Thursday, July 12, 2012

ආදරය කරපු කෙනාට වෛර කරන්නේ සත්තුද


මං මේ ලගදි අමිලයා වගේම දුකා අයියා දාපු පෝස්ට් එකත් කියෙව්වට පස්සෙ මං ගොඩක් කල්පනා කරපු දෙයක් මේක..අපි කාට හරි ආදරේ කරද්දි පැල් බැදගෙන ආදරේ කරනවා.. එයා තමයි මුලු ජීවිතේම.. එයා වෙනුවෙන් හැම දෙයක්ම කැප කරනවා.. ඒත් ආදරේ නොලැබුනාම.. අනිත් කෙනාට කුණුහරුප කියනවා.. වෙන කෙනෙක් එක්ක නිදා ගත්තා කියලා තේරුමක් නැති චෝදනා කරනවා.. මහ කැත කතා කියලා පුලුවන් තරං ආදරය අත්හැරපු එක්කෙනාට බනිනවා.. නමුත් ලෝකෙට සුද්දවන්තයෙක් වෙලා අහිංසක පෙම්‍වතෙක් හෝ පෙම්වතියක් වෙනවා..

නමුත් අපි ආදරෙ කරා නන් ඒ ආදරේ නැති උන පලියට ඔය විදිහට හැසිරෙන්න මිහිහෙකුට කොයි තරං දරුණු හිතක් තියෙන්න ඕනිද.. තමන් පණ වගේ ආදරේ කරපු කෙනාගෙ වැරදි කියන්න තරං පහත් මානසික මට්ටමක් තියෙන්න ඕනි නේද.. එහෙම බලද්දි මං නන් හිතන්නෙ ඒ වගේ ආදරයක් නැති වෙන්නේ බෑ කියන කෙනාගෙ වාසනාවට.. සමහර අය ආදරේ කරන කාලෙ කෙල්ල ගැනවත් හිතන්නැතුව රූම් වලට ගිහින් ඇති තරං සැප විදිනවා. කෙල්ල යන්න ගියාම අරවා වීඩියෝ කරලා ඉන්ටනෙට් එකට දානවා.. ඒක මොන තරං තිරිසං වැඩක්ද.. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කතා කරන්නෙ ලගින් ඉන්නෙ යමක් විශ්වාස කරල.. නමුත් ආදරය නැති උනයි කියලා ‍අනිත් පුද්ගලයාට පුලුවන්ද තමන්ගේ ආදරේ කරපු කෙනාගෙ ගෞරවය නැති කරන්න.. ඒ විශ්වාසය පාගලා නැති කරන්න.. මිනිස්සු අහිංසක වෙන්න ඕනි ලෝකෙට පේන්න නැලවිලා නෙමේ.. තමන්ගෙ හදවතින්.. ලෝකෙට දරුණු උනත් කමක් නෑ.. හදවතින් අහිංසකයි නන්..

බ්ලොග් පෝස්ට් වල පිටු ගනන් ලියනවා ආදරේ ගැන.. ඇත්තටම ආදරේ කරන්න ගියාම ඒ මෙලෝ මගුලක් නෑ.. අනිත් කෙනා බෑ කියපු ගමන් පුලුවන් තරං කුණු හරුප කියාගෙන ඇවිදිනවා හැමතැනම.. එයාල හිතන්නේ එයාල හැංගිලා කරන දේවල් ලෝකය දකින්නෑ කියලා.. අපි කවුරු හැංගිලා මොන සෙල්ලං දැම්මත් මං දන්න විදිහට මේ බ්ලොග් ලෝකෙ එව්වා කවද හරි එලියට එනවා... මං දන්න දෙයක් තියනවා නන් කවද හරි මුළු සමාජයක් ඉස්සරහා සාක්කිත් එක්ක ඔය වගේ නින්දිත වැඩ කරන්න එපා කියලා මං මූණටම කියනවා.. ඒ දවසෙදි ඒ පුද්ගලයින් ලැජ්ජාවක් තිබ්බොත් ලැජ්ජ වෙයි.. ලැජ්ජාවක් නැති උනොත් තරහා වෙයි.. මට අදාල නෑ ඒක..

