Friday, January 28, 2011

පිං කළ නැතිද පෙමින් පිරි හදවත


පියඹා යන්න හැකි නම්
නුඹෙන් ලද පියාපත් විහදා
අහස සිසාරා සැරිසරමි
නුඹ මගෙයි කියලා
බැදි යඳම් බිදලන්නට හැකිනම්
නුඹෙ ආදරය නාමයෙන්
එක වදනකින් සැනසීමට හැකි නම්
ඒ ආදරයෙ මිහිර විදින්නට
දිදුලනා නුඹෙ නිල්වන් දෙනෙත් යට
නෙතු පියා ඉන්නම් නිහඩවම නුඹ ලග
විදින්නට ආදරයක අරුම
පිං කළ නැතිද පෙමින් පිරි හදවත
සිතතුටින් පිරෙන හැම විට
නෙතු නගයි කදුලැලි සිතට රහසෙම
පිදු ආදරය මතින්සගවා ගලන විරහව
ආදරය කරමි නුඹට මම තව
මතු දිනක වෙන් වෙතැයි සිතාගෙන




Thursday, January 27, 2011

බලා ඉමි රළ නවතිනාතුරා..........


ආදරය නැමැති සහ සයුර මැද
මහා මේරුවක් ලෙස හිදිමි අසරණව
නගන විට මහ රැළි දසත
හැපී රිදවයි සිතක් නැති මහ ගලක් වුව
සුදු පෙන පිඩැති ලෙස ලෝකයක් රවටන
සුන්දරවත්ය එහි ලොවම විදිමින
අසරණව ගල් පරය නිහඩව
වේදනාවන් දරා සිටිනු දුටුවද
නගන දිය රැළි වැදී බිදීගිය
සිහින් පිණි පොද වැටී නැහැවුන
හදවතක් නැති මහ ගලක් වුන
දිස්නෙ දෙනු ඇත ලොවට එක ලෙස
දිනෙන් දින නගන දිය
රැළි
වැදී වේදානාවන් සිත තුල දරා ගෙන
නැවත එන දිය රැළියකට පෙර මං බලමින
ගල් පරය වුව රැදෙයි හැමදින

Tuesday, January 25, 2011

සුරඟන නුඹයි!!!



ඇවිදින් පසු කරන් මහ කදු ෂිඛර මැදින්
සෙව්වෙමි මමත් සුරගනියක නිතර සොවින්
පෙර අන් ලදුන් හමුවූවද සුරගනක වෙසින්
නුඹ පුද කල සෙනේ නැත දැනුනේ ඒ විලසින්


ඇත මගේ සිතත් අන් ලදුනට පුද කරලා
මං පෙම් කලා ඔවුනට මට උරුමයි සිතලා
හදවත තලා නොකියා මා තනි කරලා
මං තනි වුන විටදි නුඹ සිටියා ලගට වෙලා

පෙම් බසම් දොඩන්නට නුඹ හා තුරුල් වෙලා
කිසිවිට පැතුවෙ නෑ නුඹ ගැන සිහිකරලා
පෙර සසරක පුරුදු ලෙසදෝ මට ලං වීලා
හදවත රැගෙන නුඹ ඇත දැන් මගේ වෙලා


නැතුවට තුරුළු වී පෙම් බස් මුමුණන්න
නුඹ වත මඩල නැත හැමවිට දැකගන්න
අප හමු උනත් එක මොහොතක තනිවෙන්න
නැත අන් කිසිත් ඒ පෙම හා සමවෙන්න

Monday, January 24, 2011

ඇයයි මමයි.....


වළාකුලකුදු නොමැති අහසේ

පුංචි තරුවක් ඉකිබිදින්නේ

සරා සඳ ඇයි නුඹ තැවෙන්නේ

සඳා කල් සඳ ආදරයිනේ


ඉරට හඳ නැති ලොවක් මට නැති

සඳට තරු නැති ලොවක් මෙහි නැති

අපට අප නැති ලොවක් කොහි ඇති

මෙමට නුඹ නැති ලොවක් නම් නැති

.........................................................

