Monday, February 14, 2011

වැලන්ටයින් ආදරය - නුඹටමයි


මචං..

ම්ම්මම්ම්..........

මොනාද බං ගන්නේ....

ඇයි බං......

ඇයි යකෝ වැලන්ටයින්නේ.......

ඉතින්....

කෙල්ලට මොනව හරි ගනින් බං.......

මොනවද බං ගන්නේ... සල්ලිත් නෑ බං වැඩිය......

සල්ලි ඕනි නැහැ බං.. මතක් වෙන්න ඔය මොකක් හරි දීපං.....

උඹ මොනවද දෙන්නේ...

මං දෙනවා බං රින්ග් එකක්.... පළවෙනි සැරේනේ බං..

දැන් කවද්ද ඕක ගන්නේ..

අද යමු.. හිටපං මං විනාඩි දහයෙන් උඹලගේ ගෙදර..

හා වරෙන්කෝ...

මිතුරාගේ පෙරැත්ත මත වැලන්ටයින් සැමරීමට ඇය වෙනුවෙන් සිහිවටනයක් මිලදී ගැනීමට ගියෙමි. මා වැලන්ටයින් ලෝකයක අතරමන් වී ඇත. නුඹ නමින් සිහිවටයක් සිතා ගත හොනැකිය. දෙනුවන් පියා නුඹ සිහිකරගතිමි..

ප්‍රථම හමුවීමේ සිට සියළු දසුන් මැවී පෙනෙන්නට විය. ඒ නුඹම විය.සිනාසෙන දෙනුවන විහිදා මාදෙස බලා සිටි ඒ නුඹමය.සුලගට දගකරන කෙහෙරැලි අතරින් බැලුම් හෙලමින් මා සිත සනසවන නුඹ මා ඉදිරියේය.නුඹ නමට මා කුමක් පුදන්නද. අතැගිලි සරසන්නට මුදුවක් දෙස බැලීමී.නුඹ සිනහව තරම් එය සුන්දර නොමැත. මුදුව නැතිඋවහොත් මාගේ සිහිවටනය ඇයට අහිමි වනු ඇත.ඇය මට සැබැවින්ම ආලය කරන්නේ නම් එවැනි අහිමි වීමක් ඇය කෙසේ දරාගන්නද. මා ඇයට ආදරය කරමි.ඇයගේ නෙතින් ගලා යන කඳුළැලි මතට මා වෛර කරමි.මා ආදරය කරනුයේ ඇයව හැඩවීමට නොවන බව මා දනිමි. එහෙයින් අනිත්‍ය දෙයක් දීමෙන් මා කරනුයේ ඇය තවත් දුකට පත් කිරීමක් නොවෙදැයි මා කල්පනා කර බැලිමී.

මචං....

මේ මුද්ද ලස්සනද....

ඔවු මචං.. උඹ ගන්නවද?

ඔවු.. මං මේක ගන්නවා.. ඇයි උඹ මුකුත් ගන්නැද්ද?

නෑ බං.. හිතට ෆීට් නෑ..

ඇයි....

මෙව්වා අනිත්‍ය දේවල් බං.. මේ තෑගි දුන්නට ටික දවසයි.. නැති වෙලා යයි...

අනේ යකෝ.. මේ ලොකේ නිත්‍ය දේවල් කොහොද බං තියෙන්නේ? .. ඔන්න ඔහෙ මොකක් හරි දීලා දාපං..

මේ ලෝකේ නිත්‍ය දේවල් තියනවා බං... උඹලට ඒවා පේන්නෑ..

ආහ්.. කියපං බලන්න..

මගේ ආදරේ බං.. මං එයාට ආදරෙයි.. ‍තාවකාලික සිහිවටනයකට වඩා මං එයාට ආදරය කරනවා. එයා ඇස් පියාගන්න හැම මොහොතකම මගේ ආදරේ එයා ලග මැවෙන තරමට මං එයාට ආදරය කරනවා. එතකොට එයාට මාව මතක් වෙන්න සිහිවටනය දිහා බලන්න ඕනි නැහැ. එයා ඇස් පියාගන්න හැම මොහොතකම මගේ උණුසුමෙන් එයාව මත් වෙන තරමට මං ආදරය කරනවා.ඒක තමයි මගේ වැලන්ටයින් තෑග්ග. මං එයාට කියනවා මං කොයි තරන් එයාට ආදරේ කරනවද කියලා.

