Monday, June 14, 2010

මම කසාද බදින්න තීරනය කරා

මම කසාද බදින්න තීරනය කරා. ඒ මොකවත් නිසා නෙමේ. කලින් පොස්ට් එක කියවල බලල මම අහගත්ත දේවල් එක්කම මගෙ යාලුවොත් කියපු නිසා. මේක මම ගොඩක් කල්පනා කරල ගත්ත තීරණයක්. අනික ජීවිතයක් හැමදාම තනියෙන් ගෙවන්නත් බැහැනෙ. කවුරුම හරි ඉන්නත් ඔනිනෙ. යාලුවොත් උපරිම සහයොගයක් දෙනව කියල මම දන්නව. ඒ නිසා බය නැතිව ගෙදරට කියන්න ඕනි කියල හිතල මම ගෙදරට ඒ ගැන කිව්ව.

අම්මයි තාත්තයි විතරයි සාලෙ හිටියෙ අක්ක කාමරේ වෙන වැඩක මුලින්ම ලැජ්ජවෙන් ඉදල ෆුල් ශක්තිය හිතට ඇරගෙන අම්මට මම කිව්ව...

"අම්මෙ මම බදින්න කියල හිතුව"

අම්ම​ගෙ මූන වෙනස් උන විදිහ මට හිතා ගන්න බැරි උනා. ගොඩක් වෙලා මම දිහා බලා ඉදල එකපාරටම තාත්ත දිහා බැලුව. තාත්ත ඇහුනෙ නෑ වගේ ටී. වී. එකබලාගෙන හිටිය. මම ආයෙත් ඇහුව

"අම්මල මොකද කියන්නෙ"

අම්ම හොද හුස්මක් අරගෙන කිව්ව ඔයාගෙ කැමත්තක් එහෙමවත් හැදෙයිද බලමුකො.... කියල තාත්ත තාමත් මුනිවත රකිනව. මම ගල්ගිල්ල වගේ බලාගෙන හිටිය. අම්මෝ....... පපුව ගැහෙනව හෝ....... ගාල ඒත් තාත්ත ඔහේ බලං ඉන්නව. එකපාරටම මම දිහා බලල ඇහුව...

"ඔය තරමටම හදිස්සිද"

මම කිව්ව "නෑ ඉතින් යාලුවොත් බදිනවනෙ ඒ නිසා මාත් බදින්න හිතුව" කියල......

ඔයාගෙ කැමත්තක්...... අම්මො ඇති යාන්තන් තාත්තගෙ ​අවසරෙත් ගොඩ. සතුට දෝරෙ ගලනව කියන්නෙ කියා ගන්න බෑ. ඒත් තාත්ත එච්චර සතුටින් නෙමේ කියල තේරුනා. අක්ක ගෙදර ඉද්දි මම බදින එක හොද නෑ කියල මම දන්නව. ඒත් මගෙ ජීවිතේ පිලිවෙලක් උනොත් හොදයි කියල තමා මම ඒ තීරනේ ගත්තෙ. දැන් මගුල් දවස ගැන කථා උනා නොවැම්බර් මාසෙ මට හොදයි කියල අම්ම කිව්ව මේ නොවැම්බර් වලට දාගම්මු කියල. මාත් ඉතින් දැන් කථා උන හැම දේකටම ඔලුව වැනුව. අක්කටත් මේක ඇහිලදෝ මන්ද එයා කිව්ව එයා ලග තියන සල්ලි ටිකකුත් දෙන්නන් කියල. හ්ම්ම්ම........ ඒක නන් හිතට මාර සහනයක් ඒත් අක්කගෙ මූණ නන් එච්චර හොද නෑ වගේ. අනේ මන්ද මම වැරදියි කියල දන්නව ඒත් මම දැන් තීරණයක් අරන් ඉවරයිනෙ..

