැහෙනා නෙතු පියන් අභියස
ඉදින්නට ඇත්තම් නුඹ සමග තනිවම







පිංතූරෙ ගත්තෙ මෙතනින්.. http://julian.35photo.ru/photo_299622/

Wednesday, May 23, 2012

ඇය සමග නැවතුමක... !!!!!!

ඉඩෝරයට වියළී ගිය සියඹලා ගස් අතරින් බිම වැටුන දුඹුරු පාට සියඹලා කොල දුහිවිලි සමග හාද වී පලසක් මෙන් වැටුන පාර දිගේ ඉර බැහගෙන යද්දි ඇවිදගෙන යන එක හිතට අමුතුම සැනසිල්ලක්. ඒ පාරෙ දිගේ කෙලවර තියන වැව් තාවුල්ලෙ හැම දාම මඩ තලන්න එන මී හරක් රංචුව අදත් අලස ගමනින්මා පසු කරමින් යන්නට විය..වෙනදා වගේම වැව් තාවුල්ලෙ පණ අදින විදානෙගෙ ඔරු කඳ රන් හිරු එළිය වැටීමෙන් දිලිසෙන්නට වූ අතර සුපුරුදු ලෙස ඔරු කඳ මත හිඳ ගත් මා බැස යන හිරු සමග සුපුරුදු මනෝ ලෝකයට ගොඩ වුනෙමි.
ඝෝෂාකාරී පරිසරයකින් වට වුන නගරකට උරුම්කම් කියන මා ජීවිතයේ ලද පරාජයන් අභියස තාවකාලික සහනයක් සොයා ගෙන කටුක පරිසරක වුවද සුන්දර මනරම් රටා මවන වැව් තාවුල්ලට මා පෙම් බදින්නේ ඇයි දැයි මා නොදනිමි. රාත්‍රිය උදා වීමට පෙර නිවස කරා ඇදී යන සිය‍තුන් රෑන් අහස මත අදින රටාවන් රන්වන් ඉර එලිය මතින් තවත් ‍වර්ණවත් විය.තාලයක් නැතුව අපිලිවෙලකට පොලව තෙමාගෙන යන දිය රැළි අරමුණක් නැතුවම හැමදාම ගොඩට ඇවිත් යනවා.. ඒක මගෙ ජීවිතය වගේමයි. අරමුණක් නැතුවම හැමදාමත් ජීවත් වෙනවා..

මහත්තයා වැවක් හදන්නද යන්නෙ...? ....... මා පිටිපසින් පැමිණි කටහඩින් මා පියවි ලෝකයට වන්නෙමි...

මිනිස්සු නෑ නේ හදන්න.. නැත්තං හදන්න තිබ්බා...

ඇයගේ සිනහව පිරි නෙත් මානයෙන් මිදී නැවතත් වැව ඉහත්තෑවෙන් ගිල යන හිරු දෙස බලා ගන්නට විය.. වැව මැද පිහිටි කෝටු පමණක් ශේශව ගිය වෘක්ෂයක හිඳ වුන් කොක්කු රෑනක් එක්වරම අහස් කුස වෙත නැගෙන්නට විය..

මං මේ දවස් ටිකේම දැක්කා මහත්තයා මෙතන ඉන්නවා..

මං ආසයි මෙතනට..

ජීවි‍තයෙන් පැනලා යන්නද මෙතනට එන්නේ...

වික්ෂිප්තව ගිය මා ඇය දෙස බලා සිටියෙමි... සිනහව පිරුන විට වල ගැහෙන රවුම් මුහුනකට උරුම්කම් කියූ ඇ සැබවින්ම සුන්දරය..

ඔයාගෙ නම මොකක්ද...

නයනී..

ම්ම්ම්.... වෙන්නැති..

ඇයි.........
ඇස් දෙක දැක්කම හිතුනා....

මං අහලා තියනවා මහත්තයා කවි ලියනවා කියලා

කවුද කිව්වෙ..

මැණිකා කිව්වා.....

ම්ම්ම්ම්...

ඇතින් හමා යන සුලගත් බැසයන හිරු එලියත් ඇයගේ සුන්දරවත්වය වැඩි කරන අතර ඇය දෙස මා නෙතු යොමා තබන්නට මා සිත් නොදෙන්නේ මන්දැයි මා නොදනිමි..

ජීවිතයට බයයි නේ

ඇයි

ඔය තරං හැංගෙන්නෙ

හැංගන්න ජීවිතයක් නෑ මට

හැංගෙන්න ජීවිතයක් නැත්නම් ඇයි පැනලා යන්නේ...

නවතින්න බැරි නිසා.....

නවතින්න බය නිසා වෙන්නැති... ඇය සැබැවින්ම කටකාරියක යැයි මට සිතුනි..........

මහත්තයා ආදරේ කරාද......

ඔවු ඇයි..

නෑ ආදරයට බයයි කියලා ඇස් කියනවා..

ම්ම්ම්.. ඇස් කියවන්නත් දන්නවද......

පේන දේ දකිනවා........

ජීවිතයේ ලැබෙන්න බොහොම ටිකයි.. නොලැබෙන දේ බොහොම දිගයි.....

වෙන්නැති....... ඒ නිසා නොලැබෙන දේවල් පතන්නෑ....

පතන් නැත්තං ‍ලැබෙන දේත් ලැබෙන එකක් නෑ ....

පැන යන දීවිතයට ලැබෙනා දේ අත්හැරීම මුලාවක් යැයි නොයෙක් වර මා සිතා ඇත්තෙමි. නමුත් ලගා කර ගන්නට නොහැකි අරමුණු තුල අත්හැරීම හැර අන් දෙයක් ඇත්දැයි සිතන්නට මා සිතට සවියක් නැත්තෙමු.....

අත්හැරීම දිණුම නෙමෙයි
වෙන්නැති....
ආදරය අමුතුයි.... හැබැයි ජීවිතය නෙමෙයි.. ජීවිතය අමුතු නෑ....
ඇයි.....
ජීවිතයෙන් පැනලා යන්න බෑ...... මුණ දෙන්නම ඕනි...
ඔයා දන්න දේවල්..

දෙතොලින් පමණක් සිහන වූ ඇය මා සමගම ඇත බලා ගන්නට විය..

මහත්තයා ගෙදර යන්න...

ඇයි ??

ජීවිතය හොයා ගෙන යන්න.. නැවතිලා බලාගෙන ඉදලා වැඩක් නෑ

හොයන්න ජීවිතයක් නැත්තං ?

හොයලා බලන්න.. ජීවිතය හම්බ වෙයි....

