Thursday, April 22, 2010

හිරු කුමරුනේ මගෙ තනිකම හුරුයි මට


ගොම්මන් අදුර අවටින් එන වේලාවට
පාලුව මකන්නට දිව්වයි කඩ පිලට
යන විට මගදි දුටු ඒ රූ සොබාවට
අතර මගදි හැරුනයි මේ වැව දෙසට

තිසා වැවේ වැව් බැම්මේ ඉන්න කොට
නිල් දිය දහර රළ නංවයි ලතාවට
ඈතින් පදින ඔරුවේ යන කලාවට
සිත දිව්වයි මට නොදැනිම අතීතෙට

මතකද වැවේ ඔරු පැද්දා අපි එකට
දෙතොලින් මොට්ටු තිබ්බා නුඹෙ නලලතට
දෙනුවන් පියා නුඹ ලං වී මගෙ කනට
කිව්වා සත්තමයි ආදරේ කියා මට

දෑසින් වැටෙන කදුලැලි පිසදමන්නට
මල හිරු එබෙයි දුක හිතිලද රැස් වලට
අද බැස ගියත් නුඹ යළි එයි හෙට ලොවට
හිරුකුමරුනේ මගෙ තනිකම හුරුයි මට

8 comments:

  1. හැම හිතකම ඇතිවෙන පොදු සිතිවිල්ල විරහව වෙන්න ඇති. නේද පසන් ....ඒකනෙ අපි විරහව ගැන කවි ලියන්නේ

    ReplyDelete
  2. දිල්/

    හ්ම්ම් විරහව තමයි ඕනි කෙ‍නෙක් විදින සුන්දරම අත්දැකීම. ඒකයි කවි ලියවෙන්නෙ. අනේ මන්ද.. ඇතුවත් බෑ නැතුවත් බෑ.. හ්ම්ම්ම්ම්ම්ම්....:(

    ReplyDelete
  3. ඒ.... පට්ට මචන්....

    ReplyDelete
  4. හරිම ලස්සන කවි පන්තිය...
    මම දැක්ක තව කවියක රටාවක්..

    අතර මගදි හැරුනයි මේ වැව දෙසට
    සිත දිව්වයි මට නොදැනිම අතීතෙට
    දෙතොලින් මොට්ටු තිබ්බා නුඹෙ නලලතට
    හිරුකුමරුනේ මගෙ තනිකම හුරුයි මට


    බුද්දිමය දෙපලද මන්දා සෑහෙන්ට හිතට වැදුනා..

    ReplyDelete
  5. ගීත්/
    ගොඩක් ස්තූතියි මචන්

    දස්කොන්/

    ගොඩක් ස්තූතියි මේ පැත්තට ආපු එක ගැන සතුටුයි

    ReplyDelete
  6. nipuni shanika pereraApril 23, 2010 at 11:44 AM

    සෙනෙහසින් ලග හිටිය
    අතිතය සිහිපත්ව
    නෙත අගින් ගලා යයි
    කදුලු බිදු මටත් නොදැනිම
    කෙලෙස අදහමිද
    නුඔ නැති අරැම
    මටත් එලෙසමයි නුඔට වාගෙම
    තනිකම විතරයි
    තනිකමට හැමදාම....

    ReplyDelete
  7. නිපූ/

    තතිනම හොදයි සතුටෙන් නන් හැමදාම
    කවුරුන් නැතත් මම ඉන්නෙමි නුඹ ලගම
    ගොතනා පද වැලුත් රස වෙයි නුඹ සේම
    ලියපන් නගේ දිගටම පද වැල් අමුනාම

    ReplyDelete
  8. nipuni shanika pereraApril 24, 2010 at 9:36 AM

    නොයෙක් විසිතරැ රටා නැති
    තිබු හින දෙනෙත් අද්දර
    නුඔට මිසක් කාට කියමිද
    නුඔයි තැනුවෙ මගේ කවි සිත...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget