
අභිරහසක ඇරඹුම......
සුභ උදෑසනක් වොට්සන් මහත්මයා...
ප්‍රියංකර සිනහවකින් මුව සරසා ගත් හෝම්ස් මාදෙස බලා සිටිනු දුටුවේ එම මොහොතේදීය..
ඔබටත් සුභ උදෑසනක් හෝම්ස් මහත්මයා...
අද උදෑසනම රාජකාරියට යන්න වගේ..
ඔවු.. මා එනතෙක් රෝගින් බලා සිටින නිසා මා හට ප්‍රමාද විය නොහැකියි.. එම නිසා මා දැන් යන්න ඕනි..
නිවස ඉදිරි පිට ඇති කුලි රථගාල දෙස නෙත් යොමා කුලී රථයක් ඇති බව දුටු නිසාවෙන් හෝම්ස් මහතාට සමු දී විගස රෝහල වෙත යාමට පිටත් වූයෙමි..
කල්ගත වෙත්ම මා ඒකාකාරී ජිවන රටාවකට කොටු වුන තවත් එක් වෛද්‍යවරයෙක් බව මට හැගෙන්නට විය. අමතක කිරීමට නොහැකිව වඳ දෙන අතීතයත් කරපින්නාගෙන කිසිවෙකුත් නොහදුනන පලාතක ඒකාකාරී ජීවන රටාවකට කොටුවීම මා කෙරෙහි මාගැනම කෝපයක් ඇතිවිය. කලකිරුනු සිතත් ඇගෙට දැනුන මහන්සියත් නිසාවෙන් වේලාසනින් රාජකාරීන් නිම කල මා නවාතැන් පළ වෙත ගියේ සුළු මොහොතක් හෝ නිදා ගැනීමේ අටියෙනි...
කුලි රථයක් පෙනෙන්නට නොතිබූ නිසාවෙන් සීතල මග හැරයාවි යැයි සිතා පාගමනින්ම නිවහන වෙත ඇදෙන අතරතුර මාගේ මෙහි සිටන එකම මිතුරා වන ෂර්ලොක් හෝම්ස් ගැන සිහිවන්නට විය. ඔහු දිනක් මා හා පැවසූ පරිදි උසස් අධ්‍යාපනය නිම කළ පසු වෘත්තියෙන් රහස් පරික්ෂකවරයෙකු බව පැවසූවද මා කිසි දිනට ඔහු එවන් කටයුත්තක නිරත වෙනු දැක නැත.. විටක ඔහු ගැන සැකයක් ඇති වුවද මිනිසෙකු වශයෙන් ඔහු තුල ඇති ගතිගුණ නිසාවෙන් ඔහු ගැන අහිතක් සිතන්නට තරම් දෙයක් නොතිබුණි..
මනෝ ලෝකය බිඳ වැටුනේ මා නවාතැන් පළ වෙත ලගාවී ඇති බව පසක් වීමෙන් අනතුරුවය. නිවස ඉදිරිපිට සුඛෝපභෝගී අසුන් සතරක් බැඳි රථයක් නවතා තිබෙනු දුටු අතර එය අපගේ නිවහනවෙත පැමැණි අමුත්තකුගේ යැයි මා හට නොසිතින.
ආලින්දයේ දොර අඩවන්ව තිබූ නිසාවෙන් පෙර අවසරයක් නොගෙන නිවසට ඇතුළු වීමේ වරද වැටහුනේ සෝපාවේ හිඳ හුන් අමුත්තා දුටු පසුවය.
සමාවෙන්න මහත්මයා.. මා දැනන් සිටියේ නෑ ඔබ හා අමුත්තෙකු ඇත කියා..
හෝම්ස් මහතා දෙස ලැජ්ජාවෙන් පිරුණු දෙනෙත් තව දුරටත් යොමා සිටුනු නොහැකි නිසා මා කාමරය වෙත පියමනිනන්ට විය.
