
සිහින ලොවක සැරිසරා
ආවෙමි මම නුඹ සොයා
ආවෙමි මම නුඹ සොයා
සිහින මවන පෙම්බරා
මම වෙමි දිවි ඇතිතුරා
මම වෙමි දිවි ඇතිතුරා
පාට සිහින ලෝකයේ
නුඹ සෙව්වෙමි මගෙ ප්රියේ
කවුදෝ නුඹ කුමරියේ
කොහෙ සිටදෝ පැමිණියේ
නුඹ සෙව්වෙමි මගෙ ප්රියේ
කවුදෝ නුඹ කුමරියේ
කොහෙ සිටදෝ පැමිණියේ
රන්තරු ලොවෙ ඇතිතුරා
මියනතුරා සැනසිලා
තුරුලේ නුඹෙ සැතපිලා
ඉන්නෙමි මගෙ නෙතු පියා
නියමයිනේ
ReplyDeleteමරු මරු අයියා..
ReplyDelete"පාට සිහින ලෝකයේ
නුඹ සෙව්වෙමි මගෙ ප්රියේ
කවුදෝ නුඹ කුමරියේ
කොහෙ සිටදෝ පැමිණියේ"
කොහෙ සිටදෝ පැමිණියේ?????
සිහින ලොවේ පාවෙලා
ReplyDeleteනුඹ ආවට ගී ගයා
නිදි නැති ලොව ඇහැරිලා
බලන විටදි නුඹ ගියා
හ්ම් අගෙයි.....
හ්ම්ම්ම්ම්ම් ! හරිම ලස්සනයි සිහින කුමරෝ
ReplyDeleteලස්සනයි ලස්සනයි...comment ටිකත් සතුටු හිතෙන විදිහට තියෙනවනේ......;)
ReplyDeleteලස්සනයි...හිතට දැනෙන පද පෙළක්
ReplyDeleteවෙනදා ඒවට වඩා සරළයි වගේ. හොදයි නමුත් වෙනදා ඒවා තරම් ෆිට් නැහැ මට.
ReplyDeleteලස්සනයි......
ReplyDeleteසද පායා දිලිසුනා
ReplyDeleteමම තරුවට ගොඩ වුනා
වලාකුලින් පාවෙලා
සිහින ලොවට යා වුනා.... :D :D
මාරයි.. හී හී නියම නිර්මාණයක්
ReplyDeleteසිහින ලොවේ සැරිසරා
සිහින දකිනු නොව විඩා
සිහිනය එළි වන තුරා
සොයන්න කුමරී බලා
Hasitha ජයසූරිය/
ReplyDeleteගොඩක් ස්තූතියි මල්ලියො
nirahankaara ahinsakaawi/
දන්නෑ නංගියො මොන ලොකෙන් ආවද මන්ද හික්ස් ස්තූතියි
wath/
ගොඩක් සතූතියි මේ පැත්තට ඇවිත් ගියාට
දිල්/
ඔව් ඉතින් මේ කුමරා හැමදාම සිහිනෙන් තමා හික්ස් ස්තූතියි ගොඩක්
kesh /
ගොඩක් ස්තූතියි............
ජංජාල චාමර/
ReplyDeleteගොඩක් ස්තූතියි සහෝ
ගීත් (සහෘදයා)/
උඹට ඉතින් විරහ පද විතරනෙ දැනෙන්නෙ ඒකඑ මොනව කරන්නද ඉතින් හික්ස්........
හා පැටික්කි (MS)/
ගොඩක් ස්තූතියි
පබලු/
ලස්සන පද පෙලක් ගොඩක් සතූතියි පබලු
ස්වප්නා/
ඔව් ඔවි එළි වෙනකන් විතරයි කුමරිය හොයන්න වෙන්නෙ සිහිනෙ ඉවර උනාම ඉතින් ඉවරයි තමා............ හික්ස්... ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට....