
හැමදාම ඔපිස් යද්දි පිළිගැනීමේ කවුන්ටරේ ලග රෝස මල් පොකුරට හැංගිලා ඉන්න කෙල්ල දැක්කෙ නැත්තං මට ඉතින් උදේට කෑවේ නෑ වගේ.. බිත්තර රොටී දෙකයි පරාට තුනයි හැමදාම වගේ කාල ගියත් ඒ කෙල්ල නැති දවසට නිකං බඩට මල්ටි බැරල් ගැහැව්වා වගේ පිච්චිලා යනවා. හැමදාම උදේට ගුඩ් මෝනින් කියලා කට පුරා කිව්වත් කවදාවත් ඒ කෙල්ලෙග තියන උද්දච්ච කමට මූණ බලලා ගුඩ් මෝනින් කියන්න බැරි හැටි.. හැමදාම පුටුව උඩ පතබෑවෙන්නේ ඒකිට මුලු හිතෙන්මෙ බනින ගමන්.
ඒක බඳින්න කොල්ලෙක් ඉන්නවා බං.. එන්ගේජ් වෙලා ඉන්නේ.. හැමදාම මගෙ මූණ දකිය අල්ලපු පුටුවෙ එකී ඉදගන්නේ ඔය වචන පේලිය කියන ගමන්.. හරියට ඒකිට ඒක කිව්වෙ නැත්තං වැඩ පටන් ගන්නත් බෑ වගේ.
උදේ පාන්දර ශෝඛ මූඩ් ගහලා පැත්තකට වෙලා ඉද්දි ලොක්කා කෝල්..
මේ .. දැන් ගෙට් එක තියනවා නේ.. හොටේල් එක ලෑස්තිද..
ආහ් ඔවු. එව්වා හරි.. ඒ උනාට බෑ අප්පා මට තනියෙන් කරන්න.. තව ටීම් එකක් දෙන්න.. විසිට් යන්නයි ඔව්වයි දෙකම කරන්න වෙලා නෑ අප්පා..
ටීම් ඕනි නෑ.. අර රෝස මල ගනින් සහයට
හැහ්.. ඉබ්බා මොකේද ඇන්නාවේ කිව්වලු..
අනේ එයා එපා.. එයත් එක්ක කොහොමද වැඩ කරන්නේ..
දැන් තනියෙන්නෙ කරන්න බෑ කිව්වෙ.. දෙන්නත් එක්ක ඕනි මගුලක් නටාපිය..
කලූ මූණ ලැජ්ජාවෙන් රතු වෙලා දම්පාට වෙලාද කොහෙද.. මෙව්වා දෙයියොම බලා ගන්න ඕනි..
ඔන්න ඒ පණිවිඩත් කියලා එකට වැඩ කරන්න පටන් ගත්තත් හරි මේකිගෙ ලොකු පොර ටෝක් අහලම එපා වෙලා තිබ්බේ..
වෙලාවට මහ රජ්ජුරුවන්ගෙ දුව වෙලා ඉපදුනේ නැත්තේ.. නැත්තං ඒ කතන්දර ටික අහපුවම සසර කළකිරෙනවා..
ඔන්න කළ වයස ආහ් නෑ.. දවස් සති ගෙවිලා ගිහින් ගෙට් එකත් සෙට් උනා..ඔන්න උදේ පාන්දර ගියා සක්කරේ ගන්න.. හප්පා.. මේකි මොන වැඩද.. අද බඳින්න යනවා වගේ මේකප් පාට.. මූණ පාටවල් 77කින් පාට කරගෙන.. පෝය දවසෙ ආලවක තොරණ වගේ..මදෑ වැඩට උදව්වට එකියක් ගත්තා..හෝටලට ගිය වෙලේ ඉදන් මහ අම්මණ්ඩි වගේ පුටුවක් උඩ දපලා වැඩ පවරනවා.. නොදකින් සහයට එකී..
ඔන්න උදේ වැඩ ඉවර කරලා මාත් දෙකක් තුනක් දාගන්න හිතාගෙන හිටියට කොහෙම.. හරියට ඉදිච්චි නැති පැපොල් ගෙඩියක් වගේ. අමුවෙන්ම කාලෙ කකා ඉද්දි. දවසත් ගෙවුනා.. වටේ උන් ඔක්කොම සෙට් වෙලා කාල වැඩි වෙලා වමාරපු ගොඩ උඩ වැටිලා හිටපු උන් උස්සලා අයින් කරලා දෙයියනේ කියලා පැත්තට උනා විතරයි..
