Tuesday, October 1, 2013

අමතකව ගියෙ අතීතය මතක පොද

ගලාගෙන යන ගං දියක් අසබඩ
http://artphotographyservices.com
මං හිඳගෙන බලා සිටියෙමි
ඔබේ මතකය පාව යනතෙක්
නිසල ගඟ මත නොපෙනි පහලට
එදා මෙන්ම
ගං දියද නිසලව ගලා යයි පහලට
මං හිඳගෙන බලා සිටිමි
ඔබේ මතකය පාව යනතෙක්
ගඟ පහලට මගේ සිතට හොරැහෙන්
කුරුළු ගී හඩ මැදින්
සමනළ රෑන් රැදි රේදුනු අතරින්
කාලය සමග යන වළාකුළු සමගින්
මම තවමත් බලා සිටිමි..
කාලය ගෙවී ගොස්
වියපත් වී මගේ සිත
මා තවමත් බලා සිටිමි
ගග පහලට ගලා යන තෙක් මතකය
අමතකය ගිය අරුමය
කෙලෙස නන් ගඟ පහලට ගලා යාවිද
නුඹේ මතකය
වල දමා ඇත්තේ
උල්පතේ පාමුල මත වග........

Sunday, September 22, 2013

කෑම්පින් ගියාම ඔහොම තමයි ඉතින්....

අතරමග
මී මුරේට ප්‍රසිද්ධ ගල
අවුරුද්දටම හරි හමන් ගමනක් යා ගන්න බැරුව වේලි වේලි ඉද්දි මං වගේම වේලෙන තවත් එක් පණ කඳක් සෙට් උණා.. ඌත් එක්ක කොහේ හරි යන්න ඕනි කියලා කිචි කිචි ග ගා ඉද්දි ඒ වගේම වේලෙන තවත් උන් දෙන්නෙක් සෙට් උනා.ඊලගට යන්න කොහෙද කියලා හිතා ගන්න බැරිව තෙම්පරාදු වෙවී ඉද්දි පොදු මතයකට ආවා යාන්තං මී මුරේ යං කියලා. ඉතින් ඔය ලන්ද අස්සෙ රිංගන්න අපි දන්නවයැ කියලැ. කලින් වතාවකුත් මං මී මුරේ පාරෙ භාගයක් දුර ගිහින් හැරිලා ආපු එකා වෙච්චි. ඉතින් ආයෙ ගාටතෑහැකියැ නොදැන. ඕං ඔය විජ්ජුම්බරේ හින්දා හොයලා බලපු හැම ගොඩක් උන් කිව්වේ.. ඒහෙ ගිහින් වැඩක් නෑ. කරන්න දෙයක් නෑ. දවස් තුනක් හොදටම වැඩී.. ඔය ආදී නානාප්‍රකාර එව්වා..ඔය අස්සේ අපේ අර ප්‍රසිද්ධ අභීත ගොයියත් මී මුරේ ගැනම දොඩවන නිසා අපි ඇහැව්වා. බැරි වෙලාවත් අපි ආවොත් ගහෙන් පෙරාපු කිතුල් පැණි ජූංඩක් හොයලා දෙන්න පුලුවන්ද කියලා.. ඕං ඒ ගමන අපිට අලි දෙන්නං කොටි දෙන්නං කියලා මුගෙ පරණ තැටිය දැම්මා. ආයෙ අපි නොදන්නවැයි ඔව්වා.. ඒත් ගහෙන් පෙරාපු කිතුල් පැණි මී කිරි චුට්ටකුත් එක්ක කන්න ආසාවට අපි කිව්වා එන්නං කියලා ඉතින්..

