Wednesday, July 28, 2010

මල් සරාගෙන් සමාව හිගාකමි......

මල්සරා සුදු අයියා වෙත,

මගේ සුදු අයියේ මා නුඹෙ නම යොදා ලිපියක් යැවූ පමණින් ඔබ මා සමග මෙතරම් උරණ වෙතැයි කිසිලෙසකින්වත් නොසිතුවෙමි.මා නුඹේ මායියාට නුඹ බය යැයි කීවේ හුදෙක් ජනී ජනයාට නුඔ කෙරෙහි අනුකම්පාවක් ඇති කිරීමට විනා කිසි ලෙසකින්වත් ඉන් අපහාසයක් සිදුවේවි යැයි නොසිතුවෙමි. මල් මතං අප මෙතුවක් කල මිතුරන් සේ ඇසුල කළ නිසාවෙන් නුඹේ නම යොදා මා අසරනයකුට පිහිට වූයේ නු​ඹගේ රාජකාරී කටයුතු සදහා පහසු​වක් වේවි යැයි සිතූ නිසාවෙනි. මා කළ එම උපකාරයට නුඹ මා සමග මෙතරම් මලින් කටයුතු කරාවියැයි නොසිතුවෙමි..​නුඹ මල්සරා උවත් මෙවන් සුලු දේකි​න් නුඹේ මල විසි වේවියැයි මා සිහිනෙන්වත් නොසිතුවෙමි.

මා පෙර දින රාත්‍රියේ නිදි දෙවු දුව සමග ප්‍රිතියෙන් කල් ගෙවමින් සිටියදී ඔබ අප දෙදෙනා අතරට පැන නිදි දෙව් දුවට සැහැසි ලෙස පහර දී ඇය එළවා දැමුවේ හුදෙක් මා සමග නුඹ ඇති කර ගත් කෝපය නිසාවෙන් බව මා දනිමි.නිදි දෙව්දුව මේ කිසිවක් නොදන්නා අහිංසක ළදකි. මා සමග ඇති තරහව නිසා අසරණ ඇගෙන් පළිනොගන්නා මෙන් මා ඔබතුමාගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි..

පෙරදින අලුයම් සමයේ සිහින දෙව් දුව කෙටි පණිවිඩයක් මා වෙත එවන ලදී. එහි සදහන් වූවේ මා වෙත එවීමට සූදානම් කර තිබූ මල් හී කිහිපයක ගමන් වාර සියල්ලම දින නියමයකින් තොරව අවලංගු කර දමා ඇති බවයි. ඇයි මගෙ වස්තුවේ මට මෙහෙම කරන්නෙ.මා අතින් වරදක් සිදුවූ බව මා දනිමි. එයට දඩුමක් විදිහට වෙන ඕනි දෙයක් කරන්න මල් හී එවන එක නවත්තන්න එපා මගෙ රත්තරනෙ.මං පවූ....මං අසරණයි මගෙ මල් දෙයියො..

හිතේ තියන දේ​ ලියා ගන්න බෑ මල් මතං.. දෑගිලි වෙවුලනව.. තනිකම උතුරා පිටාර ගලනව... විරහව වාන් දානව.. මං මෙහෙ හොදටම වේලෙනව... මං කාටද දෙයියො මේවා කියන්නෙ...මට අනුකම්පා කරලා අවලංගු කරපු මල් හී ටික විසිකරපන් මගෙ මල් වස්තුවෙ..

අද රෑටත් නිදි දෙව්දුව එනව කිව්ව. මල් හී එවන්න බැරි නන් අඩුමගානෙ ඒ අසරණිටවත් මං ලග ඉන්න දීහංකො.. මං පවු මගෙ දෙයියො..

තවනන් ලියන්න බෑ මුකුත්.හිත ඇතුලෙ මල් නැති රෝස​ පැලයක් පැලවෙලා වගේ.. කටු විතරමයි ඇනෙන්නෙ.. ඒ මල් නැති කටු රෝස ගහට මලක් එවපන් මගෙ වස්තුවෙ


මීට

නොදැන කළ වරදක් නිසාවෙන් දුක් විදින

මං.....

