Thursday, June 17, 2010

බෝඩිමක බිහිසුනු රැයක්

දුර බැහැර පෙදෙසක රැකියාවක් කිරීමට සිදු වූයෙන් ජිවිතේ පලමු වතාවට බොඩින් ජීවිතයකට හුරු වන්නට මට සිදු විය. එවන් වූ දිවියක මිහිරවත් අමහිරත් කිසිම දිනයක අත් විද නැති නිසානේදෝ මුල් දින කිහිපය තුය මහත් ආගන්තුක බවක් මා සිත වෙලාගන්නට විය.

එකිනෙකට වෙනස් වූ චරිත කිහිපයකින් යුතු පුද්ගලයින් තිදෙනෙක් මා සමග සිටින බව මට දැනගන්නට ලැබුනේ එහි නවාතැන් ගත් මුල් දිනයේදිමය.

එකෙකු නමින් අනුර විය. ගබඩා පාලක තනතුරක් හෙබවූ ඔහු බෙහවින් තැන්පත් පුද්ගලයකු විය.උපාලි නම් වූ පරිගණක විධායකවරයා කෙළිලොල් මෙන්ම ඉතා විහිළු කාරයෙකු විය. අනිත් පුද්ගලයා වුයේ සෝමසිරිය ඔහු ඉතා කලහකාරී පුද්ගලයකු වන අතර නිතරම කවුරුන් සමග හෝ රණ්ඩුවක් ඇති කර ගැනිමට මාන බලමින් කල් ගෙවන පුද්ගලයෙක් බව උපාලි මා සමග පවසන ලදී.

එහි ගිය කාලයතුල මා හට විභාගයක් සදහා සුදානම් වීමට තිබූ හෙයින් මා සදහා වෙනම කාමරයක් වෙන් කර දීමට තරම් කාරුණික වීම ඔවුන් කෙරෙහි ඇති බැදීම වැඩි කරවන්නට සමත් විය. වෙනාදාට වඩා කලියෙන් එදින සේවය නිම කිරීම නිසාවෙන් අනුර
උපාලි සහ මම කල් ඇතිව බෝඩිම වෙත පැමිණ නා ගැනීම සදහා වැව වෙත ගියේය සුන්දර වට පිටාවක මිහිර විදිමින් ගත කල එම මොහොත නිවසින් පිට වූ නිසාවෙන් සිතට දැනුනා වූ කාන්සිය මදකට හෝ නිවා දැමීමට සමත් විය. වැව අසලම තිබූ කුඩා කඩයකින් ගත් ආප්ප කිහිපයකින් කුසගිනි නිවාගත් අප ඉතා ප්‍රිතිමත් සැදෑවක් ගත කර නැවතී සිටින නිවහනට පිය මැන්නේ තවත් එක් දවසක නිමාවක් සනිටුහන් කරමිනි.

එදින මහන්සියක් නොදැනුන නිසාවෙන් වෙනදාටති වඩා පහසුවෙන් ​පාඩම් වැඩ කෙරෙහි අවධානය යොමු කිරීමට හැකිවිය ​මල හිරු ක
වුලුවෙන්විත් දෙනෙතට එබෙමින් ගත කල කාලය නිමා වීමෙන් අවටින් ලොවටත් හොරාවෙන් අදුර රජ කරන්නට විය රැහැයියන්ගේ ගී රාවයත් නොයෙක් නුපුරුදු හඩවල් රැසක් මගේ තනියට හඩ නගද්දී සිතුවිලි ​දැහැනෙන් මිදුනු මම පොත කෙරෙහි නෙතු යොමන්නට විය.

