අපි හැමදාමත් බ්ලොග් වල මොනවා හරි විකාර ටිකක් කියනවා.. මගේ යාලුවොත් මට බනිනවා රටට වැඩ දායක දෙයක් ලියපං කියලා.. මං දැක්කා අපේ කෙහෙල් කොටුවෙ චූටි මහත්තයටත් රට්ටු දොස් කියලා තිබ්බා රටට වැඩ දායක දෙයක් ලියන්නෑ කියලා..මං හිතුවා ඔන්ලයින් ලෝකෙට හිර වෙච්ච අපෙ තරුණ පරපුරට වටිනා කියන ඉවුම් පිහුම් පාඩමක් කියලා දෙන්න.දැන් මාරය අයියා.. වෙනි අයියා.. කතන්දර අයියා.. ඔබා අයියා ඔය උයන හැටි කියා දුන්නට එයාලා සමාජ ප්‍රශ්න ගැඹුරින් විග්රහ කරලා නැ කියලයි මට හිතෙන්නේ...
බොරු නන් ඔයාලම හිතලා බලන්න නැන්දම්මා කෙනෙක් ලේලිට බනිනවා අහලා තියනවද
නොදෝකින්.. මේ ගෑණිට ඉස්සො ඩෙවල් එකක්වත් දාගන්න බෑ
මේ ගෑණිට ඉඹුල් කිරිබතක් හදා ගන්න බෑ
මේ ගෑණිට බීෆ් ඩෙවල් දාන්න බෑ කියලා........
නෑනේ.. නැන්දම්මා උනත් ලේලිට බනින්නේ
මගෙ පුතා ගෑණියෙක් ගෙනාවට ඒකිට බිත්තරයක් වත් තම්බ ගන්න බෑ කියලනේ..
ඉතින් මාත් හිතුවා එහෙම බැනුන් අහන අය වෙනුවෙන් නිවරැදිව බිත්තරක් තම්බ ගන්න විදිහ කියලා දෙන්න..
හරි.. දැන් වැල් වටාරං ඕනි නෑනේ.. අපි මුල ඉදලා ඉගන ගම්මු පාඩම..
අපි ඉස්සල්ලම බලමු උවමනා කරන අමුද්‍රව්‍ය
*හොදින් සෝදා ගත් බිත්තර දෙකක්
*වතුර කෝප්ප 4.25 ක්
* බිත්තර දෙකක් සහ වතුර කෝප්ප 4.25 ක් දැමීමට හැකි බඳුනක්
*ලුණු තේ හැදි දෙකක් (කැට හෝ කුඩු වශයෙන්- දියර වශයෙන් ගන්නේ නම් තේ හැදි 10ක් පමණ)
* ගෑස් ලිපක් හෝ වතුර රත්කර ගැනීමට යොදා ගත හැකි උපකරණයක් (උදා* හීටරයක්)
*මින්චි කොළ කිහිපයක්
*ගම්මිරිස් කුඩු ස්වල්පයක්
දැන් අපි බලමු සාදා ගන්නා ආකාරය..
ඉස්සාල්ලාම කරන්න ඕනි ඉහත මා සදහන් කරපු කළමනා ටික ලගට ගන්න ඕනි.. ඊට පස්සේ
පලවෙනි පියවර බඳුන පිරිසිදු ජලයෙන් සෝදාගන්න
දෙවනුව.. එයට වතුර කෝප්ප 4.25 ක් දමා ගන්න..
බිත්තර දෙක වතුර පිරවූ බඳුන තුලට දමන්න
බිත්තර දෙක බහාලු පසු බිත්තර වැසී යන ප්‍රමාණයට වතුර නැතිනම් එය වැසී යන තෙක් ජලයෙන් පුරවන්න
ලිප මත එම බඳුන තබා වතුර රත් කරගන්න
ඉන් පසු ලගට ගත් ඔක්කොම ලුණු ටික බාජනයට හලන්න..
