Thursday, December 23, 2010

හංස ගීතය


එකින් එක පද ගලපා
තාලයක් නැති ගීයකින් ගයලා
කැඩපතක රූව මකා දමලා
හංස ගීතය ලියමි ඉදුරා

කිඳුර නුඹ තනිවෙනා අඳුරේ
බොල් සුලග ඉකි බිඳි
නු ඇසුනේ
පෙණ බිදිති රළ හඩන මොහොතේ
හංස ගීතය ඇසෙයි රහසේ

වියළි පොළවේ
රළ හඩා වැටුනේ
දෙපා සටහන් මකා දැමුනේ
දෙඅත මෙලෙසක බිදුන මොහොතේ
හංස ගීතය කිමද වැයුනේ

පියවෙනා නෙතු ඉමක සසරේ
නුඹ එතැයි සිතමිනා වැයුවේ
දෙනෙත කදුලින් හඩා වැටුනේ
හංස ගීතය කිමද ඇසුනේ

Wednesday, December 22, 2010

ඇය නුඹම නම්..........


පියාඹන්න පුලුවන්ද
ඔය දෑත අතින් ගෙන
නිල්වන් සේද ඇතිරූ හිස් අහස පුරාවට
අනන්තය මත ඇදි
සිත්තමක පාට තවරන්නට
දේදුන්නක පැහැය නැතුවට
අවර්ණික ලෝකයෙන් මිදෙන්නට
හැකි නම් එක පැහැයකින් සරසන්න
නුඹයි ඒ ලොව පිපී
සුවද මල් කැකුළ
හිනෙහෙන්න පුලුවන්ද
ඔය උකුලෙ හිස තියාගෙන
නේක තරු රටා අහස් කුස මැවෙන රාත්‍රියක
පුන් සඳේ කැලුම් අතරින්
දිස්නෙ දෙන මුව වත කමලෙ මදහස දකින්නට
හුරතල් බසින් ලෙලදෙනා තොල් සගල දෙස
මොහොතක් බලා සිටින්නට මට
පවසන්න ආදරය නුඹ සගවාගෙන සිටින
කියන්න එක් වරක් නුඹෙ මුලු ලොවම මං බව
අසා සිටින්නං
මුලු ලොවම නැවතුන නියාවෙන්
විඳගන්න පමණක්
ඒ සොදුරු මොහොත මා මග බලන

Sunday, December 12, 2010

දිනයක නුඹත් හිනැහෙවද මගේ වෙලා


නිල්වන් සේද මල් මුතු ඇඳ සයනපුරා
දෙනුවන මිහිරු සුව වින්දෙමි නිදන තුරා
නිදි නැති යහනෙ තුරුලුව නුඹ නිදනු බලා
පුර සඳ වුවත් දිනකදි යයි හැංගි හොරා

ලස්සන මාල මුතු වැල් අමුණා දවටා
ඔසරිය වටට රන් මල් හවඩිය පළදා
සුදු මල් පොකරු මල් මැද රන් පැහැ කරලා
කැන්ඳන් යන්න බලනෙමි නුඹ මගෙ කරලා

නැතුවට රන් තොරන් බැඳි මග සරසාලා
මග උන් වැට කඩොලු සේරම බිමදාල
සොඳුරිය නුඹව මගෙ මනමාලිය කරලා
දිනයක නුඹත් හිනැහෙවද මගේ වෙලා

Saturday, December 11, 2010

නුඹ තුරු‍ලෙ ඉමි නුඹට රහසෙම...



වන උයන් මැද
දහසක් තුරු මත මලින් බරවී තිබුනද
නෙතු ගැටුන හැම මලම පරදා
නෙතු යොමන්නට සිතුනෙ ඇයි මට?
පිණි මතින් දෙපයට පාවඩ නැතුවමද
උස් ඔටුනු නැති උමතු හදවතක් තුරුලු කර
නුඹට ලං වෙන්නට නොසිතු මොහොතක
සැනෙසෙන්නට හිඳ ගතිමි නුඹෙ දෙපා අභියස
රැදෙන්නට අවසර නොලැබුනිද මා හට
දෙපා කෙලෙසින් පිය නගන්නද
නුඹට පෙම් කළ අරුම කෙලෙසක
කියන්නට හැකි වේද මතුදින
නළලත රන් තැල්ල නැතිවද
ගෙල වටට බැඳි මුතු මාල කුමටද
ගෙන යන්න නුඹ හිමිකාරි කෙලසද
කියන්නේ ඇති පෙමක් මෙලෙසක
හිස තියන් නුඹ හදවතේ ඉම
අසා ඉමි මම නුඹෙ හදේ හඩ
කියන්නට බැරි කමින් මගෙ පෙම
නුඹ තුරෙල ඉමි නුඹට රහසෙම...

Sunday, December 5, 2010

චාටර් දවසක්

ජනේලයේ වීදුරුවට ටොක ටොක ගාල මොකෙක්ද කොටද්දි මං බැලුව මොකාද කියලා..නොදකින් විතරක් කොහෙද යන කොට්ටෝරුවෙක් ඇවිත් මගෙ ජනේලට කොටනවා.. හලේ.. හීනයක් බලන්න ගත්තා විතරයි. මේ කාළකන්නි පොළොස් කොට්ටෝරුවා ඇවිත් කෑවා..කාලකන්නියා.. මං බැලුවා වෙලාව.. හප්පා..තාම පිණි වැටෙන සීතල උදෑසන කියහන්කෝ..යන්තං 9.00වුනා විතරයි.කාලෙකින් සෙට් උන යාලුවෙකුට කොටනවා වගේ ඌ කොටන්නේ.. බැරි වෙලාවත් මව දැකලද දන්නෑ..කොයිකටත් කියල බැලුවා.ඇස් දෙක ඇරගන්න බෑ නිදිමතට.ඇයි හත් දෙයියනේ ඒ මහපාන්දර ඇහැරෙන්න පුලුවන්ද මෙලෝ මිනිහෙකුට..අනික මේ මහ වැස්සේ..අරූ තාමත් කොටනවා.මං අදුරන්නෑ ඌව.පො‍ළොසා.. අහන් ඉන්න බැරි තැන නින්දෙන්ම ඇදල ඇරිලා සපත්තුපාරක් කොට්ටෝරුවට.හලේ.. ඌ යසට පියාඹල ගියා. මගේ වීදුරුව සලා........ං ගාල බිම. උදේ පාන්දරම නැකතට වැඩක් සෙට් උනා..දැන් හදපංකෝ ජනේල..දෙපැත්තට වැනී යද්දි දොර උළුවස්සෙ වැදිල කෙලින්ම වැටුනේ සාලෙ පුටුව උඩට..

මල මගුලයි.. අභිමානයේ දෙන්නෙක් කෝපි බොන්න සෙට් වෙලා..යකෝ මං හිතුවා මං විතරයි මේ කුනුකෙල පිටින් ඉන්නෙ කියලා..බැලින්නං අර ලා ද මන්ද කියන ... හිරුවත් දැන්නෙ නැගිටල තියෙන්නේ.. කොන්ඩෙ පීරලත් නැ..කොළර් එකත් උස්සගෙන.. කුණුකෙල පාර එහෙම්ම තියාගෙන කෝපි බොන්න කථාව.හත්දෙයියනේ ඌගෙ මූණ දැක්කම ආයෙත් නිදිමතයි..මට බෑ අප්පා ඒක බලං ඉන්න..දෙයියනේ පාරෙ ඉන්න හිගන්නොත් උදේට නැගිටල මූණ හෝදල හිගාකන්න යන්නෙ.. අනේ අම්මප මේකා ලංකාවටම පේන්න රස්සාවට එද්දි අඩුමගානෙ කුණුකෙල ටික පිහිදන් එන්න බැරි හැටි.. මෙහෙව් රටක් අම්මපා මේක.මං වෙන මගුලක් දැම්මා. ඒකේ අක්කයි නංගියි චීත්ත හෝදනවා..යකෝ ගෙදර ඉන්න දවසට අපිට මේවද බලන්න කියන්නේ.. මට බෑ අප්පා.. මං ගියා නිදා ගන්න.. ආයෙත් කලින් නවත්තපු හීනෙ පටන් ගන්න ඕනි බලන්න...

හ්ම්ම්ම්ම්..ඒකත් අහවර කරලා මහ දවල් දොලහට ඉද ගත්තා රටේ තොටේ පුවත් විත්ති අහන්න.. ඔය ඇත්ත දැනගන්න යන්න ඕනි තැනක් තියනවලුනේ.. ඉතින් මාත් ඉතින් එව්වා එකට දාලා ඇස් ගෙඩි දෙකත් අතට අරගෙන බලං උන්නා.. හප්පා ඌගෙ මූණ තියෙන හිනාව.. හරියට ෆැෂන් ෂෝ එකක් ගැන විස්තර කියන්න ඇවිත් වගේ..
ඔන්න සිරස්තල පටන් ගත්තා..

දත් දිස්දෙකම එළියේ.. පුදුම සතුටකින් කියනවා ගං වතුර ගලල පවුල් ගානක් ආනාථ වෙලාලු.. ඒ මදිවට ඒක කියලත් තව හිනා වෙනවා..
ගොන්ටෝ.. මං ඉද ගත්තේ නිව්ස් බලන්න..නැතුව ආතල් ගන්න නෙමේ..මල හත්තිලව්වයි ඒකත් රියලැටි මොකක්ද එකක් වගේ.. මුන්ට ඔය පිටරට දේ කොපි කරන්න ඕනි වෙලාලුනේ..යකෝ පිටරට උනත් හිනා වෙවී ආතල් එකේ නිවුස් කියන රටක් තියනවද අම්මපා..මගෙ ඇගේලේ ටික පිච්චෙනවා මෙව්වා බලලා.. නිවාඩු දවසට ගෙදරට වෙලා ඉන්න විදිහක් නැති.. ෂික් විතරක්..යන්න ඕනි කහෙ හරි..

