මට මතකයි මගේ පුංචි කාලෙ.. මං ඉපදුන වෙලේ මට අදවගේ මතකයි.. මං ඉපදුනේ අපේ ගෙදරමයි.. මොකද අපේ අප්පච්චි කැමති උනේ නෑ මාව හොස්පිටල් වල නවත්තන්න.. එයාට ඒක මදිකමක් කියලා හිතෙන්නැති.. අප්පච්චි සල්ලි දීලා එයාගෙ කාර් එකේ දොස්තරලා තුන්දෙනෙක් ගෙදරට ගෙන්න ගත්තා.. ඒ කාලෙ අපෙ බෙන්ස් කාර් එකේ දොස්තරලා නගින්නත් හෙන ආසයි. ඉතින් එයාලා සල්ලි ගත්තෙත් නෑ..මට මතකයි එදා අප්පච්චි බල කරලා දොස්තරගෙ සාක්කුවට මොනවද දානවා..ඉතින් මං ඇස් ඇරලා හිටියෙ නෑනේ පලවෙනි දවසේ..ඒ නිසා මට බලා ගන්න බැරි උනා මොනවද දැම්මෙ කියලා..
ඊලගට මං ඉපදිලා දවස් 3 පැට 8කින් විතර මං මේ ලෝකෙ තනි වුනා.. අප්පච්චි ඊට තුන්මාසෙකට පස්සෙ වෙන ගෑණු කෙනෙක් එක්ක දීග ගියා..මට කාත් කවුරුත් නැති වුනා.. මාව බලාගත්තෙ අපේ ගෙදර වැඩට හිටිය කුසුමා නැන්දා.. උදේම ගිහින් එළකිරි අරගෙන ඇවිත් රත් කරලා බෝතලේකට දාලා මට දෙනවා මට මතකයි.. මගේ ලෝයර් අංකල් හොද නිසාත් අප්පච්චි වෙන දීගෙක ගිය නිසාත් මට දේපල ඔක්කොම හම්බ උනා.. අප්පච්චි ලෝයර් අංකල් ගෙන් බෙන්ස් කාර් එක ඉල්ලගෙන තිබ්බා.. ඒත් කමක් නෑ.. මට සහ ගෙදර පාවිච්චියට Audi quattro එකක් තිබ්බා.. ඒකෙ පිටි පස්සෙ හොදට ඉඩ තිබ්බ නිසා මැණිකා පොලට යද්දි මාවත් එක්ක යනවා.. අපි බඩු ගොඩාක් අරං එනවා කාරේ එකේ.. ඒ කාලෙ පොඩි ළමයි කාර් එක අත ගාන්න හරි ආසයි.. අපිට විතරයි මුලු ගමටම කාර් එකක් තිබ්බෙ..මැණීකා එයාලට බැනලා එලවනවා කාර් එක අතගානවා කියලා.. මං පොඩි කාලෙ ඉදලා ගොඩක් නිහතමානී..ඒ නිසා එයාලට කාර් එක අල්ලන්න ඉඩ දීලා මං ඉන්නවා.. මැණීකටත් කිව්වා බනින්න එපා කියලා..මං පොඩි කාලෙ ගොඩක් නිහතමානී කියලා මං දන්නවා.. හැබැයි කවුරුත් කියලා තිබ්බෙ නන් නෑ අද වෙනකං..
ඔහොම ගමේ ජීවත් වෙලා මාව කොළඹ ඉස්කොලෙට ආවා.. මං හිටියෙ බෝඩිමක.. ඒ කාලෙ මං තනියෙන් උයාගෙන කෑවෙ.. ඒ කෑම හරි රසයි.. හැබැයි කාපු ගොඩක් අය නන් එහෙම කිව්වෙ නෑ.. ඒත් පිගානට බෙදුවම හරි ලස්සනට තියනවා.. ඒ කාලෙ මට ආසාවක් ආවා පොටෝ ගහන්න..ලංකාවට කැමරා ඇවිත් තිබ්බ නෑ.. මං අපේ රට ඉන්න අයියට කියලා යැව්වම එයා මට Nikon f3 කැමරාවක් එව්වා.. ඒක තමයි අපේ ඉස්‍කෝලෙටම ගෙනාපු පලවෙනි කැමරා එක.. මට සල්ලි තිබ්බා නිසා ඒ කැමරාවෙන් හැමතැනම පොටෝ අරං එව්වා සුද්ද කරලා මුලු හොස්ටල් එක වටේම ගස්වල එල්ලුවා.. ෂා ඒ කාලෙ ආයෙත් එනවා නන්.. මේක මං මේක ලියද්දි මගේ ඇස් වලට කදුළු එනවා.. බොරු නන් මේ බලන්න.. මේ.. ඔයාල දැක්කා නේද..
