Monday, July 11, 2011

ෂර්ලොක් හෝම්ස් - හදුන්වාදීම...


පෙරවදන....

අතීතය නැමැති වැසීයන නිම්නයක්තුල අනාගත සිහින මවමින් සිටි එක්තරා උදෑසනක බස් රේඩියොව හරහා ලෝකයතුල මැවුන මනෝරම්‍ය සංකල්පයක්තුල බිහිවුන ‍ෂර්ලොක් හෝම්න නාටක මාලාව මා සිතට එක්කල ආලෝකයක් මෙලෙසින් සටහන් කිරීමට ආරම්භ කරන්නට සිතින. මෙහි ගරුත්වය එම සංකල්පය නැවත කරළියට‍ ගෙන ආ සහෘද්ධයන්ට හිමි විය යුතු අතර නිරීක්ෂනයන් තුල කිදා බසිමින් තවත් එක් නිගමනයක් සොයන්නට ගන්නා උත්සයහක ප්‍රතිඵලයක් ලෙසින් මා මෙය හදුන්වා දීමට කැමැත්තෙමි...

ෂර්ලොක් හෝම්ස් චරිතය මා කුඩා කල සිටම මනාලෙස ප්‍රිය කරන චරිතයක් වුවද මාගේ ලේඛන හැකියාවට අනුකූලව යම් වෙනස්කම් සිදුකරමින් පාඨක ඔබේ රසවින්දනය උදෙසා මෙලෙස අකුරු කිරීමට ලැබීම මා ලැබු භාග්‍යයක් ලෙස සැලකීමට කැමැත්තෙමි.. එම නිර්මාණයතුල පාඨක රසවින්දනය උසස් අයුරින් ලබා දීමට මා උත්සහ කරනු ලබන අතර මෙහි සියලු නිර්මාණයන් මාගේ ලේඛන හැකියාවමත සිදුවන බැවින් සැබෑ ෂර්ලොක් හෝම්ස් කථාමාලාවට යම් අසාධාරණයක් සිදු වේනම් ප්‍රථමයෙන් මා සමාය අයැද සිටිමි.. මාගේ කාතාන්දර කොයි තරම් දුරකට‍ යා දැයි නොදන්නා අතර අනන්තය කරා ඇදී යන නොනවතින ජීවිතයක හැකි දුරක් ෂර්ලොක් හෝම්ස් සමගින් රැදීම මා අරමුණක් ලෙස සදහන් කරමි.. ඉතින් මා ප්‍රිය මිතුරනි.. අපි ඇවිද යමුද? අතීතය හා වර්ථමානය අතර අතරමං වුන වොට්සන් සමගින් තවත් එක් කඩඉමක් වෙත...
අවසරයි මෙලෙස අරඹන්නට නැවුම් මාවතක තවත් එක් ගමනාන්තයක් කරා..

මීට..
ලේඛකයාගේ නම.
ලිපිනය..
දුරකථන අංකය..


පළමු වෙළුම - හමුවීම..

ඈත කඳුකරය හරහා හමා එන සීතල සුලගින් හඩ නැංවෙන පරිසරක ශබ්ධය හැර වෙනත් ශබ්ධයකට ඇසුනානම් ඒ අප ගමන් කළ රථයේ රෝදවලින් හා අසු කුර වලින් නැගුන හඬ පමණී.සීතල කදුකරයක සුන්දරත්වය මා මින් පෙර අත්විඳ ඇති අතර මද අදුර නිසාවෙන්දෝ අවට පරිසරයතුල පාළුව රජකරගත් බවක් හැරෙන්නට වෙන කිසිවක් අත්විදින්නට නොමැත.සුලගින් ‍ගෙනෙන සීතල මඟහරින්නට මා හැඳි කබාය නැවතත් සකසා ගත් මා ‍දැස පියාගත්තේ ගමන් මහන්සියට දැයි මා සිතන්නට වුනෙමි..