බංඩියට සුට්ටක් දාගෙන ගියා හංදිය පැත්තට.. ඇති යාන්තං දවසටම කථා කරන්න එකෙක් ඉන්නවා කෙහෙල් කඩයක් ලග.. හප්පා. දැනුන සතුට.ගියා ඌ ලගට..යද්දි මූ අමූ කෙහෙල් කැනක එල්ළිලා ගෙඩි තෝරනවා‍.මං හිතුවා බාරයක් ඔප්පු කරන්න යන්ට කියලා..චිරි බිරි ගාලා අමු කෙහෙල් ගෙඩියක් කඩා ගත්තෙ නැතෑ .. අමුයි කියන්නේ පට්ටම අමුයි.. මුදලාලිය මං දිහා බලං ඉන්නවා.. අරූ විරය වගේ
උඹත් එකක් ගනින් මචං.
යකෝ මට පිස්සු නෑ බොල..
තොපිලට අපි කෙහෙල් ගෙඩියක් දුන්නම තමා කන්න බැරි..
හප්පා මුගෙ ගෝරනාඩුව..කෙහෙල් කෑවත් බොල මේ අමු ගැට කන්න පුලුවන්නද..මේකට මොලේ නැද්ද මන්දා..මූ දැන් ලෙල්ල ගලවනවා.. හප්පා මගෙ ඇගත් එක්ක හිරිවැටිල ගියා..මූ කෑවෙ නැතැ එකපාරටම.. හිපාටුවා..ඌගෙ කට කජු ලෙල්ල වගේ උනා..ඇයි දෙයියනේ මෙලෝ මිනිහෙකුට කන්න පුලුවන්ද අප්පා අමු ‍කෙහෙල්..මේකා මුදලාලියත් එක්ක ගේම.. කෙසෙල් වල පොත්ත විතරක් ඉදෝලා කියලා..
මොකක්..
මං බැලුව කේස් එක..හත්වලාමයි.. මූ කහ පාට සන්ග්ලාස් දෙකක් දාලා කියහන්කෝ..උගෙ මූණටත් වඩා ඒක ලොකුයි..ය‍කෝ කණ්නාඩි ගලවල බලපිය.හිකනලා..දෙයියනේ..දැන් මට රෙද්දක් ඇදන් ඌත් එක්ක කථා කරන්න පුලුවන්ද.. මං යනවා යන්න කොහෙ හරි..

බෝඩිම පැතතට යන්න හිතාගෙන පට්ට දවල් නිසා නැග්ගා ඒ සී බස් එකකට..තිබ්බෙත් එකම සීට් එකයි හිස් වෙලා.ඉදගත්තා ඒ සීට් එකේ.. ඒ සී නෑ කියහංකෝ.. කොන්ද මල්ලිගෙන් ඇහුව්වා කේස් එක.. ඒකා කියාපි මං ඉදගත්ත සීට් එකේ ඒ සී කවුළු වහල කියලා..මං ඒවා අරින්න හැදුවම රොඩී කෙල්ලෙක් ඉදගෙන කියපි
එපා ඒවා දාන්න සීතලයි කියලා..
මලහත්තිලව්වේ ඒකි දෙතන විතරක් වහගෙන බස්එකේ නැග්ග කියලා අපිත් උඩුකය නිර්වතින් යන්න ඕනිද... මුන්ට බාගෙට රෙදි ඇදගෙන යන්නත් ඕනි..අපි ඒ කුණ කන්නත් ඕනි..ඒ මදිවට සමාන අයිතිවාසිකම් ඉල්ලනවා..මුන්ගෙන් අපි යකෝ අයිතිවාසිකම් ඉල්ලන්න ඕනි..හලේ මගෙ ලේ ටික..පිච්චිලම ඉවරද මන්දා. වැඩියෙනුත් සල්ලි දීලා දාඩිය පෙරාගෙන බැස්සා ඉතින්.වෙන අහවල් දෙයක් කරන්නද..නැත්තං කාන්තා හිංසනය කියලා නැති මගුලයි මට..

ගියා බෝඩිමට.. හප්පා.. රටේ ආර්ථික අවපීඩනය හමුවේ උන් කේඩෑරි වෙලා ගිහින්..තොල කට තෙමා ගන්න විදිහක් නැතිව එකාට එකා මූණට මූණ බලන්නෙත් නෑ.. මං ගියාම සොමාලියාවට ආධාර ගෙනහල්ල වගේ..
කෝ කෝ.. ගෙනාවෙ නැද්ද..
හප්පා උන්ගෙ මූණ ලස්සන..
නෑ බං.. ආර්ථික අවපීඩන බොල...
හප්පා..මූණු ටිකේ හුලං ගියා වගේ. එකා එකා කථා කරන්නෙත් නෑ.. බලාගත්ත අත බලාගෙන ඉන්නවා.. යකෝ හෙට කසාද බඳින්න ඉන්න උන් වගේ.මාත් ඉතින් අයිනක තිබ්බ පත්තර ගොඩක් ලගට ගියා..
මුකුත් නැද්ද බං අලුත් නිව්ස් මටත් කට පියාගෙන ඉන්න බෑනේ..මාත් අහල දැම්මා..
නෑ බං
උඹල මොනවද ඔය කල්පනා කරන්නේ
පත්තරේ ප්‍රශ්නයක් අහල තිබ්බා බං
ඉතින්
අපි මේ ඒකට උත්තර හොයනවා
මොකක්ද බං ප්‍රශ්නේ
දැනුම මිනුම එකක් බං..ඒක දැනගන්නම ඕනි උත්තරයක්ලු බං.. අනේ මන්දා..
ඉතින් මටත් කියපංකෝ
ඔය පත්තරේ ඇති බලපං..
කො කෝ.. බලමු බලමු කෝ..........හ්ම්ම්ම්.. ආහ් මේ තියෙන්නේ..
සතියේ පැනය..
බිපාෂා බාසු පරණ පෙම්වතා අතහැරියේ ඇයි? අලුත් පෙම්වතා සොයා පහත ලිපිනයට එවන්න..
හත්දෙයියනේ.. දැන් එතකොට මේකද ප්‍රශ්නේ..
ඔවු ඇයි උඹ දන්නවද..
නෑ මං දන්නෑ බං..
එහෙනන් වීරය වගේ මේකද කියල ඇහැව්වේ.. මෙව්වා තමයි බොල දැන් කාලෙ ප්‍රශ්න.. ගිහින් හොයන් වර..
හප්පා.. දැන් හොයපං කෝ ඕක.. ගෙදර ආවා.. මගදිත් කල්පනා කරේ ඕක.. කන්නත් බෑ.. හිතට ඒක හරියට වද දෙනවා.. හලේ මං පිස්සෙක් වෙයි අප්පා.. අනේ දෙවියනේ මට උදවු කරන්න.. අනේ කවුරු මට කියන්න බිපාෂා බාසුගෙ අලුත් පෙම්වතා කවුද කියලා..නැත්තං මං පිස්සෙක් වෙයි යකුනේ...........

Thursday, December 2, 2010

කුමරිය නුඹද පෙම්බරි මා පෙම් කරන

සීතල පිණි වැටෙන හිමිදිරි උදෑසන
ඇවිදන් යන්න මා හා තුරු මල් මතින
දේදුණු වියන් බැඳි ආදර බස් දොඩන
කුමරිය නුඹද පෙම්බරි මා පෙම් කරන

සිහිනෙක පාට විසිතුරු වීලද ඉතින
සිත්තම් කෙරුනු සිත්තම නුඹමද ලඳුන
ගෙත්තම් කරපු මල් විසිතුරු මන බදින
කොහිසිට පැමිණි අගනක් දැයි කියනු මැන

පුන් සඳ ඈත අහසේ පායා ඉන්න
කලුවර හදට එළියක් වී පායන්න
තරු මල් රටා විසිතුරු වී හිනහෙන්න
තනිවුන හඳට මල් කැකුලියේ පුබුදින්න...

තනිවුන හිතේ ආදර මල් පිබිදෙන්නේ
රන් සමනළුන් නැතිවද තව එය දන්නේ
සියතුන් කො‍හිද නැතිවද ගී නද දෙන්නේ
පෙම්බරි කිමද මා හඳ නුඹ මන බැන්දේ


(සුභ පැතිමෙන් හෝ විකාර සිතීමෙන් වලකින්න..සිතට නැගුන කවි පද වැලක් පමණි...) ..:-D

Sunday, November 28, 2010

මගුලක කතන්දරක් දෙවනි කොටස..හනිමුන් යාම....

එතන වෙන වින්නැහිය බලං ඉන්න බැරි තැන මං ඉතින් එක දෙක තුන කරලා දාගත්ත නන් මතකයි කියමුකෝ... ඕං ටික වෙලාවක් යද්දි ‍එකෙක් දනිපනි ගගා දුවගෙන ඇවිත් මගේ කණ ඉස්සරහ කෑගහපි කිව්වලු..

යකෝ........
මං උඩගිහින් වැදුනා සිවිලිමේ හතරැස් මුල්ලේ..ඊට පස්සේ ඒ සී එකේ හුලගට ගිහින් ඇදගෙන වැටුනා බාර් එකේ මේසෙ උඩට..මල මගුලයි..බෝතලේ කටේ..අරූ ආයෙත් දුවගෙන ආවා..

බිව්ව ඇති යකෝ..
යකෝ මේ බොනව නෙමේ බොතලේ කටට වැටුනා.......... කොට්ටෝරුවා...
ඇයි හත්දෙයියනේ මුන්ගේ කටේ සද්ද අහන් ඉන්න පුලුවන්ද..
දැන් මොකද තෝ උලම වගේ බෙරිහන් දුන්නේ...
අන්න මනමාලය පිටත් වෙනවලු
ඉතින් මට මොකෝ..
යකෝ උඹනේ කාර් එක ගෙනියන්නේ
හුටා..මල මගුලයි කිව්වලු..
මං කාලත් නෑ බොල
හිටු..

මෙන්න අන්න අරූ හුරේ රන්එක..පැන්න මනමාලිගෙ ආච්චි ඉස්සරහට..වැදුනා මුගෙ ඇගේ..විජ්ජුම්බරයයි..අරූගේ දත් සෙට් එක කටින් එළියට පැනල..මං දුවගෙන ගියා බලන්න..හත්ඉලව්වයි..අර ආච්චියේ දත්සෙට් එක මුගෙ කටේ..ඒකෙත් දතක් අඩුයි...දැන් හොයපංකෝ අඩු දත.. ඕං අර ආච්චි හිනා වෙනවා කටේ තනි දතකුත් තියාගෙන...මං බැලුව ඒ මොකද කියලා..බැලින්නං ඒ ආච්චිගේ උපන් දතලු..අම්මටහුඩු උපන්දත කෙසේ වෙතත් ඒ අර දත් සෙට් එකේ අඩු දතනේ....මේක කිව්ව ගමන් අරූ ඇද්දේ නැතෑ දත..දත අතේ..දැන් ආච්චිට දත කටෙත් නෑ දත් සෙට් එකෙත් නෑ..හලේ මට බෑ ඒ විකාරේ බලං ඉන්න..ආච්චිත් වැලහින්න වගේ අඩනවා..දත නෑ කියලා...අරූ කියනවා

ආච්චි අපි මේ දත ලේනට විසික් කරමු..එතකොට අලුත් දතක් හම්බවෙයි කියලා...
යකෝ හිපාටුවෝ..ඕක කිරි දතක්ද ලේන ආපහු ගෙනත් දෙන්න....
බං අපි ආච්චිව ෂේප් කරගම්මු බං එහෙම හරි කියලා..බලපං අර ලමිස්සි වගේ ‍අඩනහැටි..
මුටත් හිත ගිහින්ද මන්දා..මට බෑ ඔව්ව බලං ඉන්න...මං ගියා කන්න කියලා... ‍
දැන් කෑම දීලා ඉවරයිලු..
මල හත්තිලව්වයි දන්සලකට ආවා වගේනේ...
දැන් එතකොට කන්න මුකුත් නැද්ද..
නෑ
දැන් ඉතින් අහවල් දෙකක් කරන්නද..මේසේ ලස්සනට ගහල තිබ්බ අනමාලු ගෙඩි දෙකක් කඩාගෙන ආවා මගදි කන්න කියලා..කෑම පිගානකට හෙන ගනන් දීලා..මං ආනමාලු ගෙඩි ‍දෙකක් කාලා තරු තියන හොටලයක දවල් කෑමක් ඉවර කලා...හලේ..මට බෑ අප්පා....
ගියා ජෝඩුව ලගට..මේන්න වැඩක්..මනමාලි පොළවේ පස් කනවා..මූනේ වැලි එකයි..පාපිස්ස ලෙවකනවා..එක විකාරයයි...
මං පොඩ්ඩක් බැලුවා සීන් එක...මනමාලය ලගට කිට්ටු කරා
මොකද මචං සීන් එක..
දාල එන්න බෑලු බං අම්මලව..
යකෝ...දැන් ඒකිම නේද තොට වද දුන්නේ බඳිමු කියලා..දැන් මගුලක්ද කියන්නේ...
දන්නෑ බං..තව ටිකක් බලල එන්න බැරි නන් අපි යමු නේද...
ඔවු බං..බලෙන් ගිනියන්න බෑනේ..අපි යමු..එයාට පස්සේ එන්න කියමු..
අරූමට රහසින් කියපි.
මචං මනමාලි එන එකක් නෑ..උඹ බොතලයක් කාර් එකට දාගනින් අපි දෙන්න සෙට් වෙමු කියලා..

හප්පා..ඉතින් මක්කොරන්නද..මං ගියා බොතලයක් අරන් එන්න..විනාඩි 5ක් යන්නැති..
මේක හරි කෙළියක්නේ යකෝ..මේන් මනමාලි හිනාවෙනවා පැලෙන්න..අරූ මගේ අතේ තිබ්බ බෝතලේ දිහා බලාගෙන ‍හූල්ලනවා..මට දුකේ බෑ..ඌගෙ කදුලු කැට සට සට ගාලා වැටෙනවා..මං ගිහින් ඇහැව්වා
මොකෝ බං සීන් එක..උඹ මොකක් හරි කිව්වද බං....
නෑ බං මේකි ආයෙත් මාව රවට්ටලා.. ඒ ෆොටෝ වලට ඕනි නිසාලු බං ඇඬුවේ...
අනේ මට දුකේ බෑ අප්පා..මනමාලයා හොටු පෙරාගෙන බෝතලේ දිහා බලාගෙන අඩනවා...මටනන් බෑ අප්පා බඳින්න...

හ්ම්ම්ම්ම්..දැන් ඉතින් කට්ටියට නැග්ගයි කියමුකෝ කාර් එකට‍..එකා එකා මල් වලින් ගහද්දි සට සට ගාලා මල් වැටෙනවා කාර් එකට..හීරිලා ඇති අම්බානක්...ජෝඩුවත් එක්ක තරහටද මන්දා මල් වලින් ගහන්නේ..සමහර උන් කාර් එක පස්සේ දුවගෙන ඇවිත් දඩෝං ගාලා කෙලිනවා මලකින්..කාර් එක හීරිලා යනවා..හප්පේ උන්ගේ උතුරා යන සන්තෝෂෙ වෙන්ටැයැ කියලා අපිත් හිත හදාගත්තා...
දැන් ඉතින් ප්‍රේම ගීයකුත් දාගත්තා කාර් එකේ..මොනව උනත් විරහ ගී ගයන්න පුලුවනැ..යනවා හැටට හැටේ..දැන් යන්නේ කොහෙද දන්නෙත් නෑ අරූ දීපු ඇඩ්‍රැස් එකකට යනවා මාත්..ටිකකින් බැලුවා දෙන්න මොකද සද්ද නැත්තේ කියලා..දැන්ම නැකතට වැඩ අල්ලද දන්නෑනේ..හලේ මට ලැජ්ජයි අප්පා..මට බෑ අප්පා මෙව්වා බලන් ජීවත් වෙන්න..

මේන් මුන් දෙන්න මල මිනි දෙක වගේ බුදි..කුණුකෙළ පෙරාගෙන බුදි..මනමාලිගෙ මල් පොකුර අරූගේ කටේ හිරවෙලා ඌට හුස්ම ගන්නත් බෑ..ඒක අරන් දාන්න හදලත් පවුල් ප්‍රශන්යක් වෙයි කියලා නිකං හිටියා..මොනව උනත් මනමාලිගේ මල් පොකුරනේ..ඒක ඌගෙ කොහෙ තිබ්බත් මයෙ මොකෝ නේ..මට බෑ අප්පා මෙහෙම යන්න..මක්කක් කොරන්නද ජෝඩුව ගොරවනවා අම්බානක්..හරියට සිංදුවට බේස් එක ගහනවා වගේ..හප්පා..ඒකෙත් අමුත්ම තාලයක් නොවැ තියෙන්නේ...

දැන් යනවා කිතුල් ගල පැත්තට..හප්පා පට්ට කැලයක්නේ...ගල් මුල් උඩින් යන්න තියෙන්නේ..මං බැලුවා මනමාලය දිහා..
මචං..පාර හරිද....
දන්නෑ බං ඇඩ්‍රැස් එක හරි නන් පළ.. .......

අරූ හීනෙන්ද මන්ද කිව්වා..මාත් ඉතින් මොනව කරන්නද..ඔය යන්නේ..කූඩැල්ලෝ චිරි චිරි ගාලා රෝදෙට යටවෙලා යනවා...එක රෝදයක් අඩි තුනක් උස මුලක් උඩින් දාද්දි අනික අඩි හතරක් උස මුලක් හොයාගෙන..එහෙන් ගල් විමානේ..පාරට දාන්න ගෙනාපුවද මන්දා හැම ජා‍ති‍යකම ගල් පාර මැද්දේ..මැණික් විතරයි නැත්තේ..ඒවත් තියනවද මන්දා..යකෝ හනිමුන් කියලා මෙහෙම කැලයක් අස්සේ රිංගන්න ඕනිද.. යකෝ සිංහයෝ කොටිත් ඇති මේ කැලේ අස්සේ...දෙයියනේ දෙන්නෙක් කසාඳ බැන්දට පස්සෙන් හනිමූන් යන්න ඔය තරන් කැලේ රිංගන්න ඕනිද අප්පා..මේක නන් පුදුම ලෝකයක්නේ..
ඔං නැවැත්තුවා කියහංකෝ හෝටලේ....මුන් දෙන්න බහින්නෑ කාර් එකෙන්..තාම නිදි..මොනව කරලවත් නැගිටින්නෑ..මට පට්ට බඩගිනි..
කථා කරා වේටර් කොලුවෙකුට..අහ ගත්තා බුෆේ එක තියන තැන..මේක ගස් අස්සේ මහ මූකලානේ තිබ්බට ‍ලොකු හෝටලයක්ලු..ඔය සුද්දොත් එනවයි කියන්නේ..හප්පා ඌගේ වර්නනාව..හරියට නිකං මුලු හෝටලේම ඌගේ වගේ..මාත් ඉතින් බඩගින්න වැඩි කමට අර දැන් හුඹහින් ඇදල ගත්ත එකෙක් වගේ පස්සෙන් ආවා.මල හත්තිලව්වවයි බුෆේ එක...
පිට්ටු..
පොල්කිරි
‍කෙසෙල්මුව
දඹල..
ගොටුකොළ.
නෙලුම් අල
ආහ්..තව තිබ්බා කුරහන් තලපයි මුං ඇට හොද්දකුයි...
මං ඇහැව වේර් මල්ලිගෙන් මෙව්වද කන්න තියෙන්නේ කියලා..එ‍තකොට ඌ කියපි අද ශ්‍රී ලංකන් මෙනු එකලු..ඇයි හත්තිලව්වේ මොන මගුල උනත් මෙව්ව කන්න පුලුවන්ද මිනිහෙකුට..මට බෑ අප්පා මෙහෙම ඉන්න..මං ගියා ජෝඩුවට කියලා ගෙදර යන්න හිතාගෙන උන්ගේ කාමරේට...බයෙන් බයෙන් ගියා මොන ජල්ලියක් අල්ලද දන්නෑනේ..අනේ මේ මුන් දෙන්නා දොර මුල්ලේ දපල දාලා දොයි...අර රෝසමල් පෙති විසිකරපු ඇද එහෙම්මමයි..මුන් දෙන්නා අර පාපිස්සක් උඩ නිදි..මට දුකේ බෑ..මුන්ට කථා කරල වැඩකුත් නැති නිසා උන්ගේම ෆෝන් වල උදේ තුනට එලාර්ම් තියලා මං ආවා..ඒ වෙලාවටවත් නැගිටල අර රෝසමල් පෙත්තක් කන්නැතෑ කියලා..
කාර් එකේ බෝතලේ තනිවෙලා..ආපහු එනගමන් මුලක් උඩ නවත්තලා කූඩැල්ලෝ ටිකක් තනියට ව‍ටකරගෙන ඒකත් හිස් කරන්න ගත්තා.....

