Saturday, January 21, 2012

නිර්මාණකරුවා මරා දැමිය යුතුද??


මේ ලගදි දවසක වෙනී අයියා.. ලසිත් බෙනරගම.. පොඩි මෑන්. රාජ් ලගෙන් එක්කෙනෙක් සහ මම (තව හිටියා කස්ටිය.. මෙච්චරයි කතාවට සම්බන්ධ උනේ) වැදගත් කතාවක් කරානෙ.. එතනදි අපි කතා උනේ නිර්මාණයක් කරාට පස්සෙ නිර්මාණකරුවා මියයායුතුද නැද්ද කියන එක..එය එසේ විය යුතුයි.එතන කිසිම තර්කයක් හො ගැටළුවක් නෑ. තමුත් ප්‍රායෝගිකව එ‍ය එසේ සිදු නොවන එක ගැටළුවක්

වෙනී අයියා කියන විදිහට ඇත්ත.. අපේ නිර්මාණ වල පාඨකයා / රසවින්දකයා බුද්ධිමත් විය යුතුයි. නමුත්.. "මම" කියන චරිතය මූලික කරගෙන ප්‍රසිද්ධ සහ ජනප්‍රිය උන බ්ලොග් කලාවක් වර්ධනය වෙන කාලෙක පාඨකයා ලෑස්ති නෑ එතනින් අයින් වෙලා වෙනස් විදිහකට නිර්මාණයක් රස විදින්න.. මං කියන්න්නෑ "මම" හෝ "පුද්ගලික ජීවිතය" මාකට් කරන්න පුලුවන් කියලා නිර්මාණ හැකියාවක් නැතුව.. ඒක කරන්න ඇත්තටම හැකියාවක් තියෙන්න ඕනි.. උදාහරණ කිව්වොත්.. අපේ මාරය අයියා ලියන මාරායාගේ හෝරාව , තව සයිබර් යාය ලියන බුද්ධි, කතන්දර ,එතනින් ගියාම ඉන්ද්‍රනාත් තේනුවර අයියා ලියන මගේ කතාව.. (මං ආසම පුද්ගල ආත්ම විග්‍රහයක්.. ) ඒ හැමෝගෙම නිර්මාණ ඇතුලෙ විවිධාකාර වූ හැකියාවන් තියනවා..සහ එවැනි ජනප්‍රියතාවය ඉහල තලයක තියෙන්නෙ ඇත්තටම ඔවුන්ගෙ හැකියාව නිසා..අනිත් අතින් ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා ඒ තමන්ගේ ජීවිතය බව.. එය එසේ කිරීමේ කිසිම ගැටලුවක් නෑ..

නමුත්..

ගැටළුව ඇත්තේ ඔවුන් මනින එසේ නැතිනම් එවැනි ජනප්‍රිය බ්ලොග් රසවිදින ඇසකින් අනෙක් සියළුම නිර්මාණ කරුවන් දිහා බැලීම පුරුදු කරගෙන සිටීමයි.. මා දකින එවැනි අවස්ථා කීපයක්..

ලගදි ඔබා අයියා ලිව්වා වයසට ගිහින් අමතක වීමේ ලෙඩක් තියන කෙනෙක් ගැහැනියක් එක්ක සෙක්ස් කරන සීන් එකක් ගැන..ඇත්තටම ඒ කතාව ලස්සනයි.. නමුත් හැමෝටම ගැටළුවක් උනේ ඔබා අයියා තමන්ගේ බිරිදටත් ඒකම කරනවද කියන එක? ඒකට ඒ කතාව අන්තිමට ඔබා අයියා ලියලා තිබ්බා මං මේ කතාව කලින් ලිව්වද කියලා අහලා.. ඒ වචන ටික මූලික කරගෙන කවුරු හරි හිතුවා නන් ඒ කතාව ඔබා අයියගෙ කියලා.. හරි ඒක කමක් නෑ කියමු..

තිස්ස අයියා ගම්මු.. නිර්මාණ ගැන කියන්න ඕනි නෑනේ.. ගෙදර එන්න ලං වෙලා ආදරය ගැන අපූරු නිර්මාණයක් කරොත් නිර්මාණය මොන මගුල උනත් ලස්සන උනත් කැත උනත්.. අහන්නෙ "ලෝඩ් කරගෙනද ඉන්නෙ" කියලා.. ඒක තමයි හැමෝටම තියන පොදු ගැටළුව.. හරි එහෙම හිටියත් නිර්මාණය තුලින් රස විදිය යුත්තේ තිස්ස අයියගෙ පුද්ගලික ජීවිතයද??

අනිත් දේ සුදු හංසි නගා අලුත් කතාවක් පටන් ගත්තා ලියන්නේ.. දැන් ඒක බලන හැමෝගෙම තියන ගැටළුව සුද්දි ලියන්නේ එයාගෙ ඇත්ත අත්දැකීමක්ද කියන එක.. ඒ පෝස්ට් එකට මුලින් වැටුන ගොඩක් කොමෙන්ට් ‍වල පොදු ගැටළුව මේක ඇත්තටම සිදු වුන දෙයක්ද.. ආහ්.. එහෙනන් අපි බලනවා කියන එක..

ඒ කියන්නේ අපේ පාඨකයා බලාපොරොත්තු වෙන්නෙ අනුන්ගේ චීත්තයක් හේදීම පමනක්මද??

වෙනී අයියා සහ පොඩි මෑන්.. මෙන්න මෙතනයි උඹලගෙ තර්ක නැති වෙලා යන්නේ.. අපේ පාඨකයා අදටත් බුද්ධිමත් නෑ නිර්මාණකරුවා සහ නිර්මාණය දෙකක් විදිහට දකින්න..මං කවි ලියන එක නවත්තන්න ප්‍රධාන හේතුවත් ඕකයි.. මගේ නිර්මාණයක් තුලින් හැ‍ම වෙලේම මගේ පුද්ගලික ජීවිතය දකිනවට මං ආස නෑ.. ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පාඨකයාට ඕනි දේ දීලා ඉන්නවා.. ඒක තමයි ප්‍රායෝගිකව වෙන්නෙ..

මං මේ බ්ලොග් සමාජයට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා..ඉස්සර ඇත්තටම මීට වඩා රසවින්දනයකින් උසස් පාඨක සමාජයක් හිටියා..නිර්මාණ ඉතාමත් උසස් තැනක තිබ්බා.. තිස්ස අයියගෙ ‍බ්ලොග් එක බලන්න යන්නෙ කොමෙන්ට් කියවන්න බලාගෙන.. "සුලා" කියන කෙනෙක් කෙමෙන්ට් කරනවා.. ඒක උපරිමයි.. තව නම් වලින් කියන්න බැරි තරන් උසස් රසවින්දයක් තිබ්බ කොටසක් ඉස්සර හිටියා.. දැන් ඒ හැමෝම පේන්න නෑ..ඉස්සර කොමෙන්ට් එකක් කියන්නේ නිර්මාණයට තවත් එක නිර්මාණයක් එකතු වීමක්..ඒක කවදාවත් චැට් බොක්ස් එකක් උනේ නෑ.. එතන නිර්මාණයක් පැහැදිලිව ශිෂ්ඨ ලෙස විවේචනය කරා.. ඇගයීමක් කරා..ඒ තිබුන සම්ප්‍රදාය ඇයි දැන් නැත්තෙ..

දැන් ඉන්න පාඨකයන් ඇත්තටම නිර්මාණයක් හා නිර්මාණකරුවා යනු දෙදෙනෙක් කියලා වෙන් කරන්න තරන් බුද්ධිමත්ද.. නැත්තං හැමෝටම නිර්මාණය හා නිර්මාණ කරුවා ‍එක්කෙනෙක්ද..එහෙමත් නැත්තං හැමෝටම ඕනි තව කෙනෙක්ගෙ කුණු ගොඩක් අවුස්සන්නද.. නැත්තං අනුන්ගෙ චීත්තයක් හොදන්න විතරමද??

‍එය එසේ සිදු වේ නම්.. ලාංකික බ්ලොග් කරණයේ අනාගතය තවත් එක ගොසිප් පිටු ගොඩක් විතරද??

මං බ්ලොග් ලියන්න ආපු කාලෙ තිබ්බ උසස් නිර්මාණ අද නැති වීම බ්ලොග් කලාවේ පරිහානියේ ලක්ෂනයක්ද නැතිනම් නිර්මාණ සදහා අගය කිරීමක් නැති වීම හේතුවෙන් ඇති වුන කළකිරීමක ප්‍රතිඵලයක්ද??