එයා ඇස් දෙක පියාගෙන අහගෙන ඉදීවී.මගේ හිතේ තියන ආදරය ගලාගෙන යන ගඟක් වගේ එයාට කියනවා. මගේ පපුවේ හිස තියාගෙන ඈත බැහැල යන ඉර දිහා බලාගෙන එයා අහගෙන ඉදීවී.. අපි දෙන්නම සිතිජය ගිලගන්න බලාගෙන ඉන්න රන්වන් පාට හිරු එළිය දිහා බලාගෙන අපි අපේම වෙන්න ප්‍රාර්ථනාවන් කරාවි. රන්වන් පාටින් දිලිසෙන කොය එයාගේ ඇස් දෙක මං ඒ දිහා බලගෙන ඉන්නවා.. මුළු ලෝකයම මොහොතකට නැවතිලා යාවී.මොහොතකට ලොවම නිහඩවේවි. දෙතොල් මත උණුසුම් හාදුවක් තියලා කියනවා මං කවදාවත් එයාව දාල යන්නෑ කියලා.. ඒ සිහිවටනය හැමදාමයි..
සදාකාලිකයි...

ඔවු.. ඒ ආදරය සදාකාලිකයි.. සිහිවටනයකට සීමා කරන්න බැරි තරමට මං එයාට ආදරේ කරනවා.එක දිනයක් වෙනුවෙන් නෙමේ.ජීවිතය පුරාම.ඔය පපුව මත හිස තියාගෙන අන්තිම හුස්ම යනකම්ම මං ආදරය කරනවා. ඒ පළවෙනි වැලන්ටයින් තිලිණය වේවි.ඒක අනිත්‍ය නොවේවි.

දෙනුවන් පියා ඉන්න මොහොතකට
රන්වන් හිරු එළිය එයි සිපගන්න ඔය දොතල් මත
පෙරලෙනා රළ සමුදුරක් මත වරින් වර
සිහිකරවාවි නුඹට ඇති ආදරය මගෙ හිතේ මතුවන
ළමැදේ හිස තියා මොහොතක් දෙනුවන පියා ඉන්නම්
සුසුම් හඩින් ලෝකයක් නැවතී යන නිසාවෙන්
මත් වී නුඹේ සුවදින් ‍පිටවී යා නොහැකිව ළැමදින්
තව්ත් එක් මොහොතක් රැදෙන්නද මා
විදිමින් ඒ ආදරය
ලෝකයම සමරන තවත් එක් දිනයක
පවසන්න ඇති ආදරය නුඹ නමට හිතේ මතුවන
වෙරළ රළ මත දිදුලනා සුදු වැළි කැට වලට
‍අන් කිසිත් නැති නිසා සම කළෙමි මගේ පෙම මම
සත්තමයි
මං ආදරෙයි මහමෙරක්ලෙස
විදිනු මැන දෙනුවන් පියාගෙන
පවසනා ආදරය කොදුරමින් නුඹ සවන්මත..




Thursday, February 10, 2011

පෙම් කරමි අදට නොව හෙටට........


ගිම්හානයට වියළි ගිය ‍රළු පොළව මත
දෙපයින් සිට ගැනීමට වත් නොහැකිව
වාරු නැති ගත මතට අත් වැලක් සොයමින් ඇවිද ගිය සඳ
නේක කම්කටොළු මැද
ඉරි තැලී ගිය මැටි පිඩැලි ගෑලි විසි වන පොළව මත
රුධිර‍යෙන් නැහැවී ගිය ආත්මය අමතක කොට
සොයා ආවෙමි දිය පොදක්
බොන්නට නොව විදින්නට ඒ සිසිලස........
නේක කටු පදුරු වලින් වැසී ගිය
පතොක් ගසක පිපි සුන්දරම මලක් විලසට
ආත්මය නුඹ නමට ලඝු කොට
පුදන්නට විය වේදනාවෙන් පිරි හදවත...
විදින්නට හැකි විය සුවද මට
මලක් විය නුඹ ලොවට පෙති විදහා පිපුන
ආශා කළෙමි විදින්නට ඒ මල සුවද
ලං කළෙමි දෙතොල විදින්නට මොහොතකට සිසිලස
විදිමින් සිටින විට සිසිලස
අමතකව ගිය අරුමයි එ'ගස ‍පතොක් බව
ඇනුන විට කටු සුමුදු දෙතොල මත
යළිත් සිහිකරවයි ගසේ ඇති රළු බව
ගැස්සී පියවි සිහියට එළැඹි කළ
නැවත දුටුවයි සුන්දරත්වය එමල මත රැදුන
කෙදිනක හෝ සැගෙවෙනාතුරු කටු ගස මත රැදුනු
පෙම් කරමි මම දුර සිටම එමලට නිබඳ.......

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget