
අද දවසෙම කම්මැලි කමේ ඉද්දි බ්ලොග් කියවන්න ආවා.. එතකොට ගොඩක් අය ලියලා තිබ්බ ලිපි දැකලා මටත් හිතුනා මං ගැන පෝස්ට් එකක් ලියන්න.. මේක කියවලා ඔයාලට හිනා යයිද දන්නෑ.. ඒත් හිනා නොගියට කමක් නෑ.. හැමෝටම ලියන්න පුලුවන් නන් තමන් ගැන ඇයි මට විතරක් ලියන්න බැරි නේ..
හනේ.. ඒ සිද්ධිය මතක් වෙනකොටත් මට හිනා යනවා අප්පා..
ඒ කාලේ මං හෙන පොඩි.. මොකද ඉස්කොලෙ යන කාලෙ අපි කොහොමත් පොඩි නේ..
ඔයාලට මතකද ඒ කාලේ අර ලොකුවට නත්තල් ගස් හදනවා.. මන් දන්නෑ ඔයාලට මතකද කියලා.. හැබැයි මට නන් එහෙම නත්තල් ගහක් ගැන පොඩ්ඩක් වත් මතකයක් නෑ..මොකද මං එහෙම ගහක් දැකලා නැති නිසා..
ඉතින් ඔය නත්තල් ගහ මට මතක් උනේ ඇයි කියලා ඔයාලා දන්නෑනේ.. අපි හැමෝම දන්න විදිහට නත්තල් ගස් හදන්නේ නත්තල් කාලෙටනේ.. ඉතින් නත්තල් කාලෙ කියන්නේ දෙසැම්බර් වලටනේ..ආයෙ මේක බලන බොලා වගේ ඔටුවලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ මේ දෙසැම්බර් මාසෙ කියලා.. ඉතින් මට නත්තල් ගහ මතක් උනේ ඇයි කියලා බොලාලට හිතා ගන්න බැරි නන්.. හයියෝ.. සික්.. මැට්ටො ටිකක්..
හරි.. දැන් ඒ නත්තල් ගහෙන් වැඩක් නෑ.. ඔන්න දැන් ආයෙත් අපි කතාවට යමුකෝ.. ඉතින් මං කිව්වනේ මං ඉස්කෝලෙ යන කාලේ හරි පොඩියි කියලා.. ඔන්න මං දවසක් ඉස්කොලෙ නිවාඩුවට ගමේ ගියා.. අපි හෙන හද්ද වන්නියේ.. අපේ ගමේ තිබ්බෙ අපිට ඉන්න පොඩි පොල් අතු පැලක්.. ඒත් ඉස්සර ඒකෙ වහලෙට පිදුරු දාලලු තිබ්බේ.. ඒත් මට මතක කාලෙ ඉදන් වහලෙට දාල තිබ්බෙ පොල් අතු.. සමහර විට අපෙ අම්මා මට බොරු කියලා වෙන්නැති නේ..
ඔන්න ඉතින් ආයෙත් කතාව ඇ.. ඉතින් මං ගමේ ගියානේ.. මං ගමේ ගිහින් සෙල්ලං කරන්න හරිම ආසයි.. කුඹුරේ ගොයම් කපන කාලෙට නන් ගොයම් කොලේ උඩ සෙල්ලං කරන්න පට්ටම ආසයි.. පස්සෙ ඇඟ කසන්න ගත්තම වෙලේ ලිදට ගිහින් නාලා .. හඳ එළිය වැටුනම නියර උඩින් ඇවිදගෙන එන්න තියනවා නන් හිතට තාමත්ආස හිතෙනවා..
ඔන්න ආයෙත් කතාව.. ඔන්න දවසක් අපෙ මාමල බොන්න සෙට් වෙලා.. ගමේ තියනවා බ්රැන්ඩ් එකක් ඒකට එයාල කියන්නේ " ඇති හිටියා " කියලා.. සමහරු "රවුන්ඩ් අප්" කියලත් කියනවා.. ඒකට ඇති හිටියා කියන්නේ ඒකෙන් ෂොට් දෙකක් දැම්මම ඔලුව රිදෙනවලු.. ඉතින් සෙට් උන දැන් ඇති හිටියා කියලා නැගිටලා යනවලු.. අන්න ඒ නිසයි ඇති හිටියා කියන්නේ.. ඔන්න දැන් අපේ මාමලත් බොන්න සෙට් වෙලා.. එයාලා සෙට් වෙන්නේ අපේ ගමේ තිබ්බා පනං දොල කියලා දොලක්.. ඒ දොල ලග තමා කස්ටිය සෙට් වෙන්නේ.. මාත් ඉතින් ඉදලා හිටලා දැන් සෙට් උනාට ඉස්සර පොඩි එකා නොවැ.. මොනවා උනත් මං නන් කියන්නේ සෙට් වෙනවා නන් සෝඩා තමා.. ආයේ කොක් වගේ එව්වා බීව්වම සුගර් වැඩි වෙනවා කියන්නේ.. අනේ මන්දා අප්පා ඔව්වා නන්.. ඔය රට්ටු කියන කතානේ. ඉතින් ඔන්න එදා දොල අයිනේ මාමල සෙට් වෙලා බිව්වා හරිද.. ඉතින් එයාල බිව්වම බොලාට මොකෑ.. අහවල් දේකට කට ඇරන් තවත් බලං ඉන්නවද මන්දා..