නිර්මාණකරුවා කරුවා නිර්මාණයකින් පසු මියයාතුයි.. එය එසේ සිදු කිරීමට තරම් පාඨකයා බුද්ධිමත් විය යුතුයි.. නමුත් එය එසේ නොවන්නේ පාඨකයා බුද්ධිමත් නොවන නිසාද??

මෙම මාතෘකාව තවත් එක් සෙට් වීමකට හේතු වාසනා වේවා!!!!


Thursday, January 12, 2012

ගමේ කථාවක් - දූෂිත නොහික්මුනු සිත් ඇත්තන්ගේ දෑස් යොමු නොවේවා!!

ගම් මැද්දෙ තියන පොර කුකුල් කොටුව උඩින් හැමදාම ඉර පා‍යගෙන එනවා බලං ඉන්න පෙරුම් පුරන ගුනේට එදා උදයත් ඒ දර්ශනය අමුතු උනේ නෑ..වෙල් නියර දිගෙ උදැල්ල උස්ස ගත්ත ගොවි මහ්තවරු තමන්ගෙ හාමිනේට සමු දීලා යනවා ගුණේ ජනේලයෙන් බලං ඉන්නෙ හැමදාම පුරුද්දට වගේමයි. බිම වැටිලා තිබ්බ සරම ඇඳ ගත්ත ගුණපාල පාරට බැස්සෙ අද දවල් ‍පල්ලහැ ඇළ ගාව ගෙදර කුසුමා නංගිට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න හිතේ තියාගෙන.දත මැද ගන්න පහල වෙලේ ළිදට ගිහින් ආපහු එව ගුනයට ඇහුනෙ උඩහ ගෙදර කිරි අප්පා කෑගහනවා..

මොකක් හරි මරාලයක් පාත් වෙන්න යන්නෙ කියලා තේරුන ගුනයා කෙහෙල් පදුර අස්සෙන් රිංගලා බලපුවම තමා වෙච්ච සංතෑසිය දැක්කෙ.දනිපනි ගාල කෙහෙල් ගාලෙන් පැන ගත්ත ගුනයා ‍කාමරේට පැනගෙන සරමට උඩින්ම කමිසයක් ඇගට දාගෙන පිලිකන්න පැත්තෙන් එලියට බහිද්දි තමා ගුනයට මතක් උනේ සෝමපාලගෙ ගෙදරට දෙන්න කියපු කොස් ගෙඩිය තාම පිලිකන්නෙ කියලා..කුසුමා බලන්න යන ගමන් වැව් කණ්ඩියෙන් පැනල සෝමදාස‍ ලගෙ ගෙදරට යන්න හිතාගෙන ගුණයා එලියට බැස්සා.

වැව් තාවුල්ලෙ දිය කඩිති වල තිත්ත පැටවු නටනවා වෙනදට අසාවෙන් බලා හිටියත් අද තියන වැඩ ටික ඉවර කරන්න ඕනි නිසා ගුණයා සෝමදාසගෙ ගෙවල් පැත්තට හැරුනෙ ගමන ඉක්මන් කරන්න හිතාගෙන. සෝමදාසෙගෙ ගේ තිබ්බෙ වැව පල්ලහා තිබ්බ කඩමණ්ඩිය කෙලවරේ.. උන්ගෙ ගෙදර කවුරුත් පේන්න හිටිය නැති නිසා ‍ගුණපාල මිදුලටම ගියා..

"සෝම දාස................. සෝම දාස..... " පුලුවන් තරන් හයියෙන් ගුණපාල කතා කරත් ගේ පැත්තෙන් කිසිම සද්දයක් ආවෙ නෑ..

"සෝම දාස........... තෝගෙ අම්මට....... " වචනෙ ඉවර කරන්න හම්බ උනේ නෑ

"කවුද යකෝ මෙතන කෑහගහන එකා.. කාගෙ අම්මටද යකෝ....."

"සෝමදාම.. උඹලගෙ අම්මට කියපං අපේ ගේ පිළිකන්නෙ තියන කොස් ගෙඩින ඇන්න එන්න කියලා.. දැන් දවස් දෙකක් විතර වෙනවා.. කොස් ගෙඩිය වැල වෙයි.."

"දැන් උඹ කොහෙද ඔය දුවන්නේ.."

මං අද දවල්ට කුසුමට එන්න කිව්වා බං දං කැලේ කොටු පනින්න..

ඉතින් මේ උදේ කොහෙද යන්නෙ..

අර අපේ ගෙවල් උඩහ කිරි අප්පට බලලෙක් පැනලනේ..

ඉතින් තොගෙ බල්ලද.. තෝ කොහෙද දුවන්නේ..

අප්පගෙ ඇට තැලිලලු.. මං හිටියොත් ඉස්පිරිතාලෙ යන්න වෙන්නෙ මට.. ඒ නිසා මං ගෙදරින් පැන ගත්තා..

කොයි ඇටේද තැලිලා තියෙන්නේ...

උකුල් ඇටේ කියලා තමා අපෙ අම්මා කියනවා ඇහුනේ...

මාත් මේ පියවතී නගාට කිව්වා ඔලිඳ කෙලින්න දවල්ට එන්න කියලා.. මාත් එන්නද එහෙනන් උඹලත් එක්ක දං කැලේ කොටු පනින්න..

හා එහෙනන් උඹ ඇදුමක් දාගෙන වරෙන්කො.. මං එතකං වෙරළු ගෙඩි ටිකක් කඩා ගන්නං..

හිටපං ගුනේ මං හාල් ටික ගරලා එන්නං..

තෝ කාටද හාල් ගරන්නෙ..

මං ආච්චිට හාල් ගරන ගමන් හිටියෙ බං..

නොදකින්.. ආච්චිට හාල් ගරා ගන්න කියපං බං.. උඹ නැඹිලිය ආච්චිට දීලා වරෙන් යන්න..

දෙන්නත් එක්ක දෙකේ ඇලෙන් ඇග පොඩ්ඩක් හොදගෙන සපත්තු පාලම උඩට වෙලා කදයක් දාගෙන හිටියේ කුසුමයි පියවතියි එනකං.
කුසුමා සුදු ගවුමක් ඇදගෙන නියර දිගේ එනවා දැක්ක ගුණපා‍ලගෙ මූණු අදුරු වෙලා ගිහ හැටි සෝමදාස ‍දැක්කත් නොදැක්ක වගේ හිටියේ ගුණපාල ගැන හොදින්ම දන්න නිසා.

මොකද කුසුමා සුදු ඇදුමක් ඇදගෙන

අම්මා රෙදි හෝදලා ගුනේ අයියා.. මේක විතරයි තිබ්බෙ..

දැන් සුදු ගවුමෙ මඩ ගැවෙයිනේ..

ඒක තමයි අයියා.. මට බයයි.. සුදු ගවුමෙ මඩ ගැවුනොත් ගෙදරින් බනී මට..

මොකද කරන්නෙ සෝමදාස..

අපි එහෙනන් සියාතු ආතගෙ බඩඉරිඟු කොටුවට පනිමු.. පැලත් තියනවා මැස්සත් තියනවනේ..

ආහ්.. එතකොට සියාතුව නැද්ද

නෑ බං.. අද සමෘද්ධිය දෙන දවසනෙ..මං දැක්කා අද ජැංඩියට ඇඳගෙන අප්පුවගෙ ටැක්ටරේ නැගලා යනවා.

එහෙනන් පියවතී කැමති වෙයිද..

ආන්.. එන්නෙ ඒකී.. පියවතී.. සියාතු අතාලගෙ හේනට යමුද..

හා.. මං මේ කියන්නමයි උන්නෙ.. ලපටි ඉරිඟු කරලක් කාලෙකින් කෑවෙ නෑ..

වරෙව් යන්න එහෙනන්.. පය ඉක්මන් කරපං.. ඉර මුදුන් වෙන්න කලින්..

‍සුමනා අක්කා මට බැන්නනේ සෝමදාය අයියේ..

ඒ මොකද පියව‍තියෝ

නෑ මං උඹත් එක්ක දං කැලේ රිංගනවා කියලා කොටු පනින්න..

ඇයි බොල.. ඒකිය සිරිදාසව පිලිකන්නෙ තියාගෙන කොස් වරකා කපා ගන්න හොදයි.. තොයි මායි දං කැලේ කොටු පැන්නම ඒකිට තියන රුදාව මොකද...

ඔව්වට කෑ ගහලා වැඩක් නෑ සෝමෙ.. මෙන්න මෙහි වරෙන් යන්න පය ඉක්මන් කරලා...