ඊට පස්සෙ මට උවමනාවක් ආවා ෆෝන් එකක් ගන්න.. මොකද අපේ ලොකු අයියා රට ඉදන් ලංකාවට එද්දි එහෙම එකක් අරගෙන ආවා.. මං එදා තමයි ෆෝන් එකක් දැක්කෙ.. ඉතින් මං අයියාගෙන් ඒක ඉල්ලුවම ඒක මට දීලා ගියා..ඒක motorola dynatac 8000x එකක්.. ඉස්සර වතුර බෝතලේ එල්ලං ගිය මම පස්සෙ ඒ ෆෝන් එක බෙල්ලෙ එල්ලං යන්න පුරුදු උනා.. අපේ ඉස්කොලෙ විදුහල්පතිතුමා උදෙන්ම එනවා මං ලගට ඇවිත් මගේ ෆෝන් එක අතගාල බලලා යන්න.. කවදාවත් ඒකෙන් කෝල් කරන්න මට බැරි උනා.. ඒත් මං ඒක එල්ලං හැම තැනම ගියා.. මට මතකයි දවසක් ඉස්කෝලෙදි අපේ ටීචර් කෙනෙක් ඒක දොරට තිබ්බා අඩේකට.. එදා මට මතකයි දොර සද්දෙට වැහෙන් නැති නිසා අපි කිසි කරදරයක් නැතුව මුලු පාඩමම ඉගන ගත්තා..ටික කාලයක් යද්දි සල්ලි තියන ගෑණු ළමයිගෙ ගෙවල් වලට මං කෝල් ගත්තා.. අරගෙන කතා කරා.. මං කිව්වා මං හරි ලස්සන සුදු සික්ස් පැක් තියන හැන්ඩ්සම් කොල්ලෙක් කියලා..කෙල්ලො මාව බලන්න ඕනි උනාම මං පහල තේ කඩේ සමන් අයියා බොඩි බිල්ඩින් තරග වලට ගියාම ඌත් එක්ක ගිහින් උගෙ මූණ නැතුව පොටෝ ගහලා කෙල්ලංට යවනවා.. කෙල්ලො ඒවට පිස්සු වැටිලා මාත් එක්ක කතා කරනවා.. මට හරි සතුටුයි එතකොට..මට ඒ සතුටම ඇති නොකා නොබී ඉන්න උනත්.. පස්සෙ බලන්න යද්දි අලුත්ම බෙන්ස් කාර් එකකින් යනවා.. එතකොට මං කැත උනත් කාර් එකට ආස නිසා කෙල්ලො එනවා මාත් එක්ක ඇවිදින්න යන්න..
මං ඉගන ගන්න හරි දක්ෂයි.. හැබැයි ඕ ලෙවල් විතරයි පාස් වෙන්න පුලුවන් උනේ.. ගමේ කුසුමා නැන්දා නන් කිව්වෙ මට ඇස්වහ වැදිලා කියලා.. මං ඕවා ගනන් ගත්තෙ නෑ.. මං සල්ලි දීලා ඉගන ගත්තා.. මොකද මට සල්ලි වලින් කිසි අඩුවක් නෑ.. මං ලෝකෙ වටේ ඇවිද්දා.. හැම රටිකින්ම සහතියක් ගත්තා මොනවා හරි දේකට.. මං උපාධිය ඉවර කරලා රස්සාවක් කරේ නෑ..මොකද මට සල්ලි තිබ්බා.. මං ඊටත් පස්සෙ ඉගන ගත්තා.. දැන් මම හොද රස්සාවක් කරනවා.. මට දැන් මාසෙකට ලක්ෂ 8ක් 10ක් විතර හම්බ වෙනවා.. දැන් මම මගේම ගෙයක් හදාගෙන තනියෙන් ජීවත් වෙනවා.. ඒත් මට කම්මැලි.. මෙහෙ මට එපා වෙලා.. දූවිලි පිරිලා පාරේ.. ගමේ අය නන් කොළඹ එන්න ආස ඇති .. මට නන් එපා වෙලා.. ඔයාල හිතන්න එපා සල්ලි තිබිලත්

පවතින සමාජයත් එක්ක එකතු වෙලා සතුටින් ඉන්න බැරි ගොං හරකෙක් කියලා මම..මට ඕනි සල්ලි නෙමේ.. සල්ලි වැඩක් නෑ කියලා මං අහලා තියනවා .. එත් සල්ලි පස්සෙම මාත් දුවනවා..මේ මගේ ගේ ඉස්සරහා පාර..
