Monday, December 12, 2011

ගෑණූ බූරුවොද

එදා ලස්සනට ඉර පායලා තිබ්බලු.. අනේ මන් නන් ඔව්වා දන්නෑ හැබැයි.. මට නන් උදේට ‍හොදට සැපට නින්ද යනවනේ..පාන්දර 9ට විතර කෝල් එකක්..

අඩෝ.. නැගිටපං ඩෝ..

හලේ.. මයෙ කණ

කෑගන්න එපා යකෝ.. දෙව්දුව තුරුලෙ.. ඇරෙයි යකෝ....
තෝ දෙව්දුව පැත්තකින් තියලා ලෑස්ති වෙයන්.. තව පැය භාගෙන් අපි ඔතන....

කොහෙ යන්නද බං..

ටීං ටූන්.. ටික් ටොක්.. නොදකින් මූ පෝන් එක තියලත් ඉවරයි..
දැන් මොනා කරන්නද.. ලෑස්ති වෙලා පංසල ලගට ගියා..
මේන් වැන් එකක් පුරෝලා... කෙල්ලෝ...

හත් දෙයියනේ... කොටා.. තෝ මොකද මේ සමිතියෙ නායකයා වෙලා....
නායක මගුලක් නෙමේ යකෝ.. මේ අපෙ නංගිගෙ යාලුවො සෙට් එකක්.. වරෙන් මුං එක්ක සත්තු වත්තෙ යන්නේ..
ඇයි උඹව දැකලා එපා වෙලාලුද..
නෑ.. තෝවයි මාවයි දෙන්නම දැකලා මුන්ට එපා වෙලාලු.. නැගපං වාහනේට..

සික්.. මූ මගෙ හිරිඔතප් බිඳින හැටි..
බෙල්ලෙන් අදින්න එපා යකෝ.. පරණ ෂර්ට් එකක්.. ඉරෙයි ඕක..

සික් විතරක්.. මූ කෙල්ලො ගොඩක් මැද්දෙ මාව චාටර් කරපු හැටි..
දැන් ඉතින් මට එපා කරපුම වැඩේ.. කෙල්ලංගෙ කිචි කිචිය අස්සෙ ඉදගෙන යන එක.. ඔහොම අමාරුවෙන් ඒකත් කරා කියමුකො.. ඔන්න බැස්සා සත්තුවත්ත ගාවින්.. බැහැලා ටිකතුත් ගත්තා විතරයි කොටාගෙ යාලුවෙක් දුවගෙන ආපි මෙතනට..
හලෝ මචං.. උඹ කොහෙද මෙහෙ..
මං දැන් මෙහෙනෙ වැඩ... ඉතින් උඹ කොහෙද මෙහෙ..

මං ආවා බං නංගිලට සත්තුවත්ත පෙන්නංන...
ආහ්.. මරුනේ.. මං කියලා දෙන්නං සත්තු ගැන..

පැණි බේරෙන මූන.. මූ කෙල්ලන්ටම ඉපදිච්ච එකෙක්ද කොහෙද..
මචං.. මූ දැන් කෙල්ලො ටික අරන් යයි.. වරෙන් අපි දුමක් දාල එමු..
උඹට මූව ෂුවර්ද.. කෙල්ලො ටික තනියෙන් දාල යන්න..
මූව උඹට වඩා ෂුවර්.. වරෙන්කො යන්න...
ඔන්න දැන් ඒකත් ගහලා එද්දි අරූ සත්තු ගැන වර්ණනාව.. ගෑණු ළමයි ටිකත් උගෙන් ප්‍රශ්න හැටයි..පවු අසරණයා

දැන් නංගිලා මේ කුඩුවේ ඉන්නේ වලස් ජෝඩුවක්..

ආහ්.. අයියා.. එතකොට අර ලොකු එකා පිරිමි වලහද.. කෝ ගෑණු වලහා..
නංගිලා.. වලහගේ ගෑණු සතාට කියන්නේ ගෑණු වලහා‍ නෙම් වැලහින්න කියලා..
ආහ්.. එතකොට අයියා පිරිමි වලහා වලහින්නද ඇ.... ඕං තව ප්‍රශ්නයක්..
නෑ නෑ නංගි.. පිරිමි සතා වලහා විතරයි..

මූ දැන ගත්තා මෙතනින් ගොඩ යෑමක් නෑ කියලා.. මූ ගියා අලි බලන්න..මේන් අලියෙක් ඉන්නවා.. කකුල් පහයි..

ආහ්.. අයියා.. අර අලියා.. අර බලන්න.. ආබාධිත අලියෙක්ද අයියා ඌ..ඇයි අයියා ඌට කකුල් පහක්..
හලේ.. අරූගේ කන්දෙකින් දාඩිය බේරෙනවා..
අපි යමු නංගිලා.. අලි පස්සෙ බලමු.. කියලා මූ ගියා සිබ්‍රා පෙන්නංන..
අයියා.. ඇයි අර බූරුවගෙ ඇගේ ඉරි තියෙන්නේ..
ආහ්.. නංගි ඒ බුරුවො නෙමේ.. උන්ට කියන්නේ සිබ්‍රා කියලා..
මූ දැනගත්තා එතනත් ගොඩ ඒමක් නෑ කියලා.. මොනව උනත් මූට දැන් නන් කෙල්ලො සනුහරේම එපා වෙලාද කොහෙද..

අයියා.. අර ‍පිරිමි මොණරෙක්.. කෝ එතකොට ගෑණු මොනරා..
නංගි..එහෙම සත්තුන්ගෙ ගෑණු අයට කියන්නේ සෙබඩ කියලා.. ගෑණු මොනරු කියලා ජාතියක් නෑ..
දැන් නන් ඌට ටිකක් වෙන්න මල පැනලත් එක්ක ඉන්නේ..
එතකොට අයියා.. හාවගෙ ගෑණු සතා මොකාද..
නොදකින්.. ඒක ඌත් දන්නැද්ද කොහෙද.. මු අස්පයො ගැන විස්තර කොරන්න ගත්තා..

එතකොට අයියා ගෑණු අස්වයා කෝ මෙතන..
නංගි ගෑණු කියලා නම කියන්න එපා කියලා කිව්වා
නේ මං දැන් සැරයක්.. ගෑණු අස්සයා නෙමේ.. ඌ වෙළඹ..

ආහ්.. වෙළඹ නේ අයියා..
එතකොට අයියා අර අතන ඉන්නේ..
ආහ්.. ඒ බූරුවෝ..

හානේ.. ඒ බූරුවොද.. එතකොට කෝ ගෑණු බූරුවෝ..

ගෑණු ‍බූරුවො ඔය ඉන්නේ.. ඔය වගේ උන් තමා ගෑණු බූරුවෝ.. උන්ට මෙලෝ මගුලක් කිව්වට තේරුන් ගන්නෑ..

ෂෘ.. අයියා මාරයිනේ.. අයියා ගෑණු බුරුවන්ට උගන්නංනත් යනවද..

දඩෝස්...........
අරූ බිම..
අපි නංගිලත් එක්ක ආපහු ගෙදර ආවා........

දෙසැම්බර් 10 වන දින පැවැත්වූ සයිබරයේ මහා සය සමාජික ක්‍රිකට් ගැටුම

මුලින්ම මේ තරගාවලිය සාර්ථක කරගැනීම සදහා මෙයට සහභාගි වුන සියළුම සයිබර් අවකාශයේ සහෘදයන්ට ඉස්තූතිවන්ත වෙමි.. මේක මඩ පෝස්ට් එකක් ලෙස ලියන්නට ම‍ගේ තුන් හිතකවත් නැත. මන්ද යත් එදින පැවැත්වූ තරගාවලියතුල මා දුටු විශේෂත්වය නිසාවෙන් මෙයට මඩක් ගසන්නට තරම් මා කුහක නොවිය යුතු යැයි මගේ සිත නොයෙක් වර පවසන්ට වූ නිසාවෙනි.

මෙය අප අභිත සහෝදරයාගේ තවත් එක සිහිනයක් ලෙසින් කලඑලි දුටු සංකල්පයක් වූ අතර ඔහුගේම අදහසක් මත එය සංවිධානය කිරිම සදහා නවක පරපුරක් වෙත ‍භාර කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මත වූ අතර ඒ සදහා වඩාත් සුදුසු පුද්ගලයා වශයෙන් අපේ හීන මල්ලිව ඒකමතිකව යෝජනා කරල ලදී..ඔහුගේ සහය සදහා නචියා කිඩෝ ශානිකා සහ පූසා යන අයද පත් කල අතර මීට අමතරව සිහින පමණක් දැක අදුනන ඔය රශ්මි කෙල්ල වැනි අපි නොදත් මිතුරින්ගේ සහයද ඔහුට නොඅඩුව ලැබුන බව ගුගල් බස් පදින් මිතුරන් හොදින් දන්නා කරුණකි. මෙය සංවිධාන කටයුතු සදහා සිහින මලයා තනියෙන් වෙහෙසුන අතර පූසා සහ අනිත් සගයින් මේ පිළීබඳව මුලින් කිසි වගකීමක් ගැනීමට උත්සුක නොවීය.

මට අද වගේ මතකයි දවසක් බත්තරමුල්ල හංදියේ සිහින මල්ලි දුවගෙන යනවා.. මං ඇහැව්වා ඇයි මල්ලි කොහෙද දුවන්නෙ කියලා. දාඩිය පෙරාගෙන හති හලාගෙන දුවනවා ..දිව කකුලට පැගිලා වැටෙන තරමට එලියට දාගෙන දුවන ගමන් මට කියනවා බුද්ධදාස ග්‍රවුන්ඩ් එක වෙන සෙට් එකක් බුක් කරන්න යනව මං මේ ඊට කලින් බුක් කරන්න යන්නෙ කියලා.. පවු.. අන්න ඒ තරන් කැපවීමක් තිබ්බ කොල්ලෙක් තමා අපේ හීන මල්ලි..
ඒ වැඩේ කරන්න හීන මල්ලිගෙ මාමත් සෑහෙන්න අපිට උදවු කරා. අන්තිමට ඒ මාමා ඇස් වල කඳුළු ‍පුරෝගෙන කිව්වා මේ වගේ ලස්සන වැඩකට ඒ මාමව සම්බන්ධ කරගත්ත එකට සැහෙන්න පිං කියලා..

ශානිකා තනිකරම එනවුන්සින් පාර්ට් එක කරා. මුලින් හීනයා හිතං ඉදලා තියෙන්නේ මයිට් සෙට් එකයි ස්පීකර් ටිකකුයි හයර් එකට ගේන්න.. පස්සේ ශානිකාට පිං සිද්ද වෙන්න ඒ සියල්ලම නොමිලේම සෙට් කරගත්තා.. එව්වා තනිකරම හිනයගෙ ප්ලෑන්.. ඌ ඒ හැම සතේම ඉතුරු කරේ අපිට ‍සාර්තක ක්‍රිකට් තරගාවලියක් දෙන්න තමා ඉතින්.. පූසා කරේ කෑම ඕඩර් කරන්න ගිය එක.. ඒකේ බත් පැකට් නොමිලේ දුන්නේ.. ඒ සදහා ගිය සම්පූර්ණ වියදම අපේ ඩුබායි වල ඉන්න රුචකත් ඉතාලියේ සිටින ඩිලාන් සහෝදරයත් දුන් ආධාරයෙන් කරගත්තා.. කෑම එක නන් සුපිරියි.. අනික කෑම ඉතුරු උනෙත් නෑ.. පූසා ලස්සනට ඒ වැඩේ සංවිධානය කරලා තිබ්බා.. පූසා මොනවා උනත් සැහෙන්න මහන්සි උනා මැච් එක දවසේ.. මට මතකයි අපි ග්‍රවුන්ඩ් එකේ වැටිලා තිබ්බ කොල අහුලලා අයින් කරන්න ගිය වෙලාවේ පූසාට හොදටම තරහා ගියා..

අයියා මේ.. ඔයාල එන්න ඕනි නෑ වැඩ කරන්න.. මං අහුලන්නං ඔය කොළ.. අයියාලා ගිහින් වාඩි වෙන්න..

ඔන්න ඔහොමයි පූසාගෙ කැපවීම..ඒ තරන් එකමුතු කමක් තිබ්බා නවක පරපුරේ.. අනික නචියා කිඩෝ පාන්දර තුන හමාරේ ඉදලා ග්‍රවුන්ඩ් එකේ.. අඩි රූලක් ගෙනහල්ලා යාර තිහ මැනලා. ලස්සනට පිච් එක හදලා තිබ්බා.. උන් දෙන්නා තමා පිට්ටනියේ සියළුම කටයුතු බාරව හිටියේ..අනිත් සංවිධෘයක කෙල්ලො හීනයට තුරුළු වෙලා හිටියා කියලා නන් දැක්කා.. පස්සේ දවල් වෙද්දි හීනයයි ඒ කෙල්ලො ටිකයි පේන්න හිටියේ නෑ..රට්ටු එක එක කතා කියනවා.. ඒත් එව්වා වැඩක් නෑ.. උගෙ කැපවීම අපි අගය කරන්න ඕනි..

අනික තමා තරග සංවිධානය. සෑහෙන්න හොද මට්ටමක තිබ්බා.. මට මතකයි දවසක් අපි කිව්වා මේ ගැන පූර්ව රැස්වීමක් තියමු කියලා.. සිහින මලය ඒකට තදින්ම විරුද්ධ උනා අපේ වටිනා කාලය ඒ වගේ දේවල් වලට ඕනි නෑ.. එයා භාවනා කරලා සිත දියුණු කරලා ඉන්න නිසා ටෙලිපති තාක්ෂනය ඔස්සේ අනිත් කමිටු සාමාජිකයන්ව දැනුවත් කරන්න පුලුවන් කියලා..ඉතින් සකෘදාගාමින් හිටි ගමන් බිහිවෙන කාලේ හීන මලයට එහෙම නැහැයි කියලා කියන්න බෑනේ.. ඔන්න ඌ කියපු දේ කරලම පෙන්නුවා.. කිසිම මීටිමක් නෙලුන් කොලේ තියා පොල් කොලයකවත් නොතියා ලස්සනට එදා දවසම ප්ලෑන් කරලා තිබ්බා..

මං හිතන්නෙ තරග වල පිංතූර ටික ගොඩක් අය දැනටමත් මූණු පොතේ එහෙම දාල ඇති. කරුමෙකට මං ගත්ත පිංතුර ඔක්කොම ඩිලීට් උනානේ.. සික් විතරක්.. අපරාදේ සොදුරු සිහිවටන ටික.. ඔය බුද්දියයි රචියයි එහෙම පිංතූර කෑලි ගොඩක් ගත්තා මයෙ හිතේ..

අනික තමයි මැච් එක දවසේ අපේ ආතල්..
ඕනයා රට ඉදන් එද්දි අපිටමයි කියලා ඔය බෝතල් දෙකක් ගෙනත් තිබ්බෙ.. සොරොවත් එපා කියද්දි උදේ 7 ඉදන් ඇවිත් බැලුම් බෝල පුම්බලා.ඌ පුම්බපු බැලුම් හිටපු ගමන් උඩ ගියා. පස්සෙ පිපුරුවා.. ඒක‍ට සිහින මලයා පුම්බපුව නන් දවසම පිම්බිලා තිබ්බා..

ඕනයා ගෙනාපු බෝතල් මදි නිසා අපි කලිනුත් අරගෙන තිබ්බා නිසා යාන්තං වැඩේ ගොඩ ගියා.. නැත්තං පෝයට කොහෙන් කියලා ගන්නද.ඔබා මාම තුන්ඩු කෑල්ලක් එවලා තිබ්බා තරගයට එන්න වෙන්නෑ ගෙදර උයන්න තියනවා කියලා.. හැබැයි වෙනී අයිය නන් බිව්වෙම නෑ.. උ කරේ කොප්පෙ මකුළු දැල් වියන්න එන මකුළුවත් එක්ක චැට් එකක් දාගෙන හිටපු එක විතරයි.අසේල අයියා නන් කලින්ම ගෙදරට යන පාර ඇඳ‍ගෙන ඇවිත් තිබ්බ නිසා ලොකු අවුලක් තිබ්බෙ නෑ.. අනිත් උන් ගැන නන් කියන්න තරන් විසේසයක් තිබ්බෙ නෑ අප්පා.. සියල්ල සතුටින් විසිර ගියා ඉතින්..

.ඒක නෙමේ මරු මැච් එක..
70 දශකෙ නාකි සෙට් එකයි 80 කොල්ලො සෙට් එකයි තිබ්බ මැච් එක.. මුලින් ඕනයා හෙන ලොකු ටෝක් දුන්නා උන් දිනනවා කියලා.. බෝතලයක් ඔට්ටුයි කිව්වම ඒක බෑ කියලා ග්‍රවුන්ඩ් එක වටේ දුවන්න කතා කරා.. පස්සෙ උන් පැරදුනාම බයිලා කියලා සේප් වෙන්න යනවා.. පවු ‍අහිංසකයො නිසා බේරුනා..

