Friday, July 2, 2010

ආදරය දුකක්ද ???

අද දවස නන් පෙම්වතුන්ට හරිම අපල දවසක් අද මගේ දුරකථනය පැය 3කට වඩා වැඩි කාලයක් ගත කලේ එයාලගෙ ගැටලු නිරාකරනයට ආදරය කිරීම ඇත්තටම දුකක්ද..?? ඔවු ඒක දුකක් මොකද අපි ආශාවන් වැඩි කරගන්නව කියන්නෙ ඒක දුකට හේතුවක් ඒ නිසා ආදරයතුල දුකක් තියනව.​ඉතින් ඇයි අපි දුකට ආදරේ කරන්නෙ ඒ අපිට ආදරේ ඔනි නිසා ආදරේ නැතුව මිනිහෙකුට ජීවත් වෙන්න බැරි නිසා මෙතන ආදරේ කියන්නෙ පෙම්වතුන්ම පමණක් නෙමේ සෑම ආකරයකින්ම අපිට ආදරයක් විදීමේ ආසාවක් තියනව

දැනට ගම්මු පෙම්වතුන්ගැන අද දවසෙම එයාලට උපදෙස් දීල මට ඇති වෙලා ඇයි එයාල ගොඩක් දුක්විදින්නෙ පෙම් කරන්න පටන් ගත්ත මුල් දවසෙ ඉදලම එයාලට ඔනි අනිත් කෙනාව තමන්ගෙ කරගන්න හැද දේම තමන්ට ඕනි විදිහට තියෙන්න ඕනි එහෙම කවදාවත් සිද්ද වෙන්නෑ අනිකාගෙ සතුට සහ ආශාවන් වෙනුවෙන් කැපකිරීම් කරන්න පුරුදු වෙන්න ඔනි සමහර පිරිමි අය හිතනව පෙම් කරන කොට තමන්ගෙ පෙම්වතිය වෙන පිරිමි පුද්ගලයින් ඇසුරු කරන්න හොද නෑ කියල කවදාවත් එහෙම වෙන්නෑඅපි පෙම්කරන්න පටන් ගත් පලියට අපි මැරිල ඉපදෙන්නැ නෙ අපි අපිමයි තව කෙනෙකුට අනුව හැඩගැහෙන්න කාලය උවමනා කරනව ඒක තේරුන් ගන්න මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනි

ආදරය කියන්නෙ බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමේ අපි ආදරය කරන්න ඕනි එතකොට ආදරය අපිටම ලැබෙනව අනිත් පුද්ගලයාගෙන් පමනක් ආදරය බලාපොරොත්තු වෙලා වැඩක් නෑ කලින් අපියි ආදරය කරන්න ඕනි ලැබෙන දේ ගැන හිතන්න එපා පුලුවන් තරම් අනිකාව සතුටෙන් තියන්න උත්සහ කරන්න එතකොට දන්නැතුවම සතුට අපිව හොයාගෙන එනව මං ඒක පුද්ගලිකවම දන්න දෙයක් මං හැමෝම සතුටෙන් තියනව මාව තේරුන් ගත්ත මං ගැන දන්න අය මං දුකෙන් ඉන්න දවසට මාව ගොඩක් සතුටු කරනව ජීවිතේ පැතුම් හොය​ගෙන යන් එපා ඒවා ඉටු වෙයිඅපි කාටවත් කරදරයක් නැතුව එයාලව සතුටින් තියනව නන් ඒක තමයි ජීවිතය කියන්නෙ

අපි ආදරෙයි කියල නීති දාන්න යන්න හොද නෑ නිදහසේ තියන්න අනිත් පුද්ගලයව. යනව නන් යන්න දෙන්න.ඒත් පුලුවන් උපරිම උත්සහය යොදන්න ඕනි තියාගන්න.. බැරිම නන් යන්න දෙන්න.. බලෙන් ආදරය ඉල්ල ගන්න බෑ අඩල ඉල්ලන්ත් එපා ඒ ආදරේ උතුම් නන් ඒ ආ​දරේ බාල්දු කරන්න එපා. උතුම් ආදරය එපා නිසානෙ පිටු පාන්නෙ ඉතින් ඇයි එයාලට අපි තවත් වද දෙන්නෙ කවදාවත් තමන්ගේ අයගෙන් බලෙන් කිසිදෙයක් ඉල්ලන්න හොද නෑ අපි දන්නෙම නැතුව ඒක එයාලට වදයක් වෙනව එහෙම උනාම එයාලට තවත් අපිව එපා වෙනව අපි ඇත්තටම ආදරෙයි නන් අනිකාගෙ සතුට බලල සතුටු වෙන්න පුලුවන් හිතක් තියෙන්න ඕනි ඒකයි ආද​රය කියන්නෙ තමන් ආදරය කරනකෙනා සතුටින් නන් තව මොනවද අපිට ඕනි...

ඒක තමයි ආදරය!!.. අද ​මට ආපු කේස් 5න් (හික්ස්) 4ක්ම තියෙන්නෙ තමන්ට අයිත් කරගන්න යන නිසා ඇතිවන ගැටලු. අප්පා ඒව විසදල මට එපා වෙලා.. අනික කාට හරි ආදරෙයි නන්කෙලින්ම කියන්න සමහර කෙල්ලො, කොල්ලො අහන්නැති නිසා හිතෙන් දුක් වෙනව. නෑ කියන්න බෑ. ඒකත් මට අද ආපු කේස් එකක් තමයි ඒ කෙල්ලයි කොල්ලයි ගොඩක් යාලුවො දෙන්නම ට්‍රයි ඒත් කොල්ල අහන්නෑ කෙල්ල දුකින් ඉන්නෙ ඔය වගේ සීන් වලට මං මොනව කරන්නද අනේ!!!