සොයා යන ජිවිතයක අරමුණක් තිබිය යුතුය. අරමුණක් නැති ජීවිතයකට සොයා යා නොහැකිය.. මෙය කෙසේ හෝ වටහා ගත යුතුය..

මං යන්නං ... දැන් රෑ වුනා..

හරි... සමුදෙන්නද එහෙනන්.

සමුදෙන්න හමුවෙලා නෑ මහත්තයා.. ජීවිත ගමනෙ බස් එකක් එනකං අපි කතා කරා විතරයි....

ඇය දෙස බලා සිටිනු හැර අන් යමක් නොකීවෙමි..

යන්නං.....

සුභ රාත්‍රියක්.......



Tuesday, April 24, 2012

වැට කෙයියා ගාලේ........ නුඹ මට පිදුව ආලේ

වැට කෙයියා ගාලේ
නුඹ මට පිදුව ආලේ
ගෙදර ගිය වේලේ
බිමට දැම්මද ගලක් පල්ලේ

නුඹට දුන් මාලේ
බිල මේසෙ පල්ලේ
මාලෙ නුඹෙ බෙල්ලේ
වාරිකය ඇත තවම රාළේ

දියමන්ති මාලේ
අරූ දුන් වේලේ
අමතකව ප්‍රේමේ
ගියා සඳ පානේ

ඌත් මහ පාරේ
දියමන්ති ඇගෙ බෙල්ලේ
මටත් නැත මිතුරේ
ඌත් තනිවිය පාළු අදුරේ

Friday, March 23, 2012

හිත කියන කතාවක්.....

මම පාරක් දිගේ ඇවිදගනෙ ගියා
අරමුණක් තිබුනද මතක නෑ
තනියෙන් ගමනක් යන්න වෙන්නැති
මට මතකයි
ඒක හරි ලස්සන උදෑසනක්
හිරු රන්වන් පාටින් පායල තිබ්බා
මං ඇවිදගෙන ගියා
මං දැක්කා...
තුරුලෙ හිනැහෙමින් පෙම් කරන අය
ඉතින්...
පෙම් කරන්න හිතාගෙන නැවතුනා
පෙම දුර ගමනක් ගියා
මම තාමත් නැවතිලා
මග හැරුන තැන් පසු කරන්න හිතාගෙන
ආයෙමත් ගමනක් යන්න පිටත් උනා
ආසයි ආයෙත් පෙම් කරන්න
නවතින්න අමාරුයි.. මට බයයි නවතින්න
මග හැරුන බොහෝ දේ තියනවා මට ගන්න
‍මම පෙම් කරා
හැබැයි නවතින්න බැරි වුනා
මම ‍දුර ගමනක් ගියා
පෙම නැවතිලා බලාගෙන ඉන්නවා
මම ගොඩක් දුර ගිහින්...
නවතින්න අමාරුයි..
ඉර බැහැල යන්නත් ලගයි
හැම තැනම කළුවර වෙලා
එක බංකුවක් තියනවා
මට මහන්සියි.. ගොඩක් දුර ඇවිල්ලා
මම ඉදගත්තා ටික වෙලාවකට
බලා හිටියා.. දුර ඈත පෙනෙන ආදරය
ටිකක්වත් ලගට එයි කියලා
ගොඩක් වෙලා ඉදගෙන ඉන්න බෑ
ඉර අවරට ගියාම නපුරු සත්තු එයි
මට තනියෙන් ඉන්න අමාරුයි
සීතල සුලගක් හමාගෙන යනවා
සමහර වෙලාවට බය හිතෙනවා
මම මෙතනම මිය ගියොත් කියලා....

Thursday, March 1, 2012

මං යනවා... මාත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි....


සීත අහසෙ මල් යහනක
දේදුන්නක පිණි බිඳුවක
පායන රන් තරු දහසක
නුඹව සොයමි තවත් රැයක

පායන රන් විමන් යටින්
නීල නයන කැළුම් මැදින්
සියොත් නාඳ ගී අතරින්
නුඹ ගෙනයමි ලොවට හොරෙන්...

...........................................................................
නිදන නෙතු යුග දෙස
බලාසිටියෙමි...
නුඹ සිනාසෙනු ඇත..
මා දිහා බලාගෙන..
වැසු විමන් විවර නොකරම
නුඹ සිනාසෙනු ඇයිද..
දනීද නුඹ..
තවමත් මා නුඹ සමීපයේ..
සිටිය වග....

..........................................................................
නුඹ පෙම් කවිය විය
තාලය සොයා
අතරමං වුන
තවත් එක
කවියකුට.......

.........................................................................
නිල්වන් සේද ඇදි නුඹ ගත සරසාලා
රන්වන් නුඹ වතේ රතු තිලකය තියලා
දුටුවන් පිනවනා ඉග සොඟ නළවාලා
කැදවන් යන්න දෙනවද නුඹ මගෙ කරලා

........................................................................

මල හත්තිලව්වුවේ.. තොපිලට මතකද මං මල් සරාට යවපු ලිවුම.. මං ඌට ලියුමක් ලිවුවෙ අහවල් මගුලක් කරන්න හිතාගෙන නෙමේනේ.. අන්තිමේදි ඌ මටම කෙලින්න ආවනේ.. ඒ මගුල් ඔක්කොම ඉවර වෙලා මං උගෙන් සමාවත් ගත්තයි කියමුකො..එදයින් මෙදා සත්තයි මං ඌත් එක්ක අද වෙනකං කතාකරලා නෑ.. අනේ අම්මපා සත්තයි...


අර මහ පාන්දර කුකුලා අතේ අරං නැගිටගෙන ගිය මගුල තිබ්බෙ. අන්න එදා මට තාමත් මතකයි.. බිං කරුවල වැටිලා තිබ්බා මහ පාන්දර දහයට විතර.. සුදුම සුදු පාටයි මං ඇහැ ඇරලා බලද්දි.. මං ඌ වෙනුවෙන් නැගිට්ටා මිසක් සත්තයි වෙන ‍මි‍නිහෙක් නන් මං ඒ තරං උදෙන් නැගිටින්නෑ.. මල රෙද්ද අද ඔපිස් එකේ ඉන්ටනෙට් නෑනේ.. මේ ‍කුලියට ඉල්ල ගත්ත ඩොංගල් කට්ටකින් ලියලා දැම්නෙ නැත්තං හරි නෑ නේ..
තොපිලට ඉතින් මෝල් වගේ කට ඇරං බලං ඉන්නැතුව කල්පනා කරපල්ලකෝ මං මේ මොන අහවල් කෙංගෙඩියක්ද කියන්නෙ ‍කියලා.. හා ඇත්ත කියපං.. තොපිලට තේරෙනවද යකෝ මං මේ මොනවද කියන්නෙ කියලා..
මටත් තේරෙන්නෑ යකෝ.. තොපිලයට තේරෙන්නැත්තං අහවල් මගුලකටද යකෝ තවත් ඇස් ගෙඩි දෙක එලියෙ දාගෙන බලාගෙන ඉන්නේ.. ‍සික්.. හැටි විතරක් ‍තොගෙ.. ඊයා....

