Monday, December 12, 2011

දෙසැම්බර් 10 වන දින පැවැත්වූ සයිබරයේ මහා සය සමාජික ක්‍රිකට් ගැටුම

මුලින්ම මේ තරගාවලිය සාර්ථක කරගැනීම සදහා මෙයට සහභාගි වුන සියළුම සයිබර් අවකාශයේ සහෘදයන්ට ඉස්තූතිවන්ත වෙමි.. මේක මඩ පෝස්ට් එකක් ලෙස ලියන්නට ම‍ගේ තුන් හිතකවත් නැත. මන්ද යත් එදින පැවැත්වූ තරගාවලියතුල මා දුටු විශේෂත්වය නිසාවෙන් මෙයට මඩක් ගසන්නට තරම් මා කුහක නොවිය යුතු යැයි මගේ සිත නොයෙක් වර පවසන්ට වූ නිසාවෙනි.

මෙය අප අභිත සහෝදරයාගේ තවත් එක සිහිනයක් ලෙසින් කලඑලි දුටු සංකල්පයක් වූ අතර ඔහුගේම අදහසක් මත එය සංවිධානය කිරිම සදහා නවක පරපුරක් වෙත ‍භාර කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මත වූ අතර ඒ සදහා වඩාත් සුදුසු පුද්ගලයා වශයෙන් අපේ හීන මල්ලිව ඒකමතිකව යෝජනා කරල ලදී..ඔහුගේ සහය සදහා නචියා කිඩෝ ශානිකා සහ පූසා යන අයද පත් කල අතර මීට අමතරව සිහින පමණක් දැක අදුනන ඔය රශ්මි කෙල්ල වැනි අපි නොදත් මිතුරින්ගේ සහයද ඔහුට නොඅඩුව ලැබුන බව ගුගල් බස් පදින් මිතුරන් හොදින් දන්නා කරුණකි. මෙය සංවිධාන කටයුතු සදහා සිහින මලයා තනියෙන් වෙහෙසුන අතර පූසා සහ අනිත් සගයින් මේ පිළීබඳව මුලින් කිසි වගකීමක් ගැනීමට උත්සුක නොවීය.

මට අද වගේ මතකයි දවසක් බත්තරමුල්ල හංදියේ සිහින මල්ලි දුවගෙන යනවා.. මං ඇහැව්වා ඇයි මල්ලි කොහෙද දුවන්නෙ කියලා. දාඩිය පෙරාගෙන හති හලාගෙන දුවනවා ..දිව කකුලට පැගිලා වැටෙන තරමට එලියට දාගෙන දුවන ගමන් මට කියනවා බුද්ධදාස ග්‍රවුන්ඩ් එක වෙන සෙට් එකක් බුක් කරන්න යනව මං මේ ඊට කලින් බුක් කරන්න යන්නෙ කියලා.. පවු.. අන්න ඒ තරන් කැපවීමක් තිබ්බ කොල්ලෙක් තමා අපේ හීන මල්ලි..
ඒ වැඩේ කරන්න හීන මල්ලිගෙ මාමත් සෑහෙන්න අපිට උදවු කරා. අන්තිමට ඒ මාමා ඇස් වල කඳුළු ‍පුරෝගෙන කිව්වා මේ වගේ ලස්සන වැඩකට ඒ මාමව සම්බන්ධ කරගත්ත එකට සැහෙන්න පිං කියලා..

ශානිකා තනිකරම එනවුන්සින් පාර්ට් එක කරා. මුලින් හීනයා හිතං ඉදලා තියෙන්නේ මයිට් සෙට් එකයි ස්පීකර් ටිකකුයි හයර් එකට ගේන්න.. පස්සේ ශානිකාට පිං සිද්ද වෙන්න ඒ සියල්ලම නොමිලේම සෙට් කරගත්තා.. එව්වා තනිකරම හිනයගෙ ප්ලෑන්.. ඌ ඒ හැම සතේම ඉතුරු කරේ අපිට ‍සාර්තක ක්‍රිකට් තරගාවලියක් දෙන්න තමා ඉතින්.. පූසා කරේ කෑම ඕඩර් කරන්න ගිය එක.. ඒකේ බත් පැකට් නොමිලේ දුන්නේ.. ඒ සදහා ගිය සම්පූර්ණ වියදම අපේ ඩුබායි වල ඉන්න රුචකත් ඉතාලියේ සිටින ඩිලාන් සහෝදරයත් දුන් ආධාරයෙන් කරගත්තා.. කෑම එක නන් සුපිරියි.. අනික කෑම ඉතුරු උනෙත් නෑ.. පූසා ලස්සනට ඒ වැඩේ සංවිධානය කරලා තිබ්බා.. පූසා මොනවා උනත් සැහෙන්න මහන්සි උනා මැච් එක දවසේ.. මට මතකයි අපි ග්‍රවුන්ඩ් එකේ වැටිලා තිබ්බ කොල අහුලලා අයින් කරන්න ගිය වෙලාවේ පූසාට හොදටම තරහා ගියා..

අයියා මේ.. ඔයාල එන්න ඕනි නෑ වැඩ කරන්න.. මං අහුලන්නං ඔය කොළ.. අයියාලා ගිහින් වාඩි වෙන්න..

ඔන්න ඔහොමයි පූසාගෙ කැපවීම..ඒ තරන් එකමුතු කමක් තිබ්බා නවක පරපුරේ.. අනික නචියා කිඩෝ පාන්දර තුන හමාරේ ඉදලා ග්‍රවුන්ඩ් එකේ.. අඩි රූලක් ගෙනහල්ලා යාර තිහ මැනලා. ලස්සනට පිච් එක හදලා තිබ්බා.. උන් දෙන්නා තමා පිට්ටනියේ සියළුම කටයුතු බාරව හිටියේ..අනිත් සංවිධෘයක කෙල්ලො හීනයට තුරුළු වෙලා හිටියා කියලා නන් දැක්කා.. පස්සේ දවල් වෙද්දි හීනයයි ඒ කෙල්ලො ටිකයි පේන්න හිටියේ නෑ..රට්ටු එක එක කතා කියනවා.. ඒත් එව්වා වැඩක් නෑ.. උගෙ කැපවීම අපි අගය කරන්න ඕනි..

අනික තමා තරග සංවිධානය. සෑහෙන්න හොද මට්ටමක තිබ්බා.. මට මතකයි දවසක් අපි කිව්වා මේ ගැන පූර්ව රැස්වීමක් තියමු කියලා.. සිහින මලය ඒකට තදින්ම විරුද්ධ උනා අපේ වටිනා කාලය ඒ වගේ දේවල් වලට ඕනි නෑ.. එයා භාවනා කරලා සිත දියුණු කරලා ඉන්න නිසා ටෙලිපති තාක්ෂනය ඔස්සේ අනිත් කමිටු සාමාජිකයන්ව දැනුවත් කරන්න පුලුවන් කියලා..ඉතින් සකෘදාගාමින් හිටි ගමන් බිහිවෙන කාලේ හීන මලයට එහෙම නැහැයි කියලා කියන්න බෑනේ.. ඔන්න ඌ කියපු දේ කරලම පෙන්නුවා.. කිසිම මීටිමක් නෙලුන් කොලේ තියා පොල් කොලයකවත් නොතියා ලස්සනට එදා දවසම ප්ලෑන් කරලා තිබ්බා..

මං හිතන්නෙ තරග වල පිංතූර ටික ගොඩක් අය දැනටමත් මූණු පොතේ එහෙම දාල ඇති. කරුමෙකට මං ගත්ත පිංතුර ඔක්කොම ඩිලීට් උනානේ.. සික් විතරක්.. අපරාදේ සොදුරු සිහිවටන ටික.. ඔය බුද්දියයි රචියයි එහෙම පිංතූර කෑලි ගොඩක් ගත්තා මයෙ හිතේ..

අනික තමයි මැච් එක දවසේ අපේ ආතල්..
ඕනයා රට ඉදන් එද්දි අපිටමයි කියලා ඔය බෝතල් දෙකක් ගෙනත් තිබ්බෙ.. සොරොවත් එපා කියද්දි උදේ 7 ඉදන් ඇවිත් බැලුම් බෝල පුම්බලා.ඌ පුම්බපු බැලුම් හිටපු ගමන් උඩ ගියා. පස්සෙ පිපුරුවා.. ඒක‍ට සිහින මලයා පුම්බපුව නන් දවසම පිම්බිලා තිබ්බා..