කැමති නම් රම්පෙ.. කරපිංචා ටිකක් එක් කිරීමෙන් ජලය සුවදවත් කල හැක...
ටික වේලාවක් මෙසේ තැබීමෙන් වතුර නටන්න පටන්ගනී.. හැලියට එබි බැලු විට බිත්තර කට්ට පැලී ඇත්තම ලිප නිවා දමන්න.. පසුව නිමුන වතුරට බිත්තර දෙක දමා සිසිල් කර මනා හික්මීමකින් යුක්තව බිත්තර කටුව ඉවත් කරන්න.. මෙය කේන්තියෙන් හදිස්සියෙන් කලහොත් බිත්තර කට්ට සමග බිත්තරයේ හොද කොටස ගැලවී යා හැක.. එම නිසා භාවනාවක් මෙන් මෙය ප්‍රගුන කළ යුතුයි..
අවසානයේදී..
බිත්තරය දෙකට කපා ගම්මිරිස් කුඩු ස්වල්පයක් එය මතට දමා මිංචි කොල වලින් හැඩ කර මේසයට පිළිගැන්විය හැක..

උදයේ සිට වෙහෙස මහන්සි වී තද බඩගින්නේ නිවසට පැමිණෙන සැමියාගේ රාත්‍රි ආහාර වේල සදහා බිත්තර දෙකක් පමණක් තම්බා දීමෙන් ඔබට මහත් ථල ලබා ගැනීමට හැකිවනු ඇත..
ප/ලි
ගෘහස්ථ ප්‍රචන්ඩකාරි ක්‍රියා සදහා මම වගකියනු නොලැබේ...
මේකෙම ඔම්ලට් එක දාගන්න විදිය මග එනව නේද.. අපිට ඒක තමයි වැදගත්...
ReplyDeleteඔව් ඔව් එනවලු බලං හිටහං කට ඇරං
Deleteඔම්ලට් නෑ.... බලං හිටියට වැඩක් නෑ..
Deleteඔය මිංචි කොළ නෙමෙයි බං....මිංචි කොළ එක්ක බිත්තර ......හෙහෙ.......
Deleteඅපරාදේ මගේ සුපියල් පහ...... :D
ReplyDeleteදැං 5/= ට බිත්තර දෙන්නෙ නෑ බං.. 15-20 ක් වෙනව බිත්තරයක්...
Deleteයකෝ රුපුඉයල් පහට බිත්තර දෙකක් ගන්න කඩේ කියහංකො බං ලඟදි දානයක් තියෙනව ඒකට බිත්තර ගන්න
Deleteතොගෙ රුපියල් 5 කෑවෙ කවුද යකෝ...ඔන්න මං නන් නෑ හොදේ... අලුතා නැත්තං හීනයා තමා ....
Deleteශැහ් හැහ් හැහ්
ReplyDeleteබොහෝම වටිනා ලිපියක් පසන් කොලුවො. තව ලියහං මම අත දෙන්නං
අත නෙමේ යකෝ බිත්තර ටිකක් දීපං.. තව මොනා හරි හදලා බලන්න..
Deleteඋඹට ඕනෙ සුදු එව්වද නැත්තං රතු එව්වද????
Deleteඅඩේ මේක අදම අත් හදා බලන්න ඕනි... සිරාවට ඔය මාරය.. ඔබා.. වෙනියා එහෙම හිටියට උන්ගෙ කෑම අපිට හදන්න පුළුවන් එව්ව නෙමෙයි... :D
ReplyDeleteඑතකොට මගේ ඒවා :D
Deleteඋඹත් දැම්ම ද බං බිත්තර තම්බන හැටි..? මම දැක්කේ නෑ නේ..
Deleteපිස්සා.. පිස්සුද බං.. එයාලට පුලුවන්ද කෑම හදන්න.. ඉගන ගනින් මගෙන්...