තමන්ගෙ අතින් කෙල්ලගෙ හෝ කොල්ලගෙ අත තදින් මිරිකපුවම එයාලට රිදෙනව නෙ. ඒ වගේ තමා ආදරෙයි කියල අනිකාව තදින් මිරිකුවොත් එයාලට රිදෙනව. ඒක අපි තේරුන් ගන්න ඕනි.

හිතේ ඇත්තටම ආදරයක් තියනව නන් කෙලින්ම අහන්න..හරි ගියොත් පින වැරදුනොත් පව ​ඔක තමයි ජීවිතේ ආදරේ ඇත්තටම සුන්දර දෙයක්ඒක අත්විදින්න ඒ ආදරේ අසුන්දර වෙන්නෙ අදහස් තේරුම් ගන්න බැරි උනාම කසාදයක් බදින්නම ආදරය කරනව නන් ගොඩක් අදහස් ගැන සැලකිලිමත් වෙන්නඅනිකා හැදෙන්නැත්තන් තමන් හැදෙන්න ඒක තමයි ආදරේ කැප කිරීම නැතුව වහ බොන එක නෙමේ. අනිකාගේ සතුට බලල අපිටත් සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕනි..

ආදරය වෙනුවෙන් ඔනි දෙයක් කරන්න කවදාවත් ආදරේ ඉල්ලල බල කරන්න එපා.. එයාලට වද දෙන්න එපා අපි ආදරේ කරමු එතකොට අපේ ආදරේ අපි ගාවට එනව අනිකාව පුලුවන් උපරිමයෙන් සතුටෙන් තියන්න අපි නිකන්ම එතකොට සතුටින්..

(අද දවසෙම පුද්ගල වශයෙන් කියපු වැදි බණ ටික ඕන් කෙටියෙන් කිව්ව. වැදි බණ කිව්වෙ අනුන්ට කිව්වට මට තාම තේරුන් ගන්න බැරි නිසා. අනිත් හැමොගේම ගැටලු විසදල ආව. ඒත් මගේ දේ එතනමයි විසදුමක් නෑ මගේම අය මැද්දට ඇවිත් නෙ. එහෙම උනාම මං කලිනුත් කිව්ව ​වගේ මං අයින් වෙන එක හොදයි නේද.. ඒ ගැන උපදෙසක් ඔයාලගෙන් ගන්න තිබ්බ. ඒත් ගැටලුව සංකීර්ණ වැඩී.. විසදුමක් නෑ බලං ඉන්නව.. මොකද මං එයාට ආදරේ නිසා....:D )

හ්ම්ම්ම්.. එහෙනන් මං ගියා.. දෙවෙනි දවසටත් නිදි නැති රැයක් පහන් කරන්න ​යනව.. හෙටත් දවසක් එනව.. අනිවාර්යයයෙන්ම හෙට එන ඒ දවසටත් අලුතින් මං එයාට ආදරය කරනව... :D :D..

10 comments:

  1. සිරාම කතාවක්////කියන්න වචන නෑ...ඒ තරමටම ඇත්තම කතාවක්...අපිට බලෙන් ගන්න බෑ,,,බලෙන් ඩෙන්නත් බෑ...යන කෙනාව තියාගන්නත් බෑ....ඒත් හුගක් අදරේ කරනකොට යන්න හදුවොත් යනකන් බලන් ඉන්නත් බෑ...ඒත් අපි අදරේ කරනකොට ඒ අදරේ ලබන කෙනාට දැනෙන්න ඕන...ඒ වගේම දෙන්නගෙම්ම කැපකිරීම් ඕන,..ආදරේ ස්තිරවෙන්නෙ එතකොටයි...හොද සිතිවිල්ලක්...මගෙන් සුබපැතුම්...ෆේස් බුක් ඉන්නවනම් මාව අඩ්ඩ් කරගන්න...ruwankumarameddege

    ReplyDelete
  2. සාදු සාදු.... :D


    ආදරේ ගැන උපදේශන ආයතනයක් පටන්ගනී මචං.හොඳ ආදායමක් තියෙයි.
    :)

    අර කතාවක් තියෙන්නේ "
    If you love something, set it free; if it comes back it's yours, if it doesn't, it never was.


    හොඳ පෝස්ට් එකක් මචං.

    ReplyDelete
  3. ආදරේ ගැන ඇත්ත කතාවක්! අදහස් ටික 500% ක්ම හරි!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ආදරය දුකකි...ඉරකි තිතකි...:(

    ReplyDelete
  6. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කතාවක් මම අහලා තියෙනවා.....

    හික්ස් ..පසන්ගෙ අළුත්ම රස්සාව ලව්‍ර්ස්ලට ඇඩ්වයිස් දීමද ? නරකමත් නෑ නේද පසන්..ඒත් ඉතින් අනිත් අයට අවවාද දෙන ගමන්ම තමන් ගැනත් පොඩ්ඩක් හරි හිතන්නත් ඕනෙ....

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අදහස් දක්වපු ඔය හැමෝටම ගොඩක් ස්තූතියි.. වෙන වෙනම ස්තූති ක​රෛ් නැති එකට සමා වෙන සේක්වා....

    ReplyDelete
  9. mewa mehema kiwwata pana wage adare kara kara adare nisama dala yana aya gana mokada kiyanne.nidahas wenna deela baluwath yanne na. innawa. matath adarei. mamath adarei. namuth marriage ekak na.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...