Thursday, July 15, 2010

මල්සරාගෙන් පිළිතුරක්

වැලේ මල් නැති ගීත් අසරනේලියා වෙත,

බඩු ලැබේවා!!!!!!

තෝ එවපු ලියුම ගෙනාපු මාන කොකා ඒක අපෙ මායියගෙ අතට දීල මෙතන ගිණි විජ්ජුම්බරයක් සිදුවිය. තොගේ නම ගීතා නමින් වටහා ගත් ඇය සනසාලීම සදහා මා සතුව ඇති දුනු හී වල ලෙජරය ඇය ඉදිරියේ දිග හැර ගනන් බලා පෙන්වා මා ගීතා නැමැති කෙනෙකුට කිසිදා මල් හී යවා නැති බව තහවුරු කිරීමෙන් අනතුරුව ඇය සමතයකට පත්විය. තොපිලා ඔය ලෙස මං ගැන හිතුවට මා මේ කොරන රාජකාරීයේ බැරෑරැම් කම දන්නේ මා පමණි.

මට මෙහේ කිසි සැපක් නැත. දුකනම් බොහෝය. යන්තම් ඇටෙන් පොත්තෙන් එලියට පැනපු උන්ටම දුනු හී විද මා මහත්සේ වෙහෙසට පත් වී ඇත.. උන්ට විදීමට අතපසුවුවහොත් උන් මගේ සංහතියම විනාශ වී යන ලෙස සාප කරයි. ඒව බලා ගන්න තොපිල නැහැනෙ..

මතං මෙහෙමයි කේස් එක. මාත් ආසයි බං ඊතල ටික එක එකාට බෙදලා දාලා අත පිහදාගෙන පැත්තකට වෙලා මගේ ලවක් බලාගෙන ඉන්න. ඒත් කොහොමද කොල්ලෝ අපේ ලොක්කත් එක්ක බැහැනේ. ඒ මුස්පේන්තුවා ඩේ බුක් චෙක් කරනවා. ඔඩිට් එකෙන් එවලා හී කලෙක්ෂන් චෙක් කරනවා. මට නම් එපා......වෙලා තියෙන්නේ මේ ජොබ් එක...ඊතලේ පමා උනොත් තොපිලා බ්ලොග් වලින් බනිනවා. ඊතලයක් එහා මෙහා උනොත් ලොක්කට මල පනිනවා. මාර කරුමයක් යකෝ මේක. වෙලාවකට මට හිතෙනවා කනේරු ඇටයක් කාලා තවිතිසා ලෝකාන්තයෙන් පැනලා මැරෙන්න.

මගේ මායියගේ නංගිගේ පුතාට ජොබක් නැහැ. ඒකි මට කිවුවා ජොබක් හොයා දීපන් කියලා. මෙහේ ජොබ් හොයන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. මෙහේ කෝටි 33 යි යකො දේව ගහනය. කජු ඇටද කොස් ඇටද. පස්සේ ලොක්කට ජිල්මාට් එකක් දාලා පොඩිඑකාට මගේ ජොබ් එක ට්රේනින් කරන්න පර්ම්ෂන් එකක් ගත්තා. දැන් මම ඒකව ට්රේනින් කොරවනවා. ඕකා ඔය විදින ඊතල වලින් තමා අබ්ලික්
කපල්ස් සෙට් වෙන්නේ. මුගේ ආච්චිට හාල් ගරන්න මූට තාම ඉලක්කය ගන්න බැහැ. මට එපා.......වෙලා තියෙන්නේ.

මතං අසරනේලිස් තව ටිකක් ඉවසලා හිටපන්, මගේ ලිස්ට් එකේ ඉස්සරහට උඹව ගන්න මොකක් හරි ජිල්මාට් එකක් දාන්නම්. හැබැයි මේවා ලෙහෙසි වැඩ නෙවෙයි . තේරෙනවනේ ගොයියෝ......උබ තනමල්විල පැත්තේ ගියොත් මාව මතක් කරලා මටත් එක්ක රොකට් දෙක 3ක් ගනින්. මෙහේ මලක් හොයා ගන්න හරිම අමාරුයි මතං. ආහ් බම්බා පැත්තේ ගියොත් දන්නවනේ. කියන්නඔන නැහැ නේ. මට හොද එක් සිලෙක්ට් කරලා තියපං මම ඔය පැත්තේ රවුමක්දාන්න ආවහම ඒ පැත්තට ගොඩවෙලා යන්නම්. අපේ මායියට එහෙම දැනගන්න තියන් එපා හොදේ.

