Monday, September 19, 2011

Hits වැඩි කරගන්නේ කොහොමද?

මං සාමාන්‍යයෙන් මේ වගේ මාතෘකා ඔස්සේ පෝස්ට් දාන්නැති උනත් ඊයෙ අපි සෙට් එක හැහ්..ආහ් මේ ඒ කිව්වේ මායි ..අභිත.. ලසිත්.. ‍ඕනයා.. අ‍සේල..වෙනී..සහ අන්තිම පේලියෙ අවංක පැට්ටයි එකතු වෙලා ‍පොත් ප්‍රදර්ශයට යන්න හිතාගෙන බොරැල්ලට සෙට් වෙලා ඉද්දි මේ ගැනත් කතා කරපු නිසා මටත් හිතුනා අපේ ආධුනික නවක බ්ලොග් කරුවන්ට මගේ හිතේ තියන අදහසුත් කිව්ව නන් හොදයි කියලා. අපි ගොඩක් ආසයි නේ ඉතින් Hits වලට.. ඉතින් සමහර අය නන් කියන්නේ Hits ඕනිම නෑ කියලා.. ඒත් අපිත් පෘතක්ජනයොද මොකක්ද මන්දා කියලා අපිට එව්වා නැතුවත් බෑ කියලා සමහර අය කියනවා.. මේ ලගදි මං දැක්කා බ්ලොග් ගඩොල් සහ අපේ මාරය අයියාතුමාත් ඒ වගේම අභිත ගොයියාත් දාල තිබ්බා ඔය Hits ගැන මොනවද මන්දා කියලා..අභිතට නන් ඉතින් පාඩුවක් උනයි කියන්නේ එහෙම එව්වා ලියලා..අනේ මන්දා අප්පා ඔව්වා.. ඉතින් මා ප්‍රිය සහෝදර සහෝදරයිනි ඔයාලට තේරෙනවා නේද ඔය වචනේ අපේ ජීවිත වලට කොයි තරන් බලපානවද කියලා.. ඉතින් එහෙවු එකේ මට පුලුවන්ද මේ වගේ මාතෘකාවක් ගැන කතා නොකර බලාගෙන ඉන්නේ.. හරි.. දැන් පූර්විකාව ඇති.. දැන් ඉතින් අපි මෙහෙම පටන් ගමු..හැබැයි මං මේ ලිපිය බොහෝ දිර්ඝව ලියන්න අහසක් නෑ.. මට ඕනි පුලුවන් තරන් කෙටියෙන් මේ හැමදෙයක්ම ඔයාලට කියල දෙන්න විතරයි.. මං හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා..

දැන් බලන්න අපි Hit කියන වචනේ මධුර මහත්තයාගේ ශබ්ධකෝෂයේ සටහන් කරාම මෙන්න මේවයි එතුමා කියන්නේ..

ගහනවා
ගැටෙනවා
ගුටි බානවා
ගුටිදෙනවා
තට්ටු කරනවා ඔන්න ඔය වගේ තේරුන් ටිකක් තමා එන්නේ.. දැන් බලමු අපි පුළුවන් සරළ ක්‍රම වලින් ඒ Hits වැඩි කරගන්න ක්‍රමයක්.. ‍මං මෙතනදි මදුර මහත්තයා කියන හැම වචනයකටම අදාලව කතා කරන්න යන්නෑ.. මං මුලින් ටිකක් කියලා දෙන්නං.. ඊට සමාන විදිහට ඔයාලට පුලුවන් ඔයාලගෙ Hits වැඩි කරගන්න..