Wednesday, July 21, 2010

දුක හිතෙන කථාවක්

මෙය මා ලගදී දුටු ඉංග්‍රිසි ලිපියකින් උපුටා ගත් කථාවකි.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

දුම්රිය පිටත්වීමට සුදානම්ව අවසන් නළා හඩ ගුවනය මුසු කරද්දී දුම්රිය තුලට හිස හොවා ගත් මා ඉද ගැනීමට අසුනක් සොයමින් ඉදිරියට ඇදෙන්නට විය. අසුන් කිහිපයක්ම හිස්ව පැවතියත් කවුලුව අසල ඉද ගැනීමේ තිබූ ආසාව නිසාවෙන් කවුලුවක් අසල හිස්ව තිබූ එකම අසුන වෙත ගොස් හිද ගතිමි. මා අසල වම් පස අසුන මත මහලු පියෙක් සහ අවුරුදු 25ක පමණ නිරෝගී තරුණයෙක් උන් අතර එම දෙදෙනාට ඉදිරියෙන් මැදිවියේ වන් වූ ගැහැණියක සහ පිරිමියක වුවෝය. දුම්රිය නළා හඩ වැඩි කරමින් ඉදිරියට ඇදෙන්නට විය

මා කවුලුවෙන් නෙතු යොමා ගත දැවෙටෙන සිහින් පවන් රැල්ලක සුව විදිමින් ගමන් කරන්නට විය. ගත වුවේ නිමේෂයක්.පියත් තම දරුවාත් අතර ඇති වූ දෙබසක් නිසාවෙන් මගේ දෙසවන ඒ දෙසට යොමු වන්නට විය.

"තාත්ත.. අර බලන්න... ගස් ඔක්කොම අපිව පහු කරන් යනවා.... "

දීප්තිමත්ව දිදුලන දෙනයනින් යුතු ඒ තරුණයාගේ වදනින් මා වික්ෂිප්ත වූයෙමි. එවන් තරුණයකුගෙන් එවැන්නක්????
මා සිත තුල කුතුහලය දොරේ ගලායන්නට විය.. මා පියා දෙස නෙතු යොමා බැලීමි

ඔහුගේ දෙනයනතුල නළීයන කුදුලු කැට අයාසයෙන් සගවා අහිංසක හිනාවකින් මුව සරසා තම පුතුදෙස බලා ඉන්නට විය

"තාත්තේ අර බලන්න අර උඩින් යන්නෙ. උන්ටද කුරුල්ලො කියන්නෙ.. උන්ද අපේ ගෙදර ඉස්සරහ කෑ ගහන්නෙ.........."

"ඔව් පුතා.. උන්ට තමයි කුරුල්ලො කියන්නෙ... ලස්සනයි නෙ.."

දෙනෙත් අදහා ගත නොහැක.. මෙවන් කරදඩු උස් මහත් වූ තරුණයක්ගෙන් මෙවන් වදනක් කෙසේ නම් අපේක්ෂා කරන්නද... පිස්සද කොහෙද?? මා සිතට නැගුන සිතුවිල්ල සගවා ඉදිරියේ උන් මැදිවියේ යුවල වෙත නෙත යොමා බැලීමි.. ඔවුන්ද එසේ සිතනවා විය යුතුය.. වික්ෂිප්තව පිය පුතුගේ සංවාදය දෙස බලා සිටි ආකාරයත් ඔවුන්ගේ ඇස්වලින් කියන්නා වූ වදනිනුත් එය මනාවට පසක් වන්නට විය.

කුඩා ළමයෙක් මෙන් හැසිරෙන තරුණ
යක් මා මින් පෙර දැක නොමැත... දුම්රිය සිසාරා නෙත යොමු කරමින් කුඩා දරුවකු මෙන් හැසිරෙන මෙම තරුණයා එහි සිටි සියලුම මගීන්නේ අවධානයට ලක්වන්නට විය.... කාලය කෙමෙන් ගතවත්ම සුන්දර කදුකරය වෙත ඇදෙන දුම්රිය මනරම් වටපිටාවකින් වැසීයන්නට වූ අතර තරුණයාගේ හැසීරීමද වෙනස් වන්නට විය.

තම ඇස ගැටෙන සියලුම දේ තම පියාට පවසන අතර ඒ පිළිබද අතොරක් නැති ප්‍රශ්න පියාගෙන් විමසන්නට විය.. මේ සියලුම දේ කදුලු පිරි දෑසකින් යුතු මහලු මිනිසා කදුලු අතරින් සිනහවන පුරවා මනාවට තම පුතුට පැහැදිලි කර දෙන්නට විය....

මෙය තවදුරටත් ඉවසා ගැනීමට නොහැකි වූ ඉදිරියේ උන් මැදිවියේ මිනිසා,,

මේ.... උන්නැහේ.... ඔය ඔහේගෙ පුතාද??

ඔවු මහත්තයො.. ඇයි ඒහෙම ඇහුවෙ?

ඔය මිනිහව හොද දොස්තර කෙනෙකුට පෙන්නනවා.. ඔකාට ඔල්මාදෙද කොහෙද..

මහුලු මිනිසාගේ දෙනයනින් කදුලු කැට කඩා හැලෙන්නට විය.. වෙවුලන දෙතොලින් මහා සාගරයක් බදු වදන් පෙලක් ගොතන්නට ඔහු ගත් උත්සහය නිෂ්පල විය.. ආයාසයෙන් වේදනාව සගවා ගත් ඔහු....

"අපි මේ දොස්තර ලග ඉදල තමයි මහත්තයො එන්නෙ.... අද තමයි මගේ පුතා
ගෙ ඇස් දෙක පේන්න ගත්තෙ.. අද වෙනකත් මගෙ පුතාගෙ ඇස් පෙනීම තිබුන්නැහැ....."

අයාසයෙන් එළියට දමා ගත් එම වදන් පෙල අවසානයේ මහ හඩින් ඉකිබිදිමින් මහලු මිනිසා හඩන්නට විය... තම දෙනයනින් ගලා යන කදුලු කැ
ට තම පියාගේ උර මතින් බේරී යන්නටදෝ මෙන් එම තරුණයා පියාගේ උර මත හිස තබා සැගවෙන්නට විය...

මා කවුලුවෙන් ඉවත බලා ගතිමි....

දුම්රිය නළා හඩ අතරින් සුන්දර කදුවැටියක් පසු කරන්නට විය.....

Thursday, July 15, 2010

මල්සරාගෙන් පිළිතුරක්

වැලේ මල් නැති ගීත් අසරනේලියා වෙත,

බඩු ලැබේවා!!!!!!

තෝ එවපු ලියුම ගෙනාපු මාන කොකා ඒක අපෙ මායියගෙ අතට දීල මෙතන ගිණි විජ්ජුම්බරයක් සිදුවිය. තොගේ නම ගීතා නමින් වටහා ගත් ඇය සනසාලීම සදහා මා සතුව ඇති දුනු හී වල ලෙජරය ඇය ඉදිරියේ දිග හැර ගනන් බලා පෙන්වා මා ගීතා නැමැති කෙනෙකුට කිසිදා මල් හී යවා නැති බව තහවුරු කිරීමෙන් අනතුරුව ඇය සමතයකට පත්විය. තොපිලා ඔය ලෙස මං ගැන හිතුවට මා මේ කොරන රාජකාරීයේ බැරෑරැම් කම දන්නේ මා පමණි.

මට මෙහේ කිසි සැපක් නැත. දුකනම් බොහෝය. යන්තම් ඇටෙන් පොත්තෙන් එලියට පැනපු උන්ටම දුනු හී විද මා මහත්සේ වෙහෙසට පත් වී ඇත.. උන්ට විදීමට අතපසුවුවහොත් උන් මගේ සංහතියම විනාශ වී යන ලෙස සාප කරයි. ඒව බලා ගන්න තොපිල නැහැනෙ..