මරු ආතල් කියන්නේ සානි ගේ ලවුස්පීකර් සද්දෙ නිසා ඩී ජේ එකක් ගෙනාවෙත් නෑනේ.. අපි බොන්ගො එකක් කලින්ම සෙට් කරලා තිබ්බේ.. මොනවා උනත් ආතල් දවසක්.. හීනයා අදුරන කෙල්ලො ගොඩාක් එක්ක ඇවිත් හිටියා.. අර චාටර් කුජීත අවුරුදු උත්සවයට වඩා නන් මේක සුපිරියි.. කෑම එහෙම මදි නොකියන්න තිබ්බා.. චිකන් බුරියානි තිබ්බා බිත්තර දෙකක් එක්ක.. තව අතුරු පසට පලතුරු සලාදයකුයි අයිස් ක්‍රීමුයි තිබ්බා..ඒවා මාරම රසයි.. මොනව උනත් ඒ සදහා පිට රට ඉදන් උදවු කරපු රුචා ටයි ඩිලාන්ටයි ආයෙත් පාරක් මං ඉස්තූති කරනවා..

ඒ අතරේ අමතක කරන්න බෑ හසී නගත් ඩොකී වැඩ වලට සැහෙන්න උදවු කරා..මගේ හිතේ තව සෑහෙන්න සිහි වටන එකතු වෙලා තියනවා.. එව්වා පිලිවෙලකට ගොතා ගන්න බෑ අප්පා.. මේ තියන වැඩත් එක්ක..

අනික තමා මං මෙතනදි අභිතයට විරුද්ධව කතා කරන්න ඕනි.. මොනව උනත් උන් හිතාගෙන ඉන්නේ උන්ට විතරයි ‍‍වැඩ කරන්න පුලුවන් කියලා.. සිහින මල්ලිල වැනි නව පරපුර ගැන මට මාර ආඩම්බරයක් තියෙන්නේ.. උන් බොන්නෙත් නෑ.. සෙට් වෙන්නෙත් නෑ .. ඒ උනාට වැඩ නන් සුපිරියි ඇ.. ඔයාලා කවුරුත් දන්නැති තව කැත වැඩක් අභිතයයි ලසියයි කරන්න හැදුවා.. උන් මීට දවස් 10කට කලින් විතර සෙට් වෙලා තීරණයක් අරගෙන ක්‍රිකට් මැච් එක උන් සංවිධානය කරන්න හැදුවා.. තනිකරම කුහකකම.. ඒත් ඒ වෙලාවට ඒක කරගන්න වෙලාව මදි උනා. ඒ බාධක මැද්දෙත් මේ වගේ ලස්සනට තරගය සංවිධානය කරලා අපි හැමෝටම ජීවිතේ අමතක නොවන තවත් එක දවසක් උදා කර දුන්න සංවිධායක මණ්ඩලයේ හැමෝටම මාගේ හදපිරි ප්‍රණාමය..

මේ වගේම තවත් ලස්සන ක්‍රිඩා සැනකෙලියක් ලබන වසරේදීත් කරන්න ලැබේවායි මා ප්‍රාර්ථනා කරන්නෙමි.
අවසානයට අභිත අයියාගේ වචනයෙන්..

අඩෝ.. මේ ........ යගේ විසිල් විතරයි බල්ටි නෑ...

ප/ලි,
ලියවුනා හරි නැද්ද මන්දා... එහෙනන් සමාවෙන්න ඇ.. වැස්සෙ මැච් එක ගහලා හොදටෝම සනීප ලැ හප්පා..

පිංතූරෙ මෙතනින් ඇ..
http://www.thesundayleader.lk/wp-content/uploads/2011/10/27-softball.jpg

ප/ල/ලි,

හදිස්සියේ විදුලිය ඇනහිටීම නිසා පෝස්ට් එකේ අඩුපාඩු පිට කියවන්න ලැබුණ අයට මාගේ ශෝඛය පළකරමින් සමාව ඉල්ලා සිටින අතර ඒ පිළිබඳව දැනුවත් කල අභිත අයියාට මාගේ ස්තූතිය..

Saturday, December 3, 2011

මං කෝප්පෙන් වතුර බිව්ව හැටි..


අද දවසෙම කම්මැලි කමේ ඉද්දි බ්ලොග් කියවන්න ආවා.. එතකොට ගොඩක් අය ලියලා තිබ්බ ලිපි දැකලා මටත් හිතුනා මං ගැන පෝස්ට් එකක් ලියන්න.. මේක කියවලා ඔයාලට හිනා යයිද දන්නෑ.. ඒත් හිනා නොගියට කමක් නෑ.. හැමෝටම ලියන්න පුලුවන් නන් තමන් ගැන ඇයි මට විතරක් ලියන්න බැරි නේ..
හනේ.. ඒ සිද්ධිය මතක් වෙනකොටත් මට හිනා යනවා අප්පා..
ඒ කාලේ මං හෙන පොඩි.. මොකද ඉස්කොලෙ යන කාලෙ අපි කොහොමත් පොඩි නේ..
ඔයාලට මතකද ඒ කාලේ අර ලොකුවට නත්තල් ගස් හදනවා.. මන් දන්නෑ ඔයාලට මතකද කියලා.. හැබැයි මට නන් එහෙම නත්තල් ගහක් ගැන පොඩ්ඩක් වත් මතකයක් නෑ..මොකද මං එහෙම ගහක් දැකලා නැති නිසා..

ඉතින් ඔය නත්තල් ගහ මට මතක් උනේ ඇයි කියලා ඔයාලා දන්නෑනේ.. අපි හැමෝම දන්න විදිහට නත්තල් ගස් හදන්නේ නත්තල් කාලෙටනේ.. ඉතින් නත්තල් කාලෙ කියන්නේ දෙසැම්බර් වලටනේ..ආයෙ මේක බලන බොලා වගේ ඔටුවලට අමුතුවෙන් කියන්න ඕනි ‍නෑනේ මේ දෙසැම්බර් මාසෙ කියලා.. ඉතින් මට නත්තල් ගහ මතක් උනේ ඇයි කියලා බොලාලට හිතා ගන්න බැරි නන්.. හයියෝ.. සික්.. මැට්ටො ටිකක්..

හරි.. දැන් ඒ නත්තල් ගහෙන් වැඩක් නෑ.. ඔන්න දැන් ආයෙත් අපි කතාවට යමුකෝ.. ඉතින් මං කිව්වනේ මං ඉස්කෝලෙ යන කාලේ හරි පොඩියි කියලා.. ඔන්න මං දවසක් ඉස්කොලෙ නිවාඩුවට ගමේ ගියා.. අපි හෙන හද්ද වන්නියේ.. අපේ ගමේ තිබ්බෙ අපිට ඉන්න පොඩි පොල් අතු පැලක්.. ඒත් ඉස්සර ඒකෙ වහලෙට පිදුරු දාලලු තිබ්බේ.. ඒත් මට මතක කාලෙ ඉදන් වහලෙට දාල තිබ්බෙ පොල් අතු.. සමහර විට අපෙ අම්මා මට බොරු කියලා වෙන්නැති නේ..

ඔන්න ඉතින් ආයෙත් කතාව ඇ.. ඉතින් මං ගමේ ගියානේ.. මං ගමේ ගිහින් සෙල්ලං කරන්න හරිම ආසයි.. කුඹුරේ ගොයම් කපන කාලෙට නන් ගොයම් කොලේ උඩ සෙල්ලං කරන්න පට්ටම ආසයි.. පස්සෙ ඇඟ කසන්න ගත්තම වෙලේ ලිදට ගිහින් නාලා .. හඳ එළි‍ය වැටුනම නියර උඩින් ඇවිදගෙන එන්න තියනවා නන් හිතට තාමත්ආස හිතෙනවා..

ඔන්න ආයෙත් කතාව.. ඔන්න දවසක් අපෙ මාමල බොන්න සෙට් වෙලා.. ගමේ තියනවා බ්‍රැන්ඩ් එකක් ඒකට එයාල කියන්නේ " ඇති හිටියා " කියලා.. සමහරු "රවුන්ඩ් අප්" කියලත් කියනවා.. ඒකට ඇති හිටියා කියන්නේ ඒකෙන් ෂොට් දෙකක් දැම්මම ඔලුව රිදෙනවලු.. ඉතින් සෙට් උන දැන් ඇති හිටියා කියලා නැගිටලා යනවලු.. අන්න ඒ නිසයි ඇති හිටියා කියන්නේ.. ඔන්න දැන් අපේ මාමලත් බොන්න සෙට් වෙලා.. එයාලා සෙට් වෙන්නේ අපේ ගමේ තිබ්බා පනං දොල කියලා දොලක්.. ඒ දොල ලග තමා කස්ටිය සෙට් වෙන්නේ.. මාත් ඉතින් ඉදලා හිටලා දැන් සෙට් උනාට ඉස්සර පොඩි එකා නොවැ.. ‍මොනවා උනත් මං නන් කියන්නේ සෙට් වෙනවා නන් සෝඩා තමා.. ආයේ කොක් වගේ එව්වා බීව්වම සුගර් වැඩි වෙනවා කියන්නේ.. අනේ මන්දා අප්පා ඔව්වා නන්.. ඔය ර‍ට්ටු කියන කතානේ. ඉතින් ඔන්න එදා දොල අයිනේ මාමල සෙට් වෙලා බිව්වා හරිද.. ඉතින් එයාල බිව්වම බොලාට මොකෑ.. අහවල් දේකට කට ඇරන් තවත් බලං ඉන්නවද මන්දා..

ඉතින් මං ගමේ ගියා කිව්වනේ ඔයාලට.. ඔන්න මං ගමේ ගිය හැමවෙලේකම ආපහු ගෙදර එනවා.. මොකද මං ඉස්කොලෙ ගියෙ මෙහෙනේ.. ඉතින් මං ගෙදර එන්නැතුව බෑනේ.. අනේ මන්දා බොලාලත් මොනවා හිතාගෙන මෙව්වා බලනවද කියලා..

ඔන්න ආයෙත් මගේ කතාව..

මං දැන් කිව්වේ මං කෝප්පෙන් වතුර බිව්ව හැටිනේ.. ඔන්න දවසක් අපේ ගෙදරට අලුත් කෝප්පයක් ගෙනාවා.. ඔවු.. ඒකෙ ලස්සන පිංතූරයක් තිබ්බා.. මං තමයි ඒක තෝර ගත්තේ.. ඒක ගේන්න ගිය විදිහත් හරි ශෝක් අප්පා.. මං එදා තනියෙක් කඩේට ගිහින් එතන තිබ්බ කෝප්පයක් අරං සල්ලි දීලා අරගෙන ආවා.. වෙන ගේන්න විදිහක් තිබ්බෙ නෑනේ..
ඉතින් දැන් ආයෙත් කතාවේ අන්තිම ටික.. කෝප්පෙ මං ගෙදර ගෙනහැල්ලා.. ඒක ඉස්සල්ලම සබන් දාලා හේදුවා.. ඊට පස්සෙ උණු වතුරෙනුත් ටිකක් හොදලා.. වතුර එකක් පුරවලා ගත්තා කොප්පෙට.. ඊට පස්සේ.. ඉතින් බොලාල වතුර බොන විදිහටම මාත් ඒක බිව්වා.. ආයෙ මට කියලා වෙනස් විදිහකට බොන්න බෑනේ..
හලේ.. සංසාරේ..................

Friday, November 18, 2011

මම කෙල්ලෙක් එක්ක රූම් එකකට ගියා


හැමදාම ඔපිස් යද්දි පිළිගැනීමේ කවුන්ටරේ ලග රෝස මල් පොකුරට හැංගිලා ඉන්න කෙල්ල දැක්කෙ නැත්තං මට ඉතින් උදේට කෑවේ නෑ වගේ.. බිත්තර රොටී දෙකයි ‍පරාට තුනයි හැමදාම වගේ කාල ගියත් ඒ කෙල්ල නැති දවසට නිකං බඩට මල්ටි බැරල් ගැහැව්වා වගේ පිච්චිලා යනවා. හැමදාම උදේට ගුඩ් මෝනින් කියලා කට පුරා කිව්වත් කවදාවත් ඒ කෙල්ලෙග තියන උද්දච්ච කමට මූණ බලලා ගුඩ් මෝනින් කියන්න බැරි හැටි.. හැමදාම පුටුව උඩ පතබෑවෙන්නේ ඒකිට මුලු හිතෙන්මෙ බනින ගමන්.

ඒක බඳින්න කොල්ලෙක් ඉන්නවා බං.. එන්ගේජ් වෙලා ඉන්නේ.. හැමදාම මගෙ මූණ දකිය අල්ලපු පුටුවෙ එකී ඉදගන්නේ ඔය වචන පේලිය කියන ගමන්.. හරියට ඒකිට ඒක කිව්වෙ නැත්තං වැඩ පටන් ගන්නත් බෑ වගේ.

උදේ පාන්දර ශෝඛ මූඩ් ගහලා පැත්තකට වෙලා ඉද්දි ලොක්කා කෝල්..

මේ .. දැන් ගෙට් එක තියනවා නේ.. හොටේල් එක ලෑස්තිද..

ආහ් ඔවු. එව්වා හරි.. ඒ උනාට බෑ අප්පා මට තනියෙන් කරන්න.. තව ටීම් එකක් දෙන්න.. විසිට් යන්නයි ඔව්වයි දෙකම කරන්න වෙලා නෑ අප්පා..

ටීම් ඕනි නෑ.. අර රෝස මල ගනින් සහයට

හැහ්.. ඉබ්බා මොකේද ඇන්නාවේ කිව්වලු..

අනේ එයා එපා.. එයත් එක්ක කොහොමද වැඩ කරන්නේ..

දැන් තනියෙන්නෙ කරන්න බෑ කිව්වෙ.. දෙන්නත් එක්ක ඕනි මගුලක් නටාපිය..

කලූ මූණ ලැජ්ජාවෙන් රතු වෙලා දම්පාට වෙලාද කොහෙද.. මෙව්වා දෙයියොම බලා ගන්න ඕනි..

ඔන්න ඒ පණිවිඩත් කියලා එකට වැඩ කරන්න පටන් ගත්තත් හරි ‍මේකිගෙ ලොකු පොර ටෝක් අහලම එපා වෙලා තිබ්බේ..
වෙලාවට මහ රජ්ජුරුවන්ගෙ දුව වෙලා ඉපදුනේ නැත්තේ.. නැත්තං ඒ කතන්දර ටික අහපුවම සසර කළකිරෙනවා..

ඔන්න කළ වයස ආහ් නෑ.. දවස් සති ගෙවිලා ගිහින් ගෙට් එකත් සෙට් උනා..ඔන්න උදේ පාන්දර ගියා සක්කරේ ගන්න.. හප්පා.. මේකි මොන වැඩද.. අද බඳින්න යනවා වගේ මේකප් පාට.. මූණ පාටවල් 77කින් පාට කරගෙන.. පෝය දවසෙ ආලවක තොරණ වගේ..මදෑ වැඩට උදව්වට එකියක් ගත්තා..හෝටලට ගිය වෙලේ ඉදන් මහ අම්මණ්ඩි වගේ පුටුවක් උඩ දපලා වැඩ පවරනවා.. නොදකින් සහයට එකී..
ඔන්න උදේ වැඩ ඉවර කරලා මාත් දෙකක් තුනක් දාගන්න හිතාගෙන හිටියට කොහෙම.. හරියට ඉදිච්චි නැති පැපොල් ගෙඩියක් වගේ. අමුවෙන්ම කාලෙ කකා ඉද්දි. දවසත් ගෙවුනා.. වටේ උන් ඔක්කොම සෙට් වෙලා කාල වැඩි වෙලා වමාරපු ගොඩ උඩ වැටිලා හිටපු උන් උස්සලා අයින් කරලා දෙයියනේ කියලා පැත්තට උනා විතරයි..

මෙන්න සක්කරේ ආවා ලගට.. ඉදගත්තා අල්ලපු පුටුවේ. සා.. මොන මගුල කිව්වත් ඒකි හරි හැඩයි අප්පා.. නිල් පාට ඇස් දෙක දිලා බලාගෙන හිටි ඇහැකි දවස් දෙකක් උනත්.. පිස්සු මල මල් වත්තෙ කිව්වලු..ඔහොම හැඩ බල බල ඉද්දි මෙන්න මේකි එක පාරටම මගේ අත ඇල්ලුවා

යකෝ.. හිරිඔතප් බිදෙනවා තව ඩිංගෙන්.. ඇස් ගෙඩි දෙක නළලට අරං සක්කරේ දිහා බැලුවම මෙන්න ඉන්නවා විරිත්තගෙන.. කවදාවත් නැති මල කොමලෙ

ඇයි
මොනවද අතේ තියං ඉන්නේ
සිගරට් එකක් ඇයි
ඊයා.. ඔයා එව්වා බොනවද..

ආහ්.. මල හුරතල් පයින් ගමන් කිව්වලු..

මේ..
ඇයි
අපි දෙන්නා ගමනක් යංද
හැහ්.. දෙන දොයියො දෙන්නේ වංගෙඩියෙ කොටලලු.. හපන්න ලේසිනේ එතකොට..

