Sunday, November 21, 2010

මගුලක කතන්දරක්........

උදේ මහ පාන්දර 10ට විතර ‍‍දුරකථනය නාද වෙද්දි මං මං බැලුව මේ මොකාද කියලා..තාම බිං කරුවල ගිහිනුත් නෑ.අනේ දෙයියනේ මිනිහෙකුට නැගිටින්න පුලුවන් වෙලාවක්ද ඒක.. බැලින්නං මේ හෙට බඳින මනමාලය කියහන්කෝ..

ඇයි මචං..

වරෙන්කෝ අපේ ගෙදරට....

මොනව උනත් ඌගෙ අන්තිම දවස් ටිකනේ..මගේ හිතත් උණු වෙලා වැක්කෙරෙනවා.හිමිදිරි පාන්දර හින්දා කුකුල කෑගහන්නැත්තේ මොකද බැලුවම උන්ටත් රෑ නින්ද ගිහින් නෑ..උනුත් මේ වෙලාවේ කෑම හොයන්න ගිහින්ලු..උන්ටත් පිස්සුද මන්දා මේ උදේ පාන්දර කෑම හොයන්න යන්න..

මොනව උනත් එහෙ ගිහින් ආපහු එන්න කියලයැ..මාත් ඉතින් ගියා මගුලට ලෑස්ති වෙන්න..කොන්ඩෙ කපන්න ගිහින් ඉදගෙන ඉද්දි.. ආවා බාබර් බුවා....

මහත්තය මොකද වෙන්න ඕනි..

කොන්ඩෙ කපන්න කියලා..වෙඩිමක් තියනවා නියමට තියෙන් ඕනි හරිද?? කලින්ම කියල තියන්න ඕනි නිසා ඕං ඒකත් කියලම මං ඉදගත්ත කියමුකෝ..

දැන් මූ කොන්ඩේ කපනවා..සිංදුවකුත් යනවා.මට නින්දත් යනවා..පාන්දර 11 ට විතර ඇති ඒ වෙලාව. ඇහැරල බැලුමට මට පේ‍නවා මූ මගේ කොන්ඩෙට කෙළල කියලා..කුකුල් කරමලය වගේ.මෙලෝ රහක් නෑ..කොන්ඩේ මූ කෑවනන් ඊට හොදයි.මං ඉතින් මැරෙන්නද..හප්පා ඌගෙ මූණෙ හිනාව..

දැන් හරි නේද... (ඇයි මූ වැරදි නන් කොන්ඩේ හිටවන්නද)

මේ ඔය ඉතුරු කරපු ටිකත් කපනවා.. වෙන කියන්න දෙයක් නැති නිසා මං ආයෙත් ඇස් දෙක පියං හිටියා.

ඊට පස්සේ ගම්පහට යන්න හිතාගෙන ගියා ඉස්ටේෂමට..නැග්ගා කෝච්චියක..මල මගුලයි..ඒකේ ඩ්‍රැයිවර් මාමාට කණ්නාඩි දෙක ගේන්න අමතක වෙලාලු.ඒක පස් කන්ඩියක් දැක්කත් නවත්තනවා ඉස්ටේෂමක් කියලා..
ඒ කෙලියත් කරලා දිව්වයි කියමුකෝ ගම්පහට..ඒකත් හරි..දෙන්නත් එක්ක ගියා නුවර..කිසි කථාවක් නෑ..අරූ නිකං මල ගෙදරක යනවා වගේ මං තනියෙන් ඔහේ කියවනවා..

දැන් කොහෙටද බං යන්නේ..

නැටුම් පුරුදු වෙන්න යනවා බං..

හුටා..මූ දෙකක් දා ගත්තම කොහොමත් නටන එකා..දැන් පුරුදු වෙන්නත් ඕනිලු..හයියෝ..මටත් මෙව්ව බලන්න උනානේ..මාත් ඉතින් ඔන්න ඉද ගත්තා පුටුවක..දැන් දෙන්නා හුරේ එකට නටනවා..
එකපාරට ගුරුතුමී අක්කා හැරුනා මෙහෙ එන්න ඔයා..අපි නටල පෙන්නපු මේ දෙන්නට..