.............................................................................

ඔයාලට මං කිව්වට එහෙම අහක බලාගෙන යන්න එපා.. මං ඉස්සර ඉදන්ම කරේ ඔය වගේ බයිලා ලියපු එක.. ඔය උඩින් තියන හැම විදිහකින්ම මං බයිලා ලිව්වා..ඒවා ඔයාලා හැමෝම මෙලෝ රහක් නැති උනත් බැලුවා.. මට එක වෙලාවකට ඔයාල ගැන දුකත් හිතුනා. මං මොනවා ලිව්වත් ඔයාල කියෙව්වා..අද වෙනකොට පෝස්ට් 180 ක් විතර ලියලා තියනවා.. ඒ හැම දෙයක් එක්කම මාත් එක්ක හිටපු ඔයාලට ගොඩක් ස්තූතියි.. මං තීරණය කරා සමුදෙන්න.. මට දුකයි එහෙම කරන්න..ඒත් කරන්න දෙයක් නෑ.. ජීවිතේ එහෙම තමා.. හැම දෙයක්ම කාලය සමග නැති වෙලා යනවා..කාලය ගෙවිලා ගියාම ඒ හැම‍ දෙයක්ම අතීතය වෙලා.. එහෙම ගොඩ නැගුණු අවුරුදු දෙකක අතීතයක් අදට අවසන් වෙනවා...

එහෙනන් මට අවසරයි මට අදට මේ ලියමන නවත්තන්න...

මාත් එක්ක අවුරුදු දෙකක් පුරාවට රැදිලා හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි..අදට මං මේ බ්ලොග් කෙරුවාව පටං අරං අවුරුදු දෙකක් වෙනවා ඇ...

ආයත් කියනවා.. මා සමඟ මේ තරං දුරක් ආපු හැ‍මෝටම ගොඩක් ස්තූතියි..ඉදිරියටත් ඉතින් ඔයාලා මාත් එක්ක ඉදී කියලා මං හිතනවා.. ඔන්න එහෙම කරන්න ඕනි ඇ.........

ප/ලි...

මගේම සොහොයුරෙක් වගේ ඉදලා අද අප අතරින් වෙන් වී ගිය ඉලංදාරියා නොහොත් දිළුම් සහෝදරයව මතක් කරන්න ඕනි.. දිළුම්.. උඹට නිවන් සුව අත්වේවා.........

Monday, February 27, 2012

මං බලාගෙන ඉන්නවා...අරමුණක් නැතුවම..

හිතේ පාලුවට..
මුහුද දිහා බලාගෙන හිටියා
ඉර මුහුදේ ගිලෙද්දි
මං බලාගෙන හිටියා..
නුඹ ඇතට යනවලු...
රුවල් නැවකුත් පාවෙනවා පේනවා..
නුඹ ඈතටම යනවලු.. මට ඇහුනා..
මං බලාගෙන හිටියා...
නුඹ යන වග මහ මුහුද කියනවා ඇහෙනවා...
මං වැලි පො‍ළො‍වෙ රූපයක් ඇන්දා..
ඒ නුඹද.. නෑ
නිකං බලිකුරුටුවක් විතරයි..
ජීවිතය නැවතිලා.. හිස් වෙලා..
මං බලාගෙන හිටියා... ඔහේ පාවෙන රුවල් නැව දිහා...
හුලගට රුවල පිම්ඹිලා.. ඈතටම යනවා..
මං බලාගෙන හිටියා..
ඉර බැහැල ගිහින්.. කළුවර වෙලා...
අහස තැඹිලි පාටයි... ඒත් රෑ වෙලා..
මං බලාගෙන හිටියා...
අද දවසත් ගෙවිලා ගියා....මං තාමත් වෙරළ අයිනෙමයි..
ජීවිතය නැවතිලා.. මුහුදු රළ ඇවිත් යනවා..
ආයෙත් එනවා...
මං තාමත් බලාගෙන ඉන්නවා..
අරමුණක් නැතුවම...

Saturday, February 18, 2012

සීරියස් , ජෝකර්ලා සහ ගැහැණු


ඊයෙ සෙට් වීමකදි කතා කරපු දෙයක් පෝස්ට් එකක් විදිහට දාන්නෑ කියලා හිතං හිටියත් අපෙ වෙනී අයියගෙ මේ ‍පොස්ට් එක දැක්කම ඒක දැම්මනං හොදයි කියලා හිතුවා... අපේ සෙට් එකේ ඉන්නවා ජෝකර් කෙනෙක්.. ඌ හෙන සිරා මාතෘකාවක් ගැඹුරින් පැහැදිලි කරල දුන්නට පස්සෙ හැමෝම කිව්වෙ උඹ වගේ එකෙක්ගෙන් ඒ තරං සමාජය තේරුන් අරං ඉන්න එක හිතන්නවත් බෑ කියලා.. මෙතනින් පස්සෙ ඌ කියපු දේවල් ඌ කියපු විදිහටම මෙතනින් පසු..

අපි බීලා හිනා කතාවක් කියලා ආතල් එකට නැටුවට අපේ ජීවිතේම ජෝකර්ල නෙමේ බං... උඹත් බ්ලොග් එකක් බලලා අන්න මේ අරූ මෙහෙමයි කියලා හිතා ගත්තට ඇත්තටම එහෙම නෑනේ.. අපිත් එහෙම තමා...අපේ පිටින් දේට පේනවා වගේ අනිත් උන්ට ආතල් දෙන චරිතයක් උනාට උන්ට අපිට උන්ට වඩා ප්‍රශ්න තියනවා.. ඒ තියෙද්දිත් අපි හිනා වෙලා ඉන්නවා යකෝ.. අපෙ වැරැද්ද මොකක්ද.. අපි බොනවා.. නැතුව ගෑණු පස්සෙ යනවද.. නෑ.. එකක් තියාගෙන වෙන උන් එක්ක බුදිය ගන්නවද.. නෑ..ඒත් අපිට කෙල්ලො කැමති නෑ..ඇයි

අපි ආතල් දෙන නිසා යාලුවො වැඩී.. පිස්සු කියවන නිසා කෙල්ලො ඉන්නවා කතා කරන්න.. ඉතින් මොකක්ද පිටින් දකින මිනිහ හිතන්නේ..