අපි දෙන්නා.. ඇයි වෙන කවුරුත් නැද්ද... මොනව උනත් කුලුදුල් නේ..සක්කරේ නන් මොකෑ. අද හෙට දීග යන එකී මොනව කරගත්තද කවුද දන්නේ...

කවුරුත් නෑ අනේ.. ඔක්කොම බීලා වැටිලා.. අපි දෙන්නා යමුකෝ..

ම්ම්ම්.. කොහෙද යන්නේ..

රූම් එකට යමු..

හැහ්.. යකෝ .. දෙයියෝ වංගෙඩියේ නෙමේ පිටි මෝලෙ කොටල අදනන් දෙන්නේ..

අනේ මන්දා.. තනියෙන් යන්න..
ආහ්.. තනියෙන් නෙමේ.. ඔයත් එනවනේ...
ඒත්..
මොනවද අනේ යමුකො..
මෙන් වැඩක්.. මගේ අතත් ඇඳගෙන යන්න හදනවා.. ඉතින් ඉවසන්න පුලුවනැ.. මාත් ගියා පස්සෙන්.. හරිද මන්දා ‍මෙව්වා..

කෝ රූම් එකේ යතුර..
ආහ් ඒක මං ගාව.. හී හී..
මේකිගෙ හුරතල් දකිද්දි දෙයියො මගදි හම්බ උනා නන් දෙයියම්පා ඌට මල් තියලා වදිනවා..

ඔන්න ගියා රූම් එක ලගට.. ගිහින් ඇරියා දොර...
කවුරුත් නෑ ඇතුලේ.. එයයි මායි විතරයි.. මං ඇතුලට ගිය ගමන් වැහුවා දොර..හදපු වදපු දෙමවුපියො සිහිඋනා.. දෙයියනේ තුන් හිතකවත් තිබ්බ දෙයක්ක.. සතුට වැඩි කමටද මන්දා කඳළු වැටෙනවා සට සට ගාලා..

ඇද දිහා බැලුවේ.. මේන් වැඩක්..
ඇද උඩ තිබ්බ තෑගි දෙන්න ගෙනාපු පෙට්ටි ගොඩ ගහලා.. සක්කරේ එව්වා අයින් කරනවා.. දුක වැඩි කමට ගිහින් මාත් උදවු උනා.. හප්පා සිරික්කිය. හරියට අවුරුදු දාස් ගනනක් පෙරුම් පුරලා අද දවස උදා වුනා වගේ.. හදිස්සිය හදිසිය.. එව්වා ටික පිළිවෙලට අයින් කරලා බිමින් තියන්න හැදුවා

අනේ.. බිමින් තියන්න එපා..
ඒත් මේ ඉඩ ඇතිද..
ඔහොම ඉන්නකෝ ටිකක්....දෙයියනේ මෙව්වා කොහොමද බලං ඉන්නේ......

එයා ගිහින් මොකක්ද මන්දා පටියක් අරන් ඔක්කොම තෑගි ටික එක උඩ තියලා ගැට ගැහුවා..
හම්මා.. ඇති යාන්තං.. දැන් වත් හරි කියලා ඇඳ උඩ ඉදගත්තා..

මෙන්න එයා යනවා..
කොහෙද යන්නේ
ඉන්න.. මං වොෂ් රූම් එකට ගිහින් එන්නං...
ම්ම්ම්ම්.. ගමන් මහන්සියට වෙන්ටෑ ඇඳට හාන්සි වෙන්න තරන් මහන්සි.. මෙන්න එකපාරටම ටොයිලට් පේපර් රෝලම උස්සං ආවා සක්කරේ...

ඔය මොකටද.. හදවත ගැඩෙනවා සන්ෆලවර් බෑන්ඩ් එකේ බේස් එක වගේ...

ඉන්න ටිකක්..
මෙන්න සක්කරේ අර තෑගි වල තිබ්බ දූවිලි ඔක්කොම පිහිදානවා..එව්වත් කරලා ඉවර වෙලා..

දැන් හරි..
මෙන්න මං දිහා බලාගෙන හිනාවෙලා ඉන්නවා.. ඇති යාන්තං වැඩේ ඉවර උනා...

ඉතින්.. ?? ලස්සන ඇස් දෙක දිහා බලාගෙන ඇහැව්වා නෙමේ කටින් කියවුනා

ඉතින් කියන්නේ.. ගන්න මේ පෙට්ටි ටික..

හැහ්..මාව එක්කං ආවේ මෙව්වා අරන් යන්නද..

නැතුව.. අනිත් ඔක්කොම බීලා වැටිලා.. මං කොහොමද මෙව්වා අරන් යන්නේ.. අනික සාරියත් ඇඳගෙන..

ඉතින් අපි කිව්වායැ සාරි අදින්න කියලා..

කතා කරන්න වෙලා නෑ..තෑගි දෙන්න පරක්කු වෙනවා.. අපි යමු..

ආයෙ අහවල් මගුලක්ද.. මං තෑගි ටිකත් අරගෙන ආවා.. සක්කරේ ‍රූම් එකේ දොර වහලා යන්න ගියා..


ප/ලි,

මේ ඇදුම නිර්මාණය කරලා දුන්න අපේ ජේ ඩී මලයට මගේ හදපිරි ස්තූතියි ඇ.. අනික ඕනයා අයියත් ඇහැව්වනේෂර්ලොක් හෝම්ස් කෝ කියලා.. ඔන්න දැන් එකත් ලගදිම එනවා.. කලින් කොටස බලලම ඉන්නකෝ..

Thursday, November 3, 2011

ලිට්ල් ස්ටාර් නොහොත් දරුවන් සිඟමනේ යැවීම

මං මේ බ්ලොග් එකට අලුත් ඇදුමක් හදන නිසා පෝස්ට් දාන්නෑ කියලා හිතාගෙන ඉන්නේ. කවි කියලා ඇති වෙලා අප්පා.. මට එපා........... වෙලා..ඒත් අද උදේ පාන්දරම වෙනද වගේ බ්ලොග් පෝස්ට් එකක් හිත හිත බස් එකේ වීදුරුවෙන් එළිය බලාගෙන සුන්දර වෙල් යායවල් පහුකරගෙන සීතල හිම වැටුන සුදු අරලියා මල් වතු මැදින් බස් එක ඇදිලා එද්දි එක පාරටම මගේ උකුලට චූටි කොළ කෑල්ලක් වැටුනා..මං හිතුවා ෂුවර් එකටම හිගන්නෙක් සල්ලි එකතු කරන්න ඇවිත් කියලා. අතේ තිබ්බ මාරු කාසි ටික දිහා දුකෙන් බලලා.. (ඇයි දෙයියනේ දැන් අපිනේ දන්නේ රුපියල් දෙකක වටිනාකම..) හිගන්නට දෙන්න මූන දිහා බලද්දි.. දෙයියනේ...

ලස්සන චූටි කෙලි පැටික්කියෙක් මං ඉස්සරහ.. මං බැලුවා මේ මොකෝ කියලා.. බැලින්නං ලිට්ල් ස්ටාර් කෙනෙක්ලු.. හලේ.. මං ඉතින් ඔව්වා බලනව කියලයැ.. ඉතින් මං මේ සුට්ටි කෙල්ල දිහා බලාගෙන හිටියා.. ඒ කෙල්ලයි අම්මයි සීට් එකක් එකක් ගානෙ ගිහින් කාඩ් බෙදනවා.මං කල්පනා කරේ මේ පොඩි කෙල්ලව නාම මාත්‍රිකව ලැජ්ජ බය නැති කරලා හිගමනේ යවනවා නේද කියලා.. අද ඉස්කොලෙ දවසක්.. උදේ 8ට විතර නැටුම් ඇදුම් අන්දවගෙන.. හැහ්... ඒ කියන්නේ ඉස්කොලෙත් යවන් නැතුව.. දෙයියනේ.

මේ වගේ වැස්ස දවසක අපි පොඩි කාලෙ ඉස්කොලෙ යන්න කොයි තරන් ආසද.. ගුරුවරු අඩුයි.. මඩ නාලා.. වැස්සෙ සෙල්ලං කරන්න අපි කොයි තරන් ආසද.. ඒ හැම ආසාවක්ම නැති කරලා ඒ පොඩි කෙල්ලව බස් වල කාඩ් බෙදන්න යවන එක කොයි තරන් සාධාරණද කියලා මට නන් හිතාගන්න ‍බෑ. ඒ අම්මගෙ සතුට වෙන්න පුලුවන්.. අපිත් කවද හරි බැරි වෙලාවත් කසාදයක් බැඳලා තමන්ගෙ ළමෙක් මේ වගේ ප්‍රසිද්ධ වෙනවා බලන්න ආස වෙන්නෑ කියන්න බෑ.. අපිත් එහෙම වෙයි. ඒත් එහෙමයි කියලා ළමෙක්ව බස් වල මේ විදිහට යවලා පොඩි කාලෙම ලැජ්ජ බය නැති කරාම පස්සේ ඒ ළම‍යාගෙ ජීවිතේට වෙන හානිය ගැන හිතන්න මේ අම්මලට බැරි හැටි. මං නන් මේ ක්‍රියාවට පුද්ගලිකව කැමති නෑ. මොකද පොඩි කාලෙ මනසට ඇතුල් වන දේ අම්මල හැසිරෙන හැටි අම්මා කතා කරන විදිහ..පොඩි ළමයා මොනවද කරන්නේ.. මේ සියලු කාරනා මත තමා අනාගත කෙල්ලෙක් බිහි වෙන්නේ..

ඒකනේ කියන්නෙ දුව ගන්න කලින් අම්මව බලලා ඉන්න කියලා.. :-D

මටත් ඕනි නැති දෙයක් නෑනේ.. මං ඉතින් ඇන්ටනාව දාගෙන ඉද්දි මට ඇහෙනවා කියනවා කාඩ් 6000ක් ගැහැව්වලු.. යකෝ.. කාඩ් එකක් රුපියල ගානෙ බැලුවත් රුපියල් 6000ක්... හැබැයි ඒක රුපියලට නන් බැරි වෙයි.. 4 කලර් කාඩ් එකක්..අපි හිතමු රුපියල් 6000ක් කියලා.. ඒ රුපියල් 6000ට ඒ කෙල්ලට ඇදුමක් අරන් දීලා අම්මයි තාත්තයි එක්ක ගෝල් ෆේස් එකටවත් ගිහිල්ලා එක දවසක් සතුටින් පවුලත් එක්ක එකතු වෙලා ගන්න පුලුවන් සතුට විනෝදය මීට වඩා වැඩි වෙනවා කියලයි මං නන් හිතන්නේ.

මේ අලවිකරණ සංකල්ප (Marketing Concept) ලංකාවට කොහෙන් ආවද මන්දා.. මේ පොඩි කෙල්ලවයි දුර දිග බලන්නැතුව කඩේ යවන්න පුලුවන් අම්මලයි නිසා ඒ ලොකු ලොකු කම්පැණි කීයක් නන් සල්ලි හම්බකරනවද. කලින් බිහි කරපු ස්ටාර් පැටුව් අද කොහෙද.. කාටද උන්ව මතක. හැබැයි ඒ කොම්පැණී උන්ව විකුනගෙන කීයක් හම්බ කරගෙන ඇතිද.ඒ උනාට ළමයිගෙ මොලේට වැටිච්චි විච්චූරණ අගතිගාමී අදහස් නැති කරන්න කවුද ඉදිරිපත් වෙන්නේ..

අනික් අතට මෙහෙම ස්ටාර් පැටව් බිහි උනාම ඒ දරුවට ඇත්තටම සතුටු වෙන්න ‍පුලුවන්ද.. කවදාවත් ඒ කෙල්ලට කියන්න පුලුවන්ද මගේ හැකියාවට මං දිනුවේ කියලා.. කවද හරි ඒ කෙල්ලෙගෙ අම්මා කියයි

''මං මේ කෙල්ලව එක්කගෙන බස් ගානෙ ගිහින් කාඩ් බෙදලා නිසා තමයි මෙයා දිනුවේ කියලා''

මෙහෙම අහන කෙල්ලට තමන්ගෙ හැකියාව ගැන ඇත්තටම සතුටු වෙන්න පුලුවන්ද.. මේ ඇත්ත සිදු වීමක්..
ළමෙක් 5 වසරේ විභාගෙ පාස් උනාම කියනවද ඒ ළමයගෙ හැකියාව කියලා.. ඒ වෙනුවට මෝඩ අම්මලා කියන්නෙ මොනවද..

"මේ අහවල් ගුරුවරයා ලගට ක්ලාස් ගිය නිසානේ පාස් උනේ"
"මං තමා ඉතින් මෙයාව ක්ලාස් ඇදගෙන ගියෙ.. නැත්තං මෙයා පාස් වෙයි"

මෙහෙම ඒ ළමයා ඉස්සරහ කියන කිසිම මොලයක් නැති අම්මලා මං දැකලා තියනවා.. මේවා අහල ළමයට ඇත්තටම තමන්ගේ ජයග්‍රහනය ගැන සතුටු වෙන්න පුලුවන්ද.. තමන්ගේ හැකියාවට වඩා ළමයට හිතෙන්නේ පිටස්තර පුද්ගලයෙක්ගෙ හැකියාව. අනේ මන්දා මේ මෝඩ අම්මලා සංස්කෘතිය කවදා නැති වෙයිද කියලා.. හැමදාම හිතන්නේ ලග තියන දේ ගැන විතරයි.. ඒ තුලින් ළමයට වෙන මානසික සමාජීය බලපෑම හිතන්න බැරිද..

මේ සමාජයේ විවිධාකාර මිනිස්සු ඉන්නවා. මීට වඩා මේ සිදුවීම වෙනස් විදිහකට කාට හරි පේන්න පුලුවන්.. ඒත් මං කියන්නේ පවුලක සතුට ළමයාගේ සතුට මේ හැමදේම තියෙන්නේ මෙවැනි භාහිර ක්‍රියාකාරකම් මත නෙමේ. මීට වඩා මනසින් උසස් සමාජයේ ලස්සනට ජීවත් වෙන්න පුලුවන් ළමෙක් හදන්න නන් පවුලෙ හැමෝම ඒ කිව්වේ අම්මා තාත්තා සහෝදරයෝ එකතු වෙලා දවසකින් එක පැයක් එකට එකතු වෙලා විනෝදයෙන් ඉන්න පුලුවන් නන් ඒ තරන් වෙන දෙයක් නෑ කියලා. පොඩි කාලෙ ළමයි මල් වගේ.. බැරි වෙලාවත් මල් වල පාට අඩු උනොත් කවදාවත් ඒ අඩුව පුරවන්න බැරි වෙයි.. අම්ම කෙනෙක් උනාට එයාට ළම‍යව මරන්න අයිති නෑ.. එයාට අයිතිය තියෙන්නේ සමාජයට වැඩදායි අර්ථවත්..පිරිපුන් මනසකින් යුතු දරුවෙක්ව සමාජයට දෙන්න විතරයි.

ඇති ඇති.. ඔන්න මං ගියා..

ප.ලි..

මං නන් ඔය ස්ටාර් ප්‍රෝගෑං බලන්නෑ ඕං.. ඔය කවුරු හරි බලනවා නන් මේ කෙලි පොඩ්ඩට මනාපයක් දෙන්න.. හැබැයි මේක ඒ කෙල්ලගෙ කවුරු හරි දැක්කොත් කියන්න ආයෙ බස් වල කාඩ් බෙදන්න නගින්න එපා කියලා.. ඉස්කොල ගිහින් වැස්සේ නටන්න කියන්න..:-D

DLS (හිස්තැනක්) අංක 15 යොදා 9900 ට හැකිතාක් SMS කරන්න.. (නොවැම්බර් 5 දක්වා පමණි.)

Saturday, October 15, 2011

බස් මියයන්නට පෙර අවසාන කොටස


2011 ජූලි 19

නීල නෙතු පියා.
පෙරදාක සනසලා
නොදැක නුඹේ රුව මා හඳ
කිමඳ මඟ බලා.....

සීනා මල් මවා
පෙරදිනක හිනැහිලා..
දෑත් මතින් රැදි මල් රඳ
කිමඳ මග බලා...

එන්න පියඹලා
ඉන්න මටම ලං වෙලා
තුටු නොලැබ මාගේ හඳ වැලපෙයි
නුඹව සිහිවෙලා...............

.................................................................................

2011 අගෝස්තු 24

ලියන්නට කවියක්
පෙරුම් පුරනා සිතකුත්
නිදන් නැති පද වැලක්
අමුනමිද නැතුවම තාලයක්

පියඹන්න පෙරුම් පිරුවත්
තටු නොලැබ සිතින් දුක් වූවත්
පලක් නැති පැතුම් අහුරක්
රැගෙන යන්නෙම්ද නොනිමි ගමනක්

ලොවට පෙන්වූවත්
සිතින් තුටු වූවත්
අහිමි පෙම් පුවතක්
කෙසෙල වේවිද තවත් මොහොතක්

හෙට දිනට මම නැතුවත්
ඔබ ඇවිත් අනඟ රඟ රැගුවත්
මගේ ලොව හෙටටත්
හිරු ඇවිත් යයි ලෙසින් හැමදාමත්..

.................................................................................

