Tuesday, June 1, 2010

හිතට ආපු හැම දෙයක්ම

හ්ම්ම්ම් එකට හිටපු යාලුවෙකුත් අපිව දාල සදහටම යන්න යනව. අනේ මන්ද කාටද මේව කියන්නෙ. ජීවිතය පටන් ගත්ත විතරයි. පවුලේ එකම දරුව. අවු 25ක් තිස්සේ ජීවත් කරල එයාලගෙ කර මතින්ම අවසන් ගමන් යන්න උනාම කොච්චර දුකක් ඇත්ද?කලින් පෝස්ට් එක කියවපු අය අහල තිබ්බ මොනව වෙලාද නැති උනේ කියල. ඒක තමයි හිතා ගන්නම බැරි දේ වකුගඩු දෙකම නරක් වෙලා. ඒ නිසා මොලයට විෂබිජයක් ගිහින් නැතිවෙලා ති​යනව කියන්නෙ. වකුගඩු නරක් වෙන්නෙ කොහොමද ඒකගෙ ජීවිතේට අරක්කු සිකරටි කටේ තියල නෑ. එහෙම වෙලත් ඔය වගේ දේවල් වෙනව නන් මොන මගුලටද මේ දොස්තරලා බොන්න එපා කිය කිය මැරෙන්න හදන්නෙ?? අනේ මන්ද ඔය විකාර....

මොනව උනත් කොළඹ මම හැදිච්ච එක ගැන ඊයෙ මම ගොඩක් සතුටු උනා. මොකද යාලුවො හැමෝම නිවාඩු දාල ඔක්කොම වැඩ අතෑරල අපේ පංති වල ඉදල රට ගිය අය ඇරෙන්න අනිත් හැමෝම වගෙ ඊයෙ ඇවිත් හිටිය. ගෑණු පිරිමි කියල නෑ ඒකාලෙ වගේම සහෝදර බැදීමක් අපි අතරෙ තාමත් තියනව කියල හිතද්දි කොච්චර සතුටුද. මම ගියේ මිශ්‍ර පාසලකටනෙ ඒ යාලු කම් අදටත් එහෙමයි. කෙල්ලො කියල නෑ මහ රෑ උනත් තමන්ගේ මිතුරා වෙනුවෙන් කරන්න උන හැම යුතුකමක්ම කරන්න එයාල ඉදිරිපත් උනා. රට ඉන්න අයත් කී පාරක් මටම කථා කරාද, කොච්චර දුක් උනාද ,මේ සහෝදර බැදීම මම නන් කිසිම ගමක ගැමි පරිසරයක දැකල නෑ. බදුල්ලෙ ගිය මල ගෙරිදිත් අපි කථා උනේ අපි කොළඹ හැදිච්ච එක කොච්චර වාසනවාක්ද කියල .කවුරු හරි කිව්වොත් තාම ගම එහෙමයි කියල මම කියනව නෑ කියල. මොකද මම කොළඹ හිටියට අපේ දෙමව්පියො හැදුනෙ ගමේ අපේ නෑයො ඔක්කොම ගමේ ඉන්නෙ. මට ගමෙත් නගරයෙත් හොදට අත්දැකීම් තියනව අරක්කු බොන්න බූරුව ගහන්න මල බත කන්න විතරයි එයාල මල ගෙදරකට එන්නෙ. ඉස්සර ගොයම් හිටවන්න මුලු ගමම එකතු උනත් අද ඒ දේ කර ගන්නත් සල්ලි දෙන්න ඔනි. ගම පිරිහිලාද නැත්තන් ගමේ මිනිස්සු කොළඹ ඇවිත් කියල මට නන් තේරෙන්නෑ ......

අපි කෙල්ලො ඔනි තරන් අශ්‍රය කරල තියනව. අවුරුදු 10කට විතර පස්සෙ දකින්න ලැබුනත් ඒ බැදීම තාම එහෙම්මමයි. අපි එයලව වැලද ගනිද්දි බලන් ඉන්න එකෙක් කියනව ඇහුන" අර බලපන් ඒකි බඩුවක්ද කොහෙද හැමෝම කිස් කරනව කියල" නෑ ඒ සහෝදර බැදීම අපිට කෙල්ලො මැජික් නැත්තෙ ඒ නිසයි. ක්‍රිඩා තරග තියෙද්දි කෙල්ලෙකුට අනතුරක් උනාම ඒකිව කරේ තියාගෙන පුථමාදාර දෙන්න දුවන්නෙ ඒ කෙල්ලත් එක්ක බුදිය ගන්න නෙමේ කියල අපි දන්නව. අදටත් මට ඔනි තරන් මිතුරියො ඉන්නෙ ඒ සහෝදර බැදීම් අදුරන නිසා. ඒක තේරුන් ගන්න බැරි අය හිතන්නෙ අපි ලං වෙලා හිනා වෙලා කථා කරාම ලවු කරන්න හදන්නෙ කියල. මම නන් ඒව කොහොමත් ගනන් ගන්නැහැ මොකද මට බලෙන් කිසිම කෙල්ලෙක්ව ලගින් තියා ගන්න ඕනි නැති නිසා. ඒ බැදීම් කියල දුන්න අපේ මිශ්‍ර පාසල පිරිමි පාසලක් විතරක් කරන්න යෝජනා කරපු වල් පිනාට නන් ​අල්ලන් ගහන්න හිතෙනව. දැන් වෙලා තියෙන්නෙ කෙල්ලො නැති වෙලා කොල්ලො කෙල්ලො වෙලා. ඉස්සර අපිට අපේ ගුරුතුමන්ල කිව්වෙ දුවල, පුතාලා කියල දැන් කියන්න වෙලා තියෙන්නෙ පුතාල, දුවල වගේ පුතලායි කියල ඒකෙත් වරදක් නෑ ඉතින් බලපුවම එයාලටත් හැගීම් තියනවනෙ ඉතින්...