නිහැඩි​යාව රජ කරන්නට වූයේ හෝරා කිහිපයක් පමණි එක් වරම සාලය දෙසින් වියරුව නැගුන හඩක් ඇසුවෙන් මම තිගැස්සී ගියෙමි

"අඩෝ........ ඔය මන්නෙ ගනින් යකෝ මම අද කපනව"

කිසිදා නොදුටු දසුනකින් මා සිත බියපත්ව ගැහෙන්නට විය ඒ අන් කවුරුත් නොව සෝමසිරි නම් වූ අප නිවසේව වෙසෙන අනිත් පුද්ගලයා විය ගොරකා මද දෙකක් මෙන් රතු වූ නෙත් සගල කොපයෙන් වියරු වැටුන මුහුණත් අවුල්ව ගිය කොන්ඩයත් ඔහුගේ මුහුණ රකුසෙකුට සම කිරීමට සමත් විය. මින් පෙර කිසිදාක මෙවැනි අත් දැකීමක් මා අත්විද නැත. මත් බවින් වියරු වූ ඔ
හු මන්නා පිහියක් හොයමින් නිවස සිසාරා දිවයන්නට විය.

කුස්සිය අයිනට රදවා තිබූ මන්නා පිහිය අතට ගත් ඔහු දුව යන්නට සැරසුනි. මෙවැන් සිදුවීමක් නුහුරු නිසාවෙන්දෝ මා මැද්දට පැන ඔහුගේ බදින් අල්ලා නිවසේ වූ මිතුරන්ට අඩගසන්නට විය.

" උපාලි බලං ඉන්නෙ
යකෝ මූව අල්ලපන් මේක කොටන්න යන්නෙ"

එහෙත් ඔහු නිසොල්මන්ය සිනාමුසු මුහුනෙන් මා දෙස බලා සිටි ඔහුගෙන් දිස් වූයේ මා කෙරෙහි ඇතිවූ අනුකම්පාවක්දැයි මට සිතා ගත නොහැකි විය.

සොමසිරි දගලන්නට විට

"අතෑරපන්ර්‍ !@#$%$ යෝ මට කපන්න ඕනි ...යකො " දගලන්නට වූ මේ ශක්ති වන්ත මිනිසාගේ බාහුවක් වැදීමෙන් මගේ මුහුනද වේදනා දෙන්නට විය. මා අසලට පැමිණි උපාලි


"යන්න දීපන් බං" සංසුන්ව පැවසුවේය මට සිතා ගත නොහැකි විය මිනිසෙකු මෙතරම් දරුණු වූ වෙලාවක එවැන්නක් කළ හැකිද මා සිත තුල භිතිය රජයද්දී අකමැත්තෙන් උවද ඔහුව ලිහිල් කලෙමි

එක්වරම මා දෙස
ට හැරුණ ඔහු මන්නා පිහිය මා දෙසට දිගු කර

"තෝ දැන ගනින් උඹ අලුත් එකා.... එකෙක් කපුපු මට යකෝ තව එකක් ලොකු නෑ යකෝ......" ඉලිප්පී ගිය නහරවලින් හා දා බිදු වලින් නැගි දිස්නයෙන් ඔ​හුගේ කේන්තිය හා ප්‍රචන්ඩත්වය මනාවට දිස්වන්නට විය. මා තවමත් ඔහු දෙස බලාගත් අත
මය

රකුසු නෙත් මා දෙසින් ඉවතට ගත් ඔහු මිටින් හල කුරුල්ලෙකු මෙන් කඩුල්ල දෙසට දුවන්නට විය වික්ෂිප්තව ගිය මම ඔහු පසුපසම දිව ගියේ මගේ දෙපයටත් නොකියාමය එක් වරම කඩුල්ල අයිනේ වූ අඹ ගසට නැග ගත් ඔහු පාරට බරව තිබූ අඹ අත්තක් කපන්නට විය

අරුමයකි අනික් මිතුරන් උලුක්කුවට මෙන් මට සිනාසෙයි

ඇයි බං මොකද මේ කිසි දෙයක් අදහා ගත නොහැකි වූ මම ඔවුන්ගෙන් ඇසීමි

"ඔක ඔහොම තමයි බීගෙන ආවම මොකක් හරි ඇගේ වැදුනොත් ඒක කපනව.... කලිනුත් පේර ගහක් කැපුව අපරාදෙ ගස් ටිකඋඹ ගිහින් පාඩන් කරපං....."