2011 අගෝස්තු 26

පීනන්න වුයෙමි
මහ සයුර මැඳ
සුන්දරම දසුනකි..
මහ මුහුද මැද ඇති දූපතක
දියකිඳුරියකි..
මා විඟස ගොස් දියකිඳුරිය අත පැතුවෙමි
ඇයද අත දුන්නාය
පසුව අපෙ දෙදෙනා අත ගත්තේය
නිවස වෙත එන්නට ගොඩ බිමට ආවේය
අහෝ ඛේදයකි
ඇයට කකුල් නොමැති නිසා ඇවිදින්නට බැරිය..
එම නිසා ඇයව ගොඩබිම තියා මම ‍ගෙදර ආවෙමි......

.................................................................................

2011 සැප්තැම්බර් 12

මන්නාරමේ ඉදන්
වැලි පාලමක් ලගින්
ආ නුඹ සමගින්
තවම මා තනිවී මේ ලෙසින්

පිච්ච මල් සුවදින්
හමන මද නළ සමගින්
තුරුළු වී රහසින්
මීනු නුඹ කෝ නැතිද අද ඇවිදින්

දවටලා පිච්ච මල් රැහැනින්
සරසවා හිස මල් සුවදින්
යන විට කළඹවා මා මනසින්
කොහෙද නුඹ අද සැගවිලා මෙලසින්

................................................................................

2011 සැප්තැම්බර් 22

මිය යන්න මො‍හොතකට පෙර
පෙරුම් පිරුවෙමි නුඹ දකින්නට
අන් කිසිවක් නොපැතූ අයුරින්
නුඹ දකින්නට සිහින මැවූයෙමි..
නමුත් දනිමි මම...
නුඹ නොඑන වග..නමුත් මට
නුඹ එනතෙක් නැවතී සිටිය නොහැක..
අවසරයි මට..
දෙනෙත් පියාගන්නට..
ඉඳින්
හමුනොවෙමු අපි යලිත් මතු සසර පුරාවට.........

................................................................................

2011 ඔක්තෝම්බර් 14
මගේ අවසාන බස් කවිය..

මා මිය ගිය දිනට
මා මල සාහොන අභියස
කවුරුත් නැතිය තනි රැකුමට
කවුරුත් නැතත් තනියට
කුණුවී යන මිණිය වට
ඉහඳ පණුවන් වට වීගෙන
තනියට හිදී මා මළ පසුවට...

නැතිවී ගිය කලට ඕජස
ඉහද පණුවොත් යතිය හැර යන්න
මළ පසු ජීවිතය මෙන්ම
අරුමයක් නැත වටහා ගන්න

ඇතෝත් තේජස
ඇතිය වට ඉහඳ පණුවන් ගොල්ල
නැතුව යන කලට ඒ බල
උන් යන්න යයි දමා තනිකර..

........................................................


බස් නැමැති සුන්දර ස්ථානය මතු දිනක නැති වූවද මා වඩාත් ආදරය කල ඒ මතකය සිහිවටනයක් ලෙසින් මේ ‍බ්ලොග් පිටු අතර සැමදා රැදේවා!!!!


බස් මියයන්නට පෙර හයවන කොටස

2011 අප්‍රේල් 24

දෙනෙත් පියා හිනැහෙනු මැන
තුරුලේ හිස තියාන නුඹ
සුලගේ නුඹ විගස පැමිණ
අතුරාපන් සෙනෙහෙ සුලඟ
අහසේ තරු හිනෙහෙනු මැන
පුන් සඳ විත් එබෙන තුරා
රන් තරු මල් පොකුරු මලින්
සරන්නද නුඹ සතපා

.....................................................................................

ඇවිද යමුද..
මුලු පාර පුරාවටම
වාහන පේලි අතර අතමං වූ ලෙසින
පෙනුන විට රිය සකක්
දනිමි මම
මා දමා නුඹ ගොසින්
සැගවෙනා බව ලොවට රහසින්

..................................................................................................

2011 මැයි 25

සංසාර පුදරුද්දට වන්නැති
නුඹ ලගම සිත නැවතුනේ..
දාරා ගන්න නොහැකි ලෙසින්
මේ සිත පුදන්නට නුඹට හැකි උනේ
දනිමි නුඹ
මට අහිමි වග......
අවිසිංක සිතක් ලග
සිතක් මගෙ නැවතුනේ
පුදන්නට නුඹ නමින් ඈති ප්‍රේමය
ඈය නමින් පුද කලේ..............
නමුත් මිහිරිය නුඹ ඇයිද තව
මේ ලෙසින් රිදවුයේ....
මා නුඹට පිදු පෙම
ඈය නමින් පුද කරේ.................

..................................................................................................

2011 මැයි 26

පවසන්න ආදරය
අසා සිටින්නම් මම..
කියන්නට හැකි නම් නුඹ තුරුලෙ හිඳ
අසා සිටින්නම් සැතපෙමින් ළය මඩල මත

සුළගට ලෙළ දෙනා කෙහෙරැළි
දනිමි නුඹ මෙන් දඟකාර වග
‍පුන් පෝය සඳ නුඹ මුහුණෙ ඇතිවද
ආදරෙයි මං සත්තමයි නුඹ හට.............

..................................................................................................

2011 මැයි 31


රාත්‍රිය නිසලව බලා සිටිනු මැන
හදවත පමණක් මුමුණන රාවය
දෙනුවන වැසුනත් නින්ද සොයාගෙන
මා සිත තවමත් නුඹම සොරාගෙන

ආසයි ඉන්නට නුඹව තුරුළු කර
එනු මැන මොහොතක් නුඹව දකින්නට
පිණීපොද වැතිරුනු සේද වලා මත
වසන්තයත් ගෙන වඩිනු මැනේ නුඹ

අවරින් හිරු ඇත මිලින විලාසින
එනමුද රන් වන් පැහැය පුරානෙක
ඇතින් සිටියද සිතක් සොරාගෙන
නුඹ මට එලියයි සැමදා ඒ ලෙස

..................................................................................................

2011 ජූනි 6


වහින්න වැස්සක්ව
මුතු වැස්සක් නොවූවද
ගහකොල මතට ඇද වැටෙනු මැන
රිදුම් දෙන උන්, නොහැකිව හඩඟා කියන්නට
නිහඩම ‍නිසොල්මන්ව හිදිනු ඇත..
සිතක් නැති මහ වැස්ස
වහිනු මැන ඟිගුම් නඳ දී
වේදනාවන් නුඹට නොදැනෙනු ඇත..
මන්ද නුඹ පිළිගැනීමට
ඔවුන් ඇත අතර මග ....
නුඹෙන් පහර කන තුරු ලතා
පෙරදා මෙන්ම අදද මග බලනු ඇත
නුඹව පිළිගන්න....

..................................................................................................

2011 ජූනි 22

වින්දනීය ආත්මයක
නුහුරු මරණය තුරුල කොට
වේදනා විදින සිරුර දෙස
කුමට තව කටු අනින්නද
නුහුරු වුව මරණය.. විදින්නට ඇත්නම් මොහොතක
අමතක කර මතකයක රුදුරු බව
විදිමි මම මියයනා මොහොතක..........
වියළි ගිය රළු පොළව මත
මා වෙනුවෙන් සුසැදි බිම් කඩක
අතීතයෙ මතක ගුලි කර
මිය යන්න අවසරයි තවත් එක් ජීවිතයක..............

..................................................................................................

2011 ජූලි 13

හන්තානට පායන සඳ අපිට වැඩිය වෙනස් නම්..
මාත් ආසයි එකම එක සැරයක්..
ඒ සඳ එළියෙ ලස්සන බලන්න..

ඒත්..
හන්තානටත් පායන්නෙ අපිට පෙනෙන සඳම නම්..
අපරාදේ මං සල්ලි වියදන් කරගන්නෙ..
ගෙදර මිදුලට බැහැල ඒ සඳ දිහා බලාගෙන ඉන්නවා...


ගූගල් බස් මියයන්නට පෙර - පස්වන කොටස


2010 දෙසැම්බර් 4

වැස්ස වහිනවා..
හ්ම්ම්ම්.. ඉතින්...
මතකද අපි දෙන්නා ඉස්සර වැස්සට තෙමුනා..
හ්ම්ම්.. ඔවු..
ඒ කාලෙ අපි කොයි තරන් ආදරෙන්ද හිටියේ...
හ්ම්ම්..
අපි අදත් තෙමෙමුද???..
පිස්සුද මිනිහෝ.. මේ ළමයි බලා ගන්නවා මදිවටද ඔහෙත් තෙමිල නහින්න හදන්නේ.............

............................................................................................................................................

2010 දෙසැම්බර් 12

නින්ද නේන රෑ පුරා
සිහින මවමි නෙතු පියා
තරු මල් මුතු ගිලිහිලා
පොළව සිඹියි සැගවිලා

සරා සදට ලංවෙලා
මුමුණන හුරතල් කථා
තරු පොකුරට සැගවිලා
යයිදෝ ලොවටත් හොරා

දේදුනු පැහැයෙන් සදා
සිත්තම ඈත බොදවෙලා
පින්සල දෙඅතින් බදා
බලා හිදිමි නුඹ දිහා ...............

............................................................................................................................................

2010 දෙසැම්බර් 31

දිනසති ගෙවී මාසය යයි අපිට හොරා
මාසෙන් මාසෙ ගෙවිලා එය ඉවර වෙලා
දොලොස් මසක් ගෙවිලලු එහි අරුම කිමා
සතර අතින් සුභ පැතුවලු සියලු දෙනා

එරබදු පිපි රතු පාටින් දි‍ස්නෙ වෙලා
වෙසක් පුන් පොහෝ දිනයද ගෙවිල ගියා
පො‍සොන් ඇසල දින සති වී නැතිව ගියා
දොලොස් මසක් මේ අයුරින් ඉවර වෙලා

එළඹෙන දිනක නව පැතුමින් ඉතිරෙන්නයි
කිරි පැණි නැතත් නිරෝගි කම උතුරන්නයි
හිත් තුල සතුට නිම්නැති ලෙස පැතිරෙන්නයි
නව අවුරුද්දකට මා ඒලෙසින් සුභ පැතුවයි

නව අවුරුදු කියා අප හට වෙනසක් නැතුවා
නිරෝගි සුව කොයි කාටත් හිමි වේවා
සිතේ සතුට පිරිලා ගොස් ඉතිරේවා
සියළු දෙනා හට ආසිරි පැතුමන් පැතුවා

............................................................................................................................................

2011 ජනවාරි 1

පියඹා යන්න පෙරුම් පිරුවෙමි
නිල්වන් අහස සිසාරා
තටු ලද්දෙකු පරිද්දෙනි
මිහිදුම් වළා අතරින් රිංගා
දේදුනු මත හිද නුඹ හා දොඩමලු වෙන්නට
පෙරුම් පිරුවෙමි..
කිසිලෙසකවත් නොසිතුවෙමි
අනෝරා වැසි වැටී
දේදුන්න බොදවී
මා නැවත තනි වන වග..............

............................................................................................................................................

2011 ජනවාරි 30

සිතුම් පැතුම් අප කළ කී
ගලවා ගන්නට නොහැකී
කකුලේ බැදි කළු ගලකී
පනිමි වතුරට යන්න වියකී

අතීතය වදයකී
අමතක කළ නොහැකි විසකී
විස ඉතුරු වුන හදකී
හිත තුල මැකී නොයන කවියකී..................

ඇය අසයි වදදී
සිත ‍මෙලෙස ඉවසද්දී
නොලැබ පෙම දුක් වද්දී
නුඹ තවත් රිදවයි මට වදදී............

ආදරෙයි කියද්දී
නොහිටියා නුඹ කන්දී
මගේ පෙම පාගද්දී
තවත් පෙම් කරයි සිත හඩද්දී.................

............................................................................................................................................

2011 පෙබරවාරි 22

ආසයි මට කවි කියන්න
නුඹ එනවද අහං ඉන්න
බස් වල මට කවි ලියන්න
අවසර නැතිවද කියන්න

කුරුල්ලනේ පියාඹන්න
වන තුරු මල් හිනා වෙන්න
මගෙ කවි සිත සගව ගන්න
දෙවියනි මට වරම් දෙන්න

මිහිදුම් සළු ඇදි යන්න
සීත සුලං හමා එන්න
මගෙ කවි සිත නැති කරන්න
දුවලා ඈවිත් උදවු වෙන්න...............


............................................................................................................................................

2011 පෙබරවාරි 23

සත්සර තනු නැතුව පද සතරක් ගලපා
කීවෙමි කවි නිතර හිත තුල තිබු හින්දා
බසයේ මග කවිය නිරතුර වද දෙන හන්දා
සමුදෙමි කවිය නුඹ හට මිනිසුන් අකමැති හින්දා

මිහිදුම් වලා දේදුනු උපමා බන්දා
ඈල දොල නිතර සිලි සිලි හඩ දෙන හන්දා
පදවැල් තිබුවත් මට අවසර නැති හින්දා
කවි සිත යන්න දැන් තනියක් නැති හින්දා

බසයේ කවි ගෙතුම් මේ විලසින් නවතිනවා
මා මිය ගියොත් මේ කවි මා අමතනවා
බසයෙන් කවිය අද දින සමු දී යනවා
මගෙ කවි ඈයට පමණක් දැන් හිමි වෙනවා

නිල්වන් අහසෙ ​සියොතුන් ඉගිලී යනවා
සුසිනුදු සේද සළුවෙන් ලොව වැසි යනවා
මා ලියු අවසන් කවි පේලි ලියවී නවතිනවා
කවි සිත මගේ උරණව වෙන් වී යනවා

............................................................................................................................................

2011 මාර්තු 15

සත් සමුදුරෙන් එහා
අපේම ලොවක් තනා
එපිටටම පිහිනලා
සැගවෙමුද තනිවෙලා

වන උයන් සරසලා
දේදුනු වියන් බැඳලා
වළා යහනක සැතපිලා
සැගවෙමුද තුරුලේ හිනැහිලා.......

............................................................................................................................................

හිත තනි වෙලා..
සයුරු ඉම හිඳ තනිවෙලා
නුඹ ඈවිත් ලං වෙලා
ඉඳින් තනිනැත හිත හිනැහිලා

කවුරුදෝ පියමං කලා
සුසුම් සුවදින් මත් කලා
නුඹ ඈවිත් මට හිමි වෙලා
තවත් තනි නැත මා නුඹෙ වෙලා...............

............................................................................................................................................

2011 අප්‍රේල් 15


මිහිදුම් සළු වියා නිල් අහසේ රන්දාලා
තරු මල් මාල අමුණා දෙපසින් සිටුවා
සුසුනිදු වළා යහනක නුඹ සතපාලා
අපි එක් වෙලා ලොව ඇත තව මග බලලා

බැදි රන් තොරන් වැයු හේවිසි නැවතීලා
අ‍පගේ ලොවක අද අප ඇත තනිවීලා
බැඳි රන් හුයෙන් සුරතක් අපෙ එක් කරලා
සොදුරිය ඉතින් අප පමණයි ජීවිතයට මුල පුරලා.......

බස් මියයන්නට පෙර හතරවෙනි කොටස


2010 නොවැම්බර් 5

හිරු බැස ගියා අහසට අදුරක් දීලා
සඳ එන තුරා මං සිටියෙමි නෙතු ඇරලා
වැහි හින්දාලු සඳ තරු ඇත මිලින වෙලා
මං දැන්න යන්න යමි තනිකම ඇත වෙලිලා

අහසේ ඉන්න දෙවිඳුනි නෙත් යොමනු මැන
පොළවේ ඉන්න දෙවිඳුනි ‍මේ අසනු මැන
මේ බස් මගින් මගෙ සිත සතුටින් පුරන
තිස්තුන් කෝටියක් දෙවිඳුනි රකිනු මැන

..........................................................................................................

2010 නොවැම්බර් 5

නුඹ මගෙන් සමුගන්න
කෙලෙසකින් සිදු වෙයිද
නුඹන් මා මගෙන් නුඹද
හැකි වේද වෙන්වෙන්න

ආදරය කෙලවරේ..බැදුනු යදමින් අප කෙරේ
සිදුණු ආදර මන්දිරේ .. සිහින නැතිවද නුඹ හදේ

ගියත් පිටුපා නුඹ හදින්
කෙලෙස මිදෙමිද ඒ ආදරෙන්
අවසරද යදිමට නුඹ කෙරෙන්
එන්න හැකිවද යළී ආදරෙන්

..........................................................................................................

‍2010 නොවැම්බර් 11

ජීවිතය
පැතුම් පොදි අත දරාගෙන
ඇත අනන්තය මත ඇදි
ලස්සන සිතුවමක් සොයා ගෙන
පිය නැගුවෙමි
පැතුම් පොදි කරපින්නා ගෙන
රන් තරු වලින් සරසා ගත්
නිල්වන් සේද ඇතිරූ පාවඩ මතින්
පියමං කෙරුවෙමි
අනන්තය තව බොහෝ දුර ඇත...
රිදුම් දෙන විඩාපත් පා යුග දෙස
නෙත් යොමා බැලිමී.........
පාවඩත් නැත..අදුරට එළියක් වූ රන් තරුත් නැත..
අනන්තය මත ඇදි සිතුවම එලෙසමය..
විඩා හරින්නට වීමී...
තව බොහෝ දුර යා යුතුය..
දෙපා වාරු නැත..තනිකමට හුන් නුඹද නැත...
නැවතත් නැගිට සිටීමට හැකි දැයි නොදනිමි..
දෙනෙත පියා ගතිමි වෙහෙස නිවන්නට..
දෙනෙත් යළි හිරු එළිය
දකින්නට පිං කර ඇති දැයි නොදනිමි

..........................................................................................................