ඕනයා ගෙනාපු බෝතල් මදි නිසා අපි කලිනුත් අරගෙන තිබ්බා නිසා යාන්තං වැඩේ ගොඩ ගියා.. නැත්තං පෝයට කොහෙන් කියලා ගන්නද.ඔබා මාම තුන්ඩු කෑල්ලක් එවලා තිබ්බා තරගයට එන්න වෙන්නෑ ගෙදර උයන්න තියනවා කියලා.. හැබැයි වෙනී අයිය නන් බිව්වෙම නෑ.. උ කරේ කොප්පෙ මකුළු දැල් වියන්න එන මකුළුවත් එක්ක චැට් එකක් දාගෙන හිටපු එක විතරයි.අසේල අයියා නන් කලින්ම ගෙදරට යන පාර ඇඳ‍ගෙන ඇවිත් තිබ්බ නිසා ලොකු අවුලක් තිබ්බෙ නෑ.. අනිත් උන් ගැන නන් කියන්න තරන් විසේසයක් තිබ්බෙ නෑ අප්පා.. සියල්ල සතුටින් විසිර ගියා ඉතින්..

.ඒක නෙමේ මරු මැච් එක..
70 දශකෙ නාකි සෙට් එකයි 80 කොල්ලො සෙට් එකයි තිබ්බ මැච් එක.. මුලින් ඕනයා හෙන ලොකු ටෝක් දුන්නා උන් දිනනවා කියලා.. බෝතලයක් ඔට්ටුයි කිව්වම ඒක බෑ කියලා ග්‍රවුන්ඩ් එක වටේ දුවන්න කතා කරා.. පස්සෙ උන් පැරදුනාම බයිලා කියලා සේප් වෙන්න යනවා.. පවු ‍අහිංසකයො නිසා බේරුනා..

මරු ආතල් කියන්නේ සානි ගේ ලවුස්පීකර් සද්දෙ නිසා ඩී ජේ එකක් ගෙනාවෙත් නෑනේ.. අපි බොන්ගො එකක් කලින්ම සෙට් කරලා තිබ්බේ.. මොනවා උනත් ආතල් දවසක්.. හීනයා අදුරන කෙල්ලො ගොඩාක් එක්ක ඇවිත් හිටියා.. අර චාටර් කුජීත අවුරුදු උත්සවයට වඩා නන් මේක සුපිරියි.. කෑම එහෙම මදි නොකියන්න තිබ්බා.. චිකන් බුරියානි තිබ්බා බිත්තර දෙකක් එක්ක.. තව අතුරු පසට පලතුරු සලාදයකුයි අයිස් ක්‍රීමුයි තිබ්බා..ඒවා මාරම රසයි.. මොනව උනත් ඒ සදහා පිට රට ඉදන් උදවු කරපු රුචා ටයි ඩිලාන්ටයි ආයෙත් පාරක් මං ඉස්තූති කරනවා..

ඒ අතරේ අමතක කරන්න බෑ හසී නගත් ඩොකී වැඩ වලට සැහෙන්න උදවු කරා..මගේ හිතේ තව සෑහෙන්න සිහි වටන එකතු වෙලා තියනවා.. එව්වා පිලිවෙලකට ගොතා ගන්න බෑ අප්පා.. මේ තියන වැඩත් එක්ක..

අනික තමා මං මෙතනදි අභිතයට විරුද්ධව කතා කරන්න ඕනි.. මොනව උනත් උන් හිතාගෙන ඉන්නේ උන්ට විතරයි ‍‍වැඩ කරන්න පුලුවන් කියලා.. සිහින මල්ලිල වැනි නව පරපුර ගැන මට මාර ආඩම්බරයක් තියෙන්නේ.. උන් බොන්නෙත් නෑ.. සෙට් වෙන්නෙත් නෑ .. ඒ උනාට වැඩ නන් සුපිරියි ඇ.. ඔයාලා කවුරුත් දන්නැති තව කැත වැඩක් අභිතයයි ලසියයි කරන්න හැදුවා.. උන් මීට දවස් 10කට කලින් විතර සෙට් වෙලා තීරණයක් අරගෙන ක්‍රිකට් මැච් එක උන් සංවිධානය කරන්න හැදුවා.. තනිකරම කුහකකම.. ඒත් ඒ වෙලාවට ඒක කරගන්න වෙලාව මදි උනා. ඒ බාධක මැද්දෙත් මේ වගේ ලස්සනට තරගය සංවිධානය කරලා අපි හැමෝටම ජීවිතේ අමතක නොවන තවත් එක දවසක් උදා කර දුන්න සංවිධායක මණ්ඩලයේ හැමෝටම මාගේ හදපිරි ප්‍රණාමය..