කොහොමින් හරි මට මේ වයසෙදිම මගේ වයසෙ මාත් එක්ක හිටපු කෙනෙක්ගෙ මල ගෙදරකට යන් උනා. ඒ වගේ දෙයක් කාටවත්ම වෙන්න එපා මම නන් කියන්නෙ එච්චරයි. අපි කොච්චර හොදට හිටියත් වෙලාව ආවම යන්න වෙනව. ඉන්න ටික කාලෙ හැ​ම වෙලේම සතුටින් ඉන්න බලන්න. කාගෙන් හරි වරදක් උනොත් කථා කරල විසද ගන්න. හැම කෙනෙක් එක්කම හොදින් සතුටින් හිටියම අපි දන්නෙම නැතුව ජීවිතය ජයගෙන කියල අපිටම හිතෙනව.

හිතට ආපු දේ ගොඩක් කිව්ව.. දැන් ආපහු යන්න ඔනි. හෙට එක යාලුවෙක් අවසන් ගමන් යනකොට තව යාලුවෙක් කසාද බැදල අලුත් ජීවිතයක් පටන් ගන්න යනව. අනේ... දෙන්නටම එකම විදිහට සුභ පතන්න තිබුනන්. හවසට මලගෙදර සරසල රෑට මගුල් ගෙදර සරසන්න වෙලා.. කාගෙ මැවීම්ද දන්නැහැ මේව... ටිකක් නිදා ගන්නත් ඔනි. මොකද හෙට මගුල් රථය පදවන්නත් ඔනිනෙ... ඔයාලට කිසිම වින්දනයක් නැති හරවත් දෙයක් නැති ලිපියක් දැම්මට සමාවෙන්න... හිතට ආපු දේ කියල දැම්ම විතරයි

8 comments:

  1. ජිවිතේ හැටි ඔහොම තමා එයා ගෙනාපු ආයුෂ ඉවර ඇති,ගොඩාක් දුක හිතුනා..

    ReplyDelete
  2. මේ වගේම දෙයක් මටත් වුනා. හරියටම මගේ වෙඩින් එකට දවස් 6කට පෙර මගේ හොඳම යාළුවා ‍ඔයා කියන රෝගයෙන්ම මේ ලෝකෙන් සමු ගත්තා.

    ReplyDelete
  3. ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්.... මම දැක්ක ඊයේ ඒ ගැන ලියපු ලිපිය.. ගෙදර ඇවිත් කොමෙන්ට් එකක් දාන්න හිටියේ සිද්දිය ගැන අහන්න... හ්ම්ම්..

    මගෙත් ස්කෝලේ කාලේ යාලුවො දෙන්නෙක් නැති උනා... එක්කෙනෙක් නම් අනතුරකින්. අනික් කෙනා පිලිකාවකින්... අපි හැම දාම යනව එයාව බලන්න... ලගදිම අපිව දාල යන බව දැනගෙන අපි මොනව කියනද එයාට... හ්ම්ම් අපිව දාල ගියා එයා.. උසස් පෙල කාලෙදි...

    ඔබේ යාලුවට නිවන් සුව ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  4. හසී /
    එහෙම තමයි අපිත් හිත හදා ගෙන ඉන්නෙ බීලවත් මැරුන නන් කමක්නෑ ඒත් හොදට ඉදල උන දේ තමා හිතා ගන්න අමාරු

    ReplyDelete
  5. RanDil /
    මැරෙනව කියන එක.............. වැඩක් නෑ........ ටික කාලයක් අපිට ඔක අමතක වෙයි ඒත් ඒ අම්මලට පිස්සු හැදෙනව ඒව මතක් වෙද්දි කොල්ලෙක් රට ගියත් අම්මල කොච්චර දුක් වෙනවද මෙහෙම දෙයක් උනාම කොහොම දරා ගනීද මන්ද

    ReplyDelete
  6. පිස්සා පලාමල්ල /

    ස්තූතියි ප්‍රාර්ථනාවට.... ලහිරුට නිවන් සැප ඉක්මනින්ම හම්බ වෙන්න ඔනි...

    ReplyDelete
  7. අරක්කු බිව්වහම ඉක්මනින් මැරෙනව ලෙඩ වෙනව කියල නියමයක් නෑ...ප්‍රවනතාවය වැඩියි..ඒකයි වෙනස....

    ReplyDelete
  8. indi /

    කොහොමත් මැරෙන එකේ මොකෑ නෙ හික් හික් හික්ස් ස්තූතියි මේ පැත්තෙ ආවට

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...