මොනවා උනත් සතා දන්න අපිට කොළ කඩාපාන්න ඕනි නැති නිසා අපි සූදානං වෙලා ගියෙ.. හැබැයි මොන කරුමෙකට මන්දා සෙට් උණ හතර දෙනත් වෙඩි උණ්ඩ වගේ කාන්ඩයක්. බැරි වෙලාවත් අලි කොටි තියා හාවෙක් වත් දෙන්න අර පරණ පුරුදු අභීතයට බැරි උනොත් ගලක් උඩ ගහක් පල්ලෙ හරි නිදා ගන්න ලෑස්ති වෙලා තමා අපි ගියෙ..චුට්ටි ගෑස් ලිප් පොඩ්ඩක් වලදක් දෙකක් එහෙමත් දාගෙන පාන්දර මෙහෙන් පිටත් උනේ එදා ඉන්න තැනක් කන්න තැනක් ගැන කිසිම ගානක් නැතුව.හප්පා අන්න ගමන.මග විස්තර කොහොම කියන්නැයි ඉතින්.. ඒක නන් ආයෙ ගිහින්ම බලන්න ඕනි.

බොන්න තියන වතුර
ඒ ගම නන් හරිම ලස්සනයි. එහෙ මිනිස්සු සත්තු නෙමේ. එහෙ ඉන්නේ මිනිස්සු. බල්ලො හිටියා ගොඩාක්. ඒ බල්ලො නන් හරිම බයාදුයි. ගමේ අය නන් කිව්වේ ගමේ කෙනෙක් බල්ලෙක්ට කතා කරාට ගනන් ගන්නෑ පිටින් ආවොත් නගුට වනාගෙන පස්සෙන් දුවනවා කියලා.එහෙම බල්ලො ඉන්නවා නොවැ ඉතින් කොහෙත්.හරි බල්ලො ඉවරයි. ගමේ ලස්සන කියනවා කියනවා කියන්නේ තැපෑලෙන් පීනන්න උගන්නවා වගේ වැඩක් නොවා. ඒ නිසා ඒක කියලා වැඩක් නෑ..අපි ගියෙ කෑම්පින් ගහන්න කියලා මං කිව්වනෙ ඉතින්. කලින් කිව්වෙ නැත්තං දැන් කිව්වා ඇ..

බොන්න තියෙන්නේ ඇළ පාරෙන් එන වතුර. ගමේ අය කියන්නේ හරි පිරිසුදුයි කියලා. එතකොට නාන්න තියෙන්නෙ ගමේ ඇළ පාරෙන් එන වතුර. උයන්න පිහන්න තිබ්බෙත් ගමේ ඇළ පාරෙන් එන වතුර. එතකොට වැසිකිලියට යන්න නන් ඉතින් ඒත් ඇළ පාරෙන්ම තමා වතුර ගන්න වෙන්නෙ. අන්න ඒ ඇළ පාරෙ තමා සූරිය අරණ කියන බයිස්කෝප් එක හදලත් තියෙන්නෙ.. එහෙන් මෙහෙම් රොඩ්ඩක් දෙකක් පාවෙලා ආවට ආයෙ නිල් කැටේ වගේ වතුර ඩිංග. මොනවා නැතත් අභියා අපිට ඉන්න කූඩාරං කෑල්ලකුයි සුදු මල්ලියි තිලකෙ මචං කියලයි මරු ජෝඩුවක් පංගාත්තු කරා. තිලෙක මචං නන් උපාධිධාරී ගොවි මහත්තයෙක්.
අපිට සෙවන දුන්නා.......

අන්න එතනින් පස්සෙ තමා ආතල් පටං ගන්නේ. දවල්ට යද්දි අපිට කන්න දෙයක් නෑ.. කොයි කටත් කියලා අපි කලින් දැනගෙන ගිය නිසා හොදයි. නැත්තං දවල්ට බඩගින්නේ. මොනවා කරන්නද මෙහෙන් අරං ගිය නූඩ්ල්ස් පැකට් ටික හදාගෙන කෑවා ඉතින්.. බඩගින්නෙ ඉන්න පුලුවනැ..ඊට පස්සෙ නාලා ආවා. අන්න ආතල්.. ඉතින් නෑවට පස්සේ.. කියලා වැඩක් නෑ අප්පා ඒක අත්විදලම බලන්න ඕනි..


