Thursday, June 10, 2010

ඇයි මට කථා කලේ...... මම ආදරය කල එක පවක්ද???

පෙරුම් පුරාගෙන
අහිංසක පෙම් පැතුම් දෝත දරා
විදින්නට ජීවිතය නුඹ සමග
පෙර මං බැලීමි
ප්‍රාර්ථනවන් සිදු කලෙමි
ඒ සියල්ලම විසිකර දමා ගිය නුඹ
අන් කෙනෙකු හට දයාබර බිරිදක් විය
එයද ඉවසුවෙමි
හදේ ගලනා වේදනාවන් තනිව වින්දෙමි
නුඹට කිසි ලෙසකින් දුකක් නුදුන්නෙමි
යන්න ගිය නුඹට
නැවත අඩ නොගැසුවෙමි
සතුට උතුරා යන දිවියකට ආසිරි පැතුවෙමි
කිසිදු වරදක් සිදු කර නැත නුඹට
ඒත්
මාව රිදවන්නද දැන් මට කථා කරේ
මගේ දුක බලා සතුටින් හිනැහේද නුඹ
වේදනවන් පිරි ලෝකයක සැනසුම ලං වූවා පමණි
ඇයි මගේ සතුට උදුරන්න එන්නෙ

"මට ඔයාගේ හඩ අහන්න ඔනි උනා"
එය නුඹේ වදනයි

"මට ඔයාව මගේ කර ගන්න ඕනි උනා"
එයට පිටුපා ගිය නුඹ

අද
ඇයි මාව රිදවන්නෙ
මගේ කදුලද නුඹෙ සතුට
එය නම් පවසන්න
හඩන්නෙමි මම මියනතුරාවෙන්ම
සැනසේනම් ඔබ හැමදාම

මගේ පනටත් වැඩිය ආදරය කල පවට.
ඒ තරමටම විදවන්න ඕනිද
වරින් වර ඇවිත්
මට දුක් දෙන්න තරමටම
පව් කාරයෙක්ද මම නුඹ හට......

34 comments:

  1. උබට එහෙම හරි කථා කලා සතුටු වෙයන් බන්. මට එහෙම අවස්ථාවක් වත් නැහැ.

    ReplyDelete
  2. No Comments...........But so sad and so happy.
    That is life. What to do .........

    ReplyDelete
  3. මෙවන් දුකක් නම් සතුරෙකුට වත් නොවේවා!!

    ReplyDelete
  4. ගීත් (සහෘදයා) /

    ඒකෙ සතුටක් නෑ බං කථා කරන හැම වචනයකම දුක විතරයි ඒ නිසා උඹ වාසනාවන්තයි හික්.... හික්.... හික්ස්....:D

    ReplyDelete
  5. Anonymous/

    Thats true buddy... That is life. What to do ......... Thanx or u r nice comment

    ReplyDelete
  6. පබලු /

    අම්මෝ ඒක නන් ඇත්ත සතුරෙකුටවත් එහෙම දෙයක් වෙන්න එ​පා ස්තූතියි පබලු මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  7. අනේ මන්දා පසන්...මේ ආදරෙත් වෙලාවකට......
    අපිටමයි වෙන්නේ...නේද

    ReplyDelete
  8. පසනා බලපන් මචන් මෙ අපි ගෙවන සුන්දර ජිවිතය දිහැ.. අපි බලාපොරොත්තු ගොඩ ගහගෙන, ආශාවන් පොදි බැදගෙන යන මෙ ගමන දිහැ. අපි ආදරෙ කරපු අය අපෙන් ඇත් වෙලා ගිහින්.. එත් ජිවත් වෙන හැම මොහොතකම අපෙ හිත්වල තියනවා " ආපහු එකම එක වතාවක්... " කියන දෙ .. හරිම ලස්සනයි පසා වටෙ වෙන දෙවල්.. අපිට බලෙන් දෙයක් රඳවාගෙන තබාගන්න බැහැ. ජිවිතය තවමත් එහෙම්මම තියනවා.. සතුටින් යන්න දියන් යන කෙනෙකුට.. දවසක වැටෙහෙවි හැමදෙනාටම මොකද්ද අපි කලෙ... කොහාටද අපි යන්න ගියෙ... මොනවද අපෙ හදවත් ඇතුලෙ දිව්වෙ කියලා. හදවත ඇතුලෙ ඔය තියන වෙදනාව එහෙම්මම තිබිච්චදෙන්.. ඔක තමයි අපෙ ධනය .. අපි ජිවිත කාලෙම හම්බ කරගත් අවංක කම බොහොම උපෙක්ෂාවෙන් ඔක දිහැ බලපන්.. ජිවත් වෙයන් හැම මොහොතකම.. එකක් වත් මගහැරගන්න එපා. හැමවෙදනාවක්ම හොද සිහියෙන් විඳපන් බය වෙන්න එපා, දුක් වෙන්න එපා.. හදවතෙ තියන දුක හංග ගනින් එ දේ නොතෙරෙන මිනිස්සු ඉස්සරහා..වරෙන් බය නැතුව... ඉස්සරාහට ඇවිල්ලා හිනාවෙයන් ලොකෙටම පෙන්න.. එකයි අපෙ වටිනාකම.. අපි මෙ දෙ විඳගමු අමාරුවෙන් හරි... අලු ගහලා දාලා ආපහු නැවත නැගිටිමු..එකයි අපෙ ලස්සන..

    ReplyDelete
  9. if she did something like that she is a stupid woman without a heart. Or may be a playing with you. So dont worry at all. I dont mind she stopped the affair. But this behaviour is too dangerous. And I feel disgusting about the woman you mention, whether you still love her or not.. JUST THROW HER AWAY FROM YOUR HEART. SHE SEEMS NOT WORTH ANYTHING. She drops you coz she doesn't want you; and she likes the new one, so why does she need your voice...

    මේව ඇහෙනකොට මට යකා වැහෙනවා.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. නිපු කාටද පිස්සු කියන්නෙ... .... පසන්ටද... මටද... ස්වප්නාටද...දිල්ටද... ඔයාද මෙයාගෙ පරණ පෙම්වතිය...? නැත්තම් නැත්තම් හදිස්සියෙන්ම පාත් වුණ කෙනෙක් ද.. හදිස්සියෙ පාත් වෙලා අපිට පිස්සු කියලා එහෙම යන්න දෙන්න බැහැ..
    හැබැයි නංගි එකක් කියන්න ඔනා.. අපි නම් දැනටමත් දන්නවා.. අපිට පිස්සු කියලා. නැත්තම් මෙච්චර වැඩ ඉතුරුවෙලා තියද්දි මෙහෙම බ්ලොග් වල සටහන් දදා ඉන්නෙ නැහැනෙ. ඔයාට තවම තෙරිලාවත් නැහැ ඔයාටත් පිස්සු කියලා.. ඔක තෙරුම් ගත්දි පෙරහැර ගිහින් ඉවරයි.. කවදාවත් පිස්සු හැදිලා ඉන්න මනුස්සයෙකුට පිස්සු කියලා කියන්න එපා. නිහඬව ඉන්න එක මනුස්ස දහම..

    ReplyDelete
  12. හපොයි මේ මොකෝ මේ???? පිස්සු කියලා නම් දැම්මේ පසා‍ට.මොකද එයාව එපා කියලා දාලා ගිය කෙනෙක් ගැන ත‍ාමත් හිතන නිසා.පසා ඔය කියන පරණ පෙම්වති නමි මම නමි නෙමෙයි.අනික මම හදිස්සියේ පාත් වුන කෙනෙකුත් නෙමෙයි.මාව මෙතනට ගෙන‍ාවෙ පසා.හික් හික්....ඇත්තටම මම දැනන් හිටියේ නැහැනේ ඔයාලාට පිස්සු කියලා ඔය කියනකමි..පිස්සොත් එක්ක ඉන්න කෙ‍ාට තමන්ට පිස්සු කියල‍ා තේරෙන්නේ නැහැනේ...එක වෙන්න ඇති මටත් වෙන්න ඇත්තේ...