මෙන්න සක්කරේ ආවා ලගට.. ඉදගත්තා අල්ලපු පුටුවේ. සා.. මොන මගුල කිව්වත් ඒකි හරි හැඩයි අප්පා.. නිල් පාට ඇස් දෙක දිලා බලාගෙන හිටි ඇහැකි දවස් දෙකක් උනත්.. පිස්සු මල මල් වත්තෙ කිව්වලු..ඔහොම හැඩ බල බල ඉද්දි මෙන්න මේකි එක පාරටම මගේ අත ඇල්ලුවා
යකෝ.. හිරිඔතප් බිදෙනවා තව ඩිංගෙන්.. ඇස් ගෙඩි දෙක නළලට අරං සක්කරේ දිහා බැලුවම මෙන්න ඉන්නවා විරිත්තගෙන.. කවදාවත් නැති මල කොමලෙ
ඇයි
මොනවද අතේ තියං ඉන්නේ
සිගරට් එකක් ඇයි
ඊයා.. ඔයා එව්වා බොනවද..
ආහ්.. මල හුරතල් පයින් ගමන් කිව්වලු..
මේ..
ඇයි
අපි දෙන්නා ගමනක් යංද
හැහ්.. දෙන දොයියො දෙන්නේ වංගෙඩියෙ කොටලලු.. හපන්න ලේසිනේ එතකොට..
අපි දෙන්නා.. ඇයි වෙන කවුරුත් නැද්ද... මොනව උනත් කුලුදුල් නේ..සක්කරේ නන් මොකෑ. අද හෙට දීග යන එකී මොනව කරගත්තද කවුද දන්නේ...
කවුරුත් නෑ අනේ.. ඔක්කොම බීලා වැටිලා.. අපි දෙන්නා යමුකෝ..
ම්ම්ම්.. කොහෙද යන්නේ..
රූම් එකට යමු..
හැහ්.. යකෝ .. දෙයියෝ වංගෙඩියේ නෙමේ පිටි මෝලෙ කොටල අදනන් දෙන්නේ..
අනේ මන්දා.. තනියෙන් යන්න..
ආහ්.. තනියෙන් නෙමේ.. ඔයත් එනවනේ...
ඒත්..
මොනවද අනේ යමුකො..
මෙන් වැඩක්.. මගේ අතත් ඇඳගෙන යන්න හදනවා.. ඉතින් ඉවසන්න පුලුවනැ.. මාත් ගියා පස්සෙන්.. හරිද මන්දා මෙව්වා..
කෝ රූම් එකේ යතුර..
ආහ් ඒක මං ගාව.. හී හී..
මේකිගෙ හුරතල් දකිද්දි දෙයියො මගදි හම්බ උනා නන් දෙයියම්පා ඌට මල් තියලා වදිනවා..
ඔන්න ගියා රූම් එක ලගට.. ගිහින් ඇරියා දොර...
කවුරුත් නෑ ඇතුලේ.. එයයි මායි විතරයි.. මං ඇතුලට ගිය ගමන් වැහුවා දොර..හදපු වදපු දෙමවුපියො සිහිඋනා.. දෙයියනේ තුන් හිතකවත් තිබ්බ දෙයක්ක.. සතුට වැඩි කමටද මන්දා කඳළු වැටෙනවා සට සට ගාලා..
ඇද දිහා බැලුවේ.. මේන් වැඩක්..
ඇද උඩ තිබ්බ තෑගි දෙන්න ගෙනාපු පෙට්ටි ගොඩ ගහලා.. සක්කරේ එව්වා අයින් කරනවා.. දුක වැඩි කමට ගිහින් මාත් උදවු උනා.. හප්පා සිරික්කිය. හරියට අවුරුදු දාස් ගනනක් පෙරුම් පුරලා අද දවස උදා වුනා වගේ.. හදිස්සිය හදිසිය.. එව්වා ටික පිළිවෙලට අයින් කරලා බිමින් තියන්න හැදුවා
අනේ.. බිමින් තියන්න එපා..
ඒත් මේ ඉඩ ඇතිද..
ඔහොම ඉන්නකෝ ටිකක්....දෙයියනේ මෙව්වා කොහොමද බලං ඉන්නේ......