සියාතු ආතාගෙ හේන බඩ ඉරිගු කරල් පිරිලා එක යායට.. බලං ඉන්න ආස ආස දර්ශනයක්.. පරිසරේ ලස්සන විදින්න කැමති ගුණපාල කුසුමාගේ අතින් අල්ලගෙ අඹගහ මුදුනෙ තියෙන පැලට දිව්වෙ මැස්ස පැත්ත යන සෝමදාට කතා කරගෙනමයි

සෝමේ.. ඉර බහින්න කලින් ඇල ලගට වරෙන්.. නාගෙනම යමු..

සෝමදාසට ඒ දේ ඇහුනා දැයි මා නොදනිමි.. පරිසරය තුල විහඟ ගී නාදය හැරෙන්නට වෙන කිසිම හඩක් නෑසුනි...

අදට කතාව ඉවරයි....................

Monday, December 12, 2011

ගෑණූ බූරුවොද

එදා ලස්සනට ඉර පායලා තිබ්බලු.. අනේ මන් නන් ඔව්වා දන්නෑ හැබැයි.. මට නන් උදේට ‍හොදට සැපට නින්ද යනවනේ..පාන්දර 9ට විතර කෝල් එකක්..

අඩෝ.. නැගිටපං ඩෝ..

හලේ.. මයෙ කණ

කෑගන්න එපා යකෝ.. දෙව්දුව තුරුලෙ.. ඇරෙයි යකෝ....
තෝ දෙව්දුව පැත්තකින් තියලා ලෑස්ති වෙයන්.. තව පැය භාගෙන් අපි ඔතන....

කොහෙ යන්නද බං..

ටීං ටූන්.. ටික් ටොක්.. නොදකින් මූ පෝන් එක තියලත් ඉවරයි..
දැන් මොනා කරන්නද.. ලෑස්ති වෙලා පංසල ලගට ගියා..
මේන් වැන් එකක් පුරෝලා... කෙල්ලෝ...

හත් දෙයියනේ... කොටා.. තෝ මොකද මේ සමිතියෙ නායකයා වෙලා....
නායක මගුලක් නෙමේ යකෝ.. මේ අපෙ නංගිගෙ යාලුවො සෙට් එකක්.. වරෙන් මුං එක්ක සත්තු වත්තෙ යන්නේ..
ඇයි උඹව දැකලා එපා වෙලාලුද..
නෑ.. තෝවයි මාවයි දෙන්නම දැකලා මුන්ට එපා වෙලාලු.. නැගපං වාහනේට..

සික්.. මූ මගෙ හිරිඔතප් බිඳින හැටි..
බෙල්ලෙන් අදින්න එපා යකෝ.. පරණ ෂර්ට් එකක්.. ඉරෙයි ඕක..

සික් විතරක්.. මූ කෙල්ලො ගොඩක් මැද්දෙ මාව චාටර් කරපු හැටි..
දැන් ඉතින් මට එපා කරපුම වැඩේ.. කෙල්ලංගෙ කිචි කිචිය අස්සෙ ඉදගෙන යන එක.. ඔහොම අමාරුවෙන් ඒකත් කරා කියමුකො.. ඔන්න බැස්සා සත්තුවත්ත ගාවින්.. බැහැලා ටිකතුත් ගත්තා විතරයි කොටාගෙ යාලුවෙක් දුවගෙන ආපි මෙතනට..
හලෝ මචං.. උඹ කොහෙද මෙහෙ..
මං දැන් මෙහෙනෙ වැඩ... ඉතින් උඹ කොහෙද මෙහෙ..

මං ආවා බං නංගිලට සත්තුවත්ත පෙන්නංන...
ආහ්.. මරුනේ.. මං කියලා දෙන්නං සත්තු ගැන..

පැණි බේරෙන මූන.. මූ කෙල්ලන්ටම ඉපදිච්ච එකෙක්ද කොහෙද..
මචං.. මූ දැන් කෙල්ලො ටික අරන් යයි.. වරෙන් අපි දුමක් දාල එමු..
උඹට මූව ෂුවර්ද.. කෙල්ලො ටික තනියෙන් දාල යන්න..
මූව උඹට වඩා ෂුවර්.. වරෙන්කො යන්න...
ඔන්න දැන් ඒකත් ගහලා එද්දි අරූ සත්තු ගැන වර්ණනාව.. ගෑණු ළමයි ටිකත් උගෙන් ප්‍රශ්න හැටයි..පවු අසරණයා

දැන් නංගිලා මේ කුඩුවේ ඉන්නේ වලස් ජෝඩුවක්..

ආහ්.. අයියා.. එතකොට අර ලොකු එකා පිරිමි වලහද.. කෝ ගෑණු වලහා..
නංගිලා.. වලහගේ ගෑණු සතාට කියන්නේ ගෑණු වලහා‍ නෙම් වැලහින්න කියලා..
ආහ්.. එතකොට අයියා පිරිමි වලහා වලහින්නද ඇ.... ඕං තව ප්‍රශ්නයක්..
නෑ නෑ නංගි.. පිරිමි සතා වලහා විතරයි..

මූ දැන ගත්තා මෙතනින් ගොඩ යෑමක් නෑ කියලා.. මූ ගියා අලි බලන්න..මේන් අලියෙක් ඉන්නවා.. කකුල් පහයි..

ආහ්.. අයියා.. අර අලියා.. අර බලන්න.. ආබාධිත අලියෙක්ද අයියා ඌ..ඇයි අයියා ඌට කකුල් පහක්..
හලේ.. අරූගේ කන්දෙකින් දාඩිය බේරෙනවා..
අපි යමු නංගිලා.. අලි පස්සෙ බලමු.. කියලා මූ ගියා සිබ්‍රා පෙන්නංන..
අයියා.. ඇයි අර බූරුවගෙ ඇගේ ඉරි තියෙන්නේ..
ආහ්.. නංගි ඒ බුරුවො නෙමේ.. උන්ට කියන්නේ සිබ්‍රා කියලා..
මූ දැනගත්තා එතනත් ගොඩ ඒමක් නෑ කියලා.. මොනව උනත් මූට දැන් නන් කෙල්ලො සනුහරේම එපා වෙලාද කොහෙද..

අයියා.. අර ‍පිරිමි මොණරෙක්.. කෝ එතකොට ගෑණු මොනරා..
නංගි..එහෙම සත්තුන්ගෙ ගෑණු අයට කියන්නේ සෙබඩ කියලා.. ගෑණු මොනරු කියලා ජාතියක් නෑ..
දැන් නන් ඌට ටිකක් වෙන්න මල පැනලත් එක්ක ඉන්නේ..
එතකොට අයියා.. හාවගෙ ගෑණු සතා මොකාද..
නොදකින්.. ඒක ඌත් දන්නැද්ද කොහෙද.. මු අස්පයො ගැන විස්තර කොරන්න ගත්තා..

එතකොට අයියා ගෑණු අස්වයා කෝ මෙතන..
නංගි ගෑණු කියලා නම කියන්න එපා කියලා කිව්වා
නේ මං දැන් සැරයක්.. ගෑණු අස්සයා නෙමේ.. ඌ වෙළඹ..

ආහ්.. වෙළඹ නේ අයියා..
එතකොට අයියා අර අතන ඉන්නේ..
ආහ්.. ඒ බූරුවෝ..

හානේ.. ඒ බූරුවොද.. එතකොට කෝ ගෑණු බූරුවෝ..

ගෑණු ‍බූරුවො ඔය ඉන්නේ.. ඔය වගේ උන් තමා ගෑණු බූරුවෝ.. උන්ට මෙලෝ මගුලක් කිව්වට තේරුන් ගන්නෑ..

ෂෘ.. අයියා මාරයිනේ.. අයියා ගෑණු බුරුවන්ට උගන්නංනත් යනවද..

දඩෝස්...........
අරූ බිම..
අපි නංගිලත් එක්ක ආපහු ගෙදර ආවා........

දෙසැම්බර් 10 වන දින පැවැත්වූ සයිබරයේ මහා සය සමාජික ක්‍රිකට් ගැටුම

මුලින්ම මේ තරගාවලිය සාර්ථක කරගැනීම සදහා මෙයට සහභාගි වුන සියළුම සයිබර් අවකාශයේ සහෘදයන්ට ඉස්තූතිවන්ත වෙමි.. මේක මඩ පෝස්ට් එකක් ලෙස ලියන්නට ම‍ගේ තුන් හිතකවත් නැත. මන්ද යත් එදින පැවැත්වූ තරගාවලියතුල මා දුටු විශේෂත්වය නිසාවෙන් මෙයට මඩක් ගසන්නට තරම් මා කුහක නොවිය යුතු යැයි මගේ සිත නොයෙක් වර පවසන්ට වූ නිසාවෙනි.