    ReplyDelete
  13. දිල්/

    ඒක නන් ඇත්ත දිල් වෙන හැමදේම අපිට විතරද කොහෙද ගොඩක් ස්තූතියි මේ මගේ වෙලාවල් ඔයට ඔයාල ඉන්න එක ගොඩක් සතුටුයි

    ReplyDelete
  14. රවා /

    ඒක නන් ඇත්ත රවා අපි පැල කරපුවයෙ ඵල තමා අපිට නෙලා ගන්න වෙන්නෙ ගොඩක් ස්තූතියි වටිනා අදහස් ටිකක් දාල ගිය එකට

    ReplyDelete
  15. ස්වප්නා/

    බුදු අම්මෝ හරි සැරයි නෙ හීන දකින කෙල්ල මගේ යාලුවොත් ඔය ටිකට තමා ඉතින් කරන්නෙ ඔයාල කියනදේත් ඇත්තක් තියනව ඔය වගේ හේතු නිසා නිසා තමයි දුක ටිකක් හරි අඩුවෙන්නෙ ​හ්ම්ම්ම්ම් බලමුකො මොකද වෙන්නෙ කියල

    ගොඩක් ස්තූතියි මේ වගේ වෙලාවල් වලට මාම දිරිමත් කරන්න ඉන්න එකට

    ReplyDelete
  16. Nipu /

    දැක්ක නෙ මට බනින්න ඇවිත් උනදේ හූ... හූ..... පිස්සු තමා නිපූ මට. ඔයා ඉතින් ඒක දන්නවනෙ හික්... හික්... හික්....

    ReplyDelete
  17. උඹව අමතක කරන්න බැරුව දුක් විඳිනවා ඇති...ඒකයි කතාකරන්න ඇත්තේ...

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. පිළිකුල් සහගතයි!

    ආදරේ කළා නම්, ආදරේ කරපු කෙනාගෙ වැරදි කියනව ද?
    අතඇරිය නෙවෙයි, මැරුවත් හොඳ කියනව මිස ක්, ආදරෙයි නම් වැරදි කියන්නෙවත්, ආඩපාලි කියන්නෙවත්, අඳෝනා නගන්නෙවත් නැහැ.

    "කෙසේ කියන්න ද, ඔබ මා අතහැර, ඉවත ගියා කියලා, මගේ මුවින් මම, ලොවට කියා ඇත, ඔබ ගුණවත් කියලා.. සෙනෙහස බිඳුන ද, මේ අවමානෙන් ගැලවිය යුතු හින් දා.... මවිසින් ඔබ අත්, හළෙමි යි පවසමි, ලොවට ම ඇසෙන නියා..." Milton Mallawarchchi song
    ---ඔබ මා අතහැර ගිය ද මා ඒ බව ලොව ට නොකියමි. ඔබ ගුණවත් බව මා හැම ට කියා ඇත. එහෙයින් මා විසින් ඔබ අත්හළ බව පවසමින් වැරැද්ද මා පිට ගනිමි.

    අන්තිම ට බැලුවා ම උඹ මේකෙ උඹේ හොඳ ගැන කියල, කෙල්ල ගෙ නරක කියල..(රිදවනවලු, අතෑරියලු, සතුට උදුරගන්නවලු)
    ඒත් තාමත් එයා ගැන හිතනවලු, මගේ සඳ ලු.

    ඕක ආදරය නෙමෙයි බං... ආදරය පොඩ්ඩක් මිශ්‍ර වුණ රාගය යි, තණ්හාව යි, වෛරය යි.

    දැන් මේ කවිය කියවන එකා ට මොකද හිතෙන්නෙ? ඒ කෙල්ල මාර චාටර්, අණක් ගුණක් නැති, නපුරු කියල...
    උඹ එයා ගැන තාමත් හිතනව නම්, ආදරේ කළා නම්, මෙහෙම කරනව ද බං? ඒකි ගෙ නරක කියලා... උඹේ අසහාය ප්‍රේමය යි, උඹේ හොඳ යි, උඹ එළකිරි පෙම්වතෙක් කියල පෙන්නන්න හදන්නේ උඹේ ඔය "සඳ" ම උකස ට තියල නේද?

    උඹ මහ ආත්මාර්ථකාමියෙක්, උඹ ට ඕන එළකිරි පෙම්වතා, තාම එයා ගැන හිතනවා කියල ලෝකෙට පෙන්නගන්න විතරයි! පිස්සො ආත්මාර්ථකාමී නෑ... වෙන්වෙලා ගිය පෙම්වතී ගැන හිතන පිස්සො, ලෝකයා ඉස්සර හ එයා ව බාල්දු කරලා තමන් ට ලකුණු දාගන්නෙ නෑ...