එයා ගිහින් මොකක්ද මන්දා පටියක් අරන් ඔක්කොම තෑගි ටික එක උඩ තියලා ගැට ගැහුවා..
හම්මා.. ඇති යාන්තං.. දැන් වත් හරි කියලා ඇඳ උඩ ඉදගත්තා..
මෙන්න එයා යනවා..
කොහෙද යන්නේ
ඉන්න.. මං වොෂ් රූම් එකට ගිහින් එන්නං...
ම්ම්ම්ම්.. ගමන් මහන්සියට වෙන්ටෑ ඇඳට හාන්සි වෙන්න තරන් මහන්සි.. මෙන්න එකපාරටම ටොයිලට් පේපර් රෝලම උස්සං ආවා සක්කරේ...
ඔය මොකටද.. හදවත ගැඩෙනවා සන්ෆලවර් බෑන්ඩ් එකේ බේස් එක වගේ...
ඉන්න ටිකක්..
මෙන්න සක්කරේ අර තෑගි වල තිබ්බ දූවිලි ඔක්කොම පිහිදානවා..එව්වත් කරලා ඉවර වෙලා..
දැන් හරි..
මෙන්න මං දිහා බලාගෙන හිනාවෙලා ඉන්නවා.. ඇති යාන්තං වැඩේ ඉවර උනා...
ඉතින්.. ?? ලස්සන ඇස් දෙක දිහා බලාගෙන ඇහැව්වා නෙමේ කටින් කියවුනා
ඉතින් කියන්නේ.. ගන්න මේ පෙට්ටි ටික..
හැහ්..මාව එක්කං ආවේ මෙව්වා අරන් යන්නද..
නැතුව.. අනිත් ඔක්කොම බීලා වැටිලා.. මං කොහොමද මෙව්වා අරන් යන්නේ.. අනික සාරියත් ඇඳගෙන..
ඉතින් අපි කිව්වායැ සාරි අදින්න කියලා..
කතා කරන්න වෙලා නෑ..තෑගි දෙන්න පරක්කු වෙනවා.. අපි යමු..
ආයෙ අහවල් මගුලක්ද.. මං තෑගි ටිකත් අරගෙන ආවා.. සක්කරේ රූම් එකේ දොර වහලා යන්න ගියා..
ප/ලි,
මේ ඇදුම නිර්මාණය කරලා දුන්න අපේ ජේ ඩී මලයට මගේ හදපිරි ස්තූතියි ඇ.. අනික ඕනයා අයියත් ඇහැව්වනේෂර්ලොක් හෝම්ස් කෝ කියලා.. ඔන්න දැන් එකත් ලගදිම එනවා.. කලින් කොටස බලලම ඉන්නකෝ..
කලින් කොමෙන්ට් ටික මැකුන නිසා.. :-D
ReplyDeletecjgayan said...
චික් විතරක් කැත හිත...
November 18, 2011 9:41 AM
පූසා said...
ReplyDeleteමේක අහලා බලන්න :D
http://www.youtube.com/watch?v=vK2dIIwxXtk
November 18, 2011 9:51 AM
තිස්ස දොඩන්ගොඩ said...
ReplyDeleteමරේ මරු කථාව පසන්!
November 18, 2011 9:52 AM
හූ හූ.. ඇද්ද පසනා.. හූ..............
ReplyDeleteකියවන එකාව කන්ද මුදුනටම එක්කන් ගිහිල්ලා එකපාරටම කන්දෙන් පල්ලෙහාට තල්ලු කරලා දැම්මා නේද? :D
ReplyDeleteහිහි මට හිතුන කියවනකොටම මෙහෙම එකක්තමා වෙන්න ඇත්තෙ කියල හික්ස්
ReplyDeleteගණන් ගන්න එපා බං, දුක තමා
ReplyDeleteපව් සිද්ධ වෙනවා යකෝ තොට. නග්ගල නග්ගල බැස්සුවට. උබට එහෙම කරපු නංගිත් මහා අසික්කිත වැඩක් තමයි කොරල තියෙන්නෙ.
ReplyDeleteහු හු පව් අනේ
ReplyDeleteලස්සන හීනෙ මල්ලියො... (දැන් අර ගෑණු ළමයව උදේට උදේට දකිද්දි ගුඩ් මෝනින් කියවෙන්නෙ නෑද?)
ReplyDeleteමේ ඒක නෙමේ තෑගි ටිකත් අයින් කරලා ඒ ටිකත් කරගහ ගත්තයින් පස්සෙද ෆොටෝ එක ගත්තේ?