මතං මෙහෙමයි කේස් එක. මාත් ආසයි බං ඊතල ටික එක එකාට බෙදලා දාලා අත පිහදාගෙන පැත්තකට වෙලා මගේ ලවක් බලාගෙන ඉන්න. ඒත් කොහොමද කොල්ලෝ අපේ ලොක්කත් එක්ක බැහැනේ. ඒ මුස්පේන්තුවා ඩේ බුක් චෙක් කරනවා. ඔඩිට් එකෙන් එවලා හී කලෙක්ෂන් චෙක් කරනවා. මට නම් එපා......වෙලා තියෙන්නේ මේ ජොබ් එක...ඊතලේ පමා උනොත් තොපිලා බ්ලොග් වලින් බනිනවා. ඊතලයක් එහා මෙහා උනොත් ලොක්කට මල පනිනවා. මාර කරුමයක් යකෝ මේක. වෙලාවකට මට හිතෙනවා කනේරු ඇටයක් කාලා තවිතිසා ලෝකාන්තයෙන් පැනලා මැරෙන්න.

මගේ මායියගේ නංගිගේ පුතාට ජොබක් නැහැ. ඒකි මට කිවුවා ජොබක් හොයා දීපන් කියලා. මෙහේ ජොබ් හොයන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. මෙහේ කෝටි 33 යි යකො දේව ගහනය. කජු ඇටද කොස් ඇටද. පස්සේ ලොක්කට ජිල්මාට් එකක් දාලා පොඩිඑකාට මගේ ජොබ් එක ට්රේනින් කරන්න පර්ම්ෂන් එකක් ගත්තා. දැන් මම ඒකව ට්රේනින් කොරවනවා. ඕකා ඔය විදින ඊතල වලින් තමා අබ්ලික්
කපල්ස් සෙට් වෙන්නේ. මුගේ ආච්චිට හාල් ගරන්න මූට තාම ඉලක්කය ගන්න බැහැ. මට එපා.......වෙලා තියෙන්නේ.

මතං අසරනේලිස් තව ටිකක් ඉවසලා හිටපන්, මගේ ලිස්ට් එකේ ඉස්සරහට උඹව ගන්න මොකක් හරි ජිල්මාට් එකක් දාන්නම්. හැබැයි මේවා ලෙහෙසි වැඩ නෙවෙයි . තේරෙනවනේ ගොයියෝ......උබ තනමල්විල පැත්තේ ගියොත් මාව මතක් කරලා මටත් එක්ක රොකට් දෙක 3ක් ගනින්. මෙහේ මලක් හොයා ගන්න හරිම අමාරුයි මතං. ආහ් බම්බා පැත්තේ ගියොත් දන්නවනේ. කියන්නඔන නැහැ නේ. මට හොද එක් සිලෙක්ට් කරලා තියපං මම ඔය පැත්තේ රවුමක්දාන්න ආවහම ඒ පැත්තට ගොඩවෙලා යන්නම්. අපේ මායියට එහෙම දැනගන්න තියන් එපා හොදේ.

බොල කොලුවො දැන් සුජාතා නංගිගෙ බංගලාව ​දැන් අබලං බං අපෙ මායියගෙන් බේරුමක් නෑ අලුත් එකක් ඔනි කියල. කොහෙ තියන සල්ලිද බං ඕවා.. මොකෝ මං මල් හී විද්ද කියල කපු ගාස්තුවවත් මට දෙන එකක්යැ. ඒකත් මොකෙක් හරි හාල් පාරුවෙක් කොටා ගන්නවනෙ.. අපේ දුක අහන්න කවුද යකේ ඉන්නෙ තොපිලත් කරන්නෙ අපිට බනින එකමනෙ... (රහසේ හඩනා මගේ හැඩුම්.. තෝ නෑ දන්නේ මේ කෙරුම්) උඹ නන් මල් හතේ ප්ලෑනක් දෙයි මම එපායැ ඒකටත් තොට ගෙවන්න අපේ මායියට එහෙම ඔවා කියනව නෙමේ මට ගෙදර යන්න හම්බ වෙන එකක් නෑ

උඹේ අර ලියුම දැක්ක දවසෙ ඉදල මට හරියට නින්දක් නෑ යකෝ.. උඹවමයි
හීනෙන් පේ​න්නෙ.. මොන වදයක්ද මේක. එක්කො සුරංගනාවියක් පෙනීයන්. කොහෙද තොගෙ හපුටු මූණමනෙ පෙන්නෙ.. හිටු ඉවසල තොට හොද හීයක් එවනකන්

ඒක නෙමේ කොලුවො දැන් ​මායිය එන වෙලාව.. මං ලියුම් ලිව්ව කියල මං ඔකටත් ගුටි කන්න වෙයිද දන්නැහැ.. මොනව උනත් මගෙ ගෑනිනෙ බං.. මං ගුටි කනවයි කියල කාටවත් කියන්නෙහෙම නෑ ඔං..