උදේ පාන්දර



අපි කාපු පරිප්පුව


නාන්න තියන වතුර 

මඩේ ලගින තාරාවන්











ජල මත ලිස්සා යාම..(වලේ ගැඹුර නොදනී) 



වැල් මත ඔන්චිලි පැදීම










පණට ආස නැති උන් ගැඹුර නොදන්නා
 වලට පැණිම



ජල මත ලිස්සා යෑම


















සුදු මල්ලි තිලකෙ මචනුයි - මස් පිලිස්සීම


රාත්‍රියේ නිල ආලෝක සැපයුම්කරු












ආහ් හුටා.. දැන් ඉතුරු පොටෝ දාන්නෙ කෝමෙයි..........




මී මුරේ යනවා නන්...
දන්න කියන කෙනෙක් සෙට් කර ගන්න. පන්සලේ හාමුදුරුවො/ග්‍රාම සේවක වගේ ගමේ මිනිස්සු පිලිගත් කෙනෙක් දන්නවා නන්.. ගම ඇතුලේ කරන්න පුලුවන් ගොඩක් දේවල් තියනවා. ඒ ගමේ අයගෙ සහයෝගයක් නැතුව අපි කොළඹින් ආවා කියලා ලොකු සීන් දාන්න ගියොත් මී මුරේ කියන්නේ ආතල් නැති දුෂ්කර විනෝද සවාරියක්.

මී මුරේ යනවා නන්.....
ගමේ ඉස්කෝලෙ ළමයි 14 (දාහතර) දෙනයි ඉන්නේ.. මොනවා හරි පුලුවන් දෙයක් අරං යන්න..

මී මුරේ යනවා නන්..
ඉතින් පලයවු.. අපිට මොකෑ.....

හැමෝම ගන්න ආතල් වලට අමතරව දිය ඇළි උඩින් පනින්න.. වලවල් වලට පනින්න අපිව එක්කං ගිය අභිතයටයි.. සුදු මල්ලිටයි.. තිලකෙ මචංටයි ටැංකූ ඇ..

කෑම්පිං ගියාම ඔහොම තමයි ඉතින්... ආයෙ වෙන මක්කයැ...





Tuesday, September 17, 2013

ප්‍රේමය ආදරය සහ රාගය

ප්‍රේමය
සොයා යන 
හමු නොවන
සිතිජඉම ඇති
පිංතූරෙ හොයා ගත්තේ :
http://worldceylon.blogspot.com/2012/03/blog-post.html
තවමත් සොයන
මිරිගුවකි

ආදරය
හැමදාම හමුවන
වෙන්වෙමින් හමුවන
විකුන්න හරි පහසු
රාගයට මග කියන
සුන්දරම
වදනකි.....

රාගය
ආදරය විකුණගෙන
ලබා ගත් රාගය
අද වුවා මෙන් නොව
හෙටට මිහිරිව පතන
ඇබ්බැහිය පුරුදු වන
දවසකින් නිමවන
මතකයකි!!!!!!

Saturday, June 22, 2013

කාමරයක් ඇතුලත..නිදහස් සදාචාරය...කෙටියෙන්

බෝඩිම කියන්නේ ජීවිතේ පුදුමාකාර අත්දැකීම් ගොඩක එකතුවක්. ගමෙන් කොළඹට ඇවිත් නන්නාදුනන සමූහයක් එක්ක එකතුවෙලා හැදිච්චි පුංචි පවුලක් වගේ.එක එක ගම් වලින් ආපු මිනිස්සු. එක එක ගති පැවතුම් තිබ්බත් බෝතලේකට වට උනාම අපි හැමෝම එක විදිහයයි.. බීලා වැඩි උනාම වතුර වලින් ගහ ගත්තත් කන්න ගෙනාපු පැණි කොමඩු වලින් ගහගත්තත් උදේට වමනෙ දාපු බත් ඇටයි ඒකට කවලං වෙච්ච පැණි කොමඩු ඇටයි අරං දාන්න කාටවත් කියන්න ඕනි උනේ නෑ. රස්සාවක් නැති කාලෙට සල්ලි අතේ නැති උනත් කන්න බත් පැකට් එකක් අරගෙන කුණුහරුපෙකුත් කියාගෙන ඇතුලට එන කිසිම නෑකමක් නැති උන් අතරේ කවදා තනිවෙන්නද..

