Saturday, July 10, 2010

පොඩි පොඩි වෙනස්කම් ටිකක්

මගේ සද අමාවක වෙලා මේ දවස් වල. ඉර එළිය පොඩ්ඩවක් නෑ ඉතින් සද කල්පනා කරා ඉර එළියත් නැති එකේ පොඩි වෙනසකටත් එක්ක වෙනස් කම් කිහිපයක් කරන්න.ඒ කවුරුවත් නිසාවත් කාටවත් ඕනි නිසාවත් නෙමේ. මේ ජීවිතේ මටම ඇති වෙලා නිසා. කරන කරන දේ කෙල වෙන නිසා මං කලපනා කරා මේ හැම දේකින්ම ඇත් වෙලා මගේ ඉගන ගන්න වැඩ ගැන වැඩියෙන් හිතන්න දැන් ඒව ගොඩක් මග ඇරිල ඉන්නෙ ඉතින් ඒවට ආයෙ මං යනව කියන්නෙ මිතුරන් සීමා වෙනව ජොලි ඉවරයි වැඩ ගොඩයි.. අනේ තරහ වෙන්න එපා මගෙ මිතුරනේ දැන් මං අනුන් ගැන හිතන එක නවත්තල මගේ ජී​විතේ ගැන හිතන්න පටන් ගන්නව.. මේච්චර කාලයකට කරපු නැති දෙයක්. අනුන් වෙනුවෙන් මං කරපු හැම කැපවීමක්ම නවත්තල දැන් මගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්ත. දැන් මං කාවවත් සතුටු කරන්න යන්නැහැ.. ඒ ජීවිතේ ඇති..

එතකොට මොනවද මගේ සදට කරේ බලමුකො.............. මං ආයෙත් කවි ලියන්නැහැ. කොයි තරන් කාලයකටද දන්නැහැ.. ඒත් කවි ලියන එක දැනට නවත්තනව මොකද කවියක් කියන්නෙ මගේ හිත. දැන් මගේ හිත කවුරුත් දැන ගන්නවට මම කැමති නැහැ..ඒ නිසා මං කවි දාන්නෙ නැහැ.. කවි බලන්නම එන අයට තමයි මගේ සදින් ඔය පිණිවිඩය.. සමා වෙන සේක්වා!!!

අනික කලින් ගොඩක් ලිපි දැම්මා.. සතියට 6ක් විතර දාල තියනව.. දැන් මගේ අදහස මාසෙට 4ට වඩා දාන්නැහැ..ඒවත් කථා හරි මොනව හරි කවි නන් නෙමේ ඕන්...

ඊලගට බැලුවොත් මේ බ්ලොග් කෙරුවාව මගේ ජීවිතය වෙලා තිබිබ. සමහර අය කිව්ව මං කවද හරි බදින්නෙ මේ බ්ලොග් එක කියල.. ඒ තරමට මං මේකට ලං උනා.. හේතු දන්නව කියන්නැහැ නෑ.......මයි.. හික්ස්... දැන් මන් තීරණය කරා වැඩිය මේ පැත්තෙ එන්නැහැ කියල මං ඇවිත් බලල යන්නන් ඔයාලව.. ඒත් හොරෙන්.. පබලු, වැප්, ගීත්, රවා, බිගු අයිය, සමන්මලී නගා, ඔයාලට අවුලක් නෑ....මෙතන නැතත් ඔයාලගෙ නිර්මාන අගය කරන්න මූණු පොත හරි තියනවනෙ හික්ස්.. මං එහෙනන් ඔයාලගෙ බ්ලොග් වල හොරෙන් බලල යන අයගෙ ලිස්ට් එකට දාගන්නකො එහෙනන්..

තව මොනවද?/හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. කෝ මේ ඊයෙ හිතපුව කොහෙ ගියාද මන්ද...

අනිත් ඒව මෙතනට දාන්න ඔන්නැති ඒවා.. ඒ වෙනස්කම් ක්‍රියාවෙන් කරන ඒවා. කියල කරනඒව නෙමේ.. හික්ස්... දැනට නන් ඔව ටික තමා කියන්න වෙන්නෙ.. මතක් උනොත් තව කියන්නන්කො....