දැන් තමා අමාරු හරිය. මංගල ආරධනා පත් ටික මැලිබන් වීදියෙන් කර ගන්න පුලුවන් එතකොට පිංතූර ටික ගන්න මගෙ යාලුවෙක් ඉන්නව ඒක නිකන් කරල දෙන්නන් කිව්ව මොනව උනත් හොද කැමරාවකින් පිංතූර 1000ක් විතර ගත්තම 50ක් විතර හොද ඒව වදීනෙ. එහෙමන ඉතින් හැමෝම කරන්නෙ. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න ඔනි නෑනෙ. ඊලගට අන්දන කෙනා.... අපේ පුංචි මනමාලියො පාට කරන කෙනෙක් ඒ නිසා එයාගෙන් උදව් ගන්න පුලුවන් කියල මම දන්නව. ඒ ගැනත් මට වැඩිය හිතන්න ඔනි නෑ එතකොට සල්ලි ගොඩක් ඉතුරුවෙන නිසා ලොකු හෝටලයක මගුල ගන්න පුලුවන් නෙ. හෝටල් 5කටවත් කථා කරල ගනන් අහගන්න ඔනි දැන් මගුල් කේක් අරව මේව ගෙදර හදා ගන්න පුලුවන්නෙ ඉතින්. ඒව පස්සට දාමු....

රත්තරං බඩු ටිකට තමා ඉතින් ලොකු වියදමක් යන්නෙ. ඒකට බැංකුවකින් වත් ලෝන් කට්ටක් දාගන්න වෙනව. මගේ යාලුවෙක් ඉන්න නිසා ඒකත් වැඩි අමාරුවක් නෑ කියල මම දන්නව. මොනව උනත් හැම තැනම යාලුවො නිසා වැඩේ කරදරයක් නෑතිව ගොඩ දාගන්න පුලුවන් වෙයි වගේ. ඉතින් ඊට අමතරව ලොකු වියදම් වෙන වැඩ නෑ මම හිතන්නෙ.

ඔය ටික තමයි නෙ ලොකු වැඩ ටිකකට තියෙන්නෙ. මම මේ පෝස්ට් එක කලින්ම දැම්මෙත් මග ඇරුන දෙවල් තියනව නන් ඔයාල මට කියල දෙන්න.. බැදපු අයත් මේව බලනව ඇතිනෙ ඉතින්... මේ ඔක්කොම දැං මම සැලසුම් කරල ඉවරයි ඒත් ...................

මොකක්දෝ මන්ද ලොකු අඩුවක් තියනව කිය උනෙ නැති මොකක්ද??????? ම්ම්ම්ම්ම්ම්ම්ම..........

හුටා...........................................

මනමාලියෙක් නෑනෙ

දැන් ඉතින් හොයපන්කො ඒකකුත්......... හ්ම්ම්ම්ම්ම්ම.......................

44 comments:

  1. අයියෝ.....මොනාද අනේ...මම හිතුවා ඔක්කොම කියනකොට මනමාලියෙකුත් හොයාගෙන ඇති කියලා...මම ඒත් බැලුවා ඔක්කොම කියනව මනමාලිගැන කිවුවේ නෑනේ කියලා...අනේ ඉක්මනට එයවත් හොයගන්නකෝ...
    all the best...:D

    ReplyDelete
  2. kesh/

    අනේ මට තනියෙන්ද ඒක හොයා ගන්න වෙන්නෙ මම හිතුව මගෙ යාලුවො ඒකටත් උදවු කරයි කියල .........:( :'(

    කමක් නෑ ඉතින් අඩුම ගානෙ සුභ පැතුවනෙ ....:D

    ReplyDelete
  3. එකත් ජයසිරි මන්ගලම්...............

    ඉර හද පත්තරෙට බාරදෙන්න.....

    ජයවෙවා.