මෙය අප අභිත සහෝදරයාගේ තවත් එක සිහිනයක් ලෙසින් කලඑලි දුටු සංකල්පයක් වූ අතර ඔහුගේම අදහසක් මත එය සංවිධානය කිරිම සදහා නවක පරපුරක් වෙත ‍භාර කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මත වූ අතර ඒ සදහා වඩාත් සුදුසු පුද්ගලයා වශයෙන් අපේ හීන මල්ලිව ඒකමතිකව යෝජනා කරල ලදී..ඔහුගේ සහය සදහා නචියා කිඩෝ ශානිකා සහ පූසා යන අයද පත් කල අතර මීට අමතරව සිහින පමණක් දැක අදුනන ඔය රශ්මි කෙල්ල වැනි අපි නොදත් මිතුරින්ගේ සහයද ඔහුට නොඅඩුව ලැබුන බව ගුගල් බස් පදින් මිතුරන් හොදින් දන්නා කරුණකි. මෙය සංවිධාන කටයුතු සදහා සිහින මලයා තනියෙන් වෙහෙසුන අතර පූසා සහ අනිත් සගයින් මේ පිළීබඳව මුලින් කිසි වගකීමක් ගැනීමට උත්සුක නොවීය.

මට අද වගේ මතකයි දවසක් බත්තරමුල්ල හංදියේ සිහින මල්ලි දුවගෙන යනවා.. මං ඇහැව්වා ඇයි මල්ලි කොහෙද දුවන්නෙ කියලා. දාඩිය පෙරාගෙන හති හලාගෙන දුවනවා ..දිව කකුලට පැගිලා වැටෙන තරමට එලියට දාගෙන දුවන ගමන් මට කියනවා බුද්ධදාස ග්‍රවුන්ඩ් එක වෙන සෙට් එකක් බුක් කරන්න යනව මං මේ ඊට කලින් බුක් කරන්න යන්නෙ කියලා.. පවු.. අන්න ඒ තරන් කැපවීමක් තිබ්බ කොල්ලෙක් තමා අපේ හීන මල්ලි..
ඒ වැඩේ කරන්න හීන මල්ලිගෙ මාමත් සෑහෙන්න අපිට උදවු කරා. අන්තිමට ඒ මාමා ඇස් වල කඳුළු ‍පුරෝගෙන කිව්වා මේ වගේ ලස්සන වැඩකට ඒ මාමව සම්බන්ධ කරගත්ත එකට සැහෙන්න පිං කියලා..

ශානිකා තනිකරම එනවුන්සින් පාර්ට් එක කරා. මුලින් හීනයා හිතං ඉදලා තියෙන්නේ මයිට් සෙට් එකයි ස්පීකර් ටිකකුයි හයර් එකට ගේන්න.. පස්සේ ශානිකාට පිං සිද්ද වෙන්න ඒ සියල්ලම නොමිලේම සෙට් කරගත්තා.. එව්වා තනිකරම හිනයගෙ ප්ලෑන්.. ඌ ඒ හැම සතේම ඉතුරු කරේ අපිට ‍සාර්තක ක්‍රිකට් තරගාවලියක් දෙන්න තමා ඉතින්.. පූසා කරේ කෑම ඕඩර් කරන්න ගිය එක.. ඒකේ බත් පැකට් නොමිලේ දුන්නේ.. ඒ සදහා ගිය සම්පූර්ණ වියදම අපේ ඩුබායි වල ඉන්න රුචකත් ඉතාලියේ සිටින ඩිලාන් සහෝදරයත් දුන් ආධාරයෙන් කරගත්තා.. කෑම එක නන් සුපිරියි.. අනික කෑම ඉතුරු උනෙත් නෑ.. පූසා ලස්සනට ඒ වැඩේ සංවිධානය කරලා තිබ්බා.. පූසා මොනවා උනත් සැහෙන්න මහන්සි උනා මැච් එක දවසේ.. මට මතකයි අපි ග්‍රවුන්ඩ් එකේ වැටිලා තිබ්බ කොල අහුලලා අයින් කරන්න ගිය වෙලාවේ පූසාට හොදටම තරහා ගියා..

අයියා මේ.. ඔයාල එන්න ඕනි නෑ වැඩ කරන්න.. මං අහුලන්නං ඔය කොළ.. අයියාලා ගිහින් වාඩි වෙන්න..

ඔන්න ඔහොමයි පූසාගෙ කැපවීම..ඒ තරන් එකමුතු කමක් තිබ්බා නවක පරපුරේ.. අනික නචියා කිඩෝ පාන්දර තුන හමාරේ ඉදලා ග්‍රවුන්ඩ් එකේ.. අඩි රූලක් ගෙනහල්ලා යාර තිහ මැනලා. ලස්සනට පිච් එක හදලා තිබ්බා.. උන් දෙන්නා තමා පිට්ටනියේ සියළුම කටයුතු බාරව හිටියේ..අනිත් සංවිධෘයක කෙල්ලො හීනයට තුරුළු වෙලා හිටියා කියලා නන් දැක්කා.. පස්සේ දවල් වෙද්දි හීනයයි ඒ කෙල්ලො ටිකයි පේන්න හිටියේ නෑ..රට්ටු එක එක කතා කියනවා.. ඒත් එව්වා වැඩක් නෑ.. උගෙ කැපවීම අපි අගය කරන්න ඕනි..

අනික තමා තරග සංවිධානය. සෑහෙන්න හොද මට්ටමක තිබ්බා.. මට මතකයි දවසක් අපි කිව්වා මේ ගැන පූර්ව රැස්වීමක් තියමු කියලා.. සිහින මලය ඒකට තදින්ම විරුද්ධ උනා අපේ වටිනා කාලය ඒ වගේ දේවල් වලට ඕනි නෑ.. එයා භාවනා කරලා සිත දියුණු කරලා ඉන්න නිසා ටෙලිපති තාක්ෂනය ඔස්සේ අනිත් කමිටු සාමාජිකයන්ව දැනුවත් කරන්න පුලුවන් කියලා..ඉතින් සකෘදාගාමින් හිටි ගමන් බිහිවෙන කාලේ හීන මලයට එහෙම නැහැයි කියලා කියන්න බෑනේ.. ඔන්න ඌ කියපු දේ කරලම පෙන්නුවා.. කිසිම මීටිමක් නෙලුන් කොලේ තියා පොල් කොලයකවත් නොතියා ලස්සනට එදා දවසම ප්ලෑන් කරලා තිබ්බා..

මං හිතන්නෙ තරග වල පිංතූර ටික ගොඩක් අය දැනටමත් මූණු පොතේ එහෙම දාල ඇති. කරුමෙකට මං ගත්ත පිංතුර ඔක්කොම ඩිලීට් උනානේ.. සික් විතරක්.. අපරාදේ සොදුරු සිහිවටන ටික.. ඔය බුද්දියයි රචියයි එහෙම පිංතූර කෑලි ගොඩක් ගත්තා මයෙ හිතේ..

අනික තමයි මැච් එක දවසේ අපේ ආතල්..
ඕනයා රට ඉදන් එද්දි අපිටමයි කියලා ඔය බෝතල් දෙකක් ගෙනත් තිබ්බෙ.. සොරොවත් එපා කියද්දි උදේ 7 ඉදන් ඇවිත් බැලුම් බෝල පුම්බලා.ඌ පුම්බපු බැලුම් හිටපු ගමන් උඩ ගියා. පස්සෙ පිපුරුවා.. ඒක‍ට සිහින මලයා පුම්බපුව නන් දවසම පිම්බිලා තිබ්බා..

ඕනයා ගෙනාපු බෝතල් මදි නිසා අපි කලිනුත් අරගෙන තිබ්බා නිසා යාන්තං වැඩේ ගොඩ ගියා.. නැත්තං පෝයට කොහෙන් කියලා ගන්නද.ඔබා මාම තුන්ඩු කෑල්ලක් එවලා තිබ්බා තරගයට එන්න වෙන්නෑ ගෙදර උයන්න තියනවා කියලා.. හැබැයි වෙනී අයිය නන් බිව්වෙම නෑ.. උ කරේ කොප්පෙ මකුළු දැල් වියන්න එන මකුළුවත් එක්ක චැට් එකක් දාගෙන හිටපු එක විතරයි.අසේල අයියා නන් කලින්ම ගෙදරට යන පාර ඇඳ‍ගෙන ඇවිත් තිබ්බ නිසා ලොකු අවුලක් තිබ්බෙ නෑ.. අනිත් උන් ගැන නන් කියන්න තරන් විසේසයක් තිබ්බෙ නෑ අප්පා.. සියල්ල සතුටින් විසිර ගියා ඉතින්..

.ඒක නෙමේ මරු මැච් එක..
70 දශකෙ නාකි සෙට් එකයි 80 කොල්ලො සෙට් එකයි තිබ්බ මැච් එක.. මුලින් ඕනයා හෙන ලොකු ටෝක් දුන්නා උන් දිනනවා කියලා.. බෝතලයක් ඔට්ටුයි කිව්වම ඒක බෑ කියලා ග්‍රවුන්ඩ් එක වටේ දුවන්න කතා කරා.. පස්සෙ උන් පැරදුනාම බයිලා කියලා සේප් වෙන්න යනවා.. පවු ‍අහිංසකයො නිසා බේරුනා..

මරු ආතල් කියන්නේ සානි ගේ ලවුස්පීකර් සද්දෙ නිසා ඩී ජේ එකක් ගෙනාවෙත් නෑනේ.. අපි බොන්ගො එකක් කලින්ම සෙට් කරලා තිබ්බේ.. මොනවා උනත් ආතල් දවසක්.. හීනයා අදුරන කෙල්ලො ගොඩාක් එක්ක ඇවිත් හිටියා.. අර චාටර් කුජීත අවුරුදු උත්සවයට වඩා නන් මේක සුපිරියි.. කෑම එහෙම මදි නොකියන්න තිබ්බා.. චිකන් බුරියානි තිබ්බා බිත්තර දෙකක් එක්ක.. තව අතුරු පසට පලතුරු සලාදයකුයි අයිස් ක්‍රීමුයි තිබ්බා..ඒවා මාරම රසයි.. මොනව උනත් ඒ සදහා පිට රට ඉදන් උදවු කරපු රුචා ටයි ඩිලාන්ටයි ආයෙත් පාරක් මං ඉස්තූති කරනවා..

ඒ අතරේ අමතක කරන්න බෑ හසී නගත් ඩොකී වැඩ වලට සැහෙන්න උදවු කරා..මගේ හිතේ තව සෑහෙන්න සිහි වටන එකතු වෙලා තියනවා.. එව්වා පිලිවෙලකට ගොතා ගන්න බෑ අප්පා.. මේ තියන වැඩත් එක්ක..

අනික තමා මං මෙතනදි අභිතයට විරුද්ධව කතා කරන්න ඕනි.. මොනව උනත් උන් හිතාගෙන ඉන්නේ උන්ට විතරයි ‍‍වැඩ කරන්න පුලුවන් කියලා.. සිහින මල්ලිල වැනි නව පරපුර ගැන මට මාර ආඩම්බරයක් තියෙන්නේ.. උන් බොන්නෙත් නෑ.. සෙට් වෙන්නෙත් නෑ .. ඒ උනාට වැඩ නන් සුපිරියි ඇ.. ඔයාලා කවුරුත් දන්නැති තව කැත වැඩක් අභිතයයි ලසියයි කරන්න හැදුවා.. උන් මීට දවස් 10කට කලින් විතර සෙට් වෙලා තීරණයක් අරගෙන ක්‍රිකට් මැච් එක උන් සංවිධානය කරන්න හැදුවා.. තනිකරම කුහකකම.. ඒත් ඒ වෙලාවට ඒක කරගන්න වෙලාව මදි උනා. ඒ බාධක මැද්දෙත් මේ වගේ ලස්සනට තරගය සංවිධානය කරලා අපි හැමෝටම ජීවිතේ අමතක නොවන තවත් එක දවසක් උදා කර දුන්න සංවිධායක මණ්ඩලයේ හැමෝටම මාගේ හදපිරි ප්‍රණාමය..

මේ වගේම තවත් ලස්සන ක්‍රිඩා සැනකෙලියක් ලබන වසරේදීත් කරන්න ලැබේවායි මා ප්‍රාර්ථනා කරන්නෙමි.
අවසානයට අභිත අයියාගේ වචනයෙන්..

අඩෝ.. මේ ........ යගේ විසිල් විතරයි බල්ටි නෑ...

ප/ලි,
ලියවුනා හරි නැද්ද මන්දා... එහෙනන් සමාවෙන්න ඇ.. වැස්සෙ මැච් එක ගහලා හොදටෝම සනීප ලැ හප්පා..

පිංතූරෙ මෙතනින් ඇ..
http://www.thesundayleader.lk/wp-content/uploads/2011/10/27-softball.jpg

ප/ල/ලි,

හදිස්සියේ විදුලිය ඇනහිටීම නිසා පෝස්ට් එකේ අඩුපාඩු පිට කියවන්න ලැබුණ අයට මාගේ ශෝඛය පළකරමින් සමාව ඉල්ලා සිටින අතර ඒ පිළිබඳව දැනුවත් කල අභිත අයියාට මාගේ ස්තූතිය..

Saturday, December 3, 2011

මං කෝප්පෙන් වතුර බිව්ව හැටි..


අද දවසෙම කම්මැලි කමේ ඉද්දි බ්ලොග් කියවන්න ආවා.. එතකොට ගොඩක් අය ලියලා තිබ්බ ලිපි දැකලා මටත් හිතුනා මං ගැන පෝස්ට් එකක් ලියන්න.. මේක කියවලා ඔයාලට හිනා යයිද දන්නෑ.. ඒත් හිනා නොගියට කමක් නෑ.. හැමෝටම ලියන්න පුලුවන් නන් තමන් ගැන ඇයි මට විතරක් ලියන්න බැරි නේ..
හනේ.. ඒ සිද්ධිය මතක් වෙනකොටත් මට හිනා යනවා අප්පා..
ඒ කාලේ මං හෙන පොඩි.. මොකද ඉස්කොලෙ යන කාලෙ අපි කොහොමත් පොඩි නේ..
ඔයාලට මතකද ඒ කාලේ අර ලොකුවට නත්තල් ගස් හදනවා.. මන් දන්නෑ ඔයාලට මතකද කියලා.. හැබැයි මට නන් එහෙම නත්තල් ගහක් ගැන පොඩ්ඩක් වත් මතකයක් නෑ..මොකද මං එහෙම ගහක් දැකලා නැති නිසා..

ඉතින් ඔය නත්තල් ගහ මට මතක් උනේ ඇයි කියලා ඔයාලා දන්නෑනේ.. අපි හැමෝම දන්න විදිහට නත්තල් ගස් හදන්නේ නත්තල් කාලෙටනේ.. ඉතින් නත්තල් කාලෙ කියන්නේ දෙසැම්බර් වලටනේ..ආයෙ මේක බලන බොලා වගේ ඔටුවලට අමුතුවෙන් කියන්න ඕනි ‍නෑනේ මේ දෙසැම්බර් මාසෙ කියලා.. ඉතින් මට නත්තල් ගහ මතක් උනේ ඇයි කියලා බොලාලට හිතා ගන්න බැරි නන්.. හයියෝ.. සික්.. මැට්ටො ටිකක්..

හරි.. දැන් ඒ නත්තල් ගහෙන් වැඩක් නෑ.. ඔන්න දැන් ආයෙත් අපි කතාවට යමුකෝ.. ඉතින් මං කිව්වනේ මං ඉස්කෝලෙ යන කාලේ හරි පොඩියි කියලා.. ඔන්න මං දවසක් ඉස්කොලෙ නිවාඩුවට ගමේ ගියා.. අපි හෙන හද්ද වන්නියේ.. අපේ ගමේ තිබ්බෙ අපිට ඉන්න පොඩි පොල් අතු පැලක්.. ඒත් ඉස්සර ඒකෙ වහලෙට පිදුරු දාලලු තිබ්බේ.. ඒත් මට මතක කාලෙ ඉදන් වහලෙට දාල තිබ්බෙ පොල් අතු.. සමහර විට අපෙ අම්මා මට බොරු කියලා වෙන්නැති නේ..

ඔන්න ඉතින් ආයෙත් කතාව ඇ.. ඉතින් මං ගමේ ගියානේ.. මං ගමේ ගිහින් සෙල්ලං කරන්න හරිම ආසයි.. කුඹුරේ ගොයම් කපන කාලෙට නන් ගොයම් කොලේ උඩ සෙල්ලං කරන්න පට්ටම ආසයි.. පස්සෙ ඇඟ කසන්න ගත්තම වෙලේ ලිදට ගිහින් නාලා .. හඳ එළි‍ය වැටුනම නියර උඩින් ඇවිදගෙන එන්න තියනවා නන් හිතට තාමත්ආස හිතෙනවා..

