 |
අතරමග |
 |
මී මුරේට ප්රසිද්ධ ගල |
අවුරුද්දටම හරි හමන් ගමනක් යා ගන්න බැරුව වේලි වේලි ඉද්දි මං වගේම වේලෙන තවත් එක් පණ කඳක් සෙට් උණා.. ඌත් එක්ක කොහේ හරි යන්න ඕනි කියලා කිචි කිචි ග ගා ඉද්දි ඒ වගේම වේලෙන තවත් උන් දෙන්නෙක් සෙට් උනා.ඊලගට යන්න කොහෙද කියලා හිතා ගන්න බැරිව තෙම්පරාදු වෙවී ඉද්දි පොදු මතයකට ආවා යාන්තං මී මුරේ යං කියලා. ඉතින් ඔය ලන්ද අස්සෙ රිංගන්න අපි දන්නවයැ කියලැ. කලින් වතාවකුත් මං මී මුරේ පාරෙ භාගයක් දුර ගිහින් හැරිලා ආපු එකා වෙච්චි. ඉතින් ආයෙ ගාටතෑහැකියැ නොදැන. ඕං ඔය විජ්ජුම්බරේ හින්දා හොයලා බලපු හැම ගොඩක් උන් කිව්වේ.. ඒහෙ ගිහින් වැඩක් නෑ. කරන්න දෙයක් නෑ. දවස් තුනක් හොදටම වැඩී.. ඔය ආදී නානාප්රකාර එව්වා..ඔය අස්සේ අපේ අර ප්රසිද්ධ
අභීත ගොයියත් මී මුරේ ගැනම දොඩවන නිසා අපි ඇහැව්වා. බැරි වෙලාවත් අපි ආවොත් ගහෙන් පෙරාපු කිතුල් පැණි ජූංඩක් හොයලා දෙන්න පුලුවන්ද කියලා.. ඕං ඒ ගමන අපිට අලි දෙන්නං කොටි දෙන්නං කියලා මුගෙ පරණ තැටිය දැම්මා. ආයෙ අපි නොදන්නවැයි ඔව්වා.. ඒත් ගහෙන් පෙරාපු කිතුල් පැණි මී කිරි චුට්ටකුත් එක්ක කන්න ආසාවට අපි කිව්වා එන්නං කියලා ඉතින්..
මොනවා උනත් සතා දන්න අපිට කොළ කඩාපාන්න ඕනි නැති නිසා අපි සූදානං වෙලා ගියෙ.. හැබැයි මොන කරුමෙකට මන්දා සෙට් උණ හතර දෙනත් වෙඩි උණ්ඩ වගේ කාන්ඩයක්. බැරි වෙලාවත් අලි කොටි තියා හාවෙක් වත් දෙන්න අර පරණ පුරුදු අභීතයට බැරි උනොත් ගලක් උඩ ගහක් පල්ලෙ හරි නිදා ගන්න ලෑස්ති වෙලා තමා අපි ගියෙ..චුට්ටි ගෑස් ලිප් පොඩ්ඩක් වලදක් දෙකක් එහෙමත් දාගෙන පාන්දර මෙහෙන් පිටත් උනේ එදා ඉන්න තැනක් කන්න තැනක් ගැන කිසිම ගානක් නැතුව.හප්පා අන්න ගමන.මග විස්තර කොහොම කියන්නැයි ඉතින්.. ඒක නන් ආයෙ ගිහින්ම බලන්න ඕනි.
 |
බොන්න තියන වතුර |
ඒ ගම නන් හරිම ලස්සනයි. එහෙ මිනිස්සු සත්තු නෙමේ. එහෙ ඉන්නේ මිනිස්සු. බල්ලො හිටියා ගොඩාක්. ඒ බල්ලො නන් හරිම බයාදුයි. ගමේ අය නන් කිව්වේ ගමේ කෙනෙක් බල්ලෙක්ට කතා කරාට ගනන් ගන්නෑ පිටින් ආවොත් නගුට වනාගෙන පස්සෙන් දුවනවා කියලා.එහෙම බල්ලො ඉන්නවා නොවැ ඉතින් කොහෙත්.හරි බල්ලො ඉවරයි. ගමේ ලස්සන කියනවා කියනවා කියන්නේ තැපෑලෙන් පීනන්න උගන්නවා වගේ වැඩක් නොවා. ඒ නිසා ඒක කියලා වැඩක් නෑ..අපි ගියෙ කෑම්පින් ගහන්න කියලා මං කිව්වනෙ ඉතින්. කලින් කිව්වෙ නැත්තං දැන් කිව්වා ඇ..