සරා සඳ අහසේ හිදිනා

අසනු මැන මගෙ හිතම පිරිලා

තිබූ ලෝකය ඝනදුරින් වැසිලා

නුඹ ඇවිත් එය එළිය කරලා


සිත්තමක් ඇත පාට මැකිලා

නුඹ ඇවිත් එහි පාට තවරා

මගේ ලෝකයෙ සිනහ රන්දා

නුඹ මගේ විය පෙමින් පුරවා

.......................................

සඳ දියෙන් නැහැවෙනා රාත්‍රිය

නුඹ නමින් පේ වෙනා මගෙ හිත

හැර තියා හැම කවුළු විවරව

බලා උන්නා නුඹ වඩින සඳ

...................................................

විල් දියක පිපි නෙළුමක්ව විලසින්

මගේ හද සොරාගෙන හොරෙහෙන්

ජීවිතය නුඹ නමට පිදුමින්

අපි අපේ විය මුළු ලොවට රහසින්


පායලා හිරු ඈත අහසේ

එළි කලා ලොව නුඹත් එලසේ

නුඹට තුරුළුව ලොවට රහසේ

අපි අපේ විය මෙලෙස දිවියේ...

....................................

සංසාරෙන් ආ විලස පතාගෙන

ඔබ අසලින් මා හීදී බලාගෙන

හිමිවන හිමිවන හැම අත්භවයක

එන්නෙමි පෙර සේ නුඹව පතාගෙන

......................................................


බ්ලොග් සතිය වෙනුවෙන් ප්‍රකාශයට‍ පත් කරන ලදී.....

Wednesday, January 19, 2011

විවාහ වී සැමියා/බිරිදව ඔබ මරනවාද...??

මගෙ වයිෆ් මට ඉස්සර තරන් ආදරේ නෑ..එයා දැන් වෙනස් වෙලා.. මොන කරුමෙකට බැන්ඳද මන්දා??

මගේ හස්බන්ඩ් මට ආදරේ නෑ.. එයා මාව ගනන් ගන්නෑ.. මෙවන් වූ වදන් දිනකට කොපමණ පිරිසක් කියනු අසා ඇතිද?? එලෙස සිදුවන්නේ ඇයි.. පෙර ආදරයෙන් සිටි අය විවාහයෙන් පසු වෙනස් ‍වන්නේ ඇයි??

විවාහය යනු.. අදරය‍ පමණක්ද.. නැතිනම්. ආදරය ආරක්ෂාව රැකවරණය යන සියල්ලගේම සම්මිශ්‍රනයක්ද... හිතන්න.. විවාහයෙන් පසු අපේක්ෂා කරනුයේ ආදරය පමණක්මද.....තනිකඩ ජීවිතයට වඩා විවාහ ජීවිතයතුල සාපේක්ෂව ගත්කල විවාහක මිනිසුන් වඩාත් තෘප්තිමත් දිවි පෙවතක් පවත්වාගනී...
විවාහක පුද්ගලයින් අවිවාහක පුද්ගලයින්ට වඩා වැඩියෙන්

සෞඛ්‍ය ආරක්ෂිත දිවි පෙවතක්
ප්‍රිතිමත් දිවි පෙවතක්
වැඩි අදායමක් ලබන අතර
වඩාත් තෘප්තිමත් ලිංගික ජීවිතයක්
වැඩි ආයුකාලයක්

යන අංශ භුක්තියට උරුමකම් කිවයුතු අතර නමුත් එවැන්නැක් ඔවුන් සැබවින්ම අත්විදින්නේද.. සුන්දර දිව්‍ය විමානය අපායක් බවට පත්කරගන්නේ තමන් විසින්ම නොවේද...ගැහැනුන් සහ පිරිමින් සැබැවින්ම වෙනස්ය..ගැහැනුන් සංකීර්ණ ‍වන අතර පිරිමින් සරල වේ.. අදහස් නොගලපීම් අතර පැහැදිලි වෙනසක් දැකිය හැකිය.. එසේනම් දෙදෙනෙක් තේරුම් ගත හැක්කේ කෙසේද...එය මෙලෙස කෙටියෙන් පැවසිය හැක..

