
හැමදාම ඔපිස් යද්දි පිළිගැනීමේ කවුන්ටරේ ලග රෝස මල් පොකුරට හැංගිලා ඉන්න කෙල්ල දැක්කෙ නැත්තං මට ඉතින් උදේට කෑවේ නෑ වගේ.. බිත්තර රොටී දෙකයි පරාට තුනයි හැමදාම වගේ කාල ගියත් ඒ කෙල්ල නැති දවසට නිකං බඩට මල්ටි බැරල් ගැහැව්වා වගේ පිච්චිලා යනවා. හැමදාම උදේට ගුඩ් මෝනින් කියලා කට පුරා කිව්වත් කවදාවත් ඒ කෙල්ලෙග තියන උද්දච්ච කමට මූණ බලලා ගුඩ් මෝනින් කියන්න බැරි හැටි.. හැමදාම පුටුව උඩ පතබෑවෙන්නේ ඒකිට මුලු හිතෙන්මෙ බනින ගමන්.
ඒක බඳින්න කොල්ලෙක් ඉන්නවා බං.. එන්ගේජ් වෙලා ඉන්නේ.. හැමදාම මගෙ මූණ දකිය අල්ලපු පුටුවෙ එකී ඉදගන්නේ ඔය වචන පේලිය කියන ගමන්.. හරියට ඒකිට ඒක කිව්වෙ නැත්තං වැඩ පටන් ගන්නත් බෑ වගේ.
උදේ පාන්දර ශෝඛ මූඩ් ගහලා පැත්තකට වෙලා ඉද්දි ලොක්කා කෝල්..
මේ .. දැන් ගෙට් එක තියනවා නේ.. හොටේල් එක ලෑස්තිද..
ආහ් ඔවු. එව්වා හරි.. ඒ උනාට බෑ අප්පා මට තනියෙන් කරන්න.. තව ටීම් එකක් දෙන්න.. විසිට් යන්නයි ඔව්වයි දෙකම කරන්න වෙලා නෑ අප්පා..
ටීම් ඕනි නෑ.. අර රෝස මල ගනින් සහයට
හැහ්.. ඉබ්බා මොකේද ඇන්නාවේ කිව්වලු..
අනේ එයා එපා.. එයත් එක්ක කොහොමද වැඩ කරන්නේ..
දැන් තනියෙන්නෙ කරන්න බෑ කිව්වෙ.. දෙන්නත් එක්ක ඕනි මගුලක් නටාපිය..
කලූ මූණ ලැජ්ජාවෙන් රතු වෙලා දම්පාට වෙලාද කොහෙද.. මෙව්වා දෙයියොම බලා ගන්න ඕනි..
ඔන්න ඒ පණිවිඩත් කියලා එකට වැඩ කරන්න පටන් ගත්තත් හරි මේකිගෙ ලොකු පොර ටෝක් අහලම එපා වෙලා තිබ්බේ..
වෙලාවට මහ රජ්ජුරුවන්ගෙ දුව වෙලා ඉපදුනේ නැත්තේ.. නැත්තං ඒ කතන්දර ටික අහපුවම සසර කළකිරෙනවා..
ඔන්න කළ වයස ආහ් නෑ.. දවස් සති ගෙවිලා ගිහින් ගෙට් එකත් සෙට් උනා..ඔන්න උදේ පාන්දර ගියා සක්කරේ ගන්න.. හප්පා.. මේකි මොන වැඩද.. අද බඳින්න යනවා වගේ මේකප් පාට.. මූණ පාටවල් 77කින් පාට කරගෙන.. පෝය දවසෙ ආලවක තොරණ වගේ..මදෑ වැඩට උදව්වට එකියක් ගත්තා..හෝටලට ගිය වෙලේ ඉදන් මහ අම්මණ්ඩි වගේ පුටුවක් උඩ දපලා වැඩ පවරනවා.. නොදකින් සහයට එකී..
ඔන්න උදේ වැඩ ඉවර කරලා මාත් දෙකක් තුනක් දාගන්න හිතාගෙන හිටියට කොහෙම.. හරියට ඉදිච්චි නැති පැපොල් ගෙඩියක් වගේ. අමුවෙන්ම කාලෙ කකා ඉද්දි. දවසත් ගෙවුනා.. වටේ උන් ඔක්කොම සෙට් වෙලා කාල වැඩි වෙලා වමාරපු ගොඩ උඩ වැටිලා හිටපු උන් උස්සලා අයින් කරලා දෙයියනේ කියලා පැත්තට උනා විතරයි..
මෙන්න සක්කරේ ආවා ලගට.. ඉදගත්තා අල්ලපු පුටුවේ. සා.. මොන මගුල කිව්වත් ඒකි හරි හැඩයි අප්පා.. නිල් පාට ඇස් දෙක දිලා බලාගෙන හිටි ඇහැකි දවස් දෙකක් උනත්.. පිස්සු මල මල් වත්තෙ කිව්වලු..ඔහොම හැඩ බල බල ඉද්දි මෙන්න මේකි එක පාරටම මගේ අත ඇල්ලුවා
යකෝ.. හිරිඔතප් බිදෙනවා තව ඩිංගෙන්.. ඇස් ගෙඩි දෙක නළලට අරං සක්කරේ දිහා බැලුවම මෙන්න ඉන්නවා විරිත්තගෙන.. කවදාවත් නැති මල කොමලෙ
ඇයි
මොනවද අතේ තියං ඉන්නේ
සිගරට් එකක් ඇයි
ඊයා.. ඔයා එව්වා බොනවද..
ආහ්.. මල හුරතල් පයින් ගමන් කිව්වලු..
මේ..
ඇයි
අපි දෙන්නා ගමනක් යංද
හැහ්.. දෙන දොයියො දෙන්නේ වංගෙඩියෙ කොටලලු.. හපන්න ලේසිනේ එතකොට..
අපි දෙන්නා.. ඇයි වෙන කවුරුත් නැද්ද... මොනව උනත් කුලුදුල් නේ..සක්කරේ නන් මොකෑ. අද හෙට දීග යන එකී මොනව කරගත්තද කවුද දන්නේ...
කවුරුත් නෑ අනේ.. ඔක්කොම බීලා වැටිලා.. අපි දෙන්නා යමුකෝ..
ම්ම්ම්.. කොහෙද යන්නේ..
රූම් එකට යමු..
හැහ්.. යකෝ .. දෙයියෝ වංගෙඩියේ නෙමේ පිටි මෝලෙ කොටල අදනන් දෙන්නේ..
අනේ මන්දා.. තනියෙන් යන්න..
ආහ්.. තනියෙන් නෙමේ.. ඔයත් එනවනේ...
ඒත්..
මොනවද අනේ යමුකො..
මෙන් වැඩක්.. මගේ අතත් ඇඳගෙන යන්න හදනවා.. ඉතින් ඉවසන්න පුලුවනැ.. මාත් ගියා පස්සෙන්.. හරිද මන්දා මෙව්වා..
කෝ රූම් එකේ යතුර..
ආහ් ඒක මං ගාව.. හී හී..
මේකිගෙ හුරතල් දකිද්දි දෙයියො මගදි හම්බ උනා නන් දෙයියම්පා ඌට මල් තියලා වදිනවා..
ඔන්න ගියා රූම් එක ලගට.. ගිහින් ඇරියා දොර...
කවුරුත් නෑ ඇතුලේ.. එයයි මායි විතරයි.. මං ඇතුලට ගිය ගමන් වැහුවා දොර..හදපු වදපු දෙමවුපියො සිහිඋනා.. දෙයියනේ තුන් හිතකවත් තිබ්බ දෙයක්ක.. සතුට වැඩි කමටද මන්දා කඳළු වැටෙනවා සට සට ගාලා..
ඇද දිහා බැලුවේ.. මේන් වැඩක්..
ඇද උඩ තිබ්බ තෑගි දෙන්න ගෙනාපු පෙට්ටි ගොඩ ගහලා.. සක්කරේ එව්වා අයින් කරනවා.. දුක වැඩි කමට ගිහින් මාත් උදවු උනා.. හප්පා සිරික්කිය. හරියට අවුරුදු දාස් ගනනක් පෙරුම් පුරලා අද දවස උදා වුනා වගේ.. හදිස්සිය හදිසිය.. එව්වා ටික පිළිවෙලට අයින් කරලා බිමින් තියන්න හැදුවා
අනේ.. බිමින් තියන්න එපා..
ඒත් මේ ඉඩ ඇතිද..
ඔහොම ඉන්නකෝ ටිකක්....දෙයියනේ මෙව්වා කොහොමද බලං ඉන්නේ......
එයා ගිහින් මොකක්ද මන්දා පටියක් අරන් ඔක්කොම තෑගි ටික එක උඩ තියලා ගැට ගැහුවා..
හම්මා.. ඇති යාන්තං.. දැන් වත් හරි කියලා ඇඳ උඩ ඉදගත්තා..
මෙන්න එයා යනවා..
කොහෙද යන්නේ
ඉන්න.. මං වොෂ් රූම් එකට ගිහින් එන්නං...
ම්ම්ම්ම්.. ගමන් මහන්සියට වෙන්ටෑ ඇඳට හාන්සි වෙන්න තරන් මහන්සි.. මෙන්න එකපාරටම ටොයිලට් පේපර් රෝලම උස්සං ආවා සක්කරේ...
ඔය මොකටද.. හදවත ගැඩෙනවා සන්ෆලවර් බෑන්ඩ් එකේ බේස් එක වගේ...
ඉන්න ටිකක්..
මෙන්න සක්කරේ අර තෑගි වල තිබ්බ දූවිලි ඔක්කොම පිහිදානවා..එව්වත් කරලා ඉවර වෙලා..
දැන් හරි..
මෙන්න මං දිහා බලාගෙන හිනාවෙලා ඉන්නවා.. ඇති යාන්තං වැඩේ ඉවර උනා...
ඉතින්.. ?? ලස්සන ඇස් දෙක දිහා බලාගෙන ඇහැව්වා නෙමේ කටින් කියවුනා
ඉතින් කියන්නේ.. ගන්න මේ පෙට්ටි ටික..
හැහ්..මාව එක්කං ආවේ මෙව්වා අරන් යන්නද..
නැතුව.. අනිත් ඔක්කොම බීලා වැටිලා.. මං කොහොමද මෙව්වා අරන් යන්නේ.. අනික සාරියත් ඇඳගෙන..
ඉතින් අපි කිව්වායැ සාරි අදින්න කියලා..
කතා කරන්න වෙලා නෑ..තෑගි දෙන්න පරක්කු වෙනවා.. අපි යමු..
ආයෙ අහවල් මගුලක්ද.. මං තෑගි ටිකත් අරගෙන ආවා.. සක්කරේ රූම් එකේ දොර වහලා යන්න ගියා..
ප/ලි,
මේ ඇදුම නිර්මාණය කරලා දුන්න අපේ ජේ ඩී මලයට මගේ හදපිරි ස්තූතියි ඇ.. අනික ඕනයා අයියත් ඇහැව්වනේෂර්ලොක් හෝම්ස් කෝ කියලා.. ඔන්න දැන් එකත් ලගදිම එනවා.. කලින් කොටස බලලම ඉන්නකෝ..