තවත් වරක් ඒ අමුතු පුදුගලයා දෙස බැලීමි ඔහු තවමත් ගස උඩය පාඩං කිරීමට තරම් නිදහස් සිතක් නොපැවති හෙයින්ඇද මතට වන් මා නිදන්නට වීමි

18 comments:

  1. ලස්සන කතාව....පව් අනේ,

    ReplyDelete
  2. ආහ් උබ මේක ඇත්තම අත් දැකීමක්ද? මම නම් මේ වගේ අත්දැකීමක් ඇත්තටම අත් දැකලා තියෙනවා...ඒකත් ෆන් තමයි...වෙලාවක කියන්නම් කො

    ReplyDelete
  3. හී හී නියමයි නියමයි..
    ඇත්තටම මට නම් ඔය ලියන ඒවා මැවෙනවා.අදත් එහෙමයි.
    ඒකයි කියන්නේ මේව හරි සජීවියි කියලා.වර්ණනා කරන්න ඕන දේ වර්ණනා කරන්නම ඕන. :D :D

    දිගටම ලියන්න..

    ReplyDelete
  4. kesh /

    කවුද අනේ පවු මමද??????? ........:(

    ReplyDelete
  5. ගීත් (සහෘදයා) /

    නෑ බං මොන අත්දැකීමක්ද.... හික්ස්.... නිකන් හිතට ආපු දෙයක් ලිව්වෙ ස්තූතියි මචෝ...

    ReplyDelete
  6. පබලු /

    ගොඩක් ස්තූතියි පබලු ලස්සන වර්නණෘවක් වෙනද වගේම ගොඩක් සතූතියි

    ReplyDelete
  7. බිව්ව වෙලාවක ඔය වගේ කෙනෙක්ව කපන්න ඕන ගහක් ලඟට ගෙනිච්චනම් සිම්පල් විදියට වැඩේ කරගන්න තිබුන...........

    මලු කටාව........ පබළු අක්කගේ කියමන නම් පට්ටපල් ඇත්ත.........

    ReplyDelete
  8. හරයක් නෑ නේ බන් කතාවේ............

    ReplyDelete
  9. අඩේ.. මරු කතාව. පබලු කියුවත් වගේ මට මැවිලා පෙනවා.. ලස්සනට ලියලා මල්ලි...

    ReplyDelete
  10. මරු කථාව...අර මිනිහා ඇල්කොහොල් වීරයෙක් වගේ..
    ජයවේවා!!!

    ReplyDelete
  11. හා පැටික්කි (MS) /

    ස්තූතියි හැ පැටික්කියේ මේ පැත්තට පැන්නට වර්නණාවටත් ස්තූතියි ......:D :D

    Anonymous /

    උපුල් උඹ කියපු විදියට කරොත් ගතියක් නෑනෙ මෙහෙම හොදා ...හික්ස්....

    ReplyDelete
  12. Hipo /

    ගොඩක් ස්තූතියි හිපෝ අක්කියො...............:D

    ReplyDelete
  13. මාරයාගේ හෝරාව/

    පළවෙනි කොමෙන්ට් වෙන්නැති ගොඩක් සතුටුයි මේ පැත්තට එන එකට ස්තූතියි අගය කරාටත්

    ReplyDelete
  14. sampathjt /

    හික්ස්...ස්තූතියි මචෝ මේ පැත්තට ඇවිත් ගියාට.....

    ReplyDelete
  15. හික්ස් සෝමසිරි සිරා පොරක් වගේ. නැත්ද සෝමේ අයියාගේ තව කතා.....

    ReplyDelete
  16. ෙසා්මසිරි හරිම පිස්ෙසක්ෙන අෙන.කතාව jolly.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...