Monday, February 27, 2012

මං බලාගෙන ඉන්නවා...අරමුණක් නැතුවම..

හිතේ පාලුවට..
මුහුද දිහා බලාගෙන හිටියා
ඉර මුහුදේ ගිලෙද්දි
මං බලාගෙන හිටියා..
නුඹ ඇතට යනවලු...
රුවල් නැවකුත් පාවෙනවා පේනවා..
නුඹ ඈතටම යනවලු.. මට ඇහුනා..
මං බලාගෙන හිටියා...
නුඹ යන වග මහ මුහුද කියනවා ඇහෙනවා...
මං වැලි පො‍ළො‍වෙ රූපයක් ඇන්දා..
ඒ නුඹද.. නෑ
නිකං බලිකුරුටුවක් විතරයි..
ජීවිතය නැවතිලා.. හිස් වෙලා..
මං බලාගෙන හිටියා... ඔහේ පාවෙන රුවල් නැව දිහා...
හුලගට රුවල පිම්ඹිලා.. ඈතටම යනවා..
මං බලාගෙන හිටියා..
ඉර බැහැල ගිහින්.. කළුවර වෙලා...
අහස තැඹිලි පාටයි... ඒත් රෑ වෙලා..
මං බලාගෙන හිටියා...
අද දවසත් ගෙවිලා ගියා....මං තාමත් වෙරළ අයිනෙමයි..
ජීවිතය නැවතිලා.. මුහුදු රළ ඇවිත් යනවා..
ආයෙත් එනවා...
මං තාමත් බලාගෙන ඉන්නවා..
අරමුණක් නැතුවම...

17 comments:

  1. aramunak thiyagenna idiriyata yanna...... aniwaryen dinuma trha lagai............:)

    ReplyDelete
    Replies
    1. අරමුණ පොලීසියෙන් අරන් ගිහින්... දිණුම නන් අත ලගම තමා දැන් නන් තියෙන්නෙ...
      ස්තූතියි අදහසට..:-D

      Delete
  2. එක කාලයක් තියෙනවනෙ මල්ලි එහෙම... ඒ කාලෙ ගෙවුනම හරියයි...

    ලස්සනයි කවියක් වගේ එක... ;)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා මේ පැත්තට ආවට... ගෙවන්න කාලයක් නෑ අක්කා.. මේ කාලෙ මගෙ හොදටම හොදයි.. :-D

      Delete
  3. හ්හ්ම්ම්ම්..
    මං වගේමයි :D

    ReplyDelete
    Replies
    1. හප්පේ.. දැක්ක කල්.. උඹ වගේද.. හලේ.... සංසාරේ....... :-D

      Delete
  4. එයා එනකල්ද , යනකල්ද බලා ඉන්නේ? :D

    ReplyDelete
    Replies
    1. ඒක දන්නෑ පොඩ්ඩි.. මං බලාගෙන ඉන්නවා.. කාලය ගෙවිලා යනවා.. අරමුණක් නැතුවම...

      ස්තූතියි මේ පැත්තට ආවට..:-D

      Delete
  5. මං තාමත් බලාගෙන ඉන්නවා..
    අරමුණක් නැතුවම...

    හ්ම්...........

    ReplyDelete
  6. හරියට මම වගේ..
    මම බලාගෙන ඉන්නවා....
    කාලය ඔහේ ගෙවිල යනවා....
    මම නැවතිලා...
    ඕව්..
    මම තාමත් නැවතිලා....
    යන්න ඕන පාර හිතාගන්න බැරුව
    නැවතිලා...

    ReplyDelete
  7. හිරු ගිලෙන
    සුන්දර හැන්දෑවක
    සුසිල් සුළන් හමන
    ලස්සන මුහුදු වෙරලක
    අත්වැල් පටලාගෙන,
    හිත ආදරෙන් උතුරා යන
    ආදර කතාවක් මුමුණමින්
    වෙරළේ රැලි අතර
    ආයෙමත් ඇවිදන් යන්නට
    කවදාද නුඹ එන්නේ
    මේ සයුරු තෙරට..

    ReplyDelete
  8. මචං අයියේ...

    අරමුණක් නැතිව ඔහේ බලාන ඉන්න එකත් හිතට දැනෙන වැඩක්..
    ඉටු නොවන බලාපොරොත්තු දිහා.. ඒ වගේ නොලැපෙන දේවල් දිහා බලාන ඉන්නවාට වඩා මුකුත්ම හිතේ නැතිව ඔහේ බලාන ඉන්න එකත් හිතට සනීප වැඩක්.... හා නැද්ද මං කියන්නේ ;)

    ReplyDelete
  9. තාමත් බලගෙනමද ඉන්නෙ?????

    ReplyDelete
  10. උඹ අදෝනා ලියන්නෑ කියනව . . .
    අපි විස්වාස කරනව . . .
    උඹේ බ්ලොග් එක අප්ඩේට් වෙනව . . .
    අපි බලන්න එනව . . .
    උඹ අදෝනා ලියල තියනව . . .
    අපි කියෝනව අරමුනක් නැතුවම . . .

    ReplyDelete
  11. ඔබ දුරක යන බවම..
    පුන පුනා කියන කල
    මම ඔහේ බලා ඉමි...
    අර ඈත සිතිජ ඉම...
    නූමනා නිසාවෙන්...
    දකින්නට බිඳක් මුදු..
    කලෙක ආදරය පිරි..
    නුඹේ පෙම්බර දෑස...
    අද නපුරු හැඟුමකින්
    පිරී පෙම මැකුණු යුරු...
    ඉතින් මම බලා ඉමි..
    නුඹ නැතැයි හැඟෙන තුරු...!!!

    ReplyDelete
  12. ඔහේ ඉදිල්ලට අරමුණක් එකතු කරලා මග බලාන හිටියෝතින් නම් මං හිතන්නේ ඔබ තුමාට සතුටුදායක උත්තරයක් හම්බෙයි

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...