Deleteනලියා උඹෙ ඒවා මොනාද බං...:-D
ඔම්ලට් දාගන්න හැටිත් කියහන්කෝ නැත්තන් මම එක දාන්නද?
ReplyDeleteමූ දාන එකක් නෑ බං.. උඹ දාපං....
Deleteමං දන්නෑ ඔම්ලට් දාන්න.. නලියා උඹ කියලා දීපං මටත් එක්කම...
Deleteඇත්තටම වැදගත් ලිපියක්..බිත්තරේ කහමදේ තැඹිල ඒව තමයි ගොඩක් රහ..
ReplyDeleteගං කිකිළීගෙ බිත්තරේ ගැන වෙන්ටැ ඔය කියන්නෙ.. ලිපිය අගය කිරීම පිළිබද මාගේ හදපිරි ස්තූතිය ඇ.......
Deleteයකෝ ගම් බිත්තරයක් කීයක්ද. පිස්සු නැතුව හිටු
Deleteඑල එල..
ReplyDeleteතැන්කූ තැන්කූ ඇ....
Deleteඅයියේ දොඩම් ගෙඩියක් පොතුහරින හැටිත් කියලා දෙන්නකෝ!
ReplyDeleteමල්ලි මේ දවස් වල ඒ ගැන පරීක්ෂන කරනවා.. බලමු. ඒ වගේ බැරෑරුම් කාර්යයක් ඉටු කරන්න ඇරයුම් කිරීම පිළීබද මගේ ස්තූතිය ඇ...
Deleteවරෙන් පූසො දොඩම් පොතු අරින හැටි කියල දෙන්න..
Deleteබිත්තර තම්ම්බන්න ඕන වෙලාව හරියට දැම්මනම් ඒක වටිනවා. මොකද බිත්තර තැම්බෙන්නෙ ඕන කාලය වැදගත්. ඒකත් එකතුකරන්න.
ReplyDeleteඒකනේ මචං කිව්වෙ කට්ට පැලෙනකං තම්බන්න කියලා.. කාලය මැනලම තමා බං කියන්න වෙන්නේ.. හික් හික්...
Deleteමෙන්න කුකරි . . . මායාදුන්නෙ ඇන්ටි කැලේ . . .
ReplyDeleteමමත් අදම අත්හදා බලනව
කවුද බං මායාදුන්නෙ ඇන්ටි.. එයාට බිත්තරයක්වත් තම්බ ගන්න බෑනේ බං..
Deleteමං කියනවට උඹත් කරලා බලපංකෝ...
අඩේ මරුනෙ බිත්තරයක් තම්බන හැටි දැනගෙන හිටියෙම නෑ නෙ.... :P
ReplyDeleteඒකනේ අපිම ඉන්න ඕනි මේ වගේ වැදගත් පාඩමක් කියලා දෙන්න..:-D
Deleteඕව වැඩක් නෑ බං ... බිත්තර තම්බන්න රුසිය තමයි කමල් අද්දර ආරච්චි. ඉගෙන ගන්නවනං අන්න එයාගෙන් ඉගෙන ගනිල්ල.
ReplyDelete[වැඩි විස්තර අවශ්‍ය නම් ''එක දා වැහි'' චිත්‍රපටය නරඹන්න]
ඌ එකෙ තම්බන්නෙ අල බං
Deleteමං නන් දන්නෑ බං ඌ මොනවා තැම්බුවද කියලා... මොනවා හරි ඌ තම්බලා ඇති නේ බං....:-D
Deleteබොරු කළා නේද? කෝ ගම්මිරිස් කුඩු නෑනේ ෆොටෝ එකේ?
ReplyDeleteෂ්.. ෂ්.. කෑගහන්න එපා අයියා.. රට්ටු දැන ගනී... අයියා ඔව්වා ඔට්ටු නෑ හොදේ.....
Delete1. ඔය පින්තූරෙ විදියට සැමියට පලු තුනක් දෙන්නෙ ඉතිරි එකද එතකොට බිරිඳට?