    උඹ පිස්සෙක් නෙවෙයි මචං, ආත්මාර්ථකාමියෙක්, උඹ ට ඒ රූපය නොලැබී ම, රාග ආශා ඉටුනොවීම නිසා වෛරයෙන් ඉන්න එකෙක්

    ReplyDelete
  22. අපි කවෘත් දන්නෙ නෑ හරියටම අපෙ ආදරය අපිට ලෑබෙයිද ?නෑත්නම් අපිව දාලා යයිද කියලා..ඒත් අපි අපෙ අදරෙට හෑමදාටම එකම වගේ ආදරෙයි..

    ReplyDelete
  23. බැලින්නං ඒ කතාවෙත් පොඩි ඇත්තක් තියනවා. ඔයා කොහොමද එයාව ඔයාගෙම කර ගන්න ප්ලෑන් කලේ? ඔයා ආස කරන බෝනික්කෙක් වගේ තියාගෙනද නැත්තං එයාගෙ පිළිවෙලට ඉඩ දීලද? කොහොම උනත් ඔය පරණ කෙහෙල්මල් අමතක කරන එක තමයි ලේසිම සහ හොදම

    ReplyDelete
  24. ජංජාල චාමර /

    සමහර විට එහෙම වෙන්නත් පුලුවන් ඒත් එයා සතු​ටෙන් ඉන්නෙ ඒක මම දන්නව

    කිරිහාමිට දෙන පිලිතුරට තව පැහැදිලි කරන්නන්

    ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  25. Kirihamilage/

    අම්මෝ මචෝ ගොඩක් කල්පනා කරල දාපු කොමෙන්ටුවක් වගේ මචෝ උඹ කතාවක් අහල තියනවද විරහවක වැඩිම වේදනාවක් විදින්නෙ දාල ගිය කෙනා නෙමේ තනි උන කෙනා කියල

    තනිවෙන්නම මගේ ලොවේ පුරුදු පාඩුවෙන් රැගෙන යන්න සොදුරියෙ නුඹ සුවද මා ලගින් කියල සිංදුවක් අහල තියේද ඒ කියන්නෙත් ඒ සුවද නිතරම දැනෙද්දි දරා ගන්න අමාරුයි බං ඒක තමයි ඇත්ත මම මගේ කෙල්ලගෙ වැරද්දක් කියල නැහැ කොල්ලො මගේ හිතට ආපු වේදනාවක් පද ටිකකට හැරෙව්ව විතරයි එයාගෙ ජීවිතේ සතුටු හැම මොහොතකම මම එයාට සුභ පැතුව උඹ මමං ගැන දන්නැතිව ඇති අනික ඔය මගේ ප්‍රථම ආදරයත් නෙමේ මම ගැන දන්නැතිව කියපු නිසා ඒක අවුලක් නෑ

    තව දෙයක් මම එයාට ආදරය කරාට එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නව බලල සතුටු වෙන්න තරම් උතුම් මනසක් මට නෑ බං ඒ අතින් මම පිලිකුලි සහගත වෙන්නැති මම එයාට ආදරය කරපු හැම මොහෙතම මට ඔනි උනේ එයාව මගේ කරගන්න නැතුව වෙන කනෙක්ට බන්දල දීල සතුටු වෙන්න නෙමේ සහතික ඇත්ත මචෝ මේ ආදරය නෙමේ මේකට තමයි තෘශ්නාව කියන්නෙ ආසාව මම ආදරය කරපු දෙයක් මගේ කරගැනීමේ ආසාව ඒක නැති කර ගන්න කියල තමා බුදුහාමුදුරුවොත් කිව්වෙ ඒත් ඒ තරම් මම පිං කරල නෑ බං

    ඒ කෙල්ල චාටරි අණක් ගුනක් නැද්ද කියල ලෝකයා තීරනය කරන්න ඔනි නෑ බං ඒක මම දන්නව එයා බැදපු කෙනා දන්නව ඒ ඇතිනෙ මම එාගෙ ජීවිතේට කිසිම දුකක් නොදී මේ වගේ දෙයක් ලියල හරි මගේ දුක නැති කරගෙන ඉන්නවනෙ එයාට කිසිම දුකක් වෙන්නැති එක මට සතුටුයි