ඔයාල නන් කියයි හරි ලස්සනයි කියලා..ඒත් මට මේක දැකලා එපා වෙලා.. මං ආස නෑ මෙහෙ ඉන්න.. මට මෙහෙ ඉන්න බෑ..
මට ඕනි ගමට යන්න.. ගමේ ගිහින් කුරුළු සද්ද අහගෙන ඉන්න.. කුසුමා නැන්දා හදන කෑම කන්න.. හැමදාම මැණිකා එක්ක ගිහින් පොලෙන් බඩු ගේන්න.. මට තියනවා ගමේ තේ අක්කර 60ක්.. ඒ කන්දෙ අනිත් පැත්තේ පොල් අක්කර 20කුයි රබර් අක්කර 10කුයි.. ඉතුරු අක්කර 5 පලතුරු ජාති වවලා තියනවා.. ඒවා අපි කඩන්නෑ.. ඒවා සත්තුන්ට දීලාතියෙන්නේ.. මං ඒ තරං නිහතමානී කෙනෙක්.. මං තරං නිහතමානී කෙනෙක් මේ ලොකෙ කොහෙවත් නැතුව ඇති.. අනේ මට ගමට යන්න ඇත්නම්.. ඒ සුන්දර ගම මතක් වෙද්දි මගේ ඇස් වලට කදුළු එනවා..ඒ ඇති.. මට තවත් ලියන්න බෑ.. අකුරු බොඳ වෙලා ගිහින් දුක වැඩි කමට.. මං යනවා යන්න..ඇති ලිව්වා.....
අනේ මටත් ඇඬුනා කතාව කියවලා මේ හොටු...කඳුලු...
ReplyDeleteඊක්කා.. හොටු ඇවිත්... :-D
Deleteඅයියෝ හරි ලස්සන ආත්ම විවරණය දවාලියන්ම ඉවර වෙලා..
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteඅමිලත් එක්ක තියන ප්‍රශ්න අමිලගෙ බ්ලොග් එකේ බලා ගන්න.. මං මේ කමෙන්ට් එක මකනවා.. මට අදාල නැති නිසා.........
Deleteai mata matath me dan ahata kadulu awa habei hotu nam awe na.
ReplyDeleteහික් හික්.. තනි ඇහැට නේ බං ඇඩෙන්නේ.. :-D
Deleteඇත්තටම මටත් ඇඩේනවා අප්පා ,හරිම කදුළු කතාවක් නේ ....?
ReplyDeleteහා හා .. මෙව්වා බලලා උඹලා අඩනවා එහෙම නෙමේ ඕං. :-D
Deleteපොඩි දෙයක් අමතක වෙලා.
ReplyDelete[නයා].......[/නයා] ටැග් එක දාන්න අමතක වෙලා :D
ආහ්.. කවුද කියන්නෙ මෙව්වා නයි කියලා.. මෙව්වා ඇත්ත කතා හරිද...:-D
Deleteඇයි බන් උබේ අර සී ප්ලේන් එකේ හුලං ගිය කතාව මේකෙ දාලා නෑනෙ.
ReplyDelete…
… මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
හක හක! ;D
Deleteලොකු ජෝන්.. ඒ කතාව දැම්මේ නෑ බං.. පස්සේ අනිත් අය හිතයි මං බොරු කියනවා කියලා බං.. ඒ නිසා දැම්මෙ නෑ.. :-D
Deleteඋබගෙ පලතුරුවත්තේ එකපැත්තකින් පලතුරු කඩාගෙන කඩාගෙන යද්දි අනිත් පැත්තේන් හැදීගෙන හැදීගෙන එනව ඇති නේද
ReplyDeleteපලතුරු වත්තට වැඩිය යන්නෑ බං. සල්ලි තියන නිසා පලතුරු ෆුඩ් සිටි එකෙන් ගන්නවා මචං..:-D
Deleteපුදුම තරම් සංවේදී කතාවක්.....ඇඩෙන්න ඔන්න මෙන්න....