    ReplyDelete
  4. ෂෑක් ... මාර කේස් එක .... බලපන් මනමාලි සාක්කුවෙද කියලා

    හි හි

    ReplyDelete
  5. ඔක කොහොම හරි නොවැම්බර් මාසෙ ගමු. බය වෙන්න එපා. තව දවස් කොච්චර තියනවද. දැන් ඉතින් මං වගෙ දකින් දකින එකිගෙන් අහන්න පටන් ගනින් " මාව බඳිනවද.. " කියලා. ඔහොම යද්දි එකෙක් ව සෙට් වෙයි, තිබ්බ අඩිය ආපස්සට ගන්න එපා.. එක නෙමෙයි.. මෙ නිපු කියන නංගි උඹට පිස්සු කියලා තියනවා, මෙකිව මරන්න එපැයි බන්. එහෙම කියනවද සතෙකුට උනත් මුහුණ බලාගෙන. මෙ වගෙ කෙල්ලො තමයි බන් අපිව කවදත් විනාශ කරෙ. පරිස්සමෙන් හිටපන් ඔය කෙල්ලගෙන්... හි.. හි..

    මටත් කෑගැස්සුනා. කෙල්ලෙක් නැහැ කියපු හාම, යකෙ වැඩිපුර ඉන්නෙ කෙල්ලොනෙ මෙරටෙ. බයවෙන්න එපා.. ඔක්කොම හදාගනින්කො.. අන්තිම තප්පරෙදි හරි වෙඩින් එකට එන කෙල්ලෙක්ව හරි සෙට් කරගන්න බලමු.. වැඩෙ ගොඩ... මං ගියා..

    ReplyDelete
  6. ඉලංදාරියා/

    අනිවා අනිවා දැන් නන් හැම තැනමටම හදහනේ කොපියක් බාරදෙන්න වෙනව ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  7. වැප් /

    නෑ බං හැම තැනම බැලුව කොහෙවත් නෑ බං දුක් සීං ...එක බං .....:(

    ReplyDelete
  8. රවා /

    ඒක තමයි මාත් දැං කරන්න හිතන් ඉන්නෙ දකින දකින එකෙන් අහනව ලවු කරන්න නෙමේ බදින්නම හික් හික් හික්ස්

    මේ මේ ඒක නෙමේ කොලුව වැඩිය නිපූත් එක්ක පැටලෙන්න යන්න එපා මස් තිබ්බට වලියට නන් කටු අත්තක් ගේමම තමා ඉල්ලන්නෙ මාත් හරි පරිස්සමින් තමා ජීවත් වෙන්නෙ

    වැඩිපුර කෙල්ලො හිටියට උන් එලියට බහින්නෙ වෙසක් බලන්න විතරද කොහෙද අපිට හොයන්න ඔනි උනාම එකෙක්වත් නෑ බං ෂික්.... විතරක් ...:(

    ReplyDelete
  9. It seems you studied in a mixed school (now boys only) in Kotte, close to the Election Commissioner’s Office. Hmm... me too.

    Good writings friend. Keep it up.

    ReplyDelete
  10. පැහ් . . . මදැයි ඉතින් කොලා. මම මේක කියව කියව හිතුවෙ කාලෙකින් මගුල් කෑමකුත් කන්න බරි උනා නේද කියල බොලේ ......... හොඳා හොඳා . . . කල් යල් බලල හොඳ තැනකින් කටයුත්තක් එහෙම කොරගත්තනං එහෙනං . . . . !

    ReplyDelete
  11. අයියෝ බදින්න හදිසිම නම් මම දෙන්නමි සිම්පල් ප්ලෑන් එකක්. මේකයි ප්ලෑන් කසාද රෙජිස්ටර් කරන තැනකට ගිහින් හිස් තැනක් තියලා රෙජිස්ටර් වෙයන්. කෙල්ලක් හම්බ උනහම හිස්තැනේ අත්සන් කරලා වෙඩින් එකක් ගනිං. හරිම සිම්පල් ප්ලෑන් එකක් නේ.

    ReplyDelete
  12. හි හී කලින් නම් නැති වුනේ මුද්ද.එත් එදා නම් හිටියා ලන්ඩන් වල ඇල්බට් අන්කල්.
    මේ මනමාලි කොහෙන් ගන්නද මේ හදිසියේ.වෙඩිම පෝස්ට්පෝන්ඩ් කරගන්න වෙයිද? :( :D :D :D

    ReplyDelete
  13. රවා/ පිස්සු හැදුනු කෙනාට පිස්සු කියලා කියන්නේ නැනිව වෙන මොනවා කියන්නද? මාව මරන්න නම් එච්චර ලේසි වෙන එකක් නම් නැහැ.අනික ඉතින් ගැරංඩි මරලා නිකන් පවි පුරව ගන්න ඔනේ නැහැනේ රවා අයියා.අනිත් එක තමයි ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි බය වෙන්න ඔනේ නැහැනේ.ඇත්ත තිත්ත වුනාට මම මොනවා කරන්නද?පසා කොලුවට පරිස්සමි වෙන්න කිවුවට මොකද අනේ පවි දැනටමත් කොල්ලා අහුවෙලා ඉවරයිනේ....

    pasan/ ඇත්තද? ම‍ලක නටුවේ කටු නැති වුනොත් එක නිකමිම මලක් විතරයිනේ ඔන වෙලාවක කාට වුනත් ඇවිල්ලා කඩාගෙන යන්න පුලුවන්.ඒ වුනාට නටුවේ කටු තිබුනෙ‍ාත් අනිවාර්යෙන්ම රෝස මලක් නේ.කාට වුනත් ලේසියෙන් කඩාගෙන යන්න බැහැනේ..ඒ හින්දා රෝස මලක් ගාව ඉන්න කොට වනබඔරැ කොහොමත් පරිස්සමෙන් තමා ඉන්න ඔනේ............මොකද දන්නවාද?????? අල්ලන්න ගියෙ‍ාත් කටු අැනෙනවානේ...........

    ReplyDelete
  14. දුමී /

    හ්ම්ම්ම් මාත් හිතන් උ​න්නෙ එහෙම තමා ඉතින් මක්කොරන්ද දුක තමා කිව්වලු ගොඩක් සතූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ගීත් (සහෘදයා) /

    ඒත් බං කෙලි පොඩ්ඩක් හොයා ගන්න ඔනිනෙ ඒකනෙ මෙතන අමාරු වැඩේ මක්කොරන්නැයි ඉතින්......:(

    ReplyDelete
  15. පබලු/

    අපෝ බෑ පබලු ඒව වෙලාවට කෙරෙන්න ඔනි වැඩ ඔයත් මොනව කියනවද මන්ද අසුභ කථා කියන්න එපා

    ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  16. Nipu/

    ඔන්න ඉතින් පැටලෙන්න ඇවිත් නිපු මම මුකුත් මෙතන කියන්නැහැ කෝල් කරලම කියන්නන් නැත්තන් ඔයා පවුනෙ

    රවෝ දැක්කනෙ මම කියපු දේ කටු අත්තක් නෙමේ කටු ගහක්

    ReplyDelete
  17. අනේ මෑදයි කොලා .දෑන් ඉතින් හොයාපංකො අමාරුම එක

    ReplyDelete
  18. සිහ්...... මදැයි කොරා........ මේ පුංචිටම කියන්න අන්දන්නත් කෙනෙක් එක්කන්ම එන්න කියල......... වැඩේ ගොඩ එතකොට...... :D :D :D :D :D :D

    (කොහොමද මගේ හා මොලේ...... )

    ReplyDelete
  19. Anonymous/

    අන්න හරි කවුද දන්නෑ මේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල මොන අවුරුද්දෙද ඔබතුමා/තුමී සතුටුයි මේ පැත්තට ඇවිත් ගිය එකට

    NUWAN"s lane

    ඒකනෙ සීන් එක ගොඩක් සතුටුයි මේ පුත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  20. හා පැටික්කි (MS)/

    හා මොලේ නන් මරේ මරු තමා. හික්.... හික්... හික්ස්... බලමු බලමු ඒ වැඩේවත් කොරල තන්කූ... තන්කූ ...මරු අදහසට

    ReplyDelete
  21. පසා

    ජපනා කොළඹටයි, මඩකලපුවටයි බොම්බා දාපු වෙලාවෙ, පත්තුවෙන්නෙ නැතිව ගිය බොම්බයක් වෙන්නැති මෙ පොඩි එකීගෙ ආච්චී. එක තමයි මෙ කෙල්ල මෙච්චර සැර.