"කිසිවිටකත් අනිකා තේරුම් ගැනීමට උත්සහ නොගන්න...."

එසේ තේරුම් ගත නොහැකි නම් ප්‍රිතිමත් දිවි පෙවතක් ලබනුයේ කෙලෙසද...

එකිනෙකා තෘප්තිමත් කරගැනීම යුග ජීවිතයක සාර්කත්වයයි.. තෘප්තිමත් කරගැනීමේදි එකිනෙකා තම සහකරුවාට හෝ සහකාරියට ලකුණු ලබා දේ..එනම් වර්නනාවක් සිදුකරයි.. එවන් වූ ඇගයීමක් යුග දිවියක ශක්තිමත් බැදීමක් පවතින බව කවුරුත් දන්නා වුවද පිළිගැනීමට අකමැති කාරනයක් ලෙස සමාජගත වී පවතී..
මං මොකටද එයාට හොද කියන්නේ.. එයා මගේ බිරිදනේ.. ඉතින් එයා එහෙම කරන්න ඕනි...

මෙවන් වූ වදන් සමාජයේ සුලබය.. විවාහයට පත් යුවලක් අනිකා වෙනුවෙන් දෙයක් කළ යුත්තේ ආදරය නිසා වෙන් නොව කළ යුතු වගකීමක් ලෙස යැයි සිතීම කොයි තරම්නන් දුරට සාධාරණදැයි තමන් විසින් සිතා බැලිය යුතුය.සැකවින් එකිනෙකා තෘප්තිමත් කරගැනීමට කරුණු කිහිපයක් පහතින් සදහන් කරමි..

සැමියකු විසින් බිරිඳ තෘප්තිමත් කීරීම වෙනුවෙන් කළ හැකි දේවල්....

ගැහැණියකගෙන් වර්ණනාවක් ලබා ගැනිමට සාපේක්ෂව ඉතා අපහසු කටයුත්තකි.. බොහෝ පිරිමින් මැසිවිලි නගන්නේ තම බිරිදව සතුටු කීරීමට හෝ ඇයව තෘප්තිමත් කිරීමට වේලාවක් නොමැති බවය...නමුත් අපි නොහිතන සහ අමතර වෙලාවක් වැය නොකර ඇයව තෘප්තිමත් කළ නොහැකිද?? සැබවින් කිසිම දෙයක් කැප කිරීමකින් තොරව බිරිඳ සතුටු කළ හැක....

උදයේ පිබිදුන පසුය ඇය මුහුණ සෝදා ගන්නා තෙක් ඇයවෙනුවෙන් එක් විනාඩියක් කැප කොට අවුල් වූ නිදන යහන පිළිවෙනකට සකස් කළ නොහැකිද....(ඇය නැවතත් පැමිණි විට.. සැමියා කළ ක්‍රියාව වෙනුවෙන් ඇය සතුටු වන ආකාරය අසීමිතය... නමුත් ඔබට වැය වූවේ ඔබගේ කාලයෙන් විනාඩි 2ක් පමණකි.)

අතෝරක් නැති බිරිඳගේ කථාව ඇහුම්කන් දීමට හෝ එසේ කරන මෙන් හැගවිය නොහැකිද.ඇයගේ අසීමිත ආදරය පෙන්වන සෑම අවස්ථාවකම එය ඇගයීමක් කල නොහැකිද ( නිවසේ ඇය සමග ගත කරන සෑම මොහොතකම ගැහැණිය දොඩමළු වෙයි.. එයින් ඔබ ඇයට සැබැවින්ම ඇහුම්කන් දෙනවාද.. නොදෙන්නේ ඇයි.. එක් මොහොතකට සවන් දෙන්න..එය ඇයගේ අභිලාශයයි...)
ගැහැණිය කිසි විටකත් ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු නොවේ.. ඇයි බලාපොරොත්තු වන්නේ අනිකා අසා සිටීම පමනකි.. කිසි විටකත් ගැහැණියකගේ ගැටළුවකට පීළිතුරු සැපයීමට නොයන්න..

සතියකින් එක් දිනයක පමණක් සෝදා ඇද උඩ දමා ඇති රෙදි ටික නමා අඩුක් කළ නොහැකිද.. එය මදි කමක් ලෙස සිතන්නනේ නම් එය සැමදා සිදු කරන තම බිරිඳ වැඩකාරියක් ලෙස සිතීමට ඔබ පෙලබී ඇතිද..ඔබගේ කාලයෙන් සතියකට විනාඩි 5ක් කැපකළ නොහැකිද....

කෑම කා අවසන් වුව පසුව ඇය හා එක්වී කෑම මේසය අස්කළ නොහැකිද.. දිනක කාලයෙන් විනාඩි දෙකක් පමණ...

අමතර රහස් ටිකක්...

නිවසට යන විට බිරිදට එක් රෝස මලක් ගෙන යා නොහැකිද.. සතියකට එක් දිනක් අත්හදා බලන්න.. ඇයගේ මුහුනේ සුන්දරත්වය විදින්නට හැකි එවන් අවස්ථාවන් මග හරින්නේද.. නමුත් ඔබ වැඩි ආදරයක් දිනා ගැනීමට රෝස මල් පොකුරක් ගෙනයාමෙන් ඇයගේ සතුටෙහි වෙනසක් බලාපොරොත්තු විමෙන් ඵලක් නැත.. මක් නිසාද යත් ගැහැණිය සතුටු වන්නේ තෑග්ගක ප්‍රමාණය හෝ වටිනාකම ගැන නොව එය දෙන්නාගේ හදවතේ ඇති ආදරය පමණකි.

නිවසින් පිටත රාත්‍රි ආහාර වේලක් සූදානම් කරන්න.. ඉටිපන්දම් එළියෙන් නැහැවුන සුන්දර සංගීතයකින් පිරීගිය ප්‍රිතිමත් සුන්දර රාත්‍රියක් සුදානම් කරන්න...සූදානම් කර එම දිනය ඇයට පවසන්න.. බොහෝවිට පිරිමින් උත්සහ කරනුයේ ඇය පුදුමයට පත් කිරීම පිණිස ක්‍රියා කරයි.. එදිනට ඇයව සතුටු කරයි.. නමුත් මෙවැනි දිනයක් ඔබ සැලසුම් කළ දිනයේම ඇයට පැවසුවහොත් ඇය එදින සිටම සුදානම් වෙයි.. සතුටින් ඒ පිළිබදව කථා කරයි.. ඇයගේ මිතුරන් සමග ඔබගේ ගුණ පවසයි..එම දිනය උදාවන තෙක් ඔව විසින් කිසිවක් නොකර ඇයගේ ආදරය උපරිම දිනා ගනී.. ඔබට එම ගත කරන සෑම දිනයක්ම ඇයගේ ආදරය ඉහලින්ම අත් විදිය හැකිවනු ඇත...නමුත් ඔබට ඒ සදහා කිසිවක් වැය කළයුතු නොවේ...

ගැහැණියක් සමග සාකච්චාවක් යනු.. ඇය කථා කරයි.. ඔබ සවන් යොමුකර සිටිය යුතුය.. ඔබ කතා කිරිමට හෝ ඇයගේ ගැටලු නිරාකරණය කිරීමට නොයා යුතුය...නමුත් ඇයට සාවධානව අසා සිටින බව ඇගවිය යුතුය.

