Thursday, June 3, 2010

ලියන කවි මගෙ සිහින අහසේ ......අදින් නවතිද ලොවට රහසේ

පැතූවත් සිත සිහින පොදි බැද
බිදෙන විට යයි සීදී හැම අත
පතන්න​ට තව ලොවක් නැති විට
අහිමි ලොව හැර කොහේ යන්නද
තන්නට විය නව ලොවක්
ගඩොලින් ගඩොල එක පෙලකට බැද
මගේ ඉදිරියෙ ඇද වැටෙන විට එය
කුමක් කරමිද බලා ඉනු හැර

තබන හැම පියවරම
පොළව යයි පිපිරිලා
මගේ පව් කාරකම
මටම වදයක් වෙලා

ලොවින් ඈතට පියඹ යන්නට
කිසි ලෙසින් නෑ පියාපත් පැතුවේ
අමුතු ලොවකට අරන් ගිය නුඹ
ඇයිද මේ ලෙස අතැර දැමුවේ

වරින් වර මට දැනෙන සැනසුම
ඇයිද එක ලෙස නොම තියෙන්නේ
දුකම විතරද මගේ සැනසුම
නැතිවදෝ එය මම නොදන්නේ

හිරුට දුක නැත සදුත් නිහඩය
තරුත් අද ඇයි
නිහඩ වූයේ
ගලන ගං දිය හමන මද නළ
සිහින වැල් ඇයි නතර
වූයේ

යන්න සිතුවත් ලොවට රහසේ
බැරිය හැර යන්න මෙලෙසේ
ලියන කවි මගෙ සිහින අහසේ
අදින් නවතිද ලොවට රහසේ

5 comments:

  1. කවුරු ගියත් අපි ඉන්න වනේ. ඒ නිසා හිටියා වගේම හිටපන්. විරහ ගීයක් දෙකක් ලියාගෙන ෆන් එකේ ඉමු.

    ReplyDelete
  2. සිහින අහසේ
    ආදරේ පතුරාපු මම
    ඒ සිහින අහසේ
    නුඔ ලියු කවි කොහොම
    බෙ‍‍ාද කරන්නද

    නු‍බෙ තරැ නුවන් තුල
    කිමිදිලා එදා මෙන්ම
    උනුසුමේ පැටලිලා
    සැතපෙන්නමි නිසසල‍ව
    හැමදාම ලග ඉන්නමි
    අද මෙන්ම මතු දිනද


    අනේ පසා ආයෙත් මෙහෙම එවනමි දාන්න එපා

    ReplyDelete
  3. ගීත්/
    මචෝ ලියන එක නවත්තන්න නෙමේ හැදුවෙ මම උඹට කිව්වෙ ඉතින්. ටිකම ටිකක් අඩු කරන්න විතරයි. අපි අපි නන් මොකද බං gtalk එකේ හරි චැට් එකක් දාන්න පුලුවන්නෙ. හික්... හික්.... හික්ස්....

    ReplyDelete
  4. නිපූ/
    ඇයි මේ දාපු එකේ වැරැද්ද මොකක්ද මම ඊයෙ කිව්වනෙ ඔයාටත්.කවි ලියන එක විතරයි අඩු කරන්නෙ.. ආයෙ පහදන්න ඔනි නෑ.. නෙ........ඔයාට නන් මම ලියන කවි මෙතන නොදැම්මත් මම එවනවනෙ. ඒ නිසා කොහොමත් අවුලක් නෑ නෙ:D :D :D

    ReplyDelete
  5. Pasan,... i hope you know me by now. What i have to say to you is In life God will not give gifts all the time to share in your life,..so the gift what you have got please take care of her,..i assume and hope you will do that! take care wish you all the best! and one more thing the KAVI what you wright is very nice, I told Nipuni also...........

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...