Wednesday, June 9, 2010

මගෙ සද නැතිය තනිවයි සිත පෙම් සයුරේ

පුන් සද නැතිය පාලුයි
කලු රෑ අහසේ
බඹරුන් නැතිය නිසලයි
පිපි මල් උයනේ
සිය​තුන් නැතිය නිහඩයි
මුලු ලෝ තලයේ
මගෙ සද නැතිය තනිවයි
සිත පෙම් සයුරේ

හැඩුමට කදුලු කවුරුන්දො
ගෙන දුන්නේ
ඔය වත කමලෙ සිනහව
කොහෙදෝ ඇත්තේ
මගෙ සුදු මැණික ඇයිදො
පිය මං මැන්නේ
නුඹ එනකම්ම මගෙ සිත ඇයි
නැවතී ඉන්නේ

සද තරු නැතත් නුඹටයි මම
පෙම් කෙරුවේ
සිය​තුන් නැතත් නු​ඹෙ හඩ
නොමැකී ඇත්තේ
යන්නට ගියත් සිත නුඹ ලග
තව ඇත්තේ
තව එකවරක් නුඹ දැකුමට මග
බලමින් ඉන්නේ





12 comments:

  1. හරිම ලස්සනයි පද ටික...

    පද ටික විතරක් නෙමේ...අලුත් ඇඳුමක් අන්දලා නිසා බ්ලොග් එකත් හරිම හැඩයි පසන්

    ReplyDelete
  2. දිල් /

    කාලෙකට පස්සෙ දිල් ලස්සනම ලස්සන comment එකක් දාල තියෙන්නෙ... ගොඩක් ස්තූතියි ඒකට......

    අපෝ ඔයා දන්නැ​නෑනෙ අපේ ගීතුයි වැප් කොල්ලයි මේ අලුත් ඇදුම අන්දන්න කලින් කියපු හරියක්... මොනව උනත් ඒ දෙන්න තමයි මේක මේ තරමට හරි ලස්සන කරන්න උදව් කරේ... ස්තූතියි ගොඩක් අලුත් ඇදුමත් අගය කරාට.....

    ReplyDelete
  3. හරි ලස්සන කවි කෑලි ටික....

    ReplyDelete
  4. සිතට ලංවී හිදිනට බැරි
    නෙතට ලංවී විදින්නට බැරි
    ජීවිතේ එක ලගින් එන්න බැරි
    සබදකම් කුමකට දුක පිරි..

    ලස්සනයි !!!

    ReplyDelete
  5. ම්ම්ම්..
    මගේ හිතේ දෝංකාරයද මන්දා...

    අපූරුවට ගළපලා තියනවා...

    ReplyDelete
  6. ලස්සනට ගළපලා තියනවා..

    ReplyDelete
  7. පුන් සද නැතත් කලුවර රෑ අමාවක
    බබරුන් නැතත් මල් උයනේ රොන් ගන්න
    නිහඩව ඇතත් සියතුන් නැති ලොව අවට
    තනිකම මකයි හිමි සද නුබෙ සදහටම....

    ReplyDelete
  8. indi /
    ගොඩක් ස්තූතියි මගේ කවි කෑලි ටික කියවන්න ආවට

    පබලු/

    ගොඩක් ස්තූතියි පබලු ලස්සන පද ටිකට

    චමිදේවා/

    ගොඩක් ස්තූතියි ඇවිත් අගය කරල ගියාට

    ReplyDelete
  9. ක්‍රිශාන් /

    ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  10. kesh /

    ගොඩක් ලස්සන පද ටිකක් .....ස්තූතියි ගොඩක්.......

    ReplyDelete
  11. ස්වප්නා\

    ගොඩක් ස්තූතියි අගය කරාට........

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...