මේ වගේම තවත් ලස්සන ක්‍රිඩා සැනකෙලියක් ලබන වසරේදීත් කරන්න ලැබේවායි මා ප්‍රාර්ථනා කරන්නෙමි.
අවසානයට අභිත අයියාගේ වචනයෙන්..

අඩෝ.. මේ ........ යගේ විසිල් විතරයි බල්ටි නෑ...

ප/ලි,
ලියවුනා හරි නැද්ද මන්දා... එහෙනන් සමාවෙන්න ඇ.. වැස්සෙ මැච් එක ගහලා හොදටෝම සනීප ලැ හප්පා..

පිංතූරෙ මෙතනින් ඇ..
http://www.thesundayleader.lk/wp-content/uploads/2011/10/27-softball.jpg

ප/ල/ලි,

හදිස්සියේ විදුලිය ඇනහිටීම නිසා පෝස්ට් එකේ අඩුපාඩු පිට කියවන්න ලැබුණ අයට මාගේ ශෝඛය පළකරමින් සමාව ඉල්ලා සිටින අතර ඒ පිළිබඳව දැනුවත් කල අභිත අයියාට මාගේ ස්තූතිය..

18 comments:

  1. මේ දිනවල පවතින දැඩි ගුවන් යානා ට්‍රැපික් නිසා මගේ පැමීනීම කල් ගියත්,මගේ යුතුකම ඉටු කරන්න පුලුවන් උනු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. කොහොමත් ඔන්ලයින් සංවිධායක මන්ඩලේ හිටිය කෙනෙක් විදිහට අපේ වැඩිහිටි බ්ලොග්කරුවන්ට මම ඔලුව නමා ආචාර කරනවා. ඒ වගේම ලබන අවුරුදු උත්සවේටවත් ලංකාවට එන්න හිතන් ඉන්නවා මේ වගේ උත්සවේකට සහභාගි වෙන්න

    ReplyDelete
  2. මෙච්චර හොඳට සෙට් කරපු මැච් එක ලයිව් දී ගන්න බැරි වුනු එකයි මට නම් තියෙන දුක..මන් ගත්ත ෆොටෝ ටිකත් මෙමරි කාර්ඩ් එකේ අවුලක් නිසා..රිකවර් කර ගන්න බැරි වුනා මල්ලි..අර රංගයා ගත්ත නේද උගේ කේඑෆ්සී ද මොකද්ද ෆෝන් එකෙන් ෆොටෝ සහ වීඩියෝ ? ඒ ටිකවත් තියේද මන්දා ?

    ReplyDelete
  3. මට නම් වැලැක්විය හැකි හේතුවක් නිසා එදා එන්න උනේ නෑ. මුන් ගත්ත ආතල් ගැන අහුවම ඉරීසියා හිතුනා. බොලා ඔක්කොම ගත්ත පොටෝ කෑලී මකා ගත්ත එක නම් බොහොම වැරදියි. දැන් අපි කොහොමද පොටෝවක් දිහා බලලා වත් මඩක් ගහන්නේ.

    ReplyDelete
  4. මහින්ද අබේසුන්දර පැන්ශන් ගියාම විමසුම කරන්න එකෙක් නෑලු පසන් අයියේ.හොද පඩියකුත් දෙනවලු.ඔයාගේ සුදුසුකම් වැඩිත් එක්ක :D

    ReplyDelete
  5. ලංකාවේ හිටියා නම් අනිවා සැට් වෙනවා බං!මොනා කරන්නද? කරුමේ තමා!

    ReplyDelete
  6. කියන්න දෙයක් නැත

    ReplyDelete
  7. ෂා... හීනෙ පෙනුන තැන ඉඳලා පසන් අයියා වැඩේ ඉවර වෙනකල්ම විස්තරේ ලස්සනට වනලා තියනවා.

    ඇත්තටම මේ සඳහා අපට ලබා දුන්න සහයෝගයට හා එදා අපිත් එක්ක එකතු වුණ හැම දෙනාටම බොහෝම ස්තුතියි.

    ආ.. තව දෙයක්...
    අපි තව ගොඩක් දේවල් කරන්න හිතාගෙන හිටියා, අපිට විශාල පරිමානයෙන් මුදල් වියදම් කරන්න බැරි වුණ නිසා ඒවා අතෑරලා දාන්න උණා. ඒ බලාපොරොත්තු ලබන වසරේ වත් ගොඩ දාගන්න හිතාගත්තා. නෙළුම් කොලේද පොල් කොලේද මන්දා සෙට් වෙලා සංවිධාන කටයුතු කරන්න ආරාධනා නොකිරීම පිළිබඳව මාගේ බලවත් කණාටුව.