වෛද්‍ය විද්‍යා‍ලයෙන් සමුගත් පසු මා හට ගෙවන්නට සිදුවන දුෂ්කර සේවය නිමකිරීම පිණිස සීතල කඳුකරය තොරා ගත් මා නවතින්නට නවාතැන් ‍පලක් සොයා යන ගමනක තමත් එක් මොහොතක් ලෙස මා මතකයේ මෙම කාලය සටහන් කරගතිමි.. රාත්‍රි කාලය ආලෝක කිරීමට වීදී ලාම්පුවක් හෝ නොමැති පරිසයක් තුල මීඳම් වලාවන් අතරින් එබී බලන සඳ එළිය අප මගට යම් ආලෝකයක් එක් කළද රථයේ රියදුරා දැල්වූ පහන් එළිය නොවන්නට මාර්ගය ‍පැහැදිලි නොපෙ‍නීමට තරම් පරිසරය අදුරු වී තිබුණි..

දෙපසින් ඇදී සැගවී යන ෆයිනස් ගස් පේළිය අදුරු හොල්මන් ලෙස පෙනෙන්නට විය.. නුපුරුදු පරිසරයක් තුල මා තුල යම් භිතියක් ඇතිනොවුනායැයි පැවසීම සැබිවින්ම මුසාවකි..

මේ.. නෝබට් මහත්මයා.. නවාතැන් පලට තව කොපමණ දුරද?... මෙම මුසල නිහඬ බව බිඳින්නට වෙන කිසිවක් ඉතුරු වී නැති නිසාවෙන් මා රථයේ රියදුරු හා කථාවට වැටෙන්නට විය..

දොස්තර මහත්තයට පේනවද අර ඈතින් පේන විඳුළි ලාම්පුව.. ආන්න එතන තමයි මහත්මයා බේකරි වීදිය.. එතනින් වමට හැරුනම පොඩි දුරයි...

ඒ ගෙදර මං විතරද ඉන්නේ..

මං දන්න විදිහට නම් මහත්මයා .. තව එක මහත්මයෙන් එහි නැවතී ඉන්නවා.. නමුත් ඔහු වැඩි කතා බහක් නැති අමුතු විදිහෙ කෙනෙක්..දොස්තර මහත්තයා කැමති නම් ඒ ගෙදර ඉන්න නැත්නම් අපි වෙන ගෙයක් හොයා ගම්මු අදම...

ම්ම්ම්ම්ම්.... සුරුට්ටුවක රස බැලීමට සිතු වුවද නුපුරුදු පරිසරයක නුපුරුනු මිනිසෙකු හමුවීමට යන මුල් දිනයේ එලෙසින් ගමන් කිරීම නුසුදුසු ක්‍රියාවක් ලෙස මා සිත පවසන්නට විය.

මීඳුම කපා ගත් අන්ධකාරයතුර කම්මැලිකමින් පාද නගන අසුන් දෙදෙනෙකු බැඳි කරත්තය මා නවාතැන් පළ වෙත ලගාවන්නට විය..
මා සතු බඩු භාහිරාදිය රථයතුල තැබූ රියදුරු වරයා තරප්පු පේලියක් නගිමින් පරණ තේක්ක ලීයෙන් සෑදූ දොර පියනක් කිරි කිරි හඩින් විවෘත ‍කලේය..

ඉතා සැර සුරුට්ටු දුමක් දොර පියනින් අවට වා තලයට මුසුවී ගිය අතර එවන් පරිසරයක් තුල මිනිසෙකු ඇති බවට විශ්වාස කල නොහැක.. නමුත් අරුමයක මහත.. නන්නාදුනන මිනිසෙකු හාන්සි පුටුවක් මත නිදා සිටිමින් දෙතොල මත රැදි සුරුට්ටුවක රස බලන්නට විය..

නිහැඩියාව තව දුරටත් නොනැසි සිටිය නිසාවෙන්දෝ මා හට ආගන්තුකයා හා කථා කිරීමට සිත් වුවද ඔහු නිදි නිසාවෙන් මා අරමුණ වෙනස් කරන ලදී...

ඔවු මහත්මයා.. මා නිදා සිටිනවා යැයි සිතුවාද..

ගැඹුරු හටහඬ අවදිකළ ආගන්තුකයාගේ ප්‍රකාශය මා සිත තුල ලැජ්ජාවක් උපද්දන්නට විය..