අඩෝ නැගිටපං..

පුකට ගහන්න එපා ඩෝ.. රිලීස් වෙයි.. ....  වෙලාව කීයද බං..

දැන් 10යි බං.. මූණ හෝදං වරෙන් බඩගිනි..

කොහෙන්දෙ කන්නේ.. කෝ සුදයි කොටයි..

උන් ගියා ෂුටිං.. උඹ ඇදුමක් දාං වරෙන්..

නිවාඩු දවසට දත් මදින එක කම්මැලි වැඩක් උනත් සදාචාරයට හොද නැති නිසාද මන්දා හැමදාම දත් මදින්න වෙලා තියෙන්නේ..

අඩෝ... පැණියත් ඉන්නවා.. බෝතලයක් ගේමුද..

දවල්වෙලා ගේමු බං.. එතකොට රස්නෙට වැඩියෙන් වෙරි වෙනවා.. වත නෑ යකෝ ඔහොම බොන්න..

එහෙනන් උදේට කන්න ඕනි නෑ.. දවල්ට අක්කගෙ කඩෙන් රයිස් එකයි බෝතලයයි අරං එමු..

ඒක නෙමේ බං.. උඹ ඊයෙ ප්‍රවෘත්ති දැක්කද බං..

ඇයි මොකක්ද සීන් එක

ඇයි බං.. අර හරක් මස් කන්න එපා කියපු අය කාලගුනේට ගිහින් අහන්නේ ධීවරයන්ට මුහුදු ගියාට කමක් නැද්ද කියලා

ඉතින් බං මොකක්ද වැරැද්ද.. රට ජාතිය වෙනුවෙන්නේ හඩ ගනන්නේ..

ඇයි කොකටුවො. තොට තේරෙන්නැද්ද.. ධීවරයොත් මුහුදු යන්නේ සත්තු මරන්නනේ.. තෝ හිතුවද උන් මල් කඩන්න යනවා කියලා..

ඉතින්..

ඉතින් කියන්නෙ පෙත්තො.. හරක් විතරද යකෝ මැරුවම පවු.. ඊට වඩා දුක් විදලා මැරෙන මාළුවා පවු නැද්ද..

ආහ්.. හුටා... අලියයි පාං පෙත්තයි.. ඒකත් ඇත්තනේ බං..

වරෙන් යමන්.. පැණියා.. උඹ ගල් ගහනවා නේ.. අද සල්ලි නෑ.. වතුර තමා..

අඩේ.. ඕනි පෙත්තක් බං.. උඹ මටත් පෝක් කෑම එකක් ගෙනෙන්

ඇයි බං.. උඹ දැං ටිකකට කලින් කිව්වා නේ සත්තු මරන එක පවු කියලා.. දැන් තෝ මොනවද කන්නේ..

ආහ්.. තොපිලා නන් කියයි.. උඹලා දන්නැද්ද සුදා වෙජිටේරිං වෙලාවෙච්ච දේ... ඌගෙ බර අඩු වෙලා.. ඩොකා විටමින් දීලා.. මාසෙකට දහදාහක් විතර යනවලු එව්වා ගන්න.. ආං ඌ යස අගේම දැන් මස් කනවා.. ඒක ලාබයි කියලා.. මාත් මොකටද බං මාමයිට් ගාගන්නේ..

අනේ මුංගෙ විලිසංගෙ..

................................................................
අඩේ කවලංද මන්දා බං.. ඉඹලා  බලපං.. ෆුඩ් සිටි නෙමේද ගත්තේ..

අනේ මේ.. තෝ කැටයං දාන්නැතුව බොනවා නන් බීපං.. වෙරි වෙනවා නන් මොන පෙත්තක්ද යකෝ තව..

ඒ උනාට බං..අනේ මන්දා.. ගනින්කෝ මටත් එහෙනන්..

තොපිලා වල් බල්ලො.. මං එන්න කලින් බෝතලේ කැඩුවා නේ..