ReplyDelete2. මූ ජීවිතේට මිංචි දැකනැද්ද? මිංචි වලින් සරසන්න කොහොම උනත් බිත්තර පලුව වහන්න පුලුවන් කොළ දෙකකට!
3. තම්බපු බිත්තර කන්නෙ ගෑණිගෙ මාළු එක්කද?
ඔන්න ඕකනේ ඉතින් කරන්න බැරි.. සමාජ සේවය කරන්න ගියාම රට්ටු අපිටමනෙ කෑගහන්නෙ.. වැරදි හොයන්න එපා බං.. අපි පවුනේ...
Delete//3. තම්බපු බිත්තර කන්නෙ ගෑණිගෙ මාළු එක්කද?//
Deleteඅරක්කු ජුංඩක් එක්ක බොල
කාලෙකින් හොඳ පෝස්ට් එකක් දෑක්කා . වටිනා ලිපියක්
ReplyDeleteස්තූතියි අගය කරාට.. ඔබ වැනි අයකෙගුන් මෙවැනි අගය කිරීමක් ලැබීම මාගේ මහත් වාසනාවක් ලෙස සලකමි......
Deleteමොනාද බං හොර වැඩ, බිත්තරේ දෙකට කපලා පලු 3 ක් ආවේ කෝමද?
ReplyDeleteදුන්නානේ මාටියා පාර :P
මහන්සියට කෑවා බං..හරි ඉතින් තුනක්ම තියනවනේ.. ඒ ඇති නේ..:-D
Deleteසෑහෙන මහන්සි වෙන්න ඕන කෑමක්.. බලමු ට්‍රයි කරලා...
ReplyDeleteඅනිවා මචං.. ගොඩක් මහන්සි වෙන්න ඕනි මේ වගේ කෑමක් හදන්න.. බොරු නන් හදලා බලපංකෝ...
Deleteවතුර කෝප්ප 4.25 මැන ගන්න හැටි ඊලඟ පොස්ට් එකේ කියන්න හොඳේ
ReplyDelete;)
ඒවා රහස් කෙල්ලෙ.. එව්වා එහෙම කියන්නෑ.. එව්වා පලපුරුද්දෙන් ඉගන ගන්න ඕනි....
Deleteදැන් ගොඩක් වෙලා ලිපේ තියල තම්බෙන්නේ නෑ නේ
ReplyDeleteබිත්තර කට්ට පැලුනම ලිප නිමුවට කමක් නෑ ඉතින්..
Deleteඅනේ පපඩම් බදින හැටිත් කියල දෙන්නකෝ
ReplyDeleteබලමු.. ඉදිරියේදි ඒ පිළීවඳ සලකා බලන්නං..
Deleteමං එක
ReplyDeleteඅනේ යසයි.. මම බයේ හිටියේ නැන්දම්මගෙන ගුටිත් කන්න වෙයි කියල බිත්තරයක් තම්බ ගන්න බැ කියලා.හොද වෙලාවට පසා මේක කියල දුන්නේ.. හික්zz
ReplyDeleteඅනික අයියේ.. ප/ලි කියල කොටස නොතිබෙන්න රාත්‍රි ආහාර සඳහා බිත්තර 2ක් පමණක් තම්බා දෙන්න තිබුනා නේ :D
හලේ.. අර අහිංසකයගෙ අනාගතේ බිත්තරයකට සීමා වුන හැටි..පවු අසරණයා...
Deleteසික් ප/ලි නොලියා ඉන්න තිබ්බේ.. හයියෝ සංසාරේ........:-D
උයන්ට දන්නේ නැති පොඩ්ඩි වැනි අයට ඔබ කර ඇත්තේ මහඟු සේවයක්. ගොඩාක් ස්තූතියි.