මූ බෙද්දෙක්.. කෙල්ලො වටේට තියාගෙන ඉන්න වනචරයෙක්.. ඔන්න අපි ගැන හිතන හැටි.. ඉතින් අපි එහෙමද..

බලපං.. බොන්න අතේ සල්ලි නැතුව ගල් කාලකට බියර් ටිකක් දාල බොන්නෙ.. ඒකත් මාසෙකට එකයි නැත්තං දෙකයි.. ඉතින් ඔය ටික බොනවටනේ අපි බේබද්දො උනේ.. අපි බීලා වෙන මිනිස්සුන්ට කරදරයක් තැතුව සිංදුවක් කියලා නටලා ගෙදර ගිහින් නිදා ගන්නවා..

දැන් බලපං.. අපිට කොකා පෙන්නලා බැඳලා ගිහින් සිරීයස් කොල්ලො බැඳපු කෙල්ලො කීදෙනෙක් පිට යනවද.. අපිව හොයාගෙන කීදෙනෙක් එනවද.. ඇයි.. සිරියස් කොල්ලො කියන්නෙ හිතේ හැ‍මදේම හංගගෙන පිටට පේන්න බොරුවට රඟපාන අය.. උන්ගෙ ඇත්ත පේන්නෙ උන් එක්ක සෙට් උනාම.. ඒ අතින් අපේ කෙල්ලො වාසනාවන්තයි..

ඇයි යකෝ..අපි බීලා වැඩී වෙච්ච දවසට හරි කෙල්ලට ඇත්ත කියනවනේ... මම වෙන ගෑණු සෙට් උනත් යාලු වෙන්නෑ වෙරි වැඩි උනාම මගෙ ගෑණීට මගේ කටින්ම කියවෙයි කියලා..ඉතින් මගෙ ගෑණි වාසනාවන්ත නැද්ද..

ගෑණු හිතන් ඉන්නේ ඔය සිරියස් මූඩ් අය හෙන සිරා කියලා.. ඇති බම්බුමකටද බං සිරීයස් වෙන්නෙ... මෙතන බොන්න සෙට් වෙලා අරක්කු හොයා ගත්ත එකා ගැන කියවලා වැඩක් නෑ නේ..

දැන් හිනා ‍මූණක් නැති කෙල්ලෙක්ව ජීවිතේට දැක්ක නැති වගේ ඉන්න අයෙනේ යකෝ වැඩියෙන්ම කෙල්ලො තියාගෙන ඉන්නෙ.. හා නැද්ද.. හැබැයි කවුරුත් උන්ට මුකුත් කියන්නෑ.. උන් සිරා.. අපි ජෝකර්..

මොනව උනත් මාව දාල ගිය කෙල්ලො කීයක් ආපහු මං ලගට ආවද.. මං ගත්තද .. නෑ.. උන් ගියා නන් ගියා.. යද්දි ‍දුන්න ටෝක් කොහොමද..
ඔයාට ජීවිතේ ගැන වගකීමක් නෑ.. අරයා එහෙම නෑ.. එයා සීරියස්.. ඔයා වගේ ජෝකර් කෙනෙක් නෙමේ.. ඔයත් එක්ක ජීවත් වෙලා මට අනාගතයක් නෑ. ඔන්න දුන්න ටෝක්..

දැන්.. මහ රෑට කෝල් කරලා අඩනවා.. අරයා මට ආදරේ නෑ.. ඔයා වගේ මාව හිනස්සන්නෑ.. එයාට ආදරේ කරන්න තේරෙන්නෑ.. එයා නීති දානවා...

මුන්ට යන්න ඕනි උනාම යන්න දෙන්නයි.. එන්න ඕනි උනාම ආපහු ගන්නයි උන් අපේ කවුද.. ගිය එකා හිංදි නිළියක් උනත් වැඩක් නෑ.. යන ගෑනි ආයෙ ආවත් පිට යනවාමයි.. පිට යන ගෑණි කවුරු ගත්තත් පිට යනවාමයි..ඉතින් බං ඔක තේරුං ගන්න බැරි සමාජයකනේ බං අපි ඉන්නේ..

ගෑණු සැක කරනවා.අපේ ගෑණු අපිට බනින්නෙ බොනවට විතරයිනේ.. වෙන ගෑණු එක්ක ගියා කියලා කවදාවත් සැක කරන්නෑනේ.. ගියා කියලා ආරංචි උනත් පිළිගන්නෑනේ..

දැන් බලපං.. අර දිගාගෙ ගෑණි.. ඌට ෆේස් බුක් යන්න බෑ.. කොල්ලෙක් එක්ක සෙට් වෙන්න දෙන්නෑ..රට ඉදං එවපු සත පහක් අතේ නෑ..අම්මලා ඌත් එක්ක තරහයි..කිසිම නිදසහක් නැතුව බලු කුක්කෙක් වගේ බලා ගන්නවා..

එදා දැක්කනේ ඌට බත්තරමුල්ලෙදි වෙච්ච දේ...අර ඉන්ජා හෝදන්න ගෙනාපු රෙදි බැග් එක දැකලා අපිට කියපුවා මතකනේ.. තොපිලා මගෙ මිනිහත් ඇදගෙන වේස කමේ යනවා .. කියලා බැන්නා මතකනේ.. අර බත්තරමුල්ලෙ පෙට්‍රල් ෂෙඩ් එක ඉස්සරහා..ඉතින් ඔය වගේ අවලං කටක් තියන ගෑණියෙක් බැඳ‍ගෙන මොකටද බං...යාලුවො ඔක්කොටම නෝන්ඩි.. ඌටත් නිදහසක් නෑ.. අහවල් රෙද්දකට ඉන්නවද මන්දා ඩිවෝස් වෙන්නැතුව..

ඒ අතින් අපි වාසනාවන්තයි යකෝ.. මොන රෙද්ද උනත් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්නවා..

ගෑණු කැමති නැත්තෙ මිනිහව බෙදා ගන්න විතරයි බං.. අනිත්වා ගෑණුන්ට ප්‍රශ්න නෙමේ.. මට අනිත් උන් මොකා කිව්වත් මං වෙනස් වෙන්නෑ.. මං එදත් ජෝකර් අදත් ජෝකර් හෙටත් එහෙමයි.. හැබැයි මගෙ ජීවිතේ කියන්නෙ ඊට වඩා ගැඹුරින් හිතන දෙයක්..පිටට පේන හැමදේම විශ්වාස කරන්න එපා බං.. ජීවිතය වෙනස්..