ඕනිම කෙනෙක් අතින් වැරැද්දක් වෙන්න පුලුවන්.. නමුත් ආදරය කරපු කෙනෙක් අතින් වැරැද්දක් උන පලියට ඒ ගැන ඒ ආදරේ කරපු හිතින්ම වෛර කරලා පලිගන්න පුලුවන් නන් මට තියන සැකය ඇත්තටම ඒ පුද්ගලයා ආදරය කරන්න දන්නවද කියන එක... ආදරේ කියන්නේ රෙදි ගලෝලා නිර්වත්‍රෙන් ගෑණු ළමයා හෝ පිරිමි ළමයා ඉදිරියේ හැසීරීම නෙමේ. ආදරය කරද්දි පිරිමියෙකුට නන් පිරිමිකමක් තියෙන්නෙ ඕනි.. කඩේ යද්දිත් සීමාවක් තියෙන්න ඕනි.. අසීමතව කඩේ ගිහින් පස්සෙ බෑ කිව්වම.. අරයා මෙහෙම කරනවා අරහෙම කරනවා කියලා තැන තැන කුණුහරුප කියන්න තරං මානසිකත්වයක් තියන පුද්ගලයො සමාජයේ ඉන්නවා දකින එක නන් මහ අප්‍රසන්න දෙයක්..

තමන් ආදරේ කරා නන් ඒ ආදරේ සදාකාලික වෙන්න ඕනි.. ඒක තමා ලූෂන් බුලත්සිංහල මහත්මයා ලියලා තියෙන්නේ
"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවෙත්
වෙන් වූවන් සැබෑ පෙම්වතුන් ලෙස සදාකාලිකව ජීවත් වේ" ඔන්න ඔය වගේ කතාවක්.. මට මතක නෑ.. ඉස්සර නන් ෆේස් බුක් එකේ හැමතැනම ඕක ෂෙයාර් උනා.. ඒකට ලයික් කරලා.. එව්වට බ්ලොග් පෝස්ට් ලියලා එව්වා ඉස්සරහා නිකැලැල් පෙම්වතුන් වගේ හැසිරිලා.. පස්සෙ ආදරේ නැති උනාම සත්තු වගේ හැසිරෙන මිනිස්සු දැක්කාම මට නන් ඇති වෙන්නෙ මහ කළකිරීමක්..

ආදරේ කරන හැමෝම එකතු වෙන්න ඕනි කියලා නීතියක් නෑනේ.. ආදරේ කරපු අය නැති වෙන්න පුලුවන්.. ඒක වෙන්න මේ ලොකෙ පලවෙනි කෙනා අපි නෙමේනේ.. මීට කලිනුත් එහෙම වෙලා තියනවා.. ඉස්සරහටත් එහෙම වෙයි.. නමුත් ආදරෙ කරන්න දන්නැති මිනිස්සු කෙල්ලෙක් ඉස්සරහා රෙදි ගලවන් නටලා පස්සෙ ආදරේ නැති උනාම දාල ගිය කෙනාට තැන් තැන් වල බොරු චෝදලා දාල කේලං කියනවා.. එව්වා අහන්නත් මොලයක් නැති හිතන්න කල්පනා කරන්න තරං බුද්ධියක් නැති අය වට වෙලා ඉන්නවා...

මම නන් කියන්නේ ආදරේ නැති වෙන්න පුලුවන්.. ඒත් ඒ වෙනුවෙන් දාල ගිය කෙනාගෙ චරිතය ඝාතනය කරන්න පුලුවන් තරං හිතක් තියනවා නන් ඇත්තටම ආදරේ කරලා තියනවද කියලා මට නන් සැකයි....ආදරේ කියන්න මොකක්ද කියලවත් එයාල දන්නැතුව ඇති..එහෙම මිනිස්සු මේ ලෝකෙ පිරිලා..හරියට සත්තු වගේ..

එහෙම මිනිස්සු මට දැක්කම හිතෙන්නෙ.. මේ ලෝකෙ හරි කූරයි අප්පා.. ඊක්කා.........

මේ සිංදුවත් අහලම යන්නකෝ....

19 comments:

  1. චුට්ටක් හරි ආදරේ කලා නම් එහෙම කරන්න බෑ. වෙන වෙන දේවල් වලට ආදරේ කලා නම් ඉතින් ඕවා සුළු දේවල්. එහෙම කියල තමා අපිට හිතන්න වෙන්නෙ එතන ආදරයක් නෑ ආසාව විතරයි.