ඉතින් මං ගමේ ගියා කිව්වනේ ඔයාලට.. ඔන්න මං ගමේ ගිය හැමවෙලේකම ආපහු ගෙදර එනවා.. මොකද මං ඉස්කොලෙ ගියෙ මෙහෙනේ.. ඉතින් මං ගෙදර එන්නැතුව බෑනේ.. අනේ මන්දා බොලාලත් මොනවා හිතාගෙන මෙව්වා බලනවද කියලා..
ඔන්න ආයෙත් මගේ කතාව..
මං දැන් කිව්වේ මං කෝප්පෙන් වතුර බිව්ව හැටිනේ.. ඔන්න දවසක් අපේ ගෙදරට අලුත් කෝප්පයක් ගෙනාවා.. ඔවු.. ඒකෙ ලස්සන පිංතූරයක් තිබ්බා.. මං තමයි ඒක තෝර ගත්තේ.. ඒක ගේන්න ගිය විදිහත් හරි ශෝක් අප්පා.. මං එදා තනියෙක් කඩේට ගිහින් එතන තිබ්බ කෝප්පයක් අරං සල්ලි දීලා අරගෙන ආවා.. වෙන ගේන්න විදිහක් තිබ්බෙ නෑනේ..
ඉතින් දැන් ආයෙත් කතාවේ අන්තිම ටික.. කෝප්පෙ මං ගෙදර ගෙනහැල්ලා.. ඒක ඉස්සල්ලම සබන් දාලා හේදුවා.. ඊට පස්සෙ උණු වතුරෙනුත් ටිකක් හොදලා.. වතුර එකක් පුරවලා ගත්තා කොප්පෙට.. ඊට පස්සේ.. ඉතින් බොලාල වතුර බොන විදිහටම මාත් ඒක බිව්වා.. ආයෙ මට කියලා වෙනස් විදිහකට බොන්න බෑනේ..
හලේ.. සංසාරේ..................
වටින ලිපියක් ඇත්තටම වැදගත් ආදර්ශයක් ලැබෙන ලිපියක්..
ReplyDeleteසංසාරේ.................
ReplyDeleteamila chathuranga /
ReplyDeleteගොඩක් ස්තූතියි අමිල.. මං මේ ලිපිය ලියන්න ගොඩක් පරීක්ෂන කරා.. ඔබගේ අගය කිරීමට මට සතුටක් මිත්රයා...
Soda ගුනේ /
ReplyDeleteසංසාරේ තමා බං. හලේ.. මයෙ දෑසට මෙව්ව බලන්න උනානේ...
නියම කතාව පසන් අයියේ! කැමති කට්ටියට දැන් තොප්පි දාගන්න බැරියැ! :D
ReplyDeleteමෙවැනි සාර ගර්භ කරුණු රාශියක් ඇති ලිපියක් ලිවීමට සිතක් පහල වීම ඉතා උසස් කොට සලකමි. ඇත්තටම ගොඩාක් කරුණු දැන ගත්තාලිපිය කියවීමෙන් පසුව. මගේ බුද්ධියේ නිම් වළලු සියල්ලම පුළුල් වූවා යැයි හැඟේ. ඒ පිළිබඳ මගේ ප්රණාමය !
ReplyDeleteමම බැලුෙව් මුඛය කියලා ෙවන මුඛයකින්වත් බිවුවද කියලා. නැහැ අපි ෙබාන මුෙඛන්ම තමා බීලා තිෙයන්ෙන්. හරි අවුලක් නෑ.....
ReplyDeleteවටිනා ලිපියක් මල්ලි... දිගටම ලියන්ඩ.....