    හරි නංගි රොස මල් වල කටු ඇනෙනෙ නැති වෙන්න මල් කතුරු තියනවා. අනික නංගි රොස මල් කියන්නෙ කිසිම වැඩකට නැති ලස්සන දෙයක්. ඔයා රොසමලක් නම් වෙන්න එපා.

    ඔයා බොම්බයක් වෙන්න.. පසා ඉන්න වෙලාවක, තව හතර පස්දෙනෙකුත් වට වෙලා ඉන්න වෙලාවක, ඩොං ගාල පුපුරන්න. මෙ ලමයා LTTE එකෙන් පැනපු කෙනෙක්ද මන් දන්නෙ නැහැ.

    පසා මම වැඩියි ද කිව්වා.. මෙ ලමයට තරහා යන්නෙ නැහැ නෙද...

    ඉතින් නංගි ඔයත් මොනවා හරි ලියන්න පටන් ගන්නකො , ඔයාගෙ අත්දැකිම් ගැන, තව එකෙක් හරි වැඩිවෙනවානෙ..

    පසා ඔය ලමයටත් බ්ලොග් එකක් හදහන් ඔය මොනවා හරි කොට කොට ඉන්න.

    ReplyDelete
  22. පට්ට බං......... මනමාලියෙක් නෑ........ :D :D :D :D :D :D

    ReplyDelete
  23. අප්පේ නොවැම්බර් වෙන්න තව කොච්ච‍ර කල් තියෙනවාද?? බැරිම වුනොත් එදාට මනමාලියෙක් රෙන්ට් කරමු!!

    ReplyDelete
  24. හුටා....අයියට අමතක වෙලා තියෙන්නෙ නූතන මගු‍ලකදි වැදගත් නැතිම දේ නෙ....හි හි
    ඒ නිසා ඒක අමතක කරල අනිත් වැඩ ටික හරියට කරගමු ඩී

    ReplyDelete
  25. රවා /
    ඔව් අනේ ඔයා හරියටම කිවුවා මගේ ආචිචි ගැන ලකුනු 100/100 යි..පුංචි වුනත් හරිම සැරයි ගමිමිරිස් ඈටේ හායි හුයි කැවා නේද ගමිමිරිස් ඈටේ...

    රොස මල් කියන්නෙ කිසිම වැඩකට නැති ලස්සන දෙයක් වෙන්නේ කෙ​ාහෙ​ාමද?හෙ​ාදට හිතලා බලන්නකෙ​ා පෙබරව​ාරි 14 වෙනිදාටම කෙ​ාචිචර ඔන වෙනවද?එදාට වැඩකට ඈති ලස්සන මල් කෙ​ාචිචර තිබුනත් වැඩක් නැහැනේ රොස මල තරමි...

    හරියට හරි පසා ඉන්න වෙලාවක,ඔය කියන හතර පස්දෙනෙක් ගෙන් එක් කෙනෙක් ඔයා වුනොත් අනිවාර්යෙන්ම මම නිකම්ම නිකමි බොම්බයක් නෙමෙයි හිරෝශිමාවට වැටුනා වගේ බොම්බයක් තමා වෙන්නේ...

    අනේ මට තරහා යන්නේ නැහැ.ඔික ඉතින් පසා ගෙන් අහන්න ඔිනෙද? නේද පසා ??කියන්නකො මෙයාට...

    බොහොම ස්තුතියි අාරාධනාවට..මම ඉතින් කොහෙවත් යන්නේ නැහැනේ මගේ සද දාලා..ඉතින් ඔයා මගේ සදට ආපු වෙලාවක මාවත් බලලා යන්න එන්න මේ විදිහට..

    පසාත් හැම වෙලාවෙම කියනවා බ්ලොග් එකක් හදන්න කියලා බලමුකො....