එහෙනන් මං ගියාවෙ ඈ... ඒක නෙමේ මේ තීරණ
ගත්තෙ ඇයි අහන්න එපා කවුරුත්... වෙන අයගෙ බලපෑම් නිසානන් නෙමේ.. මං තනියෙන් හිතල ගත්ත තීරණයක්.. සමහර මං ගන්න තීරණ අම්බානක් මෝඩ ගොන් තීරණ. මං ඒක දන්නව.. ඒත් ඒ තීරණ නිසා මං නැතත් අනිත් අය සතුටෙන් ඉන්නව.. ඒ නිසා ගොං තීරණ උනත් මං ඒවට ආසයි

ජීවිතය කියන්නෙ බස් එකක්. ඉතින් ඔය බස් එකට එක එක විදිහෙ අය නගිනව.. සමහර අය ගමනාන්තයටම යනව.. සමහරු මගින් බහිනව.. සමහර අය අත දාල නවත්ත ගන්නව ඒත් නගින්නැහැ.. සමහර වෙලාවට සමහර අයව බලෙන් බස්සන්න වෙනව.. ඒ කිව්වෙ ලගින්ම ඉදගෙන් දැනගෙන හරි නොදැන හරි ගොඩක් හිත රිදවද්දි අපිට එයාලව බස්සන්න වෙනව නේ.. හැමදාම අඩන්න බැහැනෙ.. මාත් ආසයි හිනා වෙන්න... :D

ඉතින් ඔන්න ඔය ජීවිතය කියන බස් එක අරගෙන අලුත් පාරක් දිගේ මං යන්න පටන් ගත්ත.. බලමු කවුරු කවුරු මගේ බස් එකට නගීද කියල...

එහෙනන් මං ගියා...

හැමොගෙම ජීවිතය කියන බස් එකට තමන්ට ගොඩක් ආදරය කරන අය විතරක් නග්ග ගන්න හැකිවෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව...

අපෝ.. බෑ. කවි
යක් මතක් උනා කියන්නෙ නෑ.. හික්ස්......

ටටා
බායි.............

9 comments:

  1. මොකෝ මේ?
    ඇයි කවි නොලියන්නෙ??
    :O

    ReplyDelete
  2. ඔයාගේ සතුට පතනවා මේවෙලාවේ එත් එකක් දන්නවා ....ඔයාට මෙක අතෑරලා ඉන්න බැහැ....ඔයා අයෙත් එවි.... ඔයායන බස් එකට ගොඩක් අය ගොඩවෙවි....ඔබට සදාජය.......

    ReplyDelete
  3. කොයි පාරෙන් ගියත් අපි හැමෝගෙම ජීවිත බස් නවතින්නේ එකම ස්ටෑන්ඩ් එකක නේ......අනුන් ගැන නොහිතා තමන් ගැන හිතන්න දෙයක් නෑ...අපි අනුන් ගැන හිතන හැම විටක ඇත්තටම හිතන්නේ අපේ ගැනමයි.....නමුත් ආත්මර්ථය කියන්නේ ඒක නෙමෙයි.....හැබැයි...අනුන්ට යමක් කරෙනවානම් අඩු ගානෙ වචනයක්වත් බලාපොරොත්තු වෙන්න එපා..එහෙම නම් පුතෝ හිත රිදෙන එක ෂුවර් & ශොට් තමා..උඹට ජය....:)..

    ReplyDelete
  4. අයියො පසන් මල්ලි.. ඇයි මේ??? සඳ එහෙම තමා.. අමාවකට හැන්ගෙනවා... ආයෙත් එනවා... හ්ම්ම්.. මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හ්හැම සිහිනයක්ම සැබෑ වෙන්න කියලා... "සඳේ... අද නැත්නම් හෙට පායන් ඔබේ ලොව...'
    http://hipo-thoughts.blogspot.com/2010/07/blog-post_07.html

    ReplyDelete
  5. Understand that friends come and go. But you should hold on to a precious few...

    ReplyDelete
  6. hmmmmmm.. man parakku wela ada.. oya ai liyanwa aiya.. oyata ehema karanna ba... dannawada ada ekama dawase aiyai mai 2nnama blog liyana eka nawathtuwa.. oyata hamoma liyanna kiyanawa.. ath mata??? hih hih.. thiyna jarama blog eka mage kiyala kuwa. eka nisai man nawaththuwe.. oyata liyannam wenawa aiya ai..

    ReplyDelete
  7. මම නම් හොදටම ප්‍රමාදයි වගේ. දැන් දැක්කේ පසෝ පෝස්ට් එක.තමන් ගැන මෙච්චර දවසක් නොහිතා හිටිය කියල කියනවට වඩා හිත හදාගන්න කාලය වෙන් කරා කිව්ව නම් හරි.දැන් ඔයාගේ හිත හදාගත්ත කියල මම නම් හිතන්නේ. කොහොම වුනත් කමක් නැ ඉගන ගන්න වැඩ ගැන හිතන එක නම් හුගාක් වටිනවා,අපිට ඉතුරු වෙන්නේ ඔය ටික විතරයි නෙ.අපේ බ්ලොග්ස් හොරෙන් හරි ඇවිත් බලල යන්න.ඒකත් ඇති.හැබැයි පසන් ලියන එක නම් නවත්වන්න එපා.මෙච්චර කල් ඔයා ගැන ලිව්වා කියල හිතනව නම් දැන් ඉදන් අනිත් අය ගැනවත් ලියන්න.

    සතුට අරගෙන එන අය ඔයාගෙ බස් එකට ගොඩ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...