වෝට්සන් මහත්මයා.... හෝම්ස් මහතාගේ මුවින් නැගුනු ගැඹුරු හඬ නිසාවෙන් මා එක්වරම නැවතින..
දොස්තර මහත්මයා විශේෂ වැඩකට නෙමේ නන් කලින් ගෙදර ආවේ විශේෂ කථාවකට සවන් දෙන්න පුලුවනි ඔබට..
සෝපාවේ හුන් අමුත්තාගේ මුහුණේ ප්‍රිතියක් නොතිබුනිද හෝම්ස් තුල උතුරා යන ප්‍රිතිය දෙනුවන තුලින් වාන් දමන්නට විය.
මගෙන් ඔබගේ කථාවට අවහිරයක් වෙන නිසා.. මං මෙතනින් යන්නම් මහත්මයා..
නෑ.. ඔබ කැමති නම් අපේ කතාවට කිසිම අවහිරයක් නෑ...
හෝම්ස් ගේ දෙනයන තුල විධානයක ස්වරූපයක් සැගවී ඇත්දැයි මා හට විටෙක සිතෙන්නට විය.මා හිස්ව තිබු අසුන මත හිඳ ගත්තා නොව හිද ගැනීමට සිත්වූවා පැවසීම අතිශෝක්තියක් නොවන්නේය.
මා ඉදිරියේ හුන් ආගන්තුකයා විල්බර්ට් මහතා බව සුළු වේලාවක් යත්ම හෝම්ස් විසින් හදුන්වා දෙන ලදී.. පළල් නළල් තලයත්.. අවුල් වී ගිය කෙස් වැටියත් ඔයගෙ සිත තුල තිබු කැළඹිල්ල ප්‍රදර්ශනය කරන්නට වූ අතර විටක දෙතොල් තදින් හපා ගනිමින් තම හැගීම් පාලනය කිරීමට උත්සහ කරමින් සිටින්නට විය.මා ඔහු දෙසා බලා සිටිනු හෝම්ස් මහතා දුටුවාදැයි මම නොදනිමි.
ඉතින් දොස්තර මහත්තයා.. මතකද මං ඔබව මුන ගැසුන මුල් දිනයේම කිව්වා.. නිරික්ෂනතුලින් නිගමන වලට පැමිණිම ගැන... දැන් ඔබ කියන්නකො බලන්න මේ මහත්මයා ගැන ඔබ දකින නිරික්ෂන මත පැමිණි නිගමනයන් ටිකක්.. මොකද මමත් තවම මේ මහත්මයා අදුනන්නේ නැහැ.
මා තව දුරටත් ඔහු දෙස බලා නිරීක්ෂනයන් සමග සිත පොරබදන්නට විය..දිග සුසුමක් වා තලයට මුදා හල හෝම්ස් මහතා වෙත වාර්ථාව ඉදිරිපත් කෙලෙමි.
විල්බර්ට් මහතා තේ වතු පාලනය හා සම්බන්ධ කෙනෙක්, හොදින් මිල මුදල් ඇති කෙනෙක් යැයි හෝම්ස් දෙස මා උජාරුවෙන් බලා පිළිතුරු දුනිමි..
එපමණද දොස්තර මහත්මයා කියන්න පුලුවන්..
ඔවු.. හෝම්ස්..මං හිතන්නෑ ඔබටත් ඊට වඩා වැඩි යමක් කියන්න පුළුවන් වෙයි කියලා..
මා දෙස නෙත් කොනින් බැල්මක් හෙලු හෝම්ස් මහතා හාන්සි පුටුව තම දිග ඇදෙමින් සිවිලිම දෙස බලා සිටින්නට විය..
එක්වරම හඩ අවදි කළ හෝම්ස් මහතා..