‍2010 නොවැම්බර් 13

මොකක්ද ඔය රත් කරන්නේ යකඩේ..ඇයි?
ඉතින් ඇයි රත් කරන්නේ?
තලන්න ලේසිනේ....
ඔය මොකද ඔය තරං හයියෙන් ගහන්නේ
තලන්න..එතකොට තමයි අපිට ඕනි දේ කරන්න පුලුවන්....
ඔය තරන් හයියෙන් ගහනව නන් ඇයි රත් කරන්නේ..
තැලෙන යකඩෙට ඔය තරන් වද දෙන්න ඕනිද???

..........................................................................................................

‍2010 නොවැම්බර් 15

මුහුදේ මැද්දේ ඉන්න
මොරුන්ගෙනුත් බේරිලා
අලි තඩි ආගාධ වලට වැටෙන් නැතිව
ඒවටත් උඩින් පැනලා
කවදාවත් නොදුටු සත්තු හිටියට
උන්ගෙනුත් බේරිලා
අර මහ ලොකුවට පේන
සත් සමුදුරම පීනලා ආපු මට
තාමත් ඔයාගෙන් ගැල වෙන්න බැරි ඇයි...????

..........................................................................................................

‍2010 නොවැම්බර් 19

පියනගමින් ජීවිතය නැමැති
කාන්තාරය මත..
පිපාසය දිය බිඳක් ඉල්ලා හඩා වැටුනද
අසන්නට කිසිවෙකුත් නැති
තනිවුන මං පෙතක
හදවතේ සුසුම් මග හරින විට
ජීවිතය තවත් උසුලාගත නොහැකි නම්
අවසන් සුසුමක්ද ගිනිගත් ලොවට පිට කර
මියදෙන්න හැකිය..
මල් මිටක් දෙඅතේ තබන්නට
නොහැකිවනු ඇත කාන්තාරය මැද......

..........................................................................................................

‍2010 නොවැම්බර් 19

යකෝ මං ආසියා දාද්දි.
කවදාවත් හිතුවේ නෑ
උඹ බුරුව දාලා
මගේ පොරව කපල ගනී කියලා....
මොකද මට අමතක උනා ඌ බුරුව උනත්
තුරුම්පු කියලා..........

..........................................................................................................

‍2010 නොවැම්බර් 19

කැටයම් කරල නැති උනාට
රබර් ලීයෙන් හදපු
පිදුරු වලින් පුරවල තියන
මලානික පෙට්ටියට වෙලා මං ඉන්නං
වටේට මල් ගහන්න කවුරුත් නැති උනාට
මං වෙනුවෙන් කියල අරන් යන්න දේකුත් නැති උනත්
එදාටවත් නුඹ එනවද
මට හිනා වෙලා එක පාරක් කථා කරන්න...
ආදරෙයි නොකිව්වත්...
මට පුලුවන් උනොත් මං එදාට කියන්නං
මං කොයි තරන් ආදරේ කරාද කියලා..........

..........................................................................................................

‍2010 නොවැම්බර් 19

කල්පයක් පෙරුම් පුරලා
එක රැයක් පහන් කරලා
ඉර මුදුන් වෙන්නත් කලින්
ඔයා ලගට දුව ගෙන එද්දි
.........................
ඔයා වෙන කෙනෙක්ව කසාඳ බැදලලු.....

මං හිත හදා ගත්තා.....

කල්පයක් පෙරුම් පුරලා..
මං හිත හදා ගත්තා කියල හිතුවට
පෙරුම් පුරපු කල්පෙම කරල තියෙන්නේ
ඔයාට තවත් ආදරේ කරපු එක...

..........................................................................................................

‍2010 නොවැම්බර් 26


මිහිදුම් සලුව රැළි අතුරා අහස පුරා
සීතල තුරුලු ‍ලොව තුල මම හිදිමි බලා
පුන් සද එබෙන මහ රෑ නුඹ ලගට වෙලා
ඉන්නට හැකිද නුඹෙ ළයමත තුරුලු වෙලා

කරුවල පිරුණ මගේ ලෝකය එළිය වෙලා
වනපෙත් මතට මල් වැටිලා පාට වෙලා
දෙසිතක් බැදුන දෑතක් අද එකතු වෙලා
ඇවිදන් යමුද අපි තුරුලව ලගට වෙලා

..........................................................................................................

‍2010 නොවැම්බර් 28

ලස්සන රතු රෝස මල් පොකුරක් රන්දා
නිළමේ ඈදුම මේ දැන් මං ගොස් ගත්තා
අලියට මද කිපිලා හන්දා බයකුත් ඈතුවා
පොඩි කුමාරියේ නුඹ මග ඈතිදෝ මන්දා......

ගමටම මගුල් කියලා මං නුඹ කැන්දා
යන දින ලගයි නුඹ මට හිමි වුන හින්දා
කුමාරියේ වලව්වව මට දෙනවද මන්දා
අලියා එපා නුඹ ගෙන යමි මම කැන්දා...........

..........................................................................................................

‍2010 නොවැම්බර් 29

ගුරු පාර අයින දිගට
පිපිල තිබ්බා වැටෙකෙයි මල් දිහා බලාගෙන
මං සිහින මවමින් එද්දි
නිදි කුම්බා පැලයක් පෑගිලා
මං පියවි සිහියට ආවා......

දැන් හරි..:-D

..........................................................................................................

‍2010 නොවැම්බර් 29

ලස්සන පාට මල් පොකුරක් අත රන්දා
තුන් ඉරි ගෙල වටට මුතුදෙපොටක් පලදා
පොරුව මතදි අතපැන් වක් කර බන්ඳා
කැන්දන් යන්න එනවද නුඹ රන් ළන්දා

රෑ හිස් අහසේ නුඹ රුව සිත්තම් කරලා
පුන්ස‍ දෙ කැලුම් ගෙන එය හැඩකර දමලා
මිහිදුම් සලුවෙ තරු අමුණා වට කර පළදා
බලමින් ඉන්න නුඹ කැමතිද මට නන්දා.

බස් මියයන්නට පෙර තුන්වන කොටස



2010 සැප්තැම්බර් 22

ඔයා මට ආදරෙයිද??
හ්ම්ම්....
කොයි තරන් ආදරෙයිද
හ්ම්ම්ම්ම..මෙච්චරක් ආදරෙයි..
අනේ..ඔය පොඩ්ඩයිනෙ...
ම්ම්ම්ම්ම..එහෙනන්..මෙච්.......චරක් ආදරෙයි...
අනේ...එච්චරද...
හ්ම්ම්ම්..මේ..........................ච්චරක් ආද‍රෙයි
අනේ...මදි ඒ..
ඔයිට වඩා මට ආදරේ කරන්න බෑ මොඩයෝ....

හ්ම්ම්ම්..එහෙමද??
එහෙනන් ඔය ඇති...

........................................................................................................

2010 සැප්තැම්බර් 24

තුරු මල් වියළිව ඈල දොලද නිහඩව
ලොවම අද පාලුද
නුඹ යයිද දුර ඇත

සද තරුත් මිලිනව රැහැයි හඩ කො කොහිද
තවත් රෑ දිගුවේද
සිත යලිත් හඩනු ඈත

වසින වැසි අහස මත ඈද හැලෙයි පැල්පතට
තනිකඩව හඩන සිත
දිය බිංදු රිදවයිද

මිදුල මත අඹ රු​කහි ගි ගයන සියොත් නද
ගිරවු නැත ​ඈයිද අද
තනිවු සිත තවත් රිදුනිද

........................................................................................................

2010 සැප්තැම්බර් 25

ලොවම නිදන පාලු රැයක ගෙවා දැමූ දිනයක
පැතුම් කරපින්නාගෙන
අවසන යලිත් පැමිණ ඇත
නිදන්නට අවැසිය
රිදුම් දෙන ජීවිතය
සොවින් වැලපෙන සිතත් අරගෙන
නින්ද නෙතු මගහරින විට
නුඹ යලිත් සැතපෙයි නෙතු පියන් යට
පියවන්න නෙතු මට නිදන්නට
සිතත් වැලපෙයි නුඹ දකින්නට
අහිංසක මගෙ සිත යලි දෙන්න මට
දෙනෙත් ආසයි දැන් නිදන්නට...........

........................................................................................................

2010 ඔක්තෝම්බර් 1 වෙනිදා..

හමා එන මද නලක නුඹ හනික නැග එන්න
දේදුන්න මත නැගිල තරු පොකුරු ඈහිදින්න
අර පේන කදු මතින් පියඹාල හිනෙහෙන්න
නෙලූ මල් පොකුරු ගෙන හනික නුඹ පැමිනෙන්න

අහස් කුස සිසාරා ආදරය පවසන්න
නුඹ තුරුලෙ සැතපීලා නුවන් යුග සගවන්න
ඔය උකලෙ හිස තියන් ඒ සුවද විදගන්න
මගේ ලොව සරසන්න මගෙමවී නුඹ ඉන්න.........

........................................................................................................

2010 ඔක්තෝම්බර් 8

සදලු තලේ වැට අයිනේ
හිරිපොද ඇවිදින් වැටුනේ
බයිට් ටිකත් පෙගිල ගියේ
සෝඩ පමණි උතුරු උනේ

ගෙදර එන්න ඕනි උනේ
හනි හනිකට ගිල දැමුවේ
හොද සිහියෙන් පිට වූයේ
අතර මගදි මොකද උනේ

අකුරු මැකි බොද වී යයි
ලොවම මගේ වට කැරකෙයි
නින්ද අසල නැති හින්දයි
වෙරි මදිවද කියල හිතෙයි

........................................................................................................

2010 ඔක්තෝම්බර් 14

සොදුරු නුදුටු රුව
මල් මත රැන්දුව
ඈත දුරක උව
දකින නුඹේ රුව

දේදුනු අතරින්
පාර සොයාගෙන
සමනළියකගෙන්
පාර අසාගෙන

රන් තරු එළියෙන්
නුඹ සරසාගෙන
කැන්දන් එමි නුඹ
මෙගේම තුරුලට......

........................................................................................................

2010 ඔක්තෝම්බර් 31

ස්ටෙස් වෙනස් කරමුද
හා
දැන් මොකක්ද දාන්න ඕනි..
ඉන් රිලේෂන්ෂීප් දාමු
දාන්නම ඕනිද
ඔවු..ඈයි බය වෙන්නේ..අපි දාමු
අනේ මට බැ..
ඈයි...
මං වෙනුවෙන් දාමු
හ්ම්ම්ම්ම්
ඔන්න මං දැම්මා
එපා...........
ඈයි
මගේ බොයි ෆ්‍රෙන්ඩ් තරහ වෙයි...:-D

........................................................................................................

2010 නොවැම්බර් 1

අර තියන විල් තෙරෙට මං ඔයාව අරන් යන්නද
ඔයා කොහොමද ඒක කරන්නේ..
මං ඔයාව කරේ තියාගෙන පීනන්නං..
ඔයාට පීනන්න බෑනේ
නෑ මට පුලුවන්..
එහෙනන් අර අතන කෝටුව ලගට පීනල එන්න..
හරි....
මං ගිහින් ආවා..කෝ ඔයා....
මං මෙහේ...
කෝ ඉතින්..
මට බෝට්ටුවක් හම්බ උනෝ...මං යනෝ.....:-D

........................................................................................................

2010 නොවැම්බර් 2

දිවුරා කියන්න මගෙ නලලත අත තියා
නොයන වග මා හැර දමා
යන දිනයක් වෙතොත්
යන්න
ඇතටම
දෙනෙත් මායමට නොපෙන්නට
මා සොයා ඒවි
නුඹ ලගටම යලිත්
දිවුරු වග සිත් මලින් නැගිටින්නට පෙර
මරාදමන්න මා
මිය යමි නුඹ ළය මත
වැළදගමි ඒ මරණය
අතැ'ර නුඹ නොමැති ජීවිතය...:-D.

........................................................................................................

2010 නොවැම්බර් 4

මං පිහිනන්න උගතිමි
සත් සමුදුරෙන් පිහිනන්න
මන්ද යත් නුඹ දුර බැවිනි..
මා පිහිනීමට පටන් ගත්තෙමි
සත් සමුදුර මැද්දටම
මන්ද යත් මං නුඹට ආදරය කළ නිසාවෙනි
​අහෝ...
නුඹ අන් නැවක යන අයුරු දුටුවෙමි
මා සයුරු මැද අතරමං වී ඈත..
එගොඩත් නැත
මෙගොඩත් නැත...:-D

ගූගල් බස් මියයන්නට පෙර - දෙවනි කොටස

පලවෙනි කොටස දැකලා නැත්නන් මෙතනට ගිහින් එන්න ඕනි..

2010 අගෝස්තු 31

පාවෙ සුදු දුහුල් වළා
ලොවට රහසෙ පියඹලා
මගෙ පෙම ඇයටත් කියලා
විගස එන්න මා සොයලා...........:D

ඉක්මනට ගිහින් වරෙන්.. තව දෙතුන් තැනකට උඹව යවන්න ඕනි... :-D

.........................................................................................................................

2010 අගෝස්තු 31

සිහන රැයක නිදි වරා
දෙනෙතත් මගෙ වෙහෙසිලා
නුඹ හොරහෙන් පැමිණිලා
මගේ ලොවම එලි කළා

සරා සදත් හිනැහුනා
තරු පොකුරුත් බැබලුනා
දෙහදක් අපෙ එක් වෙලා
නුඹ මගෙ තුරුලට වුනා

.........................................................................................................................

2010 සැප්තැම්බර් 1

සරා සිහින ගුවන් තල අරා
මල් පෙත්තක ගොඩ වෙලා
පාවී වී ගොස් ලොව පුරා
මං අවෙමි නුඹ කරා

රෑ පුන් සදෙ කිරණ මැදින්
තරු මල් වල පැහැය අරන්
මං එන විට ලොවට හොරෙන්
ඔහු හිටියලු තුරුලු කරන්

.........................................................................................................................
කියන්න මට
ආදරෙයිද නුඹ මට
ආදරෙයි නම් ඒ තරමටම
රැගෙය යනුමැන
නුඹෙ සසුම් පොද.........

සද හිරුට තනි නැතිලු
නුඹ තවත් මගෙ නෙමෙලු
කුමට තව මේ කදුලු
ආදරේ නුඹට හින්දමලු

.........................................................................................................................

සිනාසෙන්න ආසයි මං
නුඹ නැතිවත් මගේ ලොවට
හොරෙන් එබෙන සද රුස් විත්
සතුට අරන් යයි රහසෙම

හිමිදිරියෙම දකින නුඹේ
ලස්සන පද වැල් නිසාම
ලං වෙන්නට බැරි මගෙ හිත
තවත් හඩයි මට රහසෙම

ඔහු නුඹ ලග සිටින තුරා
සතුටින් නුඹ ඉන්නවාද
මං තනිඋන මගේ ලොවක
තව දවසක් එළි උනාද.....

.........................................................................................................................

අත්හරිනු මැන බැදි යදම් වලින්
නිදහසේ පියඹා යන්න
නිල් අහස් කුස පුරාවට
මගේ ලොවක් සොයාගෙන
රජවෙන්න මට
මගේ මිහිමඩලතුල

.........................................................................................................................

පියඹා යන්න අහස පුරාවට
බැදි යදිමින් බිදී ගිය මං
අනේ දෙවියනි රකිනු මැන සෙනෙහසින්
නැවතත් හිමි නොවන්නට අහිමි පෙම

යන්න වන උයන් සිසාර
තෑනූ ලොකය විසිර ගිය දූවිලි
නෙත් අගින් ගිලිහුන කදුලින් පිසදා
සරසන්න අවසරද මගේ ලොව යළි

ඉඩ හරිනු මැන
සියොත් රැලකට පියඹා ගී ගයන්නට
වන උයන් තුරු මලින් සරසන්නට
ඒ සුවද සිසාරා මගේ හද මඩලතුල
පුරවනු මැන නැවුම් ලොකයක සුසුම් පොද


.........................................................................................................................

2010 සැප්තැම්බර් 3

නිවේදනයයි...!
අවිහිංසක, අවංක, කීකරු,
බොළඳ, ළපටි, සුදු
තරුණ කෙල්ලකගේ
සෙනෙහස උවමනා කර තිබේ.

.........................................................................................................................