මං එවන හැම මල් හීයක්ම තොට වදීවා... ඒ පිනෙන් මට තොගෙ මුණ හීනෙන් නොපෙනේවා

මීට
දුකටපත්

මල්සරා

Saturday, July 10, 2010

පොඩි පොඩි වෙනස්කම් ටිකක්

මගේ සද අමාවක වෙලා මේ දවස් වල. ඉර එළිය පොඩ්ඩවක් නෑ ඉතින් සද කල්පනා කරා ඉර එළියත් නැති එකේ පොඩි වෙනසකටත් එක්ක වෙනස් කම් කිහිපයක් කරන්න.ඒ කවුරුවත් නිසාවත් කාටවත් ඕනි නිසාවත් නෙමේ. මේ ජීවිතේ මටම ඇති වෙලා නිසා. කරන කරන දේ කෙල වෙන නිසා මං කලපනා කරා මේ හැම දේකින්ම ඇත් වෙලා මගේ ඉගන ගන්න වැඩ ගැන වැඩියෙන් හිතන්න දැන් ඒව ගොඩක් මග ඇරිල ඉන්නෙ ඉතින් ඒවට ආයෙ මං යනව කියන්නෙ මිතුරන් සීමා වෙනව ජොලි ඉවරයි වැඩ ගොඩයි.. අනේ තරහ වෙන්න එපා මගෙ මිතුරනේ දැන් මං අනුන් ගැන හිතන එක නවත්තල මගේ ජී​විතේ ගැන හිතන්න පටන් ගන්නව.. මේච්චර කාලයකට කරපු නැති දෙයක්. අනුන් වෙනුවෙන් මං කරපු හැම කැපවීමක්ම නවත්තල දැන් මගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්ත. දැන් මං කාවවත් සතුටු කරන්න යන්නැහැ.. ඒ ජීවිතේ ඇති..

එතකොට මොනවද මගේ සදට කරේ බලමුකො.............. මං ආයෙත් කවි ලියන්නැහැ. කොයි තරන් කාලයකටද දන්නැහැ.. ඒත් කවි ලියන එක දැනට නවත්තනව මොකද කවියක් කියන්නෙ මගේ හිත. දැන් මගේ හිත කවුරුත් දැන ගන්නවට මම කැමති නැහැ..ඒ නිසා මං කවි දාන්නෙ නැහැ.. කවි බලන්නම එන අයට තමයි මගේ සදින් ඔය පිණිවිඩය.. සමා වෙන සේක්වා!!!

අනික කලින් ගොඩක් ලිපි දැම්මා.. සතියට 6ක් විතර දාල තියනව.. දැන් මගේ අදහස මාසෙට 4ට වඩා දාන්නැහැ..ඒවත් කථා හරි මොනව හරි කවි නන් නෙමේ ඕන්...

ඊලගට බැලුවොත් මේ බ්ලොග් කෙරුවාව මගේ ජීවිතය වෙලා තිබිබ. සමහර අය කිව්ව මං කවද හරි බදින්නෙ මේ බ්ලොග් එක කියල.. ඒ තරමට මං මේකට ලං උනා.. හේතු දන්නව කියන්නැහැ නෑ.......මයි.. හික්ස්... දැන් මන් තීරණය කරා වැඩිය මේ පැත්තෙ එන්නැහැ කියල මං ඇවිත් බලල යන්නන් ඔයාලව.. ඒත් හොරෙන්.. පබලු, වැප්, ගීත්, රවා, බිගු අයිය, සමන්මලී නගා, ඔයාලට අවුලක් නෑ....මෙතන නැතත් ඔයාලගෙ නිර්මාන අගය කරන්න මූණු පොත හරි තියනවනෙ හික්ස්.. මං එහෙනන් ඔයාලගෙ බ්ලොග් වල හොරෙන් බලල යන අයගෙ ලිස්ට් එකට දාගන්නකො එහෙනන්..