විල්බර්ට් මහතා වැවිළි සමාගමක හිමිකරුවෙක්.. ඉතා යහමින් මුදල් තිබෙනවා සහ බොහෝ කළක් දකුණු පලාතේ පදිංචි වෙලා ඉදලා ලගදි තමා මෙහෙට ඇවිත් තියෙන්නේ.දකුණු පලාතේ වගාවන් බොහෝ වෙලාවට සතුරු උවදුරකින් විනාශ වෙලා වෙන්න පුලුවන්.. කෙසේ වුවත් එහි තිබූ සියලුම දේපල අත්හැර මේ පලාතට ඇවිත් තියෙන්නේ.. තම බිරිඳ මොහුව මැත කාලයේ අත්හැර ගිහින් තියනවා.. ඒ මතකයන් අමතක කරන්න විල්බර්ට් මහත්මයා බොහෝ උත්සහ කරනවා වගෙයි..
එම වචන කිහිපය හෝම්ස් මහතාගේ මුවින් නික්මෙත්ම අප ආගන්තුකයා හෝම්ස් දෙසට වේගයෙන් පැන පහරක් එල්ල කරන්නට සුදානම් විය.. එම මොහොතේ මා නොවන්නට හෝම්ස් මහතා වෙත දැඩි ප්‍රහාරයක් එල්ල වනු නොඅනු මානය.
ආගන්තුකයාගේ ග්‍රහනයෙන බේරුනද ආගන්තුකයා තුල පැවති කෝපය මුවින් තාමත් නික්මෙන්නට විය..
හෝම්ස්.. ඔබට මහත්මයා යැයි කීමට නුසුදුයි.. කොහොමද ඔබ මගේ පුද්ගලිකත්වය මේ තරන් හෙව්වෙ.. ඇයි එහෙම දෙයක් කරේ...
සිනහ මුසු මුහුනින් ඔහු දෙස බලා සිටි හෝම්ස් මහතා තමන්ගේ නිරීක්ෂනයක් විග්රහ කරන්නට විය..
විල්බර්ට් මහත්මයා සංසුන් වෙන්න.. මා ඔබ ගැන මීට පෙර අසා හෝ හොයා බලා නැහැ.. මම සිදු කලේ නිරික්ෂනයන් තුලින් නිගමනයන් බිහි කීරීමක් පමණයි.
දැන් බලන්න.. ඔබ ඇද සිටින සුදු කොට කලිසම මේ වතුකරය තුල වතු පාලක වරුන්ගේ සුළභ දසුනක්.. එය විග්රහ කරමින් මා මිතුරු වොට්සන් මහතාද පැවසුවා ඔබ වතුපාලකවරයෙක් කියලා.. නමුත් ඔබ පැළද සිටින ලාංචනයේ තිබෙනවා වතුහිමියන්ගේ සංගමය කියලා.. එයින් අදහස් වන්නේ ඔබ නිකං වතු පාලක වරයෙක් නොවේ.. වතු හිමියෙක් කියලයි..ඔබ වචන උඡ්චාරනය දකුණු පලාත්ට සම්බන්ධයි.. ඉතින් ඔබ බොහෝ කලක් ඒ පලාතේ ගත කර ඇති බවට අමුතුවෙන් කිව යුතු නැහැනේද..ඔබ මෙම පලාතට අලුත් වුවත් තේ වගාව ගැන හසල දැනුමක් ඇති අයෙක් විය යුතුයි.. නැතිනම් නන්නාදුනන පලාතක දැනුමක් නැති වගාවකට හිත යොමන්නට ඔබ කිසිවිටකත් පෙළඹෙන්නේ නැහැ.. ඒ කියන්නේ පෙරත් ඔබ තේ වගාව හා සම්බන්ධ වී සිටි අයෙක්.. එවන් අයෙක් තව වතු විකුණා කදුකරයට පැමිනීමට ක්‍රියා කර ඇත්තේ සතුරු කරදරයක් නිසා වෙන් නොවන්නේ නම් අන් කුමකින්ද..