ප/ලි...

පැය ගානක් ගිය සංවාදයක් කෙටියෙන්.. හරි දේ තේරුන් ගන්නත් වැරදි දේ පිළිනොගන්න එකත් කියවන අයගෙ වැඩක්.. මට නන් මේ ගොඩක් දේවල් මගෙ අත්දැකීම් එක්ක ඇත්ත.. බොරුවට සීරියස් පොරවල් වෙනවට වඩා ඇත්තට ජෝකර් කෙනෙක් උනාම හිතේ නිදහසෙන් කාටවත් බයක් නැතුව හැමදාම සතුටින් ඉන්න පුලුවන්..

ප/ප/ලි

වෙනී අයියගෙ පෝස්ට් එකේ දුව වටේ යන ගමන් තාත්තව හදන්න යනවා.. ඒක වෙනවා.. වැඩියෙන්ම වටේ යන මිනිහා තමා වෙන මිනිහෙක්ගෙ වැරදි හදන්න යන්නේ.. ගෑනියෙක් උනත් පිරිමියෙක් උනත් ඒක පොදුයි..

කෙල්ලො ගැන අම්බානක කියන ප්‍රසිද්ධියෙ කෙල්ලො එක්ක කතා කරන කොල්ලොන්ට කෙල්ලෙක් නෑ හදිසියකටවත් කොටුවක් පැන ගන්න..හික් හික්...

කවදාවත් එහෙම ‍නොකර උපාසක අය කරන වැඩ දැක්කම අපිට දුකයි.. අපි හැමදාම කතා වෙන්නෙ අපි ප්‍රසිද්ධියෙ චාටර් වෙනවා.. අරුන් අප්‍රසිද්ධියෙ කෙල්ලව ඇද ගන්නවා.. දුක තමා රංජනී.. ඒක දුක උනත් අපි හිතේ සතුටින් ඉන්නවා.. ඒ හොදටම ඇති ජීවත් වෙන්න..

"තමන්ගෙ කිල්ලෝටෙ වැඩියෙන්ම හුණු තියෙන එකා තමයි අනිත් උන්ගෙ තියෙන කිල්ලෝට වල තියෙන හුණු පොඩ්ඩක් දැක්කත් උඩ පනින්නෙ"


Wednesday, February 8, 2012

බිත්තරයක් තම්බා ගන්නා ආකාරය

අපි හැමදාමත් බ්ලොග් වල මොනවා හරි විකාර ටිකක් කියනවා.. මගේ යාලුවොත් මට බනිනවා රටට වැඩ දායක දෙයක් ලියපං කියලා.. මං දැක්කා අපේ කෙහෙල් කොටුවෙ චූටි මහත්තයටත් රට්ටු දොස් කියලා තිබ්බා රටට වැඩ දායක දෙයක් ලියන්නෑ කියලා..මං හිතුවා ඔන්ලයින් ලෝකෙට හිර වෙච්ච අපෙ තරුණ පරපුරට වටිනා කියන ඉවුම් පිහුම් පාඩමක් කියලා දෙන්න.දැන් මාරය අයියා.. වෙනි අයියා.. කතන්දර අයියා.. ඔබා අයියා ඔය උයන හැටි කියා දුන්නට එයාලා සමාජ ප්‍රශ්න ගැඹුරින් විග්‍රහ කරලා නැ කියලයි මට හිතෙන්නේ...

බොරු නන් ඔයාලම හිතලා බලන්න නැන්දම්මා කෙනෙක් ලේලිට බනිනවා අහලා තියනවද
නොදෝකින්.. මේ ගෑණිට ඉස්සො ඩෙවල් එකක්වත් දාගන්න බෑ

මේ ගෑණිට ඉඹුල් කිරිබතක් හදා ගන්න බෑ
මේ ගෑණිට බීෆ් ඩෙවල් දාන්න බෑ කියලා........

නෑනේ.. නැන්දම්මා උනත් ලේලිට බනින්නේ
මගෙ පුතා ගෑණියෙක් ගෙනාවට ඒකිට බිත්තරයක් වත් තම්බ ගන්න බෑ කියලනේ..
ඉතින් මාත් හිතුවා එහෙම බැනුන් අහන අය වෙනුවෙන් නිවරැදිව බිත්තරක් තම්බ ගන්න විදිහ කියලා දෙන්න..

හරි.. දැන් වැල් වටාරං ඕනි නෑනේ.. අපි මුල ඉදලා ඉගන ගම්මු පාඩම..

අපි ඉස්සල්ලම බලමු උවමනා කරන අමුද්‍රව්‍ය

*හොදින් සෝදා ගත් බිත්තර දෙකක්
*වතුර කෝප්ප 4.25 ක්
* බිත්තර දෙකක් සහ වතුර කෝප්ප 4.25 ක් දැමීමට හැකි බඳුනක්
*ලුණු තේ හැදි දෙකක් (කැට හෝ කුඩු වශයෙන්- දියර වශයෙන් ගන්නේ නම් තේ හැදි 10ක් පමණ)
* ගෑස් ලිපක් හෝ වතුර රත්කර ගැනීමට යොදා ගත හැකි උපකරණයක් (උදා* හීටරයක්)
*මින්චි කොළ කිහිපයක්
*ගම්මිරිස් කුඩු ස්වල්පයක්


දැන් අපි බලමු සාදා ගන්නා ආකාරය..

ඉස්සාල්ලාම කරන්න ඕනි ඉහත මා සදහන් කරපු කළමනා ටික ලගට ගන්න ඕනි.. ඊට පස්සේ

පලවෙනි පියවර බඳුන පිරිසිදු ජලයෙන් සෝදාගන්න
දෙවනුව.. එයට වතුර කෝප්ප 4.25 ක් දමා ගන්න..
බිත්තර දෙක වතුර පිරවූ බඳුන තුලට දමන්න
බිත්තර දෙක බහාලු පසු බිත්තර වැසී යන ප්‍රමාණයට වතුර නැතිනම් එය වැසී යන තෙක් ජලයෙන් පුරවන්න
ලිප මත එම බඳුන තබා වතුර රත් කරගන්න
ඉන් පසු ලගට ගත් ඔක්කොම ලුණු ටික බාජනයට හලන්න..
කැමති නම් රම්පෙ.. කරපිංචා ටිකක් එක් කිරීමෙන් ජලය සුවදවත් කල හැක...