Sunday, November 21, 2010

මගුලක කතන්දරක්........

උදේ මහ පාන්දර 10ට විතර ‍‍දුරකථනය නාද වෙද්දි මං මං බැලුව මේ මොකාද කියලා..තාම බිං කරුවල ගිහිනුත් නෑ.අනේ දෙයියනේ මිනිහෙකුට නැගිටින්න පුලුවන් වෙලාවක්ද ඒක.. බැලින්නං මේ හෙට බඳින මනමාලය කියහන්කෝ..

ඇයි මචං..

වරෙන්කෝ අපේ ගෙදරට....

මොනව උනත් ඌගෙ අන්තිම දවස් ටිකනේ..මගේ හිතත් උණු වෙලා වැක්කෙරෙනවා.හිමිදිරි පාන්දර හින්දා කුකුල කෑගහන්නැත්තේ මොකද බැලුවම උන්ටත් රෑ නින්ද ගිහින් නෑ..උනුත් මේ වෙලාවේ කෑම හොයන්න ගිහින්ලු..උන්ටත් පිස්සුද මන්දා මේ උදේ පාන්දර කෑම හොයන්න යන්න..

මොනව උනත් එහෙ ගිහින් ආපහු එන්න කියලයැ..මාත් ඉතින් ගියා මගුලට ලෑස්ති වෙන්න..කොන්ඩෙ කපන්න ගිහින් ඉදගෙන ඉද්දි.. ආවා බාබර් බුවා....

මහත්තය මොකද වෙන්න ඕනි..

කොන්ඩෙ කපන්න කියලා..වෙඩිමක් තියනවා නියමට තියෙන් ඕනි හරිද?? කලින්ම කියල තියන්න ඕනි නිසා ඕං ඒකත් කියලම මං ඉදගත්ත කියමුකෝ..

දැන් මූ කොන්ඩේ කපනවා..සිංදුවකුත් යනවා.මට නින්දත් යනවා..පාන්දර 11 ට විතර ඇති ඒ වෙලාව. ඇහැරල බැලුමට මට පේ‍නවා මූ මගේ කොන්ඩෙට කෙළල කියලා..කුකුල් කරමලය වගේ.මෙලෝ රහක් නෑ..කොන්ඩේ මූ කෑවනන් ඊට හොදයි.මං ඉතින් මැරෙන්නද..හප්පා ඌගෙ මූණෙ හිනාව..

දැන් හරි නේද... (ඇයි මූ වැරදි නන් කොන්ඩේ හිටවන්නද)

මේ ඔය ඉතුරු කරපු ටිකත් කපනවා.. වෙන කියන්න දෙයක් නැති නිසා මං ආයෙත් ඇස් දෙක පියං හිටියා.

ඊට පස්සේ ගම්පහට යන්න හිතාගෙන ගියා ඉස්ටේෂමට..නැග්ගා කෝච්චියක..මල මගුලයි..ඒකේ ඩ්‍රැයිවර් මාමාට කණ්නාඩි දෙක ගේන්න අමතක වෙලාලු.ඒක පස් කන්ඩියක් දැක්කත් නවත්තනවා ඉස්ටේෂමක් කියලා..
ඒ කෙලියත් කරලා දිව්වයි කියමුකෝ ගම්පහට..ඒකත් හරි..දෙන්නත් එක්ක ගියා නුවර..කිසි කථාවක් නෑ..අරූ නිකං මල ගෙදරක යනවා වගේ මං තනියෙන් ඔහේ කියවනවා..

දැන් කොහෙටද බං යන්නේ..

නැටුම් පුරුදු වෙන්න යනවා බං..

හුටා..මූ දෙකක් දා ගත්තම කොහොමත් නටන එකා..දැන් පුරුදු වෙන්නත් ඕනිලු..හයියෝ..මටත් මෙව්ව බලන්න උනානේ..මාත් ඉතින් ඔන්න ඉද ගත්තා පුටුවක..දැන් දෙන්නා හුරේ එකට නටනවා..
එකපාරට ගුරුතුමී අක්කා හැරුනා මෙහෙ එන්න ඔයා..අපි නටල පෙන්නපු මේ දෙන්නට..

හත්දෙයියනේ මං ජීවිතේට නටපු එකෙක්යැ..ලැජ්ජාව උතුරලයනවා..විලිබිය එහෙන්..තව මොනවද මන්දා ඔක්කොම එකපාර වැක්කෙරෙන්න ගත්තා..මැරෙන්නයැ ඉතින්..ඔන්න නට නට ඉද්දි හෙට මනමාලය කෑගහන්න ගත්තා..

මචං..
ඇයි..
මට හෙට අඳින්න ඇදුමක් නෑ.
ඇයි හෙට මොකක්ද තියෙන්නේ
යකෝ මං බඳනවා..මට අඳින්න කොට් එකක් නෑ.....

හුටා..
ඇයි නිළමේ..
ඒ උදේට..දැන් යමු ගිහින් එකක් ගේමු බං...

මොන නැටිලිද ගියා කෝට් බෑයක් හොයන්න...ඒකත් හෙව්වයි කියමුකෝ..ආයෙත් මුන් දෙන්න නටපි..මගේ කකුල අර ගුරුතුමිය පාගලම මට එපා වෙලා..ආයෙත් පෑගුවොත් කියලා දෙන්න ඇඩ්‍රැස් එක කලින්ම ලියල තියා ගත්තා..නැත්තං ඒකත් මල මගුලයිනේ.

යන්තං රෑ එකට විතර ඔය කෙළි කරල ගියා නිදා ගන්න කියලා..කොහෙද

මචං..
ඇයි බං...
හෙට කෙල්ලව අන්දන තැනට ගිහින් දාලා උඹ ඒකිත් එක්කම හොටෙලේට වරෙන්..
හා..කීයටද බං..
‍2.30ට පළයන්..
හා..
යන්තං පැයක් විතර නිදා ගන්න ඇස් දෙක පියා ගත්ත විතරයි..ඇහෙනවා හීන් කෙඳිරියක්..මං බැලුව මේ මොකාද කියලා..බැලින්නං මනමාලයා..

ඇයි බං
මං හෙට බඳිනවා නේ බං
ඔවු බං..ඉතින්..
හෙටින් පස්සේ බොන්න බැරි වෙයි නේ බං..
මං දන්නෑ බං..මං බැඳල නෑනේ..
අනේ චුට්ටක් බොන්න දීපංකෝ..
හුටා..කඳුලුකැට සට සට ගාලා වැටෙනවා..බිම තෙමිල වතුර එකයි..මගේ හිත උණූ වෙලා ගිහින් කඳලු වතුරේ දිය වෙලා යනවා..බලන් ඉන්න බෑ අප්පා..මං දුවල ගිහින් ගෙනාවා මගුලට අරන් තියපු බෝතලයක්..

හප්පා උගේ මූණේ තිබ්බ සතුට..සෝමාලියාවට කෑම අරන් දුන්නා වගේ..එක හුස්මට කෙලියා.මටත් පුලුවනැ මෙව්වා බලං ඉන්න..හප්පා...
ඒ සංග්‍රහයත් ඉවර වෙලා වෙලාව බලපි..කෙළියා..මහ රෑ 2යි..දැන් පලකෝ කෙල්ලව මනමාලි කරන්න..
ඔන්න ඒ කෙල්ලවත් අරන් මනමාලි කරන්න දීලා..එන්න හදද්දි කියපිය තම මල් කුමාරියෝ දෙන්නෙකුත් ගෙනෙන් කියලා..ඕං ඒකත් අරන් ගිහින් දීලා....මං ආවා සුට්ටක් දොයිය පාරක් දාන්න..

ගියා ආයෙත් හෝටලයට.එතන එක විකාරයයි..මනමාලය පොළවෙ පස් කනවා.වැලි මූනේ හැම තැනම..නිළමේ ඔටුන්න ලග තිබ්බ පේර ගහ උඩ. ඌ පැනල මනමාලිට ගහන්න යනවා.වටේ උන් මනමාලයම අල්ලගෙන..හරියට නාට්‍යයක් වගේ..මං ගියා වීරය වගේ..හුටා..මූ ඇද්ද නැද්ද නිළමෙගේ පිහිය මට අනින්න.. ඒක ඇද්ද ගමන් යාර 36ම බිම..ඌ දැන් යට සාය පිටින්..මං නැග්ගා තාප්පේ උඩට..