හත්දෙයියනේ මං ජීවිතේට නටපු එකෙක්යැ..ලැජ්ජාව උතුරලයනවා..විලිබිය එහෙන්..තව මොනවද මන්දා ඔක්කොම එකපාර වැක්කෙරෙන්න ගත්තා..මැරෙන්නයැ ඉතින්..ඔන්න නට නට ඉද්දි හෙට මනමාලය කෑගහන්න ගත්තා..

මචං..
ඇයි..
මට හෙට අඳින්න ඇදුමක් නෑ.
ඇයි හෙට මොකක්ද තියෙන්නේ
යකෝ මං බඳනවා..මට අඳින්න කොට් එකක් නෑ.....

හුටා..
ඇයි නිළමේ..
ඒ උදේට..දැන් යමු ගිහින් එකක් ගේමු බං...

මොන නැටිලිද ගියා කෝට් බෑයක් හොයන්න...ඒකත් හෙව්වයි කියමුකෝ..ආයෙත් මුන් දෙන්න නටපි..මගේ කකුල අර ගුරුතුමිය පාගලම මට එපා වෙලා..ආයෙත් පෑගුවොත් කියලා දෙන්න ඇඩ්‍රැස් එක කලින්ම ලියල තියා ගත්තා..නැත්තං ඒකත් මල මගුලයිනේ.

යන්තං රෑ එකට විතර ඔය කෙළි කරල ගියා නිදා ගන්න කියලා..කොහෙද

මචං..
ඇයි බං...
හෙට කෙල්ලව අන්දන තැනට ගිහින් දාලා උඹ ඒකිත් එක්කම හොටෙලේට වරෙන්..
හා..කීයටද බං..
‍2.30ට පළයන්..
හා..
යන්තං පැයක් විතර නිදා ගන්න ඇස් දෙක පියා ගත්ත විතරයි..ඇහෙනවා හීන් කෙඳිරියක්..මං බැලුව මේ මොකාද කියලා..බැලින්නං මනමාලයා..

ඇයි බං
මං හෙට බඳිනවා නේ බං
ඔවු බං..ඉතින්..
හෙටින් පස්සේ බොන්න බැරි වෙයි නේ බං..
මං දන්නෑ බං..මං බැඳල නෑනේ..
අනේ චුට්ටක් බොන්න දීපංකෝ..
හුටා..කඳුලුකැට සට සට ගාලා වැටෙනවා..බිම තෙමිල වතුර එකයි..මගේ හිත උණූ වෙලා ගිහින් කඳලු වතුරේ දිය වෙලා යනවා..බලන් ඉන්න බෑ අප්පා..මං දුවල ගිහින් ගෙනාවා මගුලට අරන් තියපු බෝතලයක්..

හප්පා උගේ මූණේ තිබ්බ සතුට..සෝමාලියාවට කෑම අරන් දුන්නා වගේ..එක හුස්මට කෙලියා.මටත් පුලුවනැ මෙව්වා බලං ඉන්න..හප්පා...
ඒ සංග්‍රහයත් ඉවර වෙලා වෙලාව බලපි..කෙළියා..මහ රෑ 2යි..දැන් පලකෝ කෙල්ලව මනමාලි කරන්න..
ඔන්න ඒ කෙල්ලවත් අරන් මනමාලි කරන්න දීලා..එන්න හදද්දි කියපිය තම මල් කුමාරියෝ දෙන්නෙකුත් ගෙනෙන් කියලා..ඕං ඒකත් අරන් ගිහින් දීලා....මං ආවා සුට්ටක් දොයිය පාරක් දාන්න..

ගියා ආයෙත් හෝටලයට.එතන එක විකාරයයි..මනමාලය පොළවෙ පස් කනවා.වැලි මූනේ හැම තැනම..නිළමේ ඔටුන්න ලග තිබ්බ පේර ගහ උඩ. ඌ පැනල මනමාලිට ගහන්න යනවා.වටේ උන් මනමාලයම අල්ලගෙන..හරියට නාට්‍යයක් වගේ..මං ගියා වීරය වගේ..හුටා..මූ ඇද්ද නැද්ද නිළමෙගේ පිහිය මට අනින්න.. ඒක ඇද්ද ගමන් යාර 36ම බිම..ඌ දැන් යට සාය පිටින්..මං නැග්ගා තාප්පේ උඩට..

හති අරින ගමන් අහපි

මොකෝ සීන් එක..