ටික වේලාවක් මෙසේ තැබීමෙන් වතුර නටන්න පටන්ගනී.. හැලියට එබි බැලු විට බිත්තර කට්ට පැලී ඇත්තම ලිප නිවා දමන්න.. පසුව නිමුන වතුරට බිත්තර දෙක දමා සිසිල් කර මනා හික්මීමකින් යුක්තව බිත්තර කටුව ඉවත් කරන්න.. මෙය කේන්තියෙන් හදිස්සියෙන් කලහොත් බිත්තර කට්ට සමග බිත්තරයේ හොද කොටස ගැලවී යා හැක.. එම නිසා භාවනාවක් මෙන් මෙය ප්‍රගුන කළ යුතුයි..
අවසානයේදී..

බිත්තරය දෙකට කපා ගම්මිරිස් කුඩු ස්වල්පයක් එය මතට දමා මිංචි කොල වලින් හැඩ කර මේසයට පිළිගැන්විය හැක..


උදයේ සිට වෙහෙස මහන්සි වී තද බඩගින්නේ නිවසට පැමිණෙන සැමියාගේ රාත්‍රි ආහාර වේල සදහා බිත්තර දෙකක් පමණක් තම්බා දීමෙන් ඔබට මහත් ථල ලබා ගැනීමට හැකිවනු ඇත..

ප/ලි

ගෘහස්ථ ප්‍රචන්ඩකාරි ක්‍රියා සදහා මම වගකියනු නොලැබේ...


Saturday, January 21, 2012

නිර්මාණකරුවා මරා දැමිය යුතුද??


මේ ලගදි දවසක වෙනී අයියා.. ලසිත් බෙනරගම.. පොඩි මෑන්. රාජ් ලගෙන් එක්කෙනෙක් සහ මම (තව හිටියා කස්ටිය.. මෙච්චරයි කතාවට සම්බන්ධ උනේ) වැදගත් කතාවක් කරානෙ.. එතනදි අපි කතා උනේ නිර්මාණයක් කරාට පස්සෙ නිර්මාණකරුවා මියයායුතුද නැද්ද කියන එක..එය එසේ විය යුතුයි.එතන කිසිම තර්කයක් හො ගැටළුවක් නෑ. තමුත් ප්‍රායෝගිකව එ‍ය එසේ සිදු නොවන එක ගැටළුවක්

වෙනී අයියා කියන විදිහට ඇත්ත.. අපේ නිර්මාණ වල පාඨකයා / රසවින්දකයා බුද්ධිමත් විය යුතුයි. නමුත්.. "මම" කියන චරිතය මූලික කරගෙන ප්‍රසිද්ධ සහ ජනප්‍රිය උන බ්ලොග් කලාවක් වර්ධනය වෙන කාලෙක පාඨකයා ලෑස්ති නෑ එතනින් අයින් වෙලා වෙනස් විදිහකට නිර්මාණයක් රස විදින්න.. මං කියන්න්නෑ "මම" හෝ "පුද්ගලික ජීවිතය" මාකට් කරන්න පුලුවන් කියලා නිර්මාණ හැකියාවක් නැතුව.. ඒක කරන්න ඇත්තටම හැකියාවක් තියෙන්න ඕනි.. උදාහරණ කිව්වොත්.. අපේ මාරය අයියා ලියන මාරායාගේ හෝරාව , තව සයිබර් යාය ලියන බුද්ධි, කතන්දර ,එතනින් ගියාම ඉන්ද්‍රනාත් තේනුවර අයියා ලියන මගේ කතාව.. (මං ආසම පුද්ගල ආත්ම විග්‍රහයක්.. ) ඒ හැමෝගෙම නිර්මාණ ඇතුලෙ විවිධාකාර වූ හැකියාවන් තියනවා..සහ එවැනි ජනප්‍රියතාවය ඉහල තලයක තියෙන්නෙ ඇත්තටම ඔවුන්ගෙ හැකියාව නිසා..අනිත් අතින් ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා ඒ තමන්ගේ ජීවිතය බව.. එය එසේ කිරීමේ කිසිම ගැටලුවක් නෑ..

නමුත්..

ගැටළුව ඇත්තේ ඔවුන් මනින එසේ නැතිනම් එවැනි ජනප්‍රිය බ්ලොග් රසවිදින ඇසකින් අනෙක් සියළුම නිර්මාණ කරුවන් දිහා බැලීම පුරුදු කරගෙන සිටීමයි.. මා දකින එවැනි අවස්ථා කීපයක්..

ලගදි ඔබා අයියා ලිව්වා වයසට ගිහින් අමතක වීමේ ලෙඩක් තියන කෙනෙක් ගැහැනියක් එක්ක සෙක්ස් කරන සීන් එකක් ගැන..ඇත්තටම ඒ කතාව ලස්සනයි.. නමුත් හැමෝටම ගැටළුවක් උනේ ඔබා අයියා තමන්ගේ බිරිදටත් ඒකම කරනවද කියන එක? ඒකට ඒ කතාව අන්තිමට ඔබා අයියා ලියලා තිබ්බා මං මේ කතාව කලින් ලිව්වද කියලා අහලා.. ඒ වචන ටික මූලික කරගෙන කවුරු හරි හිතුවා නන් ඒ කතාව ඔබා අයියගෙ කියලා.. හරි ඒක කමක් නෑ කියමු..

තිස්ස අයියා ගම්මු.. නිර්මාණ ගැන කියන්න ඕනි නෑනේ.. ගෙදර එන්න ලං වෙලා ආදරය ගැන අපූරු නිර්මාණයක් කරොත් නිර්මාණය මොන මගුල උනත් ලස්සන උනත් කැත උනත්.. අහන්නෙ "ලෝඩ් කරගෙනද ඉන්නෙ" කියලා.. ඒක තමයි හැමෝටම තියන පොදු ගැටළුව.. හරි එහෙම හිටියත් නිර්මාණය තුලින් රස විදිය යුත්තේ තිස්ස අයියගෙ පුද්ගලික ජීවිතයද??

අනිත් දේ සුදු හංසි නගා අලුත් කතාවක් පටන් ගත්තා ලියන්නේ.. දැන් ඒක බලන හැමෝගෙම තියන ගැටළුව සුද්දි ලියන්නේ එයාගෙ ඇත්ත අත්දැකීමක්ද කියන එක.. ඒ පෝස්ට් එකට මුලින් වැටුන ගොඩක් කොමෙන්ට් ‍වල පොදු ගැටළුව මේක ඇත්තටම සිදු වුන දෙයක්ද.. ආහ්.. එහෙනන් අපි බලනවා කියන එක..