හති අරින ගමන් අහපි

මොකෝ සීන් එක..

මනමාලි මාරු කරලලු..මේ ඉන්නේ මුගෙ කෙල්ල නෙමේලු..

මල හත්තිලව්වයි එහෙම වෙන්නේ කොහොමද.මංනේ එක්කං ගියේ..එහෙන් මනමාලය දඟලනවා වැඩී කියලා ඌව යට සාය පිටින් ගස් බැඳලා...වැලහින්නක් වගේ ඌ අඩනවා..

මං ගියා මනමාලි ලගට..
මොකෝ සීන් එක..ඔයා මාරු උනාද..
නෑ නෑ..මං එයා තමයි..

වොයිස් එක නන් හරි..ඒත් හමේ පාට තමයි අවුල..අර පොට්ට පාට කෙල්ල රානි මුඛර්ජී වගේ..මටත් ෂුවර් නෑ..ඕනි ගිනිගෙඩියක් වෙන්න මනමාලිගේ අම්ම ලගට ගියා..

මේන් වැඩක්..එයත් අඩනවා හොටු පෙරාගෙන..
ඇයි ඇන්ටි..මේ ඔයාගෙ දුව නෙමේද..
නෑ නෑ වෙන්න බෑ..අවුරුදු 25ක් තිස්සේ හදපු දුව මෙයා නෙමේ..එයාගේ පාට වෙනස්..මගේ දුවට කවුරු ගරි ගුරුකමක් කරල කියලා ඇන්ටි කියපි..

දැන් මොකද කරන්නේ..මටත් දැන් ෂුවර් නෑ..ගියා වේටර් මල්ලි කෙනෙක් ලගට..එයාලා වට්ටක්කා ගෙඩියේ කැටයම් කපන පිහියක් ඉල්ල ගත්තා.. ගියා මනමාලි ලගට.. කැපුවා කම්මුලේ හතරැස් කොටුවක්..සෙන්ටි මීටර් 12ක් විතර ගැඹුරට යනකං හෑරුවා..හප්පා.....දැනුන සතුට..යන්තං පවුඩර් තට්ටුව ඉවර උනා.. ඈතින් පේනවා හරි පාට..පුදුම සතුටුයි..බැලුවා මනමාලය දිහා..ඌ තාමත් ගහේ බැඳලා..

හප්පේ ටෝච් එකක් ගහල අර කම්මුලේ හදපු වල ඇතුලෙන් පාට පෙන්නලා යන්තං ඌව ෂේප් කරගත්තා.දැන් ඉතින් වහපන්කෝ අර වල..මොකෝ මං ගාව පවුඩර් තියනව කියලයැ..ගියා කෑම මේසේ ලගට..ගත්තා තම්බපු බිත්තර කහ මදයක්..ඇනුවා බටර් එක්ක..හදපු තලපේ ගෑවා මුණේ වල වැහෙන්න..කොහොමද ටිකිරි මොලේ.. හරි ඒ මගුලත් හරි..මැස්සෝ වහන ගත්ත එක තමයි අවුල.මොනව කරන්නද මල් ‍පොකුරෙ තිබ්බ සුදු රෝස මලක් ගැහැවා ඒ වහපු වලේ..දැන් නිකං මල් නැන්දා වගේ..මනමාලි එක විකාරයයි.මල් හතර අතේ..අරූත් ආයෙත් යාර 36 ඇදගෙන ආපි.මට බෑ තවත් මෙව්ව බලං ඉන්න..

ඈත කොනක තිබ්බ පුටුවක් උඩ ඉදගෙහ හිස් වෙච්ච වීදුරුවකට මොනවද දාගෙන ඉවර කරන්න හදද්දී මට ඈතින් ඇහුනා කෙල්ලෝ දෙන්නෙක් කථා වෙනවා

බලපංකෝ මනමාලි දිහා..අලුත් පැටර්න් එකක් නේද..මාත් මගේ වෙඩින් එකට මෙහෙම අඳිනවා..

හලේ.මං කොහොමද මෙව්ව අහගෙන සිහියෙන් ඉන්නේ...එක හුස්මට හිස් කරා මුලු වීදුරුවම.

Saturday, November 13, 2010

උඹ ආයෙත් ආවද....


"අයියෝ..අදත් වහිනවනේ............."

"මොන මගුලක්ද මන්දා..හැමදාම හවස් වෙද්දි වහිනවා...."

"අද සෙට් වෙමුද..."

"බෑ බං..අද කලින් යන්න ඕනි.."

"යකෝ අපිනෙ බැඳපු උන්..උඹ මොකටද කලින් යන්නේ..."

"අද යන්න ඕනි බං..අද සෙට් වෙන්න බෑ.."

"පිස්සු කෙලින්න එපා බං..අද සිකරාදානේ.."

"හ්ම්ම්ම්..හරි...රෑ වෙනං බෑ.කලින් යන්න ඕනි..."

"හරි..අඩෝ සුදා..වරෙන් වලට යමු.. දිසා ටත් කියපං එන්න කියලා.."

මගේ කරවට අත දමාගත් මිතුරාත් සමග කාර්යාලය ඉදිරියේ ඇති අවන්හල වෙත යාමට පිය නැගිමී..අද දින මෙවැන්නක් කිරීමට සිතා නොසිටිය මුත් මිතුරාගේ බලවත් පෙරැත්ත මත ඇදී ගියද සිත තුල සක්මන් කරන අපුල භාවය වසා ගන්නට මා සිතත් සමග පොර බඳන්නට විය.

ඝන අදුර වසන්නට දල්වන ලද කුඩා විදුලි පහන් එළිය එම අදුර පලවා හරින්නට මෙන් ලා තැඹිලිවන් එළියක් විහිදුවන්නට විය.මා නෙත් විහිදා බැලිමි..නුපුරුදු තැනක් නොවුවද අද හිතතුල ඇති හැගීමෙන් ‍මා දුටු දසන් සිත කලකිරවන්නක් විය.හමා එන සැර සුවඳ නහය රිදවන විට මා වට නෙත් යොමමින් ‍හිඳගතිමි.

"මචං..මොනවද බොන්නේ..."

"හ්ම්ම්ම්ම්ම..ඕනි දෙයක් ගනින්..මට නන් ගන්න එපා..මං යන්න ඕනි කලින්........"

"මොනවද බං..ආපු ගමන් යන්න හදන්නේ..."

"හරි හරි...උඹල සෙට් වෙයන්..මං යන්නං...අවුලක් නෑනේ........"

මෙම අවන්හලතුල මා පෙර පැමිණ තිබුනද මෙතරම් අලසව ගෙවු දිනයක් මතකයට ගැනීමට පවා මට නොහැකි විය..වේලාව සවස හතෙ ඔරලෝසුව තුල සටහන් වෙද්දී මා යන්නට මිතුරන්ට සමුදීමි..

මහමගට පැමිණියද නිවසට යාමට තරම් ප්‍රියත්වයක් සිතතුල නොමැත..ආගන්තුක හැගීම් සමූහයක එකතුවක් ලෙසින් සිත රෝගාතුර වී ඇත.වැහි අදුර නිසාවෙන්දෝ වෙනදාටත් වඩා ඝන අදුරක් පතිර ගොසිනි..අහස උසට නැගි තට්ටු ගොඩනැගිලි සමූහයක් මැද මා අතරමං වී ඇති බවක් දැනීමෙන් මා අවට බැලීමි..කහවන් ආලෝකය මැද්දෙන් බිම පතිත වෙන වැහි බිංදු රන්වන් පැහැයෙන් දිලිසෙමෙන් නේක රටා මවන්නට විය.නිවසට යා යුතුය.මා සෙමෙන් පිට මනින්නට වීමි.

බිම යොමාගත් දෑස ඉහලට එස වූවේ මන්දැයි මම නොදනිමි..නමුත් මගේ නෙතු මානයේ සුන්දර යුවතියකි. මේ ඇයමද.මා නැවතත් හදවතින් විමසා බැලිමි.සිහින් වැහි බිඳු වලින් බේරිමට කුඩයක් යටට වී පෙර මග බලන මේ ඇයමද.මා ඇය අසලට ගියෙමි.

කථා කරන්නට අවැසි මුතු දෙතොලින් වචන පිට නොවෙයි.මා ඇය දෙස බලා සිටිමි..

"මොනවද ‍බලං ඉන්නේ....................."

ඒ ඇයමය..ඒ සුන්දර සිනහව එලෙසමය.කිසිදු වෙනසක් නැත.පෙර දින මා සමග දොඩමලු වූ මේ ඇයමය..මගේ පෙම පිළිනොගත්තද මා තවමත් නුඹට ආදරය කරන බව ඇය දනීදෝ දැයි මම නොදනිමි.ඒ නිල්වන් නෙතු සඟලත් නොනවතින කථාවත් එලෙසමය..ඇය සමග වරු ගනන් නොදෙවුද මා සිත ඇය කෙරෙහි ඇදී ගියේ ඇයි දැයි මා තවම නොදනිමි..ඇයගේ තුරුලේ නිදන්නට මා සිහින ‍මැව්වේ නැත..නමුතු ඇය මා තුරුලේ හොවා සනසන්නට ඒ මිහිර විදින්ට මා අපමණ සිහින අමුණා ඇත.ඒ සියල්ල දැන් යටගියාවක් වී හමාරය..එවන් වූ දෑ දැන් වැලලී ගොසිනි..ඒ මිහිරි අතීතය මා සිත වෙලා ගත්තද ඇයට අමිහිරි වූ එම දිනයන් දැන් වලදමා ඇති බව මා දනිමි.

"මොනවද අනේ බලන්නේ......"

"හ්ම්ම්ම්ම්..ලස්සන බැලුවේ........."

