Wednesday, June 23, 2010

ආදරය නුඹට කල ......

පාවෙන්න
රන් සිහින තරු අතරින්
මා පැතූ
මගේ ලෝකයට නුඹ සමග
එනවාද
පියඹන්න මේ සොදුරු අහසේ
තුරුලේම
සැනසෙන්න නුඹ ව සතපාන
හිනැහෙන්න
මා සමග නුඹ මගෙද
හැමදාම


පුන් පෝය සද
අරන් නුඹ දෑතෙ සගවා
ලා සද
එළියේම නුඹේ ලගම වෙලිලා
පෙර පැතූ
සිහින මල් නුඹ නමින් පිපිලා
නුඹ නැතත්
අද ලගින් මගේ හිත පිරිලා
එනවා
තුරුලටම මටම පෙම් කරලා
කියන් මට
කුමරියේ නුඹ මගෙද
කියලා

සිහින මල්
පොකුරක්ම මගෙ දෑතෙ
තියලා
පිදුව නුඹ ප්‍රේමයෙන් මුසපත්ව
උන්නා
සිහින මල් වැල් වියන් නුඹ නමින්
පුදලා
මගේ මුලු ලෝකයම නුඹම වී
දැනුනා
නිල් නුවන් යුග වලින් නුඹව මං
පැතුවා
ඝනදුරින් ලෝකයම එළිය වී
තිබුනා


පෙම් කරපු නුඹ ලගම මගේ හිත
බිදිලා
නිල් නුවන් යුග වලින් මගේ ළය
පළලා
පෙම් කෙරූ නුඹ හිමින් අන් කෙනෙකු
පතලා
මගේ පෙම පාගලා නුඹ ගියයි
හැරදා
සිත් මලම නුඹ නමින් කදුලු රස
වින්දා
කියමු මැන මතු බවෙත් නුඹ යයිද
කියලා



12 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ආදරණිය වචන අහුරකින් ලස්සනම ලස්සන පද ටිකක්....
    ලස්සනයි නිර්මානය පසන්

    ReplyDelete
  3. හැමදාම කියනව වගේ හරිම ලස්සනයි අයියේ......

    ReplyDelete
  4. හ්ම්.....ලස්සනයි අයියේ පද පෙල....

    ReplyDelete
  5. kesh /

    ලස්සනයි ​ඔයාගෙ පද පෙල.. ගොඩක් ස්තූතියි

    ReplyDelete
  6. දිල් /

    ගොඩක් ස්තූතියි දිල්..........

    ReplyDelete
  7. හා පැටික්කි (MS) /

    ගොඩක් ස්තූතියි හා පැටික්කියෝ

    ReplyDelete
  8. Shadow/හේමලයා /

    Thanx Buddy....

    ReplyDelete
  9. ෴ හසියා ෴ /

    ගොඩක් සතූතියි මලයෝ

    ReplyDelete
  10. කදුලු උරැම කල නමුදු අද දින
    සසර මතු දින නැවත හමුවන්න
    කියනු බැහැ නැවත පෙර ලෙස
    නොසිතුවෙමි කිසිදාක නුබෙන් සමු ගන්න

    ReplyDelete
  11. නිපු /

    උරුම කල කදුලු බිදු
    රහසේම සගවා
    පතන්නෙම් මතු බවෙත් නුඹ
    මටම හිමිවී මගෙම වේවා

    ලස්සනයි නිපූ....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...