ලියන්න ඕනි මොනවා හරි. මාස ගානකින් මුකුත් ලියලා නෑ. හරියට අකාලෙට වේලිච්ච හේනක් වගේ.. හේනක් උනාම වට්ටක්කා වැලක් තියෙන්නම ඕනිලු. දන්නෑ ඒක ඇයි කියලා. අනේ මන්දා මෙව්වා රට්ටු කියන කතා. මට මතකයි මං පුංචි කාලේ කුඹුරු වැඩ කරන්න යනවා. මං නෙමේ.. අපේ ගමේ කුඹුරු වැඩ කරන කට්ටිය. අනේ මන්දා එයාලත් ඉතින් කුඹුරු නැතුව වෙන මොනව කරන්නද. ජීවත් වෙන්නනේ අපි හැමෝම මොනවා හරි කරන්නේ.
ඉස්සර ගොඩක් දුප්පත්.. කන්න තිබ්බෙ නෑ හරියට. කෑවත් බඩපිරුන්නෑ. අම්මයි තාත්තයි දාලා ගියා. වෙන අදුරන කෙනෙක් හදා ගත්තේ. හරි අසරණයි. ආසයි දියුණු වෙන්න.. කවුරුත් නෑ සල්ලි දෙන්න.. දිරිය ගන්න ඕනි හිතට. එතකොට කවුරු හරි උදවු කරයි. ඉල්ලන්න යන්න හොද නෑ. දුක කියන්න පුරුදු වෙන්න ඕනි. මගේ නෙමේ.. ඕක වෙන කෙනෙක්ගෙ කතාවක්...
එක අතකින් ඔතන තියෙන්නේ කුහකත්වය වෙන්නැති. මට නැති දෙයක් වෙන කෙනෙක්ට ලැබුනම ටිකක් හිතට අමාරුයි. ඒක මට ලැබුනා නන් ඒ තරං ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. එහෙම තමා ලෝකෙ හැටි. හැමෝම බලං ඉන්නෙ පිනට ගන්න. ඒකටත් හැකියාවක් නැතිව බෑ. අනේ මන්දා. රට්ටු වෙලාවකට මොනවා කියනවද කියලා.
අපි හැමෝම එකම මුහුදු පාවෙනවා. සමහරු මාළු අල්ලනවා.. සමහරු අල්ලපු මාළු කනවා. මාළු අල්ලන එකාට අනිත් උන් හූල්ලනවා .. දෙයියනේ අරූට අහුවෙන මාළු ගොඩ.....කියලා.. නිකං ඉන්න උන්ට මාළු අල්ලන උන් කියනවා.. අරුන්ට තියන සැප..කියලා.. බැලින්නං අපි හැමෝම කාට හරි හූල්ලලා හිතෙන් දුක් විදිනවා මිසක් හිතේ සතුටින් ඉන්නැතුවා වගෙයි.
දවසක් රේල් පාරක ඇවිදගෙන යද්දි කෝච්චියක් ආවා. මං කල්පනා කරා කෝච්චියක් නැතුව නැවක් ආවා නන් මං මොකද කරන්නෙ කියලා. එහෙම උනා නන් මට අයින් වෙන්න ඉඩ මදි වෙනවා. වෙලාවට එහෙම උනේ නැත්තේ. හැබැයි නැවක් ආවා නන් මරු. එතකොට රේල් පාර දිගේ මුහුදත් එයිනේ. ආහ්.. එහෙම උනොත් මං ඉවරයි. මට පීනන්න බැරි නිසා ගිලෙන්න පුලුවන්. හම්මෝ වෙලාවට නැවක් ආවෙ නැත්තේ. ඕක තමා වෙලාව කියන්නේ.
දැන් රෑ වෙලා මං හිතන්නේ. හිම වැටෙන නිසා හෙටත් පාන්දර නැගිටින්න වෙයි. හෙට පාන්දර නැගිට්ටොත් මටත් හිම කඩන්න යන්න වෙයි. හිම ගොඩක් සීතල ඇති. මට බෑ හිම කඩන්න. හෙටත් ඉන්නවා දවල් වෙනකං. එතකොට හිම දිය වෙයි.. එහෙම උනොත් හොදයි.. නැත්තං මගුලයි..මං නිදා ගන්නවා. දන්සල දෙන්න කඩල කිලෝ දෙකක් ගන්නත් ඕනි. මට සුභ රාත්‍රියක්..

පොටෝයක් හොයද්දි. මෙතනින් (http://sodurusitha.blogspot.com/2014/01/blog-post.html) හම්බ උනා |
බ්ලොග් කියල ජාතියක් තියනව කියල මතක් වුනා එහෙනම්..
ReplyDeleteජයවේවා!!
අනේ මන්දා අප්පා.. මං හිතුවා දැන් මෙව්වා නැතුව ඇති කියලා..
Deleteඔයාටත් බ්ලොග් කියලා එකක් තිබ්බා නේද ඇ.....
ආයි ලියන්න ගත්තද අයියේ..අප් සුබ පැතුම්..
ReplyDeleteහරි මල්ලි.. ඔයාලා වගේ අය නිසා මට තවත් ලියන්න ආස හිතෙනවා.. දිගටම එන්න මේ පැත්තට...ස්තූතියි ගොඩා..ක්..
Deleteඅදමයි මේ පැත්තෙ ආවෙ. අපේ පැත්තෙත් එන්න
ReplyDeleteමම අරක ලියන මෙයා
ස්තූතියි ඕනෙ අයියා.. හැමදාම මේ පැත්තට ඇවිත් යන්න එන්න...
Deleteදිගටම මේ වගේ ලියන්න. අපේ පැත්තෙත් එන්න. එහෙත් මොකුත් ලියන්නෑ :)
ReplyDeleteමේ පැත්තට හැමදාම ඇවිත් යන්න එන්න.. ඔයාලා නිසා තමා මං මේ ලියන්නේ..
Deleteස්තූතියි ගොඩාක්.. :-D