ඔවු.. මං හිතුවා ඔබතුමා නිදාගෙන ඇති කියලා... මං වොට්සන්.... ඔබ?

මා ෂර්ලොක් හෝම්ස් ලෙස හදුනාගන්නකෝ.. නමුත් ඔබ ඇයි ඔබව දොස්තර වරයෙකු ලෙසින් හදුන්වා නොදුන්නේ..

මොහු මා දොස්තරවරයෙකුවරයෙකු ලෙස දන්නේ කෙසේදැයි මා සිත විමසන්නට වුන අතර යම්ලෙසකින් රථයේ රියදුරා මින් පෙර මා පිළිබඳව පවසා ඇත්දැයි සිතමින් සිටින මොහොතක.

ඔබ සතුව ඇත‍ වෙද නළාවත් සහ සුදු පැහැති ලෝගුවත් ඔබ දොස්තරවරයෙකු බවට සහතියක් නොවෙද දොස්තර මහත්මයා...

ඕහ්.. මං හිතුවා නෝබට් මහත්මා මා පිළිබඳව ඔබව දැනුම් දී ඇත කියා.. දැන් බලපුවම සරළ නිරීක්ෂයක්නෙ සිදු කරල තියෙන්නෙ..හෝම්ස් මහතාගේ මුහුණ වෙනස් වූ අතර..

වොට්සන් මහත්මයා.. නිරීක්ෂයන් කොයි තරම් සරළ වුවත් වැදගත් වන්නේ අප සිදු කරන නිරීෂනයන් මතින් නිගමන බිහිකිරීමයි...
දැන් බලන්න.. ඔබ තනිකඩයෙක්.. තවම ආදුනික දොස්තරවරයෙක්.. බිඳුන ‍ප්‍රේමයක් නිසාවෙන් සිත් ලැතැවුලෙන් සිටින්නෙක්. මේ සියල්ල මා දන්නා බව ඔබ නොදන්නවාද...

මෙම ප්‍රකාශයන් මා සිත කෝපය උපද්දවන්නට විය..

හොම්ස් මහත්මයා.. මේක ඉතා නින්දිත ක්‍රියාවක්.. ඔබමාගේ පුද්ගලකත්වය සොයා ගොස් හැඩයි.. මෙයට මං විරුද්ධයි මහත්මයා..

කේන්ති ගන්න එපා මා මිත්‍රයා. මා සිදු කලේ මා දුටු නිරීක්ෂයන් මතින් නිගමන බිහි කිරීම පමණයි..දැන් බලන්න ඔබ ඉතා තරුණයි.. ඒ කියන්නෙ අඳුනික වෛද්‍යවරයෙක් වියයුතුයි.. නගරය අතහැර දුෂ්කර පරිසරයක් තෝරා ගත්තේ අමතක කළ නොහැකි යම් කරුණක් අමතක කරන්න.. තරුණ වෛද්‍යවරයෙකුට අමතක ‍කළ නොහැක්කේ කුමක්ද.. ඒ ප්‍රේමයක් නොවන්නේ නම් අන් කවරක්ද.. අනික ඔබ විවාහ වූ කෙනෙක් නම් මෙලෙස තනි පුද්ගලයකුට නවාතැනක් සොයන්නේ නැහැ නේද?.. මා සිදු කළ සරළ නිරීෂනයන් මතින් නිගමන එළි කලා පමණයි මා ප්‍රිය මිත්‍රයා...

ම්ම්ම්ම්ම්.. මට සමාවෙන්න මහත්මයා.. මට කේන්ති ගියා.. මා විවාහ ගිවිස ගැනීමට සිටි අයෙක් මහත්මයා.. ඇය හදිසි අනතුරක් නිසාවෙන් ජීවිතය හැරගියා..

දෙනෙත තුල සැගව තිබු කඳුළු බිඳු පොළව මත පතිත වේයැයි බියෙන් මා පසුවන්නට විය..

සමාවන්න දොස්තර මහත්මයා.. මා ඔබගේ සිත රිදවන්න අදහස් කරේ නෑ..