ReplyDeleteමෙවැනි රසවත් පෝස්ට් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.:D
අනිවා පොඩ්ඩි.. මං ඉතින් ඔයාල ගැන නොහිතා වෙන කවුරු ගැන හිතන්නද..
Deleteඊලගට පපඩම් බඳින හැටි කියල දෙන්නං ඇ... :-D
අයියෝ තම්බල කද්දී කහමදේ බෝලෙ වගේ හිටිනවනේ. එහෙම කන්න ආස නෑ.... මම නම් කන්නෙ ඔම්ලට්.... :)
ReplyDeleteබෝලෙ පොඩි කරල කන්න එහෙනන්.. ඔම්ලට් හදන්න මං දන්නෑ ඉතින් :-D
Deleteහානේ අදම ට්‍රයි කරලා බලන්න ඕන... ;)
ReplyDeleteහදලා දෙන්නකෝ එයාටත් එක්කම ඇ... :-D
Deleteබිත්තරේ හොදටම හෝදන්න ඕනද නොහොදා කිකිළි ලෑන්ඩ් කරපු ගමන් බිත්තරේ හරි රසයි කියලා කියන්නේ ,,නොසොදා ගන්න ඒවා
ReplyDeleteමේ.. උඹට පැහිච්ච කං වැඩක් නෑනේ.. දැන් මේ පෝස්ට් එක බලලා උඹටත් තම්බපු බිත්තර හම්බවෙයි.. ඒක කාලා පැත්තකට වෙලා හිටින්..:-D
Deleteඅනේ බිත්තර අග්ගලා හදන ආකාරයත් පලකරන්නකෝ
ReplyDeleteඅනෙ මං දන්නෑ මං එව්වා.. තම්බලා කාපං බං.. ඒ ඇති..:-D
Deleteමල්ලිකා ජෝසප්ල ශාන්තා මායාදුන්නලට බඩේ පහර ගහන්න එපා අප්ප...:(
ReplyDelete(රහසින්...:-පොල්සම්බෝල,ලුණුමිරිස් හදන හැටිත් කියල දෙන්න හොඳේ...)
බඩේ පාර වැදුනොත් ඔන්න මං දන්නෑ හොදේ...:-D
Delete(රහසින්ම පිළීතුරු.. හලේ... මං දන්නෑ අප්පා ඔව්වා ඇ..:-D )
සා සා මෙච්චර රස රෙසිපියක් මිස් වෙලානේ
ReplyDeleteඅදම ගිහින් හදලා රස බලන්න ඕන්....
ලස්සන පොටෝව කවුද බන් ගත්තේ?:D
පිංතුරේ බිත්තර දෙකට කැපිල තියෙන්නෙ, කිකිලිගෙ පුකේ බ්ලේඩ් එකක් හයි කොරල තිබිලද ?
ReplyDeleteචී...
Deleteනොදකින් මේ ඔබ්සෙර්වරයා වයසේ විදිහට ද කතාකරන්නේ ... වලත්තයා
ReplyDeletewayasa prashnayak nathi unath kathawanam hari wage
ReplyDeletemama tharaka
www.gamedroidlk.com
ලොකු දෙයක් ඕකවත් දන්නවා කියන එක
ReplyDeleteහරි දැන් බිත්තර දෙකක් තම්බලා පළු තුනකට කපන හැටි ගැබුරින්ම අධ්‍යනය කලා මම නම් ඒත් මල්ලි,
ReplyDelete"නොදකින් මේ ගෑනිට හොද්දකට ලුණු දමන්න තේරෙන්නෙ නෑ"
කියලා අපවාද වලට ලක් වන සමස්ත කාන්තා පරපුරටම සෙතක් වෙන්ඩයි කියලා..හොද්දකට ලුණු දමන හැටිත් කියාලා දෙන මෙන් මම ඉල්ලා සිටිමි.
පොල් සම්බෝලයක් හදාගන්න විදියක් කියල දෙන්නකෝ..
ReplyDelete