
මේ ලගදි දවසක වෙනී අයියා.. ලසිත් බෙනරගම.. පොඩි මෑන්. රාජ් ලගෙන් එක්කෙනෙක් සහ මම (තව හිටියා කස්ටිය.. මෙච්චරයි කතාවට සම්බන්ධ උනේ) වැදගත් කතාවක් කරානෙ.. එතනදි අපි කතා උනේ නිර්මාණයක් කරාට පස්සෙ නිර්මාණකරුවා මියයායුතුද නැද්ද කියන එක..එය එසේ විය යුතුයි.එතන කිසිම තර්කයක් හො ගැටළුවක් නෑ. තමුත් ප්රායෝගිකව එය එසේ සිදු නොවන එක ගැටළුවක්
වෙනී අයියා කියන විදිහට ඇත්ත.. අපේ නිර්මාණ වල පාඨකයා / රසවින්දකයා බුද්ධිමත් විය යුතුයි. නමුත්.. "මම" කියන චරිතය මූලික කරගෙන ප්රසිද්ධ සහ ජනප්රිය උන බ්ලොග් කලාවක් වර්ධනය වෙන කාලෙක පාඨකයා ලෑස්ති නෑ එතනින් අයින් වෙලා වෙනස් විදිහකට නිර්මාණයක් රස විදින්න.. මං කියන්න්නෑ "මම" හෝ "පුද්ගලික ජීවිතය" මාකට් කරන්න පුලුවන් කියලා නිර්මාණ හැකියාවක් නැතුව.. ඒක කරන්න ඇත්තටම හැකියාවක් තියෙන්න ඕනි.. උදාහරණ කිව්වොත්.. අපේ මාරය අයියා ලියන මාරායාගේ හෝරාව , තව සයිබර් යාය ලියන බුද්ධි, කතන්දර ,එතනින් ගියාම ඉන්ද්රනාත් තේනුවර අයියා ලියන මගේ කතාව.. (මං ආසම පුද්ගල ආත්ම විග්රහයක්.. ) ඒ හැමෝගෙම නිර්මාණ ඇතුලෙ විවිධාකාර වූ හැකියාවන් තියනවා..සහ එවැනි ජනප්රියතාවය ඉහල තලයක තියෙන්නෙ ඇත්තටම ඔවුන්ගෙ හැකියාව නිසා..අනිත් අතින් ඔවුන් ප්රසිද්ධියේ ප්රකාශ කරනවා ඒ තමන්ගේ ජීවිතය බව.. එය එසේ කිරීමේ කිසිම ගැටලුවක් නෑ..
නමුත්..
ගැටළුව ඇත්තේ ඔවුන් මනින එසේ නැතිනම් එවැනි ජනප්රිය බ්ලොග් රසවිදින ඇසකින් අනෙක් සියළුම නිර්මාණ කරුවන් දිහා බැලීම පුරුදු කරගෙන සිටීමයි.. මා දකින එවැනි අවස්ථා කීපයක්..
ලගදි ඔබා අයියා ලිව්වා වයසට ගිහින් අමතක වීමේ ලෙඩක් තියන කෙනෙක් ගැහැනියක් එක්ක සෙක්ස් කරන සීන් එකක් ගැන..ඇත්තටම ඒ කතාව ලස්සනයි.. නමුත් හැමෝටම ගැටළුවක් උනේ ඔබා අයියා තමන්ගේ බිරිදටත් ඒකම කරනවද කියන එක? ඒකට ඒ කතාව අන්තිමට ඔබා අයියා ලියලා තිබ්බා මං මේ කතාව කලින් ලිව්වද කියලා අහලා.. ඒ වචන ටික මූලික කරගෙන කවුරු හරි හිතුවා නන් ඒ කතාව ඔබා අයියගෙ කියලා.. හරි ඒක කමක් නෑ කියමු..
තිස්ස අයියා ගම්මු.. නිර්මාණ ගැන කියන්න ඕනි නෑනේ.. ගෙදර එන්න ලං වෙලා ආදරය ගැන අපූරු නිර්මාණයක් කරොත් නිර්මාණය මොන මගුල උනත් ලස්සන උනත් කැත උනත්.. අහන්නෙ "ලෝඩ් කරගෙනද ඉන්නෙ" කියලා.. ඒක තමයි හැමෝටම තියන පොදු ගැටළුව.. හරි එහෙම හිටියත් නිර්මාණය තුලින් රස විදිය යුත්තේ තිස්ස අයියගෙ පුද්ගලික ජීවිතයද??
