Tuesday, September 25, 2012

ග්‍රාම සේවක නන් මහ තිරිසනෙක්

හැමදාම වගේ ඉර ගෙදර වැට කඩුල්ලට උඩින් එබීගෙන එද්දි ඊයෙ ඉතුරු වෙලා තිබ්බ බත් දංකුඩ පොඩ්ඩ හූරගෙන කාල හේනට යන සිරිදාස දිහා එතනා බලාගෙන හිටියේ පුරුද්දට වගේ.. ගෙදර මිදුලේ නිදාගෙන හිටපු බලු නගුටත් පුරුද්දට වගේ සිරිදාස පස්සෙන් ඇදිලා ගියා..ගෙදර දොරට හේත්තු කරලා තිබ්බ පොල් අතු දොර පියන අතන ගන්නකොටම සිරියාවති කඩුල්ලට උඩින් එබිලා මොර දෙන්න ගත්තා..

එතනා.. යමු පිං ඇලට නාන්න.. වරෙන් සුමනත් එනවා කිව්වා..

හෝදන්න තිබ්බ පොඩි උන්ගෙ ඇදුං කෑලි ටිකත් මතක් වෙච්චි එතනට ආයෙ හිතන්න දෙයක් තිබ්බෙ නෑ..

ඔහොම ඩිංගිත්තක් හිටිං.. මං රෙදි බාල්දියත් අරං එන්නං..

වැව් නියර උඩින් යන කොක්කුදිහා බලාගෙන දෙන්නම හාවක් හූවක් නැතුව ඇදිලා ගියේ දවල් පොලට යන්න අතේ සල්ලි නැති නිසාද කියලා දෙන්නම දැනගෙන හිටියේ නෑ..

ආහ්.. අද උදැහැනේම දෙන්නා නාන්න ඇවිත්..

ඇතදීමට අදුර ගත්ත සුමනා කුඹුක් ගහ මුල ඉදන් බුලත් හප තැවරිච්ච දත්ටික පෙන්නලා මොර දුන්නා..

ඔවු බං.. දවල්ට පොලට යන්නත් ඕනිනේ.. උදේම විගහින් නාගන්න කියලා ආවා..

ආහ් උඹලට ආරංචිද...

රෙදි බාල්දිය බිම තියන්නත් කලින් ඇස් ගෙඩි දෙක නලලට ගත්ත සුමනා එතනයි සිරියාවතියි දිහැ බලාගෙන හිටියා..

ඒ මක්කැයි..

අර පුංචි හාමු ග්‍රාම සේවකයට ගහලා තියෙන්නේ.. ග්‍රාම සේවකයා අවලං වැඩක් කරාටලු..

අනේ පලයන් සුමනෝ යන්න.. ග්‍රාම සේවකයා ගිහින් තියෙන්නේ රාජකාරීයකට නොවැ.. පොලෝසියෙ උන්දැත් කිව්වේ..

ආහ්.. ඒ උඹලා දන්න කෙංගෙඩිය.. ග්‍රාම සේවකයා ඒ කසිප්පු මුදලාලිගෙ ගෝලයෙක්ලු..උන්දැ එදත් ගිහින් තියෙන්නේ කසිප්පුවට උදවුවටලු..

ආහ්.. එහෙනන් පුංචි හාමු අහවල් දේකටද ගිහින් තියෙන්නේ..

පුංචි හාමු ගිහින් තියෙන්නේ.. ඒක ආරංචි වෙලා ග්‍රාම සේවකයට දෙකක් අනින්නමලු..

අනේ.. හත්දෙයියනේ.. අපෙ පුංචි හාමු..බය නැතුව යනවද අප්පා ඔය කසිප්පු ගුබ්බෑයටම.. ඒ කිරි සප්පයට මොකක් හරි උනා නන්..

හෙන හතම ගහන්න ඕනි ග්‍රාම සේවකයට.. ඔය හැම දෙයක්ම අහගෙන හිටපු එතනට ඒ වචන ටික කටින් පැන්නේ පපුව ඇතුලෙන්ම වේදනාව ගලාගෙන ආපු නිසා වෙන්නැති..

බලපං සුමනෝ.. ග්‍රාමසේවකයගෙ ගෑණිත් කිව්වෙ බොරුනේ.. නොදකින් කාලකණ්නි හැත්ත..

ඒත් එතනෝ.. මං නන් හිතුවා ඕක වෙද්දි පුංචි හාමු අහිංසකයි කියලා..

ඒ ඇයි බං එහෙම හිතුවේ..

