Thursday, November 11, 2010

මේ මගේ සිතද..සිතන්නට අවැසි නැත..

බෝඩින් කාමරය අසල ඇති පිහිඹියා ගස අතරනින් පොළව මත වැටුන මලහිරු එළියෙන් සිත්තම් උණ ඝන සෙවැනැලි මිදුල මත සිත්තම් අදින්නට විය.එය දෙස බලා සිටියෙමි.කාමරය තුලට යාමට සිතකු නොමැත..බංකුව මත හිද ගැනීමට සිතුවද වෙහෙසකර දිනක් නිසාවෙන් දෙපා රිදුම් දෙන්නට විය.අවුල් ගිය මනසකට සමානව අපිළිවෙල අරක්ගත් කාමරයතුල වෙහෙසකර බව තවත් වැඩිකරන්නක් විය.

"මල්ලී..මෙන්න ලියුමක් ඇවිත්."

බෝඩිමට හිමිකාරියක වන කවදත් සොයුරකුට මෙන් මෙන් සලකන අක්කාගේ කට හඩින් මනෝ ලෝකය බිදි ගියේය.අත් අකුරු ඇයගේමය..වෙවුලන දෑගිලි වලින් විවෘත කර බැලිමී..

දෙවියනේ..මෙය ඇයගේ මංගල ඇරයුම් පතයි..ඇයගේ සිහින ඉටු වී ඇත..පුටුව මත හිද ගත් බවක් මතක නැත..නමුදු මා පුටුව මත හිඳගෙන අවසානය..නැවතත් කියවා බැලීමි..මේ ඇයමය.පෙර දින මා සැනසු පපුතුරක හිමිකාරියයි.

ඇය ජීවිතය ජයගෙන ඇත..මා පැතු සියලු දේ තවම අතරමග නැවතී ඇත.රිදුම්දෙන ජීවිතය කරපින්නාගෙන තව බොහෝ දුර යා යුතුය.සහයට කවුරුත් නැති බව මා දනිමි.දරාගත නොහැකි සියුම් වේදනාවකින් මා හිත රිදුම් දෙන්නට විය..මා මිය ගියා නන් යැයි අනේක වාරයක් සිතා ඇත..මේසය මත හිස තබා ගත් මා අසල ඇති කොළයක් මත පැන්සලක් දුවවන්නට විය..මෙය මගේ සිතද..මා නැවතත් හෙට හිනැහෙයිද.සිතන්නට අවැසි නැත..මා දෙනෙත් පියා ගතිමි...

ජීවිතය
පැතුම් පොදි අත දරාගෙන
ඇත අනන්තය මත ඇදි
ලස්සන සිතුවමක් සොයා ගෙන
පිය නැගුවෙමි
පැතුම් පොදි කරපින්නා ගෙන
රන් තරු වලින් සරසා ගත්
නිල්වන් සේද ඇතිරූ පාවඩ මතින්
පියමං කෙරුවෙමි
අනන්තය තව බොහෝ දුර ඇත...
රිදුම් දෙන විඩාපත් පා යුග දෙස
නෙත් යොමා බැලිමී.........
පාවඩත් නැත..අදුරට එළියක් වූ රන් තරුත් නැත..
අනන්තය මත ඇදි සිතුවම එලෙසමය..
විඩා හරින්නට වීමී...
තව බොහෝ දුර යා යුතුය..
දෙපා වාරු නැත..තනිකමට හුන් නුඹද නැත...
නැවතත් නැගිට සිටීමට හැකි දැයි නොදනිමි..
දෙනෙත පියා ගතිමි වෙහෙස නිවන්නට..
දෙනෙත් යළි හිරු එළිය
දකින්නට පිං කර ඇති දැයි නොදනිමි

4 comments:

  1. හුම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    මෙහෙම කියලා ජිවිතෙ අතරින්න පුලුවන්ද බන්...
    නිගිට්පන්....ජිවිතය අයෙත් විදින්නට..

    ReplyDelete
  2. පැතු දේ පැතූ ලෙස ඉ‍ටුනොවෙනා හන්දා
    ඔබ මෙන් බොහෝ අය මේ දුක අත් වින්දා
    පිළිතුර ප්‍රශ්නයෙම හැංගී ඇති හින්දා
    නැගිටිනු! පියනඟනු! හෙට ඔබගේ හන්දා

    ReplyDelete
  3. harima lassanata liyala...namuth dukbarai!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...