එක දෙයක් නම් කිව්වැකි... උඹ එවෙලෙ තිබ්බ ගැස්සිල්ලෙන්ම ලිපියත් ලියලා බන් මල්ලියේ...
අපරාදෙ මමත් කෙල හල හල කියෙව්වා.............!!!
ReplyDeleteman hithuwa bath room 1ta gihin eya apahu eliyata enakotama 18+ kiyala! ioooo bro! ohoma bite kawanawada apita! :D :D nice story ayya!
ReplyDeleteරුපියල් පහ කේව . . . .තූ තෝ . . . පුල් පයර් එකේ කියෙවුවෙ . . . . .මීට හොඳා තෝ මට (*&&&$^)())&*$%@#!!!!!!
ReplyDeleteමං නොදන්නවද තොට හරියන්නේ නැහැ කියලා..:D:D:D
ReplyDeleteමටත් තේරුනා වෙන මගුලක් තමා වෙන්න යන්නේ කියලා...:D
ReplyDeleteආතල් එකේ කියවගෙන ගියා... මදෑ...!!
ReplyDelete:D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D:D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D:D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D:D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D
ReplyDeleteචීන්නු අහපි තනිෙයන් ෙමාෙකා් හිනා...හිනා ෙනාවී මල මගුලක් ෙකාරන්ටයෑ ෙම්වට....උන්ට ඉතිං ෙම්වා මං ෙකාෙහාම ට්රාන්ස්ෙල්ට් ෙකාරන්ටද අප්පා
අපරාදේ දැකපු හීන කන්ද....
ReplyDeleteහපේ.... :) සිනා එකයි :)
ReplyDeleteඉස්තිරී ජාතී නැ ව්ස්සාසේ කියලා මං උඹට කොච්චරවත් කියනවා නොවෑ අයියේ කොහේද උම අහන එකෙක්යෑ...
ReplyDeleteචීයා බං....
ReplyDeleteතෝ අපිව කාපන්.... හලේ මම බලන් හිටියේ සෝස පාට උම්ම එකක් වත් හම්බෙනකන් තොගේ මූන දම් වෙලා යන සයිස්.. කොහේද... ඕනය කිව්ව වගේ තෝ සුපියල් පහ කේවා....
ReplyDelete:P
ReplyDelete1 ඇඳුමනම් එළ!
ReplyDelete…2 මෙක මගෙ හිතෙ තිබුන කෙටි කතාවක් . නියමෙට ලියලා තියනවා .
හරි පවු බං උඹ :D
ReplyDeleteඉල්ලන් කාලා හික්ස්... :D :D
ReplyDeleteකතාවයි බාසාවයි නියමයි !!
ReplyDeletehyyo........mokadda appa me kale.......?
ReplyDeletecjgayan /
ReplyDeleteසොරි වෙන්න ඕනි කලින් කොමෙන්ට් එක මැකුනට.. ස්තූතියි ඇවිත් ගියාට..
පූසා/
කම්මැලි පූස්.. ඔන්න කලින් කමෙන්ට් එක මං දැම්මා.. ස්තූතියි ඇ..
තිස්ස දොඩන්ගොඩ /
තිස්ස අයියා.. ස්තූතියි
සිහින /
සිහින මොකෑ බොල හූ කියන්නේ.. දැන් මක්කැයි මෙතන හූ කියන්න තියෙන්නේ ඇ..
Rajith /
කන්දක් උඩට ගිහින් බොලාලව අත අරින්නැතුව වෙන මොනා කරන්නද බං.. හී හී.. ස්තූතියි ඇවිත් ගියාට..
හිම කුමාරි /
හිම කුමාරි හරි දස්සයි නොවැ.. කලින්ම දැනගෙන තියෙන්නේ.. ස්තුතියි ඇවිත් ගියාට..
Dishan Rajapaksha /
ඔවු බං.. දුප්පත් අපට ඔව්වා උරුමයිනේ..:-D ස්තූතියි ඇවිත් ගියාට.
වාචාලයා /
උඹලා ඔහොම කියන්න එපා බං.. එතකොට මං පවුනේ. දුක නැද්ද බොලාලට.:-D.