    ReplyDelete
  26. හිකිස්... ළමයාගෙ අදහස නරකද පසන් අයියේ??? රෙන්ට් කරමු බැඉම උනොත්..
    නැත්තන් එන හැම කෙනාටම මනමාලියෙක් අරන් එන්න කියමු,හොදම කෙනා තෝර ගමු.. [ ටිකිරි මොලේ ;) ]

    ReplyDelete
  27. මනමාලියන් සොයා දෙමි!! :))

    අවශ්‍ය සුදුසුකම් සහිත ඉල්ලුම්පතක් දාපංකෝ මුලින්ම.ඊලඟට අපි හොයලා දෙන්නං එකක්.අනිවා!!

    ReplyDelete
  28. එනකොට තෑගි මුකුත් එපා මට හොඳයි කියලා හිතෙන මනාලියක් සමඟ පැමිණෙන්න කියලා ආරාධනාපත්‍රයේ ලියන්න..හික්..හික්...
    එතකොට කැමති එකක් තෝරගතහැකියි...මේ වගේ කථාවක් කලින් අහලා තිඹුණා..හැබැයි මම හිතුවේ සිරාවට ම කියලා.කොහොම උනත් මරු පෝස්ට් එක..
    ජයවේවා!!!

    ReplyDelete
  29. හෆොයි...පිටේ බෝඩ් 1 ගහ ගනින් බං..."වෙඩින් 1 ට සියල්ල ලැස්ති.බඳින්න කැමති කවුරු හරි ඉන්නවනම් අත උසන්න කියලා" :පී

    P.s:-
    "It seems you studied in a mixed school (now boys only) in Kotte, close to the Election Commissioner’s Office. Hmm... me too."
    ඇත්තද බං මේ කියලා තියෙන්නේ??? මාත් අන්න ඒ ඉස්කෝලේ නේ බං :)

    ReplyDelete
  30. රවා /

    නෑ නෑ එයාට එහෙමට තරහ යන්නෑ මට විතරයි බැනුම් උඹල කථා කරද්දි මම එයාගෙ පැත්තට කථා කරන්නැහැලු අනේ මන්ද ඔන්න මම නිපූගෙ පැත්තෙ දැන් හරිනෙ නිපූ ඔය බොම්බෙ පුපුරන වෙලාවක් දන්නෑ බං හිටපු ගමන් තමා පුපුරන්නෙ

    මාත් කිව්ව බ්ලොග් එකක් හදන්න කියල බෑ කිව්වෙ ඒ නිසා නිකන් හිටිය

    ReplyDelete
  31. Anonymous /

    අනේ මන්ද මෙයාලට හිනා. මටනෙ දුක.......:( ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ළමයා/

    අනේ ළමයො එහෙම හරි තැනක් තියනව නන් කියහන්කො මටත් එකක් රෙන්ට් කර ගන්න හික්.. හික්.. හික්ස්... ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  32. Prabhath Darshana /

    බෑ බෑ කොලුවො ඒක අමතක කරන්න බෑ ඒක ඔනිමයි අනිත්ව නැතුවට කමක් නෑ ඉතින් හික්ස් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  33. Nipu /

    ඔන්න මම රවාට කිව්ව මම ඔයාගෙ පැත්තෙ කියල දැන් හරිනෙ ......:D hikz....

    ReplyDelete
  34. nirahankaara ahinsakaawi /

    මේ අහින්සකාවියගෙ ටිකිරි මොලේ නන් මරු ඒත් හොද එක්කෙනෙක් ආවෙ නැත්තන් තනියම තමා පොරුව උඩ ඉන්න වෙන්නෙ අපි එකක් රෙන්ට් කරමු ඒක හොදයි ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ජංජාල චාමර /

    එළ එළ මම දාන්නන් විස්තර කියල ඉල්ලුම් පතක් එහෙනන් ඒ වැඩෙත් ගොඩ හික්ස් ස්තූතියි මචන් මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  35. sampathjt /

    එහෙම බෑ තෑගිත් ඔනි කෙල්ලෙක්ත් ඔනි.. හික්... හික් ...හික්ස් ...ස්තූතියි මචන් මේ පැත්තට ඇවිත් ගියාට.