"මේ එන්න එපා ඕවට..මං කිව්වනේ..ඔයා තාමත් පොඩි ළමෙක් වගේනේ හැසිරෙන්නේ.."

මගේ සිත මටම දොස් නගන්නට විය.

"මං යන්නං දිනූ....."

"ඇයි යන්නේ.."

"හ්ම්ම්ම්ම්......රෑ වෙනවා..බස් නැතිවෙයි..මං යන්නං දැන්.."

"ඉන්න ටිකක්.."

"මොකටද..."

‍"මගේ බෝයි එයි කාර් එකේ..එකේම යමු.."

"බෑ දිනු..මං යන්නං..."

"ඇයි ඔයා මාත් එක්ක තරහද..මට හොද යාලුවෙක්ව නැති කරගන්න බෑ.."

"මං තරහ නෑ දිනූ..ඒත් යාලුවෙක් විදිහට ආදරය කරපු ඔයා දිහා බලන්න මට බෑ.."
දිග සුසුමක් හෙලූ මා යන්නට අදිටන් කර ගතමි.

"මං යනවා දිනූ.."

"ආයෙත් අපි හම්බවෙයි නෙ කවද හරි...නේද?..."

"හ්ම්ම්ම්ම්..ඒක නන් දන්නෑ..ඒත් මං පතන්නේ එහෙම වෙන්න එපා කියලා..."

නැවතත් ඇය දෙස බලන්නට සිත සවිය නැත.මා පියමනින්නට වීමි..අරමුණක් නැත..දෙපා ඔවුනට අවැසි ලෙස ගමනේ යෙදේ..මා අසරණ වී නැත..නමුත් මා තවමත් ඇයට ආදරය කරනුයේ මන්දැයි මා නොදනිමි..මේ සසර පුරා බැඳි වේදනාවක් දැයි අනේක වාරයක් මා සිතා ඇත.පියමනින්ට වීමි..අහස වසාගත් ගත් ගොඩනැගිලි අතරින් වැටෙන රන්වන් පැහැ වැහි බිංදු අතරින් පිය නැගිමි.

"අඩෝ..දිසා..අන්න අරූ ආයෙත් එනවා..." සුදාරක හඩ තලන්නට විය..

"මොකෝ බං ආපහු ආවේ.."

මා නිහඬය.සිතතුල දහසක් දේ කිවීමට ඇති මුත් අසන්නට කවුරුත් නැති බව දනිමි..‍මා මේ ලොව තනී වි ඇති බව වටහාගෙන ඇත..

"සුදාරක..මටත් වීදුරුවක් ගෙන්න කියපං...."

නිහැඩියාව විනාඩි කිහිපයකට රජ කෙරුවද..පෙර සිනහව නැවතත් පැතිරෙන්නට විය...

Thursday, November 11, 2010

මේ මගේ සිතද..සිතන්නට අවැසි නැත..

බෝඩින් කාමරය අසල ඇති පිහිඹියා ගස අතරනින් පොළව මත වැටුන මලහිරු එළියෙන් සිත්තම් උණ ඝන සෙවැනැලි මිදුල මත සිත්තම් අදින්නට විය.එය දෙස බලා සිටියෙමි.කාමරය තුලට යාමට සිතකු නොමැත..බංකුව මත හිද ගැනීමට සිතුවද වෙහෙසකර දිනක් නිසාවෙන් දෙපා රිදුම් දෙන්නට විය.අවුල් ගිය මනසකට සමානව අපිළිවෙල අරක්ගත් කාමරයතුල වෙහෙසකර බව තවත් වැඩිකරන්නක් විය.

"මල්ලී..මෙන්න ලියුමක් ඇවිත්."

බෝඩිමට හිමිකාරියක වන කවදත් සොයුරකුට මෙන් මෙන් සලකන අක්කාගේ කට හඩින් මනෝ ලෝකය බිදි ගියේය.අත් අකුරු ඇයගේමය..වෙවුලන දෑගිලි වලින් විවෘත කර බැලිමී..

දෙවියනේ..මෙය ඇයගේ මංගල ඇරයුම් පතයි..ඇයගේ සිහින ඉටු වී ඇත..පුටුව මත හිද ගත් බවක් මතක නැත..නමුදු මා පුටුව මත හිඳගෙන අවසානය..නැවතත් කියවා බැලීමි..මේ ඇයමය.පෙර දින මා සැනසු පපුතුරක හිමිකාරියයි.

ඇය ජීවිතය ජයගෙන ඇත..මා පැතු සියලු දේ තවම අතරමග නැවතී ඇත.රිදුම්දෙන ජීවිතය කරපින්නාගෙන තව බොහෝ දුර යා යුතුය.සහයට කවුරුත් නැති බව මා දනිමි.දරාගත නොහැකි සියුම් වේදනාවකින් මා හිත රිදුම් දෙන්නට විය..මා මිය ගියා නන් යැයි අනේක වාරයක් සිතා ඇත..මේසය මත හිස තබා ගත් මා අසල ඇති කොළයක් මත පැන්සලක් දුවවන්නට විය..මෙය මගේ සිතද..මා නැවතත් හෙට හිනැහෙයිද.සිතන්නට අවැසි නැත..මා දෙනෙත් පියා ගතිමි...

ජීවිතය
පැතුම් පොදි අත දරාගෙන
ඇත අනන්තය මත ඇදි
ලස්සන සිතුවමක් සොයා ගෙන
පිය නැගුවෙමි
පැතුම් පොදි කරපින්නා ගෙන
රන් තරු වලින් සරසා ගත්
නිල්වන් සේද ඇතිරූ පාවඩ මතින්
පියමං කෙරුවෙමි
අනන්තය තව බොහෝ දුර ඇත...
රිදුම් දෙන විඩාපත් පා යුග දෙස
නෙත් යොමා බැලිමී.........
පාවඩත් නැත..අදුරට එළියක් වූ රන් තරුත් නැත..
අනන්තය මත ඇදි සිතුවම එලෙසමය..
විඩා හරින්නට වීමී...
තව බොහෝ දුර යා යුතුය..
දෙපා වාරු නැත..තනිකමට හුන් නුඹද නැත...
නැවතත් නැගිට සිටීමට හැකි දැයි නොදනිමි..
දෙනෙත පියා ගතිමි වෙහෙස නිවන්නට..
දෙනෙත් යළි හිරු එළිය
දකින්නට පිං කර ඇති දැයි නොදනිමි

Sunday, November 7, 2010

එන්න වෙනසකට
















මල් වත්තකට පැන්නා
බඹරු මට ඇන්නා
මං ආපහු දිව්වා
මලේ බඹරුන් තාම ඉන්නා

මමයි වැරදි කෙරුවේ
අනුන්ගේ වත්තකට පැන්නේ
බඹරු මට ඇන්නේ
එහි දුක මමයි තව වින්දේ

මම යන්න යන්නේ
බඹරු තව නෑ දුකක් දන්නේ
කෙලෙස හෝ මං දන්නේ
බඹරු නැති මල් කොහෙද ඇත්තේ.........
.


Friday, November 5, 2010

ගීතයකට පිළිතුරක්.....

සුනිල් එදිරසිංහ මහතා විසින් ගායනා කරන ලද "කදුලු දෙන්න මට හඬන්න සත් සමුදුර ගොඩ ගලන්න" නැමැති ගීතයට මා විසින් ලියූ පිළිතුරු පදයක් තමා මේ..සිංදුවෙ පද බලන්න නන් මෙතනින් යන්නකෝ........:-D

කදුලු කුමට ​තව හඩන්න
නුඹ මගෙ තුරුලේ හිඳින්න
සුසුම් කුමට තව හෙලන්න
මද පවනක් වී හමනන්න

හිත උපන්න ආල වන්ත
කුමරිය නුඹ මගෙම වන්න
මගේ ලොවට නුඹ පමණයි
හිත තුල සක්මන් කරන්න

ලිහිනියනේ පියාඹන්න
මගෙ ආදරේ මට විදින්න
සදලු තලට නුඹ වඩින්න
නුඹෙ උකුලේ හිස තියන්න...........

Monday, November 1, 2010

එන්න යමු අපි අපේ වීලා...




සත් පියුම් මතින් හීන බලලා
පිණි පොදින් නුඹෙ දෙපා දොවලා
රන් හුයෙන් අපෙ දෑත් බැදලා
යන්න එනවද මගෙම වීලා

රන් තොරන් බැද වියන් සරසා
මල් පොකුරු නුඹෙ හිසේ ගවසා
සත් සියක් පිරිවරට කියලා
යන්න එනවද මගෙම කියලා

ගෙල වටට රන් මාල බැදලා
දෙසවන් මත රන් තෝඩු තබාලා
හිසේ ලස්සන තැල්ල බැදලා
එන්න යමු අපි අපේ වීලා

සීත මිහිදුම් රෑන් අතරින්
පාට විහිදුනු සිත්තමක විලසින්
නුඹව හිමිඋන සිතක් මෙලසින්
යදියි ප්‍රේමය නුඹෙන් එලෙසින්...

Wednesday, October 27, 2010

තනි රකින තනි තරුව නුඹ ඇවිත් මගෙ වෙන්න..




සිහිනයක් දෝ නුඹ නෙතග හිද
සනසනා
වළාවක් නැති අහස් කුස ලග මිහිදුමක් වී
හිනෙහෙනා
අනන්තය ලග වසන්තය වී මගේ තුරුලෙම
සැතපෙනා
කියාපන් නුඹ මටම හිමි උන ආලයද මේ
උතුරනා

ඝන දුරට තනි තරුවක්ව අහස් කුස සරසා
ඉන්න
පුන් සදක් නැති තනිය නුඹ ඇවිත් දුරලා
යන්න
අපෙ ලොවක හිනැහෙන්න නුඹ තවත් ලං
වෙන්න
රන් තරුව පෙම් බදින මගෙම වී නුඹ
ඉන්න

මිහිදුමක පාවෙන්න නුඹ ලගම
දැවටෙන්න
දේදුන්න මත ඉන්න ඒ පැහැය නුඹ
ගන්න
සදලු තල මුදුනටම මා ඇවිත් දැක
ගන්න
තනි රකින තනි තරුව නුඹ ඇවිත් මගෙ
වෙන්න...