Ran /
රන් ඉතින් මිනිරන් වෙන්න තමා හදන්නේ මට හූ කියලා..:-D
තනෝජා රාජපක්ෂ /
තනෝජා අක්කා මෙව්වා මං ලිව්වට මට උනේ නෑ අප්පා.. මොනාද මන්දා අක්කත්.. මට වෙච්චා ලියලා මට පාරෙ බැහැල යන්න පුලුවන් වෙයි කියලා හිතනවද අක්කා..:-D
ඒෂියන් /
සික්.. අපසාදේ හලපු කෙල ටික...:-D
මාධව - மாதவ - Madhawa /
ඉත්තූතියි ඉත්තූතියි මේ පැත්තෙ ආවට...:-D
ඕනයා/
සික් මට බෑ තොට *&&&$^)())&*$%@#!!!!!! මෙව්වා කරන්න.. තෝ වල්.. ඊ.........යා..:-D:-D
මාරයාගේ හෝරාව /
අයියා ඉතින් අනාගතය දකින කෙනා වෙච්චි.. මං ගැන නොදන්න විදිහක් නෑ නොවැ...:-D
නිසුපා /
ReplyDeleteසා.. ඔයත් ඒක දැන ගත්තද.. හික්ස්..
ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට..
Mahesh Wickramasinghe /
ආතල් කුඩු උනාද මචං.. අපි පවු නේ බං. :-D
ගීත් (සහෘදයා)/
ආහ් මට අමතක උනානේ දැන් උඹ චීනත් එක්ක කියලා.. ඒක වෙන්ටැ දැන් පේන්න නැත්තේ.. මල් සරා මට ලියුමක් එවලා තිබ්බා බං.. මං උඹට ඒක එවන්නං ලගදිම.. :-D
Dinesh /
හීන දකින්න එපා බං.. හීන නැති උනාම අවුල් නේ.. :-D :-D
ජීවිතේ මල් /
ආද් දිල් අක්කා.. හීනා කෑවයි.. :-D :-D
සුදු හංසි /
ඒකනේ සුද්දි.. කොහෙද මං නගා කියන දෙයක් ඇහැව්වැයැ.. අද ඉදං ඕං මයෙ නගා කීන දේ මං ආනවා.. :-D
prasanna86k /
චීයා.. බොලාගේ කැත හිත.. :-D
පිස්සා පලාමල්ල /
සෝස පාට උම්මා ලෑ බං.. අපිට කොයින්ද බං බූල් බල්ලෝ.. :-D :-D
නවින්ද්ර අල්පෝන්සු /
:O :P :D
ලොකු ඡෝන් /
අන්න ජෝන් උඹට විතරයි ඇඳුම ගැන මතක් උනේ.. ස්තූතියි මචං
..ChAnDiKa../
ඔවු බං මං පවු.. කොහෙද මුන්ට ඒකවත් තේරෙන්නෑ බං.. :-D
චතුමිතු /
අපිට පුරුදු දේනේ බං.. :-D
Rasika Kariyawasam /
ස්තූතියි මචං.. :-D
Anonymous/
හයියෝ.. කවුද අප්පා මේ... නම කීලා යන්ටකෝ.. ඕම යන එක හොද ලෑලේ ලේ... :-D
පවු යකෝ උඹ . . හික්ස්
ReplyDeleteමුන්ගේ කැත හිතට වල්කම් හිතුණට ඒ අහිංසක කෙලි පැටික්කි සත්තලං :))
ReplyDeleteකාලෙකින් මේ ජාලේ සරන්නේ මම ..දැනුයි ඉතින් පෝස්ට් එක දැක්කේ..
ReplyDeleteඇදුමත් ලස්සනයි.. කතාවත් ලස්සනයි.ජයවේවා!!!
ඇග කිලිපොල යන කතාවක්
ReplyDeleteහෙහ් හෙහ්.. අපරාදේ කොල්ලා බලාපොරොත්තු මහ ගොඩක් තියෙගෙන වෙන්නැති නේද යන්න ඇත්තේ.. අනේ අපොයි කිව්වලු ඉතින්.. ;) hikz..
ReplyDeleteඅද තමා මුලින්ම ගොඩ වුනේ.. ලස්සනයි කතාව.. ඒත් අකුරු වල පාට තව ටිකක් කැපිලා පෙන පාටක් වුනා නම් හොඳයි නේද.. :)
හික්ස්..මටනං හිතුනා පටං ගනිද්දිම සිද්දිය මේ වගේ වෙයි කියලා!!! :)))
ReplyDelete:P
ReplyDelete