Monday, September 10, 2012

මායාවක්ද නුඹ


මායාවක්ද නුඹ
රෑයෙ විත් මා සිත කළඹමින
නුඹ ඇවිත් නොකියාම යන
මේකද ජීවිතය
නුඹ නොමැති සිත සැනසුම සොයන
රන්තරු නොමැති
එකම අහසක් යට
තරු සඳ ඇති ඒ අහස යටම
නුඹ සමග මා තනිවෙන
ලෝකයම නවතින
තවත් එක් සොදුරු ඇරඹුමක
අතර මග නිහඩවම තනිවෙන
මායාවක්ද නුඹ
ලොවම හඩවන

9 comments:

  1. මායාවක්ද නුඹ...
    ලොවම හඩවන....

    ReplyDelete
  2. මදුරුවෙක් අරඹයා ලියන ලද ලස්සන අරුත්බර පද පෙලක් මල්ලි...ලස්සනයි..

    ReplyDelete
  3. මදුරුවෙකුට නෙවෙයි කිතුල් පැනි බොන්න ගිය වවුලෙකුට ලිව්ව එකක් වගෙයි....

    ලස්සනයි අයියේ ලිස්සන සුළුයි....

    ReplyDelete
  4. මොකක්ද මේ මදුරු කතාව එහෙම එකක් තේරුණේ නැහැනෙ. පද ටික නම් හොඳයි

    ReplyDelete
  5. මන් මේ නිසඳැස කියවද්දි හිතිච්ච් දේ කිව්වෙ..කවුරුවත් මදුරුවො පස්සෙ එලවන්න එපා අප්පා..මේක කියවලා රසවිඳින්නකෝ ඔය ගොල්ලො විසින්ම...

    ReplyDelete
  6. හ්ම්ම්..ලස්සනයි :)

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ආශාව නම් වූ මායාව....මායාව නම් වූ ආශාව.....:P

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...