එදා ලස්සනට ඉර පායලා තිබ්බලු.. අනේ මන් නන් ඔව්වා දන්නෑ හැබැයි.. මට නන් උදේට හොදට සැපට නින්ද යනවනේ..පාන්දර 9ට විතර කෝල් එකක්..
අඩෝ.. නැගිටපං ඩෝ..
හලේ.. මයෙ කණ
කෑගන්න එපා යකෝ.. දෙව්දුව තුරුලෙ.. ඇරෙයි යකෝ....
තෝ දෙව්දුව පැත්තකින් තියලා ලෑස්ති වෙයන්.. තව පැය භාගෙන් අපි ඔතන....
කොහෙ යන්නද බං..
ටීං ටූන්.. ටික් ටොක්.. නොදකින් මූ පෝන් එක තියලත් ඉවරයි..
දැන් මොනා කරන්නද.. ලෑස්ති වෙලා පංසල ලගට ගියා..
මේන් වැන් එකක් පුරෝලා... කෙල්ලෝ...
හත් දෙයියනේ... කොටා.. තෝ මොකද මේ සමිතියෙ නායකයා වෙලා....
නායක මගුලක් නෙමේ යකෝ.. මේ අපෙ නංගිගෙ යාලුවො සෙට් එකක්.. වරෙන් මුං එක්ක සත්තු වත්තෙ යන්නේ..
ඇයි උඹව දැකලා එපා වෙලාලුද..
නෑ.. තෝවයි මාවයි දෙන්නම දැකලා මුන්ට එපා වෙලාලු.. නැගපං වාහනේට..
සික්.. මූ මගෙ හිරිඔතප් බිඳින හැටි..
බෙල්ලෙන් අදින්න එපා යකෝ.. පරණ ෂර්ට් එකක්.. ඉරෙයි ඕක..
සික් විතරක්.. මූ කෙල්ලො ගොඩක් මැද්දෙ මාව චාටර් කරපු හැටි..
දැන් ඉතින් මට එපා කරපුම වැඩේ.. කෙල්ලංගෙ කිචි කිචිය අස්සෙ ඉදගෙන යන එක.. ඔහොම අමාරුවෙන් ඒකත් කරා කියමුකො.. ඔන්න බැස්සා සත්තුවත්ත ගාවින්.. බැහැලා ටිකතුත් ගත්තා විතරයි කොටාගෙ යාලුවෙක් දුවගෙන ආපි මෙතනට..
හලෝ මචං.. උඹ කොහෙද මෙහෙ..
මං දැන් මෙහෙනෙ වැඩ... ඉතින් උඹ කොහෙද මෙහෙ..
මං ආවා බං නංගිලට සත්තුවත්ත පෙන්නංන...
ආහ්.. මරුනේ.. මං කියලා දෙන්නං සත්තු ගැන..
පැණි බේරෙන මූන.. මූ කෙල්ලන්ටම ඉපදිච්ච එකෙක්ද කොහෙද..
මචං.. මූ දැන් කෙල්ලො ටික අරන් යයි.. වරෙන් අපි දුමක් දාල එමු..
උඹට මූව ෂුවර්ද.. කෙල්ලො ටික තනියෙන් දාල යන්න..
මූව උඹට වඩා ෂුවර්.. වරෙන්කො යන්න...
ඔන්න දැන් ඒකත් ගහලා එද්දි අරූ සත්තු ගැන වර්ණනාව.. ගෑණු ළමයි ටිකත් උගෙන් ප්රශ්න හැටයි..පවු අසරණයා
දැන් නංගිලා මේ කුඩුවේ ඉන්නේ වලස් ජෝඩුවක්..
ආහ්.. අයියා.. එතකොට අර ලොකු එකා පිරිමි වලහද.. කෝ ගෑණු වලහා..
නංගිලා.. වලහගේ ගෑණු සතාට කියන්නේ ගෑණු වලහා නෙම් වැලහින්න කියලා..
ආහ්.. එතකොට අයියා පිරිමි වලහා වලහින්නද ඇ.... ඕං තව ප්රශ්නයක්..
නෑ නෑ නංගි.. පිරිමි සතා වලහා විතරයි..
මූ දැන ගත්තා මෙතනින් ගොඩ යෑමක් නෑ කියලා.. මූ ගියා අලි බලන්න..මේන් අලියෙක් ඉන්නවා.. කකුල් පහයි..
ආහ්.. අයියා.. අර අලියා.. අර බලන්න.. ආබාධිත අලියෙක්ද අයියා ඌ..ඇයි අයියා ඌට කකුල් පහක්..
