ගිම්හානයට වියළි ගිය රළු පොළව මත
දෙපයින් සිට ගැනීමට වත් නොහැකිව
වාරු නැති ගත මතට අත් වැලක් සොයමින් ඇවිද ගිය සඳ
නේක කම්කටොළු මැද
ඉරි තැලී ගිය මැටි පිඩැලි ගෑලි විසි වන පොළව මත
රුධිරයෙන් නැහැවී ගිය ආත්මය අමතක කොට
සොයා ආවෙමි දිය පොදක්
බොන්නට නොව විදින්නට ඒ සිසිලස........
නේක කටු පදුරු වලින් වැසී ගිය
පතොක් ගසක පිපි සුන්දරම මලක් විලසට
ආත්මය නුඹ නමට ලඝු කොට
පුදන්නට විය වේදනාවෙන් පිරි හදවත...
විදින්නට හැකි විය සුවද මට
මලක් විය නුඹ ලොවට පෙති විදහා පිපුන
ආශා කළෙමි විදින්නට ඒ මල සුවද
ලං කළෙමි දෙතොල විදින්නට මොහොතකට සිසිලස
විදිමින් සිටින විට සිසිලස
අමතකව ගිය අරුමයි එ'ගස පතොක් බව
ඇනුන විට කටු සුමුදු දෙතොල මත
යළිත් සිහිකරවයි ගසේ ඇති රළු බව
ගැස්සී පියවි සිහියට එළැඹි කළ
නැවත දුටුවයි සුන්දරත්වය එමල මත රැදුන
කෙදිනක හෝ සැගෙවෙනාතුරු කටු ගස මත රැදුනු
පෙම් කරමි මම දුර සිටම එමලට නිබඳ.......
ආහ් මොකක් කිවුවා..... :O
ReplyDeleteමොකද බං මේ බය වෙලා.... හී හී...... :-D
ReplyDeleteමොකද්ද මේ............. ආහ්........... :O
ReplyDeleteහුම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අනේ මන්දා
ReplyDeleteමෙච්චර කල් උඹ මගේ හිත කියෙව්වා....හැබැයි දැන්නම් උඹ අවුට් ඕෆ් මා මයින්ඩ් මචෝ....මං හිතන්නේ අපි දෙන්නම් එහෙම වෙන්න ඕනි....හික් හික්
ReplyDeleteමුගේ පික්සුව තද වෙලා..... :) http://kaveej.blogspot.com/2011/02/blog-post_11.html
ReplyDeleteහ්ම්...අනාගතයක් නැති බලාපොරොත්තුවක් ගැනද මේ..?
ReplyDelete