මනමාලි මාරු කරලලු..මේ ඉන්නේ මුගෙ කෙල්ල නෙමේලු..

මල හත්තිලව්වයි එහෙම වෙන්නේ කොහොමද.මංනේ එක්කං ගියේ..එහෙන් මනමාලය දඟලනවා වැඩී කියලා ඌව යට සාය පිටින් ගස් බැඳලා...වැලහින්නක් වගේ ඌ අඩනවා..

මං ගියා මනමාලි ලගට..
මොකෝ සීන් එක..ඔයා මාරු උනාද..
නෑ නෑ..මං එයා තමයි..

වොයිස් එක නන් හරි..ඒත් හමේ පාට තමයි අවුල..අර පොට්ට පාට කෙල්ල රානි මුඛර්ජී වගේ..මටත් ෂුවර් නෑ..ඕනි ගිනිගෙඩියක් වෙන්න මනමාලිගේ අම්ම ලගට ගියා..

මේන් වැඩක්..එයත් අඩනවා හොටු පෙරාගෙන..
ඇයි ඇන්ටි..මේ ඔයාගෙ දුව නෙමේද..
නෑ නෑ වෙන්න බෑ..අවුරුදු 25ක් තිස්සේ හදපු දුව මෙයා නෙමේ..එයාගේ පාට වෙනස්..මගේ දුවට කවුරු ගරි ගුරුකමක් කරල කියලා ඇන්ටි කියපි..

දැන් මොකද කරන්නේ..මටත් දැන් ෂුවර් නෑ..ගියා වේටර් මල්ලි කෙනෙක් ලගට..එයාලා වට්ටක්කා ගෙඩියේ කැටයම් කපන පිහියක් ඉල්ල ගත්තා.. ගියා මනමාලි ලගට.. කැපුවා කම්මුලේ හතරැස් කොටුවක්..සෙන්ටි මීටර් 12ක් විතර ගැඹුරට යනකං හෑරුවා..හප්පා.....දැනුන සතුට..යන්තං පවුඩර් තට්ටුව ඉවර උනා.. ඈතින් පේනවා හරි පාට..පුදුම සතුටුයි..බැලුවා මනමාලය දිහා..ඌ තාමත් ගහේ බැඳලා..

හප්පේ ටෝච් එකක් ගහල අර කම්මුලේ හදපු වල ඇතුලෙන් පාට පෙන්නලා යන්තං ඌව ෂේප් කරගත්තා.දැන් ඉතින් වහපන්කෝ අර වල..මොකෝ මං ගාව පවුඩර් තියනව කියලයැ..ගියා කෑම මේසේ ලගට..ගත්තා තම්බපු බිත්තර කහ මදයක්..ඇනුවා බටර් එක්ක..හදපු තලපේ ගෑවා මුණේ වල වැහෙන්න..කොහොමද ටිකිරි මොලේ.. හරි ඒ මගුලත් හරි..මැස්සෝ වහන ගත්ත එක තමයි අවුල.මොනව කරන්නද මල් ‍පොකුරෙ තිබ්බ සුදු රෝස මලක් ගැහැවා ඒ වහපු වලේ..දැන් නිකං මල් නැන්දා වගේ..මනමාලි එක විකාරයයි.මල් හතර අතේ..අරූත් ආයෙත් යාර 36 ඇදගෙන ආපි.මට බෑ තවත් මෙව්ව බලං ඉන්න..

ඈත කොනක තිබ්බ පුටුවක් උඩ ඉදගෙහ හිස් වෙච්ච වීදුරුවකට මොනවද දාගෙන ඉවර කරන්න හදද්දී මට ඈතින් ඇහුනා කෙල්ලෝ දෙන්නෙක් කථා වෙනවා

බලපංකෝ මනමාලි දිහා..අලුත් පැටර්න් එකක් නේද..මාත් මගේ වෙඩින් එකට මෙහෙම අඳිනවා..

හලේ.මං කොහොමද මෙව්ව අහගෙන සිහියෙන් ඉන්නේ...එක හුස්මට හිස් කරා මුලු වීදුරුවම.

37 comments:

  1. ඈ බොල පතයෝ.. උඹ දැන් මනමාලියන්ටත් අන්දනවද?

    මං කෝල් කරපු වෙලේ තේරුණා හොදට අවුලක් කියලා. හික් හික්. උඹට මතක නැතිවත් ඇති. හෙහෙ.