ඔන්න ආයෙත් කතාව.. ඔන්න දවසක් අපෙ මාමල බොන්න සෙට් වෙලා.. ගමේ තියනවා බ්‍රැන්ඩ් එකක් ඒකට එයාල කියන්නේ " ඇති හිටියා " කියලා.. සමහරු "රවුන්ඩ් අප්" කියලත් කියනවා.. ඒකට ඇති හිටියා කියන්නේ ඒකෙන් ෂොට් දෙකක් දැම්මම ඔලුව රිදෙනවලු.. ඉතින් සෙට් උන දැන් ඇති හිටියා කියලා නැගිටලා යනවලු.. අන්න ඒ නිසයි ඇති හිටියා කියන්නේ.. ඔන්න දැන් අපේ මාමලත් බොන්න සෙට් වෙලා.. එයාලා සෙට් වෙන්නේ අපේ ගමේ තිබ්බා පනං දොල කියලා දොලක්.. ඒ දොල ලග තමා කස්ටිය සෙට් වෙන්නේ.. මාත් ඉතින් ඉදලා හිටලා දැන් සෙට් උනාට ඉස්සර පොඩි එකා නොවැ.. ‍මොනවා උනත් මං නන් කියන්නේ සෙට් වෙනවා නන් සෝඩා තමා.. ආයේ කොක් වගේ එව්වා බීව්වම සුගර් වැඩි වෙනවා කියන්නේ.. අනේ මන්දා අප්පා ඔව්වා නන්.. ඔය ර‍ට්ටු කියන කතානේ. ඉතින් ඔන්න එදා දොල අයිනේ මාමල සෙට් වෙලා බිව්වා හරිද.. ඉතින් එයාල බිව්වම බොලාට මොකෑ.. අහවල් දේකට කට ඇරන් තවත් බලං ඉන්නවද මන්දා..

ඉතින් මං ගමේ ගියා කිව්වනේ ඔයාලට.. ඔන්න මං ගමේ ගිය හැමවෙලේකම ආපහු ගෙදර එනවා.. මොකද මං ඉස්කොලෙ ගියෙ මෙහෙනේ.. ඉතින් මං ගෙදර එන්නැතුව බෑනේ.. අනේ මන්දා බොලාලත් මොනවා හිතාගෙන මෙව්වා බලනවද කියලා..

ඔන්න ආයෙත් මගේ කතාව..

මං දැන් කිව්වේ මං කෝප්පෙන් වතුර බිව්ව හැටිනේ.. ඔන්න දවසක් අපේ ගෙදරට අලුත් කෝප්පයක් ගෙනාවා.. ඔවු.. ඒකෙ ලස්සන පිංතූරයක් තිබ්බා.. මං තමයි ඒක තෝර ගත්තේ.. ඒක ගේන්න ගිය විදිහත් හරි ශෝක් අප්පා.. මං එදා තනියෙක් කඩේට ගිහින් එතන තිබ්බ කෝප්පයක් අරං සල්ලි දීලා අරගෙන ආවා.. වෙන ගේන්න විදිහක් තිබ්බෙ නෑනේ..
ඉතින් දැන් ආයෙත් කතාවේ අන්තිම ටික.. කෝප්පෙ මං ගෙදර ගෙනහැල්ලා.. ඒක ඉස්සල්ලම සබන් දාලා හේදුවා.. ඊට පස්සෙ උණු වතුරෙනුත් ටිකක් හොදලා.. වතුර එකක් පුරවලා ගත්තා කොප්පෙට.. ඊට පස්සේ.. ඉතින් බොලාල වතුර බොන විදිහටම මාත් ඒක බිව්වා.. ආයෙ මට කියලා වෙනස් විදිහකට බොන්න බෑනේ..
හලේ.. සංසාරේ..................

Friday, November 18, 2011

මම කෙල්ලෙක් එක්ක රූම් එකකට ගියා


හැමදාම ඔපිස් යද්දි පිළිගැනීමේ කවුන්ටරේ ලග රෝස මල් පොකුරට හැංගිලා ඉන්න කෙල්ල දැක්කෙ නැත්තං මට ඉතින් උදේට කෑවේ නෑ වගේ.. බිත්තර රොටී දෙකයි ‍පරාට තුනයි හැමදාම වගේ කාල ගියත් ඒ කෙල්ල නැති දවසට නිකං බඩට මල්ටි බැරල් ගැහැව්වා වගේ පිච්චිලා යනවා. හැමදාම උදේට ගුඩ් මෝනින් කියලා කට පුරා කිව්වත් කවදාවත් ඒ කෙල්ලෙග තියන උද්දච්ච කමට මූණ බලලා ගුඩ් මෝනින් කියන්න බැරි හැටි.. හැමදාම පුටුව උඩ පතබෑවෙන්නේ ඒකිට මුලු හිතෙන්මෙ බනින ගමන්.

ඒක බඳින්න කොල්ලෙක් ඉන්නවා බං.. එන්ගේජ් වෙලා ඉන්නේ.. හැමදාම මගෙ මූණ දකිය අල්ලපු පුටුවෙ එකී ඉදගන්නේ ඔය වචන පේලිය කියන ගමන්.. හරියට ඒකිට ඒක කිව්වෙ නැත්තං වැඩ පටන් ගන්නත් බෑ වගේ.

උදේ පාන්දර ශෝඛ මූඩ් ගහලා පැත්තකට වෙලා ඉද්දි ලොක්කා කෝල්..

මේ .. දැන් ගෙට් එක තියනවා නේ.. හොටේල් එක ලෑස්තිද..

ආහ් ඔවු. එව්වා හරි.. ඒ උනාට බෑ අප්පා මට තනියෙන් කරන්න.. තව ටීම් එකක් දෙන්න.. විසිට් යන්නයි ඔව්වයි දෙකම කරන්න වෙලා නෑ අප්පා..

ටීම් ඕනි නෑ.. අර රෝස මල ගනින් සහයට

හැහ්.. ඉබ්බා මොකේද ඇන්නාවේ කිව්වලු..

අනේ එයා එපා.. එයත් එක්ක කොහොමද වැඩ කරන්නේ..

දැන් තනියෙන්නෙ කරන්න බෑ කිව්වෙ.. දෙන්නත් එක්ක ඕනි මගුලක් නටාපිය..

කලූ මූණ ලැජ්ජාවෙන් රතු වෙලා දම්පාට වෙලාද කොහෙද.. මෙව්වා දෙයියොම බලා ගන්න ඕනි..

ඔන්න ඒ පණිවිඩත් කියලා එකට වැඩ කරන්න පටන් ගත්තත් හරි ‍මේකිගෙ ලොකු පොර ටෝක් අහලම එපා වෙලා තිබ්බේ..
වෙලාවට මහ රජ්ජුරුවන්ගෙ දුව වෙලා ඉපදුනේ නැත්තේ.. නැත්තං ඒ කතන්දර ටික අහපුවම සසර කළකිරෙනවා..

ඔන්න කළ වයස ආහ් නෑ.. දවස් සති ගෙවිලා ගිහින් ගෙට් එකත් සෙට් උනා..ඔන්න උදේ පාන්දර ගියා සක්කරේ ගන්න.. හප්පා.. මේකි මොන වැඩද.. අද බඳින්න යනවා වගේ මේකප් පාට.. මූණ පාටවල් 77කින් පාට කරගෙන.. පෝය දවසෙ ආලවක තොරණ වගේ..මදෑ වැඩට උදව්වට එකියක් ගත්තා..හෝටලට ගිය වෙලේ ඉදන් මහ අම්මණ්ඩි වගේ පුටුවක් උඩ දපලා වැඩ පවරනවා.. නොදකින් සහයට එකී..
ඔන්න උදේ වැඩ ඉවර කරලා මාත් දෙකක් තුනක් දාගන්න හිතාගෙන හිටියට කොහෙම.. හරියට ඉදිච්චි නැති පැපොල් ගෙඩියක් වගේ. අමුවෙන්ම කාලෙ කකා ඉද්දි. දවසත් ගෙවුනා.. වටේ උන් ඔක්කොම සෙට් වෙලා කාල වැඩි වෙලා වමාරපු ගොඩ උඩ වැටිලා හිටපු උන් උස්සලා අයින් කරලා දෙයියනේ කියලා පැත්තට උනා විතරයි..