ReplyDelete...........ඔන්න මෙන්න නෙවෙයි ඇඩෙනවා තනි ඇහැට........
තව කොච්චර කාලයක් මෙහෙම අඩන්න වෙයිද.....?
.........මේ වගේ සංවේදී කතා තව කොච්චර ලියවෙයිද...??
හා හා.. අයියා මෙව්වා බලලා අඩනවා එහෙම නෙමේ... :-D
Deleteවාවන්නේ නෑ.. දුකා..............යි....
ReplyDeleteඇඩෙනවා...........
ලිවිල්ල සුපීරි ඇ
හප්පා.. පබුවා දැක්ක කල්.. දැන් ඉතින් වැඩ රාජකාරි බොහොමයක් ඇති නොවැ.. දැන් ලොකු මිනිස්සුනේ නේ..... :-D
Deleteඅපූරුයි කතාවනම්..බොරු කියල ගැහැණු ළමයි රවට්ටගත්ත එක තමා අවුල..:)
ReplyDeleteආහ්.. ඉතින්.. අපිට ගෑණු ළමයි රැවටෙන්නැත්තං වෙන මොකක්ද කරන්නෙ.. හික්ස්.. :-D
Deleteමගෙ කථාවයි පසාගෙ කථාවයි දෙක එක ලගින් යනවා. එකම වෙනස 60 , 20 , 10 වෙනුවට 100 , 50 , 25 යි දාගනිල්ලකො.... යකො මටත් බොග් එකක් තියනවා නේද
ReplyDeleteආඩා.. උඹ ඉන්නවද.. තොට බ්ලොග් එකක් තියනවා කියලා අදවත් මතක් උන එක ලොකු දෙයක්..
Deleteමං දන්නවානේ රවා.. උඹලගෙ වත්ත බලන්න මං අර අලුත් බෙන්ස් එකෙන් ආවේ.. උඹගෙ ක්‍රයිස්ලර් එක දැන් හදල ඉවරද බං. :-D
මේ තියෙන්නෙ එයාපෝර්ට් පාර වගේ මට නම් පේන්නෙ
ReplyDeleteවෙන්න බෑ... මේ මගේ ගේ ඉස්සරහ පාර නේ.. හැහ්.. ඒක කොපි කරලා දැන් එයාර් පෝර්ට් පාර හදලද දන්නෑ.. :-D
Deleteහෑ... මෙහෙම සුපිරි ජීවිතයක්.. අවුලක් නෑ .. මටතු ඇඬෙනවා. මේ සියලු දේවල් මෙහෙම එපා කියනකොට.
ReplyDeleteසුපිරි කියන්නේ .. මෙව්වා පට්ට සුපිරි ජීවිත... සියළු දේ අනිත්‍ය නිසා මට එපා.. :-D
Deleteමෙහෙම දුක හිතෙන කතාවක් මම කියෙවුවමද කොහේද.. :(
ReplyDeleteඒකනේ බං.. අපිම ඉන්න ඕනි උඹලට දුක හිතෙන කතා කියන්න..
Deleteබලාන ගියාම පසන් අයියාත් මාරයි ඈ... ඇඩේනවා තනි ඇහැට..... ;)
ReplyDeleteහසී.. ඔයා දැකලා තියනවා නේ මං අලුතෙන්ම ගත්ත කාර් එක..:-D
Deleteඅපි ආශ්‍රය කලේ මෙහෙම කෙනෙක් එක්ක නේ,,අනේ ඇස් වහ කට වහ වදින්න එපා පසන්ට
ReplyDeleteඋඹලා තව දන්නෑ හරියට මං ගැන.. :-D
Deleteඒක තමයි බන්... මම එදා උඹලගේ ගෙදර ගිය වෙලාවේ උඹ එහෙ ඉන්න බෑ උඹව අපේ ගෙදර එක්ක යන්න කිය කිය අඬපු හැටි මට මතකයි මචන්, මමත් එදා පුදුමයි මචන්... අපි උඹගේ වගේ ලෝකයක් ගැන හීන මවනවා... උඹ ඒවාට පයින් ගහලා අපි ලඟට එන්න හදනවා.. ඒත් එන්නෙත් නෑ කවදාවත්... උඹ තරම් නිහතමානී කොල්ලෙක් මමනම් දැකලම නැත්තේ නෑ..
