වේලාව උදෑසන 10 බව දුම්රිය වේදිකාවේ සවිකර තිබූ වේලා යන්ත්රයේ කෑගැසීමෙන් දැනගතිමි. දුම්රිය කවුලුවට හිස තබාගත් මම නුවර යාමට සිදු වූ අයුරු මෙනෙහි කරන්නට විය....
"මචං මම බදිනව... උඹට විතරයි කිව්වෙ එන්නම ඕනි"....., ඒ මගේ මිතුරාගේ ඇමතුමයි, රාජකාරී ස්තානයෙන් නිවාඩුවක් ලබා ගත් මම නුවර බලා යාමට සූදානම්ය. දුම්රියේ හූ...... හඩ මනෝ ලොකය බිද දමද්දී මහ හඩක් නංවමින් දුමරිය ඉදිරියට ඇදෙන්නට විය. අවට නෙත් යොමා බැලිමි. සතියේ දිනයක් නිසාවෙන් දෝ මා අවට කිසිවෙකුත් පෙනෙන්නට නැත මා පමණය. සුපුරුදු හුදකලාව මා වෙලා ගන්නට විය. කවුලුවෙන් ඇදී එන සුලං පහරින් දෙනෙතට දැනුන වේදනාවෙන්දෝ සිහින් කදුලුබිදු දෙනෙත තෙමන්නට විය.
දුම්රියේ හඩ පමණක් පාලුවත් තනිකමත් මකන්නට සටනක යෙදෙද්දී ගම් දනව් පසු කරමින් කාලය ඉදිරියට ඇදෙන්නට වු අතර සුත්දරම අතීතයක මතක සටහන් මා ඉදිරියේ රූප පෙලක රග දක්වයි. තනිව වූවත් ඒ දසුන් දැකීමෙන් විටක මුවට නැගෙනා සිනහවත් රහසේම ඇද වැටෙන කදුලු බිදුවත් මැඩගනිමින් කාලය කාදමන්නට මහා සටනක යෙදෙන්නට විය.
කාළය කෙමෙන් ගෙවෙන්නට වූ අතර එක්වරම නෙත ගැටුනු දසුනෙන් මොහොතකට ගල් ගැසුනි. තරුණ යුවතියක් උසුලාගත නොහැකි බර බෑගයක් ඔසවාගෙන ඉද ගැනීමට තැනක් සොයමින් එහෙ මෙහෙ පැද්මින් අසීරුවෙන් ගමන් කරයි..
"දෙවියනේ"........................... මේ ඇයමද? ඒ දෙනුවනම, දෙදන තෙක් දික්වූ කෙස් කළඹ, රත්පැහැ තොල් සගල, මේ ඇයමද සියොලගම සලිත වන්නට විය දෙතොලින් හඩක් නගන්නට නොහැකි වූවෙන් ආයාසයෙන් වාරුගත් දෙපය බිම තබා ඇය අසලට යන්නට වීමි.......
සැමදා මා ආදරයෙන් ඇමතූ වදනින්ම ඇයට ඇමතිමි....
"මුතූ".....................
තිගැස්සුනු ඇගෙ මුහුන, කියාගත නොහැකි හැගුමන් දොරේ ගලා යන දෙනුවන, කෙසේ නම් විස්තර කරන්නද.... ඇගේ ඒ මුහුණ, උතුරා ගලා යන සතුටකින් ඇය වැලද ගතිමි හැගුමන් වචනයට කියාගත නොහැකිවෙන් දෝ හඩන්නට වූ ඇයට හඩන්නට ඉඩ හැර තවත් තදින් ඇයව වැලදගන්නට විය...
කාලය කෙමින් ගත වන්නට විය මගේ සතුට කෙසේ නම් විස්තර කරන්නද. ඇය නැවතත් මගේ තුරුලේය සතුට ඉවසාගත නොහැකිව දෙනෙතින් ගලා යන කදුලු ගංගාව කිසිදා මා මෙතරම් කදුලු සලා නැත. සතුට උතුරා යන්නට විය. දෙතොලින් වදන් පැවසීමට නොහැකි නිසාදො අපේ දෙනයන රහසින්ම මුමුණන්නට විය. ඒ සුන්දර අතීතය නැවතත් මගේ තුරුලේය... දුක්බරව ගෙවු ජීවිතය නැවතීමට කාලය පැමිණ ඇත ....
ආයාසයෙන් ආසනය මතට බරවූ අප දෙදෙන කුමක් නම් පවසන්නද.. දෙනුවන අතොරක් නොමැතිව තවමත් දොඩමලුය. ඇතින් බිං ගෙයක් ලං වනු මග දෙපස වූ මහා ගල්කුලු සලුකුනු කරන්නට විය. ආදරයත් රාගයත් සිත තුල පොරබදන්නට විය. සුමුදුව සිප ගත් ඒ නළල දෙනුවන ඇයගේ හැඩීම් මහ හඩින් උත්සන්න කරන්නට විය. මම දනිමි ඇය තවමත් ආදරය කරන බව දෙකපුල් වලින් ගලායන කදුලු බිදු මගේ දෙතොලින් රහසේම තොල ගා බලද්දී සංසාර පුරුද්දට මෙන් ඇය තව තවත් මගේ තුරුලට විය...