තව මොනවද?/හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. කෝ මේ ඊයෙ හිතපුව කොහෙ ගියාද මන්ද...

අනිත් ඒව මෙතනට දාන්න ඔන්නැති ඒවා.. ඒ වෙනස්කම් ක්‍රියාවෙන් කරන ඒවා. කියල කරනඒව නෙමේ.. හික්ස්... දැනට නන් ඔව ටික තමා කියන්න වෙන්නෙ.. මතක් උනොත් තව කියන්නන්කො....

එහෙනන් මං ගියාවෙ ඈ... ඒක නෙමේ මේ තීරණ
ගත්තෙ ඇයි අහන්න එපා කවුරුත්... වෙන අයගෙ බලපෑම් නිසානන් නෙමේ.. මං තනියෙන් හිතල ගත්ත තීරණයක්.. සමහර මං ගන්න තීරණ අම්බානක් මෝඩ ගොන් තීරණ. මං ඒක දන්නව.. ඒත් ඒ තීරණ නිසා මං නැතත් අනිත් අය සතුටෙන් ඉන්නව.. ඒ නිසා ගොං තීරණ උනත් මං ඒවට ආසයි

ජීවිතය කියන්නෙ බස් එකක්. ඉතින් ඔය බස් එකට එක එක විදිහෙ අය නගිනව.. සමහර අය ගමනාන්තයටම යනව.. සමහරු මගින් බහිනව.. සමහර අය අත දාල නවත්ත ගන්නව ඒත් නගින්නැහැ.. සමහර වෙලාවට සමහර අයව බලෙන් බස්සන්න වෙනව.. ඒ කිව්වෙ ලගින්ම ඉදගෙන් දැනගෙන හරි නොදැන හරි ගොඩක් හිත රිදවද්දි අපිට එයාලව බස්සන්න වෙනව නේ.. හැමදාම අඩන්න බැහැනෙ.. මාත් ආසයි හිනා වෙන්න... :D

ඉතින් ඔන්න ඔය ජීවිතය කියන බස් එක අරගෙන අලුත් පාරක් දිගේ මං යන්න පටන් ගත්ත.. බලමු කවුරු කවුරු මගේ බස් එකට නගීද කියල...

එහෙනන් මං ගියා...

හැමොගෙම ජීවිතය කියන බස් එකට තමන්ට ගොඩක් ආදරය කරන අය විතරක් නග්ග ගන්න හැකිවෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව...

අපෝ.. බෑ. කවි
යක් මතක් උනා කියන්නෙ නෑ.. හික්ස්......

ටටා
බායි.............

Monday, July 5, 2010

මගේ මල ගම දා........


​ගොම්මන් අදුර මැදින්
සුපුරුදු පාරෙන්ම
නුපුරුදු අයුරකින් ඈදී යමි
පාවෙන්නාක් මෙනි
මග දෙපස සුදු වතින් සැරසුන
දෙනෝ දාහක් දෙන
දුකින් පිරි මුහුණ තුල
හිස් බැලුම් සගවා
තැනින් තැන හිදගත් වනම
මුමුණයි
මග දෙපස මගේම මිතුරන්ම
සුදු කොඩිත් අත දරා
මගේ පෙර මං නොබලාම
තුරු වියන් සරසයි
අමුතු හැගීමකි
විදුලි කනුවක තිබූ රුව දැක
ඒ දෙසටම ඈදී ​යමි
දෙනෙත් අදහා ගත නොහැක
ඒ මමද
මගේ මල ගම අදද..
ඔවුන් බලා සිටිනුයේ මා මිහිදන් කරන තෙක්මද???


(
දැඩි විරෝධයන් මැද ප්‍රකාශයට පත් කරන ලදී)

Friday, July 2, 2010

ආදරය දුකක්ද ???