මං පෙරේද දැක්කනේ බං පුංචි හාමු පංසලේ බෝධිය මුල දනගහගෙන වදිනවා.. එහෙව් මිනිහෙකුට පුලුවන්ද ඔය තරං අපරාදයක් කරන්න..

පිස්සුද සුමනෝ.. ඒ පුංචි හාමු බීලා නැගිට ගන්න බැරුව පන්සලේ වැටිලා හිටියේ.. මං දැක්කනේ ලොකු හාමු වත්තං කරගෙන යනවා..

යකෝ.. තොට සහ ගහනවා ඒ කියපු කතාවට.. පිස්සුද ගෑණියේ.. ඒ පුංචි හාමු පන්සිල් ඇරගන්න ගමන් හිටියෝ.. තොපිලා කට තිබ්බට කියවන්න එපා...

අනේ මන්දා බං.. මට නන් මේ ලෝකෙ සංසාරයක් තේරෙන්නෑ බං..

ග්‍රාම සේවකයා ගමේ හොරු ඇල්ලුවා තමා.. ග්‍රාම සේවකයා ඉස්සර ගමට කොයි තරං වැඩ කෙරුවද.. එහෙව් එකෙක්නේ මේ අවලං වැඩේ කරේ.. දෙයියොම බලා ගන්න ඕනි මෙව්වා..

ඒක නෙමේ...මොකෝ සුමනෝ එතකොට පුංචි හාමු දැන් පේන්න නැත්තේ...

ආහ්.. උඹලා දන්නැද්ද.. පුංචි හාමු තමා ගමේ ඉස්කෝලෙ ලොකු මහත්තැයි වෙන්න ඉන්නේ.. ඕං කොළඹ රටේ ගියා මොකක්ද මාසෙකටඋපාධියක් අරං එන්න කියලා..

අනේ වාසනාවක් සුමනෝ.. මගේ පොඩි උන්ගෙ වාසනාව එහෙවු රත්තරං මහත්තයෙක් ඉස්කෝලෙට එනවයි කියන්නේ..

ඒක තමා එතනෝ මාත් කියන්නේ.. අපිට එහෙවු වාසනාවක් එද්දි අර තිරිසං ග්‍රාමසේවකයා කරපු වැඩේ බලහංකෝ..

හත්වලාමේ.. ඇත්තමයි.. බැරි වෙලාවත් පුංචි හාමුට මොනවා හරි උනා නන්..

සංසාරේ... අපේ පුංචි උන්ගෙ අනාගතේ.. මං යනවා අද ලොකු හාමුදුරුවන්ට කියලා පහන් පූජාවක් තියන්න.. පුංචි හාමුට විභාග පාස් වෙන්න ලැබෙන්න කියලා..

ආහ්.. උඹ යද්දි කියාපං.. මාත් එන්නං.. අනේ සාධු.. අපේ ගම දැන්වත් දියුණු වෙයිනේ...

හප්පේ.. ඇති යකෝ උඹලගෙ කයිය.. විගහින් නා ගනින්.. තව පොඩ්ඩකින් ලොකු හාමු එයි නාන්න.. උන්දැ ආවොත්.. අපිට පොලේ යන්න නෙමේ.. උන්දැගෙ ඇදේ තනි රකින්න තමා වෙන්නේ...

ඒක හැබැයි.. කෝ ඔය සබන් කෑල්ල ගනින් බං.. පිටේ අතුල්ල ගන්න...



ප/ලි..

කතෘ.. අන්.....නාතයි.....

42 comments:

  1. හහ් හහ් මෙ දවස්වල එහෙන්නෙම මෙ වගෙ කතා තමා. හොද නිර්මානෂිලී ප්‍රති නිර්මානයක්, මෙ කතාවලට වස්තුබීජ දෙන දේශපාලුවන්ගෙ විහිලු දරගෙන ඉන්නවද හු කියල මැරුම් කනවද කියල හිතන්ට අවැසි සන්දිස්තානය අපි ඉන්නෙ කියල හිතෙනව බන් වෙලවකට

    ReplyDelete
    Replies
    1. වැඩිය ඔව්වා ගැන හිතන්න එපා බං.. :-D

      Delete
  2. පලවෙනි පේලි දෙකෙන්ම ටොක්ක කාටද කියලා තේරුනා. උපහාසය පිරිච්ච නියම කතාවක්. එල.
    අදමයි මේ පැත්තේ ආවෙ. ආයේ එන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇවිත් ගියාට...

      Delete
  3. නියම නිර්මාණයක් :)

    ReplyDelete
  4. යසයි යසයි...
    මට මේක කියවනකොට මතක් උනේ බීට්ල් ලියපු මේක...