මෙන්න සක්කරේ ආවා ලගට.. ඉදගත්තා අල්ලපු පුටුවේ. සා.. මොන මගුල කිව්වත් ඒකි හරි හැඩයි අප්පා.. නිල් පාට ඇස් දෙක දිලා බලාගෙන හිටි ඇහැකි දවස් දෙකක් උනත්.. පිස්සු මල මල් වත්තෙ කිව්වලු..ඔහොම හැඩ බල බල ඉද්දි මෙන්න මේකි එක පාරටම මගේ අත ඇල්ලුවා

යකෝ.. හිරිඔතප් බිදෙනවා තව ඩිංගෙන්.. ඇස් ගෙඩි දෙක නළලට අරං සක්කරේ දිහා බැලුවම මෙන්න ඉන්නවා විරිත්තගෙන.. කවදාවත් නැති මල කොමලෙ

ඇයි
මොනවද අතේ තියං ඉන්නේ
සිගරට් එකක් ඇයි
ඊයා.. ඔයා එව්වා බොනවද..

ආහ්.. මල හුරතල් පයින් ගමන් කිව්වලු..

මේ..
ඇයි
අපි දෙන්නා ගමනක් යංද
හැහ්.. දෙන දොයියො දෙන්නේ වංගෙඩියෙ කොටලලු.. හපන්න ලේසිනේ එතකොට..

අපි දෙන්නා.. ඇයි වෙන කවුරුත් නැද්ද... මොනව උනත් කුලුදුල් නේ..සක්කරේ නන් මොකෑ. අද හෙට දීග යන එකී මොනව කරගත්තද කවුද දන්නේ...

කවුරුත් නෑ අනේ.. ඔක්කොම බීලා වැටිලා.. අපි දෙන්නා යමුකෝ..

ම්ම්ම්.. කොහෙද යන්නේ..

රූම් එකට යමු..

හැහ්.. යකෝ .. දෙයියෝ වංගෙඩියේ නෙමේ පිටි මෝලෙ කොටල අදනන් දෙන්නේ..

අනේ මන්දා.. තනියෙන් යන්න..
ආහ්.. තනියෙන් නෙමේ.. ඔයත් එනවනේ...
ඒත්..
මොනවද අනේ යමුකො..
මෙන් වැඩක්.. මගේ අතත් ඇඳගෙන යන්න හදනවා.. ඉතින් ඉවසන්න පුලුවනැ.. මාත් ගියා පස්සෙන්.. හරිද මන්දා ‍මෙව්වා..

කෝ රූම් එකේ යතුර..
ආහ් ඒක මං ගාව.. හී හී..
මේකිගෙ හුරතල් දකිද්දි දෙයියො මගදි හම්බ උනා නන් දෙයියම්පා ඌට මල් තියලා වදිනවා..

ඔන්න ගියා රූම් එක ලගට.. ගිහින් ඇරියා දොර...
කවුරුත් නෑ ඇතුලේ.. එයයි මායි විතරයි.. මං ඇතුලට ගිය ගමන් වැහුවා දොර..හදපු වදපු දෙමවුපියො සිහිඋනා.. දෙයියනේ තුන් හිතකවත් තිබ්බ දෙයක්ක.. සතුට වැඩි කමටද මන්දා කඳළු වැටෙනවා සට සට ගාලා..

ඇද දිහා බැලුවේ.. මේන් වැඩක්..
ඇද උඩ තිබ්බ තෑගි දෙන්න ගෙනාපු පෙට්ටි ගොඩ ගහලා.. සක්කරේ එව්වා අයින් කරනවා.. දුක වැඩි කමට ගිහින් මාත් උදවු උනා.. හප්පා සිරික්කිය. හරියට අවුරුදු දාස් ගනනක් පෙරුම් පුරලා අද දවස උදා වුනා වගේ.. හදිස්සිය හදිසිය.. එව්වා ටික පිළිවෙලට අයින් කරලා බිමින් තියන්න හැදුවා

අනේ.. බිමින් තියන්න එපා..
ඒත් මේ ඉඩ ඇතිද..
ඔහොම ඉන්නකෝ ටිකක්....දෙයියනේ මෙව්වා කොහොමද බලං ඉන්නේ......

එයා ගිහින් මොකක්ද මන්දා පටියක් අරන් ඔක්කොම තෑගි ටික එක උඩ තියලා ගැට ගැහුවා..
හම්මා.. ඇති යාන්තං.. දැන් වත් හරි කියලා ඇඳ උඩ ඉදගත්තා..

මෙන්න එයා යනවා..
කොහෙද යන්නේ
ඉන්න.. මං වොෂ් රූම් එකට ගිහින් එන්නං...
ම්ම්ම්ම්.. ගමන් මහන්සියට වෙන්ටෑ ඇඳට හාන්සි වෙන්න තරන් මහන්සි.. මෙන්න එකපාරටම ටොයිලට් පේපර් රෝලම උස්සං ආවා සක්කරේ...

ඔය මොකටද.. හදවත ගැඩෙනවා සන්ෆලවර් බෑන්ඩ් එකේ බේස් එක වගේ...

ඉන්න ටිකක්..
මෙන්න සක්කරේ අර තෑගි වල තිබ්බ දූවිලි ඔක්කොම පිහිදානවා..එව්වත් කරලා ඉවර වෙලා..

දැන් හරි..
මෙන්න මං දිහා බලාගෙන හිනාවෙලා ඉන්නවා.. ඇති යාන්තං වැඩේ ඉවර උනා...

ඉතින්.. ?? ලස්සන ඇස් දෙක දිහා බලාගෙන ඇහැව්වා නෙමේ කටින් කියවුනා

ඉතින් කියන්නේ.. ගන්න මේ පෙට්ටි ටික..

හැහ්..මාව එක්කං ආවේ මෙව්වා අරන් යන්නද..

නැතුව.. අනිත් ඔක්කොම බීලා වැටිලා.. මං කොහොමද මෙව්වා අරන් යන්නේ.. අනික සාරියත් ඇඳගෙන..

ඉතින් අපි කිව්වායැ සාරි අදින්න කියලා..

කතා කරන්න වෙලා නෑ..තෑගි දෙන්න පරක්කු වෙනවා.. අපි යමු..

ආයෙ අහවල් මගුලක්ද.. මං තෑගි ටිකත් අරගෙන ආවා.. සක්කරේ ‍රූම් එකේ දොර වහලා යන්න ගියා..


ප/ලි,

මේ ඇදුම නිර්මාණය කරලා දුන්න අපේ ජේ ඩී මලයට මගේ හදපිරි ස්තූතියි ඇ.. අනික ඕනයා අයියත් ඇහැව්වනේෂර්ලොක් හෝම්ස් කෝ කියලා.. ඔන්න දැන් එකත් ලගදිම එනවා.. කලින් කොටස බලලම ඉන්නකෝ..

Thursday, November 3, 2011

ලිට්ල් ස්ටාර් නොහොත් දරුවන් සිඟමනේ යැවීම

මං මේ බ්ලොග් එකට අලුත් ඇදුමක් හදන නිසා පෝස්ට් දාන්නෑ කියලා හිතාගෙන ඉන්නේ. කවි කියලා ඇති වෙලා අප්පා.. මට එපා........... වෙලා..ඒත් අද උදේ පාන්දරම වෙනද වගේ බ්ලොග් පෝස්ට් එකක් හිත හිත බස් එකේ වීදුරුවෙන් එළිය බලාගෙන සුන්දර වෙල් යායවල් පහුකරගෙන සීතල හිම වැටුන සුදු අරලියා මල් වතු මැදින් බස් එක ඇදිලා එද්දි එක පාරටම මගේ උකුලට චූටි කොළ කෑල්ලක් වැටුනා..මං හිතුවා ෂුවර් එකටම හිගන්නෙක් සල්ලි එකතු කරන්න ඇවිත් කියලා. අතේ තිබ්බ මාරු කාසි ටික දිහා දුකෙන් බලලා.. (ඇයි දෙයියනේ දැන් අපිනේ දන්නේ රුපියල් දෙකක වටිනාකම..) හිගන්නට දෙන්න මූන දිහා බලද්දි.. දෙයියනේ...

ලස්සන චූටි කෙලි පැටික්කියෙක් මං ඉස්සරහ.. මං බැලුවා මේ මොකෝ කියලා.. බැලින්නං ලිට්ල් ස්ටාර් කෙනෙක්ලු.. හලේ.. මං ඉතින් ඔව්වා බලනව කියලයැ.. ඉතින් මං මේ සුට්ටි කෙල්ල දිහා බලාගෙන හිටියා.. ඒ කෙල්ලයි අම්මයි සීට් එකක් එකක් ගානෙ ගිහින් කාඩ් බෙදනවා.මං කල්පනා කරේ මේ පොඩි කෙල්ලව නාම මාත්‍රිකව ලැජ්ජ බය නැති කරලා හිගමනේ යවනවා නේද කියලා.. අද ඉස්කොලෙ දවසක්.. උදේ 8ට විතර නැටුම් ඇදුම් අන්දවගෙන.. හැහ්... ඒ කියන්නේ ඉස්කොලෙත් යවන් නැතුව.. දෙයියනේ.