ඒ කියන්නේ අපේ පාඨකයා බලාපොරොත්තු වෙන්නෙ අනුන්ගේ චීත්තයක් හේදීම පමනක්මද??

වෙනී අයියා සහ පොඩි මෑන්.. මෙන්න මෙතනයි උඹලගෙ තර්ක නැති වෙලා යන්නේ.. අපේ පාඨකයා අදටත් බුද්ධිමත් නෑ නිර්මාණකරුවා සහ නිර්මාණය දෙකක් විදිහට දකින්න..මං කවි ලියන එක නවත්තන්න ප්‍රධාන හේතුවත් ඕකයි.. මගේ නිර්මාණයක් තුලින් හැ‍ම වෙලේම මගේ පුද්ගලික ජීවිතය දකිනවට මං ආස නෑ.. ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පාඨකයාට ඕනි දේ දීලා ඉන්නවා.. ඒක තමයි ප්‍රායෝගිකව වෙන්නෙ..

මං මේ බ්ලොග් සමාජයට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා..ඉස්සර ඇත්තටම මීට වඩා රසවින්දනයකින් උසස් පාඨක සමාජයක් හිටියා..නිර්මාණ ඉතාමත් උසස් තැනක තිබ්බා.. තිස්ස අයියගෙ ‍බ්ලොග් එක බලන්න යන්නෙ කොමෙන්ට් කියවන්න බලාගෙන.. "සුලා" කියන කෙනෙක් කෙමෙන්ට් කරනවා.. ඒක උපරිමයි.. තව නම් වලින් කියන්න බැරි තරන් උසස් රසවින්දයක් තිබ්බ කොටසක් ඉස්සර හිටියා.. දැන් ඒ හැමෝම පේන්න නෑ..ඉස්සර කොමෙන්ට් එකක් කියන්නේ නිර්මාණයට තවත් එක නිර්මාණයක් එකතු වීමක්..ඒක කවදාවත් චැට් බොක්ස් එකක් උනේ නෑ.. එතන නිර්මාණයක් පැහැදිලිව ශිෂ්ඨ ලෙස විවේචනය කරා.. ඇගයීමක් කරා..ඒ තිබුන සම්ප්‍රදාය ඇයි දැන් නැත්තෙ..

දැන් ඉන්න පාඨකයන් ඇත්තටම නිර්මාණයක් හා නිර්මාණකරුවා යනු දෙදෙනෙක් කියලා වෙන් කරන්න තරන් බුද්ධිමත්ද.. නැත්තං හැමෝටම නිර්මාණය හා නිර්මාණ කරුවා ‍එක්කෙනෙක්ද..එහෙමත් නැත්තං හැමෝටම ඕනි තව කෙනෙක්ගෙ කුණු ගොඩක් අවුස්සන්නද.. නැත්තං අනුන්ගෙ චීත්තයක් හොදන්න විතරමද??

‍එය එසේ සිදු වේ නම්.. ලාංකික බ්ලොග් කරණයේ අනාගතය තවත් එක ගොසිප් පිටු ගොඩක් විතරද??

මං බ්ලොග් ලියන්න ආපු කාලෙ තිබ්බ උසස් නිර්මාණ අද නැති වීම බ්ලොග් කලාවේ පරිහානියේ ලක්ෂනයක්ද නැතිනම් නිර්මාණ සදහා අගය කිරීමක් නැති වීම හේතුවෙන් ඇති වුන කළකිරීමක ප්‍රතිඵලයක්ද??

නිර්මාණකරුවා කරුවා නිර්මාණයකින් පසු මියයාතුයි.. එය එසේ සිදු කිරීමට තරම් පාඨකයා බුද්ධිමත් විය යුතුයි.. නමුත් එය එසේ නොවන්නේ පාඨකයා බුද්ධිමත් නොවන නිසාද??

මෙම මාතෘකාව තවත් එක් සෙට් වීමකට හේතු වාසනා වේවා!!!!


Thursday, January 12, 2012

ගමේ කථාවක් - දූෂිත නොහික්මුනු සිත් ඇත්තන්ගේ දෑස් යොමු නොවේවා!!

ගම් මැද්දෙ තියන පොර කුකුල් කොටුව උඩින් හැමදාම ඉර පා‍යගෙන එනවා බලං ඉන්න පෙරුම් පුරන ගුනේට එදා උදයත් ඒ දර්ශනය අමුතු උනේ නෑ..වෙල් නියර දිගෙ උදැල්ල උස්ස ගත්ත ගොවි මහ්තවරු තමන්ගෙ හාමිනේට සමු දීලා යනවා ගුණේ ජනේලයෙන් බලං ඉන්නෙ හැමදාම පුරුද්දට වගේමයි. බිම වැටිලා තිබ්බ සරම ඇඳ ගත්ත ගුණපාල පාරට බැස්සෙ අද දවල් ‍පල්ලහැ ඇළ ගාව ගෙදර කුසුමා නංගිට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න හිතේ තියාගෙන.දත මැද ගන්න පහල වෙලේ ළිදට ගිහින් ආපහු එව ගුනයට ඇහුනෙ උඩහ ගෙදර කිරි අප්පා කෑගහනවා..

මොකක් හරි මරාලයක් පාත් වෙන්න යන්නෙ කියලා තේරුන ගුනයා කෙහෙල් පදුර අස්සෙන් රිංගලා බලපුවම තමා වෙච්ච සංතෑසිය දැක්කෙ.දනිපනි ගාල කෙහෙල් ගාලෙන් පැන ගත්ත ගුනයා ‍කාමරේට පැනගෙන සරමට උඩින්ම කමිසයක් ඇගට දාගෙන පිලිකන්න පැත්තෙන් එලියට බහිද්දි තමා ගුනයට මතක් උනේ සෝමපාලගෙ ගෙදරට දෙන්න කියපු කොස් ගෙඩිය තාම පිලිකන්නෙ කියලා..කුසුමා බලන්න යන ගමන් වැව් කණ්ඩියෙන් පැනල සෝමදාස‍ ලගෙ ගෙදරට යන්න හිතාගෙන ගුණයා එලියට බැස්සා.