2010 සැප්තැම්බර් 5

සුසම් සුවදක නැගුන සිතිවිලි
මගේ ලොව වෙත පාවුනා
ලගින් නොමැතිව දැනෙන ප්‍රේමය
තවත් මොහොතක සැනසුවා

දුරින් ඉද නුඹ ගොතන කවි පද
මගේ සිත තුල ගොලු වෙලා
තවත් දිනයක දුරින් උන් අප
සිතින් මොහොතක් එක් වුනා

.........................................................................................................................
2010 සැප්තැම්බර් 6
බසයක් නොමැත අද අහලක පෙනෙන්නේ
මං බස් නැවතුමේ නැවතිල සිටින්නේ
සෙනගත් නැතිලු අද ඈයි මේ වේ​ලෙන්නේ
කවුරුත් නැතිද බස් පාරට දමන්නේ

.........................................................................................................................

2010 සැප්තැම්බර් 15

පෙර නුදුට ඔබ කවුද
නීල දෙනයන
දෙතොලෙ සිනහව
මටත් නොකියම
මටම ලං වුන
වසා ඇති දොර
පියන් විවරව
මගේ සිත නුඹ
අරන් යනවද................


.........................................................................................................................

2010 සැප්තැම්බර් 20

මා සියදිවි නසා ගැනීමට තීරණය කෙරුවෙමි..තව දුරටත් මේ කුරිරු සමාජය හමුවේ ජීවත් වීමට උවමනාවක් නොවූවෙන් මා ජිවිතයට සමු දීමට තිරණය කෙරුවෙමි.වස බීමට සිතා පලිබොධනාශක අළවි සැලක් සොයා ඈවිද ගියමුත් එවන් ස්ථානයක් සොයා ගැනීමට අපහසු විය..එල්ලෙන්න සවි ශක්තිය ඇති කඹයක් විකුනණ ස්ථායක් නොමැතිය..සියල්ල බාල බඩුය..අහම්බෙන් නෙත ගැටුණි..සුරා සැලකි..නැවතත් ජිවිතයට සමු දීමේ ආශාව ඈතිවිය..අත ඈති මුදලින් ගල් භාගයක් ගතිමි..අනෙකුත් දෑ ගැනීමට දැන් මුදල් නැත..නමුත් දිවි නසා ගැනීමේ ආසාව නිසාවෙන් මහත් ආයාසයෙන් අමුවෙන් භාගය හිස් කළෙමි..කට තිත්තය..කඩල ඈටයක් හපමින් දුම් වැටියක් දල්වා ගත් මා සෙමින් නිවද දෙසට පිය මනින්නට විය.නමුත් මියදුනේ නැත..නිද්දේදී මිය යමියි අදිටනින් ඇදට ගොස් නිදන්නට විමි..අදෝමැයි..අදත් ඇහැරුණි..උත්සහය ​අත්නොහරමි..අද දිනද දිවි නසා ගන්නට උත්සහ කරමි...

.........................................................................................................................

2010 සැප්තැම්බර් 21

ඇයගේ සිසිනිදු සමට මා වශි විය..හේතුව කිමකදැයි අසා බැලිමි..ලක්ස් නිසාවෙන් ඇය රෑප සුන්දරියක් විය..ඇය මට ආලය කරයි..මා ඇයට ආලය කිරීමට බියය..මක් නිසාද යත් ලක්ස් සබන් ලොව නැති උවොත් ඇයත් මට එපා වෙන බැවිණි......

ගූගල් බස් මියයන්නට පෙර - පළවනි කොටස



ගූගල් බස් යනු මා දිවියේ අලුත් පිටුවක් පෙරලන්නට සමත් වුන.. ආදරණිය නවාතැන් පලකි...ලොව ඇති වූ යම් දෙයක් නැති විය යුතුය.. එය එසේ හෙයින් ගූගලයාද ගූ ගල් බස් වල අවසානය මෙසේ දැනුම් දී ඇත.






Google Buzz is going away, but your posts are yours to keep
In a few weeks we'll be retiring Google Buzz. At that time you won't be able to create any new posts, but your existing content will remain accessible in two important ways:
  1. You can view it on your Google profile
  2. You can download it using
දිනය 2010 - අගෝස්තු 26 -
එය මා බස් ලොවට පය තැබූ ප්‍රථම දිනයයි.. ජීවිතයක නව පිටුවක ආරම්භයයි..

කන බත් පිඩක් පාසා නුඹ සිහිවෙනවා
තනිකම සිතට නිරතුරු මගෙ වද දෙනවා
නොදකින නුඹේ නිල්​ නෙතු සිහිවෙනවා
තවනන් බැහැ ඉවසන්න මං විගසින් එනවා

තව මල් පිපීයන් ලොව සුන්දර වන්න
රන් සමනලුන් පියඹාපන් රොන් ගන්න
නුඹ තව හිනැහියන් ම​ගෙ සිත තුටු වෙන්න
මං නොදුටුවත් මගෙ පෙම පිළිගන්න

ගෙල වට රන් මාල බැදලා සරසනවා
මංගල පොරුවේ මං නුඹ හිදවනවා
ගමටම මගුල කියලා නුඹ ගෙනයනවා
නාඩන් නගේ ලගදිම රැය එළි වෙනවා
.........................................................................................................................................
2010 අගෝස්තු 27
ආසයි මට ලොවට හොරෙන්
ඔබ වෙත පියඹලා එන්න
තරු පොකුරෙන් පාර අසා
නුඹ කොහිදැයි සොයා ගන්න

සිනා පොකුරු දෝත දරා
නුඹෙ සුසුමේ පා කරන්න
මුලු ලොකෙන් වහන් වෙලා
හැකිනම් නුඹෙ මගේ වෙන්න ...........:-D
...........................................................................................................................................
2010 අගෝස්තු 30
පුන් සද ඇයිද අහසේ හිනෙහනේනේ
තරු වැල් කිමද නිදි නැති රෑ බබලන්නේ
මිහිදුම් වලා ඇයිදො පියඹා යන්නේ
නුඹ නැති ලොවක් ඇයි මෙලසින් දිදුලන්නේ

පිණි දිය වැටුන පිට්ටනියේ අවිදින්න
මල් වැහි තුරුලෙ තෙමිලා හිනෙහෙන්න
නුඹ තුරුලේම මුමුණන ගී අහගන්න
තව එක වරක් නුඹ ඇවිදින් සැතපෙන්න
..........................................................................................................
2010 අගෝස්තු 30
මේ ඇස් පියවෙන්නට මත්තෙන්
දකින්න ඇත්නම් නුඹ රුව රහසින්
අන්සතු ළදකට මා පෙම් බැදුමින්
දුක විතරද අද උරුමය මෙලසින්

හඩන්න කදුලැලි දෙනෙත පිරෙන්නට
නගන්න සුසමන් සිහිවන සැම විට
හිදින්න නුඹ ලග මේ හැම මොහොතට
කියන්න ඇයි නුඹ හැර ගියෙ මෙලෙසට

නුඹටත් රහසින් මං පෙම් කෙරුවා
හැර යනතුරු එය නොදැනිම තිබුනා
නුඹ අන් තුරුලක සතුටින් වෙසෙනා
දෙනෙතට රහසින් කදුලැල් ගලනා

අහිමි බවක් මට පෙර සිට දැනුනා
මටත් හොරා සිත ප්‍රේමෙන් වෙලුනා
අසන්න මේ පෙම නුඹ ලග නැතුවා
නොදනිමි තවමත් මගෙ සිත හඩනා

නුඹ රුව දැකුමට සිත වද දෙන්නා
අහිම උනත් නුඹ මගෙ පෙම ලෙසිනා
නුඹව ලබන්නට නොහැකියි දැනුනා
ලොවට හොරෙන් සැගවෙන්නට සිතෙනා


එම නිසාවෙන් ගූගල් බසය තුල මා කල කී දෑ සුන්දර මතක සටහනක් ලෙසින් බ්ලොග් පිටුව මත රඳවා තැබීමට මා තීරණය කලෙමි.. පුරා අවුරුද්දක් පුරාවට ලියූ දේ ඇති නිසාවෙන් කොටස් ව
ශයෙන් මෙය පළ කිරීමට සිදු වී ඇත..එය මෙසේ සනිටුහන් කරන වගයි.


Monday, September 19, 2011

Hits වැඩි කරගන්නේ කොහොමද?

මං සාමාන්‍යයෙන් මේ වගේ මාතෘකා ඔස්සේ පෝස්ට් දාන්නැති උනත් ඊයෙ අපි සෙට් එක හැහ්..ආහ් මේ ඒ කිව්වේ මායි ..අභිත.. ලසිත්.. ‍ඕනයා.. අ‍සේල..වෙනී..සහ අන්තිම පේලියෙ අවංක පැට්ටයි එකතු වෙලා ‍පොත් ප්‍රදර්ශයට යන්න හිතාගෙන බොරැල්ලට සෙට් වෙලා ඉද්දි මේ ගැනත් කතා කරපු නිසා මටත් හිතුනා අපේ ආධුනික නවක බ්ලොග් කරුවන්ට මගේ හිතේ තියන අදහසුත් කිව්ව නන් හොදයි කියලා. අපි ගොඩක් ආසයි නේ ඉතින් Hits වලට.. ඉතින් සමහර අය නන් කියන්නේ Hits ඕනිම නෑ කියලා.. ඒත් අපිත් පෘතක්ජනයොද මොකක්ද මන්දා කියලා අපිට එව්වා නැතුවත් බෑ කියලා සමහර අය කියනවා.. මේ ලගදි මං දැක්කා බ්ලොග් ගඩොල් සහ අපේ මාරය අයියාතුමාත් ඒ වගේම අභිත ගොයියාත් දාල තිබ්බා ඔය Hits ගැන මොනවද මන්දා කියලා..අභිතට නන් ඉතින් පාඩුවක් උනයි කියන්නේ එහෙම එව්වා ලියලා..අනේ මන්දා අප්පා ඔව්වා.. ඉතින් මා ප්‍රිය සහෝදර සහෝදරයිනි ඔයාලට තේරෙනවා නේද ඔය වචනේ අපේ ජීවිත වලට කොයි තරන් බලපානවද කියලා.. ඉතින් එහෙවු එකේ මට පුලුවන්ද මේ වගේ මාතෘකාවක් ගැන කතා නොකර බලාගෙන ඉන්නේ.. හරි.. දැන් පූර්විකාව ඇති.. දැන් ඉතින් අපි මෙහෙම පටන් ගමු..හැබැයි මං මේ ලිපිය බොහෝ දිර්ඝව ලියන්න අහසක් නෑ.. මට ඕනි පුලුවන් තරන් කෙටියෙන් මේ හැමදෙයක්ම ඔයාලට කියල දෙන්න විතරයි.. මං හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා..

දැන් බලන්න අපි Hit කියන වචනේ මධුර මහත්තයාගේ ශබ්ධකෝෂයේ සටහන් කරාම මෙන්න මේවයි එතුමා කියන්නේ..

ගහනවා
ගැටෙනවා
ගුටි බානවා
ගුටිදෙනවා
තට්ටු කරනවා ඔන්න ඔය වගේ තේරුන් ටිකක් තමා එන්නේ.. දැන් බලමු අපි පුළුවන් සරළ ක්‍රම වලින් ඒ Hits වැඩි කරගන්න ක්‍රමයක්.. ‍මං මෙතනදි මදුර මහත්තයා කියන හැම වචනයකටම අදාලව කතා කරන්න යන්නෑ.. මං මුලින් ටිකක් කියලා දෙන්නං.. ඊට සමාන විදිහට ඔයාලට පුලුවන් ඔයාලගෙ Hits වැඩි කරගන්න..

අපි මුලින් බලමු ගහනවා කියන අර්ථය අරගෙන..
ඉතින් ඕක වැඩිය විස්තර කරන්න ඕනි නෑනේ.. ඔයාලා කැමති විදිහකට ගහන්න පුලුවන්.. ඒ කිව්වේ.. මිනිහෙකුට අතින් ගහන්න පුලුවන්.. නැත්තං වේවැලකින් ගහන්න පුලුවන්.. එහෙමත් නැත්තං කකුලෙන් ගහන්න පුලුවන්.. ඒ ආකාරයෙන් ඔබ කැමති විදිහකට ඕනිම දෙයක් පාවිච්චි කරලා ගහන්න පුලුවන්.. හරි.. දැන් දන්නවනේ ඔයාල Hits වැඩි කරගන්න එක ක්‍රමයක් ගැන..

අපි බලමු.. තවත් එක ක්‍රමයක් ගැන..
ගැටෙනවා කියන එක නන් ආයෙ අමුතුවෙන් කරන්න ඕනි නෑනේ.. බස් එකකට නැග්ගම ගැටෙන්න පුලුවන්නේ ඕනි තරන්..ඒ නිසා අනිත් ක්‍රමේ ගැන බලමු නේ..

ගුටි බානවා..
ගුටි බාන්නේ කොහොමද කියන එක නන් මාත් හරියටම කියන්න දන්නෑ.. ඔයාලට පුළුවන් වෙලාවක ඒ ගැන හොයල මටත් කියන්න ඇ... නැත්තං ඒක මාත් දන්නෑනේ...

ගුටි දෙනවා..
ගුටි දෙන්න කෙසේ වෙතත් අද මං ගුටි කනවා කියලා නන් දන්නවා.. හැබැයි ඒත් මං ඔයාල වෙනුවෙන් මේ වගේ රිසර්ච් එකක් කරලා කරුණු එකතු කරලා ගුටි කෑවත් කමක් නෑ කියලා හිතල තමයි අද මෙහෙම පෝස්ට් එකක් දැම්මේ..කමක් නෑ.. ගුටි කෑවත් කමක් නෑ.. රට ජාතිය වෙනුවෙන් කියලා මං හිත හදාගන්නං කෝ..

අන්තිමට අපි සලකා බලමු තට්ටු කරනවා කියන එක..
කොච්චර තට්ටු කරත් කමක් නෑ.. දොර ඇරෙනව නන්.. ඒ නිසා පුලුවන් තරන් තට්ටු කරකර ඉන්න.. ඒ කොහාටද කියන එක නෙමේ ගැටුළුව.. තට්ටු කරන්න තැනක් තියනවද කියන එකයි මුලින්ම බලන්න ඕනි. ඒ නිසා පුලුවන් තරන් තට්ටු කරන්න තැන් හොයා ගන්න බලන්න...

ඒ ආකාරයෙන් ශබ්ධකෝෂය සදහන් වන ආකාරයට ක්‍රියා කීරීමෙන්.. ඔබට Hits වැඩි කරගැනීමට හැකි වනු ඇත.. ජය නියතයි.. ආධුනිකයිනි.. වර ඉදිරියට..
ගහන්න...
ගුටි දෙන්න..
ගුටි බාන්න..
තට්ටු කරන්න.. ඔබගේ Hits වැඩිවනු ඇත.. තරුණ ජීවිත අයාලේ යාමට ඉඩ නොදී ඉහත සදහන් දේ නිතර පුරුදු පුහුණු කීරීමෙන් මහත් ඵල ලභා ගත හැක..

ප.ලි.

සුට්ටක් පාඩං කරන්න හිතාගෙන නිවාඩුවක් ගත්තා.. ඒ නිවාඩුවෙන් ඔයාලට වැදගත් පණිවිඩයක් දෙන්න හිතාගෙන තමා මේ පෝස්ට් එක දැම්මේ.. මං හිතනවා ඔයා‍ලගෙ ජීවිත වලට මේ ලිපිය වටිනවා ඇති කියලා..
ජයවේවා!!!!!


Sunday, September 11, 2011

කොස්ස ගෙනෙන් යකෝ..


කොස්ස ගෙනෙන් යකෝ..
අහවල් මගුලක් කරන්නද?
පැහිච්චකන් නැතුව කොස්ස අරන් වරෙන් යකෝ..
මට බෑ...............
තොට කණ පැලෙන්න ගහනවා.. කියපුවම ගිහින් කොස්ස ඇන්න වර..
මට බෑ.................................
තෝ....!@$$$%%%^^ ගුටි නොකා.. ගිහින් කොස්ස අරන් වර...
ආහ්.. මොකටෙයි කොස්ස..
ඇයි බොල හිපාටුවො මේ මකුළු දැන් පෙන්නැද්ද බොට.. ගිහින් කොස්ස ඇන්න වර..
ඉතින් මේ හදිස්සියෙ මක්කටෙයි මකුළු දැල් කඩන්නෙ..
බොල තොට පැහිච්චකන් වැඩක් නෑනේ.. ගිහින් කොස්ස ඇරන් වර....
මට බෑ. ඇයි කියාපං..
බොල ගොන්ටෝ.. බලපං.. දැන් මේකෙ මකුළු දැල් බැඳිලා යටවෙලා ගියාම කවුද මේක බලන්න එන්නේ...
ආහ්.. ඉතින්.. බොට ලියන්න බෑ කියලා මං මක්කොරන්නද?
බොල නගුටො... මට ලියන්න බැරි විභාගෙ නිසා.. ලබන මාසෙ ඉවර වෙනකං ලියන්න වෙන්නෑ කියලා උඹ දන්නැද්ද?
ආහ්.. ඉතින්.. තොට ලියන්න බැරි නන් නොලිය ඉදින්.. අහවල් මගුලක්ද කරන්නේ..
ඉතින් යකෝ මං දැන් තොට කිව්වද මට ලියන්න ඕනි කියලා.. තෝ හොද හිතින් ගිහින් කොස්ස අරන් වර.. නැත්තං මං තොට ගහන්නේ වේළුනු එකෙන් හරි.. ??
ආහ්.. මුගෙ සද්දෙ.. ඕං කොස්ස.. අරන් ඕනි මගුලක් කරගනින්...