ReplyDeleteපෂා . . මම උඹට ආචාර කරනව මචං මේ තරං සාරගර්භ ලිපියක් කියල මගෙ බුද්ධියේ නිම්වලළු නොහිතුව පරිදි පුළුල් කරගැනීමට සලැස්සුවට . . . ඇත්තටම කොච්චර පුළුල් උනාද කීවොත් මම මේක කියවන්න වාඩි උන පුටුවෙං නැගිටගන්න බැරි උනා නිම්වලලු හිරවෙලා පුටු ඇඳි දෙකේ . . .
ReplyDeleteකාලෙකින් ඵලවෙන වර්ගයේ සාරවත්, පිරිපුන් ලිපියක් . . . ඇත්තටම මේ වගේලිපි ලියවෙන්නෙ බුදුන් පහල වෙනව වගේ කාලාන්තරයකින්. මට ඒ අතින් උඹ ගැන ආඩම්බරයි . . .අද මම ඉස්කෝලෙ සහ කැම්පස් ගිහිං ඉගෙනගත්ත අවුරුදු 17ම ඉගෙනගත්තට වැඩිය දේවල් ඉගෙනගත්ත උඹේ මේ ලිපියෙං . . . .
සා සා නියමයි ඈ.....
ReplyDeleteනියමයි.......! :D :D hikizzzz
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේකේ මොකුත් නෑනේ බං ඇන්තිමට බැලුවහම?????
ReplyDeleteඅනේ මංදා බං..මාත් ලියන්නේ ඔහොම තමා වැඩි වෙලාවකට...ඒත් ඒකේ ඇති වරදක්නං මට පේන්නේ නැහැ..මොකද මට හිතට එන..කියැවෙන දේ එපෑ මං ලියන්න..ආයේ නැතිව මං අත පත නොගාපු දේවල් ගැන මං මොනවා ලියන්නද..?වෙනසකට තියෙන්නේ උඹ කල්පනා කර කර ලියනවා මං ඔහේ ලියාගෙන යනවා...බලන අය බලනවා..සමහරු පැත්ත පළාතේ එන්නේ නැහැ...සමහරු කමෙන්ට් දාලා යනවා..සමහරු ආයේ එන්නේ නැහැ කියලා හිතාගෙන යනවා.. සමහරු මේ මොනවද ලියන්නේ ආයේ නං එන්නේ නැහැ කියලා ඇවිත් හොරෙන් බලනවා..ඔහොම තමා බං සංසාරේ...
ReplyDeleteමොනවා උනත් අපේ ඔබා මාමා කරනවා වගේ පඳුර වටේ තැලීමනන් හරි ලස්සන වැඩක්..ඒකටත් හැකියාවක් ඕන..එහෙම නැතිව මං ගෙදර ආවා..නෑවා..කෑවා..දැන් මට කමෙන්ට් කරන්න කියලා කිව්වටනං කවුරුවත් කමෙන්ට් එකක් දායි කියලා මං හිතන්නේ නැහැ...ඒත් කතාව අස්සේ කතාවක් යන ක්රමයට ලියැවෙන බ්ලොග්නං මම හොයලා බලලා අනිවා කියවනවා..ඒ වගේම ඕනවට වඩා අමාරුවෙන් තමන්ටත් නැති අත්දැකීම් තමන්ගේ වගේ කරගෙන මහප්රාණ වලින් ලියන ඒවනං කියවන්නේ අහම්බෙන් වගේ තමා...
කොහොම උනත් මේ ලිපියෙත් මට ආස තැන් හුගක් තිබුනා...විශේෂයෙන් "ඇති හිටියා" කතාව..ඔය වගේම ජාති තව තියෙනවා...අර "බැරිම තැන" කියලා බනිස් ජාතියකුත් තියෙන්නේ..කෂියා වර්ගවලටනං ඔහොම නං කොච්චර තියේද..ඒ හැම නමක් පස්සෙම මොනවා හරි කතාවකුත් තියෙනවා...
අනිත් කතාව පොල්අතු පිදුරු කේස් එක...පිදුරු හෙවිලි කරපු ගෙවල් මමත් බොහොම අතලොස්සයි දැකලා තියෙන්නේ මගේ බාල කාලේ අහල පහල ගම්වල..ඒත් පොල් අතු ගෙවල් වගේම පොල් අතු බැඳිළි වලටත් මං ගෙහුන් තියෙනවා ඉස්සර..මට උඹ ඔය කතාව කියන කොට අමුපොල් කොල මිටිය තවපුවාම එන සුවඳ මතකයට ආවා...
ඔන්න ඔහොමයි ආ ගිය කතා උනත් අපිට බලපාන්නේ..මොකද ඒ අස්සෙන් අපිට අපේ කතාව මතක් වෙන එක...