ReplyDeleteඒකනේ.. බලන්න අයියා.. අනිත් උන් හිතං ඉන්නේ මං බොරු කියනවා කියලා..:-D
Deleteමේ මගෙත් සික්ස් පැක් තීනවා ඈ...
ReplyDelete(එලියට පැනපු ටයර් වහමිං...)
ඕක මචං සික්ස් පැක් නෙමේ . . . ෆැමිලි පැක් !
Deleteතරියා අපිටත් එහෙම තමා බං.. සික්ස් පැක් පෙන්නංන හුස්ම ගන්නැතුව ඉන්න ඕනි.. හික්ස්..
Deleteඕනෙ..පලයන් යන්න මෙතන කෝචොක් කරන්නැතුව.. :-D
Supiri ++++++
ReplyDeletepissa.
දන්නවනේ පිස්සා.. ඉතින් අපි ලිව්වොත් සුපිරි තමා..:-D
Deleteහික්ස්..........
ReplyDelete:-D:-D
DeleteOyage gedarath hari loku athi neda? ,,,,,,
ReplyDeleteMeka harima hondai magul danveemakata,,,,,ah... Amathaka una nadda oyata private plane ekak,,, narakada gaththoth,,,,,,
Adai me paththe awe,,,,
ආහ්...ඉස්සල්ලම සාදරයෙන් කුමාරිව පිලිගන්නවා ඇ...
Deleteඅපේ ගෙදර හරි.......... ලොකුයි... තට්ට 4ක් තියනවා.. මං තනියෙන් අප්පා ඉන්නේ.. :-D
මොනවා ද මචෝ මේකට කියන්නේ හෙ හේ ....
ReplyDeleteමචං.. මෙව්වා චරිතාපදාන.. :-D:-D
Deleteහයියෝ මෙහෙමත් සල්ලි කාරයෝ. මාසෙකට ලක්ෂ 8 ක් 10 ක් බුදු අම්මෝ. මට නම් උඹ ගැන මාර දුකයි බං..මටත් ඇඩුනා බං කියවද්දී
ReplyDeleteඒකනේ බං.. මං පවු නේද .. මටත් මං ගැන දුකයි බං..:-D
Deleteමෙච්චර නිහතමානීව ලියපු බ්ලොග් පෝස්ට් එකක් මම අනම් කියවලාම නෑ.
ReplyDeleteහප්පේ කොල්ල ලියන්න හැබෑ හපනෙක් නොවැ! රැල්ලට යන්න නෙවෙයි රැලි හදන්නත් පුලුවන් වේවි! ජයවේවා!
ReplyDeleteDude /
ReplyDeleteඅනිවා මචං.. මං දන්නවනේ මං නිහතමානී කියලා..:-D
ගිමන් නිවන්නා/
රැලි හදන්න ඕනි නෑ අප්පා.. යන රැල්ලෙ යන එක ලේසියි.. හික්ස්...
මරු කථාව අහ් නියමයි...
ReplyDeleteඋඹ එදා ජෙට් එකෙන් මගෙ දූපතට ආපු වෙලාවෙ මම හිතුවෙ ඒ ජෙට් එක කුලියට ගත්තු එකක් කියලා. සොරි මචං. උඹ මාව ඇඬෙව්වා.......
ReplyDelete(සතියකින් දෙනකම් ලක්ෂ 40ක් ගන්න පුලුවන් වෙයිද අත මාරුවට?)
හිත වාවන්නෙම නෑ..:D
ReplyDeleteඅනේ මන්දා.. මම මේක කීපසැරයක්ම කියෙව්වා.හිතට මාරම දුකයි අප්පා..සිරාවටම..පව් අප්පා..
ReplyDeleteඇඬෙනවා තනි ඇහැට..... කඳුළු බින්දු දෙක දෙක ..... :D
ReplyDelete:p :p
ReplyDelete