හලේ.. අරූගේ කන්දෙකින් දාඩිය බේරෙනවා..
අපි යමු නංගිලා.. අලි පස්සෙ බලමු.. කියලා මූ ගියා සිබ්රා පෙන්නංන..
අයියා.. ඇයි අර බූරුවගෙ ඇගේ ඉරි තියෙන්නේ..
ආහ්.. නංගි ඒ බුරුවො නෙමේ.. උන්ට කියන්නේ සිබ්රා කියලා..
මූ දැනගත්තා එතනත් ගොඩ ඒමක් නෑ කියලා.. මොනව උනත් මූට දැන් නන් කෙල්ලො සනුහරේම එපා වෙලාද කොහෙද..
අයියා.. අර පිරිමි මොණරෙක්.. කෝ එතකොට ගෑණු මොනරා..
නංගි..එහෙම සත්තුන්ගෙ ගෑණු අයට කියන්නේ සෙබඩ කියලා.. ගෑණු මොනරු කියලා ජාතියක් නෑ..
දැන් නන් ඌට ටිකක් වෙන්න මල පැනලත් එක්ක ඉන්නේ..
එතකොට අයියා.. හාවගෙ ගෑණු සතා මොකාද..
නොදකින්.. ඒක ඌත් දන්නැද්ද කොහෙද.. මු අස්පයො ගැන විස්තර කොරන්න ගත්තා..
එතකොට අයියා ගෑණු අස්වයා කෝ මෙතන..
නංගි ගෑණු කියලා නම කියන්න එපා කියලා කිව්වා
නේ මං දැන් සැරයක්.. ගෑණු අස්සයා නෙමේ.. ඌ වෙළඹ..
ආහ්.. වෙළඹ නේ අයියා..
එතකොට අයියා අර අතන ඉන්නේ..
ආහ්.. ඒ බූරුවෝ..
හානේ.. ඒ බූරුවොද.. එතකොට කෝ ගෑණු බූරුවෝ..
ගෑණු බූරුවො ඔය ඉන්නේ.. ඔය වගේ උන් තමා ගෑණු බූරුවෝ.. උන්ට මෙලෝ මගුලක් කිව්වට තේරුන් ගන්නෑ..
ෂෘ.. අයියා මාරයිනේ.. අයියා ගෑණු බුරුවන්ට උගන්නංනත් යනවද..
දඩෝස්...........
අරූ බිම..
අපි නංගිලත් එක්ක ආපහු ගෙදර ආවා........

කොහොම හරි වෙන එකෙක් පිටිං යැවුවා නේ..... :D
ReplyDeleteහොඳ වැඩේ බොට කෙල්ලන්ට වීරයො වගේ සත්තු පෙන්නන්න යනවාට.. අපිවත් අඬ ගහගෙන ගියා නම් මක්ක වෙනවද ?
ReplyDeleteඋඹට සිහිය ආවේ කොහෙදිද පසා..?
ReplyDeleteඅනුන්ට වගේ කියන්න හැකියාව උපරිමයි නේදා ?
ReplyDeleteඑදායින් පස්සේ ගෑණු ළමයින්ට දේවල් විස්තර කරන්න යන්න නැතුව ඇති මගේ හිතේ...
ReplyDeleteඇයි අයියා.. අර බූරුවගෙ ඇගේ ඉරි තියෙන්නේ..... උන්ද එතකොට ගෑණු බුරුවෝ කියන්නේ.... ;)
ReplyDeleteමට පේන්නේ ගෑල්ලමයි ටික පසන් අයියලාව බූරුවා කරලද කොහෙද :D
ReplyDeleteඑතන ඇත්තටම කවුද හිටියේ
ReplyDelete@Weni උඹලත් එක්ක ගියානං සත්තු බලන්න zoo යන්න ඕනේ නැහැ ( Jork )
මේ කතා විලාසයෙන් නම් පේන්නේ පසා ඇදගෙන නාලා වගේ
ReplyDeleteසෝරෝ /
ReplyDeleteකෑගහන්න එපා බං.. ඔන්න ඕකනේ උඹලත් එක්ක මුකුත් බැරි..:-D
Weni /
ReplyDeleteආහ් වෙනී අයියා.. මං හෙව්වා ටික දවසක ඉදන්..සත්තු බලන්න එක්කං යන්න.. කෝ කාලෙකින් දැක්කෙ නෑ නොවැ අයියව..වෙලාව තමා ඉතින් බං....:-D
මාරයාගේ හෝරාව /
ReplyDeleteසිහිය ආපු තැන නන් හරියටම මතකයක් නැ අයියා..:-D
cjgayan /
ReplyDeleteඑහෙම තමා බං ඉතින්.. වෙන මොනවා කියලා කරන්නද මචං..:-D
Dinesh /
ReplyDeleteඑහෙම කොහොමද දිනේෂ් ගෑල්ලමයිව අමතක කරන්නේ..:-D
සුදු හංසි/
ReplyDeleteඔන්න ඉතින් වැඩේ මාට්ටු වෙන්න යන්නෙ..:-D :-D
පූසා /
ReplyDeleteබොට ඉතින් පේන්නේ බොට ඉස්සර වෙච්චනේ.. අපි නොදන්න පූස්..:-D
අසරණයා /
ReplyDeleteමචං ඔන්න වෙනි නන් එතන හිටියෙ නැ හරිද.. පවු අපෙ වෙනී අයියට මුකුත් කියනවා එහෙම නෙමේ..:-D
ItalyDilan /
ReplyDeleteඋඹ ලග සබන් කෑල්ලක් තියනවද ඩිලාන්..:-D
හික්ස්.... ඇද ගෙන නාලා.