මේ වගේ වැස්ස දවසක අපි පොඩි කාලෙ ඉස්කොලෙ යන්න කොයි තරන් ආසද.. ගුරුවරු අඩුයි.. මඩ නාලා.. වැස්සෙ සෙල්ලං කරන්න අපි කොයි තරන් ආසද.. ඒ හැම ආසාවක්ම නැති කරලා ඒ පොඩි කෙල්ලව බස් වල කාඩ් බෙදන්න යවන එක කොයි තරන් සාධාරණද කියලා මට නන් හිතාගන්න ‍බෑ. ඒ අම්මගෙ සතුට වෙන්න පුලුවන්.. අපිත් කවද හරි බැරි වෙලාවත් කසාදයක් බැඳලා තමන්ගෙ ළමෙක් මේ වගේ ප්‍රසිද්ධ වෙනවා බලන්න ආස වෙන්නෑ කියන්න බෑ.. අපිත් එහෙම වෙයි. ඒත් එහෙමයි කියලා ළමෙක්ව බස් වල මේ විදිහට යවලා පොඩි කාලෙම ලැජ්ජ බය නැති කරාම පස්සේ ඒ ළම‍යාගෙ ජීවිතේට වෙන හානිය ගැන හිතන්න මේ අම්මලට බැරි හැටි. මං නන් මේ ක්‍රියාවට පුද්ගලිකව කැමති නෑ. මොකද පොඩි කාලෙ මනසට ඇතුල් වන දේ අම්මල හැසිරෙන හැටි අම්මා කතා කරන විදිහ..පොඩි ළමයා මොනවද කරන්නේ.. මේ සියලු කාරනා මත තමා අනාගත කෙල්ලෙක් බිහි වෙන්නේ..

ඒකනේ කියන්නෙ දුව ගන්න කලින් අම්මව බලලා ඉන්න කියලා.. :-D

මටත් ඕනි නැති දෙයක් නෑනේ.. මං ඉතින් ඇන්ටනාව දාගෙන ඉද්දි මට ඇහෙනවා කියනවා කාඩ් 6000ක් ගැහැව්වලු.. යකෝ.. කාඩ් එකක් රුපියල ගානෙ බැලුවත් රුපියල් 6000ක්... හැබැයි ඒක රුපියලට නන් බැරි වෙයි.. 4 කලර් කාඩ් එකක්..අපි හිතමු රුපියල් 6000ක් කියලා.. ඒ රුපියල් 6000ට ඒ කෙල්ලට ඇදුමක් අරන් දීලා අම්මයි තාත්තයි එක්ක ගෝල් ෆේස් එකටවත් ගිහිල්ලා එක දවසක් සතුටින් පවුලත් එක්ක එකතු වෙලා ගන්න පුලුවන් සතුට විනෝදය මීට වඩා වැඩි වෙනවා කියලයි මං නන් හිතන්නේ.

මේ අලවිකරණ සංකල්ප (Marketing Concept) ලංකාවට කොහෙන් ආවද මන්දා.. මේ පොඩි කෙල්ලවයි දුර දිග බලන්නැතුව කඩේ යවන්න පුලුවන් අම්මලයි නිසා ඒ ලොකු ලොකු කම්පැණි කීයක් නන් සල්ලි හම්බකරනවද. කලින් බිහි කරපු ස්ටාර් පැටුව් අද කොහෙද.. කාටද උන්ව මතක. හැබැයි ඒ කොම්පැණී උන්ව විකුනගෙන කීයක් හම්බ කරගෙන ඇතිද.ඒ උනාට ළමයිගෙ මොලේට වැටිච්චි විච්චූරණ අගතිගාමී අදහස් නැති කරන්න කවුද ඉදිරිපත් වෙන්නේ..

අනික් අතට මෙහෙම ස්ටාර් පැටව් බිහි උනාම ඒ දරුවට ඇත්තටම සතුටු වෙන්න ‍පුලුවන්ද.. කවදාවත් ඒ කෙල්ලට කියන්න පුලුවන්ද මගේ හැකියාවට මං දිනුවේ කියලා.. කවද හරි ඒ කෙල්ලෙගෙ අම්මා කියයි

''මං මේ කෙල්ලව එක්කගෙන බස් ගානෙ ගිහින් කාඩ් බෙදලා නිසා තමයි මෙයා දිනුවේ කියලා''

මෙහෙම අහන කෙල්ලට තමන්ගෙ හැකියාව ගැන ඇත්තටම සතුටු වෙන්න පුලුවන්ද.. මේ ඇත්ත සිදු වීමක්..
ළමෙක් 5 වසරේ විභාගෙ පාස් උනාම කියනවද ඒ ළමයගෙ හැකියාව කියලා.. ඒ වෙනුවට මෝඩ අම්මලා කියන්නෙ මොනවද..

"මේ අහවල් ගුරුවරයා ලගට ක්ලාස් ගිය නිසානේ පාස් උනේ"
"මං තමා ඉතින් මෙයාව ක්ලාස් ඇදගෙන ගියෙ.. නැත්තං මෙයා පාස් වෙයි"

මෙහෙම ඒ ළමයා ඉස්සරහ කියන කිසිම මොලයක් නැති අම්මලා මං දැකලා තියනවා.. මේවා අහල ළමයට ඇත්තටම තමන්ගේ ජයග්‍රහනය ගැන සතුටු වෙන්න පුලුවන්ද.. තමන්ගේ හැකියාවට වඩා ළමයට හිතෙන්නේ පිටස්තර පුද්ගලයෙක්ගෙ හැකියාව. අනේ මන්දා මේ මෝඩ අම්මලා සංස්කෘතිය කවදා නැති වෙයිද කියලා.. හැමදාම හිතන්නේ ලග තියන දේ ගැන විතරයි.. ඒ තුලින් ළමයට වෙන මානසික සමාජීය බලපෑම හිතන්න බැරිද..

මේ සමාජයේ විවිධාකාර මිනිස්සු ඉන්නවා. මීට වඩා මේ සිදුවීම වෙනස් විදිහකට කාට හරි පේන්න පුලුවන්.. ඒත් මං කියන්නේ පවුලක සතුට ළමයාගේ සතුට මේ හැමදේම තියෙන්නේ මෙවැනි භාහිර ක්‍රියාකාරකම් මත නෙමේ. මීට වඩා මනසින් උසස් සමාජයේ ලස්සනට ජීවත් වෙන්න පුලුවන් ළමෙක් හදන්න නන් පවුලෙ හැමෝම ඒ කිව්වේ අම්මා තාත්තා සහෝදරයෝ එකතු වෙලා දවසකින් එක පැයක් එකට එකතු වෙලා විනෝදයෙන් ඉන්න පුලුවන් නන් ඒ තරන් වෙන දෙයක් නෑ කියලා. පොඩි කාලෙ ළමයි මල් වගේ.. බැරි වෙලාවත් මල් වල පාට අඩු උනොත් කවදාවත් ඒ අඩුව පුරවන්න බැරි වෙයි.. අම්ම කෙනෙක් උනාට එයාට ළම‍යව මරන්න අයිති නෑ.. එයාට අයිතිය තියෙන්නේ සමාජයට වැඩදායි අර්ථවත්..පිරිපුන් මනසකින් යුතු දරුවෙක්ව සමාජයට දෙන්න විතරයි.

ඇති ඇති.. ඔන්න මං ගියා..

ප.ලි..

මං නන් ඔය ස්ටාර් ප්‍රෝගෑං බලන්නෑ ඕං.. ඔය කවුරු හරි බලනවා නන් මේ කෙලි පොඩ්ඩට මනාපයක් දෙන්න.. හැබැයි මේක ඒ කෙල්ලගෙ කවුරු හරි දැක්කොත් කියන්න ආයෙ බස් වල කාඩ් බෙදන්න නගින්න එපා කියලා.. ඉස්කොල ගිහින් වැස්සේ නටන්න කියන්න..:-D

DLS (හිස්තැනක්) අංක 15 යොදා 9900 ට හැකිතාක් SMS කරන්න.. (නොවැම්බර් 5 දක්වා පමණි.)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...