    මල්$han/

    ඔවු ඔවු මාත් ඒ ඉස්කොලෙම තමා අදුනගන්න හම්බඋන එක සතුටුයි අර ඈනී කවුද දන්නෑ අක්කෙක්ද අයියෙක්ද නංගියෙක් ද මල්ලියෙක්ද කියල නන් දන්නෑ කිව්වෙත් නෑ නෙ තාම ...:(

    ReplyDelete
  36. අනේ යකෝ මදැයි මගුල් කන්න බලං හිටිය.

    ReplyDelete
  37. අඩෝ උබ මගේ චායාරුප කලාව ගැන ඔහොම කතා කරන්න එපා. ප්‍රසිද්දිය නැති උනාට මටත් ගන්න පුළුවන් හොද හොද ෆොටෝස් හා..... අපි ඔය මැෂින් ගන්ස් අල්ලනව වගේ ෆොටෝ ගහන්නේ නෑ...

    ReplyDelete
  38. thariya /

    කමු කමු කොහොම හරි මගුලක් කමු හික්ස් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    Anonymous /

    මේ උපුල නෙ අඩෝ අර සීන් එක එලට වැඩනෙ හොදට සිංහල ටයිප් වෙන්නෙ අනේ උඹෙ කලාම මම නොදන්නවයැ ඉතින් අඩෝ අපේ ස්කෝලෙ දෙන්නෙක් මේක බලල බං

    ReplyDelete
  39. හික් හික් මටත් ඔය සීන් එකමනෙ බන්

    ReplyDelete
  40. @ Pasan : අනේ මන්දා බං...කොහෙද මුං නමක් ගමක් කියන්නවත් කැමති නැති එවුන් නේ.... :)
    එල එල සිංහල බ්ලොග්කරණයට සාදරයෙන් පිළිගන්නවා.. :)

    ReplyDelete
  41. නිපු නංගි පෙබරවාරි 14 වැනිදට රොස මල් ඔනා වෙන්නෙ.. බිස්නස් කරන අයට.. මිසක් ආදරෙ කරන අයට නෙමෙ... පෙබරවාරි 14 වැනිදා ආදරෙ කරන අයට ඔනා තමුන්ගෙ පෙම්වතාගෙන් හො පෙම්වතියගෙන් සොදුරු සලකුණක් විතරයි. 1500 යක රොස මලකට වැඩිය වටිනවා කෙල්ලගෙ නලලට දෙන හාද්දක්..

    මම නම් ලාබෙට ආදරෙ කරන්නෙ.. වැඩිය වැඩිය මිල අධික වෙන්න බැහැ ආදරෙ වෙනුවෙන්.. හික්ස්... 1500 රොසමලකුත් දිලා වෙලාවට තැනකට එන්න බැරි වුනා කියලා තරහා වෙලා යද්දි ඉතින් ඇඹරි ඇඹරි, දඟල දගල හිටහන්කො මෙ පසා වගෙ...

    ReplyDelete
  42. රවා/
    ඉතින් අනේ බිස්නස් කරන අයට ඔනා වෙන්නෙ රොස මල් ගන්න අය ඉන්න හින්දනේ..
    ලාබෙට ආදරෙ කරන එකනමි හොදයි අනාගතේට...

    මේ කවුද. අනේ ඒ??? පසා 1500 රොසමලක් දිපු කෙල්ල??? අනික පසාට ඇඹරි ඇඹරි, දඟල දගල ඉන්න ඔවා වෙන්න ඔනේ නැහැ අනේ කොහොමත් එයාගේ වැ​ඩෙ ඒක තමා..

    පසා/
    කවුද ඒ 1500 රොසමලක් දිපු කෙල්ල??????????????

    ReplyDelete
  43. ලස්සනට කියාගෙන අන්දගෙන ගිහින් නෑව්වනෙද කට්ටියවම??

    ReplyDelete
  44. Nipu /

    ඔයා ඉතින් දන්නවනෙ මම ටෙඩී ල ඇර වෙන මුකුත් අරන් දීල නෑ කියල

    Dangamalla/

    හික්ස් අපි එහෙමයි ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...