    එහෙනම් ලබන අවුරුද්දෙ අළුත් කට්ටියකට වැඩේ දෙන්න බලමු ඈ.....

    ReplyDelete
  8. ෂහ් මේ කන්නෙලියක් හින්දා මට වැඩේට එන්න බැරි උනා... ඒත් අපේ සුභ පැතුම් ඈ...

    ReplyDelete
  9. ස්තූතියි අයියේ!

    ReplyDelete
  10. හික් හික් මෙව්වානේ මැච් කියන්නේ....

    ReplyDelete
  11. ඇත්තටම අපි හැමෝම සතු‍ටු වෙන්න ඕනෙ සංවිධායක මන්ඩලයේ කැපවීම ගැන . . . අපි හැමෝම හිතාගෙන හිටපු . ."නෙලුං කොලේ සෙට්නොවී කිසිවක් කල නොහැක" කියන තියරෛය මිත්්‍යා මතයක් බවත් . . එහෙම සෙට් නොවී ඕනෑම දෙයක් කල හැකි බවත් මේ මල්ලිලා ටික අපිට පෙන්වා දුන්න . . .

    ඇත්තටම සොඳුරු දවසක් . . . ගොඩක් සතු‍ටු උනා . .

    සංවිධායක මන්ඩලයේ සහෝදරවරුන්ට අපි හැමෝම එකතු වෙලා දකුනු අතේ මැද ඇඟිල්ල උස්සල ආචාර කලයුතුයි

    ප.ලි.
    ලබන අවුරුද්දෙ මැච් එකට මම මීට වඩා බෝතල් ගනනක් ගේන්න තීරනය කලා

    ReplyDelete
  12. හවුලේ හදපු කැඳ හැලියට පසනා හාල් නොදැම්මට අනිත් ආඩි හත් දෙනා නෙමේ අනිත් ආඬි සියලුම දෙනා හාල් දැම්ම නිසා කිරිකට් වසන්ත සැනකෙලියේ කැඳ හැලිය හොඳ රහට තිබ්බා . . . !!

    ReplyDelete
  13. ඇයි බං අපි අමතක කලේ ? :'(

    ReplyDelete
  14. දුකා /

    අයියා කැඳ හැලියට හාල් අරන් ගියත් දාන්න දුන් නැති එකට අපිට නන් ‍මුකුත් කියන්න එපා ඇ...

    අපි කොයි තරන් හාල් දාන්න උත්සහ කරාද කියලා අපි විතරයි දන්නේ.. අයියලා හාල් ටිකක්වත් අරං ආවෙ නෑනේ..!!

    ReplyDelete
  15. අන්න මැච්....කොහේද එදාම මට කරුමෙට උත්සවයක් සැට් උනානේ.. නැත්නම් අරාස් අයියාවත් බලලා ඔය අපුරු මැචටත් එන්න මම හින මව මවා හිටියේ.. අනික බලා පල්ලා... තොපි පොටෝ ටික මකා ගත්තේ අපි එව්වා බලයි කියලද...

    අනේ ආයි ඔය වගේ මැච් එකක් ගහලා දාපියව් පොටෝ...

    ReplyDelete
  16. "අපි කොයි තරන් හාල් දාන්න උත්සහ කරාද කියලා අපි විතරයි දන්නේ.. අයියලා හාල් ටිකක්වත් අරං ආවෙ නෑනේ..!!"

    අප්පච්චියේ එහෙමත් උනාද?

    සිරාවටම කැඳ හැලිය හරියටම තියෙන්නේ කොහේද කියලා ලොකේට් කරගන්න ඇහැක් උනානම් හාල් නොදැම්මත් බලලා හැලිය දිහා බලලා යන්න වත් එන්න තිබ්බා බන්z

    ReplyDelete
  17. අඩේ අහින්සක මාවත් අල්ලගෙනනේ මුන් සික් කුජීතයි ඈ

    ReplyDelete
  18. හික් හික් පට්ට ආතල් පෝස්ට් එකක් බන්. එතකොට මේකද මේ තාක් කල් තිබුනු හොඳම සයිබරයේ එකමුතු උත්සවය?? සුබ පැතුම් හැමෝටම හික් හික්

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...