බොල කොලුවො දැන් සුජාතා නංගිගෙ බංගලාව ​දැන් අබලං බං අපෙ මායියගෙන් බේරුමක් නෑ අලුත් එකක් ඔනි කියල. කොහෙ තියන සල්ලිද බං ඕවා.. මොකෝ මං මල් හී විද්ද කියල කපු ගාස්තුවවත් මට දෙන එකක්යැ. ඒකත් මොකෙක් හරි හාල් පාරුවෙක් කොටා ගන්නවනෙ.. අපේ දුක අහන්න කවුද යකේ ඉන්නෙ තොපිලත් කරන්නෙ අපිට බනින එකමනෙ... (රහසේ හඩනා මගේ හැඩුම්.. තෝ නෑ දන්නේ මේ කෙරුම්) උඹ නන් මල් හතේ ප්ලෑනක් දෙයි මම එපායැ ඒකටත් තොට ගෙවන්න අපේ මායියට එහෙම ඔවා කියනව නෙමේ මට ගෙදර යන්න හම්බ වෙන එකක් නෑ

උඹේ අර ලියුම දැක්ක දවසෙ ඉදල මට හරියට නින්දක් නෑ යකෝ.. උඹවමයි
හීනෙන් පේ​න්නෙ.. මොන වදයක්ද මේක. එක්කො සුරංගනාවියක් පෙනීයන්. කොහෙද තොගෙ හපුටු මූණමනෙ පෙන්නෙ.. හිටු ඉවසල තොට හොද හීයක් එවනකන්

ඒක නෙමේ කොලුවො දැන් ​මායිය එන වෙලාව.. මං ලියුම් ලිව්ව කියල මං ඔකටත් ගුටි කන්න වෙයිද දන්නැහැ.. මොනව උනත් මගෙ ගෑනිනෙ බං.. මං ගුටි කනවයි කියල කාටවත් කියන්නෙහෙම නෑ ඔං..

මං එවන හැම මල් හීයක්ම තොට වදීවා... ඒ පිනෙන් මට තොගෙ මුණ හීනෙන් නොපෙනේවා

මීට
දුකටපත්

මල්සරා

13 comments:

  1. හෆොයි......මල්සරාටත් තියෙන කරදර...:D...

    ReplyDelete
  2. පට්ට... එන්නම් ආපහු...

    ReplyDelete
  3. පිපී පිපී රේණු නටන මලින් මලට හැප්පිලා
    වරෙන් වරෙන් ටටං ටටං
    වරෙන් වරෙන්
    මල් හීයක් අපේ ඇගෙත් ඇමිනිලා.

    මල් දෙයියෝ අපේ මූනත් බලලා
    දුක් ලිපියට මගේ පිලිතුරු එවලා
    පුංචි පහේ ජරාවකුත් ඉල්ලලා

    ටටං ටටං....

    ReplyDelete
  4. මල්සරාට තියන ප්‍රශ්න මේ වෙනකල් අපි දැනගෙන හිටියේ නැහැ නොවැ.. ඒත් මම මේ කල්පනා කරේ මල්සරාට වැරදි මල් හීයක් එව්වේ කව්ද කියලා
    (මායියගෙන් ගුටි කන බව මම නම් දන්නේ නැහැ ඕං hikz )

    ReplyDelete
  5. මල්සරා යන එන මං නැතුව ඇත්තෙ මට පේන්නේ... හික් හික් හික්... මරු සිතුවිල්ල.

    බම්බා පැත්තෙ ගිහිල්ල ඔය මනුස්සය පොලිසියට අහු උනොත් තමා හික් හික්

    ReplyDelete
  6. නියම පිළිතුරු ලිපියක් නෙව.
    :))

    ReplyDelete
  7. අඩෙ තෝ අහුවෙනකල් තමයි මාත් උන්නේ...
    තෝ එදා ඉඳලා මට විඳපු හැම හීයම වැරදි ඒවා.
    ඒවායින් මම කාපු කටු දන්නේ මම විතරයිනේ..
    කමක් නැහැ අඩුම ගානේ උඹ මට මදි නොකියන්න මල්හී විද්ද එකත් මදෑ...

    ReplyDelete
  8. සහෝ පුලුවන් නම් මට කියනවද මල්සරාට හීය විද්දේ කව්ද කියලා.පවූ මල් සරා...
    :)

    ReplyDelete
  9. පට්ට ලියවිල්ල...හේ ...ගිත් අයියාට සතු‍ටු ඇති..නෙද....?...බම්බා ගිහින් පොලොසියෙන් අල්ල ගත්ත හම ....පොඩීකා මොන්වා කරයිද දන්නේ නැහැ..නේ...

    ReplyDelete
  10. හප්පට සිරි... ඇඬෙනව නේ...
    හික්ස්...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...