    ReplyDelete
    Replies
    1. ඒක නන් මාත් බැලුවා.. ස්තූතියි.. :-D

      Delete
  5. හීන් සැරේ කියන්න ඕන ටික ඔක්කොම කියලා නේද?
    :D නියමයි!

    ReplyDelete
    Replies
    1. අනේ අපි නන් නෑ ඔව්වට හොදේ.. :-D

      Delete
  6. කෝ දෙන්න සබන් කෑල්ල,පිටේ අතුල්ලන්න..

    ReplyDelete
    Replies
    1. සුවඳ සබන් කෑල්ලක් දෙන්නද.. :-D

      Delete
  7. හැක් හැක් . . . . මෑ තොරිය !

    ReplyDelete
    Replies
    1. ඊක්කා.. මෙයා කීන කැත කතා.. :-D

      Delete
  8. හික්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....................

    ReplyDelete
  9. මාසෙකට උපාධියක්...! මටත් උපාධිධාරියෙක් වෙන්න ඕනේ.

    [උපහාසය මිශ්‍රවුන රසවත් කෙටි කතාවක්]

    ReplyDelete
    Replies
    1. උපාධියක් ගන්න අමාරු වෙන එකක් නෑ.. :-D

      Delete
  10. ආදර්ශමත් කතාවකි...

    ReplyDelete
  11. හයියෝ ෂල්ලි..කාලෙට ඔබින කතාවක් .ජයවේවා

    ReplyDelete
    Replies
    1. සල්ලි වගේද පබූ මිනිස්සු.. :-D:-D

      Delete
  12. ඇනලා තියෙන්නේ ටොක්ක අතගාලා සුපිරියටම

    ReplyDelete
    Replies
    1. අනේ මං නන් දන්නෑ ඔව්වා හොදේ.. :-D

      Delete
  13. පුංචි හාමු පින්සිබෝල් වෙලා ආපු දාට ඉතින් උඹලට නාථ දෙයියන්ගේම පිහිටයි ළමයිනේ..

    ReplyDelete
    Replies
    1. ආහ්.. කාගෙ පිනද දෙයියනේ ඉතින්.. :-D

      Delete
  14. සරල ගැමි බසකින් ලියැවුණ කතාවක්. අවසානයක් නම් පෙනෙන්නේ නැහැ. ඉවරද නැද්ද කියලා හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අවාසානයක් නැති තවත් එක කතාවක්..
      ස්තූතියි.. :-D

      Delete
  15. සුදු පාට වෑන් එකක්.... අනේ පසනා... දෙසැම්බර් ඉවර වෙලා තොට වෙන දෙයක්...

    ReplyDelete
    Replies
    1. ආහ්.. හත්තිලව්වේ.. මං මොන වැරැද්දක් කරාටද එහෙම වෙන්නේ...

      Delete
  16. මැදට යද්දිනෙ තේරුණේ. නියමයි. සුබපැතුම්.ජය...!

    ReplyDelete
    Replies
    1. හික් හික්.. ස්තූතියි ස්තූතියි.. :-D

      Delete
  17. පසනො උඹේ උපහාස රසය කැටිවූ කතා නම් පට්ටය........

    ReplyDelete
  18. "ලොකු හාමු අද නාන්න එන එකක් නෑ බං. උන්දැට හිරිවාතෙලු."

    "මොන හිරිවාතයක්ද බං. දැං ඩිංගකට කලින් ඇවිත් රත්තියව අපේ වත්තෙ ගහක ගැට ගහල ගියෙ තණ කන්න කියල..."

    "ඒ යමින් ගමන් තමයි කොන්ද ඇවිලිලා තියෙන්නෙ...."

    "හැබෑට? එහෙනම් මම දැන්ම යනව වලව්වට... උන්දැට වාත තෙල් ටිකක් උලල එන්න... නාගන්න එක අපිට කවද කරන්න බැරිද බොලව්."

    ReplyDelete
  19. හාවට වැදෙන්න කියල පඳුරට විදිනවද පසනෝ....

    ReplyDelete
  20. බලාගෙන පුංච් හාමු වසයි ..

    ReplyDelete
  21. අවසානේ කෝ

    ReplyDelete
  22. ලස්සනට සිද්ධිය නීරූපණය කරලා තියෙනවා මල් හතයි... නෑ එක්ස්ටසි හතයි

    ReplyDelete
  23. සදය උපහාසය! නියමයි. මල් හතයි! :)

    ReplyDelete
  24. පුංචි හාමුලා වගේ අය තමා අපිට ඕනේ...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...