අපි මුලින් බලමු ගහනවා කියන අර්ථය අරගෙන..
ඉතින් ඕක වැඩිය විස්තර කරන්න ඕනි නෑනේ.. ඔයාලා කැමති විදිහකට ගහන්න පුලුවන්.. ඒ කිව්වේ.. මිනිහෙකුට අතින් ගහන්න පුලුවන්.. නැත්තං වේවැලකින් ගහන්න පුලුවන්.. එහෙමත් නැත්තං කකුලෙන් ගහන්න පුලුවන්.. ඒ ආකාරයෙන් ඔබ කැමති විදිහකට ඕනිම දෙයක් පාවිච්චි කරලා ගහන්න පුලුවන්.. හරි.. දැන් දන්නවනේ ඔයාල Hits වැඩි කරගන්න එක ක්‍රමයක් ගැන..

අපි බලමු.. තවත් එක ක්‍රමයක් ගැන..
ගැටෙනවා කියන එක නන් ආයෙ අමුතුවෙන් කරන්න ඕනි නෑනේ.. බස් එකකට නැග්ගම ගැටෙන්න පුලුවන්නේ ඕනි තරන්..ඒ නිසා අනිත් ක්‍රමේ ගැන බලමු නේ..

ගුටි බානවා..
ගුටි බාන්නේ කොහොමද කියන එක නන් මාත් හරියටම කියන්න දන්නෑ.. ඔයාලට පුළුවන් වෙලාවක ඒ ගැන හොයල මටත් කියන්න ඇ... නැත්තං ඒක මාත් දන්නෑනේ...

ගුටි දෙනවා..
ගුටි දෙන්න කෙසේ වෙතත් අද මං ගුටි කනවා කියලා නන් දන්නවා.. හැබැයි ඒත් මං ඔයාල වෙනුවෙන් මේ වගේ රිසර්ච් එකක් කරලා කරුණු එකතු කරලා ගුටි කෑවත් කමක් නෑ කියලා හිතල තමයි අද මෙහෙම පෝස්ට් එකක් දැම්මේ..කමක් නෑ.. ගුටි කෑවත් කමක් නෑ.. රට ජාතිය වෙනුවෙන් කියලා මං හිත හදාගන්නං කෝ..

අන්තිමට අපි සලකා බලමු තට්ටු කරනවා කියන එක..
කොච්චර තට්ටු කරත් කමක් නෑ.. දොර ඇරෙනව නන්.. ඒ නිසා පුලුවන් තරන් තට්ටු කරකර ඉන්න.. ඒ කොහාටද කියන එක නෙමේ ගැටුළුව.. තට්ටු කරන්න තැනක් තියනවද කියන එකයි මුලින්ම බලන්න ඕනි. ඒ නිසා පුලුවන් තරන් තට්ටු කරන්න තැන් හොයා ගන්න බලන්න...

ඒ ආකාරයෙන් ශබ්ධකෝෂය සදහන් වන ආකාරයට ක්‍රියා කීරීමෙන්.. ඔබට Hits වැඩි කරගැනීමට හැකි වනු ඇත.. ජය නියතයි.. ආධුනිකයිනි.. වර ඉදිරියට..
ගහන්න...
ගුටි දෙන්න..
ගුටි බාන්න..
තට්ටු කරන්න.. ඔබගේ Hits වැඩිවනු ඇත.. තරුණ ජීවිත අයාලේ යාමට ඉඩ නොදී ඉහත සදහන් දේ නිතර පුරුදු පුහුණු කීරීමෙන් මහත් ඵල ලභා ගත හැක..

ප.ලි.

සුට්ටක් පාඩං කරන්න හිතාගෙන නිවාඩුවක් ගත්තා.. ඒ නිවාඩුවෙන් ඔයාලට වැදගත් පණිවිඩයක් දෙන්න හිතාගෙන තමා මේ පෝස්ට් එක දැම්මේ.. මං හිතනවා ඔයා‍ලගෙ ජීවිත වලට මේ ලිපිය වටිනවා ඇති කියලා..
ජයවේවා!!!!!


23 comments:

  1. බ්ලොග් එකට මිසක් අපිට හිට් වැඩි කරගන්න ඕනේ නැහැ :-D

    ReplyDelete
  2. දැන් නම් පසා අරින්නාට (දොර).. තට්ටු වේ කියලයි කියන්නෙ....