    ReplyDelete
  2. සම්පුර්ණ එකඟයි පොස්ටුවට!

    ReplyDelete
  3. මිනිස්සු හරි කුහකයි මල්ලි.. ගැහැණු පිරිමි දෙපක්‍ෂෙය්ම එහෙම අය ඉන්නවා.. අපි කාට කාටත් ඒ මිනිස්සු ගැහැණු අතරම ජීවත් වෙන්න වෙනවා අපි කැමති උනත් නැතත්...

    ReplyDelete
  4. ආදරේ කරානං ඔහොම කරන්න බෑ...
    සහතික ඇත්ත

    ReplyDelete
  5. මටනම් හිතන්නේ ඕක සාධාරණයි කියලා. මට ඈතින් ඉන්න කෙනෙක් ගැන කිසිම තරහක් නැහැ අල්ලපු ගමේ මිනිහෙක්ට බනින්න ඒ මිනිහා එක්ක තරහා වෙන්න ඕනේ කමක් නැහැ ඒත් මගේ ලඟින් ඉන්න එකෙන්ක් එක්ක තරහක් ඇතිවෙන්න පුළුවන් බනින පුළුවන් එහෙම වෙන්නේ ලඟින් හිටපු නිසා. ඈතින් ඉන්න අයත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ ජීවිතේ. එහෙම බැලුවම ආදරේ කරනවා කියන්නේ ගොඩක් සමීපව ඇසුරු කරනවා කියන එක. එහෙම අයත් එක්ක තමා වැඩිම තරහක් තියෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ආදරයත් වෛරයත් අතර තියෙන්නේ කෙස් ගහක් තරම් සුළු පරතරයක් කියනවනේ (ඒ වගේ එකක් මං කොහේ හරි කියෙව්වා :D) මරේ කියන එක හරි. තරහක් ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම උනාය කියලා අදාල කෙනාගේ පෞද්ගලික දේවල් ලෝකයාට පෙන්න පෙන්න කාලකණ්නි සතුටක් ලබනවනං ඌ මහා තිරිසනෙක් කියලයි මටනං කියන්න තියෙන්නේ!
      ආදරේ ඇතිවීම වගේම නැති වීමත් වෙන්න පුළුවං. ඒක ලෝක ස්වභාවය හැමදේම ඇති වෙනවා නැති වෙනවා. ආදරේ කරන කෙනා දාලා ගියයි කියලා එයාගේ පොටෝ දාලා බ්ලොග් පෝස්ට් ලියන්න තරං දෙයක් නෙමෙයිනේ ඒක!

      Delete
  6. අවතාර්ට නම් තවම ඔය ගැන වැටහීමක් නැත
    ආදරේ ඒ තරම් දුකයිද අප්පා

    ReplyDelete
  7. ආදරේ කල හිතකට කොහොම වෛර කරන්න්ද?

    ReplyDelete
  8. """ ආදරෙ කරා නන් ඒ ආදරේ නැති උන පලියට ඔය විදිහට හැසිරෙන්න මිහිහෙකුට කොයි තරං දරුණු හිතක් තියෙන්න ඕනිද.. """"
    ඒක මටත් ගොඩාක් වාරයක් කල්පනාවට ආව දෙයක් ...

    ReplyDelete
  9. ආදරය කරනවා කියලා කරන විකාරය නිසානෙ මල්ලි මේක වෙන්නෙ..ඔය ආදරය නෙවෙයිනෙ අත්පත් කර ගැනීමේ තණ්හාවනෙ..ඉඳුරන් පීනවා ගැනීමේ නොසන්සිඳෙන ආශාවනෙ..ඕකට ආදරය කියන්න එපා..ඔතන තියෙන්නෙ හුදු සම්බන්ධතාවයක් විතරයි..තියෙන්නෙ නැවත නැවත සංසර්ගයේ යෙදෙන අරමුණ විතරයි. ඕකට බොරුවට ආලය, ආදරය, ප්‍රේමය කියලා අවට ලෝකයා රවට්ටන්න දඟලන ලෝකයා බලන්න ඇස් දෙක පිහ දාලා..බස් සීට් වල, ගස් අස්සෙ, බීච් එකේ ගල් අස්සෙ, හෝල් වල, නවාතැන් කාමර වල..
    ආදරය, ආලය ප්‍රේමය තියෙනවා තවමත් ඒක නිර්වචනය වෙන්නෙත් නෑ..පේන්න ඇත්තෙත් නෑ..ආදරයෙන් බැලුවොත් ලෝකය දිහාවෙ ආන්න ඒ හැංගිච්ච ආදරය පේනවා..
    පොඩි එක නිදසුනක් කියන්නම් පස්සෙන් ඇවිල්ලා කරදර නොකරන නන්නාඳුනන හිඟන්නෙකුට ළඟට ගිහිල්ලම රුපියල් 10ක් 20ක් දික්කරන කෙනෙක්ගෙ ඇස් දෙක දිහා බලන්න..ඒ ඇස් වල දිලිසෙන්නෙ සැබෑ ආදරයක එක් කාන්තිමත් පැත්තක් විතරයි..