අද දවස නන් පෙම්වතුන්ට හරිම අපල දවසක් අද මගේ දුරකථනය පැය 3කට වඩා වැඩි කාලයක් ගත කලේ එයාලගෙ ගැටලු නිරාකරනයට ආදරය කිරීම ඇත්තටම දුකක්ද..?? ඔවු ඒක දුකක් මොකද අපි ආශාවන් වැඩි කරගන්නව කියන්නෙ ඒක දුකට හේතුවක් ඒ නිසා ආදරයතුල දුකක් තියනව.​ඉතින් ඇයි අපි දුකට ආදරේ කරන්නෙ ඒ අපිට ආදරේ ඔනි නිසා ආදරේ නැතුව මිනිහෙකුට ජීවත් වෙන්න බැරි නිසා මෙතන ආදරේ කියන්නෙ පෙම්වතුන්ම පමණක් නෙමේ සෑම ආකරයකින්ම අපිට ආදරයක් විදීමේ ආසාවක් තියනව

දැනට ගම්මු පෙම්වතුන්ගැන අද දවසෙම එයාලට උපදෙස් දීල මට ඇති වෙලා ඇයි එයාල ගොඩක් දුක්විදින්නෙ පෙම් කරන්න පටන් ගත්ත මුල් දවසෙ ඉදලම එයාලට ඔනි අනිත් කෙනාව තමන්ගෙ කරගන්න හැද දේම තමන්ට ඕනි විදිහට තියෙන්න ඕනි එහෙම කවදාවත් සිද්ද වෙන්නෑ අනිකාගෙ සතුට සහ ආශාවන් වෙනුවෙන් කැපකිරීම් කරන්න පුරුදු වෙන්න ඔනි සමහර පිරිමි අය හිතනව පෙම් කරන කොට තමන්ගෙ පෙම්වතිය වෙන පිරිමි පුද්ගලයින් ඇසුරු කරන්න හොද නෑ කියල කවදාවත් එහෙම වෙන්නෑඅපි පෙම්කරන්න පටන් ගත් පලියට අපි මැරිල ඉපදෙන්නැ නෙ අපි අපිමයි තව කෙනෙකුට අනුව හැඩගැහෙන්න කාලය උවමනා කරනව ඒක තේරුන් ගන්න මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනි

ආදරය කියන්නෙ බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමේ අපි ආදරය කරන්න ඕනි එතකොට ආදරය අපිටම ලැබෙනව අනිත් පුද්ගලයාගෙන් පමනක් ආදරය බලාපොරොත්තු වෙලා වැඩක් නෑ කලින් අපියි ආදරය කරන්න ඕනි ලැබෙන දේ ගැන හිතන්න එපා පුලුවන් තරම් අනිකාව සතුටෙන් තියන්න උත්සහ කරන්න එතකොට දන්නැතුවම සතුට අපිව හොයාගෙන එනව මං ඒක පුද්ගලිකවම දන්න දෙයක් මං හැමෝම සතුටෙන් තියනව මාව තේරුන් ගත්ත මං ගැන දන්න අය මං දුකෙන් ඉන්න දවසට මාව ගොඩක් සතුටු කරනව ජීවිතේ පැතුම් හොය​ගෙන යන් එපා ඒවා ඉටු වෙයිඅපි කාටවත් කරදරයක් නැතුව එයාලව සතුටින් තියනව නන් ඒක තමයි ජීවිතය කියන්නෙ

අපි ආදරෙයි කියල නීති දාන්න යන්න හොද නෑ නිදහසේ තියන්න අනිත් පුද්ගලයව. යනව නන් යන්න දෙන්න.ඒත් පුලුවන් උපරිම උත්සහය යොදන්න ඕනි තියාගන්න.. බැරිම නන් යන්න දෙන්න.. බලෙන් ආදරය ඉල්ල ගන්න බෑ අඩල ඉල්ලන්ත් එපා ඒ ආදරේ උතුම් නන් ඒ ආ​දරේ බාල්දු කරන්න එපා. උතුම් ආදරය එපා නිසානෙ පිටු පාන්නෙ ඉතින් ඇයි එයාලට අපි තවත් වද දෙන්නෙ කවදාවත් තමන්ගේ අයගෙන් බලෙන් කිසිදෙයක් ඉල්ලන්න හොද නෑ අපි දන්නෙම නැතුව ඒක එයාලට වදයක් වෙනව එහෙම උනාම එයාලට තවත් අපිව එපා වෙනව අපි ඇත්තටම ආදරෙයි නන් අනිකාගෙ සතුට බලල සතුටු වෙන්න පුලුවන් හිතක් තියෙන්න ඕනි ඒකයි ආද​රය කියන්නෙ තමන් ආදරය කරනකෙනා සතුටින් නන් තව මොනවද අපිට ඕනි...