බොන්න තියෙන්නේ ඇළ පාරෙන් එන වතුර. ගමේ අය කියන්නේ හරි පිරිසුදුයි කියලා. එතකොට නාන්න තියෙන්නෙ ගමේ ඇළ පාරෙන් එන වතුර. උයන්න පිහන්න තිබ්බෙත් ගමේ ඇළ පාරෙන් එන වතුර. එතකොට වැසිකිලියට යන්න නන් ඉතින් ඒත් ඇළ පාරෙන්ම තමා වතුර ගන්න වෙන්නෙ. අන්න ඒ ඇළ පාරෙ තමා සූරිය අරණ කියන බයිස්කෝප් එක හදලත් තියෙන්නෙ.. එහෙන් මෙහෙම් රොඩ්ඩක් දෙකක් පාවෙලා ආවට ආයෙ නිල් කැටේ වගේ වතුර ඩිංග. මොනවා නැතත් අභියා අපිට ඉන්න කූඩාරං කෑල්ලකුයි සුදු මල්ලියි තිලකෙ මචං කියලයි මරු ජෝඩුවක් පංගාත්තු කරා. තිලෙක මචං නන් උපාධිධාරී ගොවි මහත්තයෙක්.
 |
අපිට සෙවන දුන්නා....... |
අන්න එතනින් පස්සෙ තමා ආතල් පටං ගන්නේ. දවල්ට යද්දි අපිට කන්න දෙයක් නෑ.. කොයි කටත් කියලා අපි කලින් දැනගෙන ගිය නිසා හොදයි. නැත්තං දවල්ට බඩගින්නේ. මොනවා කරන්නද මෙහෙන් අරං ගිය නූඩ්ල්ස් පැකට් ටික හදාගෙන කෑවා ඉතින්.. බඩගින්නෙ ඉන්න පුලුවනැ..ඊට පස්සෙ නාලා ආවා. අන්න ආතල්.. ඉතින් නෑවට පස්සේ.. කියලා වැඩක් නෑ අප්පා ඒක අත්විදලම බලන්න ඕනි..
 |
උදේ පාන්දර |
 |
අපි කාපු පරිප්පුව |
 |
නාන්න තියන වතුර |
 |
මඩේ ලගින තාරාවන් |
 |
ජල මත ලිස්සා යාම..(වලේ ගැඹුර නොදනී) |
 |
වැල් මත ඔන්චිලි පැදීම |
 |
පණට ආස නැති උන් ගැඹුර නොදන්නා
වලට පැණිම |
 |
ජල මත ලිස්සා යෑම |
 |
සුදු මල්ලි තිලකෙ මචනුයි - මස් පිලිස්සීම |
 |
රාත්රියේ නිල ආලෝක සැපයුම්කරු |
ආහ් හුටා.. දැන් ඉතුරු පොටෝ දාන්නෙ කෝමෙයි..........
මී මුරේ යනවා නන්...
දන්න කියන කෙනෙක් සෙට් කර ගන්න. පන්සලේ හාමුදුරුවො/ග්රාම සේවක වගේ ගමේ මිනිස්සු පිලිගත් කෙනෙක් දන්නවා නන්.. ගම ඇතුලේ කරන්න පුලුවන් ගොඩක් දේවල් තියනවා. ඒ ගමේ අයගෙ සහයෝගයක් නැතුව අපි කොළඹින් ආවා කියලා ලොකු සීන් දාන්න ගියොත් මී මුරේ කියන්නේ ආතල් නැති දුෂ්කර විනෝද සවාරියක්.
මී මුරේ යනවා නන්.....
ගමේ ඉස්කෝලෙ ළමයි 14 (දාහතර) දෙනයි ඉන්නේ.. මොනවා හරි පුලුවන් දෙයක් අරං යන්න..
මී මුරේ යනවා නන්..
ඉතින් පලයවු.. අපිට මොකෑ.....
හැමෝම ගන්න ආතල් වලට අමතරව දිය ඇළි උඩින් පනින්න.. වලවල් වලට පනින්න අපිව එක්කං ගිය අභිතයටයි.. සුදු මල්ලිටයි.. තිලකෙ මචංටයි ටැංකූ ඇ..
කෑම්පිං ගියාම ඔහොම තමයි ඉතින්... ආයෙ වෙන මක්කයැ...