හම්මේ........ ඇති යාන්තං වැලළිලා යන්න කලින් මකුළු දැල් ටික කඩාගත්තා.. දැන් පලකො ආයෙත් පාඩං කරන්න.........
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............

Wednesday, July 27, 2011

ෂර්ලොක් හෝම්ස් - අභිරහසක ඇරඹුම




අභිරහසක ඇරඹුම......

කාමරයෙහි ඇති ලෑලි ජනෙල් කවුලු අතරින් බේරි ගලා එන හිමිදිරි හිරු කිරණ මා මුහුණ මත නේක රටා මවමින් දඟ කරන විට තව දුරටත් නිදා ගැනීමට ඇති නොහැකියාව නිසා ඇදෙන් බැස සාලයට යාමට සැරසුනෙමි. දෙපතුල පොළම මත ගැටුන මොහොත තරමින් අන් කිසිම දවසක මා සීතලක් අත්විඳ නොමැත.. ඇඟ සලිත කරවමින් දැනුන සීතල මග හරින්නට මා නැවතත් ඇඳ මතම හිඳ ගතිමි..නමුත් මා එන තෙක් මඟ බලා සිටින අසරණ රෝගින් නිසාවෙන් නිවසින් පිටත් වන්නට සුදානම් වූවෙමි.

සුභ උදෑසනක් වොට්සන් මහත්මයා...
ප්‍රියංකර සිනහවකින් මුව සරසා ගත් හෝම්ස් මාදෙස බලා සිටිනු දුටුවේ එම මොහොතේදීය..
ඔබටත් සුභ උදෑසනක් හෝම්ස් මහත්මයා...

අද උදෑසනම රාජකාරියට යන්න වගේ..

ඔවු.. මා එනතෙක් රෝගින් බලා සිටින නිසා මා හට ප්‍රමාද විය නොහැකියි.. එම නිසා මා දැන් යන්න ඕනි..

නිවස ඉදිරි පිට ඇති කුලි රථගාල දෙස නෙත් යොමා කුලී රථයක් ඇති බව දුටු නිසාවෙන් හෝම්ස් මහතාට සමු දී විගස රෝහල වෙත යාමට පිටත් වූයෙමි..

‍කල්ගත වෙත්ම මා ඒකාකාරී ජිවන රටාවකට කොටු වුන තවත් එක් වෛද්‍යවරයෙක් බව මට හැගෙන්නට විය. අමතක කිරීමට නොහැකිව වඳ දෙන අතීතයත් කරපින්නාගෙන කිසිවෙකුත් නොහදුනන පලාතක ඒකාකාරී ජීවන රටාවකට කොටුවීම මා කෙරෙහි මාගැනම කෝපයක් ඇතිවිය. කලකිරුනු සිතත් ඇගෙට දැනුන මහන්සියත් නිසාවෙන් වේලාසනින් රාජකාරීන් නිම කල මා නවාතැන් පළ වෙත ගියේ සුළු මොහොතක් හෝ නිදා ගැනීමේ අටියෙනි...

කුලි රථයක් පෙනෙන්නට නොතිබූ නිසාවෙන් සීතල මග හැරයාවි යැයි සිතා පාගමනින්ම නිවහන වෙත ඇදෙන අතරතුර මාගේ මෙහි සිටන එකම මිතුරා වන ෂර්ලොක් හෝම්ස් ගැන සිහිවන්නට විය. ඔහු දිනක් මා හා පැවසූ පරිදි උසස් අධ්‍යාපනය නිම කළ පසු වෘත්තියෙන් රහස් පරික්ෂකවරයෙකු බව පැවසූවද මා කිසි දිනට ඔහු එවන් කටයුත්තක නිරත වෙනු දැක නැත.. විටක ඔහු ගැන සැකයක් ඇති වුවද මිනිසෙකු වශයෙන් ඔහු තුල ඇති ගතිගුණ නිසාවෙන් ඔහු ගැන අහිතක් සිතන්නට තරම් දෙයක් නොතිබුණි..

මනෝ ලෝකය බිඳ වැටුනේ මා නවාතැන් පළ වෙත ලගාවී ඇති බව පසක් වීමෙන් අනතුරුවය. නිවස ඉදිරිපිට සුඛෝපභෝගී අසුන් සතරක් බැඳි රථයක් නවතා තිබෙනු දුටු අතර එය අපගේ නිවහනවෙත පැමැණි අමුත්තකුගේ යැයි මා හට නොසිතින.
ආලින්දයේ දොර අඩවන්ව තිබූ නිසාවෙන් පෙර අවසරයක් නොගෙන නිවසට ඇතුළු වීමේ වරද වැටහුනේ සෝපාවේ හිඳ හුන් අමුත්තා දුටු පසුවය.

සමාවෙන්න මහත්මයා.. මා දැනන් සිටියේ නෑ ඔබ හා අමුත්තෙකු ඇත කියා..
හෝම්ස් මහතා දෙස ලැජ්ජාවෙන් පිරුණු දෙනෙත් තව දුරටත් යොමා සිටුනු නොහැකි නිසා මා කාමරය වෙත පියමනිනන්ට විය.

වෝට්සන් මහත්මයා.... හෝම්ස් මහතාගේ මුවින් නැගුනු ගැඹුරු හඬ නිසාවෙන් මා එක්වරම නැවතින..

දොස්තර මහත්මයා විශේෂ වැඩකට නෙමේ නන් කලින් ගෙදර ආවේ විශේෂ කථාවකට සවන් දෙන්න පුලුවනි ඔබට..
සෝපාවේ හුන් අමුත්තාගේ මුහුණේ ප්‍රිතියක් නොතිබුනිද හෝම්ස් තුල උතුරා යන ප්‍රිතිය දෙනුවන තුලින් වාන් දමන්නට විය.

මගෙන් ඔබගේ කථාවට අවහිරයක් වෙන නිසා.. මං මෙතනින් යන්නම් මහත්මයා..

නෑ.. ඔබ කැමති නම් අපේ කතාවට කිසිම අවහිරයක් නෑ...

හෝම්ස් ගේ දෙනයන තුල විධානයක ස්වරූපයක් සැගවී ඇත්දැයි මා හට විටෙක සිතෙන්නට විය.මා හිස්ව තිබු අසුන මත හිඳ ගත්තා නොව හිද ගැනීමට සිත්වූවා පැවසීම අතිශෝක්තියක් නොවන්නේය.

මා ඉදිරියේ හුන් ආගන්තුකයා ‍විල්බර්ට් මහතා බව සුළු වේලාවක් යත්ම හෝම්ස් විසින් හදුන්වා දෙන ලදී.. පළල් නළල් තලයත්.. අවුල් වී ගිය කෙස් වැටියත් ඔයගෙ සිත තුල තිබු කැළඹිල්ල ප්‍රදර්ශනය කරන්නට වූ අතර විටක දෙතොල් තදින් හපා ගනිමින් තම හැගීම් පාලනය කිරීමට උත්සහ කරමින් සිටින්නට විය.මා ඔහු දෙසා බලා සිටිනු හෝම්ස් මහතා දුටුවාදැයි මම නොදනිමි.

ඉතින් දොස්තර මහත්තයා.. මතකද මං ඔබව මුන ගැසුන මුල් දිනයේම කිව්වා.. නිරික්ෂනතුලින් නිගමන වලට පැමිණිම ගැන... දැන් ඔබ කියන්නකො බලන්න මේ මහත්මයා ගැන ඔබ දකින නිරික්ෂන මත පැමිණි නිගමනයන් ටිකක්.. මොකද මමත් තවම මේ මහත්මයා අදුනන්නේ නැහැ.

මා තව දුරටත් ඔහු දෙස බලා නිරීක්ෂනයන් සමග සිත පොරබදන්නට විය..දිග සුසුමක් වා තලයට මුදා හල හෝම්ස් මහතා වෙත වාර්ථාව ඉදිරිපත් කෙලෙමි.

විල්බර්ට් මහතා තේ වතු පාලනය හා සම්බන්ධ කෙනෙක්, හොදින් මිල මුදල් ඇති කෙනෙක් යැයි හෝම්ස් දෙස මා උජාරුවෙන් බලා පිළිතුරු දුනිමි..

එපමණද දොස්තර මහත්මයා කියන්න පුලුවන්..

ඔවු.. හෝම්ස්..මං හිතන්නෑ ඔබටත් ඊට වඩා වැඩි යමක් කියන්න පුළුවන් වෙයි කියලා..

මා දෙස නෙත් කොනින් බැල්මක් හෙලු හෝම්ස් මහතා හාන්සි පුටුව තම දිග ඇදෙමින් සිවිලිම දෙස බලා සිටින්නට විය..
එක්වරම හඩ අවදි කළ හෝම්ස් මහතා..

විල්බර්ට් මහතා වැවිළි සමාගමක හිමිකරුවෙක්.. ඉතා යහමින් මුදල් තිබෙනවා සහ බොහෝ කළක් දකුණු පලාතේ ‍පදිංචි වෙලා ඉදලා ලගදි තමා මෙහෙට ඇවිත් තියෙන්නේ.දකුණු පලාතේ වගාවන් බොහෝ වෙලාවට සතුරු උවදුරකින් විනාශ වෙලා වෙන්න පුලුවන්.. කෙසේ වුවත් එහි තිබූ සියලුම දේපල අත්හැර මේ පලාතට ඇවිත් තියෙන්නේ.. තම බිරිඳ මොහුව මැත කාලයේ අත්හැර ගිහින් තියනවා.. ඒ මතකයන් අමතක කරන්න විල්බර්ට් මහත්මයා බොහෝ උත්සහ කරනවා වගෙයි..

එම වචන කිහිපය හෝම්ස් මහතාගේ මුවින් නික්මෙත්ම අප ආගන්තුකයා හෝම්ස් දෙසට වේග‍යෙන් පැන පහරක් එල්ල කරන්නට සුදානම් විය.. එම මොහොතේ මා නොවන්නට හෝම්ස් මහතා වෙත දැඩි ප්‍රහාරයක් එල්ල වනු නොඅනු මානය.

ආගන්තුකයාගේ ග්‍රහනයෙන බේරුනද ආගන්තුකයා තුල ‍පැවති කෝපය මුවින් තාමත් නික්මෙන්නට විය..

හෝම්ස්.. ඔබට මහත්මයා යැයි කීමට නුසුදුයි.. කොහොමද ඔබ මගේ පුද්ගලිකත්වය මේ තරන් හෙව්වෙ.. ඇයි එහෙම දෙයක් කරේ...

සිනහ මුසු මුහුනින් ඔහු දෙස බලා සිටි හෝම්ස් මහතා තමන්ගේ නිරීක්ෂනයක් විග්‍රහ කරන්නට විය..

විල්බර්ට් මහත්මයා සංසුන් වෙන්න.. මා ඔබ ගැන මීට පෙර අසා හෝ හොයා බලා නැහැ.. මම සිදු කලේ නිරික්ෂනයන් තුලින් නිගමනයන් බිහි කීරීමක් පමණයි.

දැන් බලන්න.. ඔබ ඇද සිටින සුදු කොට කලිසම මේ වතුකරය තුල වතු පාලක වරුන්ගේ සුළභ දසුනක්.. එය විග්‍රහ කරමින් මා මිතුරු වොට්සන් මහතාද පැවසුවා ඔබ වතුපාලකව‍රයෙක් කියලා.. නමුත් ඔබ පැළද සිටින ලාංචනයේ තිබෙනවා වතුහිමියන්ගේ සංගමය කියලා.. එයින් අදහස් වන්නේ ඔබ නිකං වතු පාලක වරයෙක් නොවේ.. වතු හිමියෙක් කියලයි..ඔබ වචන උඡ්චාරනය දකුණු පලාත්ට සම්බන්ධයි.. ඉතින් ඔබ බොහෝ කලක් ඒ පලාතේ ගත කර ඇති බවට අමුතුවෙන් කිව යුතු නැහැනේද..ඔබ මෙම පලාතට අලුත් වුවත් තේ වගාව ගැන හසල දැනුමක් ඇති අයෙක් විය යුතුයි.. නැතිනම් නන්නාදුනන පලාතක දැනුමක් නැති වගාවකට හිත යොමන්නට ඔබ කිසිවිටකත් පෙළඹෙන්නේ නැහැ.. ඒ කියන්නේ පෙරත් ඔබ තේ වගාව හා සම්බන්ධ වී සිටි අයෙක්.. එවන් අයෙක් තව වතු විකුණා කදුකරයට පැමිනී‍මට ක්‍රියා කර ඇත්තේ සතුරු කරදරයක් නිසා වෙන් නොවන්නේ නම් අන් කුමකින්ද..

හෝම්ස් මහතා දෙස වික්ෂිප්ත බැල්මකින් බලා සිටි විල්බර්ට් මහතා යන්තමින් සැනසුම් සුසුම් හෙලනු පෙනෙන්නට විය.ඔබ නම් හරි පුදුම මනුස්සයයෙක් හෝම්ස්.. මං හිතනවා මගේ ගැටළුවට ඔබට පිළිතුරක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා.. එහෙම හිතෙන කොට නන් හිතට සැනසීමක් දැනෙනවා.. මට සමාවෙන්න තරහා ගියාට..නමුත් ඔබ කොහොමද මා බිරිඳගෙන් වෙන් වී සිටින බව පැවසූවේ..

එය හරිම සරළයි මහත්මයා.. ඔබ දකුණු අත මංගල මුදුප පළදින තැන තවමත් මුදුවක සළකුන තිබෙනවා.. ඔබ වැනි මිල මුදල් යහමින් ඇති පුද්ගලයකු මුදුවක් ගැනීමට නොහැකි අයෙක් විය නොහැකියි.. එසේ නම් මෙය ඔබ අකමැත්තෙන් හෝ අමතක කර දැමීමට උත්සහ කරන බිරිඳගේ නොවන්නේ නම් අන් කවරක්ද මහත්මයා..

එය පැවසීමත් සමග විල්බර්ට් මහතාගේ මුහුණ මැලවුන ස්වරූපයක් ගත් නිසාවෙන්දෝ හෝම්ස් මහතා යළිත් සිය බඩ අවදි කරන්නට විය.

ඉතින් විල්බර්ට් මහතානෙනි.. ඔබ පැමිණි කාරණය තවමත් අප හා පැවසුවේ නැහැ නොවෙද..

ඔවු.. දැන් මං කියන්නං ඒ කතාව. එය වෙලාවකට විකාරයක් වගේ ඔබ තුමන් සිතාවි.. නමුත් මා සිටින්නේ ඉතාමත් සිත් තැවු‍ලෙන්.. පොලිසියෙ සාජන් මහත්තයා තමා ඔබතුමා ලගට මාව එව්වෙත්.

හරි විල්බට් මහත්තයා දැන් කතාව කියන්නකෝ බලන්න..
තමන් සතුව ඇති හවානා සුරුට්ටු පැකට්ටුවෙන් සුරුට්ටුවක් ඇද හාන්සි පුටුව මත ඇළවුන හෝම්ස් මහතා දෙනෙත පියා ගනිමින් සිවිලිම දෙසට දුම් රොටු මුදා හරින්නට විය..

මා හටද සිකරට්ටුවක් බීමට සිත් වුයෙන් ගොල්ඩ් ලීෆ් එකක් පත්තු කර සෝෆාව තම සැපට හිද ගනිමින් කතාවට සවන් දෙන්නට වූවෙමි.

දිර්ඝ හිහැඩියාවකට පසු ‍ආගන්තුකයා තම හඩ පිටකරන්නට විය. අවටින් නැගුන අහස ගුගරණ හඩ සහ විදුලි කෙටීම් අතර මද වෙලාවකට අප තිදෙනා අතර ඇති වුන නිහැඩියාව අනාගතය තුල අසන්නට ලැබෙන බියකරු සිද්ධියක පසුබිමක දැයි මා සිත ප්‍රශ්න කරන්නට විය.

හොම්ස් මහත්මයා.. අපි මේ ප්‍රදේශයට ඇවිත් වැඩි කලක් නෑ. ඔබතුමා දැනටමත් දන්නා පරිදි මම වෘත්තියෙන් තේ වතු හිමියෙක්.. ඉතින් මා දිනකට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් හා ගණුදෙනු කරනවා..ඒ සදහා සහයට ඉතා විශ්වාසවන්ත සේවකයෙක් හා මා ගේ පුතුනුවන් පම්‍ණයි ඉන්නේ..ඊට අමතරව මා නිවස තුල ප්‍රධාන සේවිකාවක් සහ ඇයගේ සහයට තවත් එක් සේවිකාවක් සිටිනවා..අප පුරුද්දක් වශයෙන් නිතරම ගණුදෙනු කරන්නෙ චෙක්පත් හරහා. සැම දිනකට රාත්‍රියේ පසු දිනට ගෙවිය යුතු චෙක්පත් සියල්ල මා විසින් ලියා අවසන් කර තබනවා.. එදිනත් රාත්‍රියේ පුරුදු පරිදිම මා චෙක්පත් සියල්ල ලියා ලියුම් කවරයක දමා මා පුතු නිවසට එන තෙක් කාමරයේ තැබුවා... පසුව පුතු පැමිණි පසු එම ලියුම් කවරය පුතාට දුන්නා..ඊට පසු දින බැංකුවට ගිහින් බලද්දි එක් චෙක් පතක් නැහැ මහත්මයා..