ලිපිය හොඳයි...
කොලවෙරි ඩා!!!
ReplyDeleteකොහේද ඉන්නේ කියහන් අයියේ ඇවිත් බෙල්ල මිරිකලා මරලා දන්න... හික් හික්.. ඇයි යකෝ... මෙහමත් අපිව හිනස්සන්න ලියනවද.. මේ තියෙන මහත අඩු කර ගන්න බැරිව ඉන්නේ තව හිනස්සලා මාව මරන්නද බොලා හදන්නේ :D :D:D
ඔයාගේ බ්ලොග් එක ටිකක් කියවන්න අමාරුයි ෆොන්ට් එක අදුරු පාට නිසා.පොඩ්ඩක් ඒක හැදුවොත් හොදයි නේද? :-)
ReplyDeleteමරු මරු...
ReplyDeletepatta siraa ...
ReplyDelete-Pabalu -
සිරාම ලිපියක් ඈහ්....:))))
ReplyDeleteඅම්මප මුට පිස්සුද නැත්තම් අපිට පිස්සුද?
ReplyDeleteහප්පේ හිනාව නවත්ත ගන්න බෑ .....
ReplyDeleteමාත් දැන් වතුර බොන්නේ ඔය විදියට....:D:D:D
ReplyDeleteකුජීතයි :-D
ReplyDelete// කුඹුරේ ගොයම් කපන කාලෙට නන් ගොයම් කොලේ උඩ සෙල්ලං කරන්න පට්ටම ආසයි.. \\
ReplyDeleteයකෝ ගොයං කොළේ උඩ උඹ නැටුවා...
උඹ දැනුත් බීල නේ ද ඉන්නේ.... :D
මේ විදිහට වතුර බීලම බලන්න ඕනෙ :D
ReplyDelete"කෝප්පෙ මං ගෙදර ගෙනහැල්ලා.. ඒක ඉස්සල්ලම සබන් දාලා හේදුවා.. ඊට පස්සෙ උණු වතුරෙනුත් ටිකක් හොදලා.. "
ReplyDeleteකතාවේ හරවත්ම කොටස :)
'මං එදා තනියෙක් කඩේට ගිහින් එතන තිබ්බ කෝප්පයක් අරං සල්ලි දීලා අරගෙන ආවා.. වෙන ගේන්න විදිහක් තිබ්බෙ නෑනේ..'
ReplyDeleteඒ කියන්නේ මෙයි වෙන බඩු වෙන ක්රම වෙලිනුත් ගේනවා නේ.
මේ කතාවයි, අද චාමී rear gate එකේ ලියපු ලිපියයි අතර ගොඩක් සමාන කම් තියෙනවා!
ReplyDeletehttp://reargate.blogspot.com/2011/12/blog-post_04.html
මං හිතන්නේ මගේ සඳ හි පලවූ හොදම ලිපියක් මේක!
ReplyDeleteපූසා /
ReplyDeleteකැමති අයට තොප්පි දාන්න මං තොප්පි විකුනන්නෑ බං.. හික්ස්...
Weni /
වෙනී අයියා.. බොහොම ස්තූතියි මේ වගේ මහන්සි වෙලා ලියපු ලිපිය අගය කරාට..මොනවා උනත් වැඩිය ඔය වලලු පුලුල් කරගන්න එපා ඇ.. :-D
ගීත් (සහෘදයා)/
බොලාලට හරි ගියාම.. දැන් මල්සරාවත් අමතක කරලා.. අපිවත් අමතක කරලද යකෝ.. :-D
charmi /
ස්තූතියි අයියා.. මේ වගේ දිරිගැන්වීම් තියෙද්දි දිගටම ලියන්න ආස හිතෙනවා.. :-D
උඹත් අර අනිත් බ්ලොග් ලියන උන් වගේමයි බන්....:D:D:D:D:D
ReplyDeleteඕනයා /
ReplyDeleteඋඹ ඉක්කොලෙ ගියාට ඉගන ගත්තෙ නෑ. කැම්පස් ගියාට ඉගන ගත්තෙ නෑ.. නිකං කාල බීලා අලයා වගේ හිටියා... දැන්වත් අපි කියන දේ අහලා හැදියන්.. මෙව්වා හිතට අරගෙන ඔය වලලු ටික පුළුල් කරගනින්කෝ..:-D
හසී /
තැන්කූ තැන්කූ ඇ..:-D
Nushi /
තැන්කූ නුසී....:-D
මාරයාගේ හෝරාව /
හලේ මාරය අයියා.. මං මෙව්වා හිතල ලියන්නෑ හප්පේ.. අනික මේච්චර සිරියස් ගන්න එපා අයියා මං ලියන එව්වා.. මං මේ හිතට ආපු දෙයක් ලිව්වා විතරයි..