    ReplyDelete
  10. මම නම තනියම විදවනවා මිසක් රට වටේ කියා කියා යන්නේ නෑ.ඒහෙම කියනවනම් ඇත්තටම ආදරේ කරලත් නෑ.අපි ආසාවෙන් හදපු වැලි මාලිගා රැල්ලට අහුවෙලා බොඳවෙලා යනකොට හ්ම්ම්ම් කියල හුල්ලන්න ඇරෙන්න වෙන මොනවද කරන්න පුළුවන්.දුක හිතුනම ලේසියෙන්ම කරන්න පුළුවන් සුසුම් හෙලන එකනේ.මවපු හීන ඇස් ඉස්සරහම සුනු විසුනු වෙලා යනකොට වෙන මොනවා කරන්නද?.තනියම දුක වෙන එක විතරයි.ඒත් ආදරේ කලේ නෑ කියල කොච්චර හිත රවට්ටගන්න හැදුවත් තමන්ට දරාගන්න බැරි වේදනාවක් පපුව ඇතුලෙන් මතුවෙනවානම් ඒක තමයි තමන් ආදරේ කල තරම.ඒ හැගීමට පලිගන්න හිතෙනවා.දාල ගිය කෙනාගෙන් නෙවෙයි තමන්ගෙන්ම.ඔය ඕන තරම් තියෙන්නේ දුක නිවාගන්න ක්‍රම.අරක්කු වගේ දේවල්.මම නම විශ්වාස කරන්නේ තමන් කරපු ආදරේ වෙනුවෙන් තමන් ගෙන්ම පලිගන්න එක තමා හොදම.මොකද අපි කරපු පවක් තියනවානම් අපි විදෙව්වම ඒ පවවත් ගෙවිල යාවි කියලා හිතන්න පුළුවන් නේ.

    ReplyDelete
  11. කතාවට එකඟයි ..

    ReplyDelete
  12. ආදරේට ආදරේ කරන මිනිස්සු ඔහොම වෙන්නේ නෑ බන්

    ReplyDelete
  13. සම්පූර්ණ ඇත්ත ආදරේ කෙසේ වෙතත් සැබෑ පිරිමියෙක් නම් ගැහැණියකගෙ ආත්ම ගෞරවය ආරක්ශා කරන කෙනෙක් වෙන්න ඕනෙ ඒක කෙලසන කෙනෙක් නොවී.

    ReplyDelete
  14. ආදරය කරන්නෙත් මිනිස්සු ................

    තමන්ට දෙයක් නැති උනාම මිනිස්සුන්ගෙ හැසිරීම හරි භයානකයි.......
    ඔය අද අනුන්ට බනින අයම තමන්ට එහෙම දෙයක් උනාම මොනව කරයිද කියලා හිතන්න බෑ බන්...

    කොහොම උනත් ආදරය කරල මොන යම්ම හේතුවක් නිසා හරි වෙන් වෙන්න උනාම වෛර කරන එක මෝඩ කමක්.

    ReplyDelete
  15. එත් ආදරේ කල හදවතකට තව තව තැලෙන යකඩේම උඩ පැන පැන තලනවා වගේ වේදනා දෙන රිදවන කෙල්ලොත් මේ ලෝකේ ඉන්නවා කොල්ලොත් මේ ලෝකේ ඉන්නවා.පේන්න තිබුන ආදරේ නොතේරුණු ඒ හදවත්වලට ආදරෙ කරපු හදවත්වල නොපෙනෙන වේදනාව කොහොම පේන්නද ?

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...