    හිතට එන හැගීමක් අදොනාවක් නම් කොහොමද බං ජීවත් වෙන්නෙ හැගීම් ඔක්කොම තද කරගෙන පිස්සෙක් වෙයි නෙ බං ඔවා හිතේ තදකරගෙන හිටියම මනො විදාව ගැන දන්නවද ඒකෙ උගන්නන්නෙත් හැගීම් තද කරගෙන ඉන්න එපා මොනයම් හෝ ආකාරකින් පිට කරන්න කියල අඩල හරි හිනාවෙලා හරි තමන්ට පුලුවන් කුමක් හෝ විදිහකිනි හැගීම් පිටකරන්න ඔනි නැත්තන් මිනිහෙකුට එන ප්‍රශ්න දරා ගන්න අමාරුයි

    කොලු පැටියො බ්ලොග් එකට නමක් දැම්මට ඒක මගේ ජීවිතේ නේනැහැ බං අර පබලු ලියන්නෙ තනිකම කියල ඒ කියන්නෙ ඒ කෙල්ල ජීවිතේම තනිකමමෙන් ඉන්න ඔනි කියලද අනේ මන්ද උඹලත් හරිම පටු විදිහනෙ හිතන්නෙ මට ආයෙ ආදරයක් ඇති උනොත් එයා තමයි මගේ සද බැන්දොත් එයා මම මිනිහෙක් බං අමුතු සතෙක් නෙමේ ජීවිතයට ගැලපෙන විදිහට ජීවත් වෙනව නමක් දාපු පලියට ඒවා ජීවිතත් එක්ක පටලන්න එපා බං පටු විදිහට දකින්න පුරුදු වෙන්න එපා ඒක දේකින් මුලු ලෝකයක්ම නිගමනය කරන්න අමාරුයි

    අනික මම එළකිරි පෙම්වතෙක් නෙමේ බං එහෙනන් මගේ ආදරය මට නැති වෙන්නැහැනෙ මගේ මොකක් හරි අඩුවක් නිසා තමයි මට ඒක නැති උනේ ඒ නිසා මම කවදාවත් එළකිරි පෙම්වතෙක් වෙන්නැහැ ඒක මම දන්නව ඔව් මචෝ මම ආත්මාර්තකාමි ගොඩක් ඒ මම මිනිහෙක් නිසා උඹට පුලුවන්ද උඹෙ කෙල්ලව වෙල කොල්ලෙකුට දෙන්න පුලුවන් නන් උඹ දෙයියෙක් බං අනේ මට නන් බෑ මගේ කෙල්ල මගේ විතරයි මම නන් පට්ට ආත්මාර්තකාමි බං උඹල ඒ අතින් වාසනාවන්තනි ඔය තරම් උතුම් හදවතක් තියන එක ගැන

    අම්මො ඇති පිළිතුර ගොඩක් සතුටුයි මේ පැත්තට ඇවිත් ගියාට ස්තූතියි දාපු කොමෙන්ටුවටත්

    ReplyDelete
  26. Kandulu Binduwa /

    සම්පූර්න ඇත්ත වේදනාව වින්ද කෙනා විතරයි රහ දන්නෙ බණ කියන්න ලොසියි ඒවට මුණ දෙන්න ගියාම තමයි අමාරුව

    ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට පලවෙනි කොමෙන්ටුව වෙන්නැති නෙ ගොඩක් සතුටුයි

    ReplyDelete
  27. ස්වප්නා/

    පිළිතුරක් දුන්නනෙ.... මම මුකුත් ප්ලෑන් කරේ නන් නෑ ඉතින්. කසාදයක් බැදගෙන සතුටින් ඉන්න විදිහක් ගැන විතරයි හිතල තිබිබෙ. වෙන මොනව හිතන්නද අප්පා... දෙන්නත් එක්ක ජීවිතේට මූණ දෙන විදිහත් ප්ලෑන් කරා හැබැයි. එයා බොනික්කෙක් වගේ නන නෙමේ හිතල තිබ්බෙ. ක්‍රියාකාරී ප්‍රශ්න වලට එකට මුහුන දෙන පොළවෙ පය ගහල ජීවත්වෙන කෙනෙක් විදිහට තියා ගන්න තමා මට ඔනි උනේ ...