ReplyDeleteහික් හික් හික්...නාන එක හොදට නාගෙන..
ReplyDeleteහිකිස්
ReplyDeleteඇයි අය්යේ අලියාට කකුල් පහක් .... හික් හික්
ReplyDeleteනියම කතාව :D
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මම හඬ නඟා සිනා සෙමි.. ලොල්... මරු කතාව.. :D
ReplyDeleteගෑනු බූරුවෝ නෙමේ. හැබැයි බූරු ගෑනු ඉන්නවා. :D
ReplyDeleteනියම කතාව ඇ
ReplyDeleteජය..
නිසුපා /
ReplyDeleteඒකනේ නිසුපා.. ටැප් එකක් තිබුන්නැති නිසා ඇඳගෙනම නෑවා..:-D
පබලු /
ReplyDeleteමෙහෙමනේ පබූ.. නානව නන් හොදට නාන්න ඕනි.. නැත්තං වතුර අපසාදෙනේ...:-D
හසී /
ReplyDeleteසික්ස්....:-D
සහෝධරයා /
ReplyDeleteඔව්වා රට්ටුන්ට ඇහෙන්න කියන්න එපා බං.. රට්ටු වැරදියට හිතයි අපි ගැන..:-D
Red Riding Hood/
ReplyDeleteහලේ.. පලිස්සමට හඩ නගන්න ඇ.. නැත්තං වටේ පිටේ අය බය උනොත් එහෙම..:-D
Podi Kumarihami /
ReplyDeleteඔය දෙකම එකයිනෙ පොඩ්ඩි.. හලේ මන් දන්නෑ අප්පා.. ඔය රට්ටු කියනා කතා පොඩ්ඩියේ...:-D
Gayan Rupasinghe/
ReplyDeleteතැන්කූ තැන්කූ මචං..
ජය..
ඒකෙත් හැටි!
ReplyDeleteමන් අඳුරන කෙල්ලො සෙට් එකක් ආන් හෙට 18 ඉරිදා සත්තු බලන්න යනවා උන්ගෙ කොල්ලො ටිකත් එක්ක.. මන් අද දුන්නා මේ කතාව ප්රින්ට් කරලාම.. අනේ සංසාරේ ..උන්ට මරු ජොලි..හෙට අරුන් සෙට් එකම ඉවරයි..දැන් නම් පවු කියලත් හිතෙනවා..කොච්චර උනත් කොල්ලො සෙට් එකක්නෙ..
ReplyDelete//ඇයි අයියා.. අර බූරුවගෙ ඇගේ ඉරි තියෙන්නේ//
ReplyDeleteපෂා . . උඹේ ඇඟේ කොහෙද බං ඉරි තියෙන්නෙ ????
genu booruwo wunath kotaluwo wunath meke mokawath ma penenne nehe
ReplyDeleteවෙනියාගේ පැහැදිලි ඉරිසියාව පේනව නේද....කොල්ලන්ට ගේම දෙන්නම තමා බලන්නෙ.
ReplyDeleteහ හා .... නියම වැඩේ.. එල පෝස්ට් එක.
ReplyDeleteමටමයි බඩු හම්බ වූනේ පැණි දොඩම් මල්ලි, කෙල්ලො ටික ඇවිත් කියනවා.. "අයියේ කකුල් පහේ අලි හිටියේ නෑ. ඒ ඇයි ?" කියලා . ඉතින් දීපන්කො උත්තර !
ReplyDeleteනියම කතාව :D
ReplyDelete