මුලු ලොවම නතර වූවාක් මෙනි ඇයත් මාත් පමණය බිංගෙය තුලින් නැගුන කලුවර අප වෙලා ගනිද්දී අතීත මතක සටහන් තුල කිමිදෙමින් මා ඇගේ මුව මඩල සිනිදුව සිපගතිමි. දෙනුවන පියාගත් ඈ ඒ සුන්දරම මොහොත අත්විදින්නට විය. වෙවුලන දෙතොල් එකින් එක ලංව දොඩමලුය. සිප ගැන්මට මුලු ලොවක් ඇරයුම් කරයි පෙරුම් පුරා සිටි මොහොතක ඇයත් මාත් පමණය. කවුලුව මැදිනු හමා එන සීතල සුලග ආසිරි පතන්නාක් මෙනි. සුලගට දගකරන කෙලෙලැල් අප වටා එතෙත්දී එම සුන්දර මොහොත ආදර සිතුවිලි වලින් පිරී යන්නට විය
එක් වරම නැගුනු සුපුරුදු කට හඩකින් තිගැස්සී ගියෙමි.........................
"පුතා".............................................. නැගිටල තේ බොන්න..... දැන් කී පාරක් කථා කරාද???..."
ඒ හැමදාමත් හිමිදිරියේ නැගෙන මෑණියන්ගේ වදන් පෙලයි. වාරුනැති දෙපා ආයාසයෙන් බිම තබමින් එලියට වන් මම මුහුණ සොදා තේ බොන්නට වීමි.....
අඩේ එක හුස්මට කියෙව්වා .....
ReplyDeleteඅන්තිමට හීනයක් ... හප්පා ...
කමක් නැහැ හෙට දකින එකත් ලියන්න කරුනාකරලා ....
[ මු කරන වැඩ ෂැක් ...
රචනයේ ගලා යාම නම් එලම තමයි .... ]
කියලා වැඩක් නෑ වැප්....ශෙක්....
ReplyDeleteමොනා උනත් ලස්සණට ලියලා තියනවා...
හිහ්....හිහ්....මල් 7 යි...මමත් දැක්කා ඔය වගේ හීනයක් දවසක්දා...ඒක නම් පසිද්ධියේ කියන්න බෑ... :D
ReplyDeleteවචන නැහැ විස්තර කරන්න!!උඹට හැඟිච්ච දේ අපිටත් දැනුනා!!!
ReplyDeleteවැප් /
ReplyDeleteගොඩක් ස්තූතියි මචෝ උඹේ අගේ කිරීම නන් ඉස්තරම් ස්තූතියි ගොඩක්
චමිදේවා /
ගොඩක් ස්තූතියි අගය කරාට
ගීත් (සහෘදයා) /
ReplyDeleteඑනෙන් මට විතරක් කියන්නකො හික් හික් හික්ස් චැට් එකේදි අහගන්නන්කො ස්තූතියි අගය කරාට
ජංජාල චාමර/
ගොඩක් ස්තූතියි දාපු පලවෙනි කොමෙන්ටුව වෙන්නැති මම හිතන්නෙ ගොඩක් සතුටුයි මේ පැත්තට ඇවිත් යන එකට
හික් හික් හොද වෙලාවට මේක හිනයක් වුනේ.. නැත්නමි බිං ගේ ඉවර වෙද්දි මොනා කරයිද..
ReplyDeleteහොද වෙලාවට සුද්දො බිංගෙවල් හැදුවෙ
ReplyDeletedats y ppl say dont drunk and sleep ... lol
ReplyDeleteලස්සනට ලියලා තියෙනෝ..හීනයක් උනත් හරිම සුන්දරයි..
ReplyDeleteජයවේවා!!!
අැත්තටම ලස්සනයි... මාරයි..........
ReplyDeleteතව ලියන්න...
Niyama Kathawa. Matath ohoma wela thiyenawa!!
ReplyDeleteNipu/
ReplyDeleteමොනා කරන්නද ඉතින් කථා කර කර ඉදී... අපෝ මෙයත් හිතන දේවල් ....:D
BEAUTIFUL SRI LANKA /
ඔව් ඔව් එවාගෙත් වාසි තියනව ඉතින් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
Anonymous/
අනේ උපුලො උඹ ද කලිනුත් ඇනී විදිහට ආව එකා ....
sampathjt /
ReplyDeleteස්තූතියි සහෝ මේ පැත්තට ඇවිත් ගියාට
Heish /
ගොඩක් ස්තූතියි අගය කරාට
(ෆොක්ස් Creationz) /
ගොඩක් ස්තූතියි අගය කරාට
හොද වෙලාවට අම්මා කතාකරේ.hikzz..
ReplyDeleteහරි ලස්සනට ලියලා තියනවා.
කියන්න වදන් නැහැ.. :D :D
පබලු /
ReplyDeleteගොඩක් ස්තූතියි පබලු