අනිත් දේ සුදු හංසි නගා අලුත් කතාවක් පටන් ගත්තා ලියන්නේ.. දැන් ඒක බලන හැමෝගෙම තියන ගැටළුව සුද්දි ලියන්නේ එයාගෙ ඇත්ත අත්දැකීමක්ද කියන එක.. ඒ පෝස්ට් එකට මුලින් වැටුන ගොඩක් කොමෙන්ට් වල පොදු ගැටළුව මේක ඇත්තටම සිදු වුන දෙයක්ද.. ආහ්.. එහෙනන් අපි බලනවා කියන එක..
ඒ කියන්නේ අපේ පාඨකයා බලාපොරොත්තු වෙන්නෙ අනුන්ගේ චීත්තයක් හේදීම පමනක්මද??
වෙනී අයියා සහ පොඩි මෑන්.. මෙන්න මෙතනයි උඹලගෙ තර්ක නැති වෙලා යන්නේ.. අපේ පාඨකයා අදටත් බුද්ධිමත් නෑ නිර්මාණකරුවා සහ නිර්මාණය දෙකක් විදිහට දකින්න..මං කවි ලියන එක නවත්තන්න ප්රධාන හේතුවත් ඕකයි.. මගේ නිර්මාණයක් තුලින් හැම වෙලේම මගේ පුද්ගලික ජීවිතය දකිනවට මං ආස නෑ.. ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පාඨකයාට ඕනි දේ දීලා ඉන්නවා.. ඒක තමයි ප්රායෝගිකව වෙන්නෙ..
මං මේ බ්ලොග් සමාජයට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා..ඉස්සර ඇත්තටම මීට වඩා රසවින්දනයකින් උසස් පාඨක සමාජයක් හිටියා..නිර්මාණ ඉතාමත් උසස් තැනක තිබ්බා.. තිස්ස අයියගෙ බ්ලොග් එක බලන්න යන්නෙ කොමෙන්ට් කියවන්න බලාගෙන.. "සුලා" කියන කෙනෙක් කෙමෙන්ට් කරනවා.. ඒක උපරිමයි.. තව නම් වලින් කියන්න බැරි තරන් උසස් රසවින්දයක් තිබ්බ කොටසක් ඉස්සර හිටියා.. දැන් ඒ හැමෝම පේන්න නෑ..ඉස්සර කොමෙන්ට් එකක් කියන්නේ නිර්මාණයට තවත් එක නිර්මාණයක් එකතු වීමක්..ඒක කවදාවත් චැට් බොක්ස් එකක් උනේ නෑ.. එතන නිර්මාණයක් පැහැදිලිව ශිෂ්ඨ ලෙස විවේචනය කරා.. ඇගයීමක් කරා..ඒ තිබුන සම්ප්රදාය ඇයි දැන් නැත්තෙ..
දැන් ඉන්න පාඨකයන් ඇත්තටම නිර්මාණයක් හා නිර්මාණකරුවා යනු දෙදෙනෙක් කියලා වෙන් කරන්න තරන් බුද්ධිමත්ද.. නැත්තං හැමෝටම නිර්මාණය හා නිර්මාණ කරුවා එක්කෙනෙක්ද..එහෙමත් නැත්තං හැමෝටම ඕනි තව කෙනෙක්ගෙ කුණු ගොඩක් අවුස්සන්නද.. නැත්තං අනුන්ගෙ චීත්තයක් හොදන්න විතරමද??
එය එසේ සිදු වේ නම්.. ලාංකික බ්ලොග් කරණයේ අනාගතය තවත් එක ගොසිප් පිටු ගොඩක් විතරද??
මං බ්ලොග් ලියන්න ආපු කාලෙ තිබ්බ උසස් නිර්මාණ අද නැති වීම බ්ලොග් කලාවේ පරිහානියේ ලක්ෂනයක්ද නැතිනම් නිර්මාණ සදහා අගය කිරීමක් නැති වීම හේතුවෙන් ඇති වුන කළකිරීමක ප්රතිඵලයක්ද??
නිර්මාණකරුවා කරුවා නිර්මාණයකින් පසු මියයාතුයි.. එය එසේ සිදු කිරීමට තරම් පාඨකයා බුද්ධිමත් විය යුතුයි.. නමුත් එය එසේ නොවන්නේ පාඨකයා බුද්ධිමත් නොවන නිසාද??
මෙම මාතෘකාව තවත් එක් සෙට් වීමකට හේතු වාසනා වේවා!!!!