ආහ්.. සුදා..උඹ මොකද මේ අත පය හූරගෙන.

අලි පෙත්තක්නෙ උනෙ බං.. මං ඊයෙ බෙහෙත් ගත්තනේ අර ඉස්සරහට ආපු අලුත් ගෑණු ඩොකාගෙන්..

ඉතින්..

මං ඕක අපෙ ගෑණිට කිව්වා ඒ ඩොකී ලස්සනයි කියලා.. අපේ එකී කිව්වා බෙහෙත් ටික අරං එන්න අද එන්න කියලා..

ඉතින්..

අද ගිය ගමන් ඒකි බෙහෙත් ටික විසික්කරලා.. අර ඩොකී අල්ලපු හැම තැනක්ම හූරලා දැම්මනේ බං..

මලා.. තෝ වාසනාවට අහවල් එකේ ලෙඩක් හැදිලා ඊයෙ බෙහෙත් ගත්තෙ නැත්තේ..

ඇයි බං..

ඇයි කියන්නෙ වස්සෝ.. එහෙම අරං තිබ්බා නන් තොගෙ අහවල් එක අද කටින් හපලා ගලෝලා දැම්මට පස්සෙ තොට නිකං තමා ඉන්න වෙන්නේ.. ආහ් ඉදා බීපං. පවුකාරයෝ.. චික්.. නොදෝමකින්...

...............................

ෂා මරු ගාන ඇ.. තව එක සිගා එකක් තිබ්බා නන් මල් හැත්ත හතයි..

ඕයි.. අන්න කොටා දොර ලග වැටිලා.. මූ කොහෙන්ද බීලා තියන්නේ.. පෙරේතයා. ඌ අපිට හොරෙන් බීලා.. කාලකණ්නියා..

ඇයි කොටෝ තෝ බිව්වේ..

අද ගෑණියි මායි රණ්ඩු උනා බං. මං ඒකිට කිව්වා යන්න කියලා. වල් ගෑණු.. ඕනි නෑ ඔය ගෑණු..

ඒක තමයි බං.. අපි
ත් උඹට කිව්වනේ ඕකිව අතෑරපං උඹට හරියන්නෑ කියලා.. කෝ තෝ අහනවයැ..

ඒක තමා බං.. මං අද බිව්වා බං.. ආයෙ මං ඒකිට ලවු කරන්නෑ..ඕකි මලත් මං නන් ආයෙ මූණ බලන්නෑ බං..

ඇති යාන්තං.. උඹට මොලේ පෑදුනා.. යමන්. ඇදට ගිහින් නිදා ගනින්..

ට්‍රීංංංංංංං..

කොටා.. අන්න තොගෙ කෑල්ල කතා කරනවා. මං උඹ නෑ කියන්නද..

එපා එපා... මෙහෙ දියං.. මං ඕකිට හොද දෙකක් කතා කරනවා.. මෙහෙ දියං ඔය පෙත්ත...

හලෝ....

ආහ්.. මොකක්ද...මොකක්ද කිව්වේ.. ඔවු මං බිව්වා තමා.. ඉතිං..

අනේ.. නෑ මැණික නෑ.. සත්තයි..

ඔවු..

ඔවු හෙට එනවා..

හා.. හෙට හම්බවෙමු..

ලවු යූ.... උම්මා...

අඩෝ.. තියපං මේ ෆෝං එක.. රෙද්දෙ ගෑණු.. මං යනවා ඩෝ නිදා ගන්න..........

Sunday, March 10, 2013

වීරයා මැරිලද.. මරලද ?