ම්ම්ම්ම්.. හරි හෝම්ස් මහත්මයා.. මා දන්නවා එය...

මා ප්‍රකාශයෙන් පසු පරිසරය තුල නැවතත් නිහැඩියාව ඇති වුව අතර එය බිඳ දමමින් රියදුරුවරයා අප අතරට පැමිණෙන්නට විය..

දොස්තර මහත්මයා.. ඔබ මේ නවාතැන් පළ තෝරා ගන්නවාද.. නැත්තං අපි වෙන තැනකට යනවාද...

නුපුරුදු ආගන්තුකයා දෙස නැවත වරක් මා නෙතු හැරවුන අතර ඔහු නිදැල්ලේ සුරුට්ටුවක රස බලමින් සිටින්නට විය..

ආගන්තුකයාගේ වරදක් නැති නිසාවෙන් හා රෝහලට ලග නිසාවෙන් මා මේ නවාතැන් පළ තෝරා ගතිමි..

හරි නෝබට් මහත්මයා.. මා මෙහි ලැගුම් ගන්නම්.. ඔබ මා සතු ඇඳුම් ටික ගෙනැවිත් දෙන්න..

හෝම්ස් මහතාගේ දෙතොල තුල රැදී තිබු සිනහව තේරුම් ගැනීමට තරම් මා සිත සවියක් නොතිබින.. ගමන් මහන්සිය නිසාවෙන් එහි තේරුම සෙවීම සහ අවට සුන්දරත්වය නැරඹීම පසෙක ලා මා නිදන්නට අදිටන් කරගතිමි....


...................මතු සම්බන්ධයි................

16 comments:

  1. සිරා ඕයි! ඒ ඇති.

    ReplyDelete
  2. ela ela mama aasama kathaa wena vidiyakata marune

    ReplyDelete
  3. මරුනේ බන්... නියමයි, හොඳ ඇරඹුමක්..

    ReplyDelete
  4. සර්ලොක් හොම්ස් එකට අලුත් ඇරබුමක්!! එල එල.....
    සර්ලොක් හෝම්ස් සිරි ලාංකීය කරනය :D

    ReplyDelete
  5. ela..keep up the good work..

    ReplyDelete
  6. ඒ එළනේ අයියේ.. සිරා ලේඛන හැකියාවක්නේ තියෙන්නේ උමට

    ReplyDelete
  7. නියමයි අයියා........ දැන් ඔන්න ගැලවීමක් නෑ ඊළඟ කොටස එනකම් මග බලා ඉන්නවා... :)

    ReplyDelete
  8. ano comment ekak hari daala yanda hithuna meka kiyeuwata passe.niyamai .digatama karagena yanda.

    ReplyDelete
  9. මරුවට ම ලියා තියෙනවා.., උපරිමයි..!!!

    ReplyDelete
  10. නියමයි මල්ලී . . .

    උඹේ දක්ෂතා මේ වගේ දේකටත් යොදවන්න තීරණය කිරීම වටිනා අදහසක් .. .

    මගේ සුභ පැතුම් . .

    ReplyDelete
  11. digatama liyanna suba pathanawa

    ReplyDelete
  12. මරේ මරු...ෆට්ට

    ReplyDelete
  13. නම දැක්ක ගමන් ආවේ අපිත් ''හෝම්ස් '' අන්කල්ගේ පස්සෙන් යන අය නිසා . ඔරිජිනල් කතා 52 යි චන්දන මෙන්ඩිස්ගේ ලෝකල් කතායි සේරම බැලුවා. හරි දැන් ඔයා ලියන්න . අපි කැමතියි ඔය මනුස්සසය ආයි ජිවත් වෙනවට . සුබ ගමන්

    ReplyDelete
  14. ජය සතුටුයි මලයා දිගටම ලියපන් - මං ලියපුව වගයකුත් මගේ ප්‍රොපයිල් එකේ ඩොක් ඇතුලෙ ඇති හොදද දන්න‍ෙ නෑ.. කලෙකට කලින් මං කරන්න හිටි වැඩක් උඹ පටන් අරන්.. දිගටම කරන් පලයන් ජය -

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...