හෝම්ස් මහතා දෙස වික්ෂිප්ත බැල්මකින් බලා සිටි විල්බර්ට් මහතා යන්තමින් සැනසුම් සුසුම් හෙලනු පෙනෙන්නට විය.ඔබ නම් හරි පුදුම මනුස්සයයෙක් හෝම්ස්.. මං හිතනවා මගේ ගැටළුවට ඔබට පිළිතුරක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා.. එහෙම හිතෙන කොට නන් හිතට සැනසීමක් දැනෙනවා.. මට සමාවෙන්න තරහා ගියාට..නමුත් ඔබ කොහොමද මා බිරිඳගෙන් වෙන් වී සිටින බව පැවසූවේ..
එය හරිම සරළයි මහත්මයා.. ඔබ දකුණු අත මංගල මුදුප පළදින තැන තවමත් මුදුවක සළකුන තිබෙනවා.. ඔබ වැනි මිල මුදල් යහමින් ඇති පුද්ගලයකු මුදුවක් ගැනීමට නොහැකි අයෙක් විය නොහැකියි.. එසේ නම් මෙය ඔබ අකමැත්තෙන් හෝ අමතක කර දැමීමට උත්සහ කරන බිරිඳගේ නොවන්නේ නම් අන් කවරක්ද මහත්මයා..
එය පැවසීමත් සමග විල්බර්ට් මහතාගේ මුහුණ මැලවුන ස්වරූපයක් ගත් නිසාවෙන්දෝ හෝම්ස් මහතා යළිත් සිය බඩ අවදි කරන්නට විය.
ඉතින් විල්බර්ට් මහතානෙනි.. ඔබ පැමිණි කාරණය තවමත් අප හා පැවසුවේ නැහැ නොවෙද..
ඔවු.. දැන් මං කියන්නං ඒ කතාව. එය වෙලාවකට විකාරයක් වගේ ඔබ තුමන් සිතාවි.. නමුත් මා සිටින්නේ ඉතාමත් සිත් තැවුලෙන්.. පොලිසියෙ සාජන් මහත්තයා තමා ඔබතුමා ලගට මාව එව්වෙත්.
හරි විල්බට් මහත්තයා දැන් කතාව කියන්නකෝ බලන්න..
තමන් සතුව ඇති හවානා සුරුට්ටු පැකට්ටුවෙන් සුරුට්ටුවක් ඇද හාන්සි පුටුව මත ඇළවුන හෝම්ස් මහතා දෙනෙත පියා ගනිමින් සිවිලිම දෙසට දුම් රොටු මුදා හරින්නට විය..
මා හටද සිකරට්ටුවක් බීමට සිත් වුයෙන් ගොල්ඩ් ලීෆ් එකක් පත්තු කර සෝෆාව තම සැපට හිද ගනිමින් කතාවට සවන් දෙන්නට වූවෙමි.
දිර්ඝ හිහැඩියාවකට පසු ආගන්තුකයා තම හඩ පිටකරන්නට විය. අවටින් නැගුන අහස ගුගරණ හඩ සහ විදුලි කෙටීම් අතර මද වෙලාවකට අප තිදෙනා අතර ඇති වුන නිහැඩියාව අනාගතය තුල අසන්නට ලැබෙන බියකරු සිද්ධියක පසුබිමක දැයි මා සිත ප්‍රශ්න කරන්නට විය.
හොම්ස් මහත්මයා.. අපි මේ ප්‍රදේශයට ඇවිත් වැඩි කලක් නෑ. ඔබතුමා දැනටමත් දන්නා පරිදි මම වෘත්තියෙන් තේ වතු හිමියෙක්.. ඉතින් මා දිනකට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් හා ගණුදෙනු කරනවා..ඒ සදහා සහයට ඉතා විශ්වාසවන්ත සේවකයෙක් හා මා ගේ පුතුනුවන් පම්ණයි ඉන්නේ..ඊට අමතරව මා නිවස තුල ප්‍රධාන සේවිකාවක් සහ ඇයගේ සහයට තවත් එක් සේවිකාවක් සිටිනවා..අප පුරුද්දක් වශයෙන් නිතරම ගණුදෙනු කරන්නෙ චෙක්පත් හරහා. සැම දිනකට රාත්‍රියේ පසු දිනට ගෙවිය යුතු චෙක්පත් සියල්ල මා විසින් ලියා අවසන් කර තබනවා.. එදිනත් රාත්‍රියේ පුරුදු පරිදිම මා චෙක්පත් සියල්ල ලියා ලියුම් කවරයක දමා මා පුතු නිවසට එන තෙක් කාමරයේ තැබුවා... පසුව පුතු පැමිණි පසු එම ලියුම් කවරය පුතාට දුන්නා..ඊට පසු දින බැංකුවට ගිහින් බලද්දි එක් චෙක් පතක් නැහැ මහත්මයා..