    හැබෑටම මනාලයා ඔච්චර සිරා බුවෙක්ද බං

    ඒකත් ජය සිරි මංගලං කිවුවලු.

    ReplyDelete
  2. අඩේ මාරයි බං.....සෑහෙන කාලෙකට පස්සේ උබෙන් සිරා ෆන් නිර්මාණයක් රස වින්දා හද ගිලෙන සිනා සාගරයක්. වැඩක් නෑ කියලා ෆන් තමයි. වෙනදා වගේ වැහිබර වලාකුළු ගහන කදුළු කථාවක් වගේ නෙවෙයි මේක. නේක වර්ණයන්ගෙන් ආඩ්ය්‍ය වූ දේදුණු රැසක් පායපු මල් හතේ අහසක් වගේ සිරා ෆන් නිර්මාණයක්.

    ReplyDelete
  3. හෙහ් හෙහ් හෙහ්...පීසුම කෑල්ල මේක තමා...
    " මූ ඇද්ද නැද්ද නිළමෙගේ පිහිය මට අනින්න.. ඒක ඇද්ද ගමන් යාර 36ම බිම.."
    එල ලියුම...යවපන්කෝ මල්ලී බලන්නත් එක්ක පත්තරේකට...! නියමයි..!

    ReplyDelete
  4. එළම කිරි පෝස්ට් එකක් පසන් මලේ . . .නියමෙනුත් නියමයි .. . හිනා කාලා මැරෙනවා තව පොඩ්ඩෙන් . . . !

    ReplyDelete
  5. මේක හීනයක් එහෙම නෙමෙයි නේද? :-D

    ReplyDelete
  6. සුපිරි මචං.....................!!

    ReplyDelete
  7. යකෝ ලේ පිරිසුදු කරන එක පිණක්.....
    අද වගේ පෝය දවසක කරගත්තා වු මේ පුණ්‍ය කර්මය හේතුකොටගෙන මේ පෝස්ට් එක ලිව්වාවු මේ (සැදැහැවත්) උපාසක මහතාගේ සතුට නීරෝගී සුවය රැදෙන්න කියලා සාදු කරයක් දෙන්න....

    සාදු සාදු සාදු...!!!

    ReplyDelete
  8. Wow! nice aa male. Thawa liyahan. Honda anagathayak thiyanawa. fitma thama

    ReplyDelete
  9. මෙක කියවලා මට් අහිනායනවා ඔයි මාරම මාරයි බන් සිරා..කියන්න් වචන නෑ උපරිමයි..

    ReplyDelete
  10. යකෝ පසන් කොල්ලා නියමයි නෙව...

    යකෝ ගම්පහත් ආපු එකේ මටත් කිවුවනං මං බොලාව අන්දනවනේ මනාලයා කොරලා..එතකොට අරූට දුක් වෙන්න දෙයක් නැහැනේ..
    අනික ඉතින් බැන්දේ ඌ උනාට බර අනික් හැම දේම කොරලා තියෙන්නේ තෝ නෙව..හික්...

    ReplyDelete
  11. maxxxxxxxxxxxxxxxxxxa..

    ReplyDelete
  12. නියමයි.. කියන්නේ Maxxxa........

    ReplyDelete
  13. super pasan............
    niyamai...............:D

    ReplyDelete
  14. Kathava nam Supiri Pasano....... :D :D

    ( Pabalu)

    ReplyDelete
  15. හැකැස්! මළ වෙඩිමක් නේ..

    ReplyDelete
  16. මේක නම් නියමයි..!!
    :)

    ReplyDelete
  17. යකෝ.... හනිමූන් එකට වෙච්ච දේ ගැන නොකිව්වේ මොකෝ.....

    ReplyDelete
  18. සෝයි කතන්දරේ පසන් මලේ.... :) මට තාම හිනා.... ඈඟ කිලි පොලන ත්‍රාසජනක ජවනිකාවක් වගේ.... හිකිස්... හලේ... ඈති යන්තන් ටිකක් දුක හිතෙන කතා වලින් මිදිලා මේ වගේ එකක් ලිව්වා... හොඳ මල්ලියා :)

    ReplyDelete
  19. හසී /

    හික් හික්..ස්තූතියි ඇවිත් ගියාට..