ඒක තමයි ආදරය!!.. අද ​මට ආපු කේස් 5න් (හික්ස්) 4ක්ම තියෙන්නෙ තමන්ට අයිත් කරගන්න යන නිසා ඇතිවන ගැටලු. අප්පා ඒව විසදල මට එපා වෙලා.. අනික කාට හරි ආදරෙයි නන්කෙලින්ම කියන්න සමහර කෙල්ලො, කොල්ලො අහන්නැති නිසා හිතෙන් දුක් වෙනව. නෑ කියන්න බෑ. ඒකත් මට අද ආපු කේස් එකක් තමයි ඒ කෙල්ලයි කොල්ලයි ගොඩක් යාලුවො දෙන්නම ට්‍රයි ඒත් කොල්ල අහන්නෑ කෙල්ල දුකින් ඉන්නෙ ඔය වගේ සීන් වලට මං මොනව කරන්නද අනේ!!!

තමන්ගෙ අතින් කෙල්ලගෙ හෝ කොල්ලගෙ අත තදින් මිරිකපුවම එයාලට රිදෙනව නෙ. ඒ වගේ තමා ආදරෙයි කියල අනිකාව තදින් මිරිකුවොත් එයාලට රිදෙනව. ඒක අපි තේරුන් ගන්න ඕනි.

හිතේ ඇත්තටම ආදරයක් තියනව නන් කෙලින්ම අහන්න..හරි ගියොත් පින වැරදුනොත් පව ​ඔක තමයි ජීවිතේ ආදරේ ඇත්තටම සුන්දර දෙයක්ඒක අත්විදින්න ඒ ආදරේ අසුන්දර වෙන්නෙ අදහස් තේරුම් ගන්න බැරි උනාම කසාදයක් බදින්නම ආදරය කරනව නන් ගොඩක් අදහස් ගැන සැලකිලිමත් වෙන්නඅනිකා හැදෙන්නැත්තන් තමන් හැදෙන්න ඒක තමයි ආදරේ කැප කිරීම නැතුව වහ බොන එක නෙමේ. අනිකාගේ සතුට බලල අපිටත් සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕනි..

ආදරය වෙනුවෙන් ඔනි දෙයක් කරන්න කවදාවත් ආදරේ ඉල්ලල බල කරන්න එපා.. එයාලට වද දෙන්න එපා අපි ආදරේ කරමු එතකොට අපේ ආදරේ අපි ගාවට එනව අනිකාව පුලුවන් උපරිමයෙන් සතුටෙන් තියන්න අපි නිකන්ම එතකොට සතුටින්..

(අද දවසෙම පුද්ගල වශයෙන් කියපු වැදි බණ ටික ඕන් කෙටියෙන් කිව්ව. වැදි බණ කිව්වෙ අනුන්ට කිව්වට මට තාම තේරුන් ගන්න බැරි නිසා. අනිත් හැමොගේම ගැටලු විසදල ආව. ඒත් මගේ දේ එතනමයි විසදුමක් නෑ මගේම අය මැද්දට ඇවිත් නෙ. එහෙම උනාම මං කලිනුත් කිව්ව ​වගේ මං අයින් වෙන එක හොදයි නේද.. ඒ ගැන උපදෙසක් ඔයාලගෙන් ගන්න තිබ්බ. ඒත් ගැටලුව සංකීර්ණ වැඩී.. විසදුමක් නෑ බලං ඉන්නව.. මොකද මං එයාට ආදරේ නිසා....:D )

හ්ම්ම්ම්.. එහෙනන් මං ගියා.. දෙවෙනි දවසටත් නිදි නැති රැයක් පහන් කරන්න ​යනව.. හෙටත් දවසක් එනව.. අනිවාර්යයයෙන්ම හෙට එන ඒ දවසටත් අලුතින් මං එයාට ආදරය කරනව... :D :D..

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...