    පරණ කෙහෙම්මල් අමතක කරන එක තමා ඉතින් හොදම දේ .ඒත් කරන්න අමාරුයි නන් මොකද අනේ කරන්නෙ ...

    ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  28. Time heals everything. Let the time do that. Don't repeat the past in to your present and future. You can come over this then. She may not be your soulmate. Your soulmate will be somewhere in this world and you'll find her in the right time. Be cool :) Get rid of the habbit of writting stuff like these. You can come over this. Good Luck !!

    ReplyDelete
  29. ස්වප්නා /

    thank u very much dear....

    ReplyDelete
  30. පසා මචං

    ඔය Kirihamilage කමෙන්ට් එක දැම්ම එකා කවදාවත් ආදරය නොකරපු එකෙක් පාටයි. නැත්නම් තවක් එකෙක්ව තෙරුම්ගන්න තරම් මොලයක් තියන එකෙක් නෙමෙ. මෙ මනුස්සයා තමුන්ගෙ පෙම්වතිය වෙනුවෙන් කිසිම කැපකිරිමක් නොකරපු කෙනෙක්. මෙ මනුස්සයා තවත් කෙනෙක් වෙනුවෙන් කැපවිමක්, දහඩිය බින්දුවක් හෙලපු කෙනෙක් නම් දන්නවා මෙකෙ තියන වෙදනාව.

    මම කරපු කැපකිරිම් , මම එයා වෙනුවෙන් මගහැරගත්තු දෙවල් හැම දෙයක්ම මගෙ කෙල්ල කියපු එක කතාවක් හින්දා මට වටිනා කමක් නැති වුණා. මගෙ යහලුවො මට බැන්න ඔහොම වෙන්න එපා, කෙල්ලන්ව විස්වාස කරන්න බැහැ. දැන් මට ...නුත් හිනාවෙන මිනිස්සු ඉස්සරාහා බොහොම මැදිහත් හිතින් කිසිම තරහක් හිතට ගන්නෙ නැතිව හැසිරෙනවා.

    එ දෙවල් එක්ක මෙ දෙ මතක් වෙද්දි හිතට දැනෙන වෙදනාව පිට කරගන්න කවියක් ලිව්වා කියලා උඹ උඩ යන්නෙත් නැහැ, එකි පහලට යන්නෙත් නැහැ. වැදගත්ම දෙ මෙ මනුස්සයා මෙ වචන ටික කියලා තියන්නෙ මොන රාමුව උඩද කියලා කල්පනා කරන එක.

    පසා හැබැයි එක දෙයක් .. ගැලපෙන දෙවල් මම හොයන්න යන්නෙ නැහැ. මට ලැබෙන දෙ ගලපා ගන්න උත්සාහා කරනවා. තනි අතින් අත්පුඩිගහන්න බැහැ කියන දෙ මගෙ හිතෙ තියනවා..

    ReplyDelete
  31. කිරිහාමි කියන දේ ඇත්තක් නෙවෙයි.සොඳුරු නිර්මාණකරුවෙක් , තමන්ගේ දුක , වචනවලට හරවලා ඒකෙන් නිදහසක් ලබනවානං , ඒක දහස්ගුණයක් යහපත් , ඒ කෙල්ල පස්සෙං ගිහිං , ඒ කෙල්ලගේ පවුල් ජීවිතෙත් කඩාකප්පල් කරන කාලකණ්නිත් ඉන්න මේ වගේ ලෝකෙක!!!අනික මෙතන පෞද්ගලිකත්වයට බාධාවක් වෙලා නෑනේ ඒ තැනැත්තියගේ.

    පසන් , උඹ ලියපං බං!!දුක සතුට කඳුළු සිනහව , ඔය හැමදේම දරාගන්න , විඳගන්න හොඳම මාධ්‍යය කලාව!!

    ReplyDelete
  32. රවා /

    ඒක මචං අපි ඔවට සැලෙන්න හොද නෑ අපේ පාඩුවෙ කාටවත් වදයක් නොවී ඉන්නව නන් එච්චරනෙ ගොඩක් සතුටුයි උඹල වගේ උන් ඉන්න එක ස්තූතියි මචෝ

    ReplyDelete
  33. ජංජාල චාමර /

    ගොඩක් ස්තූතියි මචං උඹල වගේ උන් ඉන්න එක සිරාවටම හිතට හයියක් ස්තූතියි මචෝ

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...