පොඩ්ඩක් ඉන්න විල්බර්ට් මහත්මයා.. ඔබ පුතා අතට චෙක්පත් ටික දෙන්න කලින් නැවත ලියූ චෙක්පත් නිවරැදිව තිබුනා දැයි බැලුවේ නැද්ද...?

නැහැ හොම්ස් මහත්මයා.. මං එසේ සිදු කලේ නෑ.. වෙනදාත් එසේ නොකරන නිසා එදිනද එසේ කි‍රිමේ උවමනාවක් තිබුනේ නැහැ..මට තෙරෙන්නෑ මහත්මයා.. ඒ සල්ලි නැතුව තව දුරටත් මේ ව්‍යාපාරය කරගෙන යන්න අමාරුයි මහත්මයා..

තම හිස දෙපසට වනමින් උමතුවෙන් මෙන් කෑගසන පුද්ගලයා දුටු විට මුවට සිනහවක් පැමිණියද ඔහුතුල ඇති වන මානසික පීඩනය තේරුමි ගිය නිසාදෝ ඔහු ගැන විටක අනුකම්පාවක් මා සිත තුල ඇතිවිය.

විනාඩි කිහිපයක නිහැඩියාව තුල ‍කවුළුව අතරින් ඇදෙන සුළං පහරක හඩ පමණක් රජකල අතර විටක ඒ සුලගින් දල්වා ඇති පහන් සිල නිමී යා දෝ යැයි සිතින.. කාමරය තුල අඩ අදුරක් පැවතියද පහන් සිලෙන් නැගුන කහවන් ආලෝකය නොවන්නට කිසිදු එළියක් පෙනෙන්නට නොතිබිණ.

නිහැඩියාව බිඳිමින් හෝම්ස් යලිත් හඩ අවදි කරන්නට විය.

විල්බර්ට් මහත්මයා.. ඒ චෙක් පතේ වටිනාකම කීයද...?

ඇතින් හමා එන සුලං දෙස මොහොතක් බලා සිටි ඔවු හිස ඉදිරියට යොමු කලේ රහසක් කියන්නට මෙනි.. අප දෙදෙනාද පුටුවෙන් ඇත්ව ඔහු දෙසට පැමිණියේ එය රහසක් වශයෙන් ඇසිය යුතු නිසාවෙන්දෝ නැතිනම් සිත තුල ඇතිවුන කුතුහලය නිසාවෙන්ද යන්න සිතා බලන්නට අවැසි නොවින..

අප දෙසට ලං වුන විල්බර්ට් මහතා රහසින් කොදුරන්නා මෙන් කතාකරන්නට විය.

හොම්ස් මහත්මයා.. ඒ චෙක් පතේ වටිනාකම.......

අපි තිදෙනාගේ සුසුම් හෙලන හඩ හැර අන් කිසිම හඩක් පරිසරය තුල නොවින. හදවත ගැහෙන රාවයද ඇසෙනා තරම් පරිසරය නිහඩ විය.

ඒ චෙක් පතේ වටිනාකම ලක්ෂ 80ක්....

එක්වරම පුපුරා ගිය හෙන හඩත් සමග ඇතිවුන විදුළි එළියෙන් මුළු කාමරය අලෝකමත් විය.


.................මතු සම්බන්ධයි..............


Monday, July 11, 2011

ෂර්ලොක් හෝම්ස් - හදුන්වාදීම...


පෙරවදන....

අතීතය නැමැති වැසීයන නිම්නයක්තුල අනාගත සිහින මවමින් සිටි එක්තරා උදෑසනක බස් රේඩියොව හරහා ලෝකයතුල මැවුන මනෝරම්‍ය සංකල්පයක්තුල බිහිවුන ‍ෂර්ලොක් හෝම්න නාටක මාලාව මා සිතට එක්කල ආලෝකයක් මෙලෙසින් සටහන් කිරීමට ආරම්භ කරන්නට සිතින. මෙහි ගරුත්වය එම සංකල්පය නැවත කරළියට‍ ගෙන ආ සහෘද්ධයන්ට හිමි විය යුතු අතර නිරීක්ෂනයන් තුල කිදා බසිමින් තවත් එක් නිගමනයක් සොයන්නට ගන්නා උත්සයහක ප්‍රතිඵලයක් ලෙසින් මා මෙය හදුන්වා දීමට කැමැත්තෙමි...

ෂර්ලොක් හෝම්ස් චරිතය මා කුඩා කල සිටම මනාලෙස ප්‍රිය කරන චරිතයක් වුවද මාගේ ලේඛන හැකියාවට අනුකූලව යම් වෙනස්කම් සිදුකරමින් පාඨක ඔබේ රසවින්දනය උදෙසා මෙලෙස අකුරු කිරීමට ලැබීම මා ලැබු භාග්‍යයක් ලෙස සැලකීමට කැමැත්තෙමි.. එම නිර්මාණයතුල පාඨක රසවින්දනය උසස් අයුරින් ලබා දීමට මා උත්සහ කරනු ලබන අතර මෙහි සියලු නිර්මාණයන් මාගේ ලේඛන හැකියාවමත සිදුවන බැවින් සැබෑ ෂර්ලොක් හෝම්ස් කථාමාලාවට යම් අසාධාරණයක් සිදු වේනම් ප්‍රථමයෙන් මා සමාය අයැද සිටිමි.. මාගේ කාතාන්දර කොයි තරම් දුරකට‍ යා දැයි නොදන්නා අතර අනන්තය කරා ඇදී යන නොනවතින ජීවිතයක හැකි දුරක් ෂර්ලොක් හෝම්ස් සමගින් රැදීම මා අරමුණක් ලෙස සදහන් කරමි.. ඉතින් මා ප්‍රිය මිතුරනි.. අපි ඇවිද යමුද? අතීතය හා වර්ථමානය අතර අතරමං වුන වොට්සන් සමගින් තවත් එක් කඩඉමක් වෙත...
අවසරයි මෙලෙස අරඹන්නට නැවුම් මාවතක තවත් එක් ගමනාන්තයක් කරා..

මීට..
ලේඛකයාගේ නම.
ලිපිනය..
දුරකථන අංකය..


පළමු වෙළුම - හමුවීම..

ඈත කඳුකරය හරහා හමා එන සීතල සුලගින් හඩ නැංවෙන පරිසරක ශබ්ධය හැර වෙනත් ශබ්ධයකට ඇසුනානම් ඒ අප ගමන් කළ රථයේ රෝදවලින් හා අසු කුර වලින් නැගුන හඬ පමණී.සීතල කදුකරයක සුන්දරත්වය මා මින් පෙර අත්විඳ ඇති අතර මද අදුර නිසාවෙන්දෝ අවට පරිසරයතුල පාළුව රජකරගත් බවක් හැරෙන්නට වෙන කිසිවක් අත්විදින්නට නොමැත.සුලගින් ‍ගෙනෙන සීතල මඟහරින්නට මා හැඳි කබාය නැවතත් සකසා ගත් මා ‍දැස පියාගත්තේ ගමන් මහන්සියට දැයි මා සිතන්නට වුනෙමි..

වෛද්‍ය විද්‍යා‍ලයෙන් සමුගත් පසු මා හට ගෙවන්නට සිදුවන දුෂ්කර සේවය නිමකිරීම පිණිස සීතල කඳුකරය තොරා ගත් මා නවතින්නට නවාතැන් ‍පලක් සොයා යන ගමනක තමත් එක් මොහොතක් ලෙස මා මතකයේ මෙම කාලය සටහන් කරගතිමි.. රාත්‍රි කාලය ආලෝක කිරීමට වීදී ලාම්පුවක් හෝ නොමැති පරිසයක් තුල මීඳම් වලාවන් අතරින් එබී බලන සඳ එළිය අප මගට යම් ආලෝකයක් එක් කළද රථයේ රියදුරා දැල්වූ පහන් එළිය නොවන්නට මාර්ගය ‍පැහැදිලි නොපෙ‍නීමට තරම් පරිසරය අදුරු වී තිබුණි..

දෙපසින් ඇදී සැගවී යන ෆයිනස් ගස් පේළිය අදුරු හොල්මන් ලෙස පෙනෙන්නට විය.. නුපුරුදු පරිසරයක් තුල මා තුල යම් භිතියක් ඇතිනොවුනායැයි පැවසීම සැබිවින්ම මුසාවකි..

මේ.. නෝබට් මහත්මයා.. නවාතැන් පලට තව කොපමණ දුරද?... මෙම මුසල නිහඬ බව බිඳින්නට වෙන කිසිවක් ඉතුරු වී නැති නිසාවෙන් මා රථයේ රියදුරු හා කථාවට වැටෙන්නට විය..

දොස්තර මහත්තයට පේනවද අර ඈතින් පේන විඳුළි ලාම්පුව.. ආන්න එතන තමයි මහත්මයා බේකරි වීදිය.. එතනින් වමට හැරුනම පොඩි දුරයි...

ඒ ගෙදර මං විතරද ඉන්නේ..

මං දන්න විදිහට නම් මහත්මයා .. තව එක මහත්මයෙන් එහි නැවතී ඉන්නවා.. නමුත් ඔහු වැඩි කතා බහක් නැති අමුතු විදිහෙ කෙනෙක්..දොස්තර මහත්තයා කැමති නම් ඒ ගෙදර ඉන්න නැත්නම් අපි වෙන ගෙයක් හොයා ගම්මු අදම...

ම්ම්ම්ම්ම්.... සුරුට්ටුවක රස බැලීමට සිතු වුවද නුපුරුදු පරිසරයක නුපුරුනු මිනිසෙකු හමුවීමට යන මුල් දිනයේ එලෙසින් ගමන් කිරීම නුසුදුසු ක්‍රියාවක් ලෙස මා සිත පවසන්නට විය.

මීඳුම කපා ගත් අන්ධකාරයතුර කම්මැලිකමින් පාද නගන අසුන් දෙදෙනෙකු බැඳි කරත්තය මා නවාතැන් පළ වෙත ලගාවන්නට විය..
මා සතු බඩු භාහිරාදිය රථයතුල තැබූ රියදුරු වරයා තරප්පු පේලියක් නගිමින් පරණ තේක්ක ලීයෙන් සෑදූ දොර පියනක් කිරි කිරි හඩින් විවෘත ‍කලේය..

ඉතා සැර සුරුට්ටු දුමක් දොර පියනින් අවට වා තලයට මුසුවී ගිය අතර එවන් පරිසරයක් තුල මිනිසෙකු ඇති බවට විශ්වාස කල නොහැක.. නමුත් අරුමයක මහත.. නන්නාදුනන මිනිසෙකු හාන්සි පුටුවක් මත නිදා සිටිමින් දෙතොල මත රැදි සුරුට්ටුවක රස බලන්නට විය..

නිහැඩියාව තව දුරටත් නොනැසි සිටිය නිසාවෙන්දෝ මා හට ආගන්තුකයා හා කථා කිරීමට සිත් වුවද ඔහු නිදි නිසාවෙන් මා අරමුණ වෙනස් කරන ලදී...

ඔවු මහත්මයා.. මා නිදා සිටිනවා යැයි සිතුවාද..

ගැඹුරු හටහඬ අවදිකළ ආගන්තුකයාගේ ප්‍රකාශය මා සිත තුල ලැජ්ජාවක් උපද්දන්නට විය..

ඔවු.. මං හිතුවා ඔබතුමා නිදාගෙන ඇති කියලා... මං වොට්සන්.... ඔබ?

මා ෂර්ලොක් හෝම්ස් ලෙස හදුනාගන්නකෝ.. නමුත් ඔබ ඇයි ඔබව දොස්තර වරයෙකු ලෙසින් හදුන්වා නොදුන්නේ..

මොහු මා දොස්තරවරයෙකුවරයෙකු ලෙස දන්නේ කෙසේදැයි මා සිත විමසන්නට වුන අතර යම්ලෙසකින් රථයේ රියදුරා මින් පෙර මා පිළිබඳව පවසා ඇත්දැයි සිතමින් සිටින මොහොතක.

ඔබ සතුව ඇත‍ වෙද නළාවත් සහ සුදු පැහැති ලෝගුවත් ඔබ දොස්තරවරයෙකු බවට සහතියක් නොවෙද දොස්තර මහත්මයා...

ඕහ්.. මං හිතුවා නෝබට් මහත්මා මා පිළිබඳව ඔබව දැනුම් දී ඇත කියා.. දැන් බලපුවම සරළ නිරීක්ෂයක්නෙ සිදු කරල තියෙන්නෙ..හෝම්ස් මහතාගේ මුහුණ වෙනස් වූ අතර..

වොට්සන් මහත්මයා.. නිරීක්ෂයන් කොයි තරම් සරළ වුවත් වැදගත් වන්නේ අප සිදු කරන නිරීෂනයන් මතින් නිගමන බිහිකිරීමයි...
දැන් බලන්න.. ඔබ තනිකඩයෙක්.. තවම ආදුනික දොස්තරවරයෙක්.. බිඳුන ‍ප්‍රේමයක් නිසාවෙන් සිත් ලැතැවුලෙන් සිටින්නෙක්. මේ සියල්ල මා දන්නා බව ඔබ නොදන්නවාද...

මෙම ප්‍රකාශයන් මා සිත කෝපය උපද්දවන්නට විය..

හොම්ස් මහත්මයා.. මේක ඉතා නින්දිත ක්‍රියාවක්.. ඔබමාගේ පුද්ගලකත්වය සොයා ගොස් හැඩයි.. මෙයට මං විරුද්ධයි මහත්මයා..

කේන්ති ගන්න එපා මා මිත්‍රයා. මා සිදු කලේ මා දුටු නිරීක්ෂයන් මතින් නිගමන බිහි කිරීම පමණයි..දැන් බලන්න ඔබ ඉතා තරුණයි.. ඒ කියන්නෙ අඳුනික වෛද්‍යවරයෙක් වියයුතුයි.. නගරය අතහැර දුෂ්කර පරිසරයක් තෝරා ගත්තේ අමතක කළ නොහැකි යම් කරුණක් අමතක කරන්න.. තරුණ වෛද්‍යවරයෙකුට අමතක ‍කළ නොහැක්කේ කුමක්ද.. ඒ ප්‍රේමයක් නොවන්නේ නම් අන් කවරක්ද.. අනික ඔබ විවාහ වූ කෙනෙක් නම් මෙලෙස තනි පුද්ගලයකුට නවාතැනක් සොයන්නේ නැහැ නේද?.. මා සිදු කළ සරළ නිරීෂනයන් මතින් නිගමන එළි කලා පමණයි මා ප්‍රිය මිත්‍රයා...

ම්ම්ම්ම්ම්.. මට සමාවෙන්න මහත්මයා.. මට කේන්ති ගියා.. මා විවාහ ගිවිස ගැනීමට සිටි අයෙක් මහත්මයා.. ඇය හදිසි අනතුරක් නිසාවෙන් ජීවිතය හැරගියා..

දෙනෙත තුල සැගව තිබු කඳුළු බිඳු පොළව මත පතිත වේයැයි බියෙන් මා පසුවන්නට විය..

සමාවන්න දොස්තර මහත්මයා.. මා ඔබගේ සිත රිදවන්න අදහස් කරේ නෑ..

ම්ම්ම්ම්.. හරි හෝම්ස් මහත්මයා.. මා දන්නවා එය...

මා ප්‍රකාශයෙන් පසු පරිසරය තුල නැවතත් නිහැඩියාව ඇති වුව අතර එය බිඳ දමමින් රියදුරුවරයා අප අතරට පැමිණෙන්නට විය..

දොස්තර මහත්මයා.. ඔබ මේ නවාතැන් පළ තෝරා ගන්නවාද.. නැත්තං අපි වෙන තැනකට යනවාද...

නුපුරුදු ආගන්තුකයා දෙස නැවත වරක් මා නෙතු හැරවුන අතර ඔහු නිදැල්ලේ සුරුට්ටුවක රස බලමින් සිටින්නට විය..

ආගන්තුකයාගේ වරදක් නැති නිසාවෙන් හා රෝහලට ලග නිසාවෙන් මා මේ නවාතැන් පළ තෝරා ගතිමි..

හරි නෝබට් මහත්මයා.. මා මෙහි ලැගුම් ගන්නම්.. ඔබ මා සතු ඇඳුම් ටික ගෙනැවිත් දෙන්න..

හෝම්ස් මහතාගේ දෙතොල තුල රැදී තිබු සිනහව තේරුම් ගැනීමට තරම් මා සිත සවියක් නොතිබින.. ගමන් මහන්සිය නිසාවෙන් එහි තේරුම සෙවීම සහ අවට සුන්දරත්වය නැරඹීම පසෙක ලා මා නිදන්නට අදිටන් කරගතිමි....


...................මතු සම්බන්ධයි................

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...