(විරහව විතරද කියල හැමෝම අහන නිසා ඔන්න දැම්මා එහෙම නැති එකක්....:-D )

Tuesday, October 19, 2010

සොයා යන්නට හැකි නම්.....



සොයා යන්නට නුඹ ​හමුවනාතුරු
පියාපත් නැතිවද පියඹා යන්න
හමා එන සුලගට කියන්නට හැකිනම්
පවසා යන්න ඈය කොහෙද වග

ණාටු රලු පොළව මත
වියළි ගියත් මැටි පිඩලි
තෙතමනයක් නොලද නුඹේ පාමුල
තවද අයදියි දිය පොදක් මම.......

වසන්තය යළී නොආවත් මට
තුරු මලින් නැතිවී ගියත් ලොව
නුඹ දකින තුරු හිදින මම
කොහේ සොයමිද නෙතක් ඔබ හැර

දේදුන්න අමනාපව ගියත් අද
එක වරක් පායන්න මගේ සිත් මායිම
සුන්දරත්වය විදින්නට නොව ඔබ ලග
පාරක් සොයා ගන්න යට ලං වෙන්න

Sunday, October 17, 2010

මිහිදුම් වළා මැද සිත්තම් කරමි නුඹෙ රුව.....


මිහිදුම් වලා මැද
සිත්තම් කරමි නුඹෙ රුව
රන් තරු වලින් සරසා
දේදුනු පැහැයෙන්
ඔප දමා
සිත් අහස මැද
සදක් සේ රදවා
බලමි නුඹෙ රුව
සිත්තමක තෙලි තුඩක
වියළි බව නොදනිමිද
ඒ තුඩට පැහැය දී
සිත්තමත් හඩවයිද
තරුත් නැති අහස් කුස
සදකෙසේ බබලයිද
නේක තරු දිලෙන විට
සද කෙසේ හිනැහෙයිද
ඇත එන වළාකුලු
නුඹෙ සුවද ගෙන එයිද
ඒ සුවද විදගන්න
මියෙන්නට පෙර හැකිවේද.......

Friday, October 15, 2010

මේ සුභ සිහිනයෙ එළිය දකින්නට


සිහින මලින් නුඹ මුව සරසන්නට
මල හතක් ගෙන ගෙල පලදන්නට
රන් පොරුව මත නුඹ හිදවන්නට
දවස ලගයි දැන් රැය එළිවන්නට

සීතල කදුරට නුඹ ගෙන යන්නට
මිහිදුම් සලුවෙන් නුඹ සරසන්නට
ලස්සන සයනක නුඹ සතපන්නට
දිනයි ලගයි නුඹ මගේම වන්නට

වාලාකුළක නැග පාවී යන්නට
රන් තරු අතරින් පියඹා යන්නට
පුන් සද තනියට අහසේ දිලෙන්නට
නුඹ එනවද මට සිහින දකින්නට

දෑගලි එක්කර අතපැන් ලන්නට
ලස්සන ආසිරි පැතුමි ලබන්නට
මේ සුභ සිහිනයෙ එළිය දකින්නට
දිනයක් එවිද මට හිනෙහෙන්නට

Sunday, October 10, 2010

ඇයි මනමාලි නිදාගෙන ඉන්නෙ??



මනමාලියක් මා ඉදිරිපිට නිදන අපූරුව
දෙනෙත් අලු පැයෙන්ද තෝඩු එල්ලෙන්න නැතුවම
රෝසම මල් පෙකුරක් අතේ තියාගෙන
ඇයි නිදාගෙන ඉන්නෙ?
රතුම රතු මල් පොකුරක් මැද සුදු පාට මල් තියලා
ලස්සනම ලස්සන සුදු ගවුමක් ඇදල
මට කිව්වෙ මාල හත දානවා කියල නේද?
ඇයි ගවුමක් ඇදන් ඉන්නෙ...
කථා කරන්නකො..මං ආවා බලන්න..
රත්තරං මාල හතක් දාලා කාර් එකෙන් යද්දි
මට හිනා වෙනවා කිව්ව නේද..අන්න කාර් එක ඇවිල්ලලු.
කෝ ඉතින් හිනා වෙන්නකො.....
අත් දෙකටම මේස් දාලා..අද නන් හරි ලස්සනයි
ඒත් ඇයි මේ මූණ මැලවිලා...
මං එද්දි මල් පොකුරක් ගෙනාපු නැති එකට තරහද?
කවුද ඔය එයාගෙ ඇගට වතුර ඉහින්නෙ..
මං බලාගෙන ඉන්නෙ නංගියො..
කථා කරන්නකො...
මොකක්ද ඔය කරන්න හදන්නෙ
ඇයි එයා නිදා ඉන්න ඇද වහන්න හදන්නෙ
ආහ්..මේ පෙට්ටියක්..
‍මගේ චූටි නංගි නිදි නෙමේද??


2009-10-10 වන දින මිය ගිය ආදරනීය විශාකා නංගී වෙනුවෙනි...එයා ගැන චූටි විස්තරයක් මෙතනතියනවා...

නිවන් සැප ලබෙන්න ඕනි චූටි නංගියෝ...........!!!!






Tuesday, October 5, 2010

මාද දැන් පෙම්වතෙකි.........

මිතුරියකගේ ඇදුනුම්කම මත හදුනාගත් ඈ සමග කථා කල දින කිහිපය තුල පෙර කිසිම මිතුරියකුගෙන් නොලද රැකවරනයක් හා ආදරයක් මට දැනෙන්නට විය.මීට මාස කිහිපයකට පෙර සාදයකදි මුණ ගැසුන අප දෙදෙන මෙතරම් ලගින් ඇසුරු කරාවියයි මා කිසිවිටකත් නොසිතුවෙමි.දුරකථනයෙන් දිවා රෑ දොඩමලුව අප පෙම් බස් නොදෙඩවුවද ඒ ගත කළ කාලය මා සි​ත තුල මතක සටහන් අහුරක් සනිටුහන් කර හමාරය .පෙර දින රාත්‍රියෙහි මා දුරකථයෙන් කල සංවාදය නැවතත් සවත් පෙති තුල දෝංකාරය දෙන්නට විය.

"හංසි........:

"හ්ම්ම්ම්ම්.........."

"ඇයි කථා කරන්නැත්තෙ?"

"නෑ මං ඔයා කියන දේ අහන් ඉන්නෙ.....ඉතින් කියන්නකො මොනව හරි"

සුසුමක් හෙලූ මා සිතට එවන් වදනක් අවේ කෙලෙසක දැයි මා දැනුදු කල්පනා කරමි..මුවගට නැගුන සිහින් සිනහව සමගින් නැවතත් අතීතයතුල කිමිදෙන්නට විය.

"අපි හෙට හම්බවෙමුද හංසි?........"

"හ්ම්ම්ම්ම්....ඇයි එකපාරටම එහෙම අහන්නෙ"

"මට කියන්නකො.. ඔයාට පුලුවන්ද මාව හම්බවෙන්න එන්න...."

"මං ඔයාව ගොඩක් විශ්වාස කරනවානෙ... ඉතින් මං මොකටද බෑ කියන්නෙ...."

මෙවන් වූ වදනක් කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකල මා සිත තුල උතුරා ගිය සතුට කියා නිම කළ නොහැක.ඒ මො​හතේ ඇයගේ මුවගට නැගුන හුරතල් සිනහව තවම සිත තුව දෝංකාරය දෙන්නා වැනිය.ඒ සුන්දර මොහොත තුල ගිලී පිහිනමින් සිටියදී මා අත දැවටුන සුසිනිදු අතක් නිසාවෙන් මා ගැස්සී ගියෙමි.

"මොකෝ රට අල්ලනද කල්පනාව?............."

සිනහවන විට වල ගැසෙන දෙකපොල් ද සුලගට දග කරන කෙහෙරැ
ල් තුලින් මා ඇගේ දුටු සුන්දරත්වය කෙසේ නම් විස්තර කරන්නද?

"මොකද අනේ බය වෙලා වගේ මං දිහා බලංනෙ?..........."

මුවගට නැගුන සිනහව ආයාසෙන් මැඩගත් මා ඇය සමග දොඩමලුවන්නට වීමි.

"හ්ම්ම්මම්ම්.........ඔයා හරි ලස්සනයිනෙ........"

"ඔවු අපි ලස්සනයි තමා...මගෙ නංගිව දැකල නැද්ද..එයා මටත් වඩා ලස්සනයි....."

නිතරම මා සමග රන්ඩු කළ ඈ මා සමග මෙතරම් කෙළිලෙල් ආකාරයෙන් කථා කරාවියැයි මා නොසිතුවෙමි. ඇය සමග දොඩමලු වන්නට වචන නැත.ඇය ගිරවියක් මෙන් කියවාගෙන යයි..විටක මාගේ ගති පැවතුම් ගැන පවසයි..ඒවාගේ වැරදි සොයා දිවයයි..​මා පොඩි ලමයෙක් මෙනැයි පවසයි..ඒ සියල්ල අසා සිටිමට මා සිත මහත් සේ ඇලුම් කරයි.ඇය බනින විට මා තවත් ප්‍රිය කරයි.

සුලගට දග කරල කෙහෙලැලි සමග පොර බදිමින් ඈත අනන්තය දෙස බලාගෙන සිටි ඇගේ අසිරිය මෙතරම් යැයි විස්තර කළ නොහැක..දිගු නාසයත් පැහැපත් සමත් සමගින් අතෝරක් නැති දොඩමලුව ලෙලදෙන තොල් පෙතින් මගේ සිත තුල ඈ පිළීබද වර්ණවත් සිතුවම් නගන්නට විය.