වැව් තාවුල්ලෙ දිය කඩිති වල තිත්ත පැටවු නටනවා වෙනදට අසාවෙන් බලා හිටියත් අද තියන වැඩ ටික ඉවර කරන්න ඕනි නිසා ගුණයා සෝමදාසගෙ ගෙවල් පැත්තට හැරුනෙ ගමන ඉක්මන් කරන්න හිතාගෙන. සෝමදාසෙගෙ ගේ තිබ්බෙ වැව පල්ලහා තිබ්බ කඩමණ්ඩිය කෙලවරේ.. උන්ගෙ ගෙදර කවුරුත් පේන්න හිටිය නැති නිසා ‍ගුණපාල මිදුලටම ගියා..

"සෝම දාස................. සෝම දාස..... " පුලුවන් තරන් හයියෙන් ගුණපාල කතා කරත් ගේ පැත්තෙන් කිසිම සද්දයක් ආවෙ නෑ..

"සෝම දාස........... තෝගෙ අම්මට....... " වචනෙ ඉවර කරන්න හම්බ උනේ නෑ

"කවුද යකෝ මෙතන කෑහගහන එකා.. කාගෙ අම්මටද යකෝ....."

"සෝමදාම.. උඹලගෙ අම්මට කියපං අපේ ගේ පිළිකන්නෙ තියන කොස් ගෙඩින ඇන්න එන්න කියලා.. දැන් දවස් දෙකක් විතර වෙනවා.. කොස් ගෙඩිය වැල වෙයි.."

"දැන් උඹ කොහෙද ඔය දුවන්නේ.."

මං අද දවල්ට කුසුමට එන්න කිව්වා බං දං කැලේ කොටු පනින්න..

ඉතින් මේ උදේ කොහෙද යන්නෙ..

අර අපේ ගෙවල් උඩහ කිරි අප්පට බලලෙක් පැනලනේ..

ඉතින් තොගෙ බල්ලද.. තෝ කොහෙද දුවන්නේ..

අප්පගෙ ඇට තැලිලලු.. මං හිටියොත් ඉස්පිරිතාලෙ යන්න වෙන්නෙ මට.. ඒ නිසා මං ගෙදරින් පැන ගත්තා..

කොයි ඇටේද තැලිලා තියෙන්නේ...

උකුල් ඇටේ කියලා තමා අපෙ අම්මා කියනවා ඇහුනේ...

මාත් මේ පියවතී නගාට කිව්වා ඔලිඳ කෙලින්න දවල්ට එන්න කියලා.. මාත් එන්නද එහෙනන් උඹලත් එක්ක දං කැලේ කොටු පනින්න..

හා එහෙනන් උඹ ඇදුමක් දාගෙන වරෙන්කො.. මං එතකං වෙරළු ගෙඩි ටිකක් කඩා ගන්නං..

හිටපං ගුනේ මං හාල් ටික ගරලා එන්නං..

තෝ කාටද හාල් ගරන්නෙ..

මං ආච්චිට හාල් ගරන ගමන් හිටියෙ බං..

නොදකින්.. ආච්චිට හාල් ගරා ගන්න කියපං බං.. උඹ නැඹිලිය ආච්චිට දීලා වරෙන් යන්න..

දෙන්නත් එක්ක දෙකේ ඇලෙන් ඇග පොඩ්ඩක් හොදගෙන සපත්තු පාලම උඩට වෙලා කදයක් දාගෙන හිටියේ කුසුමයි පියවතියි එනකං.
කුසුමා සුදු ගවුමක් ඇදගෙන නියර දිගේ එනවා දැක්ක ගුණපා‍ලගෙ මූණු අදුරු වෙලා ගිහ හැටි සෝමදාස ‍දැක්කත් නොදැක්ක වගේ හිටියේ ගුණපාල ගැන හොදින්ම දන්න නිසා.

මොකද කුසුමා සුදු ඇදුමක් ඇදගෙන

අම්මා රෙදි හෝදලා ගුනේ අයියා.. මේක විතරයි තිබ්බෙ..

දැන් සුදු ගවුමෙ මඩ ගැවෙයිනේ..

ඒක තමයි අයියා.. මට බයයි.. සුදු ගවුමෙ මඩ ගැවුනොත් ගෙදරින් බනී මට..

මොකද කරන්නෙ සෝමදාස..

අපි එහෙනන් සියාතු ආතගෙ බඩඉරිඟු කොටුවට පනිමු.. පැලත් තියනවා මැස්සත් තියනවනේ..

ආහ්.. එතකොට සියාතුව නැද්ද

නෑ බං.. අද සමෘද්ධිය දෙන දවසනෙ..මං දැක්කා අද ජැංඩියට ඇඳගෙන අප්පුවගෙ ටැක්ටරේ නැගලා යනවා.

එහෙනන් පියවතී කැමති වෙයිද..

ආන්.. එන්නෙ ඒකී.. පියවතී.. සියාතු අතාලගෙ හේනට යමුද..

හා.. මං මේ කියන්නමයි උන්නෙ.. ලපටි ඉරිඟු කරලක් කාලෙකින් කෑවෙ නෑ..

වරෙව් යන්න එහෙනන්.. පය ඉක්මන් කරපං.. ඉර මුදුන් වෙන්න කලින්..

‍සුමනා අක්කා මට බැන්නනේ සෝමදාය අයියේ..

ඒ මොකද පියව‍තියෝ

නෑ මං උඹත් එක්ක දං කැලේ රිංගනවා කියලා කොටු පනින්න..

ඇයි බොල.. ඒකිය සිරිදාසව පිලිකන්නෙ තියාගෙන කොස් වරකා කපා ගන්න හොදයි.. තොයි මායි දං කැලේ කොටු පැන්නම ඒකිට තියන රුදාව මොකද...

ඔව්වට කෑ ගහලා වැඩක් නෑ සෝමෙ.. මෙන්න මෙහි වරෙන් යන්න පය ඉක්මන් කරලා...

සියාතු ආතාගෙ හේන බඩ ඉරිගු කරල් පිරිලා එක යායට.. බලං ඉන්න ආස ආස දර්ශනයක්.. පරිසරේ ලස්සන විදින්න කැමති ගුණපාල කුසුමාගේ අතින් අල්ලගෙ අඹගහ මුදුනෙ තියෙන පැලට දිව්වෙ මැස්ස පැත්ත යන සෝමදාට කතා කරගෙනමයි

සෝමේ.. ඉර බහින්න කලින් ඇල ලගට වරෙන්.. නාගෙනම යමු..

සෝමදාසට ඒ දේ ඇහුනා දැයි මා නොදනිමි.. පරිසරය තුල විහඟ ගී නාදය හැරෙන්නට වෙන කිසිම හඩක් නෑසුනි...

අදට කතාව ඉවරයි....................

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...