
බිංදු බිංදු රන්තරු කැට කඩා හැලෙනවා
පුංචි පුතා මගෙ තුරුළේ සුවට නිදනවා
රන් හඳ විත් ඈත අහසෙ එබිලා බලනවා
රන්කිරි වැනි නුඹේ මුවින් සිනහ ගලනවා
සිහින මවන නුඹෙ නෙතු කැට හෙමින් ගැහෙනවා
ඒ තාලෙට නුඹෙ මුවින් වදන් මැවෙනවා
හඳ මාමා එබී බලා නුඹ සනසනවා
මගේ පුතා මගෙ තුරුළේ සුවට නිදනවා
නිදි දෙව්දුව ලගට වෙලා සිනහ නගනවා
මගේ පුතුගෙ නුවන් මතට පවන් සලනවා
සිගිති දෙතොල් එකට සැලී රහස් කියනවා
මගේ පුතා මගෙ තුරුළේ සුවට නිදනවා...
අපූරුයි මිත්රයා.
ReplyDelete'මූදු පතුළ යට ඉඳලා' කියන ගීතය සිහියට ආව.
සුපිරි මචන්... උඹලට වඩා මේ කවි අපේ හිතට වදිනව මචන්....
ReplyDeleteහරිම අපූරුයි යාළුවා...
ReplyDeleteහොඳ නැලවිලි ගීයක් නේ
ReplyDeletesensitive mode:
ReplyDeleteඅපුරු සැහල්ලුවක් එක්ක හිතට ලොකු තැන්පත් බවක් ඇතිකරන අපුරුම නිර්මාණයක් පසා.. හරිම අපුරුයි.. උබෙ හිතෙ තියන දරු සෙනෙහස... එලියට පෙනවා... හරිම හිතට සැහැල්ලුවක් ගෙනාපු නිර්මාණයක් උදෙන්ම දැක්කෙ...
වලත්ත mode:
පසා තොට මෙ මක්කැයි වෙන්නෙ.. දෙපැත්තෙ මහාඋන්ට කතා කරල ඉක්මනට පෙලවහක් කර ගනින්.. නැත්තම් මෙ දරුසෙනෙහස හින්දා අර කෙල්ලටයි ලොකෙට මුහුණ දෙන්න බැරි වෙන්නෙ...
දැන් මෙහෙමනම් පුතෙක් ඉන්න කාලෙක කොහොම ලියයිද...
ReplyDeleteසඳ එලියේ රන්තරු විත් නෙතු සරසනවා
ReplyDeleteමුතු මුවගේ නැගෙන සිනා සතුට සදනවා
පිපෙන පිපෙන මල් ගානේ පැතුම් පිපෙනවා
පුංචි පුතා මවු තුරුලේ සුවට නිදනවා
ලස්සනයි කියන්නේ උපරිම ලස්සනයි.කාලකට කලින් මගේ අතිනුත් ලියවුනා කවියක් මේ වගේම
http://magethanikama.blogspot.com/2010/07/blog-post.html ( මෙන්න ඇඩ් එක )
අඩේ අප්පේ........... දැන් බබාට මාස කීයද බං මලේ.......?
ReplyDeleteඅගේ ඇති කවි පෙළක් මලේ........ මට නං සිහි වුනේ සෙනෙහස රං සිංහාසන හදේ මැවෙනවා ගීතයයි. ඒ තාලෙට මේ කවි පෙළ හොඳින් ගායනා කරන්න පුළුවන්.............. බොහොම අගෙයි බං..... බොහොම අගෙයි
පට්ටම පට්ට සිරා අයියේ....
ReplyDelete@ හසියා,
ReplyDeleteපට්ටම සිරා නං ලබන වෙසක් එකට කූඩුවක් හදාගන් මලේ.......... :D
නෑ මං හැදුවේ ඇසළ වලට කැරකෙන කූඩුවක් ගහන්න.....
ReplyDeleteඅක්කා කිව්ව දෙයක් නාහා කොහෙමද ඔන්න මං එහෙනම් වෙසක් එකට හදන්න තියාගන්නම්කෝ....