"හංසි.........."

"හ්ම්ම්ම්ම්............"

"මං ඔයාට ආදරෙයි............"

මුලු ලොවම මොහොතකට නැවතුනා වැනිය..ඒ වදන් පෙල ගැලපීමට මා සිතට හැකියා​වක් ඇති වූයේකෙලෙසකදැයි මා සිතන්නට විමී..හදවත ගැහෙන රිද්මය වඩාත් පැහැදිලිව සවන් පෙති මත පතිත විය. ඇය තවමත් නිසොල්මන්ව මා දෙස නෙතු යොමා සිටී..ඇයගේ දෙනෙත කදුලින් බර වූයේ සතුට නිසාවෙන්ද නැතිනම් දුකක් නැගුනයෙන්ද යන්න මා හට සිතීමට අවැසි වූයේ නැත..ඇයගේ කරවට අත යැවූ මා ඇයගේ හිස මා පපුතුරහි සගවා ගතිමි.

"මං ඔයාට ආදරෙයි මැණික්...ඇත්තමයි..........."

අය තවමත් නිහඩවය..

"මට මැණික කියන්න එපා..."

"ඇයි ඒ?"

"මං ආස නෑ"

"හ්ම්ම්ම්ම්...ඉතින් මං ඔයාට මැණික කිව්වෙ නෑනෙ.........."

"ඇයි දැන් කිව්වෙ........."

"නෑ මං කිව්වෙ මැණික් කියලා.....මැණික කියන්නෙ එකයි..ඔයා මට ගොඩක්....ඒ නිසා මං මැණික් කිව්වා....."

ඇය කොපය සිතේ රදවාගෙන සිහින් හඩින් සිනාසෙනු ඇසින...

"පිස්සා......."

එය ඇගේ නොරිස්සුමයි

සිහින් සිනහවක් සිතතුල රදවාගෙන මා නැවතත් ඇයගේ සවන් මතට බර උනෙමි

"මට ආදරයිද හංසි.........."

හ්ම්ම්ම්ම්මම්..................

"මං ඔයාට ආදරෙයි....ඇත්තමයි"........

සතුට වාවාගත නොහැක.දෙනෙත් කදුලින් පිරී යන්නෙ හුදෙක් සිතට නැගුන සතුට නිසාවෙන් බව මා දනිමි

කා......................ට්

නිහඩ පරිසරය දෙදුරුවා අධ‍‍‍්‍යක්ශක වරයාගේ විධානය ගිගුම් දෙන්නට විය..මා සමීපයට පැමිණි අධ‍‍‍්‍යක්ශකවරයා

"වෙල්ඩං බෝයි වෙල්ඩන්..." යැයි පවසමින් ඉදිරියට යන්නට විය..

බොහෝ හවස් වී ඇති නිසාවෙන් අදට රූගත කිරීම් සිදු නොවන බව අප හොදින් දන්නා කාරණයකි..

"පුතා..ආයෙ අගහරුවාදා ෂූටින්...හවස 5ට..වෙලාව වරද්දන්න බෑ....හරිද?....."

ඒ අප ටෙලි නාටකයේ අධ‍‍‍්‍යක්ශක වරයාගේ අවසන් වදන් පෙලයි..සුන්දර යුවතිය වන නාටකයේ ප්‍රධාන නිළීය වෙත පිය මං කල මා ඇයට සුභ පතා නැවතත් නිවසට යාමට මෝටර් රථය වෙතට නැගුනෙමි..

Sunday, October 3, 2010

ජීවිතය තවත් එක් දවසක

වෙරළ තීරය තවමත් රන්වන් පැහැයෙන් බබළයි..ඔහු සමග වෙනදා ඇවිද යන මං තලාව පෙර ලෙසම රළ පහරින් සේදීයයි.නුඹ දෙඅත පටලා ගෙන පුංචි ළදැරියක් මෙන් රන්වන් වෙරළ තීරය මත ඇවිද ගිය අයුරු අපහැදිලි ඡායාවන් තුලින් මට මැවී පෙනෙන්ට විය.කදුලු නිසා බො වුන සිතුවමක් ද නැතිනම් ආයාසයෙන් වලදැමූ අතීතය නිසාවෙන් එය බොද වුණි දැයි සිතන්නට අවැසි නැත..ඒ දුක්ඛිත අතීතය අමතක කර දැමූවත්, විඩාබර දිනක් අවසන, රිදුම් දෙන ශරීර කූඩුව, පරදවා සිත හඩන්නට වී‍මෙහි මට අරුමයක් නොමැත.

සයුර හිරු ගිලගැනීමට පොර බදන තුරු මා හි සිට ගල්පොත්ත මත වැතිරී ගතිමි.රන්වන් හිරු එළිය නෙත් කෙවනි රිදවද්දී සිත අතීතයට ඇදී යන්නට විය..

නුඹ මාගේ හොම මිතුරාය.එකම ආයතනයක් තුල ජීවිතය දුක සැප සමව බෙදා ගනිමින් ගත කළ සුන්දර අතීතයක සිත්තම් අහසේ මැවෙන්නට විය.අප දෙදෙන නොදෙඩූ දෙයක් නැති තරම්ය.මාගේ ජීවිතය තේරුම් ගැනීමට නුඹ හැර වෙනත් සමතෙකු මේ මිහිපිට නොමැතියයි සිතුවෙමි.

දිවියේ ඒ සුන්දරම දින මෙතරම් අසුන්දර වර්තමානයක ආරම්භය යැයි කිසි කළෙක නොසිතුවෙමි..දැනුදු එදින නුඹෙන් ලද පහස මට දැනෙන්නා සේ විය.එදිනද මෙවන් වූ සුන්දර දිනයකි..නුඹ මගේ දෙසවනට ලංව

"මං ආදරෙයි මුතූ"..."ඇත්තමයි...ඔයා මට ආදරෙයිද?"

දෙසවන අදහාගත නොහැකිව නුඹ දෙසම මා බලා සිටියේ මා තරම් පිනැත්තියෙකු මේ මිහිමඬළතුල සිටීදැයි සැක හැර දැන ගනීමට මෙනි..

ඔහුටත් හො‍රාවෙන් පපුතුරෙහි සැගව

"ඔයා මාව කවදාවත් දාල යන්නනෑ නේද......"

"නෑ රත්තරනෙ...ඔයා දැන් හැමදාමත් මගේ..මගේ විතරමයි.."

පිරිමියකුගෙන් ඒ තරම් ආදරයෙන් ලද උණුසුමක පළමු සිප ගැනීම සටහන් කරමින් නළල මත ඔහු හාදුවකින් සැරසීය..දැනුදු නළලත අතගා බැලීමි..ඒ උණුසුම එලෙසමය..නුඹ නොමැතිව හෙලන ලද අනන්ත වූ සුසම් පොදක තවත් එක් සුසුමත් හිස් තලයට පාව යන්නට විය.

ගෙවී ගිය දින සති ගනන් තුල කිසිවෙකුට වෙන් කළ නොහැකි අයුරින් අප ලංව තිබුණි.නිවසින් පැමිණි බාධක ද නොසලකා මා ඔහු සමග පිටව ගිය දින දැනුන දුකත් උතුරාගිය සතුටත් තවමත් සිත තුල හොල්මන් කරයි.

අප දෙදෙන එක්ව සෑදූ සුන්දර කැදැල්ල මේ අයුරින් නුඹ කිසි විටකත් බි දමාවියයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි.නුඹ එනතුරා මහමග දෙනෙත අයාසිටි මට නු‍ඹෙන් ලැබෙන උණුසුම් සිප ගැනීමක් මිස අන් කිසිවක් මා ඉල්ලා නැත.නුඹ මගේ ලෝකය විය.ඒ ලෝකය තුල නුඹ නමින් විදි වේදනා නුඹ අදද නොදනියි..ඒ සියල්ල සිදු වී හමාරය..නුඹ මාහට දුන් වේදනා ඉවසාගත නොහැකිව වෙන් වෙන්නට සිතුවෙමි.ඒ ආදරය තවම එලෙසමය..නුඹ එක් දිනක් මාගේ සිත වටහා ගත්තේ නම් මා තවමත් නුඹ තුරුලේමය... පුරුද්දට මෙන් දෙනෙතට උණන කදුලු දෙකපොල් මතින් බේරී පහලට ඇදෙන්නට විය..

මහ මුහුද සටනින් ජයගෙන ඇත.හිරු සයුරුතෙර ගිලී සැඟවෙන්නට ආසන්න මොහොතක රන්වන් වෙරළ තීරය මත නුඹ නමින් ගලන පද පෙළක් සටහන් කළෙමි..

සිනහ පොකුරු මුව රන්දා
නුඹ තුරුලෙහි සුව වින්දා
සුසුම් පොදක රස හින්දා
ලොවට හොරෙන් දුක් වින්දා

ඈත අහසෙ තරු ගානට
මුහුදේ රළ පෙළ ගානට
පෙමින් බැදුන නුඹගෙ සිතට
කෙලසක මං යයි දුරකට

රන් තරු පායන්න එපා
පුන්සද මෙ‍හි එන්න එපා
ඔහුගෙ හිතක් රිදනු එපා
මා යලි තනි වෙන්න එපා

ඈත සමුදුරු මතින් වේගෙන් නැග ආ රළ පහරින් පද සේදීයන අයුරු බලා සිටින්නට විය..සියල්ල මැකී ගොසිනි..එය අපෙ ආදරය මෙන්ම අතීතයට එක්ව ඇත..අනන්තය දෙස බලා නිදහස් කල සුසුම් පොද පාව යන්නට ඉඩ හැර මා නිවස දෙසට පිය මනින්නට වීමී....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...