    ගයාන් තාරක /

    ඔවු ඔවු.. මනමාලය සිරා බුවෙක් තමා....ස්තූතියි ඇවිත් ගියාට

    ReplyDelete
  20. ගීත් (සහෘදයා) /

    අම්මෝ.. උඹෙ වර්ණනවාව...ස්තූතියි ලස්සන වර්ණනාවට...

    තිස්ස අයියා...

    හප්පා..කොමෙනටුව දැක්කත් සතුටුයි..ගොඩක් ස්තූතියි ඇවිත් ගියාට....

    ReplyDelete
  21. නසරාණියා /
    ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    දුමී/
    දුමී අයියා..සතුටුයි මේ පැත්තට ඇවිත් ගියාට..ගොඩක් ස්තූතියි

    ReplyDelete
  22. ම/
    යකෝ මං දකින හැම දෙයක්ම හීනද බං..හික් හික්.. ස්තූතියි ඇවිත් ගියාට

    සෝරෝ /
    ස්තූතියි මචං ඇවිත් ගියාට...

    ReplyDelete
  23. ෴ හසියා ෴ /
    හික් හික්...තැන්කූ හසියෝ ඇවිත් ගියාට...

    wathsala /

    තැන්කූ අක්කේ...

    ReplyDelete
  24. ඉලංදාරියා /
    පරිස්සමින් හිනා හිරවෙයි..හික් හික්...ස්තූතියි මචං..

    මාරයාගේ හෝරාව/
    හික් හික්..එහෙම තමා යාලුවෝ උනාම..උදවු කරන්න ඕනිනේ... ස්තූතියි අයියේ මේ පැත්තට ඇවිත් ගියාට...

    ReplyDelete
  25. Anonymous/
    නමක් එහෙම කියල යනවා නන් සතුටුයි..ගොඩක් ස්තූතියි ඇවිත් ගියාට..

    charmi/

    ස්තූතියි ගොඩක්. මේ පැත්තට ඇවිත් ගියාට....

    ReplyDelete
  26. Anonymous/
    ස්තූතියි..ඔයාවනන් ඉතින් දන්නවනේ හික් හික්....

    පබුලු/

    මේ මොකද ඇනී කෙනෙක් වෙලා..කම්මැලිකමනේ...හික් හික්.. ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට....

    ReplyDelete
  27. ෆා /
    හැකැස්....මේක නන් මලවෙඩිමක්ම තමා..හික් හික්..තැන්කූ ඇවිත් ගියාට....

    Ansh Lucky Sri Jay/
    තැන්කෝ ..අන්ශෝ........

    ReplyDelete
  28. අභීත /
    දෙන්නං දෙන්නං..හනිමූන් ගැන දෙන්නං..එතකං හිටින්නකෝ...හික්ස්..

    ජීවිතේමල් /
    තැන්කූ දිල් අක්කේ..........

    ReplyDelete
  29. ඕයි පසනෝ මම තව පොඩ්ඩෙන් ගෙදර ඔපීසියේ ඉඳගෙන මේක කියෙව්වේ . .

    හිනා වෙන්නේ මොකෝ කියලා ලොක්කට පෙන්නන්ට කියලයැ. .

    එල පෝස්ට් එක බන්z . .

    මැරෙන්න හිනා වුනා

    ReplyDelete
  30. ෆට්ට බන් මේක කියෙව්වේ පස්සේ .......

    ReplyDelete
  31. පසන්ගේ අමුතුම මානයකට ලියැවුනු ලියැවිල්ලක්.......මෙහෙම එව්වා හිතන්නේ කොයි වෙලාවටද අප්පා ...

    ReplyDelete
  32. හපොයි බොල හිනා කාල නහිනව නොවැ.... උපරිමයි... ලිපිය නම්.. ආයේ කියන්න දෙයක් නැත...

    ReplyDelete
  33. කතාව නම් හෙනම පට්ටය. කියන්නට කිසිම වැරද්දක් නැතිය.

    සිරාවටම ලොවෙත් නැති කතාව බං. එළම කිරි.

    ReplyDelete
  34. පසනා උඹ හොඳට කොනිත්තගෙන බැලුවද ඔය දැක්කෙ හීනයක් නෙමෙයි කියලා.. සුපිරි කතාව

    ReplyDelete
  35. pissu hadenawane ban. meka kiyawala dawas ganak hina unaki. :D :D :D

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...