    ReplyDelete
  3. හෙහ් හෙහ් හෙහ්...!
    කිව්වත් වාගේ වෙනිවැල් ගැට බොන්ට වෙයිද..?

    ReplyDelete
  4. මෙලො රහක් නැහැ... මෙකට නම් හිට්ස් වැඩි වෙයි බලහන්

    ReplyDelete
  5. ගුටි කැවට මොකෝ Hits බන් වැඩිවෙනවනේ

    ReplyDelete
  6. මෙහෙම ගියොත් තේල් බේ​තුත් වැඩි වෙයි... හිටිස් තමා හිට්ස්

    ReplyDelete
  7. මේ පෝස්ට් එකත් මාරම හිට් වෙයි වගේ...:)

    ReplyDelete
  8. ado ahuwenda efa halida..... ubeth hits wadi kolanawa :D hik hik ;)

    ReplyDelete
  9. හැබැයි තරහකාරයොත් වැඩිවෙයිද මේවා කරලා?

    ReplyDelete
  10. මන් ළග පාතක හිටියනම් උඹට අනිවාම හොදවයින් හිට්ස් ටිකක් අනිවාම දීලයි යන්නේ! හික් හික්!

    ReplyDelete
  11. :D :D මෙන්න නියම ක්‍රම ටිකක් මාත් අත්හදා බලන්න ඕනි.. මෙහෙමද අයියෙ ඔයා හිට්ස් වැඩිකරගත්තෙ.. සෝයි අප්පා.. :D

    ReplyDelete
  12. ඔව්වා කලොත් මොන මොන ඒවා වැඩි වේවිද මන්දා!

    ReplyDelete
  13. පස්ට තේරුමකුත් නම් තියනවා...........

    ReplyDelete
  14. පසා ආධුනිකයන්ට උපදෙස් දෙන්ඩ තරං ප්‍රවීනයෙක් උනේ කෝමද කියල නං දැං හිතාගත්තෑකි.... අම්බානට හිට්ස් ඇති අප්පා......

    ReplyDelete
  15. ගුටි කා මියෙම් ද
    ගුටි නොකා රැකෙම් ද
    තීරණය ඔබේ.....

    ReplyDelete
  16. නරකම නැහැ ක්‍රම කීපයම සලකලා බලන්න ඕනි !

    ReplyDelete
  17. අඩේ පට්ට ක්‍රමයක් නොවැ හිට්ස් ගන්න. හිට්ස් ටිකක් වැඩිවෙද්දි ඉදිමෙන එක තමයි පොඩි අවුලකට තියෙන්නෙ :)

    ReplyDelete
  18. ලඟදි බ්ලොග් පටන් ගත්ත අපි වගේ එවුංට, මේ උපදෙස් මාර වැදගත්. මේ දැන් පටං ගන්නවා හිට්ස් වැඩි කොරගන්න ක්‍රම වේද පාවිච්චි කොරන්න.....හුහ්....

    ReplyDelete
  19. අර ගහන්න කියල අර්ත දැක්වීමට තව ගැහිලි එකතු වෙන්න ඕනිද මන්ද.... මම දන්නෑ ඉතින් මම මේ මගෙ අදහසක් විතරයි ඉදිරිපත් කලේ හොඳේ.. :P :P :P අවශ්‍යම නම් අපේ ඔබා මාම සහ Weni අයියා වැනි ජ්‍යෙශ්ටයන්ගෙන් අහගත්ත හැකි ලොවෙත් නැති ගැහිලි....

    ReplyDelete
  20. හිකිzzz.. හිට්ස් වැඩි කරගන්න අදහස අදින් මතු නතර කරමි..

    ReplyDelete
  21. තනි ඇහැට ඇඬනවා අයියෝ

    ReplyDelete
  22. හිට්ස් වැඩිවෙද්දි රිදෙන එකයී ඉදිමෙන එකයි නෙව අවුලකට කියල තියෙන්නෙ . . . .???

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...