පොඩ්ඩක් ඉන්න විල්බර්ට් මහත්මයා.. ඔබ පුතා අතට චෙක්පත් ටික දෙන්න කලින් නැවත ලියූ චෙක්පත් නිවරැදිව තිබුනා දැයි බැලුවේ නැද්ද...?
නැහැ හොම්ස් මහත්මයා.. මං එසේ සිදු කලේ නෑ.. වෙනදාත් එසේ නොකරන නිසා එදිනද එසේ කිරිමේ උවමනාවක් තිබුනේ නැහැ..මට තෙරෙන්නෑ මහත්මයා.. ඒ සල්ලි නැතුව තව දුරටත් මේ ව්‍යාපාරය කරගෙන යන්න අමාරුයි මහත්මයා..
තම හිස දෙපසට වනමින් උමතුවෙන් මෙන් කෑගසන පුද්ගලයා දුටු විට මුවට සිනහවක් පැමිණියද ඔහුතුල ඇති වන මානසික පීඩනය තේරුමි ගිය නිසාදෝ ඔහු ගැන විටක අනුකම්පාවක් මා සිත තුල ඇතිවිය.
විනාඩි කිහිපයක නිහැඩියාව තුල කවුළුව අතරින් ඇදෙන සුළං පහරක හඩ පමණක් රජකල අතර විටක ඒ සුලගින් දල්වා ඇති පහන් සිල නිමී යා දෝ යැයි සිතින.. කාමරය තුල අඩ අදුරක් පැවතියද පහන් සිලෙන් නැගුන කහවන් ආලෝකය නොවන්නට කිසිදු එළියක් පෙනෙන්නට නොතිබිණ.
නිහැඩියාව බිඳිමින් හෝම්ස් යලිත් හඩ අවදි කරන්නට විය.
විල්බර්ට් මහත්මයා.. ඒ චෙක් පතේ වටිනාකම කීයද...?
ඇතින් හමා එන සුලං දෙස මොහොතක් බලා සිටි ඔවු හිස ඉදිරියට යොමු කලේ රහසක් කියන්නට මෙනි.. අප දෙදෙනාද පුටුවෙන් ඇත්ව ඔහු දෙසට පැමිණියේ එය රහසක් වශයෙන් ඇසිය යුතු නිසාවෙන්දෝ නැතිනම් සිත තුල ඇතිවුන කුතුහලය නිසාවෙන්ද යන්න සිතා බලන්නට අවැසි නොවින..
අප දෙසට ලං වුන විල්බර්ට් මහතා රහසින් කොදුරන්නා මෙන් කතාකරන්නට විය.
හොම්ස් මහත්මයා.. ඒ චෙක් පතේ වටිනාකම.......
අපි තිදෙනාගේ සුසුම් හෙලන හඩ හැර අන් කිසිම හඩක් පරිසරය තුල නොවින. හදවත ගැහෙන රාවයද ඇසෙනා තරම් පරිසරය නිහඩ විය.
ඒ චෙක් පතේ වටිනාකම ලක්ෂ 80ක්....
එක්වරම පුපුරා ගිය හෙන හඩත් සමග ඇතිවුන විදුළි එළියෙන් මුළු කාමරය අලෝකමත් විය.
.................මතු සම්බන්ධයි..............