ගැහැනියක් සැමියකුගේ ආදරය දිනා ගැනීමට..

ලිංගික ක්‍රියාකාරකම් සිදුකීරීම පිරිමියකුගේ සිත දිනා ගැනීමේ සහ ආදරය විදීමේදි ප්‍රදාන කාර්යභාරයක් ඉටු කරයි..එයට අමතරව

සැමවිටම තමන්ගේ සැමියා විශ්වාස කරව බව අගවන්න.. තීරණ ගැනීමේදි ඔහුට ඉඩ දෙන්න..තීරණ පිළිබද ගැටලුවක් ඇතිනම් කිසිවටකත් එකහෙලා ප්‍රතික්ෂේප නොකරන්න..
අපෝ ඔයා කරොත් මෝඩ වැඩක් තමා..
ඔයා කවද්ද හරිය‍ට දෙයක් කරේ..

එවැනි වදන් ප්‍රකාශ කිරීමෙන් වලකින්න..එවන් වදන් දෙදෙනා අතර ඇති අවබෝධය එක් මොහොතකින් විනාශ කරනු ඇත. ඔහුව ඔබ තදින් විශ්වාස කරන බව හගවන්න..පිටතින් පිරිමියා දරුණු මෙන් වූවත් හදවතින් ඔහු ‍ළදරු බව නිතර සිතන්න..

නිවසට පැමිණි විගස ගැටළු කථා කිරිමට නොයන්න.. ගැටළු ගැන සාකඡ්චා කිරීමට සුදුසුම තැන තමන් නිදිසයන බව සිහිතබා ගන්න.. මිනිසෙකු මනසින් වඩාත් තෘප්තිමත්ව ඇති අවස්ථාව එය බැවිනි..

නිරතුරුව ඔහු නිවසට පැමිණි විගස ඔහු ලගම ගැවසෙන්න.. ඔබ ඔවුට පෙම් කරන බව පවසන්න.. ඇගයිය හැකි සෑම ක්‍රියාවක්ව ඒ මොහොතේම අගයන්න..

සමාව දීමට හෝ ඉල්ලීමට මැළි නොවන්න..පිරිමින් නිතරම සංවේදී බව සිහිතබා ගන්න...

වසරකට එක් දිනක් දෙදෙනා වෙනුවෙන් වෙන් කරන්න.. දෙනෙත් දෙස බලා අතීතය මෙහෙනි කරන්න.. ගෙවීගිය වසරතුල සිදුවූ සියළු අඩුපාඩු වෙනුවෙන් දෙදෙනාම මැලී නොවී සමාව ඉල්ලාගන්න.. අනිකා වෙනුවෙන් සමාව දීමට මැළි නොවන්න.. ගැටලුවක් විසදීමෙන් පසු කිසිවිටකත් එකමෙ දේ නැවතත් කීමෙන් හෝ අතීතය මතක් කරදීමට නොයන්න..

යුග දිවියක වදයක් ලෙස නොව මිහිරි ලෙස නිරතුරුව සිතන්න..ජීවිතය විදින්න.. එක්ව ගත කරන සෑම මොහොතක්ම විදගන්න.. හෙට දිනය වෙනුවෙන් අද දිනය කැප නොකරන්න.. මන්ද යත් පැහැපත් හෙට දිනය උදාවන විට අද දිනය අපට හමාර වී ඇති බැවිනි..




ප.ලි.

මේ ලිපිය දැන් දවස් ගානක් ඉදන් දාන්න හිටියට කොහෙද පුංචි අපේ අවුරුදු උත්සවය නිසා කල් ගියානේ.. මේ ඔයාල ඔක්කොම එනවා නේද.. අපි එදාට මුණ ගැහිලා වැඩි විස්තර කථා කරමුකෝ..එහෙනන් කස්ටිය එදාට වැඩ දාගන්න එපා හො‍දේ....ඕං කලින් කියල තියෙන්නේ..... :-D

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...