අර පැදුර වටේ තලනවා කිව්වා කතාව නන් තේරුනේ නෑ අප්පා.. හලේ.. සංසාරේ.....:-D:-D
සුදු හංසි /
ReplyDeleteමොකක්ද බං කොල වෙරි කියන්නේ.. දැන් සීතලට බොන්න ගත්තද ඇ.. එපා යකෝ බොන්න.. මං වගේ හැදියන්..
හලේ.. උඹ කෙට්ටු වෙන්නම හදන එකීනේ.. මගෙ කට ඉතින්..:-D
Rajith/
හරි රජිත්.. මං ඒක හදන්නං.. ස්තූතියි මචං..:-D
prasanna86k /
තැන්කූ තැන්කූ..
Anonymous නොහොත පබූ..
මොකද බොල කම්මැලි වෙලා ලොග් වෙන්න.. :-D
නිසුපා /
තැන්කූ ඇහ්..:-D
මහිම මදුරංග /
අපිට අපිට බං.. අපිටයි පිස්සු..:-D
ඔබ නොදුටු ලොවක්..... /
කොහොම හරි හිනාව නවත්ත ගන්න බලපං ඇ.. ඔන්න අපි දන්නෑ ඕං..:-D
Podi Kumarihami /
ReplyDeleteආහ්.. පොඩ්ඩි.. ආවද මේ පැත්තේ.. හිටින්න ඩිංගක්.. කහට උගුරක් බීලම යන්ට.. හොද කිතුල් හකුරු වගයකුත් තිබ්බා ගෙදර.. ඕං ඔහෙන් ඈදිගත්ත නන් ඇ...
ස්තූතියි ආවට මේ පැත්තෙත්..:-D
ම /
සික්.. කියලා වැඩක් නෑ මරේ.. කුජීතයි..:-D
සෝරෝ /
කෑගහන්න එපා බං.. ඔව්වා කිව්වම රට්ටු දන්නවනේ මං බීලා කීලා.. කටපියන් හිටු ඇ..:-D
හරී - පිණිපළස /
හැහ්.. බලන්න බලන්න.. මේ විදිහට වතුර බොද්දි වතුර රසා...යි.. :-D
Hasitha/
අන්න මලේ.. උඹ විතරයි වැදගත් දෙයක් තේරුන් ගත්තේ.. සංතෝසයි මචං මගේ මේ කතාවේ හරය තේරුන් ගත්ත එකට..:-D:-D
බට්ටි /
ආහ් බට්ටි... හලේ සංසාරේ.. තව ක්රම තියනවා බට්ටියේ. ඔයා කල්පනා කරල බලන්නංකෝ..ස්තූතියි ආවට මේ පැත්තට..:-D
කතන්දර Kathandara /
කතන්දර අයියා.. ගොඩක් ස්තූතියි අගය කිරීමට..
නිශ් /
වෙන මොනවා කරන්නද බං.. අපිත් රට යන අතට යන්න ඕනිනේ..:-D:-D
මේවා කියවලා ඔෆිස් එකෙන් ගෙදර යන්නයි වෙන්නෙ.. අහල පහල ඉන්න එවුන් අහනවා පිස්සුද කියලා..
ReplyDeleteවෙලාවට මම මුලින්ම කියෙව්වේ අන්තිම ඡේදේ!! හික්ස්...උඹ ලියන කතා අග ඉඳන් මුලට කියවන එක හොඳයි වගේ!!! මොනාඋනත් සෑහෙන්න වටින ලිපියක්.මාත් යනව කෝප්පයක් ගන්න!! ගෙදර එන්නේ කලාතුරකින් නිසා මගේ කෝප්පේ පොදුජන වෙලා දැන්!!!
ReplyDeleteප.ලි. : කෝප්පෙන් වතුර බිව්ව හැටි කියල උඹ දාල තියෙන්නේ වීදුරුවක්නේද??? අලේ මල් ලල්ලේ ලෑ!!!!
ReplyDeleteමටනම් මේ වගේ කතාවක් ලියන්න තියා හිතන්නවත් බැරි තරමට ඉතාතාතාතාතාතා හරවත් කතාවක් පසනා. සුබ පතනවා දිගු ගමනක් යන්න.
ReplyDeleteNIYAMAI ... ANE WASANAWAN
ReplyDelete