ආසයි වීරයෙක් වෙන්න
හදවතින් ලෝකෙටම පේන්න
බයයි යුධ වදින්න
කඩු පහර හිත රිදවයි ඒ නිසා බයයි
ඒත් වීරයෙක් වෙන්න ආසයි
යූධ පිටියට යන්න බයයි
ජීවිතය නැති වෙයිද හිතයි
ඒත් ආසයි යුධ වදින්න
හදමු..
අපේම
කොලොසියමක්
එන්න කියමු අපේම උන්ට
බලන්නට වීරයා යුධ වදින හැටි
වීරයා මරන්නට බැරිය
සතුරා පෙනෙන්නට නැතිය
පෙන්නයි කඩු හරඹ..
පවසයි මරන හැටි ආවොතින් ඉදරියට
ජය ඝොෂා හඩ නැගෙයි සතර අත
දිරිය ගෙන වීරත්වයෙන් පුම්බාගෙන හිස
රගයි වීරයානන් සතර අත
ගෙදර ගිය පසු වීරයා සවස අත
නැතිය කිසිවක් තනිකමට කවුරුවත් නැති නිවස මිස
පිම්බී නැටුවාට කොලොසියමක් තුල
හිත පමණි දන්නේ තනිකමක
මිය යන විරුවාගෙ වත ගොත........

Thursday, February 28, 2013

අපිට පිස්සු ඕයි !!!




මට පිස්සු ඕයි
ලොකු හබරල කොලයක නිදාගෙන ගගක් පහලට පාවෙලා යන්න හිතෙනවා ඕයි..
සීතල වතුර මුළු ඇගටම වැටෙයි ඕයි
ඇස් දෙක හයියෙන් පියාගෙන කැරකෙන අහස දිහා බලාගෙන ඉර එලිය ඇස් ඇතුලෙන් ඇවිත්
මුලු ලෝකෙම රතු පාට වෙද්දි පිස්සු හැදෙනවා ඕයි..
ලොකු ගල් කැට වල වැදිලා කොළේ කැරකෙද්දි විකාරයක් වෙයි ඕයි
ලස්සන දිය ඇල්ලක පල්ලට දූවිලි ව‍ගේ ඇවිස්සෙන පිණි බිංදු වල පාවෙලා බිමට වැටෙයිද ඕයි
මිනිස්සු කවුරුවත් නැති කැලයක් මැද්දෙන් සත්තුන්ගෙ කෑගහන හඩ අහගෙන හයියෙන්
පාවෙලා යන හබරල කොලේ කැඩිලා යයිද ඕයි.
එහෙම කැඩුනොත් ගලක් උඩ ගිණි අව්වෙ ඉදගෙන ඉන්න වෙයිද ඕයි
ආයෙ මට හබරල කොලයක් හොයා ගන්න බැරි වෙයිද ඕයි
එහෙම බැරි උනොත් රෑ වෙනකං ගල උඩ ඉන්න වෙයිද ඕයි
ගග මැද්දෙ කිඹුල්ලු ඉදලා මාව හපන්න පනියිද ඕයි..
කිඹුල්ලුන්ට එන්න බැරි තරං ගලක් උඩට නැගලා කිඹුලන්ට පාං කෑලි වලින් ගහන්න
හිතෙනවා ඕයි.
ගගේ පාවෙලා ආයත් ගිහින් හබරල ගාලක හැංගෙන්න හිතෙනවා ඕයි
ඒත් හබරල කිරි ගෑවිලා ඇග කසයිද ඕයි... ???


මට පිස්සු වගේ ඕයි
වගේ නෙමේ ඕයි
හොදටම පිස්සු ඕයි !!!


මාත් එක්ක ඇඩ්මිට් උන අය

පිස්සං කොටුවේ අපේ එවුං...

Monday, January 14, 2013

අතරමග......


පායන රන් තරු සඳු අතරත්
පාවෙන විසිරෙන වළාකුලෙත්
නුඹ සුසුමින් සැදි මදු බඳුනෙත්
සොයනෙමි ආලය මම තවමත්

දෑගිලි පටලා පිය මං කරලා
නෙතු මත නෙක පැතුමන් පුරලා
ආලය සොයමින් වෙහෙසිලා
ගත සිත තවමත් මුලාවෙලා

නුඹ රුව සිත මත සිතුවමක් වෙලා
ඒ රුව හදවත උමතු කලා
සද තරු රහසෙම මිලින වෙලා
හදවත පමණක් තරුණ වෙලා

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...